-
(0)
අබිරහස් කඳුවැටිය – Abhirahas Kanduwatiya
ඒ දප්තිමත් උදෑසනකි. කුඩා ගුවන් තොටුපොළක නවතා තිබූ සුදු පැහැති ගුවන් යානයේ එංජිම මිනිස්සු දෙදෙනෙක් කඩිනමින් පිරික්සමින් සිටියහ. පසෙකට වී එදෙස වුවමනාවෙන් බලා සිටින ළමයින් සිව් දෙනෙකි.
අප්‍රිකාව බලා ගුවන් ගත වීමට නියමිත තම දෙමාපියන්ට සුබ පැතීම සඳහා මෙම ළමයි ගුවන් තොට වෙත පැමිණ සිටියහ. තාවකාලිකව හෝ තම දෙමාපියන් ගෙන් වෙන් වීමට සිදු වන නිසාදෝ දුක්මුසු මලානික බවක් ඔවුන් වෙතින් දිස් විය. “ ආශ්චර්යවත් ගුවන් ගමන් වික්‍රම ගණනාවක් ම කළ අමිමෙකුයි තාත්තෙකුයි ඉන්න එක නම් සතුටක්. ඒත් ඒ අය ඈත රටකට යන එක නම් සතුටක් නෙවෙයි.” ළමයින් සිව් දෙනාගෙන් එක් අයකු වු මයික් පැවසුවේ ය.
” ඒ වුණාට එයාලා ඉක්මනටම ආපසු ඒවි. ඕනෑ නම් තව සතියකින් විතර ආපසු අපට ඒ අය දැක ගන්නට ලැබේවි.” මයික්ගේ නිවුන් සොයුරිය තෝරා පැවසුවාය.
” කොහොම වුණත් මට නම් හිතෙනවා ඊට වඩා දිගු කාලයක් ගත වෙයි කියලා.” එවර මයික් පැවසුවේ දොම්නස් සහගත ස්වරයකිනි.Rs. 500.00Original price was: Rs. 500.00.Rs. 400.00Current price is: Rs. 400.00. -
(0)
මායා දූපත – Maya Dupatha
” මමත් ආවේ දිවුල් ඇඟිඳින්න. කෝ ඉතින් ආතා මට ඉස්සර වෙලා ඇවිත් දිවුල් ඇහිඳලනේ. ”
” මේ………….කොලුවෝ, පණ්ඩිත වැඩ නොකර ගෙදර පලයං. උඹට පුළුවන් ද මේ හිමේ කරක් ගහලා දිවුල් ඇහිඳින්ට? දැන් පොඩ්ඩකට කලිනුත් තනියා මේ ඉසව්වේ කරක් ගහල තියෙනවා.”
ආතා කොහොම ද දන්නේ තනියා කරක් ගැහුව කියලා. ඔයාට තනියා සැලියුට් ගහල ද ගියේ? ”
සුනිමල් අබරන්ගෙ කීම තුට්ටුවකටවත් මායිම් නොකර එසේ ඇසුවේ ඔලොක්කුවට මෙන් හිනා වෙන ගමන්ය.
” සැලියුට්?”
අබරන් ආතාට කේන්ති ආවා.
” සැලියුට් නෙවෙයි ගොයියෝ. ආන් අර හරියෙ…….” යයි පැවසූ අබරන් දිවුල් මණ්ඩියේ කෙළවර දිහා අත දිගු කර පෙන්වමින්,
” මේ….. දැන් හලපු අලි බෙටි තියෙනවා. මම එතනට ගිය වෙලාවෙත් දුම් දමනව ” යැයි කීවේය.
” කමක් නැහැ ආතේ, මමත් ගිහින් දිවුල් ගෙඩියක් දෙකක් ඇහිඳ ගෙන එන්නම්.”
සුනිමල් එසේ කීවේ අබරන් මග ඇරලා තමුන්ගේ ගමන යාමේ අදහසින්.
” කොලුවෝ, මම කියපු දේ අහලා මෙන්න මේ දිවුල් ගෙඩි ටිකත් අරන් ආපහු පලයං.”
අබරන් තම උරපත්ත මත දමා ගෙන තිබුණු මල්ල බිම තියන ගමන් කීවේය.
