• -10%
    (0)

    කස්තුරි සුවද – Kasthuri Suwanda

    ඒ වෙද්දිත් සමහර ආරාධිත පාසල් වල ගැහැනු ළමයි එහෙම ඇතුළට එන ගමන් හිටියා වගේම ඒ හැමෝගෙම ඇස් නොරෙන් වුණත් ගියේ හිටපු නැටුම් කණ්ඩායමේ අයට. කොහොම හරි කලා උලෙළ පටන් ගත්තා. “මාණි, බහින්න… කඩිමුඩියේ ආවත් තාමත් අර පෙජෙරෝ එක නම් නවත්තපු තැන එහෙමමයි. වාහනේ රියදුරු අසුනේ හිටියේ කළු ඇඳගත්ත රියදුරුවරයෙක්. ඉතින් ආපු කටහඬ ආවේ පිටිපස්සෙන් හොඳ හැඩි දැඩි ඇඟක් තියෙන, මහත්මා පෙනුමට උරුමකම් කිව්ව්ව, වයස පනහකට ළං කරපු නාථ දේව ප්‍රිය කියන්නේ ලංකාවේ නම ගිය තේ අපනයන කර්මාන්තයක හිමිකරුවෙක්. එයාගේ එහා පැත්තේ හිටියේ ඒ පවුලෙ බාලයා. බාලයා කියන නමට හරියටම සාධාරණයක් කරපු කොල්ලෝ තුන් දෙනෙක් ඉන්න පවුලේ අන්තිමයා, රුපි මාණික්‍ය… එයා ඇඳන් හිටියේ තමන් අද මේ භාර වෙන්න යන පිරිමි පාසලේ සම්මත නිල ඇඳුම. ඉතින් තාත්තා බැස්සත් එක්කම මාණික්‍යත් වාහනයෙන් බිමට අඩිය තිබ්බේ හරියට තියන්න ඕන නිසා තිබ්බා වගේ. මෙව්වර වෙලා ආවරණය වෙලා තිබ්බ මුණට ඉර එළිය වැටෙන්න දාගෙන හිටපු කැප් එක ගලවලා එයා වාහනේ ඇතුළට විසි කරලා බෑග් එක තනි අතට එල්ල ගත්තා. සුදු කලිසමයි, සුදු අත් කොට කමිසයයි, ඒකෙම පොකට් එක ගාව කෙළවරේ ඉස්කෝලෙ පාට තුනෙන් හරහට ඉරි ගිය පාසලේ අනන්‍යතාවය. මාණික්‍ය උසින් අඩි පහයි දහයක් වගේ. උසට හරියන මහත, සුදු හම වුණත් අව්වට පිච්චුණ පාට ළාවට තිබ්බා. හිනාවක් නැති මූණ හරිම මුරණ්ඩු පාටයි. කළු කොණ්ඩේ… කළු පාට මුරණ්ඩු ඇස්…

    Original price was: Rs. 3,500.00.Current price is: Rs. 3,150.00.
  • -10%
    (0)

    හොරොව්පොතනේ පළවෙනි ඩීයාරෝ – Horowpothane Palaweni Diyaro

    මම ධර්මේගේ මුහුණු බලමි. ධර්මේ මගේ මුහුණ බලයි. කොතෙක් ප්රවේශම් වුව ද අපි වීරසේනගේ ගැටයකට හසුවී ඇත. ·” වීරසේනගේ සුට් එක ලස්සනයි ” ධර්මේ කියයි.
    ” තැනක යූ සර් ” වීරසේක සීරුවෙන් සිටිමින් තම කය සෘජු කරමිත ඉතා ආචාරශීලී ව පවසා ආපසු හැරී පිටව යයි. “බලපං ගුණේ මමගේ ඔලුවෙ අං ඇවිල්ලා ද කියලා ධර්මේ පවසයි.
    “මොනවද බං තමන්ගේ ඩ්රයිවර්ට ඇඳුම් සුට් එකක් මහ ගන්න සල්ලි හොයන්ඩ, මහ කැලේ දුක් විද්යා මොර ගෝනි උස්සගත ආපු අපි වගේ තවත් ඩි.අර්.ඕ.ලා තුන් දෙනෙක් අතීතයෙන් කවදාවත ඉන්ඩ නැතුව ඇති. අදත් වෙන කොහෙවත් නැතුව ඇති. හෙටත් කොහෙවත් ඉපදෙනෙත් නැහැ. මම සිනහා සෙමින් හිස වනා එය අනුමත කරයි.
    Original price was: Rs. 3,500.00.Current price is: Rs. 3,150.00.
  • -20%
    (0)

