ඒ තලිබාන් ආරක්ෂකයා එම ජංගම දුරකතන ඇමතුමෙන් තමන්ගේ මරණය සිදුවන බව දන්නේ නම් ඔහු කිසිසේත්ම එම ඇමතුම නොදෙනු ඇත. එහෙත් ඔහු ඒ බව නොදත් නිසා එසේ කළේය. එය එසේම සිදු විය. 2005 ජූලි 7 දා මරාගෙන මැරෙන බෝම්බකරුවෝ සිව් දෙනෙක් මධ්‍යම ලන්ඩනයේදී බෝම්බ පුපුරුවා ගත්හ. ඔවුහු අවට සිටි පනස් දෙනෙකු මරා දැමූ අතර තවත් හත් සියයකට පමණ තුවාල සිදු කළහ. ඒ අතර වූ සියයක් පමණ ජීවිත කාලයටම ආබාධිතයෝ වූහ. එම බෝම්බකරුවන්ගෙන් තිදෙනෙක් පකිස්ථානයේ සිට සංක්‍රමණය වූ දෙමාපියන්ට දාව බ්‍රිතාන්‍යයේ උපත ලද්දන් වූ අතර ජැමෙයිකාවේ උපත ලද ඉස්ලාම් දහම අදහන අනෙකා බ්‍රිතාන්‍යයේ පුරවැසි භාවය ලද්දෙක් විය. ඔහු සහ තවත් එක් බෝම්බකරුවෙකු වයස අවුරුදු විස්සකට අඩු යෞවනයෝ වූහ. තුන්වැන්නාට වයස අවුරුදු විසි දෙකක් ද නායකයාට වයස අවුරුදු තිහක් ද වූ බව සොයා ගැනිණ. මොවුන් සියලු දෙනාම බුද්ධි ශෝධනයකට භාජනය කොට සමාජය වෙනස් කළ යුතු යැයි ආවේගශීලී අදහස් කැවූ අය වූහ.
සිරකරුවා සහ ඔත්තුකරුවා

Reviews
There are no reviews yet.