• -15%
    (0)

    විශිෂ්ට පියවර

    හැකියාව ලාභ භාණ්ඩයක්
    එපා වෙන්න කලින් නවත්වන්න
    කියවන්න එපා. ප්රතිඵලය පෙන්වන්න
    මෘදු වතුර ගලා යන්නේ රළු ගල් මතින්
    කුමාරයෙක් නොවී ග්ලැඩියේටර් කෙනෙක් වෙන්න
    Original price was: Rs. 600.00.Current price is: Rs. 510.00.
  • -20%
    (0)

    විශ්ව ආකර්ෂණ නීතිය – VISHWA AKARSHANA NEETHIYA

    ඔබේ යටි හිත විශ්වයේම කොටසකි. එයට අපිරිමිත බලයක් ඇත. මුලින්ම අප එය හඳුනාගත යුතුය. එය විශ්වාස කළ යුතුය. විශ්ව ආකර්ෂණ නීතිය යනු ඔබ, ඔබගේ යටි හිත මගින් ඔබේ අරමුණු සාක්ෂාත් කරගන්නා ප්‍රබල ක‍්‍රමවේදයකි. මේ තුළ යම් අදෘෂ්‍යමාන ස්වභාවයක් තිබෙන බව පෙනෙන නමුත්, මෙය විද්‍යාත්මක සංකල්පයක් සහ ක්‍රියාවලියකි.

    Original price was: Rs. 1,200.00.Current price is: Rs. 960.00.
  • -20%
    (0)

    විෂ් – Wish

    මූසල මීදුම මුළු පරිසරයම වෙළාගෙන තිබුණි. සුදු හා කළු වස්ත්ර හැඳගත් ගැහැනු හා පිරිමි මීදුම් කළුවර අතරින් සුවිසල් මැඳුරින් පිටතට පියමං කළේ දේහය රැගත් වාහනය පිටුපසිනි. මීදුම මැදින් ගලනා සීතල සුළං ධාරාව කියා පෑවේ සොඳුරු යෞවනයකුගේ වියෝව පරිසරයටද දරාගත නොහැකි බවය. වසර ගණනාවක් පුරා සිදු වූ සියලු හැලහැප්පීම් හා රහස් දරාගෙන සුවිසල් මන්දිරයටද නිසලව බලා සිටිනවා හැර කරන්නට වෙනත් යමක් නොතිබුණි. ඒ සුවිසල් මැඳුරේ බිත්තිවලට කතා කළ හැකි නම්, මෙතෙක් කාලයක් පුරාවට වූ මහා ඛේදවාචක නොබියව ලොවට පවසනු ඇත. එහෙත් ඒ වන විට සියල්ල සිදු වී හමාරය

    Original price was: Rs. 1,100.00.Current price is: Rs. 880.00.
  • -10%
    (0)

    විසල් නුවරක ආදරය – Visal Nuwaraka Adaraya

    පාන්දර හතරයි විස්සයි. මට ගෙදර නැතිව වෙන කොහේ හරි යන්න උවමනා වුණා. හදිසියේම සියොල් නගරය මෙච්චර ලස්සන වුණේ ඇයි? කලින් කිසිම විශේෂයක් නොතිබුණ දේවල් දැන් පුදුම සහ විශේෂ දේවල් විදියට මට පේන්න අරං.
    මොකක්ද දැන් ඔයාගෙ හීනේ?
    මගේ හීනේ…සල්ලි ගොඩක් හම්බ කරන එක. තව… උදේ ඉර පායන වෙලාවට ඔයා එක්ක මෙහෙම ඇවිදින එක.
    ඒත් ඇත්තටම ආදරේ ලස්සනද? මට නම්, ආදරේ කියන්නේ වතාවක් ආදරේ කරන්න ගන්නට පස්සෙ නවත්තගන්න බැරි දෙයක්. ඔයාට ඒකෙන් ගැලවෙන්න පුළුවන් කෙටි මොහොතක් එන්නේ ඒක හිතාගන්න බැරි තරම් භයානක දෙයක් වුණාට පස්සෙයි.

    Original price was: Rs. 1,450.00.Current price is: Rs. 1,305.00.
  • -10%
    (0)

    විස්කම් යතුරු සහ අකුණු කන්ද – Viskam yathuru saha akunu kanda

    සමුද්‍ර දේශයෙන් සහ මිතුරු මිතුරියන්ගෙන් සමුගැනීමේදී සියුම් සංවේගයක් සිතට පාවී ආවද කලකට පසු දෙමව්පියන් සහ සොයුරිය හමුවීමේ සතුට තමාව වෙළාගෙන ඇතැයි සඳරුට සිතිණ. එදින උදෑසනම සිය නිවස කරා පැමිණි සඳරු මව්පියන්ගේ සහ සොයුරියගේ නිම නොවන ප්‍රශ්නාවලියට මුහුණ දීමට බලාපොරොත්තුවෙන් සිටියේය. එහෙයින් සමුද්‍ර දේශයේ ගත කළ අවසන් දින සැඳෑව ඔහු ගත කළේ අද දිනයේ ඔහු ඉදිරියේ දිග හැරෙන ඕස්ට්‍රේලියාව පිළිබඳව සැකසුණු ප්‍රශ්න පත්තරයට දක්ෂ ලෙස පිළිතුරු සැපයීමට හැකි වන සේ සාක්ෂි එක්රැස් කරමිනි. සිධාර්තා සහ තේජන විසින් ගෙනෙන ලද ඕස්ට්‍රේලියානු තෑගි බෝග රාශියක් ඔහුගේ ගමන් මල්ලෙහි වූයේය. එමෙන්ම පරිගණක භාවිතයෙහි විශිෂ්ටතමයා වූ තරු ප්‍රභාගේ උපකාරයෙන් තමාගේ සහ අනෙකුත් මිතුරු මිතුරියන්ගේ ඡායාරූප, ඕස්ට්‍රේලියාවේ ඡායාරූප හා එකතු කර නිර්මාණය කරන ලද අලුත්ම ඡායාරූප පිරි කවරයක්ද ඔහු සතු විය. ඕස්ට්‍රේලියාව පිළිබඳ සොයාගත් තොරතුරු මෙතෙහි කරමින් ඔහු තම නැගණිය වූ සදෙනි සමඟ පිළිසඳර ආරම්භ කළේ ඡායාරූප සහිත කවරය ඇය අත තබන ගමන්ය. ඇය ඒවා එකිනෙක නරඹන අතරතුර පළමු පැනය සඳරු වෙත ඉදිරිපත් කළාය.

