-
අඟුරු මල් – Aguru mal
Original price was: Rs. 1,300.00.Rs. 1,040.00Current price is: Rs. 1,040.00.කෙළවරක් නොපෙනෙන මාර්ගය පුරාම බිම කහපාට රෙද්දත් ඇතිරුවා සේ ඇහැල මල් වැටි පිරි තිබුණි. සැරින් සැරේ හමන සුළඟත් සමඟ එකතු වුණු පාර දෙපස ඇති ඇහැල ගස් වලින් දිගටම මල් වැසි වස්සන්න පටන් ගත්තේය. කිසිඳු ආඩම්බරයක් නොමැතිව එක දිගට මල් වැසි වස්සන ඇහැල ගස් එක්ක සිනාවෙන හුළඟ, මල් පෙති එක්ක මුසු වෙච්ච ආලවන්ත සුවඳක් හැම තැනටම පතුරවමින් උන්නේය. අහසින් වැටුණු තරු කැට මෙන් රත්තරං පාවට ඇහැල ගස් අතරින් වැටෙන හිරු එළියට මාර්ගය පුරා ඇති දිය බිංදු දිළිසෙමින් තිබුණි. රතු රෝස පොකුරක් අතින් ගත්තු කඩවසම් තරුණයෙක් නවීන පන්නයේ මෝටර් රථයකට පිට දී කහ පාට මල් පිරුණු පාර දෙස නොඉවසිල්ලෙන් බලා සිටියේය. ඇහැල මල් පිරුණු පාරට අනෙක් පසින් රෝස පාට ගවුමකින් සැරසුණු ලස්සන තරුණියක් මතුවුණි. ඉක්මන් ගමනින් පාර දිගේ ආපු තරුණිය ඇහැල මල් පිරිණු පාරෙන් අනෙක් පස සිට බලා සිටින කුමාරයෙක් වැනි තරුණයාව දුටුවාය. මුහුණට වැටුණු කෙස් රොද නැවත කන පිටුපසින් රඳවා ගන්නා අතරතුර තරුණියගේ මූණට ලස්සන හිනාවක් නැගුණි. ළා රෝස පාට තොල් සායම් ආලේප කර තිබූ දෙතොල් වලින් සහ රෝස පැහැ කම්මුල් දෙක ඇගේ මුණට ගෙනාවේ. කුලුදුලේ පිපුණු පිරුණු රෝස මලක ලස්සනක්ය. තමන්ගේ අතේ තියන රෝස මල් පොකුරටම වඩා අලංකාරව පාරේ අනෙක් පස සිට තමන් ළඟට එන තරුණියව අර තරුණයාට පෙනුණි. ඉක්මන් ගමනින් අඩි තියමින් රෝස පාට තරුණිය, තරුණයා වෙත දුවගෙන එන්නට පටන් ගත්තාය. ගතවුණේ තත්පරේකින් සීයකටත් වඩා අඩු කාලයක්යය. වේගයෙන් පැමිණි වෑන් රථයක දඩාස් හඬ නංවමින් ගැටුණු සොඳුරු තරුණිය අඩි කිහිපයක් උඩට විසිවී ගියේය. ඒ විසිවුණු වේගයෙන්ම නැවත බිමට ඇඳ වැටුණු කරුණියගේ ශරීරය මීටර් කිහිපයක්ම ඇහැල මල් පිරුණු බිම අවුස්සමින් ඇඳී යන්නට
-
අතුරුදහන් යුවතියෝ – athurudahan yuwathiyo
Original price was: Rs. 1,750.00.Rs. 1,575.00Current price is: Rs. 1,575.00.ඔහු තවදරටත් මංමුළා කිරීමටත්, ඔහු ඇමතුම් ලබා ගැනීමට උත්සාහ කළ තැනැත්තා ගැන මතකයෙන් තව තවත් ඈත් කරවීමටත් සමත් විය. තමා ඇමතුම් ලබාගන්නේ කවුරුන් වෙතදැයි ඔහු දැන සිටියත් අපි ඇමතුමට පිළිතුරු ලබා දෙන මොහොත වනවිට ඔහුගේ මතකයෙන් අප පිලිහී යයි. ඉන්පසු අපගේ හඬ ඔහුට නිදහස් වා තලයේ රැදුණු නොහඳුන හඬක් පමණත්ම වේ. මම ලිපිය දිග හැරියෙමි. සටහන් පොතසින් රළු ලෙස ඉරාගත් තනිරූල් කොළයක ඔහුගේ අත්අකුරු රුල් වලින් පිටකට යන පරිදි වම්පසට බරව ලියා තිබුණේ ලියා තැබීමට අවැසි වූ දැ සිය මතකයෙන් ගිලිහී යාමට මත්තෙන් කොළයේ සටහන් කිරීමට තරගයක යෙදුණාක් පරිද්දෙනි. එහි කිසිදු සුබ පැතුමක් නොවීය. ලිපියේ නිමාවක් පවා නොවීය. වෙවුලන අතක ලිපිය රඳවාගත් මම යළිත් ඩැනියෙල්ව ඇමතීමි. ඔයාගේ පණිවුඩය ලැබුණා.’ මම පැවසීමි. ‘මම ගෙදර එනවා. මට කියන්න මොකක්ද සිද්ධවෙන්නෙ කියලා.
