• -20%
    (1)

    අපූරු මිනිසෙක් – STEVE JOBS

    ඒ මා මරණයට ඉතාමත් සමීප වූ අවස්ථාවයි. තවත් දශක කීපයක් ගත වන තෙක් එසේ වනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. මෙම අත්දැකීම ලත් මට මරණය ප්‍රයෝජනවත් එහෙත් හුදු බුද්ධිමය සංකල්පයක්ව තිබිය දී වඩාත් නිරවුල්ව මේ දේ කිව හැක. කිසිවෙකුට මරණය අවශ්‍ය නැත. දිව්‍ය ලෝකයට යෑමට අවශ්‍ය මිනිසුන්ට පවා එහි යෑමට මරණය අවශ්‍ය නැත. එහෙත් අප සියලු දෙනාගේම ගමනාන්තය මරණයයි. කිසිවෙකුට ඉන් ගැලවිය නොහැක. එසේ වී ඇත්තේ මරණය ජීවිතයේ හොඳම නිර්මාණය වීම නිසාය. එය ජීවිතයේ වෙනස්කම් කිරීමේ නියෝජිතයා වීම නිසාය. ඉන් අලුත් දේට ඉඩ සැලසීමට පැරණි දේ ඉවත් කරයි. දැන් අලුත් දේ ඔබයි. එහෙත් වැඩි ඈතක නොවන කිසියම් දිනක ඔබත් ක්‍රමයෙන් විය පත්ව ඉවත් කරනු ඇත. එය නාට්‍යෝචිතව දැක්වීම ගැන සමාවන්න. එහෙත් එය සත්‍යයි.

    Original price was: Rs. 980.00.Current price is: Rs. 784.00.
  • -10%
    (0)

    යුවතියකගේ ප්‍රේමයක – Yuwathiyakage premaya

    වේලාව මධ්‍යම රාත්‍රී දොළහ පහුවෙන්න ඔන්න මෙත්ත කියලා. වෙනදා නම් දවස තිස්සෙම එක එක කන් කරවල්වලින් පිරිලා තියන නගරෙන් ඒ ඝෝෂාව ටිකක් තුනී වෙන වේලාව. ඒත් එදා ඒකට විවේක ගන්න ඉඩකඩක් තිබුණේ නැහැ. ඒ නිදහස් සමරු ප්‍රදර්ශන කුටි නරඹන්න දස දෙසින් ඇදී ආව යාන වාහන වලින් මිනිසුන්ගෙන් නගරේ පිරි තිබුණ හන්දා. නගරේ විතරක් නෙමේ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පලෙක් එදා තිබුණේ කාලෙකින් දකින්න නොලැඛෙන තරමේ ජනාකීර්ණ බවක්. මගී ජනයා එහාට යනවා මෙහාට යනවා ඉවරයක් නැහැ. යාන වාහන ඇති උදවිය ඒවයේ නැගලා අනිත් අයට පේන්ඩ බොහොම උජාරුවට ” රුස්” ගාලා ඉගිල්ලිලා ගියත් යාන්තම් එදාවේල පිරිමහගන්න සාමාන්‍ය ජනයාට ජනතා සන්තකේ පිහිට ඇර වෙන පිහිටක් තිබුණේ නැහැ. වැඩි දෙනෙක් දුර බැහැර ඉඳලා ඇවිත් තිබුණේ අතේ මිටේ යහමින් කාසි පනම් තිබුණ හන්දා නෙමේ. දරු මල්ලන්ගේ කන් කරවිට්ටලෙන් බේරෙන්න බැරිම හන්දයි. නගරේ තියෙන අනේකවත් අරුමෝසම් බඩු දැකලා ඒවා තමන් සන්තක කරාගන්න ළමා ළපටි වුන් කරපු කන් කෙදිරි ගැමි ඇහෙන නැහෙන ගානට වැඩිහිටියෝ හිටියේ එවුන්ට තිබුණ අනාදරය නිසා නම් නෙමේ.

    Original price was: Rs. 600.00.Current price is: Rs. 540.00.
  • -10%
    (0)

    ජන ප්‍රියයි රසකතා – Jana Priyayi Rasa Katha

    ජනා මාර්ගය අයිනේ මේසයක් මත රඹුටන් ගොඩ ගසාගෙන මහ හයියෙන් කෑ ගසමින් ඒවා විකුණමින් සිටියි.

    ජනා – මල්වානේ රඹුටන් ඇඹුල් නෑ  මල්වානේ රඹුටන් ඇඹුල් නෑ! මල්වානේ රඹුටන් ඇඹුල් නෑ!

    ජනා කෑ ගසමින් සිටින අතරවාරයේ ප්‍රියා ඒ අසලින් යන්නට යයි. ජනා, ප්‍රියා දැක සිනාවක් පාමින්…

    ජනා – මහත්තයා දෙන්ඩද…?

    ප්‍රියා – කියද…?

    ජනා – සීයට දහයයි…

    ප්‍රියා – දහයක් දෙන්ඩ… ප්‍රියා රුපියල් සීයේ නෝට්ටුවක් ජනාට දී එක් රඹුටන් ගෙඩියක ලෙල්ල ඉවත් කර කටේ දමා ගන්නා අතර ඔහුගේ කට ඇඹුල් වි

    ප්‍රියා – ඇඹුල්නේ

    ජනා – ඇඹුල් ඇඹුල්…

    ප්‍රියා – එහෙනම් ඇඹුල් නැ කිව්වේ? ජනා – ඒ මල්වානේ ඒවනේ… ප්‍රියා අනා අතින් මුදල් නෝට්ටුවත් උදුරාගෙන වාගේ එතැනින් යන්නට යන්නේ තරහින්ය.

    Original price was: Rs. 900.00.Current price is: Rs. 810.00.
  • -20%
    (0)

    බලාපොරොත්තුව – Balaporotthuwa

    අඳුරු සමයන් අතරින් ඇවිදිමින් සිටිමු. ලොව නන්දෙස අවි ගැටුම් ය. ආගම සහ ජාතිකත්වය මත වෙනස් ව සැලකීම්, වෛරී අපරාධ, ත්‍රස්ත ප්‍රහාර. බොහෝ විට ප්‍රචණ්ඩත්වයට පෙරළෙන පෙළපාලි සහ විරෝධතා අවුළුවා ලමින් කරන්නේ, දේශපාලනය පද්දවා අන්ත දක්ෂිණාංශය දෙසට තල්ලු කර යැවීමකි. එයින් පුළුල් කෙරෙන්නේ ඇති – නැති පරතරයයි. කැකැරෙන්නේ වෛරය සහ නොසන්සුන් බවයි. බොහෝ රටවල ප්‍රජාතන්ත්‍ර වාදය පවත්නේ තර්ජනයට ලක් වෙමිනි. ඒ සියල්ලත් මත කොවිච් – 19 වසංගතය ලොව සිසාරා අවුල් ජාලයක් කරවමින් නිමක් නැති දුක් සහ මරණ, රැකියා අහිමි කරවීම් සිදුකර තිබේ. ඒ අතර, අප දන්නා තරමින්, මඳක් පසුපසට තල්ලු වී වුවද, මහ පොළොව මත සමස්ත ජීවයේ ම අනාගතයට බරපතළ තර්ජනයක් වන දේශගුණික විපර්යාස ද තිබේ. දේශගුණික විපර්යාසය අපට බලපෑම් කරන්නේ අනාගතයෙහි නොවේ. ලොව වටා කාලගුණික රටාවන් අවුල් කරමින්, හිමකඳු දිය කරමින්, මුහුදු ජලමට්ටම ඉහළ යවමින්, චණ්ඩ මාරුත, කුණාටු, සුළි සුළංවලට විනාශකාරී ලෙස හැසිරෙන්නට ඉඩ හරිමින්, අද වන විටත් තිබෙන්නේ එයින් බලපෑම් එල්ල වෙමිනි.

    Original price was: Rs. 1,400.00.Current price is: Rs. 1,120.00.
  • -20%
    (0)

    ජීවිතය වෙනස් කරන කතා 3 – jiwithaya wenas karana katha 3

    ඔහු ජීවිතය ගත කළේ හරිම සරලව, දෙවන ලෝක යුද්ධ සහ ජන මාධ්‍යවේදියෙකු ලෙස සේවය කළත්, තමන්ගේ වෘත්තීය තුළ සැලකිය යුතු යමක් කරන්න ඔහුට බැරි වුණා සියන හැඟීම නම් ඔහුගේ මනසේ විටින් විට සක්මන් කළා. තමාට ජන මාධ්‍යවේදියෙකු ලෙස ජනප්‍රිය වෙන්න බැරි වුණා, මිනිසුන්ගේ ජීවිත වෙනස් කරන සමත් ලියන්න හැරී වුණා කියන දුක ඔහුගේ හිතේ නැංගුරම් දාලා තිබුණා. “පරණ පත්තරකාරයෙක්දැ ඒත් මම නම් මය මනුස්සයාගේ නම කවදාවත් පත්තරේක දැකලා නැහැ. ඒත් ඉතිං හොඳ මිනිහා. කාටවත් කරදරයක් නැහැ. ඔහු ගැන දන්න කියන වටේ අය ඔහු ගැන කෙටියෙන්ම කියන්නේ ඔන්න ඔහොම දේවල් මෙන්න දවසක් මේ අප්‍රසිද්ධ පරණ පත්තරකාරයාට එංගලන්තයේ තිබෙන ප්‍රසිද්ධ රූපවාහිනි නාළිකාවකින් දුරකථන ඇමතුමක් ලැබෙනවා. සැබැවින්ම එය පුදුමයි. ජනප්‍රිය රූපවාහිනි වැඩසටහනකට ඔහුට ආරාධනාවක්. රූපවාහිනි නාළිකාවකින් වැඩසටහනකට ඔහුට ආරාධනා කළ ප්‍රථම අවස්ථාව. දැන් ඔහුගේ වයස අවුරුදු අසූවයි. ඉතිං ඔහු එම වැඩසටහනට ගියා. ඇත්තටම ඒක ඔහු හිතුවාට වඩා විශාල සහ ජනප්‍රිය වැඩසටහනක්. ඒත් මට ඇයි කතා කළේ? ඔහු නිහඬව ප්‍රශ්න කළා. විශිෂ්ට ලේඛකයන්, ජනප්‍රිය නළුනිළියන්, ප්‍රවීණ විද්වතුන් මීට කලින් සහභාගි වෙලා තිබුණ ඒ දැවැන්ත වැඩසටහනට මෙයාට කතා කළේ ඇයි කියන දේ එයාගේ බිරිඳටත් ප්‍රශ්නයක්.