    Original price was: Rs. 1,250.00.Current price is: Rs. 1,125.00.
  • -10%
    No thumb
    (0)

    වෘක අභය භූමියේ සැගවුනු රහස – නැන්සි ඩ්‍රෝ – Wurka abaya bhumiye sagawunu rahasa

    හායි හැමදෙනාම මේක දිහා බලන්න ජෝර්ජ් ෆෙයින් කීවාය ඇගේ දුඹුරු පාට දෑස උද්දාමයෙන් දිලිසෙයි එසේ කියන ගමන් ම ඈ පසෙක තිබූ මොන්රෝස් කුරියර්’ පුවත් පතේ කාලගුණ විස්තරය කියවන්නට වූවා ය. දැන් ඔවුන් සිටින්නේ මොරිස් පළාතේ තිබෙන කුඩා ගුවන්තොටු පොලකයි. ගමන් මළු පැමිණෙන තෙක් ඔවුන්ට තවත් ටික වෙලාවක් බලා සිටින්නට සිදු වෙයි. මොන්රෝස් වලට අද රෑට හිම වැටෙනවා කියලා පත්තරේ තියෙනවා.

    Original price was: Rs. 700.00.Current price is: Rs. 630.00.
  • -20%
    (0)

    වෙරළබඩ නගරයේ කුඩා නිවහන – Weralabada nagaraye kuda niwahana

    ශනිදා පවුල අ ම්මා මුළුතැන්ගෙයි ජනේලයෙන් එබී පිටත බලා ” බින්ස් ටික පිඟන්වලට බෙදන්ඩ වෙලාව හරි චාලට්” යි කීවාය. එහි තේරුම චාලට් දැන සිටියාය. එදා සෙනසුරාදා රාත්‍රියකි. තාත්තාත් පිරිමි ළමයිනුත් දැනටමත් කම්මලේ සිට ගෙදරට එමින් සිටිනවා ඇති. සාමාන්‍යයෙන් තාත්තා පිටත මඩුව ළඟ නැවතී මුහුණ සහ අත් සෝදා ගත් පසු ලුයිස් සහ ටොම්ගේ වාරය එළඹේ. ඔවුන් කම්මලේ වැඩ කිරීමෙන් තවරා ගත් දුඹුටු සියල්ල සෝදා හැර අවසන් වන මොහොත වන විට අම්මා හැම පිගානකටම දුම් දමන බේඩ් බින්ස් පුරවා අවසන් කරන්නීය. සෙනසුරාදාට සාදනු ලබන විශේෂ රෑ කෑම වේලෙහි අනිවාර්ය අංගයක් වුයේ බේන්ඩ් බින්ස්ය.

    Original price was: Rs. 850.00.Current price is: Rs. 680.00.
  • -20%
    (0)

    වෙරළබඩ නගරයේ කුඩා නිවහන – Weralabada Nagaraye Kuda Niwahana

    අම්මා මුළුතැන්ගෙයි ජනේලයෙන් එබී පිටත බලා ” බීන්ස් ටික පිඟන්වලට බෙදන්ඩ වෙලාව හරි චාලට් ” යි කීවාය. එහි තේරුම චාලට් දැන සිටියාය. එදා සෙනසුරාදා රාත්රියකි. තාත්තාත් පිරිමි ළමයිනුත් දැනටමත් කම්මලේ සිට ගෙදරට එමින් සිටිනවා ඇති. සාමාන්යයෙන් තාත්තා පිටත මඩුව ළඟ නැවතී මුහුණ සහ අත් සෝදා ගත් පසු ලුයිස් සහ ටොම්ගේ වාරය එළඹේ. ඔවුන් කම්මලේ වැඩ කිරීමෙන් තවරා ගත් දුඹුටු සියල්ල සෝදා හැර අවසන් වන මොහොත වන විට අම්මා හැම පිඟානකටම දුම් දමන බේල්ඩ් බීන්ස් * පුරවා අවසන් කරන්නීය. සෙනසුරාදාට සාදනු ලබන විශේෂ රෑ කෑම වේලෙහි අනිවාර්ය අංගයක් වූයේ බේන්ඩ් බීන්ස්ය.
    මීට අවුරුද්දකට කලින් චාලට් සිව් හැවිරිදි වියට එළඹුණු දා සිට ඇයට පැවරුණු රාජකාරියක් වන්නේ මෙවැනි වේලාවට අල්මාරියේ රාක්කවල ඇති පියුටර පිගන් ළිප ළඟ සිටින
    Original price was: Rs. 850.00.Current price is: Rs. 680.00.
  • -20%
    (0)