    Golden Era Goals – Rajitha Medungoda

    Chapter 1: Introduction 1.1. Introduction. Humanity stands at a global crossroads, entangled in cycles of war, uncertainty, and stress while human activity drives our planet towards ecological collapse. Although humanity has achieved remarkable advancements in technology and developed thriving economies, happiness still seems out of reach, while a growing sense of disconnection and unrest severely damage our peace of mind. The world expands materially, yet it feels spiritually empty, with no logical strategy for lasting happiness. This realization compelled me to write Golden Era Goals, a book that suggests transformational changes to restore peace in mind while ensuring sustainable human progress. It led me to a pivotal question: What if genuine progress is not about status or wealth, but about the flourishing of humanity? The answer is not merely external; it lies within us. The Golden Era Goals (GEG) and the Human Brilliance Paradigm (HBP) form the foundation of a new worldview, one I developed in response to the growing crisis of our time. This change emphasizes personal happiness, ethical leadership, and sustainable development over material wealth. Central to its mission are The Eight Dimensions of Human Brilliance, a guiding philosophy to unleash the untapped potential in all human beings to enable more innovation for a world of peace, purpose and prosperity. This book is not just an idea, it is a call to action, and it is the formula to restore our world with a systems approach crafted to protect both people and planet for future generations. A bl

    Original price was: Rs. 3,900.00.Current price is: Rs. 3,120.00.
  • -15%
    (0)

    සැඟවුණු සංකේතය – Sangawunu Sankethaya

    සිතිය නොහැකි තරම් බලසම්පන්න වූ එය ආරක්ෂා කරගන්නට මෙන්ම ලොවට හෙළිදරව් කිරීමට උත්සාහ ගත් සියලූ දෙන මියගියහ.
    එය අපගේ දෑස් ඉදිරියේම සියවස් ගණනාවක් තිස්සේ සඟවා තැබූ පණිවිඩයක්ද වූයේය. එම පණිවිඩය සංකේතයක්ද? ගරන්ථයක්ද? එක’මෙක වචනයක් පමණක්ද?
    අබිරහස සොයා ඉදිරියටම ගමන් කළ රොබට් ලැන්ග්ඩන් ඉන්ද්රිය සංවේදී විහීනතා ටැංකියක් ඇතුළතදී මරණයේ නිමේෂය අත්වින්දේය.
    Original price was: Rs. 2,975.00.Current price is: Rs. 2,528.75.
  • -15%
    (0)

    සම්භවය – Sambhawaya

    අප පැමිණියේ කොතැනක සිට ද ?
    අප යන්නේ කොතැනකට ද ?
    ආදියේ පටන් මානවයා නැඟූ පරශ්න දිවිත්වය යළිත් ලෝකය ඉදිරියට ගෙන ආවේ එඞ්මන්ඞ් කියර්ෂ් ය.
    එ්වාට පිළිතුරු සැපයීමට කියර්ෂ් සූදානම් ව සිටි නමුත් ඊට පෙර ඔහු ඝාතනය කෙරිණි.
    මහාචාර්ය රොබට් ලැන්ග්ඩන් ස්පාඤ්ඤයේ අනාගත රැුජන අම්බරා සමගින් එක් වූයේ කියර්ෂ් ගේ පිළිතුරු ජනගත කරනු සඳහා ය.
    කියර්ෂ් නිහ`ඩ කළ අයට එ් දෙදෙනා ද නිහඬ කරවීමට හැකි වෙයි ද?
    Original price was: Rs. 2,900.00.Current price is: Rs. 2,465.00.
  • -10%
    silvabookshop.lk_Drushtimaanayata_Obbensilvabookshop.lk_Drushtimaanayata_Obben
    (0)