    Original price was: Rs. 800.00.Current price is: Rs. 640.00.
  • -20%
    (0)

    ජීවිතය වෙනස් කරන කතා 4 – Jiwithaya wenas karana katha 4

    මේ ලෝකය පිරිලා තියෙන්නේ අපුරු කතාන්දර වලින් විටෙක ලෝකය වෙනස් කරන්නත්, තවත් විටෙක ලෝකය විනාශ කරන්නත්. ඒ වගේම විනාශ වුණ ලෝකය නැවත හදන්නත් මානව ඉතිහාසය තුළ කතාන්දර ලොකු මෙහෙයක් සිදු කළා. එය ඉදිරියටත් එලෙසම සිදු කරයි. සමහර තතාන්දර පසුකාලීනව මහා සංස්කෘති බවටත් පත් වුණා. තවත් සමහර නතාන්දර ආගම් බවටත් පත් වුණා. සංස්කෘති සහ ආගම් බවට පත් වුණ කතාන්දර ඒ විදියටම රැක ගන්න මිනිසුන් දිවි හිමියෙන් යුද්ධ කරපු අවස්ථාද ලෝක ඉතිහාසයේ එමටයි. මේ සියලු දේවල් දිහා සන්සුන් මනසින් බලද්දී අපව ජීවත් කරවන්න සියවස් ගණනාවක් තිස්සේ කතාන්දර කොයි තරම් බලපෑමක් කරලා තියෙනවාද යන්න ඔබට වැටහේවි. කතාන්දරයක් කියා ගන්න භාෂාවක් දන්නේ නැති කාලේ පවා මිනිස්සු ගස් ගල්වල කුරුටු බලි අඳිමින් මොකක්දෝ කතාන්දරයක් කියන්න උත්සාහ කළා. සැබැවින්ම මිනිසා කියන්නේ කතාන්දර කියන්න සහ කතාන්දර අහන්න කැමැති සත්ත්වයෙකු (Storytelling Animal). තවත් අයුරකින් කියනවා නම්. අපි නමයි ලෝකයේ කතාන්දර හදන සහ කතාන්දර අහන එකම ජීවියාත්. මම දන්නේ නැහැ අනෙක් සත්ත්වයන් ඔවුන්ගේම භාෂාවකින් කතාන්දර කියනවාද කියලා. කොහොම වුණත් කතාන්දර නම් කවදාවත් පරණ වෙන්නේ නැහැ. ඉතින් අන්න එහෙම පරණ නොවන කතාන්දර වලින් ජීවිතය වෙනස් කරන්න ඉදිරි පිටු වෙන් වෙනවා. ඔබ අහන, දකින සහ අත්විඳින සෑම කතාන්දරයකම කියන සහ පෙනෙන මතුපිට කතාන්දරයට වඩා නොකියන විශාල කතාන්දරයක් තියෙනවා. සැබැවින්ම කියන කතාන්දරයට වඩා නොකියන විශාල කතාන්දර සහිත කතා විශිෂ්ටයි.

    Original price was: Rs. 800.00.Current price is: Rs. 640.00.
  • -20%
    (0)

    5D මිරකල් – 5D miracle

    2015 මැයි 23 වෙනි රාත්‍රිය සුන්දරත්වයේ කඩතිර වලට මුවා වී අසුන්දර ම දේ සිදුවිය හැකි එය වසරේ සුන්දර ම මාසය විය. දීප්තිමත් හිරු රශ්මිය පවා ඉඳ හිට වැටෙන වැහි පොදකින් සෞම්‍යවත් වූ දහවලකින් පසුව උදා වූ රාත්‍රියක් විය. දිනය පුරා පිපී, සුවඳ විහිද වූ වෙසක් මල් ක්‍රමයෙන් නිදි ගන්නා රාත්‍රියක් විය. වෙසක් පොහෝ දිනය පසු වී දින කිහිපයක් ඉකුත්ව තිබුණ ද තවමත් සඳ රැස් බිඳක් පතිත වෙමින් හාත්පස සෙවණැලි මැවී ය, වෙසක් සිරි නරඹන්නට මහ මගට බට ජනයාගේ රිය සක් හඬින් මෙන්ම, කෑකොස්සන් නගන හඬින් ද වරින් වර රාත්‍රියේ නිහඬතාවයට බාධා පැමිණුනෙන් එය නිස්කලංක රාත්‍රියක් ද නොවීය. කලබල මංමාවත් සන්සිඳුණේ රෑ මැදියම ද ආසන්න වෙමින් පැවතියේ දීය. මිනිසුන් විසින් ඇති කරන ලද නානාවිධ ශබ්ද ක්‍රමයෙන් යටපත් ව යද්දී පරිසරය විසින් ඇති කරන ශබ්ද වඩාත් උස් ව ඇසෙන්නට විය. වැටුණු මඳ වැස්සෙන් උදම් වූ නිශාචරයන්ගේ හඬට විටින් විට රෑහි හඬක් ද මුසු විය.

    Original price was: Rs. 1,500.00.Current price is: Rs. 1,200.00.
  • -20%
    (0)

    වන්නි වනේ දඩ හදවත – Wanni wane dhada hadawatha

    තෙරක් නොපෙනෙන මහා සාගරයේ නිල්වන් ජල තලාව සේ පෙනෙන මහා වන වියනේ ඈත කෙළවරින් හිරු සැඟව ආකාශයේ තැවරී තිබූළා රන් පැහැය ද මැකී යන තෙක් දැහැනකට සමවැදුණාක් මෙන් හිටිපියේම සිටි තවුස් තෙම එදෙස බලා උන්නේය. ඔහුගේ හිතට කිසිදු දෝමනස්සයක් හෝ සාංකාකුල බවක් නොදැනිණ. අඳුර, රාත්‍රිය, හෙට නැවත ආලෝකය. තවත් උදෑසනක්. එදවස ද ගෙවී නැවතත් අන්ධකාරය. ස්වභාව ධර්මයේ නියමය එයයි. තවුසාණෝ ඉතා සෙමින් සේම පරිස්සමින් තමා බොහෝ වේලාවක් තිස්සේ රැඳී සිටි එම ගල් තැල්ල මතින් ඉවත් වෙන්නට වූහ. එය මේ මහා කළුගල් කන්දේ එක් පසෙකින් පිටතට නෙරා ගිය විශාල ගල් තැල්ලකි. දැවැන්ත ගසක කඳක කුරුල්ලන්ට වසා සිටිය හැකි ඉතා ගත ශක්තිමත් හත්තක් හැදුණා සේය. දහවල් කාලයේ දී භාවනා කිරීමට එය යෝග්‍ය තැනක් වුවත්, රාත්‍රී කාලයේ දී එහි රැඳී සිටිය නොහැකිය. මිනිසෙකු වුව පරඬලා පතක් මෙන් ගසාගෙන යා හැකි තරමට දැඩි වේගවත් සුළං ප්‍රවාහයක් එම ගල් තැල්ල හරහා හඬ දීගෙන හමායන බැවිනි. මිනිස් අතක රැඳි ගල් කටුවකින් හා මිටියකින් අනන්ත වූ වෙහෙසක් දරා එම මහා ගල් කන්දේ බඳ වටා ගල් තැල්ලට ළඟාවිය හැකි සේ මේ පටු අඩිපාර කැපුවා වැනිය.

    Original price was: Rs. 400.00.Current price is: Rs. 320.00.
  • -20%
    (0)

    සඛී භාර්යා – Saki barya

    සිහින් සිලිටි මීදුම් පටලය සෙමින් තුනී වෙමින් තිබිණ. කැටයම් කවුළුවෙන් ගලා විත් දුහුල් සේද තිර රෙදි අතරින් පෙරී ආ උණුසුම් අව් රැල්ල විසින් යුගල යහන මත සිත්තම් කරන ලද රටාවේ කෙළවරක් ජයම්පතිගේ වම් කම්මුල මත වැටුණි. සියුම් කිතියක් සේ මුලින් දැනුණ උණුසුම කෙමෙන් දැඩිවත්ම නින්දත් නොනින්දත් අතර දෝලනය වෙමින් සිටි ඔහුට ගෙඋයනෙහි කෙළවර අඹ ගසෙහි හිඳ තොරතාංචියක් නැතිව කලබල කරන පොල්කිචි රංචුවේ කිවි බිචිය ඇසෙන්නට විය. සෙමින් දෑස් අරින්නට උත්සාහ කළද ඇසිපිය මත මහත් බරක් පටවා ඇති සෙයකි. කිසියම් කෙඩෙත්තුවකින් මුළු සිරුරම රිදුම් දෙයි. ඔහු දෑස ඇරියේ මහත් වෑයමකිනි. ඒ වන විටත් උදෑසන අරුණැල්ල කාමරය එළිය කර තිබිණි. තමා වැතිර සිටින්නේ තම නිදන කාමරයේ යුගල යහන මත උඩුබැලිව බව ඔහුට හැඟුණේ තත්පර කීපයකට පසුවය. පාවහන් තවමත් පාදවලය. පෙරදා උදෑසන කාර්යාලයට යන්නට හැඳ පැළඳ ගත් ඇඳුම් පැළඳුම් වලින් අඩුම ගණනේ ටයි පටිය වත් ගලවා නැත.

