ඔන්න ඉතින් ආයේමත් ඉස්කෝලේ නිවාඩු, මහා හයියෙන් එහෙම කියාගෙනම නිවසේ කුස්සිය පැත්තෙන් ගෙට ඇතුළු වුන පීටර් පොත් බෑගය බිම දිගේ ඇදගෙන යන්න පටන්ගත්තා. පාසල් නිවාඩුව ලැබුන නිසා පීටර් ගේ හිතට හරිම සතුටුයි. මේ සතුටත් එක්කම පොත බෑගය කුස්සිය දිගේ ඇදගෙන යද්දි සිද්ධ වුනේ හරිම අපූරු දෙයක්. පොත් බෑගය එක පාරටම අසල තිබුන පුටුවක හයියෙන් වැදුනා. ඒත් එක්කම පුටුවේ නිදාගෙන හිටපු වයසක පූස් තඩියා මහා හයියෙන් බෙරිහන් දිලා අසල තිබුන ජනේලයෙන් එළියට පැන ගත්තා. මේ සිද්ධ වුන දේ දිහා තවත් කෙනෙක් බලාගෙන ඉන්නවා කියලා පිටර්ට වැටහුනේ එතකොටයි. ඒ කෙනා තමයි පීටර් ගේ මුළුතැන්ගෙයි සේවය කරන රාකේල්. පීටර් කරපු දේ දිහා අකැමැත්තෙන් බලාගෙන හිටපු රාකේල් නොඉවසිලිමත් හඬකින් මේ වගේ දෙයක් අහන්නත් අමතක කෙරුවේ නෑ. පීටර්….. ඔයා මොකද ඔය වයසක පූසාව බය කරන්නේ ?.






Reviews
There are no reviews yet.