• -20%
    (0)

    ආර්යා

    වේලාව පාන්දර හතරහමාරට ආසන්නය. ප්‍රභූ ආරක්ෂාව සපයන සුදු පැහැ ඩිෆෙන්ඩරයට පසුව එන කළු පැහැ බීඑම්ඩබ්ලිව් රථය දැන් පැහැදිලිව ගඩාෆිට පෙනෙයි. තව ඇත්තේ තත්පර ගණනකි. ගඩාෆි ඉණ රැඳි පිස්තෝලය සුරතට ගෙන පොරවාගෙන සිටි වැරහැල්ලට යටින් පපුතුරයට කර ගත්තේය. එපමණකි!

    ගාල්ල පැත්තේ සිට කොළඹ දෙසට විදුලි වේගයෙන් ධාවනය වූ ටිපර් රථය දකුණු දෙසට කැපී හෙණ ගසන්නාක් බඳු හඬක් සමඟින් කළු පැහැ බීඑම්ඩබ්ලිව් රථයෙහි බඳේ වදිනු ගඩාෆි දුටුවේ සිහිනෙන් මෙනි. ඊළඟ තත්පරයේ දී බීඑම් ඩබ්ලිව් රථය පාලමේ ඇන්දද කඩාගෙන ගඟට වැටිණ.

    Original price was: Rs. 1,400.00.Current price is: Rs. 1,120.00.
  • -10%
    (0)

    බත්තලංගුණ්ඩුව – Baththalangunduwa

    කල්පිටි කළපු දියවර මත හිරු රැස් වෑස්සෙයි. ළා හිරු රැසින් තෙමී අවදි වී ඇඟමැළි කඩා ගත් කළපුව සරැලි නංවයි. සිහින් සරැලි එකෙකු පසුපස එකෙකු ලුහුබඳී. අඩුලුහුඬුකම් නැති රිද්මය චලනයකි. කෙළි දෙළෙනි.

    හිමි දිරියටත් නොදන්වා දවස අවදි වූවා වැන්න.

    වයඹදිග සතර දිග් භාගයට උදෑසන උදා වුව අහස මඳඳුරු ය.

    Original price was: Rs. 980.00.Current price is: Rs. 882.00.
  • -20%
    (0)

    යස්ස ළමිස්සි

    “හායි මම රාධිකා මේතා … මම මේ සුමානේ බඳනවා… ! මං වැඩ කරන්නේ ලොක ප්රසිද්ධ බැංකුවක් වෙච්ච ගොල්ඩ්මන් සැක්ස් ‌එකේ.මගේ කතාව කියවන හැමෝටම ස්තූතියි. හැබැයි පොඩ්ඩක් ඉන්න….මට තියනවා ඔයාලට අවවාදයක් කරන්න. ඔයාලා මට ඒ හැටි කැමති නොවෙන්න පුලුවන් …. ඒකට හේතු තුනක් තියනවා.
    1. මං නොසෑහෙන්න හම්බ කරනවා.
    2. මට හැමදේකටම මගේය කියලා මතකයක් තියනවා.
    3. මට මීට මීට කලින් කොල්ලෙක් ඉඳලා තියනවා.
    එක්කෝ කොල්ලෝ දෙන්නෙක්ම හිටියා කියමුකෝ. හ්ම්.. කොල්ලෙක් නම් ඔයාලට මේ එකක්වත් ප්රශ්න නොවෙන බව මම දන්නනවා.එත් මං කෙල්ලෙක් වෙච්ච හින්දා, මේ කිව්ව කාරණාත් එක්ක ඔයාල මට එච්චර කැමති වෙන්නේ නෑ…එහෙම නේද එච්චර විතරක් නෙවෙය .. සමහර විට ඔයාලා කියාවි, “මේකි මහ යස්ස ළමිස්සියෙක් නෙ” කියලත්
    Original price was: Rs. 1,750.00.Current price is: Rs. 1,400.00.
  • -10%
    (0)