    Original price was: Rs. 1,300.00.Current price is: Rs. 1,040.00.
  • -20%
    (0)

    හිරිකඩ – Hirikada

    මඳ අඳුර මුසු වූ අරුණෝදය තවමත් අලුත් දවස පිළිගන්නට නොකමැත්තෙන් මෙනි. අතහැර දැමුණු වෙල් යායේ ගෙවුණු රාත්‍රියේ පන් ගස් අතර නිදි සුව විදි කුරුලු බටිත්තෝ නිදි ගැට කඩමින් ඇහැරෙත් දී වෙල් යායේ කෙළවරකට වන්නට පිහිටි දේවිකාගේ කුඩා නිවස වෙල්යාය මත වියන් බැඳි සිහින් මීදුම අතරින් ඡායාවක් මෙන් ඈතට පෙනෙයි. නිවසේ වහලයෙන් පිට වන දුම් රොටු උදෑසන හිස් අහස් කුස සිපගනිත්දී දේවිකා ළිපගිනි අවුළවමින් ළිප අසලටම වී ඒ දෙස බලා බර කල්පනාවකය. උන්දැට උන දේ හොංකවිසියක්වත් මට හිතාගන්න බෑ. හරියට හොරු අරන් ගියා වගේ. ගමේ එකාල මොන තරම් කතන්දර කීවත් මයෙ හිත නම් කියන්නෙම තිස්සට කිසිම ආන්තරාවක් නෑ කියලයි. කවදහරි දවසක තිස්ස මේ වැට කඩුල්ල පැනල ගෙට ගොඩවදිනව කියල මට සහතිකයි. ඒත් එතකන් අපි ජිවත් වෙන්න එපැයි. ඒ හින්දයි හොඳට හිතල අද මේ තීරණය ගත්තෙ..ළිප් ගල් තුනට හිර වී ඇති වතුර කේතලය යහමින් පැසෙත් දී ඒ වගක්වත් නොදත් දේවිකා මොහොතින් කල්පනාවෙන් මිදුණෙ අසල පැදුරේ වකුටු වී නිදා සිටි හිච්චාගේ සිහින් කෙඳිරිල්ලටය. දේවිකා මොහොතින් හිස හරවා බලා උඩු කය වසාලූ මල් වැටුණු චිත්ත රෙද්ද යළි කර වටා දමා ගනිමින් මෙතෙක් හිඳ උන් ළිප අසලින් නැගිට හිච්චා නිදා සිටිනා පැදුර අසලට සමීප වූවාය.

    Original price was: Rs. 1,850.00.Current price is: Rs. 1,480.00.
  • -10%
    (0)

    මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 6- Monte Cristo 6

    ඉයුජිනි දොග්ලෝර් මෙනෙවිය හා අන්දන්ද්රියා කවල් ල්කන්ති මහතා අතර ළඟදීම සිදු වන්නට නියමිත ව තිබුණ විවාහ මංගලය විධිමත් අන්දමින් විල්ෆේපාර් මැතිනියට දැනුම් දීම පිණිස දොග්ලාර් මැතිනිය විල්වෙපාර් මැඳුරට පැමිණි අන්දම අපි පසු ගිය පරිච්ඡේදයකින් දැන ගනිමු. මේ නිවේදනයට කලින් තවත් වැදගත් දෙයක් සිදු වූ බව මෙහි දී අපේ පාඨකයන්ට මතක් කළ යුතුව ඇත. එම නිසා අපි ආපස්සට පියවරක් තබා දොග්ලෝර් බැරන් තුමා ගේ මහත් ආඩම්බරයට හේතු වුද ඉතා විචිත්‍ර අන්දමින් රන් ආලේප කිරීමෙන් චමත්කාර ජනක ස්වරූපයක් ගත්තා වූ ද ඒ විසිත්ත කාමරයට ඇතුළු වෙමු. උදයේ දහයට පමණ මේ විසිත්ත කාමරයට වී, සෑම දොරක් දෙසම පරීක්ෂ්‍යකාරීව බලමින් සෑම ශබ්දයකටම ඇහුම් කන් දෙමින් කල්පනාවෙන් බරව බැංකු කරුවා විනාඩි කීපයක සිට එහා මෙහා සක්මන් කරමින් සිටියේ ය. මෙ සේ සක්මන් කරමින් සිටි ඔහු ඉවසීමේ සීමාවට පැමිණියේ සිය මෙහෙ කරුවාට කථා කෙළේය. ” එතියොන්, ‘ යි මෙහෙ කරු ඇමතිය. ” ගිහින් අහපන් පුංචි නෝනාගෙන් ඇයි විසිත්ත කාමරයේ දී මාව මුණ ගැහෙන්න ඕනෙ කිවුවෙ කියලා? මට මෙව්වර වෙලා බලා ගෙන ඉන්නත් සැලැස්සුවෙ ඇයි කියලා අහපන්.” මෙසේ සිය කෝපය පිට කළ බැරන් තුමා, අනතුරු ව සන්සුන් වූයේ ය. දාංග්ලාර් මෙනෙවිය එ දින උදයේ පියා හමු වීමට වුව මනා බව ද හමු වන ස්ථානය වශයෙන් විසිත්ත කාමරය ද නම් කර

    Original price was: Rs. 900.00.Current price is: Rs. 810.00.
  • -10%
    (0)

    මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 5- Monte Cristo 5

    දෙ දිනකට පසු, පෙරවරු දහයට පමණ, විල්පෙපාර් මහතාගේ මැඳුර ඉදිරි පිට, මහා ජන කායක් රැස් වී සිටිනු දක්නා ලදි. ජෝපාබුර්ග් සේන් ඔනෝරේ වීථියේ සිට පෙපිනියෙර් විථීය දක්වා වූ මහා මාර්ගයෙහි අවමඟුල් රථ වලින් හා පුද්ගලික රථ වලින් සැදුණු දීර්ඝ රථ වාහන පෙරහරක් පෙළ ගැසී තිබිණ. මේ රථ වාහන අතර, ඉතා ඈතක සිට ආ බවක් පෙනුණා වූද අද්භූත ආකාරයකින් යුක්ත වූ ද කිසියම් රථයක් වූයේ ය. කළු පැහැ ගත්තා වුත් ආවරණය කරන ලද්දා වුත් වැගන් රථයක් හා සමාන වූ එය, මේ අවමඟුල සඳහා මුලින් ම වාගේ මෙහි පැමිණියක් වී ය. මේ පිළිබඳව කරන ලද විමසීමේ දී දැන ගන්නට ලැබුණේ, ඒ වැගන් රථයෙන් සේන්-මෙරාන් මාර්ක් විස් තුමාගේ මෘත දේහය ගෙනෙන ලද බවත් එක අවමඟුලකට සහභාගි වීම සඳහා එයත් සමග පැමිණි පිරිසට දැන් අවමඟුල් දෙකකට සහභාගි වන්නට සිදු වී තිබෙන බවත්ය. කෙසේ හෝ වේවා, පැමිණ සිටි ජන කාය අතිවිශාල වූ හ. XVIII වැනි ලුවී ගේත් X වැනි චාල්ස් ගේත් අත්‍යන්ත විශ්වාසී රාජ පාක්ෂිකයකු ව සිටි සේන්- මෙරාන් මාර්ක්ර්විස් තුමාට හිත මිතුරෝ මහත් රාශියක් සිටිය හ. මේ පිරිසට විපාර්ගේ මිතුරු පිරිස ද එක් වීමෙන් ඉතා දැවැන්ත මහා ජන සන්නිපාතයක් එ තැනට එක් රොක් වී සිටිනු දක්නට ලැබිණ.

    Original price was: Rs. 1,100.00.Current price is: Rs. 990.00.
  • -10%
    (0)

    මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 4- Monte Cristo 4

    මෙම හමු වීමෙන් දින කීපයකට පසු ව, ඇල්බෙයා ද මොසර්ප්. මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා බැහැ දැකීම සඳහා ශම්ස් එලිජෙහි පිහිටි ඔහු ගේ මන්දිරයට ගියේ ය. සිටුවරයාගේ මහා ධනස්කන්ධය හේතු කොට ගෙන ඔහුගේ තාවකාලික නවා තැනකට වුව ද දිය හැකිව තිබූ ඒ මහා මාළිගාවක ලක්ෂණ ඒ වන විට ද මේ මන්දිරයට ලැබී තිබිණ. ඇල්බෙයා ද මොසර්ප් මේ ‍ගමන ආවේ, දොග්ලාර් මහත්මියගේ ස්තුතිය යළිත් වරක් සිටුවරයා හට දැනුම් දීමට ය. මේ ස්තූති කිරීම දොග්ලාර් මහත්මිය විසින් ” දොග්ලාර් බැරන් තුමිය හෙවත් එමින් ද සෙවීය ” යනුවෙන් අත්සන් තබන ලද ලියුමක මාර්ගයෙන් කල් තියාම සිටුවරයාට දැනුම් දී තිබුණ බව මෙහි දී මතක් කළ යුතු ව ඇත. ඇල්බෙයා සමග පැමිණි ලුෂියෙන් දෙබ්රේ කථා බහට හවුල් වෙමින් සිටුවරයා ගැන ප්‍රශංසා මුඛයෙන් පැවසූ ඇතැම් කරුණු වල පදනම කුමක් දැයි තියුණු බුද්ධියකින් යුතු සිටුවරයාට වටහා ගැනීම අපහසු නොවූයේය. ලුෂීයෙන් තමා වෙත පැමිණ සිටියේ බලවත් කුතුහලයකින් බවත් එම කුතුහලයට මුල ස්ථානය වූයේ ශොසේ දන්තැන් වීථිය බවත් සිටුවරයා වටහා ගත්තේය.