    දෘෂ්ටිමානයට ඔබ්බෙන් – Drushtimaanayata Obben

    යතුරු සාදන්නෙකුගේ දියණිය වූ මරි-ලෝ ලුබ්ලෝ සය හැවිරිදි වියෙහි පටන්ම අන්ධ දැරියකි. ඇයට තම නිවෙසට එන පාර සොයාගැනීම ඉගෙනගැනීම සඳහා ඇගේ පියා, පැරීසියේ ඔවුන්ගේ අසල්වැසි ප්‍රදේශයේ පරිපූර්ණ ක්ෂුද්‍රරූපී ආකෘතියක් ගොඩනඟයි. එහෙත්, හිට්ලර්ගේ නාසි හමුදාව පැරීසිය ආක්‍රමණය කළ අවස්ථාවේ පියා සහ දියණිය නගරයෙන් පිටවී පලායන්නේ භයානක රහසක්ද රැගෙනය.

    වෙනේර් ෆෙනින්, ජර්මන් ජාතික අනාථයෙකි. තම පියා ජීවිතක්ෂයට පත්වූ ගල්-අඟුරු පතලේම ශ්‍රමය වැගිරීමට දෛවෝපගතවම ඔහුට නියම වී තිබේ. එහෙත් කැඩුණු රේඩියෝවක සුන්බුන් අහම්බෙන් සොයාගන්නා හේ, එය අලුත්වැඩියා කරන අතර, හදිසියේම ඔහුගේ දිවිය ශක්‍යතාවයකින් බැබළෙන්නට පටන්ගනියි. ඔහුගේ සහජ දක්ෂතාවයන් ඔහුට උසස් හමුදා ඇකඩමියකට ඇතුළුවීමේ වරම දිනා දෙයි.

    එහෙත් කෙතරම් කැපකිරීමක් කරනු ලැබුවද ඔහුට තම සිහිනය ලුහුබැඳ යාමට හැකිවේද?

    සැතපුම් සිය ගණනක් එපිට, මහා සාගරය අබියස පිහිටි, ප්‍රාකාරයෙන් වටවූ නගරයක, දීර්ඝ කාලයකට පෙර අහිමි වී ගිය කටහඬකට සවන්දෙන වයෝවෘද්ධ මිනිසෙක්, කිසිම දිනෙක සිය නිවෙසින් පිටතට අඩියක් හෝ නොතබමින් නවමු වචන හෙළිදරව් කරගනියි. තවමත් සිද්ධ නොවූ, එහෙත් සිදුවීමට ආසන්නව පවතින අනතුරක් විසින් ඔහුට සදාකාලිකවම නිවෙස තුළට වී ලෝකයෙන් සැඟවී සිටින්නට ඉඩදෙනු නොලැබෙයි.

    යුරෝපය දැඩි ලෙස යුද්ධය විසින් ගිලගනු ලැබුවා වූත්, එම අවාසනාවන්ත වාතාවරණය තුළ අනාවැකි පළකළ නොහැකි අන්දමට ජන ජීවිතය කඩා ඉහිරීගියා වූත් සමයක, නියමයක් නොමැති සියලුම විෂම දෑට එරෙහිව මිනිසුන් යහපත් දේ කිරීමට උත්සාහ කරනු ලබන්නේ කෙලෙසින්ද යන වග, ‘දෘෂ්ටිමානයට ඔබ්බෙන්’ නවකතාව ප්‍රදීපනය කරයි.

    එය ධෛර්යය, පරිත්‍යාගය හා කැපකිරීමෙහි චිත්තාකර්ෂණීය අන්දරයකි. එමෙන්ම නිර්දෝෂීභාවය වෙනුවෙන් ගැයෙනා අතිශය ප්‍රබල ශෝකාලාපයකි.

