-
සමදුරු මේඛලා – Samaduru mekala
Original price was: Rs. 500.00.Rs. 450.00Current price is: Rs. 450.00.ප්‍රියත්ත දගකාරයෙක් සේ සෑම අවස්ථාවකම් ක්‍රියා කළේය. මේ නිසා සුනිලට හා සමන්ට ඇති වූ ගැටළු නිමක් නොවන කරම් ය. ඒ හැම අවස්ථාවකදී ම ප්‍රියන්නට කොතෙක් උපදෙස් ලබා දුත්ත ද ඔහු තම දගකාරකම් අත්හළේ නැත. ඊයේ ඇති වූ ගැටුම පිළිබඳව සුනිල් යළිත් කල්පනා කළේ මෙය තව කොතෙක් දුරට ව්‍යාක වේ දැයි හදවතේ ඇති වූ බිය යටපත් කර ගනිමිනි. මීගමුව ප්‍රදේශයේ දින කීපයක වාරිකාවක් සඳහා ප්‍රියන්තට සුනිල්ට ආරාධනා කළේ සමන් විසිනි. සමන් හේ ලොකු තාත්තා මීගමු ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවෙකු බැවින් ඔවුන් වාසය කළේ මීගමු වෙරළට ආසන්නව ය. සමන් බොහෝ නිවාඩු අවස්ථා වල මෙහි පැමිණ මුහුදේ අසිරිය බලමින් විවේකය ගත කිරීමට මහත් අභිරුචියක් දැක්වීය. මෙවර ඔහු තම මිතුරන් දෙදෙනාට ද මෙහි පැමිණීමට ආරාධනා කළේ ඒ සතුව තවත් වැඩි කර ගනු සඳහා ය.
-
සැතපෙන තොටුපළ – Sathapena thotupala
Original price was: Rs. 400.00.Rs. 360.00Current price is: Rs. 360.00.කවදාවත් හිතුවේ නෑ, මම මැරුණ කෙනෙකුට මේ තරම් ආදරය කරයි කියලා. ඇත්තටම මගේ ජීවිතේ මට ආදරෙත් එක්කවක්, මරණයත් එක්කවත් ප්‍රශ්නයක් තිබුණේ නෑ. මට ප්‍රශ්නයක් තිබුණේ ජීවිතේ ගැන. මිනිස්සු ඇයි මැරෙන්නේ? මට ඒක ප්‍රශ්නයක් වුණේ නෑ. ඇත්තටම ඇයි මිනිස්සු ජීවත් වෙන්නේ? මගේ ප්‍රන්නේ තිබුණේ එතැන. ඒ වුණාට මට කවදාවත් මැරෙන්න හිත හදාගන්න බැරි වුණා. මිනිස්සු මැරුණාම හරිම සාමකාමියි. මට එයාව මුණගැහුණේ එයා මැරිලා ඉන්නකොට ඒත්; එයා මාත් එක්ක ජීවත් වුණා. දැන් එයා මැරිලා. ඒත් මම තාමත් එයාත් එක්ක ජීවත් වෙනවා. ඇත්තටම ඒක අහම්බයක්. මට ඕන වුණේ නෑ ගෑණු නාන දිහා හොරෙන් බලන් ඉන්න. මොකක් දෝ කරුමෙකට එදා මම දන්නෙත් නැතිව මම දැක්කා, උන් නානවා. ඒ වුණාට ඊට කලින් මම ගෑණු නානවා ඕන තරම් දැකලා තියෙනවා. ඒ මම උන් නාන දිහා හොරෙන් බලන් ඉඳලා නෙවෙයි. මම හිටියා කියලා ගාණක් නෑ උන් උන්ගේ පාඩුවේ නෑවා. මම මගේ පාඩුවේ බලන් හිටියා. එදා වෙනසකට වුණේ මම උන් නාන දිහා හොරෙන් බලන් ඉඳපු එක විතරයි. එදා මට දැනුණේ කුතුහලයක්ම විතරයි. වෙන කිසිම විදියේ හැඟීමක් මට දැනුණේ නෑ. එදා මම හොරෙන් බැලුවා කියලා රෙද්ද උස්සන් ආපු ගෑණු වෙනදාට රෙද්ද උස්සන් මම ඉන්න තැනම ඕන තරම් නාලා තියෙනවා.
