• -20%
    (0)

    හදවත්වරක්

    ජීවිතේ කියන්නෙ මහ පුදුම ගමනක්.අපි කාගෙත් එහෙමයි. හැමෝගෙම ජීවිතවල ප්‍රසිද්ධියේ පෙනෙන දේට යටින් ලෝකෙට කෑ ගහලා නොකියපු කතා තියනවා. හැම කතාවකටම බොහෝ පැතිකඩයනුත් තියනවා.

    මේ පොතේ හැම චරිතයක්ම, හැම සිදුවීමක්ම ලියලා තියෙන්නෙ සැබෑ ජීවිතයේ සැබෑ මිනිසුන්ගේ අත්දැකීම් පාදක කරගෙන. නමුත් මේ චරිත වල නම් වගේම සඳහන් කර ඇති තැනුත් මනංකල්පිතයි. ඔබත් දන්නා,මාත් දන්නා මිනිස්සු තිස් දෙනෙක් චරිත් කිහිපයකට ලඝු වෙලා එකම කතන්දරයක් කියනවා.

    හදවත්වරක්

    ඔබේ, මගේ, අපේ කතා වලින් එකක්.

    එන්න, අපි අපේ හිත් කියවමු. මොහොතකට හරි අනිත් කෙනා හිතන්නෙ කොහොමද කියලා විමසන්න නතර වෙමු. අපිට එතකොට පුලුවන් වෙයි අපේම මිනිස් පවුලට අදට වඩා බිඳක් හරි හෙට කාරුණික වෙන්න.

    තවත් හදවතක් ගැහෙන රිද්මය තව වරක් කියවන්න

    හදවත්වරක් දෙවන කොටසකුත් තියනවා.

    Original price was: Rs. 1,500.00.Current price is: Rs. 1,200.00.
  • -20%
    (0)

    හඳට ගල් ගැසූ කොල්ලෙක්

    “මම උඹත් එක්ක විවාහ වෙනවා කෙල්ලේ. දවසක අපි අපිව පිළිගන්න දෙවි කෙනෙක් ළඟට ගිහින් සුදු පාට මගුල් ගවුමක් ඇඳලා විවාහ වෙමු. ඊට පස්සේ මේ වගේ ලස්සන පළාතක පුංචි ගෙයක් හදාගෙන ජීවත් වෙමු”

    මම සිප ගනිද්දී එයා එක දිගටම කියවන්න ගත්තා. හරියට ඒ සේරම එයා ගොඩක් කාලෙක ඉඳන් හිතාගෙන හිටියා වගේ.

    “ඊට පස්සේ”

    මම ඇහැව්වා.

    “ඊට පස්සේ, අපි දරුවෙක්ව හදාගන්න ගමු”

    “මම කළුයි, ඔයා සුදුයි, ඉතින් මොනවගේ දරුවෙක්වද අපි හදාගන්න ගන්නේ?”

    “ඔයාගේ පාට… මම කැමතියි උඹේ පාටට, මගේ සමන්තාගේ පාටට”

    Original price was: Rs. 980.00.Current price is: Rs. 784.00.
  • -10%
    (0)