     

    Original price was: Rs. 2,600.00.Current price is: Rs. 2,340.00.
  • -20%
    (0)

    “සම්භවය”

    අප පැමිණියේ කොතැනක සිට ද ?
    අප යන්නේ කොතැනකට ද ?

    Original price was: Rs. 2,900.00.Current price is: Rs. 2,320.00.
  • -15%
    (0)

    උල්කාශ්මයේ අබිරහස – ULKASHMAYE ABIRAHASA

    ආක්ටික් අයිස් පරයක ගැඹුරේ වලලා තිබූ විස්මයජනක ලෙස දුර්ලභ වස්තුවක් නාසා චන්ද්‍රිකාවක් මගින් සොයාගත් අතර අදාළ අභ්‍යවකාශ ඒජන්සිය වැඩිදුර තහවුරු කරගැනීමකින් තොරව එය ඉතා වැදගත් ජයග්‍රහණයක් බව ප්‍රකාශ කරයි. හේතුව එය නාසා ප්‍රතිපත්තිවලට සහ ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ගැඹුරු ඇඟවුම් සහිත එකක් වෙන නිසාය.
    එම සොයාගැනීමේ නිරවද්‍යතාවය සත්‍යාපනය කිරීම සඳහා ධවල මන්දිරය, බුද්ධි විශ්ලේෂක රේචල් සෙක්ස්ටන්ගෙන් සහය ඉල්ලා සිටී. විශාරද මයිකල් ටොලන්ඩ් ඇතුළු විශේෂඥයින් කණ්ඩායමක් සමග ආක්ටික් අයිස් පරය වෙත යන රේචල් සිතාගත නොහැකි සාධක හෙළිකර ගනී. එම විද්‍යාත්මක ප්‍රෝඩා පිළිබඳ සාක්ෂි ලෝකයා මතභේදයට තුඩුදෙන දැවැන්ත රැවටීමකි.
    නමුත් ඇය ඒ බව ජනාධිපතිවරයා වෙත දැනුම්දීමට පෙර රේචල්, මයිකල් සහ පිරිස ඝාතකයන් කණ්ඩායමක් විසින් සැඟවී සිට කරනු ලබන පහරදීමකට ගොදුරු වෙති. තම ජීවිත බේරා ගැනීම සඳහා පාළු හා බෙහෙවින් අනතුරුදායක භූමි ප්‍රදේශ ඔස්සේ පලායන ඔවුන්ගේ එකම අපේක්ෂාව වෙන්නේ මෙම දක්ෂ කුමන්ත්‍රණය, සියල්ලටම වඩා කම්පන සහගත රැවටිල්ල පසුපස සිටින්නේ කවුරුන්ද යන්න සොයා ගැනීමය.

    Original price was: Rs. 2,400.00.Current price is: Rs. 2,040.00.
  • -15%
    (0)

    ඩ වින්චි කේතය – Da Vinci Code

    ලොව මහත් ආන්දෝලනයක් ඇති කළ නවකතාවකි. මේ ඇසුරෙන් නිමැවූ සිනමාපටය මෙරට ප්‍රදර්ශනය තහනම් කෙරුණු නමුත් පසු කලෙක එය රූපවාහිනී නාළිකාවකින් විකාශය කෙරිණි.

    පැරීසියේ ලුවර් කෞතුකාගාරයේ භාරකරු ජැක් සොනියෙරෙ මියෙන්නට පෙර තම සිරුර අසල පණිවිඩයක් තබන්නේ කේතවලිනි. ඔහුගේ මිනිපිරිය සොෆී නෙවෙයු සහ සංකේත පිළිබඳ අමෙරිකානු මහාචාර්ය රොබට් ලැන්ග්ඩන් එම කේතමය පණිවිඩ විශ්ලේෂණය කරන්නේ විවිධ අනතුරු හා අභියෝගවලට මුහුණ දෙමිනි. අනාවරණය වන ඓතිහාසික කාරණා කොතරම් බරපතළද? ඒවා අභියෝගයන් වන්නේ කා හටද?