ඔහු මල්ලෙන් ගත් දිවුල් ගෙඩි තුන හතර සුනිමල් අතට දුන්නේය. අනතුරුව ඔහු මල්ල කරට ගෙන සුනිමල් පසු කර ඉදිරියට පියනගන්නට වූයේය.Rs. 500.00Original price was: Rs. 500.00.Rs. 400.00Current price is: Rs. 400.00. -
(0)
පෝරකය ඉව කළ මිනිස්සු – Porakata Iwa Kala Minissu
අපරාධ වෛද්‍ය විද්‍යා විෂය ඉමහත් කුතුහලය දනවන එකකි. මෙම විෂයයේ එකල ප්‍රවීණයන් වූ මහාචාර්ය නන්දදාස කෝදාගොඩ, මහාචාර්ය සරවන පාවනන්දන් වැනි වියතුන්ගෙන් වෛද්‍ය විද්‍යාලයේ දී ගුරුහරුකම් ලබන්නට වරම් ලද මෙම ලේඛකයා වෛද්‍ය නීති පර්යේෂණාගාරයෙන් ලබා ගත් වෘත්තිමය අත්දැකීම් සමුදාය ඉමහත්ය. මෙම නුහුරු නුපුරුදු විෂය මහජනයා අතරට ගෙන ඒම සඳහා පුරෝගාමී වූවන් අතර ඔහුට අයත් වන්නේ ඉහළම තැනකි. මෙහි දී ඔහු වහරණ බස ඉතා සරලය. මටසිලුටුය. වියරණ නීති රැක ගන්නට දරන වෙහෙස අපමණය. එය අපට පසක් වන්නේ ඔහු පොතක් ලියන්නට අත තබන මොහොතේ සිට ඔහුගෙන් අපට ලැබෙන දුරකථන ඇමතුම්වලිනි. වියත් ඇසුරට ඔහු ප්‍රියය. එම සමාගම්වල දී හොඳ ඇහුම්කන් දෙන්නකු වෙමින් යමක් ඉගෙන ගන්නට දක්වන්නා වූ උනන්දුව ඔහු සතු කැපී පෙනෙන ලක්ෂණයකි.
Rs. 850.00Original price was: Rs. 850.00.Rs. 680.00Current price is: Rs. 680.00. -
(0)
බෙරගල කන්දේ නිධානය 2 – Beragala Kande Nidhanaya 2
“උතුමාණෙනි, උරුමය කියල දෙක තුනක් නෑ. උරුමය කියල කියන්නේ එක දෙයක්.’ වැදි ගැහැනිය කළු පැහැ ගැසුණු දත් පෙන්නා සිනා සෙමින් කීවා. “ගොයියගෙන් උගෙ පුතාට ලැබෙන උරුමය ගොයිකම, වැද්දගෙන් උගෙ පුතාට ලැබෙන්නෙ දඩයම. ඒ විදියට රජාගෙන් පුතාට ලැබෙන්නෙ මොකක්ද? ‘ එසේ කියා නැවත මුව අයා සිනාසුණ ගැහැනිය අවසානයේ මෙසේ කීවාය. ” රජකම….. රජකම “
Rs. 550.00Original price was: Rs. 550.00.Rs. 440.00Current price is: Rs. 440.00. -
(0)
බෙරගල කන්දේ නිධානය 1 – Beragala Kande Nidhanaya 1
මේ ගමනට ගෙදරින් අවසර දේවිද?
අපේ සිත් තුළ මතුවුණ ඉමහත් කුතුහලය නිසාම අපි මොහොතක් ගොළුවීමු. අනතුරුව වක්කඩ කඩා හැළුණාක් මෙන් අපි එකිනෙකා නිමල් අයියාගෙන් එක දිගට ප්‍රශ්න අසන්නට වීමු.
” බෙරගල කන්ද කොහෙද තියෙන්නේ? ”
” ඒක තියෙන්නෙ කුරුවිට පැත්තෙ ”
” ඒ කන්ද ගොඩාක් උසයිද? ”
“ඔව්. සෑහෙන්න උසයි. ඒක කන්දක් කීවට සැතපුම් සිය ගණනක් ඈතට විහිදුණු කඳු වැටියක්. මේ බෙරගල කන්දත් ඒ කඳු වැටියේම කොටසක්. බෙරගල කන්ද වටා පැතිරුණ මහ වනය තමයි මේකෙ තිබෙන විශේෂත්වය.’