    හයිඩි – Heidi

    පැරැණි රම්‍ය මායන් ෆෙල්ඩ් නගරයේ සිට ඇල්ප්ස් කඳු වැටිය නිල් පාමුල පිහිටි ගම්මානය කරා තුරු සෙවණින් සිසිල් වූ තණ බිම් හරහා ඩි පාරක් වැටී ඇත. හිමෙන් වැසී ගත් ඇල්ප්ස් කඳු මුදුන පහත නිම්නය දෙස තේජාන්විත බැල්මක් හෙළා සිටී. අඩි පාර ටික ටික ඉහළට ඇදෙත්ම, අසල ලඳු වන රොද සැදි කෙටි තණ හා සවිමත් කඳු පැළෑටි වලින් නික්මෙන නැවුම් සුගන්ධය අවට වාතය හා මුසු වේ. මෙතැන් සිට ඇල්ප්ස් කඳුවැටිය කරා වැටී ඇති අඩි පාර කර්කශ වූද, බෑවුම් සහිත වූද දුෂ්කර ගමන් මගකි. ජුනි මාසයේ හොඳට හිරු පායා තුබූ පැහැබර උදෑසනක, මෙම කඳුකර ගම්මානයට අයත් උස සවිමත් පෙනුමක් ඇති තරුණියක් පස් හැවිරිදි වියේ පමණ පසු වූ දැරියක අතින් අල්ලාගෙන මෙම පටු අඩි පාර දිගේ ඉහළට නගිමින් සිටියාය. දැරියගේ කම්මුල් රතු වී තිබුණි. දුඹුරු පාට ගැසී තිබුණු සිරුරේ හමද හිරු එළිය නිසා පැහැපත් රක්ත වර්ණයට හැරී තිබිණි. මෙය පුදුමයට හේතුවක් නොවේ. දැවෙන අව්වේ වුවද දැරියගේ ශරීරය ඔතා ආවරණය කර තිබුණේ සීත හිමෙන් ආරක්ෂා කිරීමට සේය. ඈ ගවුම් දෙකක් නැත්නම් තුනක් එක පිට එක ඇඳගෙන සිටියාය. ඊට අමතරව, ලොකු රතු පාට සළුවක් ඇගේ සිරුර වටා දවටා තිබුණේ පස් හැවිරිදි ඇය කවුදැයි දැක ඇඳින ගත නොහැකි තරමටය.

     

    Original price was: Rs. 800.00.Current price is: Rs. 720.00.
  • -10%
    (0)

    හරි අපූරු ඉස්කෝලේ – Hari Apooru Iskole

    ගැහුණු ළමුන් දෙදෙනාගේ හිසකෙස් දුඹුරු ය.දිලිසෙන සුළු දෙනෙත් නිල් පැහැති ය.දෙතොල් අයර්ලන්ත පෙනුමක් ඇති දැරියන් ගේ කටහඬ නැවත නැවත අසන්නට තරම් මිහිරි ය.
    ”අම්මලා අපි ව වෙන ඉස්කෝලෙකට දාන්න තීරණය කරලා.මේච්චර කාලයක් අපි ඉගෙන ගත්තේ රෙඩ්රූෆ් ඉස්කෝලේ.ඒ වුණාට අපිට වෙන ඉස්කෝලෙකට යන්න වෙලා.මේච්චර කාලයක් ඉගෙන ගත්තු ඉස්කෝලේ අමතක කරලා .යාලුවෝ ටික පැත්තකට දමලා වෙන ඉස්කොලෙකට යන්න වෙලා.මට නම් හිතාගන්නවත් බෑ.”
    ”අපි ඒ ඉස්කොලේ හිටියේ කොච්චර සන්තෝසෙන් ද? ගිය අවුරුද්දේ මමටි පැටුයි දෙන්න ම ශිෂ්‍ය නායිකාවෝ වුණා.ඒ විතරක් ද මම ටෙනිස් ටීම් එකේ කැප්ටන්.පැට් හොකී ටීම් එකේ කැප්ටන්.අපි වෙන ඉස්කෝලෙකට ගියොත් මේ හැම දේ ම නැති වෙනවා.ඒ කියන්නේ අපට මුල ඉඳල ම පටන් ගන්න වෙනවා.”