    Original price was: Rs. 2,400.00.Current price is: Rs. 2,040.00.
  • -10%
    (0)

    සදහස[දමරඣ 2] – Sandahasa

    බොහෝ මුරුණ්ඩ ‘ වාංශික මිනිසුන් නම් රජුගේ නුගුණ කියමින්, ඔහුට සාප කරමින් සිටි සමයකි මේ. තම වංශය නසා රජ බවට පත් වූ ක්ෂත්‍රිය ග්‍රාමණේය වාංශිකයෝ දැන් මේ දඹදිව වයඹදිග සත්‍ය පුත්‍ර මණ්ඩලය නම් වූ මේ දේශය සෑම තැනකම පැතිර සිටිති. උතුරු දිගින් පැමිණෙන්නා වූ පාර්සිවරුන්ගේ සේනාංකයන්ට මුහුණ දීමට තරම් පුණ්ඩු සේනා ශක්තිමත් නොවුවත්, සිංහල රජුගේ පාර්සි මිත්‍ර සබඳතා නිසා එහි යම් සහනදායක බවක් වෙතැයි මුරුණ්ඩ සහ ග්‍රාමණේය දෙවාංශිකයෝම සිතා සිටියහ. එමෙන්ම යවන දේශයේ මහා අලිසන්දර රාජයාට පවා සිංහල රජු හිතවත්කම් පෑවේය. එබැවිනි ඔහු තම පියාණන්ගෙන් උරුම වූ සින්ධු දේශය හැර දමා මුරුණ්ඩ වාංශික සක්කයින්ගේ මේ දේශය තම අණසකට යටත් කරගත්තේ. අසරුවා කෙමෙන් කෙමෙන් මේ ගමන් ගන්නේ වර්තමානයේ සිංහල රජුගේ මාළිගය වූත්, මීට කලකට ඉහත දී පණ්ඩු නම් සක්ක ගෝත්‍රයේ මුරුණ්ඩ වාංශික රජුට අයත්ව තිබූත් සුවිසල් ප්‍රාසාදය දෙසට දිවෙනා අගනුවර ප්‍රධාන වීදිය වෙතටය. අනෙකුත් පරිවාර වීදි තරමට ජනාකීර්ණ නොවූ මේ වීදියේ වැඩි වශයෙන් ගැවසුණේ රාජකීයයන් සහ සෙබළ ජනයාය. කඩපිල් සහ යාචකාදීන්ගෙන් තොර වූ මෙම මහා විදිය කළු ගලින් බැඳ නිමවා තිබුණේ නිතරම ඒ මේ අතට යනෙනා අශ්ව රථ, අසරුවන් ආදීන්ගේ පහසුව තකාය. මඟ දෙපස වැඩිමනත් පැවතියේද රාජකීයයන්ගේ කිසියම් රාජකාරි කටයුතු සඳහා යොදාගනු ලැබුණා වූ කාර්යාල වර්ගයේ ගොඩනැගිලීම පමණි. දළ පිළි පොරවාගත් අසරුවා රැගත් කාළ වර්ණ අසු මහා වීදියට අවතීර්ණ වූ පසුව ඌට ඒකාකාරි ගමනක යෙදීමට අවසර ලැබිණි. අසරුවා එතෙක් වේලා සිදු කළ ප්‍රවේශම් සහිත අසු හැසිරවීම අවසන් කර ඌට නිදහසේ ඉදිරියට ගමන් කිරීමට ඉඩ ලබා දී තිබිණි. ඒ වෙනුවට ඔහු සිදු කළේ පරීක්ෂාකාරී අන්දමින් වටපිටාවේ වූ ගොඩනැගිලි ආදිය දෙස බැලීමයි.