    ශාපලත් පැපිරසය Shapalath Pepiras

    සමහර පුරාවිද්‍යාඥයින් විසින් ඇලඩින්ගේ ගුහාව ලෙස නම් කරන ලද කයිරෝ කෞතුකාගාරය තුළ ඇබොට් පැකෝමාස් අමුතු පණක් ලද්දකු සේ ඇවිදිනු පෙනුණි.
    එහි රැස්කොට තිබූ ඇදහිය නොහැකි තරම් ප්‍රමාණයක් වූ අතිශයින්ම වටිනා විශිෂ්ට කලා කෘති අසල, ඔහුට අළුත් ශක්තියක් ඉපදී තිබුණේය. හරියටම ඔහුට එම රාජ්‍යයේ අමරණීයත්වයට පත්වන ආත්මයන් සමග ස්වභාවිකව කතා කළ හැකි කලෙක මෙනි.
    ඇබොට්, ටූටන්කාමන් සොහොන් ගෙයින් ලබාගත් නොගිණිය හැකි තරම් වූ මිල කළ නොහැකි වස්තුව තැන්පත් කර තිබූ ස්ථානයට මාර්ක් රැගෙන ගියේය. මාර්ක් වෙවුලා ගියේය. තමා දුටු දෙයින් ගල් ගැසී, හුස්ම පවා නතර වුණ මාර්ක්; කුඩා රන්වන් දෙව් මැදුරු, රන් ආලේපිත ලීයෙන් කළ ඇඳන්, පිළිම. ලොකු පෙට්ටි, ඔටුනු සහ ආභරණ දෙස බලා සිටින්නට විය. ඇදහිය නොහැකි අන්දමේ ජීවී බවක් විද්‍යාමාන කෙරෙන රන්වන් වෙස් මුහුණ දෙස බලන ඔහුගේ ගත හිරිවැටී අප්‍රාණිකව ගියේය. දිව ගොළු වී උගුර සිර වූ ඔහු බිම ඇද නොවැටුණා පමණි.

    Original price was: Rs. 1,750.00.Current price is: Rs. 1,400.00.
  • -20%
    (0)

    සක්කරං – Sakkaran

    බය වෙන්ඩ කාරි නැතුවා. හිටින්ඩ කෝපි ඇබිත්තක් සප්පයාමි වුණාම ඔය කැරකැවිලි ගතිය යයි…”
    ගෙතුළට යන ඇය පිටුපස්සේ නිලමෙගේ දැස් එල්ලී යනු ඩිංගිරි බණ්ඩා බලාගෙන සිටියේය. මේ ගම් තුලානට රාජකාරියේ ආ පෙර දිනයක කිසිම ගෙදරකින් දිය පොදක් බීවා ඔහුට මතක නැත. හදිසියේ තිබහකට බීවොත් නවසි කුරුම්බාවක් පමණි. එහෙත්, පැහෙන රා ලබ්බක් ලැබුණොත් එයින් ඩිංගිත්තක් තොල ගා ගන්නට කිසිවකු මැළි වූයේ නැත.
    නුවර වාසලට නොලැබෙන පිරිසිදු කිතුල් රා වලට ගුරු දෙණිය නම් දරා ඇති බව ඩිංගිරි බණ්ඩා සිහිපත් කරන්නේ කලකින් තොල නොගෑ රා මුට්ටියක උතුරන පෙණ සිතින් ඉවත් කරමිනි.
    මැතුරුම් ගන්ඩ හොඳයි නම්, සිහිපතේ ඇදල දාන්න හොඳයි නම් ආයෙ නාක වෙනවද කෝපි ටිකක් බීවාම. අනික මේ ඇත්තිල අපිට වඩා රාජ ලේට කිට්ටු කියල නෙව කියන්නෙ. කෝපි හදන්නට ගිය ඇයගෙන් තමන් දෙසට හැරුණු නිලමෙහෙ දෑස් දෙස බලාගෙන ඩිංගිරි බණ්ඩා සිතුවේය.
    “අද මේ සංගත හංදා ආපු රාජකාරියත් පරක්කු වෙනවා. දැන් මොකද කොන්ද…”
    ” හිරි වැටිල වාගේ බණ්ඩේ… කකුල එහා මෙහා කරද්දි හිං රුදාවක් යනවා බෙල්ල පැත්තට…”

    Original price was: Rs. 900.00.Current price is: Rs. 720.00.
  • -20%
    (0)

    සඛී භාර්යා – Saki barya

    සිහින් සිලිටි මීදුම් පටලය සෙමින් තුනී වෙමින් තිබිණ. කැටයම් කවුළුවෙන් ගලා විත් දුහුල් සේද තිර රෙදි අතරින් පෙරී ආ උණුසුම් අව් රැල්ල විසින් යුගල යහන මත සිත්තම් කරන ලද රටාවේ කෙළවරක් ජයම්පතිගේ වම් කම්මුල මත වැටුණි. සියුම් කිතියක් සේ මුලින් දැනුණ උණුසුම කෙමෙන් දැඩිවත්ම නින්දත් නොනින්දත් අතර දෝලනය වෙමින් සිටි ඔහුට ගෙඋයනෙහි කෙළවර අඹ ගසෙහි හිඳ තොරතාංචියක් නැතිව කලබල කරන පොල්කිචි රංචුවේ කිවි බිචිය ඇසෙන්නට විය. සෙමින් දෑස් අරින්නට උත්සාහ කළද ඇසිපිය මත මහත් බරක් පටවා ඇති සෙයකි. කිසියම් කෙඩෙත්තුවකින් මුළු සිරුරම රිදුම් දෙයි. ඔහු දෑස ඇරියේ මහත් වෑයමකිනි. ඒ වන විටත් උදෑසන අරුණැල්ල කාමරය එළිය කර තිබිණි. තමා වැතිර සිටින්නේ තම නිදන කාමරයේ යුගල යහන මත උඩුබැලිව බව ඔහුට හැඟුණේ තත්පර කීපයකට පසුවය. පාවහන් තවමත් පාදවලය. පෙරදා උදෑසන කාර්යාලයට යන්නට හැඳ පැළඳ ගත් ඇඳුම් පැළඳුම් වලින් අඩුම ගණනේ ටයි පටිය වත් ගලවා නැත.