    Original price was: Rs. 850.00.Current price is: Rs. 765.00.
  • -10%
    (0)

    මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 3- Monte Cristo 3

    “ඔහු එන කන් බලාගෙන ඉඳ ලා තමයි මම මේ ආවේ.” යි ප්‍රාන්ස් පිළිතුරු දුන්නේය. ” ඉතින් ඔබ දන්නවා ද ඔහු කොහේ ද ගියේ කියලා? ” ” හරියට ම දන්නෙ නෑ; මට හිතෙන විදියට කලින් නියම කර ගත් හමු වීමකට යි යන්න ඇත්තෙ.” ” යක්ෂ වැඩක් නෙ! ” යි ආදිපාද තුමා පැවසුවේ ය. ” රෑ වෙන කන් පාරෙ තොටේ ඉන්න අද හොඳ දවසක් නෙවෙයි; මං කියන්නෙ මේ රාත්‍රිය හොඳ රාත්‍රියක් නෙවෙයි. එහෙම නේද, සිටු දේවීය? ” මේ වචන පවසන ලද්දේ ඒ වේලේම වාගේ පැමිණ සිටි  සිටු දේවිය අමතමිනි. ඈ ආදිපාද තුමාගේ සොහොයුරු තොර්ලෝනියා මහතාගේ අතට වාරු වෙමින් සිටියාය. ” මට නම් හිතෙන්නේ ඒකෙ අනිත් පැත්ත: මට හිතෙන්නෙ අද හරි සුන්දර රාත්‍රියක් කියලා,” යි සිටු දේවිය පිළිතුරු දුන්නා ය. ” මෙතන ඉන්න උදවියට ඒකෙ එකම වැරැද්දකුයි පේන්න පුළුවන් – ඉක්මනට ගෙවිලා යන එක.” ”මං කථා කරන්නෙ මෙතෙන්ට රැස් වෙලා ඉන්න උදවිය ගැන නෙවෙයි,” යි මඳ හසක් නඟමින් ආදිපාද තුමා පැවසීය. ” මෙතන පිරිමින්ට තියෙන එක ම අන්තරාව නම් ඔබ සමඟ පෙමින් බැඳී යෑම: ගැහැනුන්ට තියෙන එක ම අන්තරාව ඔබේ ලස්සනට ඊර්ෂ්‍යා කරන්න සිද්ධ වීම. මම කලින් කිවුවේ රෝමයේ වීදිවල ඇවිදින අය ගැන. ” ” ආ ! ” යි මෙහි දී සිටු දේවිය රාවයක් නැඟුවාය. ” කවුද මේ වෙලාවෙ රෝමයේ වීදිවල ඇවිදින්න යන්නෙ? බාල් උත්සවයකට හේම යනවා නම් මිසක්.” ” අපේ යාළුවා, සිටු දේවිය, ඇල්බෙයා ද මොසර්ෆ්, අද රාත්‍රි හතට විතර නාඳුනන රූමතියක් පස්සේ මිනිහා යනවා මම දැක්කා, ‘” යි ප්‍රාන්ස් කීය. “එ වෙලේ ඉඳන් මේ වන තුරු මට ඔහු දකින්න ලැබුණෙ නෑ. ”

    Original price was: Rs. 950.00.Current price is: Rs. 855.00.
  • -10%
    (0)

    මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 2 – Monte Cristo 2

    හුස්ම හිර වී විසංඥ වේගෙන ම වාගේ යත් දී මහත් වෑයමෙන් දෙකට නැමී යකඩ බෝලය බැඳ තිබුණු කඹ පට බලවත් උත්සාහයකින් කපා දැමීමට ඔහු සමත් වීය. ඉක්බිති ව තද බල වෑයමක් දරා ඔහු දිය මතු පිටට එම තමාට මිනී පොරෝණයක් වීමට තිබුණු ගෝනිය යකඩ බෝලයත් සමඟම දිය යටට කිඳා බසිනු ඔහු දිටීය. හුස්ම ගැනීමට පමණක් මොහොතක් දිය මතු පිටට වී සිටි ඔහු, කිසිවෙකු ගේ දෑසට තමා ලක් වෙති යි බිය ගත්තේ, එ කෙණෙහි ම යළිත් දිය යටට කිමිදී ගියේය. දෙවැනි වරට ඔහු මතු වන විට සිටියේ මුලින් වැටුණු තැනට පියවර පනසකට පමණ ඈතිනි. තම හිසට උඩින් කාල වර්ණ වුත් කැළඹී ගියා වූත් අහසක් පැතිරි තිබෙනු ඔහුට පෙනිණ. වාෂ්ප සමූහ සේ එහි වේගයෙන් පා වී ගිය වලා අතරින් තරුවක දිලිසීමක් මොහොතකට ඔහුට දකින්නට ලැබිණ. ඔහු ඉදිරියෙන් මුහුදේ මහා ජල කඳ ඉමක් කොනක් නොමැති ව පැතිරී තිබිණ.

    Original price was: Rs. 950.00.Current price is: Rs. 855.00.
  • -10%
    (0)

    මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 1 – Monte Cristo situvaraya 1

    ඔහු එනු දුටු කෙණෙහි ම, අප මුලින් සඳහන් කළ තරුණ තෙමේ, වහාම නියමුවා අසලින් ඉවත්ව, හිස් වැසුම අතට ගෙන නැව් තට්ටුවේ අයිනකට පැමිණියේ ය. ඔහු කාල වර්ණ දෙ නෙතකින් ද, රේවන් කවුඩකුගේ පියා පත් වැනි කළුවන් කෙස් කළඹකින් ද හෙබි දහ නව හැවිරිදි නැත හොත් විසි හැවිරිදි හින්දැරි උස තරුණයෙක් වී ය. තොටිල්ලේ සිට ම අතුරු අන්තරාවන්ට භාජනය වීමට හුරු පුරුදු වූ මිනිසුන් කෙරෙහි පමණක් දක්නට ලැබෙන උපශාන්ත ගැඹුරු බවකුත් දඩි අධිෂ්ඨාන ශක්තියකුත් ඔහුගේ මුහුණෙහි පිළිබිඹු වී තිබිණ. ” ආ ! මේ ඔබ ද දාන්නේ? ” යි කුඩා බෝට්ටුවෙන් නැව අසලට පැමිණි තැනැත්තා කෑ ගසා ඇසී ය. ” මොක ද වෙලා තියෙන්නේ? මොක ද නැවේ මෙච්චර දුක් මුසු පෙනුමක් තියෙන්නෙ? ” ” මහා විපත්තියක්, මොරේල් මහත්මයා! ” යි තරුණයා පිළිතුරු දින. “ මහා විපත්තියක් සිද්ධ වුණා: විශේෂයෙන් මට සිද්ධ වුණා. සිවිටා වෙකියා දුපතට ටිකක් එහා දි අපේ එඩිතර කපිතන් ලෙක්ලෙයාර් අන්තරා වුණා.” එනකොට නැවේ බඩු? ” යි නැව් හිමියා මහත් සේ විමසුම් සහගත වී ය. ” නැවේ බඩු ඔක්කෝම පරිස්සමෙන් තියෙනවා, මොරෙල් මහත්මයා: ඒ ගැන ඔබට බය වෙන්න කාරණයක් ඇති යි කියලා මම හිතන්නෙ නෑ, නමුත් අසරණ කපිතන් ලෙක්ලෙයාර් – ” ” ඔව්, මොකද වුණේ ඔහුට?” යි මෙහි දී සැනසිලි සහගත ව නැව් හිමියා ප්‍රශ්න කෙළේ ය. ” ඔව්, මොක ද වුණේ අපේ හොඳ කපිතන්ට? ” ඔහු මැරුණා. ” ” මුදට වැටිලා? ” ” නෑ, මහත්මයා. ඔහු මැරුණෙ මොළයේ උණෙන්, හරියට දුක් විඳලා “

    Original price was: Rs. 980.00.Current price is: Rs. 882.00.
  • -10%
    (0)