    Original price was: Rs. 2,200.00.Current price is: Rs. 1,980.00.
  • -15%
    (0)

    බිහිසුණු කුසුම් – BIHISUNU KUSUM

    සමුදුරක් අසල මන්දිරයක එක් සොයුරියක් තවමත් ශාපයට ලක්ව සිටියි.
    *************
    සලාන් වෙරළෙන් බොහෝ ඈත වික්රමයන්ගේ නියැළීමට සිහින මැවුවද, ඇගේ පවුලේ අනෙකුත් අය ආකේනියාව පුරා විසිර ගොස් සිටියද, දහඅට හැවිරිදි වෙරිටි තෝමස් සිය අක්කා කමීල් සමග සිය පවුලේ වතුයාය වෙන හයිමෝහි රැඳුණාය.
    කීර්තිමත් උද්භිද විද්යාඥයකුගේ බිරිඳ වන බ්ලූම්හි ආදිපාදවරිය වෙරිටි ඇගේ පුතු ඇලෙක්සැන්ඩර්ගේ ආලේඛ්ය චිත්රයක් පින්තාරු කරනු දැකීමට උනන්දුවෙන් පසු වෙන බවක් දැන ගන්නා වෙරිටි එම අවස්ථාව මහත් සන්තෝෂයෙන් භාර ගනියි. එහෙත්, කමීල් එයට අවසර නොදේ. වසර ගණනාවක් පුරාම සුරැකි රහස හෙළි කළ යුතු තත්ත්වයකට පත් වෙන කමීල් දිනක් වෙරිටිට සත්යය පවසයි: ළමා කල මුහුණ දුන් ඛේදනීය අත්දැකීම් හමුවේ වෙරිටි තවමත් හොල්මන් දකියි; මෙතරම් කාලයක් ඇය ඒ බව දැන නොසිටියාය.
    මෙම සත්යය අසා කම්පනයට පත් වෙන වෙරිටි එදින රාත්රියේම හයිමෝ මන්දිරයෙන් පලා යයි. තමන්ට යා හැකි වෙනත් ස්ථානයක් නොමැති නිසා ඇය බ්ලූම් කරා යයි. මුලින්ම, සරුසාර, හරිත වර්ණ භූ දර්ශනය ඇගේ සිත වශී කරයි. සිත් ඇදගන්නාසුලු, බුහුටි, අදහා ගත නොහැකි තරම් කඩවසම් ඇලෙක්සැන්ඩර් ලොරොන් හට ඇය ආකර්ෂණය වන්නීය. ඇගේ විස්මයට හේතු වෙන පරිදි ප්රේමයක්… හට ගනියි.
    එසේ වුවද, වැඩි කාලයක් ගත වීමට මත්තෙන්, වෙරිටි දුස්ස්වප්නවලින් පීඩා විඳියි. එමෙන්ම, බ්ලූම්හි මිහිරි මුහුණතට පිටුපසින් තිබෙන අඳුරු පැත්ත සෙමෙන් සෙමෙන් නිරාවරණය වීම ඇරඹේ…
    Original price was: Rs. 2,250.00.Current price is: Rs. 1,913.00.
  • -15%
    (0)

    ඒ දවස් හරි වෙනස් – E Dwas Hari Wenas

    ඉස්සෙල්ලා ම ඔහුට ඇයගෙ හීනි ඇගිලි තුඩු වල ස්පර්ශය දැනෙන්න ගත්තා. ඒත් එක්ක ම ඇඟිලි වලින් පටං ගත්තඋණුසුමක් මුලු ඇඟ පුරාම පැතිරෙන විදිහ ඔහුට දැණුනා. ඇගේ අත සිනිඳු වුණා වගේ ම උණුසුම් වුණා. ඒක ඔහුට ඇති කරේ ගුලිවෙලා නිදා ගැනීමේ වුවමනාවක්.
    මූට මේ මොකක් ද වුණේ වගේ ලුක් එකක් එක්ක ඇය ඔහු දිහාවට හැරුණා. මුකුත් නොකියම ඔහුත් ඇය දිහා බලාගෙන ඉඳලා තිබුණා. තත්පර දහයක් විතර ඔවුන් එකිනෙකා දිහා බලාගෙන ඉද්දි, ඔහුට ඇත්තට ම හැම දේම හොඳින් සිද්ධ වෙයි කියලා දැනෙන්න පටං ගත්තා. ඒ වගේ ම හැමදේම හොඳින් සිද්ධ වේවි කියලා ඔහු විශ්වාස කරන්න පටං අරගෙන තිබුණා.
    ඒත් එක්කම කඳවුරේ කෙළවරකින් කවුදෝ කෑගහනවා ඇහුණා.
    ” සිරිමල් අයියා වැටිලා…”
    Original price was: Rs. 2,000.00.Current price is: Rs. 1,700.00.
  • -20%
    (0)

