Edgur rise barose
- 8
-
(0)By : Edgur rise barose
ටාර්සන් ආපසු එයි – Tarzen apasu ei
මහා නගරවල ජිවිතයෙන් ඉක්මනින් කලකිරෙන ටාර්සන්, අපූර්වාකාරයකින් යළිත් අප්‍රිකානු මහා සහ වනාන්තරයට ම ඇදී යයි. එහි දී දරුණු ලේච්ඡයන් සමඟ ද ඇත් දළ වෙළෙඳාමේ යෙදෙන ක්‍රෑර වෙළෙඳුන් සමඟ ද ගැටෙන ටාර්සන්, සුපුරුදු බිහිසුණු වන ජීවිතයේ දී ත්‍රාස ජනක වූ ද, ප්‍රචණ්ඩ වූද අත් දැකීම් වලට මුහුණ දෙයි. එහි දී අප්‍රිකානු ඝන වන මධ්‍යයේ වැළලී ගිය ඉපැරණි රාජධානියකට අනපේක්‍ෂිත ව පා තබන ටාර්සන්, මහා ධන නිධානයක් සොයා ගනී. එ පමණක් නො වේ. ටාර්සන්ට තමා පෙම් කළ පෙම්වතිය ද එහි දී හමු වෙයි.
Rs. 900.00Original price was: Rs. 900.00.Rs. 810.00Current price is: Rs. 810.00. -
(0)By : Edgur rise barose
ටාර්සන් ගේ පුත්‍රයා – Tarzenge puthrya
ත්‍රාසජනක වර ක්‍රියාවන්ට ඇති ඉමහත් ආශාවන් මහ වනයේ නිදහසට ඇති ලැදි කමත් නිසා, ටාර්සන් ගේ පුත්‍ර කොරැක් හෙවත් මරුව) ශිෂ්ට සමාජයෙන් ඉවත් වී මහා වනයට පලා යයි. එහි ද ප්‍රබලතම වානරයා වන අසුට ගෙන් වන ශිල්පය ඉගෙන ගන්නා කොරැක් සිය පියා සේ ම වනයේ අධිපතියා වෙයි. මෙහිදී අරාබි ගමක වසන සුන්දර සුදු තරුණයක හා පෙමි බඳින කොරැක් ඇය රැගෙන සිය වන ගත නිවෙසට යයි.
Rs. 400.00Original price was: Rs. 400.00.Rs. 360.00Current price is: Rs. 360.00. -
(0)By : Edgur rise barose
ටාර්සන් ගේ වන සිවුපාවෝ – Tarzenge wana siwpawo
තමා ප්‍රිය කරන වනගත නිවෙසින් ඇත් ව ශිෂ්ටාචාරයේ අවුල් වියවුල්වලට මැදි වී සිටින ප්‍රබල ප්‍රචන්ඩ ටාර්සන්ට, මහා බිහිසුණු භයංකර ප්‍රවෘත්තියක් සැල වෙයි. එ නම් සුදු මිනිසුන් ගෙන් සැදී කොල්ලකාර සොර කණ්ඩායමක් විසින් තමා ගේ සූරතල් පුත්‍රයා ද ප්‍රිය බිරිඳ ද පැහැරගෙන යනු ලැබ ඇති බව ය. කෝපාවිෂ්ට වාර්සන් ඔවුන් ගළවා ගැනීමට වහා ක්‍රියාත්මක වෙයි. මෙහි දී භයංකර වන සිවුපාවුන් ගේ ආධාර ලබන ටාර්සන් වනය කම්පා කරමින් ප්‍රකම්පා කරමින් ඉතාම බිහිසුණු ත්‍රාස ජනක සිද්ධි මාලාවකට මුහුණ දෙයි.
Rs. 400.00Original price was: Rs. 400.00.Rs. 360.00Current price is: Rs. 360.00. -
(0)By : Edgur rise barose
ටාර්සන් සහ කුහුඹු මිනිස්සු – Tarzen saha kuhumbu minissu
අප්‍රිකාවේ මහා ඝන වනාන්තරයේ ඉතා ඇත අත්‍යන්තරයෙහි. පැරණි ශිලා යුගයට අයත් දැවැන්ත යෝධයන් වාසය කරන, ආදි කල්පික භූමි භාගයක් ඇත. ඔවුන්ගේ නිති, මහ වනයේ නීති වලට ද වඩා භයංකරය. බිහිසුණු ය. සිය ගුවන් යානය කඩා වැටීමෙන්, වානරයන් ගේ ටාර්සන්, මේ අද්භූත වු ද භීෂණාත්මක වුද දේශයට ඇතුළු වෙයි. ට විට මහා යෝධයන් විසින් සිර බාරයට ගනු ලබන ටාර්සන් භයංකර ඉරණමකට මුහුණ දෙයි. කෙසේ හෝ එම දේශයෙන් පැන ගන්නා ටාර්සන්, අනතුරු ව කුහුඹු මිනිසුන්ගේ සිර කරුවකු බවට පත් වෙයි. මේ කුහුඹු මිනිසුන් ගේ උස ප්‍රමාණය අඟල් දහ අටකට වැඩි නො වෙයි. මේ කුහුඹු මිනිස්සු තමන් ගේ විද්‍යාත්මක දැනුමෙන් ටාර්සන් ද තමන් ගේ ප්‍රමාණයට අඩු කොට, සිය ගල් – වළවල වැඩට යවති. මෙහි දී තමාට හිමි වන්නට තිබූ දරුණු ඉරණමෙන්; වානරයන්ගේ ටාර්සන් සිය උපාය ගිලිත් – වයෙන් හා බුද්ධි මහිමයෙන් ගැළවෙයි.