    Original price was: Rs. 550.00.Current price is: Rs. 495.00.
  • -10%
    (0)

    හරි අපූරු ඉස්කෝලේ – Hari apuru iskole

    ගැහැණු ළමුන් දෙදෙනාගේ හිසකෙස් දුඹුරු ය. දිලිසෙන සුළු දෙනෙත් නිල් පැහැති ය. දෙතොල් අයර්ලන්ත පෙනුමක් ඇති දැරියන් ගේ කටහඬ නැවත නැවත අසන්නට තරම් මිහිරිය. අපි ඉගෙන ගත්තේ රෙඩ්ට්රූෆ් ඉස්කෝලේ. ඒ වණාට අපිට වෙන ඉස්කෝලෙකට ” අම්මලා අපි ව වෙන ඉස්කෝලෙකට දාන්න තීරණය කරලා, මෙචිචර කාලයක් යන්න වෙලා. මෙචර කාලයක් ඉගෙන ගත්තු ඉස්කෝලේ අමතක කරලා. යාලුවෝ ටික පැත්තකට දමලා වෙන ඉස්කෝලෙකට යන්න වෙලා. මට නම් හිතා ගන්නවත් බෑ. ” කැප්ටත්, පැව් ගොකී ටීම් එකේ කැප්ටන්. අපි වෙන ඉස්කෝලෙකට ගියොත් මේ  ඉස්කෝලේ හිටියේ කොච්චර සන්තෝසෙන් ද? ගිය අවරුද්දේ මමයි පැටයි දෙන්න ම ශිෂ්‍ය නායිකාවෝ වුණා. ඒ විතරක් ද? මම හිස් රිම් එකේ ගමම නැති වෙනවා. ඒ කියන්නේ අපිට මුල ඉඳල ම පටන් ගන්න වෙනවා .

    Original price was: Rs. 550.00.Current price is: Rs. 495.00.
  • -20%
    (0)

    හරි පුදුම ඉස්කෝලෙ – Hari puduma iskole

    ටොමෝ නැමැති පාසල ගැනත්. එය අරඹා පවත්වා ගෙන ගිය පුද්ගලයා වූ, සොසාතු කොබයාෂි මහතා ගැනත් ලිවීම දිගු කලෙක සිටම වට අත්‍යවශ්‍ය ව පැවැති කරුණෙකි. මෙහි කිසි ම කරාංගයක් මවිසින් නිර්මාණය කරන ලද්දේ නොවේ. ඒ සියල්ල සත්‍ය වශයෙන් ම සිදු වූ ඒවා වන අතර, මට මතක් කර ගත හැකි වී ඇත්තේ ඉතාම ස්වල්පයක් පමණි. මේවා ලිවීමට මට අවශ්‍ය වූවාට අමතර ව, කඩ වූ පොරොන්දුවක් වෙනුවෙන් යමක් කිරීමට ද මම නොතිත් ව සිටියෙමි. මෙහි එක් පරිච්ජේදයක මා සඳහන් කළ පරිදි, වැඩුණු පසු මා ටොමෝවෙහි ඉගැන්වීමේ යෙදෙන බවට ළමතු වශයෙන් මම ගම්භීර ප්‍රතිඥාවක් දුන්නෙමි. කෙසේ වුවද එය මා ඉටු කිරීමට අවකාශ නොලත් ප්‍රතිඥාවෙකි. ඒ වෙනුවට කොබයාෂි මහතා කෙබඳු අයෙක්ද යන්න ගැන හා ළමයින් කෙරෙහි එතුමා ගේ අනුපම ආදරය සහ ඉගෙනුම සඳහා ඔවුන්ට අවකාශ සකස් කළ ආකාරය ගැන හැකි තරම් පිරිසක් දැනුවත් කිරීමට මම උත්සාහ කළෙමි. කොබයාෂි මහතා වර්ෂ 1963 දී අභාවයට පත් විය. අදත් ජීවත් වී නම් එතුමා තවත් බොහෝ දේ මට කියා දෙනු ඇත. ළමා වියේ මතක සටහන් ලෙස ම පෙනී ගිය බොහෝ දේ ඇත්ත වශයෙන්ම කිසියම් ප්‍රතිඵල සාධනය කර ගැනීම සඳහා ඉතා පරිස්සමින් සිතා මතා ගොඩ නඟන ලද, ක්‍රියාකාරකම් වූ බව මට පැහැදිලි වූයේ මෙය ලියා ගෙන යද්දී ය. මේවා ඇත්තට ම කොබයාෂි මහතාගේ සිතේ තිබූ දේ නේද? මෙසේ සිතීම කෙතරම් කදිම දැයි සිතෙන විට, එක් එක් කරුණ මගේ විස්මය සහ කෘතඥතාව වර්ධනය කළේය. මා ගැන ම සිතුව හොත් ” දන්නවද? ඔයා හරිම හොඳ ළමයෙක් !” කියමින් මා රඳවා ගත් සුවිශේෂ අකාරයෙහි අගය කෙසේවත් තක්සේරු කළ නො හැක්කේය. මම ටොමෝ වට ඇතුළු නොවූයෙම් නම්, කොබයාෂි මහතා හමු නො වුයෙම් නම්,