    භාරත යෝගී ස්වාමි රාමා – Living with the Himalayan Masters

    මා ඉපදී හැදී වැඩුණේ හිමාල නිම්නයේ ය. දශක හතරහමාරක ඇත්තේ හිමාල වනවාසී ඉර්ෂින්ගෙනි. එහි වාසය කරන හා යන එන උපාධ්‍යායයන් (masters) මට මුණ ගැසී ඇති අතර, මම ඔවුන්ගේ පා සෙවණේ ඉගෙන ඔවුන්ගේ ආධ්‍යාත්මික බුද්ධිය අත්විඳ ඇත්තෙමි. හිමාලයානු පන්ජාබයේ සිට කුමායුන් හා හිමාලයානු ගර්වාල් දක්වාත්, නේපාලයේ සිට ඇසෑම් දක්වාත්, සිකීම් සිට භූතානය හා ටිබෙටය දක්වාත් සංචාරය කොට ඇති මම සාමාන්‍යයෙන් සංචාරකයින්ට ඇතුළුවීමට අවසර නැති තහනම් ස්ථාන වලට ද ගොස් ඇත්තෙමි. නුතන මෙවලම් වූ අම්ලකර කට්ටල උපයෝගී කර ගැනීමකින් තොර ට මම අඩි 19,000 සිට 20000 දක්වා වූ උස කඳු තරණය කර ඇත්තෙමි. බොහෝ අවස්ථාවල මට ආහාර පවා නොලැබිණ. ඒ කෙසේ වෙතත් එවැනි අවස්ථාවල දී මට උපකාර ද ලැබී තිබේ. හිමාලය යනු මගේ ආධ්‍යාත්මික දෙමාපියන්ය. එහි වාසය කිරීම මට දැනුණේ මෑණියන්ගේ උකුල මත සිටින්නාක් මෙනි. ඈ මා හැදුවේ වැඩුවේ ඇගේ ස්වාභාවික වටපිටාවේ වන අතර මාගේ ජීවිතය එක්තරා රටාවකට සකසා ගැනීමට ඈ මා ප්‍රබෝධමත් කළා ය. මා දහහතර වැනි වියේ පසු වෙද්දී එක්තරා ඉර්ශීවරයෙක් මට භෝජා පත්‍රයක සටහන් කරන ලද යමක් දී ආශිර්වාද කළේ ය. පෞරාණික ලියැවීම් සටහන් කෙරුණේ භෝජා පත්‍ර නමින් හැඳින් වෙන ගසක පොතුවල ය. මා නොහඳුනන එකී ඉර්ෂීවරයා ලියා දෙන ලද භෝජා පත්‍රය අදත් මා ළඟ සුරැකි ව ඇති අතර එහි මෙසේ සඳහන් වේ. “ඔබට මේ මිහිතලය කුඩා වේවා ! ඔබට ආධ්‍යාත්මික මාර්ගයේ යාමට හේතු වාසනා වේවා !'” [අවාධුට්, ගංගෝත්‍රි 1939]. ඉර්දිවරුන්ගෙන් මා ලත් සෙනෙහස හිමාලයේ රිදී පැහැති ග්ලැසියර නිර්මාණය කර පසුව දහස් ගණන් දිය කඳුරු බවට පත් කෙරෙන සදාකාලික හිම මෙනි. සෙනෙහස මගේ ජිවිත ස්වාමිත්වයට පත් වූ විට බිය නොහඳුනන්නෙක් බවට පත් වූ මම දිය පහරවල් හා හිමෙන් වැසුණු ගිරි දුර්ග පසු කරමින් ගල් ගුහාවෙන් ගල් ගුහාවට සංචාරයේ යෙදුණෙමි.

    Original price was: Rs. 1,100.00.Current price is: Rs. 990.00.
  • -10%
    (0)

    ආකාස පාලුව – Akasa paluwa

    කල්පනාවේ ගැඹුරක ගිලී උන් තරින්දා මැද කාමරයෙහි තිර රෙද්ද මඳක් ඇත් කර බලා සිටියේ තනි අතින් බෝල කුඩුවේ එල්ලී හිඳින ළා නිල් පැහැති රේන්ද පටියකින් අත් කටත්, කර වටත් හැඩ කළ සුදු පැහැ රෑ ඇඳුම දෙසය. එය එතැන සුපිළිවෙළට එල්ලා අල්මාරියෙහි වූ අත් බෑගයත්, කණ්ණාඩි මේස ලාච්චුවෙහි වූ අත් ඔරලෝසුවත්, පටි දෙකේ රන්පා ජෝඩුවත්, කළු කුඩයත් රැගෙන එක්වරම ඒ අතුරුදන් වීම සිදු වූයේ මැදියමද, අලුයමද කියාය. හැඳගෙන යන්නට ඇත්තේ කුමක්දැයි නිශ්චය කර ගැනීමට තමාම ඇද බලනු ලැබූ ඇඳුම් ගුළි කර ඔබා ඇති දොර දෙකම හැර දැමූ අල්මාරිය. බිත්තියට හේත්තු වී හිඳින්නේ නිදහසේ අත් පා විදා උන් උස මහත අපිළිවෙළ ගැහැනියක මෙනි. පරඬැලක් සේ එහා මෙහා ඇවිදිමින් අහේතුකව බැණ වදින හඬක් ගෙයි කොයි මුල්ලකින් හෝ යළි මතු වෙනවා නම් යන සිතිවිල්ල ඇගේ උගුර සිර කරන්නට විය. ආලින්දයේ බිත්ති මුල්ලට කර තැබූ කනප්පුව මත තබා ඇති දුරකතනය අතට ගත් ඈ දෙගිඩියාවෙන් මෙන් අංක මත ඇඟිලි තෙරපන්නට වූවාය.

    Original price was: Rs. 1,150.00.Current price is: Rs. 1,035.00.
  • -10%
    (0)

    ඒ පොත නොහොත් සර්පයා මැරීම – E potha nohoth sarpaya marima

    පශ්චාත්තාපයේ මහා අන්ධකාරයේ අධිකතර වේදනාවේ නිමග්නව, වසර ගණනාවක් දිනව. බියගුලුව, මගෙන්ම සැඟවෙන්නට පොර බදමින් උන් මා. යන්තමින් ආලෝකයක් දකින්නට පටන්ගත්තා පමණි. ඒ මනස්තාපයේ, භයංකාර අඳුර පහ වෙමින් පවතී. දැන් මට ඒ ආලෝකය ඈතින් පෙනේ. එකවරම මැනවින් ද පෙනේ. සැබැවින්ම මම දැන් ඒ ආලෝකයෙහිම වෙමි. එනම්. ‘මම ‘ නොමැති බව තුළ මම වෙමි. මම වෙමිද නොවෙමිද නොවෙමි. ‘මා’ නොමැති බව පසක් වන මොහොතේම, මා ඇති බව හගින මා, උපදී. ඒ භව මතකයේ මහා පුරුද්ද හෙයින්මැ බව මේ ලියන මොහොතේම අවබෝධ කරගනිමි. එහෙයින්, එසැණින්, මේ පෑන් තුඩ කොළයේ පෘෂ්ඨය ස්පර්ශ කරන මොහොතේම නැවත නැවත ‘මම’ ආලෝකයෙහිම වන්නේය. එහෙත්, මෙතුවක් මා විඳි මහා වේදනාව, පීඩාව, ඉසිලිය නොහැකි කාංසිය, නොනිවෙන සේ දැවුණු මහා ගින්න, මේ තරම් ඉක්මනින්, සැණෙකින්, නිමේෂයකින් පහවිය හැකි යැයි විශ්වාස නොකරන සසර පුරුදු සංශයවාදී මා’ නැවත හටගෙන මා ඇති බවේ මුළා අඳුරෙහි නැවත මා ඇද දමන්නට උත්සාහ කරයි.

    Original price was: Rs. 1,500.00.Current price is: Rs. 1,350.00.
  • -10%
    (0)

    සැතපෙන තොටුපළ – Sathapena thotupala

    කවදාවත් හිතුවේ නෑ, මම මැරුණ කෙනෙකුට මේ තරම් ආදරය කරයි කියලා. ඇත්තටම මගේ ජීවිතේ මට ආදරෙත් එක්කවක්, මරණයත් එක්කවත් ප්‍රශ්නයක් තිබුණේ නෑ. මට ප්‍රශ්නයක් තිබුණේ ජීවිතේ ගැන. මිනිස්සු ඇයි මැරෙන්නේ? මට ඒක ප්‍රශ්නයක් වුණේ නෑ. ඇත්තටම ඇයි මිනිස්සු ජීවත් වෙන්නේ? මගේ ප්‍රන්නේ තිබුණේ එතැන. ඒ වුණාට මට කවදාවත් මැරෙන්න හිත හදාගන්න බැරි වුණා. මිනිස්සු මැරුණාම හරිම සාමකාමියි. මට එයාව මුණගැහුණේ එයා මැරිලා ඉන්නකොට ඒත්; එයා මාත් එක්ක ජීවත් වුණා. දැන් එයා මැරිලා. ඒත් මම තාමත් එයාත් එක්ක ජීවත් වෙනවා. ඇත්තටම ඒක අහම්බයක්. මට ඕන වුණේ නෑ ගෑණු නාන දිහා හොරෙන් බලන් ඉන්න. මොකක් දෝ කරුමෙකට එදා මම දන්නෙත් නැතිව මම දැක්කා, උන් නානවා. ඒ වුණාට ඊට කලින් මම ගෑණු නානවා ඕන තරම් දැකලා තියෙනවා. ඒ මම උන් නාන දිහා හොරෙන් බලන් ඉඳලා නෙවෙයි. මම හිටියා කියලා ගාණක් නෑ උන් උන්ගේ පාඩුවේ නෑවා. මම මගේ පාඩුවේ බලන් හිටියා. එදා වෙනසකට වුණේ මම උන් නාන දිහා හොරෙන් බලන් ඉඳපු එක විතරයි. එදා මට දැනුණේ කුතුහලයක්ම විතරයි. වෙන කිසිම විදියේ හැඟීමක් මට දැනුණේ නෑ. එදා මම හොරෙන් බැලුවා කියලා රෙද්ද උස්සන් ආපු ගෑණු වෙනදාට රෙද්ද උස්සන් මම ඉන්න තැනම ඕන තරම් නාලා තියෙනවා.

