විජයබා කොල්ලය – Vijayaba kollaya

Rs. 1,100.00 Original price was: Rs. 1,100.00.Rs. 990.00Current price is: Rs. 990.00.

දඹදිව දක්ෂිණ දිශාභාගයෙහි එක්තරා ජනපදයක මහිලාරෝප්‍ය නාමයෙන් සුප්‍රසිද්ධියට පත් වූ මහ නගර වරයෙක් වෙයි. තමන් හමුවේ ශීර්ෂ ප්‍රණාමයෙහි යෙදුණු ප්‍රෞඪතර ප්‍රතාපවත් මහ නරවරයන්ගේ කිරීටයන්හි මාණික්‍ය රශ්මියෙන් කාන්තියට පත්වූ පාද යුග්මයක් ඇති, සකල විද්‍යාන්තරයන්හි කොටි ප්‍රාප්තව සකලාර්ථ සාධනයෙහි කප්රුකක් වැනි වූ අමරශක්ති නමැති තේජස් වී මහා නරෙශ්වරයෙක් එහි රජ කරන්නේය. එ රජහට කිසිම විද්‍යාවෙක්හි අවබෝධයක් නැති අත්‍යර්ථයෙන්ම මුග්ධ වූ බහු ශක්ති, උග්‍ර ශක්ති, අනන්ත ශක්ති නමින් ප්‍රකට පුත් කුමරුවෝ තිදෙනෙක් වූහ. ශාස්ත්‍ර විද්‍යාවන් හැදෑරීම පිළිබඳ අල්ප මාත්‍ර වූ උද්‍යෝගයකුදු මොවුන් තුළ නැති බැව් ප්‍රත්‍යක්ෂ ලෙස දැකීමෙන් බලවත් කනස්සල්ලට පත් වූ රජ තෙමේ එක් දිනෙක තමන්කරා ඇමැති මණ්ඩලය කැඳෙව්වේය. ” පින්වත්නි ! ” යි රජ තෙමේ ඇමති මණ්ඩලයට ආමන්ත්‍රණය කොට “පින්වත්නි! මපුත් කුමරුවෝ ශාස්ත්‍ර විද්‍යාවන් පිළිබඳ අල්ප මාත්‍ර අවබෝධයකුදු නැති උද්ග්‍රහණයෙහි අප්‍රිය වූ අනුවණයෝය. කටයුතු නොකටයුතු විසඳා ගැනීමෙහි ආත්ම බුද්ධියක් හෝ ආත්ම ශක්තියක් නැති මන්ද බුද්ධිකයෝය. පින්වතුන් ඉඳුරාම දැන සිටින මේ සත්‍යය නිසා මාහට කිසිම රජ සුවයක් නැත්තේය. ඇත්තේ චිත්ත පීඩාවත් දොම්නසත් පමණකි” යි කීවේය.

Reviews

There are no reviews yet.

Be the first to review “විජයබා කොල්ලය – Vijayaba kollaya”

Your email address will not be published. Required fields are marked *