එක් දිනක් හවස් යාමයේ පාසල නිමා වීමෙන් පසුව පීටර් තමන්ගේ නිවස බලා ආපසු පැමිණෙමින් සිටියේ ය. පොත් බෑගයත් අතින් ගෙන හනි හනික නිවස බලා යන පීටර් ගේ පිටු පසින් පැමිණි කවුදෝ කෙනෙක් ඇඟේ හැප්පුනේ ඔහු නොසිතූ ලෙසටයි. පොත් බෑගය පසෙකට විසි වී ගියේ ය. වැටෙන්නට මෙන් පැත්තට විසිවී ගිය පීටර් ආපසු හැරී බැලුවේ ජෝර්ජ් හෝ කොලින් යන දෙදෙනාගෙන් කෙනෙකු බලාපොරොත්තුවෙනි. එහෙත් සමච්චල් සහගත සිනාවක් ද සමඟ ඔහු අසල සිටියේ කරදරකාර සුසී ය. ජෝර්ජ් ගේ සිත පුරා කෝපය ඉහවහා යද්දී සුසී ඔහුට මෙසේ කීවාය. ආ සමාවෙන්න. ඔයා තමයි මම යන පාර දිගේ ආවේ. ඒක නෙවෙයි කොහොමඳ දැන් ඔයාලගේ සත් සුමිතුරන් ගේ වැඩ කටයුතු? හොඳට කෙරීගෙන යනවද? පාර දිගේ යනකොට හරියට පාර දිහා බලාගෙන යන්න සුසී එතකොට කාටවත් කරදරයක් නැහැනේ අනික සත් සුමිතුරෝ ගැන අපි බලාගන්නම් ඒක ඔයාට අයිති වැඩක් නෙවෙයි හරිද ?
සත් සුමිතුරන් සහ බිම්ගෙයි අබිරහස – Sath sumithuran saha bimgei abirahasa
ඔයාලා බිම් ගේ ඇතුළට බහිනවා මම දැක්කා. ඊට පස්සේ සැහෙන වෙලාවක් බලාගෙන හිටියත් ඔයාලා ආපහු ආවේ නෑ. ඔන්න එනකොට තමයි ස්කැම්පර් කෙඳිරි ගාන සද්දේ මට ඇහුනේ. එයාගේ සද්දේ හරියට උදව් ඉල්ලනවා වගේ. ඊට පස්සේ මම හැංගිලා හිටපු තැනින් නැගිටලා ලණු ඉනිමග දිගේ පල්ලෙහාට බැස්සා. ඉතින් ඇයි ඔයාලා මේ බලු කුඩුවක් අස්සේ හිරවෙලා ඉන්නේ ? එළියට එන්න බැරිද?
In stock
| Publisher | තරංග ප්‍රකාශකයෝ – Tharanga Publishers |
|---|---|
| පරිවර්තනය : | සුදත් රොහාන් – Sudath Rohan |
| පිටු ගණන | 136 |
In stock






Reviews
There are no reviews yet.