    Original price was: Rs. 860.00.Current price is: Rs. 688.00.
  • -20%
    (0)

    හසරැල් ගංගා – Hasarel ganga

    ඒත් මගේ කටින් වචන ටික පිට වුණාට පස්සෙ ගංගා මගෙන් අඩු තරමේ ඇයි…?’ කියලාවත් ඇහුවේ නෑ. එතකොට ඊළඟට මම කියන්නෙ මොනවද, කරන්න ඕනෙ මොකක්ද කියලා මට හිතාගන්න බැරුව ගියා. මගේ වචන වලට පස්සේ මුළු ලෝකෙම නිහඬ වුණා වගේ මට දැනුණා. එළියේ හුළං හමන හඬ පවා ගොඩ කාලෙකට පස්සෙ මට ඇහුණා. සමහර විට ආපු කම්පනේට එයා මැරුණද දන්නේ නෑ.. කියලා නිහඬතාවය දරා ගන්න බැරි තැන මම හිතුවා. එතකොට නම් මට බය හිතුණා. ඒත් ඉතින් එහෙම මැරුණා නම් වැටෙන සද්දයක් හරි ඇහෙන්න එපෑ! හිට ගෙනම මැරුණ මිනිස්සු ගැන මම අහලා නෑ. තවත් ටික වෙලාවක් බිමම බලාගෙන හිටි මම එයා දිහා බලන්න හිත හදාගත්තේ එයාගෙන් කිසිම විදිහක ප්‍රතිචාරයක් නැති තැන. එහෙම බලද්දි ඇරලා තියෙන ජනේලයෙන් එපිට දුර ඈත බලන් ඉන්න ගංගාව මට පෙනුණා. ඒ දර්ශනේ චිත්‍රයක් වගේ කියලා මට හිතුණා. ඉස්සරම දවසක. පළවෙනි වතාවට කාසා ඇකඩමියෙදී ගංගා මගේ චිත්‍රයකට වාඩි වෙච්ච මුල්ම වතාවෙත් මට එයාව පෙනුණේ මේ විදිහටමයි. එදත් එයා ජනේලෙකින් එළිය බලාගෙන හිටියා. එදත් එයා ඇඳන් හිටියේ කහ පාට සැටින් නයිටියක්. එදත් එයාගෙ උරහිසේ තියෙන තුවාල කැළැල මගේ ඇස් පහුරු ගෑවා. එදායි මෙදායි අතර අපේ ජීවිත කොච්චර වෙනස් වෙලාද?” කියලා ගංගා දිහා බලාගෙනම මම කල්පනා කරා. කල්පනා කරද්දි මට හිතුණා අතීතයට දුවලා ගිහින් ජීවිතේ පරණ සිද්ධි මකලා දාලා එන්න. ඒත් එහෙම අතීතෙට දුවලා යනවා නම් කොච්චර නම් අතීතෙකට දුවලා යන්නද? (2020 මැයි 15 – සිකුරාදා) රෑ හරිම කළුවරයි. අමාවක වෙන්න ඇති, හඳ පළුවක්වත් අහසේ තිබුණේ නෑ. ඒක නිසාම වෙන කවදටත් වඩා තාරකා හොඳට පෙනුණා.