    Original price was: Rs. 1,300.00.Current price is: Rs. 1,040.00.
  • -20%
    (0)

    සංගිලිපාලම – Sangilipalama

    අසනි වැස්සක් වැටිණ. දෙපත් කපාගෙන ඇද හැළුණු මහ වැස්ස, දෙරණ බිලිගන්නට එන්නා වූ රකුසෙකුගේ විලාසය ගනී. වැස්ස තුරල් වන පාටක් නැත. සඳුනි දෙපාරක් පාපිස්සේ  හප්පා ආපසු හැරී බැලුවාය. වැස්ස තමා පසුපස හඹා ආයේ සතුරෙකු පරිද්දෙනි. හිටි ගමන් ඇද හැළුණු වැස්සට ඈ බිය වූවා ය. ඈ කවදත් වැස්සට බිය ය. විළිරුදාවෙන් පෙළෙන ගැබ්බර අහස අකුණු ගසන විට ඈ තිගැස්සුණාය. වැස්සේ තෙත බරිත වෙමින් ටික දුරක් පැමිණි ඈ හිස ගස්සා ආපසු බැලුවා ය. ඇගේ දෙනෙතේ තිබුණේ බියකි. සතුරු සේනාවක් වෙඩි තබමින් කෑ මොර දී තමා පසුපස හඹා ආ කලෙක ඔවුන්ගෙන් බේරුණාක් වැනි හැඟීමක් ගෙට ගොඩ වූ සැණින් ඇයට දැනිණ. ඉස්තෝප්පුවේ කොට තාප්පයේ වාඩි වී සිටි රංග අයියා දෙසට ඈ හෙළුවේ ජයග්‍රාහී බැල්මකි. එහෙත් ඔහුගේ අවධානය ඇය වෙතට යොමු වුයේ නැත. ඇගේ ගෑවෙන සීමාවට රංග අයියා දෙසට කිට්ටු වූ සඳුනි, ඔහුගේ අවධානය උදුරා ගන්නට තැත් කළාය. එහෙත් රංග, නිනව්වක් නැති මහ වැස්ස දෙස අපේක්ෂා භරිතව බලා සිටියේ ය. කොට තාප්පය මත සඳුනි සටහන් මිටිය තැබුයේ කනස්සල්ලෙනි.

    Original price was: Rs. 850.00.Current price is: Rs. 680.00.
  • -20%
    (0)

    සතුට බෙදුන පොලියානා – Sathuta bedana pollyanna

    ඩෙලා වෙදර්බයි ඇගේ සොයුරියගේ නිවෙසට යන පාර දිගේ ඉක්මන් ගමනින් ගොස්, ගෙයි ඉදිරිපස බිත්තියේ වූ විදුලි සීනුවේ බොත්තම තද කළාය. හිසේ ලා ගෙන උන් තොප්පියේ සිට, පයේ ලා ගෙන උන් සෙරෙප්පුව දක්වා දෑස යවන කෙනකුට ඇගේ නිරෝගී, කඩිසර, සුපරීක්ෂාකාරී විලාසය දැක ගන්නට පුළුවන. දොර විවෘත කළ සේවිකාවට කතා කළ ඇගේ කට හඬේ පවා ගැබ් වී තිබුණේ ප්‍රාණවත්, ප්‍රීතිමත් ස්වරූපයකි. ගුඩ් මෝනිං මේරි. කෝ – අපේ අක්කා ඉන්නවද?* ඔව් – ඔව් මැඩම්. කාරූ නෝනා නං ඉන්නවා… යි මඳක් පැකිලෙමින් කී තරුණිය. ඒත් එයා කිව්වා – අද කිසි කෙනෙක්ව මුණ ගැහෙන්න බෑ කියලා… “හැබෑට? ඒත් එයාට මං ආවම එහෙම කියන්න බැනේ…’ යි වෙදර්බයි මෙනෙවිය මදහසක් පෑවාය. මං ආවා කිව්වම එයා මොකුත් කියන එකක් නෑ. බය වෙන්න එපා. ඔයාට බැන්නොත්. මං ඒක බලා ගන්නංකො…” යි ඇය හිස සැලුවේ, තරුණියගේ දෑසේ රැඳුණු බියපත් බැල්මට පිළිතුරක් වශයෙනි.

    Original price was: Rs. 850.00.Current price is: Rs. 680.00.
  • -20%
    (0)

    සතුටු උයනේ මාරකය – Sathutu uyane marakaya

    එයා හැම වෙලාවෙම අපි ඉන්න පැත්තට එනවා. ඉතින් දැනුත් ඒකම සිද්ධ වෙයි.” රිෆ් මහා හයියෙන් බෙරිහන් දුන්නේය. උස් සංගීත රිද්මයක් වායුගෝලය කම්පනය කරමින් පැතිර ගියේ ඒ නිමේශයේදීය. වේදිකාව මත වෙස්ට් සයිඩ් ස්ටෝරි” නාට්‍යය රඟ දැක්වීමට ආසන්නය. මේ පැතිරෙන්නේ එහි ආරම්භක සංගීත රිද්මයයි. සංගීත භාණ්ඩ තොගයකින් නැගෙන හඬ පරිසරයේ ගිගුම් දෙන්නාක් මෙනි. වේදිකාව පිටු පස මගේ සහෝදරයා වන ෆ්‍රෑන්ක් පොළවේ වැතිර හිඳියි. ඔහුගේ උදරයට කිඳා බැස තිබෙන්නේ තියුණු පිහියකි.”ෆ්‍රෑන්ක්…” මම බෙරිහන් දුන්නෙමි. නමුත් කටහඬ හැකි තරම් පහත් ස්වරයක තබා ගැනීමට ද මම අමතක නොකළෙමි.

    Original price was: Rs. 920.00.Current price is: Rs. 736.00.
  • -10%
    No thumb
    (0)

    සතුරු කදවුර – Sathuru kandawura

    න්තමින් පමණක් දර්ශනය වූ නැගෙනහිර ක්ෂිතිජය මුළුමනින් මැකී ගොස් කළු පැහැති වලා රැසක් ඉහළ අහසේ රැස්වන්ට වූයේ ය. වියනක් මෙන් සැදුණු මෙකී වලා ගැබේ අඳුරු වර්ණය හා සම්මිශ්‍ර ව පහත මුහුදේ දිය මඩ පැහැයට හැරිණ. අන්ධකාරය ක්‍රමයෙන් අවට පරිසරය වසා පැතිරෙන්ට වීය. ස්වකීය වැන්ඩල් වර්ගයේ මුහුදු ගුවන් යානයේ සිට, පිටත හටගත් මේ විපර්යාසයන් කැළඹුණු දෙනෙතින් නිරීක්ෂණය කළ බිගල්ස් ඇස් ආවරණය ඔසවමින් යාබද අසුනේ හිඳ සිටි තම සගයා දෙස බැලුවේය. අහසේ පෙනුම ඒ තරම් හොඳ නැහැ” ” ඔව් ” යි ඇල්ගි ලේසි හෙවත් බිගල්ස්ගේ සගයා හිස සැළීය.

