චමිම්න්ද වෙලගෙදර - Chaminda Welagedara

චමිම්න්ද වෙලගෙදර - Chaminda Welagedara

  • 1
  • -20%
    (0)

    සක්කරං – Sakkaran

    බය වෙන්ඩ කාරි නැතුවා. හිටින්ඩ කෝපි ඇබිත්තක් සප්පයාමි වුණාම ඔය කැරකැවිලි ගතිය යයි…”
    ගෙතුළට යන ඇය පිටුපස්සේ නිලමෙගේ දැස් එල්ලී යනු ඩිංගිරි බණ්ඩා බලාගෙන සිටියේය. මේ ගම් තුලානට රාජකාරියේ ආ පෙර දිනයක කිසිම ගෙදරකින් දිය පොදක් බීවා ඔහුට මතක නැත. හදිසියේ තිබහකට බීවොත් නවසි කුරුම්බාවක් පමණි. එහෙත්, පැහෙන රා ලබ්බක් ලැබුණොත් එයින් ඩිංගිත්තක් තොල ගා ගන්නට කිසිවකු මැළි වූයේ නැත.
    නුවර වාසලට නොලැබෙන පිරිසිදු කිතුල් රා වලට ගුරු දෙණිය නම් දරා ඇති බව ඩිංගිරි බණ්ඩා සිහිපත් කරන්නේ කලකින් තොල නොගෑ රා මුට්ටියක උතුරන පෙණ සිතින් ඉවත් කරමිනි.
    මැතුරුම් ගන්ඩ හොඳයි නම්, සිහිපතේ ඇදල දාන්න හොඳයි නම් ආයෙ නාක වෙනවද කෝපි ටිකක් බීවාම. අනික මේ ඇත්තිල අපිට වඩා රාජ ලේට කිට්ටු කියල නෙව කියන්නෙ. කෝපි හදන්නට ගිය ඇයගෙන් තමන් දෙසට හැරුණු නිලමෙහෙ දෑස් දෙස බලාගෙන ඩිංගිරි බණ්ඩා සිතුවේය.
    “අද මේ සංගත හංදා ආපු රාජකාරියත් පරක්කු වෙනවා. දැන් මොකද කොන්ද…”
    ” හිරි වැටිල වාගේ බණ්ඩේ… කකුල එහා මෙහා කරද්දි හිං රුදාවක් යනවා බෙල්ල පැත්තට…”

    Original price was: Rs. 900.00.Current price is: Rs. 720.00.