    ඇහැළ මලට දම් පාටක්

    “පාරමී දන්නවද, මේ ඇහැළ ගහටත් නමක් තියෙනවා.”
    පුස්තකාල උද්යානයේ එපමණ මල් නොපිපෙන ඉසව්වක
    දලුලන කුඩා ඇහැළ පැළය අසලදී කසුන් කීවේය.
    පාරමීගේ සිහින් දෑස ඒ කුමක්දැයි ඇසුවාය.
    “The tree of Paramee…!”
    “මම පාරමී?”
    “ඔව්. හැමෝටම හෙවණ ලැබෙන තැනක තමන්ටම කියලා
    ගහක් තියෙන එක ෂෝක් කියලා පාරමීමනෙ කීවෙ.”
    “ඒත් මේක හිටෙව්වෙ මම නෙමෙයිනෙ.”
    මේ ගහ හිටෙව්වෙ මම. එයාට නමක් දුන්නෙත් මම.”
    “කසුන්… ඔයාට මතකද මම ඉස්කෝලෙ හිටවපු
    ඇහැළ ගහ? අපි ඒකට ඔයාගෙ නම තියමු.”
    “ඕන නෑ. පාරමී දන්නවනෙ, මම ආස එහෙම නෙමෙයි.
    අපැහැදිලි අමුතු මතකයක් වෙන්න.”
    “ඇයි ඒ?”
    “දන්නැද්ද ඉතින්, පොඩි පොඩි අරුමෝසම් හීන…!”

    Original price was: Rs. 1,200.00.Current price is: Rs. 1,080.00.
  • -20%
    (0)

    බිඳුණු බිලින්දා

    ඔබ විශ්වාස කරන්න. අකැමැති වුවත් විශ්වාස කරන්න. ළදරු වියේ සිට අට වසරක් යන තුරු තම පියා, මව හා තවත් වැඩිහිටි ගැහැනු, පිරිමි රැසක් විසින් ලිංගික අපහරණයෙහි යොදා ගන්නා ලද කුඩා දැරියකගේ හද කම්පා කරවන අනුවේදනීය අමිහිරි සත්ය කතාවයි මේ.
    මේ ඇගේ කතාවයි. අට හැවිරිදි ජෝඩි බ්රවුන්ගේ කතාවයි.
    Original price was: Rs. 1,350.00.Current price is: Rs. 1,080.00.
  • -20%
    (0)

    මූ නං මහ….

    සංගීතෙ…!

    සුරාව…! සූදුව !!

    පිරිමි… නිකම්ම පිරිමි නෙමෙයි,

    ජවය උතුරන පිරිමි…!

    නැටුම්…!

    ගැයුම්…!

    වැයුම්…! ඇයි රති කෙළි?

    තරු හතේ හෝටල්…

    සමාජ ශාලා…

    දිව්යලෝකෙ වගේ…!

    දෙවිවරු… දිව්යාංගනාවො වගේ!!

    ඒත් ඉතින්,

    පරසතු මලුත් පරවෙන්න පුළුවන්නෙ!

    ඊට කලින්

    රිංගලා බලමුද

    ඒ ලෝකෙට ?

     

    (“මූ” ගන්නවනං, “මේකි” ත් ගත්තොත් තමා සම්පූර්ණ!)

    Original price was: Rs. 1,200.00.Current price is: Rs. 960.00.
  • -20%
    (0)

    මේකි නං මහ….

    සංගීතෙ…!

    සුරාව…! සූදුව!!

    ගෑනු… නිකම්ම ගෑනු නෙමෙයි,

    රාගය උතුරන ගෑනු…!

    නැටුම්…!

    ගැයුම්…!

    වැයුම්…! ඇයි රති කෙළි?

    තරු හතේ හෝටල්…

    සමාජ ශාලා…

    දිව්‍යෙලා්කෙ වගේ…!

    දෙවිවරු… දිව්‍යාංගනාවො වගේ!!