    Original price was: Rs. 560.00.Current price is: Rs. 504.00.
  • -10%
    (0)

    සත් සුමිතුරන් සහ අතුරුදහන් වූ යුවතිය – Sath sumithuran saha athurudahan wuu yuwathiya

    නුල් කැබලි ප්‍රවේශමෙන් ගලවා ඉවත් කළ පීටර් පෙට්ටිය විවෘත කළා. මොන පුදුමයක්ද! වී පෙට්ටිය ඇතුළෙ තිබුණේ නූල්වලින් මනාව ඔතන ලද තවත් කුඩා පෙට්ටියකි. පිටර් ඒ පෙට්ටියත් විවෘත කළා. ඒක ඇතුළෙ තිබුණේ ප්‍රමාණයෙන් ඊටත් කුඩා තවත් පෙට්ටියක් පමණකි.

    Original price was: Rs. 500.00.Current price is: Rs. 450.00.
  • -10%
    No thumb
    (0)

    සත් සුමිතුරන් සහ අබිරහස් ආගන්තුකයා – Sath sumithuran saha abirahas aganthukaya

    සඳළුතලයේ එක් කෙළවරක වූ කුටියක කවුළු තිර හොඳින් වසා නො තිබිණි. තිර අතර වු පටු විවරයක් තුළින් එබී බලන ඔහු දුටුවේ සියුම් ආලෝකයකි. එය ගිනි උදුනකින් නැගෙන්නක් බැව් ඔහුට වහා වැටහිණ. ඒ සමග ම ඔහුට ඇසුණේ විශාල ගස ඉහළට නගින මිනිසකුගේ හඬකි. ගසට නගින මිනිසා තවත් මොහොතකින් සඳළු තලයට පිවිසෙනු ඇත. ඔහුගේ සිතට දැනුනේ කිව නොහැකි තරම් වූ බියකි.

    Original price was: Rs. 500.00.Current price is: Rs. 450.00.
  • -10%
    (0)

    සත් සුමිතුරන් සහ ගිනි පඹයාගේ අබිරහස – Sath sumithuran saha gini pabayage abirahasa

    පිදුරු මිටිය වෙලාගත් ගින්දර ඉන්පසුව අසල තිබූ කඩදාසි ගොඩ ගිල ගත්තේය. ළමුන් පිරිස ගින්දර නිවන්නට උත්සහ කළ ද ඔවුන්ට සිතාගැනීමට පවා නොහැකි තරම් වේගයෙන් ගින්දර පැතිරෙන්නට පටන්ගත්තේ ය. තවත් මොහොතකින් ගින්දර පරණ රෙදි තොගයද වැළඳගත්තේ ය. කළු පැහැති දුම් රොටුවලින් ගිම්හාන කුටිය පිරී යද්දී ළමුන් පිරිස හනිකට පිටතට පැන ගත්තෝ ය.

    Original price was: Rs. 500.00.Current price is: Rs. 450.00.
  • -10%
    No thumb
    (0)

    සත් සුමිතුරන් සහ ගිනි මැල රාත්‍රිය – Sath sumithuran saha gini mala rathriya

    බොන් ෆයර් රාත්‍රිය යනුවෙන් හැඳින්වෙන්නේ එංගලන්තයේ ළමුන් අතර පැවැත්වෙන සුප්‍රකට උත්සවයක්. මේ උත්සවයේදී ළමෝ ෆේවික්ස් යනුවෙන් හැඳින්වෙන පඹයින් නිර්මාණය කොට විශාල ගිනි මැලයක තබා එම පඹයින් පුළුස්සති. සත් සුමිතුරන් පිරිස ද මේ අපූරු බොන් ෆයර් රාත්‍රිය සමරන්නට සූදානම් වෙති. ඒ අතරම වෙස් වලාගත් සොරෙකු අල්ලන්නට ද ඔවුන්ට හැකි වෙයි.

    Original price was: Rs. 550.00.Current price is: Rs. 495.00.
  • -10%
    No thumb
    (0)

    සත් සුමිතුරන් සහ ටෝර්ලීන් මැදුරේ අබිරහස – Sath sumithuran saha trolling madure abirahasa

    ජැන්ගේ ටොමි මාමා එයාට හරීම අපූරු නැග්මක් ගෙනත් දුක්කා. ඒ තැන්න තමයි අපූරු දුර දක්කයක්, සත් සුමිතුරන් පිරිසක් වත්ත මේ දුරදක්නය හවුල් කරගන්න හිතාගෙන ජැක් එකත් අරන් ආවා. පිටර් තමයි මුලින් ම දුරදක්නයෙන් ඇත බැලුවේ. දුරදක්නය තුළින් බලද්දි ඇත කන්දක් උඩ තියෙන ගරා වැටුණ, අබලන් ටොළින් මන්දිරය හරිම අපූරුවට පෙනෙනවා. අබලන් මාළිගාවේ ගරා වැටුණ ජනේලයක් ළඟ කවුදෝ අමුත්තෙක් ඉන්න බවයි පීටර් මුලින් ම දැක්කේ. ජරාජීර්ණ වෙලා තියෙන මන්දිරයක ජනේලයක් ළග අමුත්තෙන් ඉන්නේ ඇයි ? පීටර් ගොඩාක් වෙලාවක් ඒ ගැන කල්පනා කෙරුවා. ඇත්තටම දුරදක්නයෙන් දුටු අමුත්තා සැඟවුණ අබිරහසක ප්‍රධාන චරිතය සියළා වටහා ගන්නට සත් සුමිතුරන්ට එතරම් කාලයක් ගතවුණේ නැහැ.