-
අඳුරුම අඳුරු රැය – Anduruma anduru reya
Original price was: Rs. 1,000.00.Rs. 800.00Current price is: Rs. 800.00.ඔහුට රිදුණේ නැත. රිදුණේ සිතටය. එහෙත් යකඩ පොලු පහරවල් වැදුණු තැන් වලින් ගලන ලේ දහර තවමත් ගලා යයි. මුහුණ සිරිලාය. ඇස් ඉඳිමී තිබේ. අත පය ගල් ගැසී ඇතිවාක් මෙනි. ඒවා සොලවන්නට නොහැකි ලෙස හිරි වැටී ඇති බවක් හැඟේ. සමහර විට කැඩී බිඳී ගොස් තිබෙන්නටද පුළුවන. ඔහු අපහසුවෙන් අවට දෙස ඇස් ඇර බැලුවේය. හැම තැනකම ඇත්තේ අඳුර පමණි. එතැනම ඇති අඳුරු බිත්තියේ කුඩා කවුළුවක් තිබේ. එයින් ඈත කොහේ හෝ තැනකින් එන ඉතා මලානික මඳ එළියක් කුටියට වැටේ. එම එළිය එන්නේ කොහි සිටදැයි නිනව්වක් ඔහුට නොවිණි. සමහර විට ඇතක දැල්වෙන කුඩා විදුලි බුබුලකින් එය එනවා ඇත. නැති නම් බිත්තියට පිටත තවත් මෙවැනිම කුටියකින් එය එන්නට පුළුවන. නැති නම් හඳ එළිය ද විය හැකිය. ඔහුට දැඩි පිපාසයක් දැනිණි. බඩගින්නක් නැත. මේ කුටියට තමා රැගෙන පැමිණි කීපදෙනා පිටව ගොස් දැන් බොහෝ වේලාවක් ඉක්ම ගොස් ඇත. ඔවුන් කිසිවෙකු ළඟපාතක ඉන්නා බවක් පෙනෙන්නට නැත. ඔවුන්ගේ පියවර හඬ සෙමෙන් ඈතට ඇදී මැකී ගිය හැටි ඔහුට මතක තිබේ. ඉඳින් අවට ළඟපාතක කිසිවෙකු අතැයි ඔහුට සිතුණේ නැත. එසේ සිටියත් කිසිවෙකු ඔහුට සවන් දෙයිද? කාමරය ඉතා කුඩා පුස් ගඳ ගහන එකකි. පොළොව සීතලය. වවුල් වසුරු පිරී ඇතැයි ඔහුට දැනිණ. පරණ ගෝනි පඩංගුවක් එක
-
අපරාජිත ජිවිතයක් – Aparajitha jiwithayak
Original price was: Rs. 1,100.00.Rs. 880.00Current price is: Rs. 880.00.සර්වජයා දුම්රියකට නැගුණේ දෙවැනි වතාවටය. මුල් වරට දුම්රියක ගොස් දැන් බොහෝ කල් ගත වී ඇත. ඇයගේ සැමියා වූ හරිහර බරණැස සිට ගමට පැමිණ පවුල් ජීවිතය ඇරඹු මුල් දිනවල ඔවුහු යුගල කිශෝර් දේවලයට දුම්රියෙන් ගියහ. ඇය හැම දුම්රිය පොළකදීම නගින බසින මිනිසුන් දෙස සතුටින් බලා සිටියාය. එක් එක් ආකාරයේ ඇඳුම් පැළඳුම්ලාගත්, විවිධාකාර මුහුණුවරවල් ඇති කාන්තාවන් ඇයගේ විශේෂ අවධානයට යොමු විය. ජගන්නාථපුර නැවතුම් පොළේදී අග්ගලා විකුණනු දුටු ඇය අපුට කතා කළාය. * අපු අග්ගලා කන්න ආසයි නේද? අරන් දෙන්නද?” දුම්රිය පොළේ ටෙලිග්‍රාෆ් කම්බියක් මත කුරුල්ලෙක් පැද්දෙමින් සිටියේය. අපු එබි එබී ඌ දෙස බැලීය.