    Original price was: Rs. 1,500.00.Current price is: Rs. 1,200.00.
  • -20%
    (0)

    හිට්ලර් ඊවා අමරනීය ආදරය – Hitler Eva Amaraneeya Adaraya

    නාසි ජර්මන් අධිරාජ්‍යයේ ඒකාධිපති පාලකයා ලෙස 1933 – 1945 අතර සමයේ සිය අණසක පතුරුවා සිටි ඇඩොල්ෆ් හිට්ලර් ඉතිහාසයට එක්ව ඇත්තේ මේතාක් ලොව පහළ වූ අතිශයින් කෲරතර ජන සංහාරකයන් අතුරින් කෙනෙකු ලෙසටය. ඔහු ගැන සඳහන් කරන හැම ලේඛකයෙකුම පාහේ ඔහුගේ ජීවිතයේ එම ප්‍රකට පැතිකඩ ඉස්මතු කර දැක්වීමට යත්න දරා තිබීම ස්වාභාවික ය. එහෙත් ඒ සැවොම වාගේ අමතක කර ඇති එක් කරුණක් වන්නේ ඔහු තුළ සැබෑ ආදරවන්තයෙකු මෙන්ම උසස් රසිකත්වයෙන් හෙබි කලාකාමියෙකු ද සැඟව සිට ඇති බව ය. ඊවා බ්‍රෝන්ට සිය පණ මෙන් ආදරය කළ ඔහුට සිය මරණය දක්වා ම ඇගෙන් තොර ලෝකයක් නොවීය. එසේම සංගීතය සහ සාහිත්‍යය යන කලාවන් පිළිබඳව ඔහු තුළ පැවති උසස් රුචිකත්වය කෙතරම් ද යන්න විදහා දැක්වෙන අවස්ථා ද ඔහුගේ චරිතයේ විරල නැත. රිචඩ් වාග්නර්ගේ සංගීතයට වශීව ඔහු ඊට ලොබ බැඳ සිට ඇත්තේ ඇදහිය නොහැකි ආකාරයට ය. එලෙසම සම්භාවනීය ජර්මන් ලේඛකයන් වූ වොෆ්ගන්ග් ගොන්තේ, ප්‍රීඩ්‍රිච් ෂිලර් වැන්නවුන් ඔහුගේ නිබඳ ඇගයුමට පාත්‍රවී තිබීමෙන් පෙනී යන්නේ ඔහු ඔවුන්ගේ කෘති ඇසුරු කර ඇති බවය. මෙම කෘතියෙන් කෙරෙන්නේ හිට්ලර්ගේ ජීවිතය පිළිබඳව සැඟව පවතින එකී පැතිකඩවල් නිරාවරණය කිරීමය.

    Original price was: Rs. 900.00.Current price is: Rs. 720.00.
  • -20%
    (0)

    හියුෆන්ට් ප්‍රේමේ

    ෂයිලා නැගිට්ටා. නැගිටල පැත්තක තිබ්බ වානේ අඩිකෝදුව අරං එයා ඇඳල හිටිය බ්ලවුස් එකේ පහළ වාටියේ ඉඳන්, බාබර සන්සෝනි සරමෙ ගැටේ දක්වා නිරාවරණය වෙලා තිබ්බ බඩ මැන්නා!

    ”බලන්න…. බඩ අඟල් 9 යි පෙන්නේ… මගේ උස අඩි පහයි… එතකොට මගේ ඇඟෙන් අඩි හතරයි අඟල් තුනක්ම වැහිල… ප්‍රසන්ටේජ් එකක් හැටියට ගත්තොත්….” ගැනී ළඟ තිබ්බ කැල්කියුටරේට කෙටුව…

    ”…දළ වශයෙන් මගේ ඇඟෙන් සීයට අසූ හතරක් වැහිල… සීයට දාසයයි ඕපන්…!  එතකොට මොකක්ද ප්‍රශ්නෙ?”