    Original price was: Rs. 400.00.Current price is: Rs. 360.00.
  • -10%
    (0)

    පර්ලිනා – Perlina

    කලක පටන් දැඩි හිරු රශ්මියත් සමඟ පොර බැදූ පොළව, නිවා සනහන්නට තරම් වරුසාවක් නොලැබූ කර්කශ පොළොවට උදලු පහරවල් කිහිපයක් එක පෙළට වැඳිනි. උදලු තලයේ වැදී පස් කැටිති දසත විසිරුනා මිසක පොළව පසාරු වන බවක් නොවීය. මද්දහන් හිරුගෙන් උණුසුම් වන වියළි සුළඟ. එළි පෙහෙලි කර සැකසූ හේන් අතරින් උජාරුවට සැරිසැරුවේය. අග්ගහ කැලයෙන් නැගුණු ගෝනෙකුගේ පොළුහංදීමකට හේනේ කොනක දළුපත් සොයමින් සිටි සාවෙකු බියපත් වී ගොල්ලකට වැදී සැඟව සිටියේය. ගම්මානයේ විසූ හේන් ගොවියන් මහමුකලන් බැසීම ඇරඹියේ එදිනය. ඒ වන විටත් යාය රාළට අක්වැස්සක හීන් ඉවක් පහළව තිබිණි. සුභ නැකතට වල් කොටන්නේ යායෙ රාළය. වල් කොටන්නේ රුක් අත්තන, පෙතං, පලු, බෝමි, කහට, ලෝලු, කොබ්බෑ, කුරටි, දෙමට යන ගස් වලින් තෝරා ගත් ගසකිනි. යායෙ රාළ විසින් පළමු වල් අත්ත කපන්නේ මරු සිටින දිසාවට පිටුපාය. මිනිසාගේත්, පරිසරයේත් සබැදියාවට ඇත්තේ දිගු අතීතයකි. එය සිහිගැන්වුමට යාය රාළ පළමු ව අත්ත කපා දමනුයේ දේව කන්නලව්වක් සමඟය පොසොන්, ඇසළ, නිකිණි මාස් වලදි නුවර කලාවියේ ඇත්තන් හේන් වල වල් කොටා, වල් වියළා, ගිනිලෑම අරඹයි.

    Original price was: Rs. 750.00.Current price is: Rs. 675.00.
  • -20%
    (0)

    සිතේ කෙටණූ දේවනගර – Sithe ketunu devanagara

    මතුපිට එකතු ව ඇති කඩිත්තක දිය නළියනවා සේ පෙනෙන තරමට දැඩි අව් රැසින් උණුහුම් වූ මාර්ගය ඔස්සේ ඈතින් ඇදි එන කුඩා වැන් රියෙකි. වනයේ දී නම් දිය නළියනවා සේ පෙනෙන හෙයින් මේ සැබෑ වතුර යැයි රැවැටී එහි වෙසෙන පිපාසිත මුවන් එය කරා දුව එතැයි පැවැසේ. එහෙත් මුවන් සමීප වන විට ඒ දිය තව තව ඈතට යේ. එහි ඇති මායාව එයයි. එය මායා – දියෙකි. වෑන් රියට ඉහළින් උස් අහස් කුස වටා රවුම් ගසන උකුස්සකු ඇයට පෙනේ. විහිදාගත් තම තටු නොසලා රවුමේ යන ඌ ඉහළට ඉහළට යයි. මායා දිය නොහොත් මිරිඟුව ඇති වනුයේත් උකුස්සාට පාවී ඉහළට යාමට වායු ප්‍රවාහය තනනුයේත් දහවල පොළොව රත් වී ඉහළට නැගෙන සංවහන වායු දහරායි. ඉහළට නැඟෙන වායු වැල් හඳුනාගෙන ඒ ආධාරයෙන් තටු නොගසා නොවෙහෙසී ඉහළට නැඟීමේ නුවණ උකුස්සා පරිණාමයෙන් ලත් වාසියෙකි. එහෙත් මුවා දිය මායාවට රැවැටී ඒ කරා යෑමෙන් මුදවා ගැනීමේ නුවණ ලබා දීමට පරිණාමයට නොහැකි විය. වෑන් රිය නතර කළ විට දරුවෙක් රියෙන් බැස්සේ ය. ඒ හාම බැසගත් කාන්තාවක – බස් රියදුරුගේ බිරින්දෑ – පාරෙන් මෙපිටට පුතු සමඟ විත් යුහු යුහු ව ආපසු ගියාය. දරුවා තම එක් අතක් පද්දමින් ගේට්ටුව කරා ඒ. ගේට්ටුවෙන් ඇතුළත නා නා තරමේ අනේක ගස් ගහන ගෙවත්තේ අඳුරු ගොම්මනේ ඇති උස් සොල්දර ගෙයක පහත මාලයේ ජනේලයෙන් ඇය බලාගෙන සිටින්නීය.

    Original price was: Rs. 1,200.00.Current price is: Rs. 960.00.
  • -20%
    (0)

    ස්වප්නේෂ්වර – Swapneshwara

    සුන්දරමානගේ අඩි දික් විය. දිගු අඩි හෙමින් හෙමින් පින්න වැටුණු පඳුරු මත තැබූ පය එස වූ විට ඊට සමාන ව තැළී ගිය තණකොළ මත පාද සලකුණු, එක පේළියට දිස් වෙමින් තිබුණි. එය හෙමින් සේ ගිය ඉක්මන් ගමනක් විය. පාද මාරු වුණේ වේගයෙනි. උරහිසකින් රුරා හැලුණු රෙදි පොට ඔහු ගසා දමා යළිත් උර මත රඳවා ගත්තේය. තමන් එළි බැස්සේ කළු කහ එළිය වැටෙන ජාමයේ ය. තවමත් තමන් පසු කරන්නේ පෙරදා රැයේ සිහිනයෙන් කී මග විස්තරය යි. ඔහුට දියකව හමු විය. ඉන් එතෙර වෙද්දී තෙමුණු සරමේ වාටිය වියළී ගොසිනි. තවත් දුරක් යද්දී පොල් ඉරටු පෙනෙන යාමයේ ළා හිරු රැස් රුස්ස ගස් අතරින් ඔහු කරා ගලා ආවේ ය. රූස්ස නැගි ගස් අතරින් ඔහු අහස බැලි ය. හිරු ආලෝකයෙන් අලංකාර වෙමින් සිටී. දුර ඈතින් වැටෙන හිරු එළිය ගසක අතු අතර රැඳුණු පිනි බිඳුවලට දිලිසෙන හැටි කියා දෙමින් තිබුණේය. නැඩ දඬු ලේනෙක් අත්තකින් අත්තකට පැන්නේ පහළින් දිගු අඩි තබමින් යන සුන්දර මානයන්ට බියෙනි. අතු එකින් එක සෙලවී ගියේ ය. අතුවල රැඳුණු පිනි බිඳු මුතු වැස්සක් සේ පහළින් යන සුන්දරමානගේ හිස මතට වැටෙමින් තිබුණි. ඔහු හිස ගසා දැමුවේ ය. දිගු කෙස් වල්ල වටයක් කැරකැවිණි. කැරකුණු කෙස් මත රැඳුණු පිනි ඔහුට පෙරින් විසි වී ගියේ ය. ඔහු එය දුටුවේ පිනි මත පතිත හිරු එළියෙන් දිලිසී යද්දීය.

    Original price was: Rs. 1,300.00.Current price is: Rs. 1,040.00.
  • -10%
    (0)

    සී+ C+

    අද හවසට ලෙක්චර්ස් ඉවර වෙලා කලම්බු සිටි සෙන්ටර් යමුද? මට ඇඳුමක් ගන්න? ” දිල් බබළන දෙනෙතින් ප්‍රශ්න දෙකක් යොමු කළා. ” ඒ පාර මොකාටද එන්න හදන්නේ?” පිළිතුර විදියටත් මටත් තිබුණේ නාහා ඉන්න බැරි ප්‍රශ්නයක්. ඇගේ මුහුණේ දීප්තිය මොහොතකට අතුරුදහන් වී යළි දැල්වුණා. දිල්ට සුපිරිසාප්පු සංකීර්ණ ඇල්ජික්. මාක්ස් ආගම අබිං කිව්වේ කෙසේද, එලෙසම දිල්ට ඉහළ පන්තියේ අරුමෝසම් සාප්පු සවාරි අරහං. කොළඹ පැමිණි පසු ඇය විශ්ව විද්‍යාලයට අයත් කොළඹ හතේ ශිෂ්‍ය නේවාසිකාගාරයක නවාතැන් ගත් මුත්, ඇඳුම් ගත්තේ මහරගම පමුණුවේ තොග රෙදි මධ්‍යස්ථාන වලින්. අන්තිමට බොම්බෙ ස්වීට් කඩේකින් ෆලූඩා දෙකක් බොන්න සල්ලිත් ඉතිරි කරගන්නවා. අනතුරුව මහරගම මංගල මාවතේ පිහිටි අපගේ නිවසට දෙන්නත් එක්ක පයින්ම යනවා. ටුක් ටුක් එකක යෑම සඳහා මගේ මුදල් පවා වියදම් කිරීම පාප කර්මයක් කියලයි ඈ හිතු වේ. මුදල් යහමින් අතේ තිබුණොත් දිල් මා සමග බම්බලපිටියේ හවුස් ඔෆ් ෆැෂන් රෙදි සාප්පුවට ගාටනවා. එදාට ඈ ගාව මුදල් ඉතිරි නොවුණොත් මං ගානේ අරන් දෙනවා කෙටි කෑමක්. හැබැයි ඒකට දිග කතාවක් අහගන්න වෙනවා. ” අයියෝ ෆැබ් කඩේ හරි ගණන්. අපිට පෙරේරා ගාවට යන්න තිබුණේ ” ඈ කණගාටු වෙනවා.