-
සිකුරාජධී – Sikurajadhi
Original price was: Rs. 950.00.Rs. 855.00Current price is: Rs. 855.00.ඉතින් මිස්ලා … කොහොමද ? වාඩිවෙන්ට වාඩි වෙන්නන්ට.. විදුහල්පතිතුමා තමන්ගේ මෙසෙ ඉස්සරහ තිබ්බ පුටු දෙක කෙල්ලො දෙන්නට පෙන්නුවා. තාරුකා මේසෙට ළං කරල තිබබ බර ලී පුටුව හෙමින් සැරේ අදින්න හදන කොටත් රේෂානි “බරා ස්!” ගාල තමන්ගේ පුටුව ඇදල ඉවරයි! ඒ සද්දෙට ප්‍රින්සිපල් විතරක් නෙවේ. ඇතුළට එන ගමන් හිටිය කාකාසත් ගැස්සිලා ගියා. “!” තාරුකාගෙ තරවටු කටහඩ රහසින් ඇහෙන කොට තමයි රේෂානිට සිද්ධිය තේරුණේ. හරිම අසරණ ගිනාවක් මුණට ගත්ත රේෂානි ප්‍රින්සිපල් දිහා බැලුවා. ප්‍රින් සිපලුත් අමුතුවට මුණ හදාගෙන ඊෂානි දිහා බලාගෙන හිටියා. අනේ සොරි සර්……..ෆ්ලෝ එකේ වැලිද කොහෙද….. පුටුව අදින කොට එකයි සද්දෙ ආවෙ. අතුගාල නැද්ද මන්දා… තාරුකා හෙමින් සැරේ මුණ බිමට නවාගෙන නළල අතගාගත්තා! ඒ ගමන්ම ආයෙම රහසින් වගේම ටිකක් තදින් “රේ…!” කියල කිව්වා. ප්‍රින්සිපල්ගේ ඇස් ලොකු වුණා. ඒ එක්කම ලොකු වුණ ඇස් දෙක ගියෙ කාකාසගේ පැත්තට. ඒ පාර නම් ඇස් ලොකු වුණේ කාකාසගේ ! ම – මම උදේ අතුගැවනෙ සර්. මම ආව ගමන් කරන්නෙ ඔෆිස් එක අස් කරන එකනේ…” ඒත් ඉතින් ප්‍රින්සිපල් නම් කළේ කාකාසගෙ දිහා බලාගෙන හිටපු එක ! *ඇයි? * විනාඩි යයි තප්පර පහකට විතර පස්සෙ ප්‍රින්සිපල් කාකාසගෙන් ඇහුවා. ඈ..! ඇයි අහන්නෙ සර්, ඉතින් ඔෆිස් එක අස්පස් කරල අතුගාන්ට එපායැ!”
