තේ තවම උනුසුම් – Tea tawama unusum

Rs. 1,600.00 Original price was: Rs. 1,600.00.Rs. 1,280.00Current price is: Rs. 1,280.00.

භාර දේශයේ දකුණු කෙළවර පිහිටි තමිල්නාඩු ප්‍රාන්තයේ එක් කුඩා ගමක්, දීර්ඝ කාලීන නියඟයෙන් පීඩා විඳිමින්, වියළී ගිය ළපටි ගොයමින් ඊළඟ කන්නයේ වැපිරෙන බිත්තර වියට කාබනික පොහොරක් තැනීමේ නිරතව සිටියාය. ඉබාගාතේ යන දෙන්නු ඒ පිදුරු ලෑටිගාමින්, ගිනිගත් හිරු දෙසට හිස ඔසවා වැසි බිඳක් අයැද සිටියෝය. උසස් යයි සම්මත කුලයක උපදින්නට වාසනාව නොලද ඒ ජනතාව, තමන්ට යයි කියාගන්නා බිම් අඟලක අයිතියක් නොමැතිව, ඉඩම් හිමියාට බදු ගෙවමින්, දුකම අනුභව කරමින් අපාගත ජිවිත ගත කළෝය. කුඹුරු පුරන්ව ගොස්ය. ඒ දෙසින් ඇදී එන ගිනි සුළඟ සෙල්වරාජිනීගේ සියොළඟ රත් කරමින් කැරකෙන්නට විය. ඒ සුළඟට හසුව ඉහළ නගිමින් සුළි කැරකෙන ගිනිගත් දුවිල්ල ඇගේ කන්, නාසා පසාරු කරගෙන මොළය තෙක් දිවෙයි. හිස වැසෙන සේ සාරි පොට සකස් කරගත් ඇය නැගිට ගොමරිටි එකිනෙක ඉස්තෝප්පුවට විසිකරන්නට වුණාය. විසි වී යන ඒ හැම ගොම රිටකම මතු වී, දියාරු වී යන මුහුණක රත් පැහැගත් දෑස ඇය වෙත ගිනි පිඹින්නේ, ඉඩෝරය, ගිනි හුළඟ, ගංවතුර හා තමා සිවු නිවුන් සොහොයුරන්ය යන පණිවුඩය සෙල්විට සිහිකර දෙමින්ය. සෙල්විලා පාගාගෙන, උන් සූරා කමින්, සුන්නද්දූලි කිරීම තම එකම ප්‍රාර්ථනය කරගත් අසත් පුරුෂයෙකි ඔහු. ඔහු නමින් ඉලයරාජ්ය. උපතින් බ්‍රාහ්මණය. ඉඩම් හිමිකරුය.

In stock

අරුන්? ඔව්. ඒ මගෙ නම්. අරුන් කුලසේකරම්, මට තියෙන එකම සහතිකයෙ, ඒ කියන්නෙ මගෙ උප්පැන්න සහතිකයෙ ලියවිලා තියෙනව මගෙ නම ඒ විදිහට. එතකොට මගෙ ගම? ඒ සහතිකයෙ ලියවිලා තියෙන්නෙ මගෙ ගම හැටන් කියලා. ඒක මහ බොරුවක්. අරුන් නම් වන මට වගේම තවත් අයට තියෙනව ගමේ නම හැටන්, බණ්ඩාරවෙල, හාවා එළිය කියලා ලියවුණු සහතික. ඒව බොරු! අපට ගමක් නෑ. අපට ඇඩ්‍රස් එකක් නෑ. අපට කවදාවත් ලියුම් එන්නෙ නෑ. රතුපාට කුරුල්ලෙක් ඉන්න ලාංඡනයක් තියෙන තැපැල් කන්තෝරුව කන්දක් උඩට වෙලා ඉගිලෙන්න හැදුවට, ලියුම් ඉගිල්ලිලා අපේ අතට එන්නෙ නෑ. මං දෙයක් අහන්නද? මොකටද මිනිහෙකුට නමක්? කෙල්ලන්ට කෙළි නමක්, වර්ජිනී, රෝස්, ක්‍රිෂාණි වගේ. කොල්ලන්ට කොලු නමක්. සුරේෂ්, රාජේෂ්, තාරුක් වගේ. මොකක්ද නමකින් ඇති වැඩේ? “අරුන්,මෙහාට වරෙන්.” “අරුන්, අතන හාරපං. කොටපං. උදලු ගාපං. දැන් පලයං!” නමක් ඕන වෙන්නෙ කාගෙ හරි අණසකට යටත් වෙන්නනං, මට ඒක එපා. එතකොට ගමක්? මං ඉන්නෙ ගම්පොළ, උඹ?”

Publisher

විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය – Wijesooriya Grantha Kendraya

පරිවර්තනය :

මානෙල් කරුණාතිලක – Manel Karunathilaka

පිටු ගණන

440

Reviews

There are no reviews yet.

Be the first to review “තේ තවම උනුසුම් – Tea tawama unusum”

Your email address will not be published. Required fields are marked *

Rs. 1,600.00 Original price was: Rs. 1,600.00.Rs. 1,280.00Current price is: Rs. 1,280.00.

In stock