    ඒත් ඉතින්,

    පරසතු මලුත් පරවෙන්න පුළුවන්නෙ!

    ඊට කලින්

    රිංගලා බලමුද

    ඒ ලෝකෙට ?

     

    (“මේකි” ගන්නවනං, “මූ” ත් ගත්තොත් තමා සම්පූර්ණ!)

    Original price was: Rs. 1,000.00.Current price is: Rs. 800.00.
  • -20%
    (0)

    හියුෆන්ට් ප්‍රේමේ

    ෂයිලා නැගිට්ටා. නැගිටල පැත්තක තිබ්බ වානේ අඩිකෝදුව අරං එයා ඇඳල හිටිය බ්ලවුස් එකේ පහළ වාටියේ ඉඳන්, බාබර සන්සෝනි සරමෙ ගැටේ දක්වා නිරාවරණය වෙලා තිබ්බ බඩ මැන්නා!

    ”බලන්න…. බඩ අඟල් 9 යි පෙන්නේ… මගේ උස අඩි පහයි… එතකොට මගේ ඇඟෙන් අඩි හතරයි අඟල් තුනක්ම වැහිල… ප්‍රසන්ටේජ් එකක් හැටියට ගත්තොත්….” ගැනී ළඟ තිබ්බ කැල්කියුටරේට කෙටුව…

    ”…දළ වශයෙන් මගේ ඇඟෙන් සීයට අසූ හතරක් වැහිල… සීයට දාසයයි ඕපන්…!  එතකොට මොකක්ද ප්‍රශ්නෙ?”

    ”හරි… හරි… ඒක මගෙන් අහන්න එපා… මම කැමතියි ඔයා ඔහොම නෙවෙයි, ඔයිටත් අඩුවෙන් ඇඳං එනවනං…” ෂානා කිව්ව.

    ”ඌ විතරක් නෙවෙයි.. අපිත් කැමතියි… ” පැත්තක හිටිය යසිරුවා හොම්බ දැම්ම…!

    Original price was: Rs. 1,000.00.Current price is: Rs. 800.00.
  • -20%
    (0)

    මරුබිම

    සිංහල පත්තරේක වැඩ කළත්..
    දෙමළ පත්තරේක වැඩ කළත් පත්තරකාරයෙක් විදිහට මං කරන්නේ.. එක ම දේ සුරේෂ්. ඉස්සෙල්ල ම අන්න ඒක.. උඹ තේරුම් ගනිං. මොන පත්තරේ වැඩ කළත් අපි කරන්නේ.. මිනිසුන්ගේ දුක් වේදනා ගැනයි.. මිනිසුන්ට සිද්ධවෙන සමාජ අසාධාරණකම් ගැනයි.. බය නැතුව කතා කරන එක. ඒ දේ කරන්න දෙමළ ජාතිකයෙක් වෙච්චි මං.. දෙමළ පත්තරේක ම වැඩකරන්න ඕනි නෑ.ඒකට ඕනි කරන්නෙ ඒ භාෂා දැනුම විතරයි. නියම පුවත්පත් කලාවේදියෙක් ජාතිවාදියෙක් නෙවෙයි සුරේෂ්. හැම වෙලාවෙ ම එයා මානව හිතවාදියෙක්.
    ඒ වගේ ම.. ජාත්යන්තරවාදියෙක්. අනෙක එයා කාටවත් ඕන
    Original price was: Rs. 1,350.00.Current price is: Rs. 1,080.00.
  • -20%
    (0)