-
සිතේ කෙටණූ දේවනගර – Sithe ketunu devanagara
Original price was: Rs. 1,200.00.Rs. 960.00Current price is: Rs. 960.00.මතුපිට එකතු ව ඇති කඩිත්තක දිය නළියනවා සේ පෙනෙන තරමට දැඩි අව් රැසින් උණුහුම් වූ මාර්ගය ඔස්සේ ඈතින් ඇදි එන කුඩා වැන් රියෙකි. වනයේ දී නම් දිය නළියනවා සේ පෙනෙන හෙයින් මේ සැබෑ වතුර යැයි රැවැටී එහි වෙසෙන පිපාසිත මුවන් එය කරා දුව එතැයි පැවැසේ. එහෙත් මුවන් සමීප වන විට ඒ දිය තව තව ඈතට යේ. එහි ඇති මායාව එයයි. එය මායා – දියෙකි. වෑන් රියට ඉහළින් උස් අහස් කුස වටා රවුම් ගසන උකුස්සකු ඇයට පෙනේ. විහිදාගත් තම තටු නොසලා රවුමේ යන ඌ ඉහළට ඉහළට යයි. මායා දිය නොහොත් මිරිඟුව ඇති වනුයේත් උකුස්සාට පාවී ඉහළට යාමට වායු ප්‍රවාහය තනනුයේත් දහවල පොළොව රත් වී ඉහළට නැගෙන සංවහන වායු දහරායි. ඉහළට නැඟෙන වායු වැල් හඳුනාගෙන ඒ ආධාරයෙන් තටු නොගසා නොවෙහෙසී ඉහළට නැඟීමේ නුවණ උකුස්සා පරිණාමයෙන් ලත් වාසියෙකි. එහෙත් මුවා දිය මායාවට රැවැටී ඒ කරා යෑමෙන් මුදවා ගැනීමේ නුවණ ලබා දීමට පරිණාමයට නොහැකි විය. වෑන් රිය නතර කළ විට දරුවෙක් රියෙන් බැස්සේ ය. ඒ හාම බැසගත් කාන්තාවක – බස් රියදුරුගේ බිරින්දෑ – පාරෙන් මෙපිටට පුතු සමඟ විත් යුහු යුහු ව ආපසු ගියාය. දරුවා තම එක් අතක් පද්දමින් ගේට්ටුව කරා ඒ. ගේට්ටුවෙන් ඇතුළත නා නා තරමේ අනේක ගස් ගහන ගෙවත්තේ අඳුරු ගොම්මනේ ඇති උස් සොල්දර ගෙයක පහත මාලයේ ජනේලයෙන් ඇය බලාගෙන සිටින්නීය.
-
සිම්පල් සයිමන්
Original price was: Rs. 1,000.00.Rs. 800.00Current price is: Rs. 800.00.ඉපදුනේ හැට දෙකේ. පේරාදෙනියේ වළේ සිංහබාහු බලනකොට මට අටයි. හැත්තෑ එකේ කැරැල්ල ගැන ප්‍රවෘත්ති අහන්න, අපි අල්ලපු ගෙදර රේඩියෝව ළඟ ඇන තියා ගත්තේ, පන්සලේ බණ මඩුවට ගොඩවෙච්ච සැදැහැවත් පිරිසක් වාගේ. ඒක කටකාර අම්මණ්ඩි කෙනෙක් වාගේ විශාල වෑල්ව් රේඩියෝවක්.
“ වේලාව සවස හයයි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති…” කියලා ඇහෙන කොටම අපි කට ඉස්සර කරලා නිවේදකයාගේ නම කියනවා. මගේ ප්‍රියතම ප්‍රවෘත්ති නිවේදකයා වුණේ සිරිල් රාජපක්ෂ මහත්තයා. ඒ කාලේ, අපි නොදන්න නිවේදකයෙක් ගුවන් විදුලියේ හිටියේ නැති ගානයි. අපි ඒ තරමටම ගුවන් විදුලියට සමීපයි. වැඩ සටහන් නිෂ්පාදකයින් අතරින් මගේ සිත් ගත්තේ එච්.එම්. ගුණසේකර, මඩවල එස්. රත්තනායක, අමරදාස ගුණවර්ධන, රවිලාල් විමලධර්ම වාගේ නිවිච්ච වැඩිහිටියෝ.
සෑම අගෝස්තු මාසයකම, පළවෙනි කුඹල් පෙරහැරේ ඉඳලා අවසාන රන්දෝලිය වෙන කල් හැම පෙරහැරක්ම අතනෑර බැලුවා. මගේ මිතුරෝ පෙරහැරේ අලි ගණන් කරද්දි, මං හැකි සෑම බෙර පදයක්ම කටපාඩම් කරගත්තා.