    ”හරි… හරි… ඒක මගෙන් අහන්න එපා… මම කැමතියි ඔයා ඔහොම නෙවෙයි, ඔයිටත් අඩුවෙන් ඇඳං එනවනං…” ෂානා කිව්ව.

    ”ඌ විතරක් නෙවෙයි.. අපිත් කැමතියි… ” පැත්තක හිටිය යසිරුවා හොම්බ දැම්ම…!

    Original price was: Rs. 1,000.00.Current price is: Rs. 800.00.
  • -20%
    (0)

    හිරිකඩ – Hirikada

    මඳ අඳුර මුසු වූ අරුණෝදය තවමත් අලුත් දවස පිළිගන්නට නොකමැත්තෙන් මෙනි. අතහැර දැමුණු වෙල් යායේ ගෙවුණු රාත්‍රියේ පන් ගස් අතර නිදි සුව විදි කුරුලු බටිත්තෝ නිදි ගැට කඩමින් ඇහැරෙත් දී වෙල් යායේ කෙළවරකට වන්නට පිහිටි දේවිකාගේ කුඩා නිවස වෙල්යාය මත වියන් බැඳි සිහින් මීදුම අතරින් ඡායාවක් මෙන් ඈතට පෙනෙයි. නිවසේ වහලයෙන් පිට වන දුම් රොටු උදෑසන හිස් අහස් කුස සිපගනිත්දී දේවිකා ළිපගිනි අවුළවමින් ළිප අසලටම වී ඒ දෙස බලා බර කල්පනාවකය. උන්දැට උන දේ හොංකවිසියක්වත් මට හිතාගන්න බෑ. හරියට හොරු අරන් ගියා වගේ. ගමේ එකාල මොන තරම් කතන්දර කීවත් මයෙ හිත නම් කියන්නෙම තිස්සට කිසිම ආන්තරාවක් නෑ කියලයි. කවදහරි දවසක තිස්ස මේ වැට කඩුල්ල පැනල ගෙට ගොඩවදිනව කියල මට සහතිකයි. ඒත් එතකන් අපි ජිවත් වෙන්න එපැයි. ඒ හින්දයි හොඳට හිතල අද මේ තීරණය ගත්තෙ..ළිප් ගල් තුනට හිර වී ඇති වතුර කේතලය යහමින් පැසෙත් දී ඒ වගක්වත් නොදත් දේවිකා මොහොතින් කල්පනාවෙන් මිදුණෙ අසල පැදුරේ වකුටු වී නිදා සිටි හිච්චාගේ සිහින් කෙඳිරිල්ලටය. දේවිකා මොහොතින් හිස හරවා බලා උඩු කය වසාලූ මල් වැටුණු චිත්ත රෙද්ද යළි කර වටා දමා ගනිමින් මෙතෙක් හිඳ උන් ළිප අසලින් නැගිට හිච්චා නිදා සිටිනා පැදුර අසලට සමීප වූවාය.

    Original price was: Rs. 1,850.00.Current price is: Rs. 1,480.00.
  • -20%
    (0)

    හුන්නාකඩවර – Hunnakadawara

    ඒරොප්පෙන් ආ සුදු හම ඇත්තෝ සියවස් දෙක තුනක් තිස්සේ අප වනචාරීන් බවත්, මිථ්‍යා දෘෂ්ටිකයන් බවත් කියා දුන් හ. ඒ අනුව අටානූවක් සිතුම් පැතුම් ද නවානූවක් චාරිත්‍ර වාරිත්‍ර ද අපට බෝ කළෝ ය.

    දොරකඩ කුල්ල පේ කර එක ගෙයි කෑම ආදි නිදහසේ විවාහයේ රස බැලුවා වූ ගැමියාට තන මඬල නිරාවරණය කරගෙන ජීවත් වීමත්, තට්ටම් පෙනෙන්නට අමුඩය ගසාගෙන අව්වේ වැඩ කිරීමත් ලජ්ජාවක් සේ පෙන්නා දෙන්නට වූ හ.

    අනේ! කාලේ වනේ වාසේ!