” මොකක්ද ඒකෙ තිබෙන විශේෂත්වය ? ‘
” ඒක වසර දස දහස් ගණනක් ඉපැරණි මහා වනාන්තරයක්.’ නිමල් අයියා විස්තර කරන්නට විය. ඒකෙ දුර්ලභ ගණයේ ඖෂධ පැළෑටි, දුර්ලභ ශාක වර්ග වගේම වෙනත් ප්‍රදේශ වල දක්නට නැති පාෂාණ වර්ගත් තිබෙනවා.”
“එහෙම වෙන්නෙ කොහොමද? ඒ වනාන්තරයෙ පමණක් එහෙම විශේෂයක් මොකද?” කෝකටත් හොට දමන නාලිනී ඇසුවාය.
“එවැනි විශේෂ භුමි ලක්ෂණ තිබෙන තැන් අපේ මේ මහ පොළොවේ විවිධ ස්ථානවල තියෙනවා.* නිමල් අයියා මඳක් කල්පනාකාරීව කීවේය. උතුරු ඇමෙරිකාවේ තියෙන පංච මහා විල් ප්‍රදේශ එවැනි එක් තැනක්.Rs. 550.00Original price was: Rs. 550.00.Rs. 440.00Current price is: Rs. 440.00. -
(0)
සැඟවුණු උයන – Sangauna Uyana
ඉන්දියාව බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක්ව පැවැති අවධියේ
එහි සේවය කළ බ්‍රිතාන්‍ය ජාතික යුවළකට දාව උපන් මේරි
ලෙනොක්ස් දැරීය ළපටි වියේදීම මෙලොව තනිවෙයි.
යෝක්ෂර් හි වෙසෙන ධනවත් ඥාතිවරයකු වෙත යවන
ලද මේරි ඔහුට අයත් අති විශාල ගෘහයෙහි ද, කෙළවරක්
නොදැකිය හැකි වතුපිටිවල ද නිතර සැරිසැරීමට පුරුදුව
සිටියාය. දිනෙක අහම්බෙන් මෙන් සියල්ලන්ගේම
මතකයෙන් ගිලිහී, සැඟව තිබූ උයනක් ඇයට හමුවෙයි. ඒ
වනතුරුම කිසිවෙකු හෝ කිසිවක් ගැන තැකීමක් නොකළ
දඩබ්බර චරිතයක් වූ මේරි මේ රහස් උයන කෙරෙහි
ඇල්ම උපදවා එය යථා තත්ත්වයට පැමිණවීමට දැඩි සේ
වෙහෙසෙයි. රහස් උයන මල් ඵල දරා වැඩෙත්ම ඇයගේ
චරිතය ද පරිවර්තනයකට ලක්වෙයි.Rs. 1,200.00Original price was: Rs. 1,200.00.Rs. 960.00Current price is: Rs. 960.00. -
(0)
නිෂ්පත්ති – Nishpaththi
“කීයක් හරි ඉතුරු කරගනිං… අත් දෙක වනවනා මිනිහෙක් එක්ක ගියදොට උඹටමයි අන්තිමේ කතන්දර අහන්න වෙන්නෙ..” ගෙදර සිටි දින දෙක තුළ අම්මා දහ දොළොස් වතාවකට වඩා මැතුරූ මන්තරය වූයේ එයයි. තිළිණි එය නොදැන සිටියා නොවේ. එහෙත් අනාගතය වෙනුවෙන් ඉතිරි කරන්නට නම් වර්තමානය තුළ ජීවත් විය යුතුය. ජීවිතය විඳිය යුතුය. තිළිණි විශ්වාස කළේ එයයි. එසේම ඇය පිරිමින් සම්බන්ධයෙන් දැක්වූයේ එතරම් යහපත් ආකල්පයක් නොවේ. විශේෂයෙන්ම තමුන් දන්නා ගමේ උදවිය, ඥාතීන්, පවුලේ හිතවතුන් ගත් කළ පිරිමින් යනු හුදු පීඩකයන් පමණකි.