    සුද්දීලාගේ කතාව

    රොමියෙල් අයියාර්සී කාරයෙකි. සුද්දි සිදාදියෙන් ගමට ආ ගැහැනියෙකි. සිරිමෙවන් මුදලාලි පහත රටින් පැමිණ වෙළඳ ව්‍යාපාරයක් අරඹයි. නිදන් රකිනා බහිරවයෙකු මෙන් අරච්චිල තම පරවේණි ආරක්ෂා කරගෙන සිටී. පාර්ලිමේන්තුවේ සිට අඳ ගොවි පනත සැඩ සුළඟක් මෙන් ගම දිහාට හමා ආ විට මේ දෙතුන් දෙනා මාරාන්තික කායික මානසික අරගලයකට පැටලෙති. ඔවුන්ට මද සහනයක් ලැබෙන්නේ උතුරා යන කාම තෘෂ්ණාවෙන් තෙත්වුණු සුද්දිගේ පහසින් පමණි. මෙය ආර්ථික සමාජ විවරණයකි. මානසික විග්‍රහයකි. රහස් පරීක්‍ෂක කතාවකි. නිරෝගී දැවැන්ත පුරුෂයින්ගේ හා ගැහැණුන්ගේ කාම අරගලය පිළිබඳ ලිංගික විද්‍යාත්මක රචනාවකි.

    Original price was: Rs. 1,350.00.Current price is: Rs. 1,080.00.
  • -20%
    (0)

    අදිසි නදිය

    කලකට ඉහත පොළොව යට ඉදිකළ ‘රහසිගක නගරයෙහි විසි දහසක් පමණ ජනකායත් අප්රකටව විසූහ. එය ඔවුන්ධම, ආවේණික උප සංස්කෘතියක් ගොඩනැංවිය. එහි පුරෝගාමීන් වූයේ, නගර පාලනයට විරුද්ධව කැරැරැල්ලක් ගසා ඉන් පයයි පත් පිරිසකි. ඒ බොහෝ දුරාතීකයෙහිය. ඔවුන්ගෙන් පවතින්නන් කලින් කලට, නගරය මතුපිටත්, යටත් එවක් වූහ. හිරු එළියෙන් ඔවුහු විදුලිය නිපදවා ගහ අභ්යන්තර ගංගාධාරයෙහි ධmo 50 එළවළු වගා කළහ. මිරිදිය මත්ස්ය වර්ග ද ගණනාවක්ම ගංගාවෙහි විසූහ. එහෙත්, සියල්ල කොපිට පෙරළෙන්නට සටන් ගත්තේ, බිමල් වසංගතය ආරම්භ වීමත් සමගිනි. පසු කාලයක එය දියකිඳුයි වසංගතය බවට වර්ධනය.වී.සොළොව මතුපිටට ද පැතිරුණේය. පොළොව යට ජනගහනයෙන් තුනෙන් එකම ඉන් විය ගියහ. වර්තමානය වන විට ඉසිරිව සිටින්නේ සිය ගණනකි. ඔවුන්ගෙන් ද වැඩි දෙනා වසරේ වැඩි කලක් ගත කරන්නේ පොළොව මතුපිටමය. තවදුරටත් පොළොව යට ජීවිතයම තෝරා ගත්තෙකු වී නම් ඒ ආරක්ෂක හේතූන් නිසා හෝ නගරවාසී දිවියෙන් රිදී පරණ සංස්කෘතිය තුළම පැවැරීමට ඇති ඇල්ම නිසා හෝ විය හැකිය. නුත්යාගයකුට එය ගුප්ත ජීවන ක්රමයක් ලෙස ද පෙනී යාට ඉඩ ඇත.

    Original price was: Rs. 1,100.00.Current price is: Rs. 880.00.
  • -15%
    (0)