    Original price was: Rs. 500.00.Current price is: Rs. 450.00.
  • -10%
    (0)

    සත් සුමිතුරන් සහ පාලු තැනිතලාවේ අබිරහස – Sath sumithuran saha palu thenithalawe abirahasa

    නිවාඩු කාලය ඇවිත් ඔන්න.. පාස්කු නිවාඩුවත් පටන් ගත්තා, ඇත්තමයි… මම නම් හිතුවේ අපිට කවදාවත් නිවාඩුවක් නම් ලැබෙන්නේ නැති වෙයි කියලයි. ඔයාට එහෙම හිතුනේ නැද්ද ජැනට් ?. පාසල් නිවාඩු කාලය ලැබීමේ ප්‍රීතියෙන් හිත පිරි යද්දී තම සහෝදරිය දෙසට හැරුන පීටර් සතුටින් කීවේය. ඇයි නැත්තේ ?. මටත් එහෙම හිතුනා. මොකද පහු ගිය පාසල් වාරේ ගොඩාක් දිග එකක්. එක දිගටම ඉගෙන ගෙන මට නම් එපාවෙලයි හිටියේ. මොනව වුනත් දැන් නිවාඩුනේ. අද වගේ නිවාඩු දවසක ඔයාට සතුටු හිතෙන්නේ නැද්ද පීටර්?.

    Original price was: Rs. 500.00.Current price is: Rs. 450.00.
  • -10%
    No thumb
    (0)

    සත් සුමිතුරන් සහ පාලු මන්දිරයේ අබිරහස – Sath sumithuran saha palu mandiraye abirahasa

    එක දවසක් අම්මා, පිටිගෙන් මේ විදිහට ඇනුවා. පීටර් ඔයාලගේ සත් සුමිතුරන් ගේ රැස්වීම ආයේමත් තියෙන්නේ කවදද?. ඒක නම් හරියට කියන්න දන්නේ නෑ අම්මා, ඇයි ඔයා ඒ විදිහට ඇනුවේ. කියවමින් හිටපු පොතෙන් ඇස් දෙක උස්සලා බලන ගමන් පීටර්, අම්මාගෙන් ඒ විදිහට ඇනුවා. ඒ මොකද කියලා මම කියන්න නම් කෝ පීටර්. මේ දවස්වල එළිමහනේ හරිම සීතලයි. ඉතින් ඔයාලගේ රැස්වීම අර පරණ ගබඩා කාමරයේ පවත්වන එක නම් නුවණක්කාර වැඩක් නෙවෙයි. ඔයාලට සත් සුමිතුරන් ගේ රැස් වීම පවත්වන්න ඕනෑ නම් මේ ගේ ඇතුලේම පවත්වන්න. අම්මා ඒ විදිහට යෝජනා කරද්දී මෙතෙක් වෙලාවක් නිහඬව බලාගෙන හිටපු ජැනවුත් ඉක්මනින්ම කථාවට මැදිහත්

    සත් සුමිතුරන් සහ සුනඛ මංකොල්ලය සුදත් රොහාන් තමාගේ සැකය නිවැරදි බැව් කොලින්ට වැටහිණ. මේ තරම් කාලයක් බල්ලන් සොරකම් කළේ මේ මිනිසා ම විය යුතු ය. ඔහු මේ මොහොතේ රැගෙන යන්නේ ද එසේ සොරකම් කළ බල්ලෙකු බව නිසැක ය. පෙනුමේ හැටියට නම් බල්ලා විශාල වටිනාකමකින් යුතු එකතු විය යුතු ය.

    Original price was: Rs. 500.00.Current price is: Rs. 450.00.
  • -10%
    (0)

    සත් සුමිතුරන් සහ බිම්ගෙයි අබිරහස – Sath sumithuran saha bimgei abirahasa

    ඔයාලා බිම් ගේ ඇතුළට බහිනවා මම දැක්කා. ඊට පස්සේ සැහෙන වෙලාවක් බලාගෙන හිටියත් ඔයාලා ආපහු ආවේ නෑ. ඔන්න එනකොට තමයි ස්කැම්පර් කෙඳිරි ගාන සද්දේ මට ඇහුනේ. එයාගේ සද්දේ හරියට උදව් ඉල්ලනවා වගේ. ඊට පස්සේ මම හැංගිලා හිටපු තැනින් නැගිටලා ලණු ඉනිමග දිගේ පල්ලෙහාට බැස්සා. ඉතින් ඇයි ඔයාලා මේ බලු කුඩුවක් අස්සේ හිරවෙලා ඉන්නේ ? එළියට එන්න බැරිද?

     

    Original price was: Rs. 500.00.Current price is: Rs. 450.00.
  • -10%
    No thumb
    (0)

    සත් සුමිතුරන් සහ බ්‍රැම්බ්ලි වනාන්තරයේ මංකොල්ලය – Sath sumithuran saha brambli wanantharaye mankollaya

    හැමෝම සැඟවුණාට පස්සේ පිටර් අතු අතරින් ඔලුව එළියට දමළා ඔවුන් ගැන විපරම් කෙරුවා. හැබැයි සත් සුමිතුරන් සැඟවෙලා ඉන්නේ කොහෙද කියලා යාන්තමින්වත් දැක ගන්න නම් ලැබුණේ නැ. ඒ නිසා පිටර්ගේ හිතට දැනුණේ පුදුමාකාර සතුටක්. මොකද මේ තරමි හොඳින් සැඟවෙළා ඉන්න නිසා ඔවුන් බලාපොරොත්තුවෙන් ඉත්ත අමුත්තාටවත් සත් සුමිතුරන් දැක ගන්න ලැබෙන්නේ නෑ.