Rs. 1,200.00Original price was: Rs. 1,200.00.Rs. 960.00Current price is: Rs. 960.00. -
(0)
දුවකගේ කඳුළු – Duwakage Kandulu
දුවකගේ කඳුළු ගැන…..
ප්රේමකීර්ති ද අල්විස් නම් කලාකරුවා ගැන හෝ දයා ද අල්විස් නම් වු ප්රවීණ ගුවන් විදුලි වැඩසටහන් නිෂ්පාදිකාව, නවකතාකාරිය, ගීත රචිකාවිය ගැන හෝ නොදන්නෝත් සාහිත්ය කලා ක්ෂේත්රයෙහි වෙත්ද? සුරංගී මේ සුප්රකට කලාකරුවන් දෙපොළගේ එකම දියණිය වුව එක වහලක් යටදී සිය මාපිය සෙනෙහස ලබන්ට තරම් වාසනාවන්තියක නොවූවාය. මන්දයත් සුරංගීගේ බාල කාලයෙහිම ප්රේම කීර්තිත් දයාත් නෛතිකව වෙන් වූ බැවිනි. මේ වෙන්වීම හෝ මෙබඳු වෙන්වීම් සංවේදී දැරියකගේ ජිවිතයට කවර නම් අයුරකින් බලපාතියි සිතිය හැකිද?“දුවකගේ කඳුළු’ නමින් මෙසේ එළිදකින්නේ ඒ සිතුවිලි සමුදායයි. සුරංගී මෙහිදී සමාජයට නොබියව හදවතට අවංකව අනුවේදනීය ස්වරයකින් සිය අත්දැකීම් ලොවට හඬගා කියන්නීය. එමගින් දෙදරා යන කුලගෙවල වසන යුවතිපතීන්ට ස්වකීය විවාහ සංස්ථාව ගැන යළි යළිත් සිතන්නට ඇරයුම් කර සිටින්නීය.
මහාචාර්ය සුනිල් ආරියරත්නRs. 1,000.00Original price was: Rs. 1,000.00.Rs. 900.00Current price is: Rs. 900.00. -
(0)
අම්මා – AMMA (උපුල් ශාන්ත සන්නස්ගලසන්නස්ගල)
අම්මා ගැන හිතලා හිතලා ම තමයි මගේ පපුවඇතුළෙ තියෙන මස් වැදැල්ල හදවතක් වුණේ.මෙතන ඉන්න වැඩි දෙනෙක් ලබන ආත්මයක්විශ්වාස කරනවා. එහෙම ලබන ආත්මයක්තියෙනවා නම් මං කැමතියි ගැහැනියක් වෙලාඋපදින්න. ඒ ආත්මේ දී මගේ අම්මා මගේ කුසේපිරිමි කළලයක් වෙලා උපදින්න ඕනඑතකොට මට පුළුවන් පිරිමි පුතෙක් හදන්නමං අම්මා වගේ ගෑනියෙක් වෙලාඒ පුතා වෙනුවෙන් මට පුළුවන් දුක් විදින්නඒ හින්දා නිවන් යන්න ඉස්සෙල්ලා ආයෙත්මගේ බඩේ පිරිමි පුතෙක් වෙලා උපදින්නරත්තරං අම්මේ!’Rs. 1,600.00Original price was: Rs. 1,600.00.Rs. 1,280.00Current price is: Rs. 1,280.00. -
(0)By : James Niranjan-
දකින්න වෙනස්ව ජීවිතය – Atomic Habits
ජීවිතයට ඵලදායී විශාල පුරුදු ගොඩනගා ගත හැක්කේ අප තුළ ඇති සියුම් පුරුදු දිනෙන් දින ස්ථිරසාර ලෙස වැඩි දියුණු කර ගැනීම තුළිනි. පුරුදු ගොඩනැගීම පිළිබඳ ලොව ප්‍රකට විශේෂඥයකු සේම ගත්කතුවරයකු ද වන ජේම්ස් ක්ලියර් විසින් මෙම කෘතිය සම්පාදනය කරන ලදී.