    සදාම් සමඟ මා පාරිසුලා

    ජිනාගේ නිවසට මා කැඳවුයේ හරුට්ගේ පෙළඹවීමක් අනුව බව මා තේරුම් ගත්තේ පසුවය. හරුට්ගේ ගනුදෙනුකරුවන් වූයේ බැග්ඩෑඩ්හි ඉහළ පංතියට අයත් ප්රභූවරුන් ය. සදාම් හුසේන් සුඛෝපභෝගී ජීවිතය ප්රිය කළ, තරුණ කෙල්ලන් කෙරේ නොසන්සිඳෙන ආශාවකින් පෙළෙන අයෙකු බව හරුට් දැන සිටියේ ය. සමහර විට මා වැනි හුරුබුහුටි කෙල්ලන් ඔහුට සොයා දීම හරුට්ට පැවරී තිබුණා විය හැක. ඉරාකය ඉතා ඉක්මනින් යකඩ ග්රහණයකට මැදි කර ගන්නා බලගතු මිනිසා ඇසුරු කිරීමෙන් ලෝකයේ සියලු ප්රතිලාභ අයත් කරගත හැකි බව ඔහු දැන සිටියේ ය. එම රාත්රියේ හරුම්ගෙන් සදාම් හුසේන්ට ලැබුණු තෑග්ග මාය..

    Original price was: Rs. 550.00.Current price is: Rs. 468.00.
  • -10%
    (0)

    ඉතින් කවියනි හොඳට නින්ද යනවද රෑට..?

    ප්‍රේමයක් කියන්නේ;

    කටු ඇනෙන තැන්වලම
    නතර වෙන්නැ’යි කියා
    හදවතට බල කරන හැඟීමය

    පටු අඳුරු තනි මගක
    හුදෙකලාවක පවා
    උරහිසක මුදු පහස දැනීමය

    ළඟ නැතද අත නෑර
    හද සෙමෙන් පිරිමදින
    සියුම් උණුසුම් සුසුම් විඳීමය

    නිති දවන තනිකමක

    ගිනියමට ළං ළං ව
    දැවී හළු වී; ඉන්ම නිවීමය

    Original price was: Rs. 450.00.Current price is: Rs. 405.00.
  • -20%
    (0)

    ගිම්හාන ගීතය – Gimhana Geethaya

    එවකට පහළොස් වන වියේ පසු වු මයිකල් බර්ග්ට ඔහුට වඩා දෙගුණයක් වයසැති හනා ස්මිට්ස්ව මුණගැසුණේ අහඹු සිද්ධියක් මඟිනි. ඔවුන් දෙදෙනා අතර වූ සරාගී ප්රේම සම්බන්ධය ඒ ගිමිහානය හරහා යන්ත්රයක් නොමැති අහස් යානයක් මෙන් පාව ගියේය. දිනක් ඇය ඔහුටද නොදන්වා නගරය අතහැර ගියාය. ඉන් වසර කීපයකට පසු මයිකල් බර්ග් විශ්වවිද්යාලයේ නිති පීඨයේ නීතිය හදාරමින් සිටි අතර දෙවන ලෝක යුද්ධ සමයේ නාසි වධකාගාරයක යුදෙව් ජාතිකයන් ඝාතනයකර දැමීමට හවුල් වූ කාන්තාවන් කීපදෙනෙකුට විරුද්ධව ඇසුණු නඩුවක් බැලීමට යයි. එහිදී මයිකල්ට හනා ස්මිට්ස්ව නැවත මුණගැසෙයි. ඇය නඩුවේ විත්තිකාරිය බැව් දැනගැනීමට ලැබෙයි. සිය භද්ර යෞවනයේදී පළමුවෙන්ම ස්ත්රීපුරුෂ සම්භෝගයේ අ ආ යන්න ඔහුට කියාදුන් මේ යුවතිය දැකීමෙන් මයිකල් පුදුමයට පත් වෙයි. නඩුවෙන් වරදකාරිය බවට පත්වන ඇයට අධිකරණය වසර දහඅටක සිර දඩුවමක් නියම කරයි. ‘හැමදාම මගෙ හිතට වධ දීපු කාරණයක් තමයි.. ඔය කිසිම කෙනෙකුට මාව තේරුම් ගැනීමට බැරිවීම.. ඒ විතරක් නෙමෙයි මට ඒ දේවල් කරන්නට සිදු වුණේ මොකද කියලා කවුරුවත් දැනගෙන හිටියේ නෑ..එහෙම දැන හිටියා නම් මාව උසාවියකට කැඳවලා නඩු අහන්නේ නෑ.. ඒ ඇත්ත සිද්ධිය දැනගෙන හිටියෙ ඒ වධකාගාරයේදී මැරුණ අය විතරයි… මේ හිරගෙදර සිටි කාලය තුළ ඒ මැරිච්ච අය මාව සොයාගෙන ආවා.. මම කැමති වුණත් නැති වුණත් සෑම රාත්රියකම ඒ අය මාව සොයාගෙන ආවා.. නඩුවට ඉස්සෙල්ලා ඒ මැරිච්ච මිනිස්සු මා ළඟට ආව නම් අන්ව එළවලා දමන්නට මට හැකියාව තිබුණා. ඒත් දැන්