    Original price was: Rs. 1,490.00.Current price is: Rs. 1,341.00.
  • -10%
    (0)

    මම ගමේ ගම මගේ – Mama game gama mage

    කොස් බෙනයේ සිටින දොළ පිදේනි දී යකා පන්නමු පොඩි නැන්දා තාත්තාගේ ඥාති සහෝදරියකි. පිලකින් සහ විශාල ඉස්තෝප්පුවකින් ඉදිරි පස ද, සාලය සහ කාමරය පසු පස කුස්සිය ද ඇති එම නිවෙස ගමෙහි පොදු නිවෙස්හි සැලැස්ම ගත්ත ද එම නිවෙසට තව එබඳුම නිවෙසක් ඈඳා ඇත. එම නිවෙස් දෙකෙහි අක්කා සහ නංගී ජිවත් වූ අතර ඒ දෙදෙනා ම විවාහ වී සිටියහ. පොඩි නැන්දාගේ සාලයෙහි බක්කි කරත්තය නිතරම විරාජමානව සිටිය ද එය වස්සකු බැඳ පාරේ ගිය දිනයක් මට මතක නැත. එම නිවෙස පසු පස විශාල කොස් ගසක් විය. පරම්පරා ගණනක් පරණ එම කොස් ගසෙහි වූ විශාල බෙනය කිසිසේත්ම අමතක කළ නොහැක. කොලු කෙල්ලන් කොපමණ සෙල්ලම් කළත් එම කොස් ගස අසලට නම් අහම්බෙන්වත් යාමට දැක්වූයේ බියකි. එම ගස අසලට කාන්තාවක් කොසයක් කැඩීමට ගියත් තනියෙන් ගියේ නැත. තවකකු සමග යාමට පුරුදු වී සිටි අතර කෙනෙකු නැතිනම් ඒ මොහොතෙහි පාරෙ යන කෙනෙකු හෝ සමග යාමට පුරුදු වී සිටියාය. එම ගස සහ බෙනය එතරම් ගුප්ත වුවකි. මාටින් මහප්පා දින දෙක තුනකට පෙර නැන්දලාගේ නිවෙසට පැමිණි විට අප නිවෙසට ද පැමිණියේ ය. එය ඔහුගේ සිරිතකි. නංගීට සනීප නැහැ. තොවිලයක් කරන්නයි හදන්නේ.

    Original price was: Rs. 600.00.Current price is: Rs. 540.00.
  • -20%
    (0)

    මද්දලේනාගෙන් හාදුවක් – Maddelenagen haduwak

    ඔන්න ඔහොමයි වුණේ.. 1945 සැප්තැම්බරයේ දිනක. දොස්තර ෆැබියානෝ දොරෙන් ඇතුළු වෙන්න පෙරාතුවෙන් විදුලි සීනු බොත්තම තුන් පාරක් තද කළා. ඉදිරිපස කාමරේ තුබුණ කවිච්චියක වාඩි වෙලා නියපොතු විකන ගමන්, හිස් බැල්මෙන් ඔහේ බලාගත්තු අත බලාගෙන හිටපු කොන්සෙටා ලියෝනිට මේ වෙද්දි බාගෙටත් වඩා ටිකක් වැඩියෙන් පිස්සු. පහු ගිය කාලෙ පුරාවට මූණපාන්න සිද්ධ වෙච්චි දේ එක්ක ඈට ඉහේ කෙස් ගැන ආසාව අත අරින්න වුණා. ඒවා ඔහේ වැටී වැටී නැත්තට ම නැති වෙලා ගියා. මේ කමිසෙ, මගෙ පුතා දැකල අරන් ඇවිත් තිබුණා. දොස්තර මහත්තයා කතාව පටන් ගත්තා. මිනිහ සෙල්ලම් කර කර ඉඳල තියෙන්නෙ ගඟට ඉහළ බෑවුමේ. හරි නම් යන්ඩ සුදුසු නෑ තමයි. ඒත් ඉතිං කොලු වයස නෙ. එතකොට තමයි ඉවුරෙ ගල් දෙකක් අස්සේ මේ කමිසෙ තියෙනව පෙනිලා තියෙන්නෙ.” කමිසේ ඉදිරි පැත්තෙ හරියටම විශාල දතක හැඩේට වියළුණු ලේ පැල්ලමක් තිබුණා. කොලුවා ගෙදර උස්සන් ආපු කමිසෙ දොස්තර මහත්තය කොන් සෙටාට පෙන්නන්න අරන් ඇවිත්. ඈ ඉස්සරහ හිටගත්තු දොස්තර ෆැබියානෝ. කොන් සෙටාට පේන්ඩ කමිසෙ දිග ඇරලා දෙපාරක් විතර ඒ මේ අත හරවලා අල්ලගෙන ඉන්න ගමන් ඉරිච්ච කමිස අතයි. ලේ පැල්ලමයි නූල් දිය වෙච්ච කමිස කරයි පෙන්නුවා. “නෝනා, මට කියන්න. මේක ඔහේගෙ පුතාගෙ නේද?’ ඒ ගමන කොන්සෙටා අත් දෙකෙන්ම කමිසෙ අරන් නාසයට ළං කරල ඉව කළා. කමිසෙ කිහිලි දෙකත් ඉඹලා බැලුවා. “නෑ. කමිසෙ ආපහු දොස්තරට දෙන ගමන් ඈ කිව්වා.

    Original price was: Rs. 1,400.00.Current price is: Rs. 1,120.00.
  • -20%
    (0)

    සංගිලිපාලම – Sangilipalama

    අසනි වැස්සක් වැටිණ. දෙපත් කපාගෙන ඇද හැළුණු මහ වැස්ස, දෙරණ බිලිගන්නට එන්නා වූ රකුසෙකුගේ විලාසය ගනී. වැස්ස තුරල් වන පාටක් නැත. සඳුනි දෙපාරක් පාපිස්සේ  හප්පා ආපසු හැරී බැලුවාය. වැස්ස තමා පසුපස හඹා ආයේ සතුරෙකු පරිද්දෙනි. හිටි ගමන් ඇද හැළුණු වැස්සට ඈ බිය වූවා ය. ඈ කවදත් වැස්සට බිය ය. විළිරුදාවෙන් පෙළෙන ගැබ්බර අහස අකුණු ගසන විට ඈ තිගැස්සුණාය. වැස්සේ තෙත බරිත වෙමින් ටික දුරක් පැමිණි ඈ හිස ගස්සා ආපසු බැලුවා ය. ඇගේ දෙනෙතේ තිබුණේ බියකි. සතුරු සේනාවක් වෙඩි තබමින් කෑ මොර දී තමා පසුපස හඹා ආ කලෙක ඔවුන්ගෙන් බේරුණාක් වැනි හැඟීමක් ගෙට ගොඩ වූ සැණින් ඇයට දැනිණ. ඉස්තෝප්පුවේ කොට තාප්පයේ වාඩි වී සිටි රංග අයියා දෙසට ඈ හෙළුවේ ජයග්‍රාහී බැල්මකි. එහෙත් ඔහුගේ අවධානය ඇය වෙතට යොමු වුයේ නැත. ඇගේ ගෑවෙන සීමාවට රංග අයියා දෙසට කිට්ටු වූ සඳුනි, ඔහුගේ අවධානය උදුරා ගන්නට තැත් කළාය. එහෙත් රංග, නිනව්වක් නැති මහ වැස්ස දෙස අපේක්ෂා භරිතව බලා සිටියේ ය. කොට තාප්පය මත සඳුනි සටහන් මිටිය තැබුයේ කනස්සල්ලෙනි.

    Original price was: Rs. 850.00.Current price is: Rs. 680.00.
  • -10%
    (0)

    විස්කම් යතුරු සහ අකුණු කන්ද – Viskam yathuru saha akunu kanda

    සමුද්‍ර දේශයෙන් සහ මිතුරු මිතුරියන්ගෙන් සමුගැනීමේදී සියුම් සංවේගයක් සිතට පාවී ආවද කලකට පසු දෙමව්පියන් සහ සොයුරිය හමුවීමේ සතුට තමාව වෙළාගෙන ඇතැයි සඳරුට සිතිණ. එදින උදෑසනම සිය නිවස කරා පැමිණි සඳරු මව්පියන්ගේ සහ සොයුරියගේ නිම නොවන ප්‍රශ්නාවලියට මුහුණ දීමට බලාපොරොත්තුවෙන් සිටියේය. එහෙයින් සමුද්‍ර දේශයේ ගත කළ අවසන් දින සැඳෑව ඔහු ගත කළේ අද දිනයේ ඔහු ඉදිරියේ දිග හැරෙන ඕස්ට්‍රේලියාව පිළිබඳව සැකසුණු ප්‍රශ්න පත්තරයට දක්ෂ ලෙස පිළිතුරු සැපයීමට හැකි වන සේ සාක්ෂි එක්රැස් කරමිනි. සිධාර්තා සහ තේජන විසින් ගෙනෙන ලද ඕස්ට්‍රේලියානු තෑගි බෝග රාශියක් ඔහුගේ ගමන් මල්ලෙහි වූයේය. එමෙන්ම පරිගණක භාවිතයෙහි විශිෂ්ටතමයා වූ තරු ප්‍රභාගේ උපකාරයෙන් තමාගේ සහ අනෙකුත් මිතුරු මිතුරියන්ගේ ඡායාරූප, ඕස්ට්‍රේලියාවේ ඡායාරූප හා එකතු කර නිර්මාණය කරන ලද අලුත්ම ඡායාරූප පිරි කවරයක්ද ඔහු සතු විය. ඕස්ට්‍රේලියාව පිළිබඳ සොයාගත් තොරතුරු මෙතෙහි කරමින් ඔහු තම නැගණිය වූ සදෙනි සමඟ පිළිසඳර ආරම්භ කළේ ඡායාරූප සහිත කවරය ඇය අත තබන ගමන්ය. ඇය ඒවා එකිනෙක නරඹන අතරතුර පළමු පැනය සඳරු වෙත ඉදිරිපත් කළාය.