ලොව පුරා මිලියන ගණනකගේ ජීවිත සාර්ථක කර ගැනීමට ඉවහල් වූ Atomic Habits කෘතියේ සිංහල පරිවර්තනය ඔබට ඒ සදහා ප්‍රායෝගික උපාය මාර්ග පෙන්වා දෙයි.
Rs. 1,000.00Original price was: Rs. 1,000.00.Rs. 900.00Current price is: Rs. 900.00. -
(0)
වසන්තය නුඹම විය – Wasanthaya Nubama Viya
බෙහෙත් දාගෙන ඇවිත් යෂ් ආයෙම කමිසෙ මගේ අතින් අරගෙන ඇඳගත්තේ මගේ දිහා අර අමුතු බැල්මෙන් බලාගෙනමයි. ඒ මොන දේ දරාගෙන හිටියත් මට දරාගෙන ඉත්තම බැරි වුණේ ඩොක්ටර් අතට සිරිංජර් එක ගන්නකොටයි. “සර්, මම එළියට යන්නද?” පුත්තලම් බුරුවො දෙන්නෙක්ගෙ වයසට ළං වෙලා හිටියත් එන්නත් වලට තියෙන බය නැති කරගන්න අදටත් මට බෑ. පොඩ්ඩක් එක තැනක ඉන්න බැරිද, ආ…? ඩොක්ටර් ඉන්නවා කියලා බලන්නෙත් නැතුව යෂ් ඒ පාර බණිනවා. “එහෙනම් සර් මම සර්ගේ අතින් අල්ලගන්නද?” මම ඇහුවෙ හිමින්, එන්නත් කටුව දකිද්දි මම මොන සෙල්ලමක් නටයිද කියලා මමම දන්නෙ නෑ. මිස්, බය වෙන්න එපා. මම එයාට රිදෙන්න විදින්නෙ නෑ”. ඒ පාර ඩොක්ටර් සමයං කියවනවා. ඒත් ඉතින් කටක් ඇරලා කියන්නෙ කොහොමද මගේ ඇත්ත තත්වේ.. ඒ වුණාට මට ඩොක්ටර්ව ෂුවර් නෑ මම සර්ව අල්ල ගන්නම්. තැනට සුදුසු විදියට වචනයක් දෙකක් එහෙන් මෙහෙන් දාලා අවසරේ ලැබෙන්නත් කලින්ම මම යෂ්ගෙ අතක එල්ලුණා. ඩොක්ටර් හිනාවෙලා එන්නත අතට ගත්තා නොබලනවාම කියලා හිතාගෙන හිටියත් මගේ ඇස් කෙළින්ම එල්ල වෙලා තිබ්බේ එන්නත දිහාවට බයටද මන්දා මාව ගැහෙනවත් එක්ක. ඒ කටුව ටිකින් ටික යෂ්ගෙ අත සිදුරු කරගෙන ඇතුළට යද්දි මගේ ඇඟම හිරිවැටෙන්න ගන්නා ඊටත් ටික වෙලාවකට පස්සෙ මුළු ලෝකම අඳුරු වෙලා පේන්නෙ නැතුවම ගියා.
Rs. 1,800.00Original price was: Rs. 1,800.00.Rs. 1,440.00Current price is: Rs. 1,440.00. -
(0)
සංසාර සක්මන් – Sansara Sakman
මේ ගෙවීයන්නේ මගේ දිවියේ
තීරණාත්මක සංක්‍රාන්ති සමයයි. වරෙක,
දිවියට තදින් පෙම් බැඳි, එහි රසය විඳි
මගේ හැඟුමන් එකතැනක නතර වී ඇති
හැඩක් මට දැනේ. නින්දත් නොනින්දත්
අතර ගෙවී ගිය ඒ රාත්‍රියේ ඒ අමිහිරි
මතකයන්, මිහිරි මතකයන් පළවාහරිමින්
මතුව ආවේ මට තව තවත් රිදවමිනි.
පාන්දරින්ම ඇරඹුණු මහා වරුසාවේ
තවමත් අඩුවක් නැත. සුළඟද එසේමය.