-
අපූගේ ලෝකය Apuge lokaya
Original price was: Rs. 1,200.00.Rs. 960.00Current price is: Rs. 960.00.විසිවැනි සියවසේ වංග සමාජයේ වූ විපර්යාසයන් නවකථා කරුවකුගේ කෙළි තුඩිගේ සිත්තම් කළ අපූ පිළිබඳ ත්‍රිත්ව වෘත්තාන්තයේ තෙවැනි කොටසේ සිංහල අනුවාදය ද දැන් මුද්‍රණද්වාරයෙන් නිකුත් වී ඇත. මෙම අසූ ත්‍රිත්වය සිංහල පරිවර්තිත නව කථා සාහිත්‍යයට එකතු වීම පාඨකයින්ගේ මෙන්ම කථා රචකයන්ගේ ද මහත් භාග්‍යයක් වන්නේමය. විශේෂයෙන් මෙම කථා තුනේ දෙවැනි තුන් වැනි කථා ඉංග්‍රීසි බසට පවා මෙතෙක් පරිවර්තනය වී නැති ඒවාය. ලේඩිකොට ඒවා සිංහලයට නඟන්නේ ඒවායේ මුල් වංග බසින්මය. ඇය එසේ නොකරන්නට වංග නව කථා සාහිත්‍යයේ මෙම විශිෂ්ට නිර්මාණයෙහි රසය අංග සම්පූර්ණව විඳීමට සිංහල පාඨකයාට නොලැබනු ඇත. අනික් කෘති දෙකේ මෙන්ම මෙම කොටසේ ද පරිවර්තන කාර්යය ඉතා මැනවින් ඉටු වී ඇති බව කිව යුතුය. බස හැසිරවීමේදී කතුවරිය බොහෝ පරික්ෂාකාරී වී ඇති බව බොහෝ තැන්වලදී පෙනේ. කථාව කියවා ගෙන යන විට බොහෝ අවස්ථාවන්හි දී මෙය පර්වර්තනයක් නොව සිංහල බසින් කළ මුල් කෘතියක් දෝ යන සැකය පාඨකයාට ඇති වන්නේ මුල් කෘතියේ කතුවරයාගේ නිරවුල් චින්තන ධාරාව ඒ පරිදිම සිංහලට නඟන්නට කතුවරිය සමත්ව ඇති නිසාය. එසේම වංග සමාජයත් සිංහල සමාජයත් අතර ඇති සමීප බව ද එම හෘදයාංගම බවට හේතු වන්නට ඇත. සුක්ෂම – සංවේදී කලාකරුවෙකුගේ මනස කාල – දේශ ඉක්මවා අනන්තය දක්වා විහිදී යමින් පාඨකයාට ලබාදෙන සනාතන අත්දැකීම් සම්භාරයට මුල් වංග කථා ත්‍රිත්වයේ දී වංග පාඨකයන්ට සහභාගි වන්නට ලැබුණාක් මෙන්ම මෙම සිංහල කෘතිවලදී සිංහල පාඨකයන්ට ද වීම අත්දැකිම් වලට සහභාගි විය හැකි අන්දමට ඒවායේ පරිවර්තන කාර්යය මනාව සිදු වී ඇති බව නැවතත් කිව යුතුය. සිංහල පාඨකයාගේ වින්දන ක්ෂේත්‍රය පුළුල් කිරීම සඳහා චින්තා ලක්ෂ්මී සිංහ ආරච්චි මෙතෙක් විඳි වෙහෙස ගැන සිංහල පාඨකයන් වෙනුවෙන් අපගේ කෘතඥතාව පළ කරන අතර, මෙවන් අගනා කෘති ඇය අතින් තවත් බිහිවෙනු ඇතැයි උදක්ම බලාපොරොත්තු වෙමු.