————————————————————————–
සිම්පල් සයිමන්
කතෘ – විෂ්ණු වාසු -
සිල්වර් ටිප්ස් – Silver tips
Original price was: Rs. 1,600.00.Rs. 1,440.00Current price is: Rs. 1,440.00.රාත්‍රියේ පූර්වභාගයේ වැසි වැටුණේ සෙමිනි. එය මංගල යුවළකට පිංතුර සැමරුමකට කදිම මෘදු වැස්සකි. මනා ආලෝකය පාලනයකින්, විශිෂ්ට ගණයේ පිංතූර නිර්මාණය කර ගත හැකි කුඩා බිඳු සහිත වැස්සකි. මනමාලිය කළඹ අහසට විසි කරනා විට මල් සිඹින දිය බිඳු පවා පැහැදිලිව ඡායා රූගත කළ හැකි වැස්සකි. කොටින් ම මල් වැස්සකි. එහෙත් මධ්‍යම රාත්‍රිය වන විටදී වැසි බිඳු ක්‍රමයෙන් ප්‍රසාරණය වී මල් කළඹකට ඔරොත්තු නොදෙනා තත්වයට පත්වෙමින් තිබිණ. අවට පරිසරයේ නැගී සිටි රූස්ස ගහ කොළට පවා ඒ දෙන රිදුම ඉවසිය නොහැකිව බොහෝ වේලාවක් මුගුරකින් තැළුම් කන්නා සේ වේදනාවෙන්, එහෙත් නොබිණූ මුවින් නිදි වර්ජිතව සිටින්නට හිත හදාගෙන සිටියේය. වරින් වර පිපුරුණු අකුණු, උස්ම තුරු හිස් මත පතිත වී, ගස් බඳ බිහිසුණු විදුලි වෙලීමකට ලක්කොට මුදුන් මුල ඔස්සේ දිය බරිත පොළොව පුපුරවා, කිමිදී, අතුරුදහන් වෙමින් තිබුණේය. හිරි වැටී ගිය තම සිරුර නිරුපද්‍රිතද යන්න රූස්ස ගහ කොළට සොයා බලන්නට උපකාරී වූයේ ක්ෂණයකින් ඇති වී නැති වී යන විදුලි එළියයි. ඔව්… එය මුරු ගසන් වර්ෂාවයි. රාත්‍රියේ පශ්චිම භාගය වන විට පුපුරා හැලුණු අහස, ක්‍රමයෙන් ශාන්ත වෙමින් සිටියේය. අකුණු හඬ ඈතින් ඈතට යමින් නුස් පොකුණු කන්දෙන් එපිට සිට දුර්වල අලෝක ධාරා එල්ල කරමින් සිටියි. හෙණ හඬ ඇසෙන්නේ ඇතින් දුම්රියක් කන්දක් නගින හඬ සිහිගන්වමිනි. පරිසරය සන්සුන් වුවද, නොකඩවා දිය උරා බිව් හෙයින්ද, අවශේෂ කුඩා ඇළ මාර්ග වලින් සහ කාණු වලින් සපැමිණි ජල ධාරාවන් නිසාද කුඩා වැල් ඔයට තම ඉවුරු වල උසත් සිරුරේ පළලත් පාලනය කර ගැනීමට දැඩි සටනක නියුක්ත වන්නට සිදුව තිබිණි. බොහෝ වැසි කාලවලදී ඔය, එවැනි හැලහැප්පීම්වලට මුහුණ දෙයි. එහෙත් ගඟකට කිසි දිනෙක ඉවුරක් කඩා බිඳ දමනවා මිස උස්ව නගාලන්නට නොහැකිය. ගොඩ කර ගන්නවා මිසක පතුල හාරා ගැඹුර වැඩි කර ගැනීමට නොහැකිය. උස්ව නැගුණු ජල කඳ නිසා ගම්මානයේ සියලුම බොක්කු, කුඩා පාලම් සහ ඒ දඬු ගෑවී නොගෑවී යන්නට තරම්
