සුළඟේ සැරට අවට වූ ගස්වැල් කිරි
කිරිස් හඬින් ඇඹරෙන හඬ අතරින්
වැස්සේ හඬ මට පැහැදිලිවම
ඇසෙන්නට විය. ඒ හඬට මම අසීමිතව
පෙම් බැන්ඳේ පුංචි සන්දියේ සිටමය.
වැස්සේ හඬ හා වැස්සක් පිළිබඳව මගේ
ප්‍රථම මතකය සේතං නයිදෙගෙ
කරත්තයේ නැඟී රොටවැවේ සිට
අඹගහවෙළ හංදියට පැමිණි දා බැව් මම
සිතමි. එහෙත්, ඒ මා පෙම් කළ වැස්සම
වැටී පිරී ගිය රොට වැව මගේ ජීවිතයට
මෙතරම් බලපෑමක් ඇතිකරාවි කියා නම්
මම කිසිදාක නොසිතුවෙමි.
Rs. 1,200.00Original price was: Rs. 1,200.00.Rs. 960.00Current price is: Rs. 960.00. -
(0)
කොළඹ ගණිකාවෝ – Colaba Ganikawo
මෙය එදාවේල සොයා ගැනීමේ අභිලාෂයෙන් තම සිරුර සිල්ලරේ විකුණන අහිංසක ගැහැනුන් පාදක කර ගනිමින් ලියූවක් නොවේ.
සත්‍යය සිදුවීම් පමණක් අන්තර්ගත කරමින් ලියැවුණු මේ කතා සමුච්ඡයෙන් පෙන්වා දීමට උත්සාහ ගන්නේ මේ රටේ මිනිසුන්ට පහසුවෙන් ඇස නොගැටෙන වරප්‍රසාද ලත් සුපිරි සමාජයේ මැඩම්ලාගේ ලිංගික කෙරුවාවයි. තම සුන්දර රූපකාය ලිංගික අල්ලස් වශයෙන් ලබා දී දහසකුත් එකක් වරදාන හා වරප්‍රසාද ලබා සමාජයේ ගෞරවනීය අයුරින් වැජඹෙන ඉහළ සමාජ තීරුවේ කතාවයි.
තම සිරුර ලිංගික අල්ලසක් ලෙස ලබා දී පාර්ලිමේන්තුවේ, සංස්ථා සභාපති පුටුවේ, මහාචාර්ය තනතුරේ හා නීතිය හොබවන ඉහළ පුටුවලත්, තවත් කී නොකී ඉහළ තැන්වලටත්, පහසුවෙන් රිංගා ගත් ගණිකාවන් ලෙස ලේබල් නොවූ ගණිකාවන්ගේ කතාවයි. ඔවුනට කිසිවෙකු බඩුව, ගොනා, සතා හෝ වේසි කියා ආමන්ත්‍රණය නොකරති. කට පුරා “මැඩම්” කියාම කියති.
Rs. 1,500.00Original price was: Rs. 1,500.00.Rs. 1,200.00Current price is: Rs. 1,200.00. -
(0)
කාසාවකණ්ඨක සිල් බිදුනු පැමිණිල්ලක් – Kasawantaka Sil Bidunu Pemanillak
Rs. 950.00Original price was: Rs. 950.00.Rs. 760.00Current price is: Rs. 760.00. -
(0)
ගුරු ගීතය – Guru-Geethaya කෙහෙලි ප්‍රකාශන
එසේ වුණද ඇඳ අවසාන නොකළ ඒ පින්තූර ගැන ඔබ සමඟ කතා කිරිමට මා කැමතිය.ඔබේ උපදෙස් මට බෙහෙවින්ම වටී.මා අඳින චිත්රය පළමුවැනි ගුරුවරයාට,අපේ අයිලයේ පළමුවැනි කොමියුනිස්ට් වාදියාට දුයිෂෙන්ට කැප කරන බව ඔබ දැනටමත් දන්නවා ඇතැයි මම සිතමි. සටන් වලින් පිරී, ඒ අසීරු ජීවිතයත්, විවධ ඉරණම්වලට කැපවු මිනිස් හැගීම් සහ බලාපොරොත්තුත් තෙලි තුඩින් හා සායම්විලන් පිළිබිඹු කල හැකිදැයි මම නොදනිමි.සියල්ල කැටිකොට දැක්වීමට තරම් ශක්තියක් මට තිබේද මා ආසා කරන්නේ මගේ අදහස් ඔබට කියාපෑමට පමණක් නොවේ.ඔබ මා සමඟ එක්වි නිර්මාණාත්මක කලාවේ කොටස්කරුවෙකු විය යුතුය.