    Original price was: Rs. 1,250.00.Current price is: Rs. 1,125.00.
  • -20%
    (0)

    ඇල්බට්වරුද මනුෂ්‍ය‍යෝය – Albertwaru da manushyoya

    ගින්දර සොයාගෙන ගංගා අසබඩ පදිංචි වී ශිෂ්ටාචාර ගොඩනැංවූ ඒ ආදි මාත්‍යාවරුන්ට හා පීතෘවරුන්ට ඩබල් ගැට ඇලපිල්ලක තරම්වත් උපහාරයක් පුදනු වස් තම නාන කාමරයේ සින්ක් එක මත නොනිවෙන ඉටිපන්දමක් දල්වා තැබීමට ඇයට අවශ්‍ය විය. එහෙත් ඒ සඳහා ඉටිපන්දම් රඳ වනයක් භාවිත කිරීම හෝ වැඩේ දී අවසන් වූ ජෑම් බෝතලයක් වැනි යමක් භාවිත කිරීම ඇයට පෙනුණේ රන් පතක් පුදන්නට පොරොන්දු වී කාරිය කෙරුණු පසුව ගෝල්ඩ් ලීෆ් සිගරැට්ටුවක් පුදන්නාක් බඳු සුනඛ කෘත්‍යයක් ලෙසිනි. එමෙන්ම ඒ සින්ක් එක. තමන්ට බැස නෑමට ප්‍රිය උපදවන සින්ක් එකක් විය යුතුය යන්න ඇගේ අවශ්‍යතාවේ අනුල්ලංඝනීය මූලික කොන්දේසියක් විය. ඒ නිසා ක්‍රියාදාම චිත්‍රපටයක වීරයා, දුෂ්ටයන් විසින් පැහැරගනු ලැබූ තම පෙම්වතිය සොයා යන්නා සේ ඉටිපන්දම් රැඳවීම සඳහා වෙනම කොටසක් පෝසිලේනයෙන්ම සැකසූ සින්ක් එකක් සොයා යාම තම ජීවිතයේ පරමාර්ථය කර ගැනීමට කෙට්ටු චුට්ටා අධිෂ්ඨාන කරගත්තාය. මේ සඳහා ඇය ගත් පළමු උත්සාහයේදී නාවල සුප්‍රකට ටයිල් කඩයක සේවිකාවක ඇයගෙන් ඇසුවේ, බාත්ටබ් එකක් සවි කර කැන්ඩ්ල හෝල්ඩරයක් තබා ඉටු කර ගත හැකි ආශාවක් වෙනුවෙන් හොටක් වැනි යමක් සහිත සින්ක් එකක් සොයන්නේ මොන මඟුලකටද යන්නයි.

    Original price was: Rs. 1,950.00.Current price is: Rs. 1,560.00.
  • -10%
    (0)

    දෙහි – Dehi

    වැව් ඉහත්තෑවෙන් එන වැහි කුණාටුව දුටු සමන්මලී පය ඉක්මන් කළාය. හෝ හඬ නඟමින් ගසාගෙන පැමිණි මුරු ගසන් වරුසාව වැව් කණ්ඩිය පසු කළේ සමන්මලීට වඩා ඉස්සර වෙමිනි. බොරළු කැට වැනි වැහි බිඳු වැටීමෙන් ඉහළ නගින දූවිලි පුසුඹ ඉව කළ සමන්මලී හැල්මේ දුවන්නට වූවා ය. තෙමුණත් කමක් නැත. ඒත් තමන් අතේ වු කරදහි මල්ල නොතෙමි රැක ගන්න තිබුණොත් ඇතැයි සමන්මලී සිතුවාය. මොරසූරන වැසි දියෙන් තෙත බත් වූ සමන්මලී තුළ වැස්ස ගැන අබමල් රේණුවක තරම් වත් කෝපයක් ඇති නොවුණි. සමන් මලීට පමණක් නොව. ඒ මේ පළාතේ කවරෙකුට වුවද පොදු වූ හැඟුමෙකි. වැහි කාලය එළැඹෙන තෙක් අහසට නෙත් යොමා ගෙන සිටින, අඩියට දිය සිදී ගත් වැව් පතුළ, කරවී කේඩෑරි වී දුඹුරු පැහැය තවරා ගත් ගහකොළ තරමටම මේ ගම්වල මිනිස්සු වැස්ස අපේක්ෂා කළෝය. පැලට ගොඩ වෙන විට සමන්මලීගේ ඉහින් කනින් දිය බේරෙයි. අක්කේ මොනවයි මට කන්න ගෙනාවේ….?” බාලයා සමන්මලී අසල දැවටුණාය. සව් බොරෝ වගයක් ඇති…….නංගිටත් දීලා කන්න….” දිය බේරෙන ඇඳුම් උනා දැමු සමන්මලී සායම් දිය වී පැල්ලම් මතු වුණු පරණ චිත්ත ගවොම ඇඳ ගත්තාය.

    Original price was: Rs. 645.00.Current price is: Rs. 580.00.
  • -20%
    (0)

    යකඩ සිල්පර – Yakada silpara

    පඬු පැහැ එළිය විහිදවමින් දිලිසෙයි. මහ මුකළානේ පලු,වීර,කෝන්, මොර, මී කොහොඹ කුඹුක් ගස් යෝධයින්ගේ අතු පතරට යටාවතින් වූ අඳුර පලවා හැරීමට හීන් අඩ සඳ පළුවට නොහැකිය. ගස් ගොම්මනේ වූ අඳුර අතර කුඩා දිය ඇල්ලක් වගේ සැරිසරනා කණාමැදිරියන් රෑන දෙස රුත් ඇලීසියා විලියම්සන් බලා සිටියාය. ඇය සිටියේ නවතා ඇති දුම්රිය මැදිරියකය. රැයින් අඩකටත් වඩා නිදිවරා සිටිය ද ඇගේ දැස් වලට අල්ප මාත්‍රයක හෝ නිදිබරක් නොදැනිණ. ඊට හේතුව තම ස්වාමි පුරුෂයා වූ ඩන්ස්ටන් මුලර්ගේ දිනපොතේ ලියා තිබූ කැලෑ මිනිසා පිළිබඳ වූ කුතුහලයයි. දසතින් දෝංකාර දෙන රෑහි හඬ ඉඳ හිට නැඟෙන කිරළුන්ගේ කැරැව්වෙන් මඳකට යටපත් වෙයි. තරමක් ඈතින් බකමුණු යුවළකගේ හීන් බුම්මන් හඬ ඇසෙයි. රූත් තමාගේ හිස වටා කැරකෙමින් සිටි මදුරුවන් කීපදෙනෙකු අතවනා පන්නා දැමුවාය. එහෙත්, මදුරුවන් මඳ වේලාවකින් යළිත් පැමිණ අමිහිරි හඬ නඟමින් ඇගේ හිස වටා කරකැවෙන්නට වූයෙන් ඇය දුම්රිය කවුළුවේ වීදුරු ජනේලය පහත් කර දැමුවාය. ඒ විසිවන සියවසේ මුලයි. ඒ අවධියේ ගමන් බිමන් යාම කළේ තිරික්ක වලින් වන අතර බඩු ගෙන ගියේ අඹරා කරත්ත වලිනි.

    Original price was: Rs. 900.00.Current price is: Rs. 720.00.
  • -20%
    (0)

    පීඩිතයෙක් නොවන්න.වීරයෙක් වන්න – Peedithayek nowanna.Weerayek wanna.

    ඔබ මිය යා යුතු හේතු කාරණයක් ඔබ හඳුනාගෙන නැත්නම් ඔබ ජීවත් වීමට සුදුස්සෙක් නොම වෙයි. ” යනුවෙන් මාටින් ලුතර් කිං (කනිෂ්ඨ) පවසා ඇත. ‘ඔබ විශිෂ්ටයෙක්’ යන අදහස තහවුරු කිරීම වෙනුවෙන් යමක් කොට මිය යනු කැමැත්තෙමි. ඔබ සිටින්නේ අතීතයේ ජීවත් වූ විශිෂ්ට පුද්ගලයන් විසින් කරනු ලැබ ඇති මග පෙන්වීමට අනුව අපූර්ව කාර්යයක් කිරීමටය. සුවිශේෂ අත් දැකීම් අත්කර ගැනීමටය. විශ්වය තුළ පවත්නා රහස් හෙළිකර ගැනීමටය. එය ඔබට කාවැද්දීමට ඕනෑම දෙයක් කිරීමට මම සූදානම්ව සිටිමි. මේ පෘථිවියේ පුරවැසියෙකු වශයෙන් ඔබේ උපරිම හැකියාව භාවිතයට ගෙන, ආශ්චර්යවත් ප්‍රගතියක් අත්කර ගනිමින් ඔබේ සොයුරු සොයුරියන්ගේ ජීවිත ඉහළට ගෙන ඒම ඔබේ වගකීමක් වෙයි. ස්වභාව ධර්මය විසින් ඔබ කවරාකාරයකින් හසුරුවනු කරනු ලැබුවත්, ඒ ගැන නොතකා, ඔබේ අතීතය ගැන ද නොසලකා. හෙට දිනය සාර්ථක කර ගැනීමට අද දිනයේ කළ යුතු කාර්යය ඔබ විසින් ඉටු කරනු ලැබීම අවශ්‍යය. අපේ වර්ණය, උස මහත, ලිංග භේදය, ආගම්, ජාති අපි ප්‍රදර්ශනය කරමින් සිටිමු.

    Original price was: Rs. 1,400.00.Current price is: Rs. 1,120.00.