Rs. 900.00Original price was: Rs. 900.00.Rs. 810.00Current price is: Rs. 810.00. -
(0)By : Edgur rise barose
ටාර්සන් සහ ස්වර්ණමය සිංහයා – Tarzen saha swarnamaya sinhaya
ටාර්සන් සහ ස්වර්ණමය සිංහයා -පැල්-උල්-දොන් නමැති අබිරහස් දේශයේ සිට සිය බිරිඳ වන ජේන් ද සොයා ගෙන ආපසු එන ප්‍රබල ටාර්සන්ට මහ වනයේ දී අනාථ වු සිංහ පැටවෙක් හමු වෙයි. ටාර්සන් මේ සිංහ පැටවා ගිලෑ කර හදා වඩා ගනියි. අත්ලන්තිසයන්ගේ නිධාන සොරකම් කර ගැනීමට කුමන්ත්‍රණය කරන සොර මුළකට ටාර්සන් මරා දැමීමට වුව මනා වෙයි. ඔවුහු රූපයෙන් ටාර්සන්ට අතිශයින් සමාන ව්‍යාජ ටාර්සන් කෙනකු තනති. ඔහු සැබෑ ටාර්සන්ට කෙ තරම් සමාන ද යත්. ටාර්සන් ගේ බිරිඳ වන ජේන් ක්ලේටන් පවා ඔහුට රැවටෙයි.
Rs. 1,000.00Original price was: Rs. 1,000.00.Rs. 900.00Current price is: Rs. 900.00. -
(0)By : Edgur rise barose
නොදැමුණු ටාර්සන් – Nodamunu Tarzen
මහ වනයේ වානර ගෝත්‍රයක් විසින් හදා වඩා ගන්නා ලද ටාර්සන්ට, පසු කාලයක දී කුමන අන්දමේ අධ්‍යාපනයක් ලැබුණ ද, ඔහු හදවතින් නම්, ශිෂ්ට සම්පන්නයෙක් නොවේ. හදවතින් ඔහු, මහා වනයට අයත්, දරුණු වන මෘගයෙකි . කෝප වූ විට, දයා විරහිත වන, ප්‍රබල, ශඨ කපට වන මෘගයෙකි. තම බිරිඳ මරා දමන ලද බව දැන ගන්නා ටාර්සන්, කෝපයෙන් හා ක්‍රෝධයෙන් දිලිසෙමින්, සතුරන් ගෙන් පළි ගන්නා බවට දිවුරමින්, මහ වනය පුරා භීතිය පතුරුවා ලයි. හුදෙකලා ව පවා, දරුණු බිහිසුණු සතුරකු වන ඔහු. පුචණ්ඩ සිංහයන් ද භයංකර වානරයන් ද පිරිවරා ගත් කල. විස්තර කළ නොහැකි අන්දමේ අනභිභවතීය බල වේගයක් වෙයි. වාතර – මිනිසා මරන ලද සිය බිරිඳ වෙනුවෙන් පළි ගන්නා අන්දම අතිභයංකර ය, අතිභීෂණාත්මක ය.
Rs. 1,050.00Original price was: Rs. 1,050.00.Rs. 945.00Current price is: Rs. 945.00. -
(0)By : Edgur rise barose
බිහිසුණු ටාර්සන් – Bihisunu tarzen
මිය ගිය ජර්මානු නිලධාරියකු ගේ දින පොතක වූ සටහනක් අනුව. ටාර්සන් යළිත් වරක් තම බිරිඳ සොයමින් මහ වනයට වදියි. මෙසේ යන ඔහු මහා ගොහොරු බිම් ද වන ගහනයන් ද පසු කර, කාලයා විසින් අමතක කරනු ලැබූ අබිරහස් දේශයකට පැමිණෙයි. ප්‍රාග් – ඓතිහාසික වන මෘගයන් ගෙන් ද වලිග සහිත දරුණු මිනිසුන් ගෙන් ද පිරි ඇති මේ දේශයේ දී ටාර්සන් ඉන් පෙර කී කලෙක වත් මුහුණ නොදුන් අන්දමේ මහා විපත්තීන්ට මුහුණ දෙයි. කෙසේ හෝ සියල්ල ජය ගන්නා ඔහු, සිය බිරිඳ වන ජේන් සොයා ගෙන ආපසු සිය රටට පැමිණෙයි.
Rs. 1,000.00Original price was: Rs. 1,000.00.Rs. 900.00Current price is: Rs. 900.00. -
(0)By : Edgur rise barose
වානරයන්ගේ ටාර්සන් – warnarayange tarzen
වානරයන්ගේ ටාර්සන් මහ වනයේ ප්‍රචණ්ඩ වන සතුන් හා දරුණු ම්ලේච්ඡයන් සමඟ ගැටෙන ටාර්සන් ගේ බිහිසුණු අත් දැකීම් හා බියකරු සටන්, ත්‍රාසයෙන් හා භීතියෙන් ලොමුදැහැගන්වයි. සිනමා චිත්‍රපට 40 කට වැඩි ගණනකට දැනටම වස්තු වී ඇති අතිශයින් ජනප්‍රිය මේ කෘතිය භාෂා 60 කට අධික ගණනකට පරිවර්තනය වී කෝටි ගණනින් අලෙවි වෙමින් පවතී.
Rs. 1,000.00Original price was: Rs. 1,000.00.Rs. 900.00Current price is: Rs. 900.00.