Rs. 350.00Original price was: Rs. 350.00.Rs. 280.00Current price is: Rs. 280.00. -
(0)
සුසුමක් අද්දර – Susumak Addara
“මොකදතමුසෙ හොරගල් අහුලනවද?”ඇගෙන් උත්තරයක් තිබුණෙ නෑ. ඇය කලේසුසුම් පිට කරපු එක.“ඇයි පාරට ආවෙ? මං ඉන්නවද බලන්නද…..?”ඒ ප්රශ්නයටවත් ඇගේ ළඟ උත්තරයක්නැති හැඩයි. ඔහු ඇයව තමන්ගෙපැත්තට කේන්තියෙන් හරවගත්තා.“කතා කරනවා….”“ගේ…ට් එක ලොක් කර…..න්න”“ඇත්තට….? තමුසෙ වෙනදත් ගේට් එකලොක් කරන්නේ මෙහෙමද? ගේට්ටුවඇරලා, පාර දෙපැත්ත බලලා,කොණ්ඩෙ මේරෝස පඳුරෙ පටලවගෙන….. එහෙමද?“අනේ…… යන්න දෙන්නකෝ…..”“බෑ…. යන්න දෙන් නෑ.. ආවා නම් එළිවෙනකම් මාත්එක්ක මෙහෙම ඉන්නවා අද.”Rs. 1,100.00Original price was: Rs. 1,100.00.Rs. 880.00Current price is: Rs. 880.00.
-
බෙරගල කන්දේ නිධානය 2 – Beragala Kande Nidhanaya 2
Original price was: Rs. 550.00.Rs. 440.00Current price is: Rs. 440.00.“උතුමාණෙනි, උරුමය කියල දෙක තුනක් නෑ. උරුමය කියල කියන්නේ එක දෙයක්.’ වැදි ගැහැනිය කළු පැහැ ගැසුණු දත් පෙන්නා සිනා සෙමින් කීවා. “ගොයියගෙන් උගෙ පුතාට ලැබෙන උරුමය ගොයිකම, වැද්දගෙන් උගෙ පුතාට ලැබෙන්නෙ දඩයම. ඒ විදියට රජාගෙන් පුතාට ලැබෙන්නෙ මොකක්ද? ‘ එසේ කියා නැවත මුව අයා සිනාසුණ ගැහැනිය අවසානයේ මෙසේ කීවාය. ” රජකම….. රජකම “
-
සුසුමක් අද්දර – Susumak Addara
Original price was: Rs. 1,100.00.Rs. 880.00Current price is: Rs. 880.00.“මොකදතමුසෙ හොරගල් අහුලනවද?”ඇගෙන් උත්තරයක් තිබුණෙ නෑ. ඇය කලේසුසුම් පිට කරපු එක.“ඇයි පාරට ආවෙ? මං ඉන්නවද බලන්නද…..?”ඒ ප්රශ්නයටවත් ඇගේ ළඟ උත්තරයක්නැති හැඩයි. ඔහු ඇයව තමන්ගෙපැත්තට කේන්තියෙන් හරවගත්තා.“කතා කරනවා….”“ගේ…ට් එක ලොක් කර…..න්න”“ඇත්තට….? තමුසෙ වෙනදත් ගේට් එකලොක් කරන්නේ මෙහෙමද? ගේට්ටුවඇරලා, පාර දෙපැත්ත බලලා,කොණ්ඩෙ මේරෝස පඳුරෙ පටලවගෙන….. එහෙමද?“අනේ…… යන්න දෙන්නකෝ…..”“බෑ…. යන්න දෙන් නෑ.. ආවා නම් එළිවෙනකම් මාත්එක්ක මෙහෙම ඉන්නවා අද.”





















