විකෘති – Vikurthi

Rs. 1,250.00 Original price was: Rs. 1,250.00.Rs. 1,000.00Current price is: Rs. 1,000.00.

දෙදහස් පහළොව වසර ආරම්භ වූයේ දවස තිස්සේම ඇද හැලෙන අනෝරා වැසි සමගිනි, නව වසර උදා වූ නමුදු හිරු එළියට මහ පොළොව සිප ගන්නට අවස්ථාවක් නොලද බව කේතකී මොහොතක් කල්පනා කළාය. උදා වූ නව වසර පිළිබඳ ව උද්යෝගයට වඩා ඇයගේ සිතට දැනෙන්න වූයේ නුපුරුදු අනතුරක් පිළිබඳ ව සේයාවකි. පසුගිය දින කිහිපය පුරාවටම සිතේ හැම අහුමුල්ලක ම එම හැඟීම පැලපදියම් වී තිබු බව කේතකී මෙනෙහි කළා ය. එය දේශ ගුණයේ වෙනස් විම නිසා ඇති වූ තමාගේ සිතළුවක් පමණ ද? නොවේ නම් සැබෑවටම කිසියම් අනතුරක් තමා පසුපස පැමිණේ ද? ස්ථාන මාරු වීම් ලැබීම් පොලිස් සේවයට නුහුරු නුපුරුදු වූවක් නොවුණ ද තම පුහුණු කණ්ඩායමේ දක්ෂතම ශිෂ්‍යාව ලෙස පොලිස් අභ්‍යාස විද්‍යාලයෙන් සමත් වී පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාසයට බැදුණු ඇයට වසරක් වැනි කෙටි කාලයක් තුළ ලැබුණු ස්ථාන මාරුව නිසා ඇති වී තිබුණේ සිත් තැවුලකි. විශේෂයෙන්ම අතිශයින් ම කාර්යය බහුල කොළඹ කාර්යාලයේ කටයුතු කළ ඇයට සීතල නුවර එළියේ සැහැල්ලු රාජකාරි කටයුතු උදාසීන බවක් ගෙන ආවාය.

Reviews

There are no reviews yet.

Be the first to review “විකෘති – Vikurthi”

Your email address will not be published. Required fields are marked *