    අමාවක හස – Amawaka hasa

    ඉතින් දකින්න ඕන කරපු දේ… මං ඇස් ඇරපු වෙලේ
    ඉඳන් හොයපු එකම රූපේ.. පරණ වලව්වේ
    ඉස්තෝප්පුව ඉස්සරහා මල් ලෑල්ල මැද්දෙන් වැටෙන
    හඳ එලිය නාගෙන අත් දෙක පිටි පස්සට බැදන් ඈත
    බලන් ඉන්න කවුරුත් කියන පොඩි නිළමේ….
    මං ජීවිතේටවත් ඒ මනුස්සයට එහෙම කතා කරලා නෑ
    ඇත්තටම මේවා මෙහෙම කොහොම වුනාද දන්නේ නෑ
    ඒත් දැන් වෙලා. කලින් හිතින් මං කාට කොහොම අයිති
    වෙලා හිටියත් දැන් මුළු හිතෙන්ම එක තැනකට
    ආසාවෙන් හිර වෙලා.
    “මෙච්චර කාලයක් මං තනි වුන මතක අස්සේ වින්ද
    ඔය උණුහුම දැන් ඇත්තටම විඳිනකොට… මං අඬන්නද
    හිනාවෙන් පවිත්ර?”
    “ඒ දෙකම එපා”
    “එහෙනම්?”
    “මේ විදිහටම ඉන්න පොඩ් නිළමේ”
    Original price was: Rs. 2,100.00.Current price is: Rs. 1,680.00.
  • -10%
    (0)

    ලංකාව – Ceylon

    දිවයින පිළිබඳ සාමාන්‍ය විස්තරය (වැසියන් ගේ තත්ත්වය, ප්‍රමාණය හා භෞතික අංශය) ලංකාද්වීපය උතුරු අක්ෂාංශ 50 54 ත් 90 50 සහ නැගෙනහිර දේශාංශ 79° 50 ත් 82° 10 ත් අතර පිහිටා ඇත. එහි දිග උතුරේ සිට දකුණට සැතපුම් 270 ත් 280 ත් ලෙස දක්වා ඇත. එහි පළල නැගෙනහිර සිට බටහිරට සැතපුම් 140 ක් පමණ වේ. සයිමන් කාසි චෙට්ටිට අනුව මෙහි මතුපිට ප්‍රදේශය විශාලත්වය වර්ග සැතපුම් 24664 ක් ලෙස ගණනය කර දක්වා ඇත. දිවයිනේ වට ප්‍රමාණය සැතපුම් 763 ක් ෆර්ලෝන් 4 ක් සහ යාර 88 ක් බව සොයා ගන්නා ලදී. හිරු උදාව සහ හිරු බැසීම වසර පුරාවට ම මිනිත්තු නවයකට හෝ දහයකට වඩා සුළු වශයෙන් වෙනස් වේ. හිරු උදාව උදෑසන හයට මදක් පෙර වන අතර සවස හයට පසු විනාඩි කිහිපයකින් ඉර බැස යයි. සුළං හමායාමේ වෙනසක් හැර උෂ්ණත්වයේ අංශක කිහිපයක වෙනසක් හඳුනාගත හැකිය.