    Original price was: Rs. 500.00.Current price is: Rs. 450.00.
  • -10%
    (0)

    සත් සුමිතුරන් සහ මුතුමාලයේ අභිරහස – Sath sumithuran saha muthumalaye abirahasa

    පීටර්ට බය වු මිනිසා පඳුරු අතරින් දුවගෙන යන ආකාරයත්, එසේ දුව යන මිනිසා තමා සැඟ ව සිටි ගස මුලට පැමිණෙන ආකාරයත් කොලින් බලා සිටියේ පුදුමයෙනි. තවත් ටික වෙලාවකින් කිසිවෙකු ගසට නගින හඬ කොලින්ට ඇසිණි. බිම බැලූ ඔහුගේ සියොළඟ භීතියෙන් වෙවුළා ගියේ ය. ආගන්තුක මිනිසා ඔහු සිටින ගසට නගිමින් සිටියි. ඔහු ද සැඟවෙන්නට අපුරු තැනක් හොයාගෙන ඇති සෙයකි. කොලින්ගේ හදවත වේගයෙන් ගැහෙන්නට පටන් ගත්තේ ය. දැන් සිදුවන්නේ ඔහු හීනෙකින්වත් නොසිතූ – දෙයකි. ගසට නගින මිනිසා තමා දුටුවහොත් කුමක් සිදුවෙයි ද? කොලින්ගේ සිතේ ඇත්තේ බිය මුසු දෙගිඩියාවකි. මොන තත්ත්වයක් යටතේ වුව ද ආගන්තුක මිනිසා – ඒ අදිසි සිදුවීමෙන් බියටත්, කෝපයටත් පත්වෙන බව නම් නිසැක ය. දැන් ආගන්තුක මිනිසා ටිකෙන් ටික ගසට නගියි. කොලින් වාඩි වී සිටින අත්ත අසලට ම ගොඩ වූ මිනිසා මදක් නතර වී ගිමන් හැරියේ ය. ඔහු තවත් ටිකක් උඩට ගොඩ වුවහොත් කොලින් අසුවෙනවා සිකුරු ය.

    Original price was: Rs. 400.00.Current price is: Rs. 360.00.
  • -10%
    (0)

    සත් සුමිතුරන් සහ රුක් නිවසේ අබිරහස – Sath sumithuran saha ruk niwase abirahasa

    සත් සුමිතුරන් ගේ කථා මාලාවේ පස් වැනි පොත කියවන්නයි ඔයාලා මේ සුදානම් වෙන්නේ. පිටර්. ජැක්. කොලින්, ජෝර්ජ්. පැම්. ජැනට්. බාර්බරා යන සූර වීර ළමයින් හත් දෙනා සහ ස්කැම්පර් නමින් හැඳින් වෙන සුරතල් බල්ලෙක් ගේ දක්ෂකම් ගැන කියවෙන මේ කථා මාලාව දැනටමත් ඔයාලා ගොඩාක් ආසාවෙන් කියවනවා කියලා මම දන්නවා. එකිනෙකට වෙනස් තේමාවන් යටතේ ලියවුන පොත් පහලොවක් පමණ මේ කථා මාලාවට අයිති වෙනවා. ඉතිරි පොත් ටිකත් හනි හනික ඔයාලට කියවන්න ලැබෙයි. එතෙක් නොඉවසිලිමත්ව බලා සිටින්න.

    Original price was: Rs. 500.00.Current price is: Rs. 450.00.
  • -19%
    No thumb
    (0)

    සත් සුමිතුරන් සහ සුනඛ මංකොල්ලය – Sath sumithuran saha sunaka mankollaya

    තමාගේ සැකය නිවැරදි බැව් කොලින්ට වැටහිණ. මේ තරම් කාලයක් බල්ලන් සොරකම් කළේ මේ මිනිසා ම විය යුතු ය. ඔහු මේ මොහොතේ රැගෙන යන්නේ ද එසේ සොරකම් කළ බල්ලෙකු බව නිසැක ය. පෙනුමේ හැටියට නම් බල්ලා විශාල වටිනාකමකින් යුතු එකතු විය යුතු ය.

    Original price was: Rs. 550.00.Current price is: Rs. 445.00.
  • -10%
    No thumb
    (0)

    සත් සුමිතුරන් සහ හිත හොද බ්‍ර්වුනි – Sath sumithuran saha hitha honda bruni

    Fun For Secret Seven Enid Blyton –  හිත හොඳ බවුනි -අඳුරු සෙවණැලි අතර සැඟවෙමින් ඇය ඉස්තාලය දෙසට ඇවිද ගියාය. මේ වන විට අශ්වයන් වෙතින් දිස් වූයේ මහත් කලබලකාරී බවකි. ඔවුන්ගේ බියපත් හඬ ඇගේ දෙසවන් අතර බියකරු ලෙස රැව් දුන්නේය. තවත් මොහොතකින් අශ්වයන්ගේ ඝෝෂාව අභිබවා කිසියම් දෙදෙනෙකු බහින් බස් වන හඬ ඇයට ඇසුණේ ය. ට්‍රොලීගේ කට හඬ ද විටින් විට ශ්‍රවණය විය.

    Original price was: Rs. 500.00.Current price is: Rs. 450.00.
  • -10%
    (0)

    සත් සුමිතුරෝ – Sat Sumithuro

    ඒ ශීත සෘතුවේ දවසක හිම වලින් වැසුණු උද්‍යානය කෙළවරේ තියෙන පාළු බංගලාව පැත්තෙන් මහා අත්භූත හඬක් ඇසෙන්න පටන් ගත්තා. කවුරුත් බංගලාව පැත්තට යන්න කැමති වුණේ නෑ. බංගලාව මුර කරන්නේ හරිම නපුරු මුර කාරයෙක්. මේ අත්භූත හඬ ගැන විමසිලිමත් වුණු සත් සුමිතුරන් පිරිස එක්තරා රාත්‍රියක දී බංගලාව ආක්‍රමණය කළා. එහි දී ඔවුන්ට බිං ගෙයක සඟවා සිටින හරි ම අපූරු හිරකාරයෙක් හමු වුණා. මේ හිරකාරයා කවුද ..?