    අපට ම්ලේච්ඡ යැ යි කියූ ඒරොප්පේ ඇත්තෝ දැන් එරමිණියා ගොතාගෙන චිත්ත පරිශුද්ධිය පතා බෝ සෙවණේ හිඳ බවුන් වඩති. මේවායේ අස්කොන්
    පීරා ඇත්ත තෝරාබේරා දීම අතිශය දුෂ්කර වටපිටාවක, සියවස් ගණනක් පාගා දැමූ දෙලොව වැඩ සදන දැනුම, ආකල්ප, ඥානය, ‘හුන්නාකඩවරේ’ දී ශකිල අපට සොයා පාදා දෙන්නේ ය. අලියා මතු නො ව අලියා ගේ වලිගයෙන් වැටෙන කෙන්දත් මනා ශක්තිමත් ඔසුවක් ලෙස පැරැණියන් සැලැකූ බව ඔහු වටහා දෙන්නේ ය.

    වෙද හෙද කම් කර තමන් සුවපත් කරන ‘හුන්නාකඩවරේ’ වෙද මහත්තයාට “අනේ උඹට බුදු බව අත් වේ වා” යි ගැමියෝ ප්‍රාර්ථනා කරති. ජාතික ලෙඩා සුවපත් කරන්නට, වළලා දැමූ ඥානය සොයා පාදා දෙන ශකිලටත්, “අනේ උඹට බුදු බව අත් වේ වා” යි කවර දා හෝ අසන්නට ලැබෙනු ඇත.

    මහින්ද ඉලේපෙරුම

    Original price was: Rs. 1,000.00.Current price is: Rs. 800.00.
  • -20%
    (0)

    හූ ඒට් මයි ඇපල් – Who ate my apple

    අල්පොන්සු දවස් කීපයක පටන් ඔහුගේ ඇස අග්ගිස්සෙහි මතුව තිබූ ගෙඩියක් හේතුවෙන් හටගත් වේදනාව දැනෙමින් ඔහුගේ හිස කෙළින් අතට හරවා ගනිමින් වේදනාව මග හරවා ගැනීමට උත්සාහ කරමින්, වේදනාව දැනෙන කොටස අතින් අතගාමින් ගෙඩිය ලොකු වී ඇත්දැයි බලමින් සෙමින් සෙමින් නින්දෙන් අවදි විය. අවදි වී විනාඩි කීපයක් එලෙසම එකම ඉරියව්වෙන් ඉඳ පසුව ඇඳෙන් බැස බිත්ති ඔරලෝසුව දෙස බැලූ අල්පොන්සු, ඔහු වැඩට යාම සඳහා සාමාන්‍යයෙන් අවදි වන වෙලාව පසු වී විනාඩි විස්සක් පමණ ගත වී ඇති බව දැක කලබල වී තම දුරකථනයේ සීනුව නොඇසුණේ ඇයිදැයි පරික්ශා කිරීමට ඇඳ අසල වූ කුඩා පෝටිකෝව මත වූ දුරකථනය අතට ගත් විට එය ක්‍රියා විරහිත වී ඇති බව දැක වහාම චාජරය ගෙන මේසය අසල වූ ස්විචයට සම්බන්ධ කොට රාක්කයේ වූ තුවාය ගෙන කල බලයෙන් වැසිකිළිය දෙසට ගමන් කිරීම සඳහා සිය කාමරයේ දොර විවර කළේය. අල්පොන්සු වැසිකිළිය දෙසට ඇවිද යමින් වෙනදා කුස්සිය දෙසින් සාලයට වැටෙනා ආලෝකය නොවීම පිළිබඳව ආතතියෙන් සිය මවද අද තවම අවදී වී නැති බවත්,

    Original price was: Rs. 1,200.00.Current price is: Rs. 960.00.
  • -10%
    (0)