    Original price was: Rs. 1,850.00.Current price is: Rs. 1,665.00.
  • -10%
    (0)

    දමරඣ – Damarajha

    ගලා යන දිය රළක මෙන් උස් පනත් වීම සහිත වූ රටාවකට  මුහුදු ලිහිණින් නෞකාවේ කුඹ ගස අන්තයේ ගෑවී නොගෑවී පියඹා ගොඩබිම දෙසින් හමා ආ සුළං ධාරා විඳ දරාගනිමින්, ඒවාට ප්‍රතිරෝධයට දක්වමිනි. ලිහිණින් රංචුවේ පුරෝගාමී ලිහිණියා රටාවේ ඊ හිසක් වන් තුඩ පියඹා ගියෙන් අන් පක්ෂීන්ට තිබුණේ ඌ ලුහුබැඳීම ම පමණකි. හිරු අතාංගගත වීමට හෝරා කීපයක් තිබුණෙන් ලිහිණින් ඇදෙන්නේ උන්ගේ කැදලි කරා විය නොහැක. සයුරු රළ අතරින් ඔබ මොබ හිස් ඔසවා තිබූ ගල් පර නොසැලකිය හැකි තරමේ වූ බැවින් මුහුදෙන් වෙන් වූ කදිම තටාකයක් වන කොටසකින් සුසැදි ගොඩබිම දෙසට ලිහිණින්ගේ පියා සැරිය යොමු වුයේ කුසට තවත් යමක් එකතු කර ගැනීමේ අභිලාෂය පෙරදැරිවය. ඒ ගෝකණ නතිත්ථය යි. ජම්බුද්වීපය ආශ්‍රිත සාගර කලාපයේ නාවුක වෙළහෙළඳාමේ ප්‍රබල කාරියක් ඉටු කරනා ගෝ කණ්නයේ චිරප්‍රසිද්ධ වරාය යි. මුදු ලිහිණින් රෑන පියඹා ගොස් දැවමය නෞකා තට්ටුවක් මත ගිමන් හරින්නට වූයේ තව මොහොතකින් වරායෙන් ඉවත දමන අබලි ද්‍රව්‍යයක හෝ ධීවරයන්ගේ අපද්‍රව්‍ය වල ඇති යමක් තම රාත්‍රී භෝජනයට ගෙන, වරාය ඉස්මත්තේ ඇති ගල් පරවල ඇති කැදලිවල සිටිනා තමන්ගේ පැටවුන්ට ද ඉන් කොටසක් රැගෙන යාමේ බලාපොරොත්තු ඇතිවය. සැලකිය යුතු තරමේ විශාල වරායේ නෞකා රාශියක් ගාල් කර තිබුණෙන් එහි පිරි ඇති කරදිය පරිමාව පිළිබඳ ඉහළ ප්‍රදීපාගාරයේ සිට බලනෙකුට සිතාගත නොහැකි ය. අ

    Original price was: Rs. 1,800.00.Current price is: Rs. 1,620.00.
  • -10%
    (0)

    අබිරහස් සබ්මැරීනය – ABIRAHAS SBMERINAYA

    සියල්ල ඇරඹුණේ, කැරීබියානු මුහුදු පත්ලේ ගිලීගිය, දෙවැනි ලෝක යුද සමයට අයත් ජර්මානු සබ්මැරීනයක තිබූ දිනපොතක් හෙන්රි බේකර් නමැති කිමිදුම්කරු විසින් සොයා ගැනීමත් සමඟය.

    ලෝකයම සසල කරවිය හැකි අතිශය රහසිගත ලියවිලි රැසක් සබ්මැර්නය තුළ වන බව වටහාගන්නා බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශයේ චාර්ල්ස් ෆර්ගසන්, සබ්මැරීනය සොයා ගැනීමේ මෙහෙවර එක් විශේෂිත අයෙකු හට පවරනු ලබයි.

    ඒ හිටපු IRA සෙබළෙකු වන ෂෝන් ඩිලන්ටය.

    ඔහු හුදෙකලාවම ක්‍රියාන්විතය දියත් කළ යුතුය.

    සබ්මැරීනය සොයාගැනීම පමණක් නොව, එය පසුපසින් පැමිණෙන පොතාල කල්ලි හා ගැටෙමින්, ඔවුන්ට පළමුවෙන් ලිපිගොනු සොයාගැනීමේ අභියෝගයටද මුහුණදිය යුතුය.

    එබැවින්ම.

    ඔහු ගෙන යන සටන ත්‍රාසජනකය;

    ලොමුදැහැගන්වනසුලුය!

    Original price was: Rs. 1,800.00.Current price is: Rs. 1,620.00.