කොළඹ කොටුවෙන් රාත්‍රී අට පසු වී පිටත්වන මඩකලපුව කැපැල් දුම්රිය. වාලච්චේන දී නැගෙනහිර මුහුදු තීරයට පිවිසෙන්නේ පාන්දර යාමයේ දී ය. එතැන් සිට වෙරළට සමීපව දකුණට ඇදෙන දුම්රියේ සිට අවට බලන්නෙකුට, අරුණ එ නැගෙද්දී දිස්වන්නේ නැගෙනහිරට ම ආවේනික වු අපුරු දසුන් පෙළකි. දුම්රිය මග දෙපස සුදු වැල්ලෙන් වැසුණු සම බිමෙහි තැන තැන ඇත්තේ දැඩි සුළඟින් පහර ලැබ කුරු වූ කටු පඳුරු ය. අතරින් පතර බිම දිගේ ඇදුණු අතු ඇති සරු කජු ගස් ද වෙයි. වෙරළ තීරයේ ඇති වැලි කඳු අතරින් ඇතැම් තැනක දී නිල්මිණි තලාවක් වන් මහ සයුර දිස් වේ. ජීවිතයේ පළමු වරට නැගෙනහිරට යන්නෙකුට නම් මේ දැකුම කිසිදා අමතක නොවන නැවුම් අත්දකීමකි. මඩකලපුව ආසන්න වෙත් ම සිය බඩු මලු සොයා අතට ගන්නා මගීහු, දිගු ගමනේ දී මිතුරු වූවන්ගෙන් සමුගෙන. බැස ගන්නට සුදානම් වෙති.
යාල නැගෙනහිර අහිමි වනමං

Reviews
There are no reviews yet.