    හොරොව්පොතනේ පළවෙනි ඩීයාරෝ – Horowpothane Palaweni Diyaro

    මම ධර්මේගේ මුහුණු බලමි. ධර්මේ මගේ මුහුණ බලයි. කොතෙක් ප්රවේශම් වුව ද අපි වීරසේනගේ ගැටයකට හසුවී ඇත. ·” වීරසේනගේ සුට් එක ලස්සනයි ” ධර්මේ කියයි.
    ” තැනක යූ සර් ” වීරසේක සීරුවෙන් සිටිමින් තම කය සෘජු කරමිත ඉතා ආචාරශීලී ව පවසා ආපසු හැරී පිටව යයි. “බලපං ගුණේ මමගේ ඔලුවෙ අං ඇවිල්ලා ද කියලා ධර්මේ පවසයි.
    “මොනවද බං තමන්ගේ ඩ්රයිවර්ට ඇඳුම් සුට් එකක් මහ ගන්න සල්ලි හොයන්ඩ, මහ කැලේ දුක් විද්යා මොර ගෝනි උස්සගත ආපු අපි වගේ තවත් ඩි.අර්.ඕ.ලා තුන් දෙනෙක් අතීතයෙන් කවදාවත ඉන්ඩ නැතුව ඇති. අදත් වෙන කොහෙවත් නැතුව ඇති. හෙටත් කොහෙවත් ඉපදෙනෙත් නැහැ. මම සිනහා සෙමින් හිස වනා එය අනුමත කරයි.
    Original price was: Rs. 3,500.00.Current price is: Rs. 3,150.00.
  • -20%
    (0)

    ෆස්ට් ක්ලාස් – First class

    මගේ අම්මා මට නේත්‍රා’ කියල නම් තිබ්බෙ මං ඉපදෙන්න තියා තමන්ට දරුවෙක් ගැන හිතන්නවත් පුළුවන් වයසකදී නෙවෙයි කියල. එයා කාලෙකට ඉහත දී දවසක් මා එක්ක කිව්ව මට මේ දැන් වගේ මතකයි. අම්මා පරම්පරාවෙන් ධනවත් පවුලක දෙටු දියණිය වෙලා යෞවනයේ දීම පරම්පරාවට පිටුපෑවත්, එයාට ඕන වෙලා තිබුණෙ මොනවද කියල එයා දන්නෙ නෑ කියලයි මගේ හිත දැන් කියන්නෙ. වෙච්චි දේවල් වලට වඩා කරගත්තු දේවල් ගැහැනියකට ඕන තරම් තියෙන්න පුළුවන්. එහෙම කියලා අම්මා කවදාකවත් පිළිවෙතින් පිට පැන්න ගැහැනියක් නෙවෙයි. පාරමිතාවක් පුරන දෙවඟනක් වගේ මගේ අම්මා මාව දෝතට ගන්න ඇති. ඇයගේ අතැගිලිවල පහස අදටත් එහෙමමයි. අද ඇයගේ දෙනෙතින් වැගිරෙන කාන්තිය, මා මෙලොව දුටු පළමු දා ඈ නෙත් තුළින් වැගිරුණ කාන්තියම වෙන්න ඇති. අද, දැන් ඇය තුළ කැලතෙන හැඟුම් සමුදායේ ඛර එදාත් එහෙම ම වෙන්න ඇති. ඒ මනඃකල්පිත කල්පනාවන්, මා සිත තුළ ඇති කරන විශ්වාසයේ පදනමයි. ලෝකය ආදරයෙන් සහ සාදරයෙන් මාව පිළිනොගත්තත්, මං මේ ලෝකයට ආවේ අනෙක් හැමෝම වගේ අඬාගෙන තමයි. ඒ හැඬීම අම්මාට ජීවත් වීමේ පුදුම ආසාවක් ඇති කරවන්න ඇති. ඒත් එදා මෙදා තුර අම්මගේ හැඬීම් ඉස්සරහ මං දියවෙලා යන්නේ ක්ෂණයෙන් කිව්වොත් එය නිවැරදිය.

    Original price was: Rs. 1,000.00.Current price is: Rs. 800.00.