    Original price was: Rs. 750.00.Current price is: Rs. 600.00.
  • -10%
    (0)

    සේලවී – Selavi

    Original price was: Rs. 800.00.Current price is: Rs. 720.00.
  • -10%
    (0)

    සාරි ඇඳපු පිරිමි – Sari Andapu Pirimi

    මා ගෙවන මේ විචිත්‍ර ජීවිතය අහසින් කඩා වැටුණු එකක් නෙවෙයි. මේ ආනන්දනීය තත්ත්වයට එසවෙන්නට මා විඳි දුක්ඛ දෝමනස්සයන් ලියන්නට මාගලක් තිබුණත් මදි. පුංචි කාලේ අපෝ දුක් විඳලා තියෙනවා. මැතිණිගේ ආණ්ඩුව කාලේ පාන් පෝලිම්වල ලගින කොට මට එකොළහයි. ගමේ පංසලට ගියේ නම්පොත, සකස්කඩ, බුද්ධගජ්ජේ වනපොත් කරන්ඩ. ඒ වුණාට ටික කලක් ගත වෙන කොටයි තේරුණේ, මම මෛථුන්‍ය විනය කර්මයක පැටලී ඇති වග. එතකොට මට දහතුනයි. ඒ චීවරධාරියාට හැට හතරයි.

    ඔය කියන හැත්තෑ ගණන්වල ඒක අකරතැබ්බයක්, අපචාරයක්, ළමා අයිතිවාසිකම් උල්ලංඝණයක් කියලා මං දැනං හිටියේ නැහැ. එහෙම දැනුම් තේරුම් තියෙන අය අපේ ගමේ හිටියෙත් නැහැ. අහල ගං හතක හිටියද කියලත් සැකයි. මං දැනං හිටිය එකම සත්‍ය ඒක රහසක් කියලා විතරයි. කෙළ හොල්ලලා තිබ්බොත් නහයෙන් කටිං ලේ දාලා, පපුව හත් කඩකට පැලිලා, එවේලේම පොළොව පලාගෙන නිරයට යන දිට්ඨ ධම්මවේදනීය පාපකර්මයක් කියලා විතරයි.

    අවුරුදු දහතුනක පොඩි කොල්ලෙක් කොහෙද එහෙම තීරණාත්මක රහසක් රකින්නේ. පවුලේ කවුරු හරි දැනගත්තා නං සහසුද්දෙන්ම වැරදිකාරයා වෙන්නේ මම. ඒ කාලේ එහෙම තමයි. දැන් කියලා වැඩි වෙනසක් ඇත්තෙත් නැහැනේ. ඉතිං මං අපේ වත්ත පහළින් ගලාගිය මහවැලි ගඟේ ගල්පර අතරේ. ගේ ඉස්සරහ ශාන්ත ජෝන් පල්ලියේ අල්තාරය පිටිපස්සේ, රේල් පාරට එපිටින් වහලවෙල කැරකෝප්පුවේ රූස්ස ගස් අතරේ තනිවී මගේ කථාව මට ම කියාගත්තා.

    Original price was: Rs. 700.00.Current price is: Rs. 630.00.