    Original price was: Rs. 500.00.Current price is: Rs. 450.00.
  • -10%
    (0)

    සත් සුමිතූරන් සහ සොරාගත් වයලීනය – Sath sumithuran saha soragath wayaleenaya

    එක් දිනක් රාත්‍රියක නගරයේ පෞරාණික අළෙවි සලක තබා තිබෙන මිල කළ නොහැකි වයලීනයක් සොරාගන්නා ආකාරය ජෝර්ජ් සහ කොලින් දකිති. වයලීනය සොරා ගන්නා ආකාරය දුටුවද ඔවුන්ට සොරා අල්ලා ගැනීමට නොහැකි වෙයි. සත් සුමිතුරන් පිරිස මේ අබිරහස් හොරකම ගැන පරීක්ෂණ පවත්වන්නට පටන් ගන්නේ ඉන් පසුවයි. සොරා වයලීනය සොරකම් කොට ඇත්තේ පීටර්ගේ ගෙවත්තේ සිටින පඹයාගේ ඇඳුම් කට්ටලය ද සොරකම් කොට එය ඇදගෙන ගොස් බව සත් සුමිතුරෝ සොයා ගනිති. මේ සිදුවීම් දාමය ගැන පරීක්ෂණ පවත්වන සත් සුමිතුරන්ට සොරාගත් වයලීනය සොයාගත හැකිවෙයි. එහෙත් අවසානයේ ඉතාමත් ම සංවේදී අත්දැකීමකට මුහුණ දෙන්නට ඔවුන්ට සිදුවෙයි

    Original price was: Rs. 550.00.Current price is: Rs. 495.00.
  • -20%
    No thumb
    (0)

    සත්සර වියරුව – Sath viyaruwa

    ඔයා මේවාට කැමැතිද ? ” ඒ ප්‍රණයේ සාක්කුවේ තිබූ ආහාර අල්ලා ගන්නා ලෝහ අඩුව සුරතට ගනිමින් මම ඇසුවෙමි. ඊට පසුව අසල වූ හුමාල බඳුන මත තැම්බෙමින් තිබූ විශාල වීනර් සොසේජස් කරලක් ලෝහ අඩුවෙන් අල්ලා පිටතට ගත්තේ ගණුදෙනුකරුවාට පිරිනමන්නටයි. අබ ක්‍රීම් ටිකකුයි කෙචෙප් ටිකකුයි දාන්න. ඒ වගේම ටිකක් ඉක්මන් කළොත් හොඳයි ළමයා.” මා ඉදිරියේ සිටින ව්‍යාපාරිකයා සිය අත බැඳී ඔර්ලෝසුව දෙස බලමින් කීවේය. මම දෙනෙන කරකවා වටපිට බැලුවෙමි. මේ වෙලාවේ මා සිටින්නේ ටයිම් චතුරස්‍රය මධ්‍යයේය.

    Original price was: Rs. 980.00.Current price is: Rs. 784.00.
  • -10%
    (0)

    සදහස[දමරඣ 2] – Sandahasa

    බොහෝ මුරුණ්ඩ ‘ වාංශික මිනිසුන් නම් රජුගේ නුගුණ කියමින්, ඔහුට සාප කරමින් සිටි සමයකි මේ. තම වංශය නසා රජ බවට පත් වූ ක්ෂත්‍රිය ග්‍රාමණේය වාංශිකයෝ දැන් මේ දඹදිව වයඹදිග සත්‍ය පුත්‍ර මණ්ඩලය නම් වූ මේ දේශය සෑම තැනකම පැතිර සිටිති. උතුරු දිගින් පැමිණෙන්නා වූ පාර්සිවරුන්ගේ සේනාංකයන්ට මුහුණ දීමට තරම් පුණ්ඩු සේනා ශක්තිමත් නොවුවත්, සිංහල රජුගේ පාර්සි මිත්‍ර සබඳතා නිසා එහි යම් සහනදායක බවක් වෙතැයි මුරුණ්ඩ සහ ග්‍රාමණේය දෙවාංශිකයෝම සිතා සිටියහ. එමෙන්ම යවන දේශයේ මහා අලිසන්දර රාජයාට පවා සිංහල රජු හිතවත්කම් පෑවේය. එබැවිනි ඔහු තම පියාණන්ගෙන් උරුම වූ සින්ධු දේශය හැර දමා මුරුණ්ඩ වාංශික සක්කයින්ගේ මේ දේශය තම අණසකට යටත් කරගත්තේ. අසරුවා කෙමෙන් කෙමෙන් මේ ගමන් ගන්නේ වර්තමානයේ සිංහල රජුගේ මාළිගය වූත්, මීට කලකට ඉහත දී පණ්ඩු නම් සක්ක ගෝත්‍රයේ මුරුණ්ඩ වාංශික රජුට අයත්ව තිබූත් සුවිසල් ප්‍රාසාදය දෙසට දිවෙනා අගනුවර ප්‍රධාන වීදිය වෙතටය. අනෙකුත් පරිවාර වීදි තරමට ජනාකීර්ණ නොවූ මේ වීදියේ වැඩි වශයෙන් ගැවසුණේ රාජකීයයන් සහ සෙබළ ජනයාය. කඩපිල් සහ යාචකාදීන්ගෙන් තොර වූ මෙම මහා විදිය කළු ගලින් බැඳ නිමවා තිබුණේ නිතරම ඒ මේ අතට යනෙනා අශ්ව රථ, අසරුවන් ආදීන්ගේ පහසුව තකාය. මඟ දෙපස වැඩිමනත් පැවතියේද රාජකීයයන්ගේ කිසියම් රාජකාරි කටයුතු සඳහා යොදාගනු ලැබුණා වූ කාර්යාල වර්ගයේ ගොඩනැගිලීම පමණි. දළ පිළි පොරවාගත් අසරුවා රැගත් කාළ වර්ණ අසු මහා වීදියට අවතීර්ණ වූ පසුව ඌට ඒකාකාරි ගමනක යෙදීමට අවසර ලැබිණි. අසරුවා එතෙක් වේලා සිදු කළ ප්‍රවේශම් සහිත අසු හැසිරවීම අවසන් කර ඌට නිදහසේ ඉදිරියට ගමන් කිරීමට ඉඩ ලබා දී තිබිණි. ඒ වෙනුවට ඔහු සිදු කළේ පරීක්ෂාකාරී අන්දමින් වටපිටාවේ වූ ගොඩනැගිලි ආදිය දෙස බැලීමයි.

    Original price was: Rs. 2,200.00.Current price is: Rs. 1,980.00.