-
සී+ C+
Original price was: Rs. 1,490.00.Rs. 1,341.00Current price is: Rs. 1,341.00.අද හවසට ලෙක්චර්ස් ඉවර වෙලා කලම්බු සිටි සෙන්ටර් යමුද? මට ඇඳුමක් ගන්න? ” දිල් බබළන දෙනෙතින් ප්‍රශ්න දෙකක් යොමු කළා. ” ඒ පාර මොකාටද එන්න හදන්නේ?” පිළිතුර විදියටත් මටත් තිබුණේ නාහා ඉන්න බැරි ප්‍රශ්නයක්. ඇගේ මුහුණේ දීප්තිය මොහොතකට අතුරුදහන් වී යළි දැල්වුණා. දිල්ට සුපිරිසාප්පු සංකීර්ණ ඇල්ජික්. මාක්ස් ආගම අබිං කිව්වේ කෙසේද, එලෙසම දිල්ට ඉහළ පන්තියේ අරුමෝසම් සාප්පු සවාරි අරහං. කොළඹ පැමිණි පසු ඇය විශ්ව විද්‍යාලයට අයත් කොළඹ හතේ ශිෂ්‍ය නේවාසිකාගාරයක නවාතැන් ගත් මුත්, ඇඳුම් ගත්තේ මහරගම පමුණුවේ තොග රෙදි මධ්‍යස්ථාන වලින්. අන්තිමට බොම්බෙ ස්වීට් කඩේකින් ෆලූඩා දෙකක් බොන්න සල්ලිත් ඉතිරි කරගන්නවා. අනතුරුව මහරගම මංගල මාවතේ පිහිටි අපගේ නිවසට දෙන්නත් එක්ක පයින්ම යනවා. ටුක් ටුක් එකක යෑම සඳහා මගේ මුදල් පවා වියදම් කිරීම පාප කර්මයක් කියලයි ඈ හිතු වේ. මුදල් යහමින් අතේ තිබුණොත් දිල් මා සමග බම්බලපිටියේ හවුස් ඔෆ් ෆැෂන් රෙදි සාප්පුවට ගාටනවා. එදාට ඈ ගාව මුදල් ඉතිරි නොවුණොත් මං ගානේ අරන් දෙනවා කෙටි කෑමක්. හැබැයි ඒකට දිග කතාවක් අහගන්න වෙනවා. ” අයියෝ ෆැබ් කඩේ හරි ගණන්. අපිට පෙරේරා ගාවට යන්න තිබුණේ ” ඈ කණගාටු වෙනවා.
-
සීතලෙන් සිත වුණු සීත සමය – THE LONG WINTER -seethalen seetha wuna seetha samaya
Original price was: Rs. 1,500.00.Rs. 1,200.00Current price is: Rs. 1,200.00.හිම කුණාටු මුළු නගරය සම්පුර්ණයෙන්ම වසාගෙන, පිටතින් ආහාර ලැබෙන සියලු මං වසා දැමූ අතරේ ජීවත් වීම සඳහා උග්‍ර අරගලයක යෙදෙන්නට අප්පච්චිටත්, අම්මාටත්, ලෝරාටත්, මේරිට සහ කේරීටත් සිදුවෙයි. නගර වැසියන්ට ඉතා ඉක්මනින් දරුණු ආහාර හිඟයකට මුහුණ දෙන්නට සිදුවන අතර තරුණ අල්මන්සේ වයිල්ඩර් සහ ඔහුගේ මිතුරු කැප් ගාර්ලන්ඩ් තිරිඟු සොයා බිහිසුණු ගමනක යෙදෙති. අන්තිමේදී අසාමාන්‍ය එහෙත් අතිශයින් ප්‍රමුදිත නත්තලක් සමරන්නට ඔවුන්ට හැකි වෙයි. මේ පරම්පරා ගණනාවක් පුරා ලොව දසත මිලියන ගණන් ලොකු කුඩා පාඨකයින්ගේ ඉමහත් ආදරයට පාත්‍ර වූ ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් විසින් ලියන ලද කොටස් නවයකින් යුතු සම්භාව්‍ය ලිට්ල් හවුස් කතා මාලාවේ හය වැන්නයි.
-
සුදු ගෝනා – Sudu gona
Original price was: Rs. 1,480.00.Rs. 1,332.00Current price is: Rs. 1,332.00.A R. L. SPITTEL WHERE THE WHITE SAMBHUR ROAMS පර්වර්තනය ඒ. පී. ගුණරත්න එක් දිනක් හවස කෑම කා විවේක ව සිටින හෑන්ස් වැදි පිරිස අමතා, හෙට මම ගමනක් පිටත් වෙලා යනවා හුග දවසකට ආපහු එන්නෙ නෑ” යි කිය මෙයින් පුදුමයට පැමිණි බවක් පෙන්නු රන්දුනා, අර හාමුදුරුවන් ඉන්න ගල් ගෙට යනවා නෙවෙයි මම් හිතනවා. ඇයි එහෙ ආයෙමත් යන්නෙ නැහැ කීවා නේ. යි පැවසී ය. “නෑ. මම ගිගින් එන්ඩ ඕනෑ මා කලින් හිටපු වේල අද්දරට. එහෙ මගෙ යාළුවන් කීප දෙනෙක් ඉන්නවා. මම ගිහින් ඔවුන් දැකලා එන්නට ඕනෑ.” ” මොන යාළුවන් ද? අපි හිතාගෙන හිටියෙ මෙහාට එන්න ඉස්සර වෙලා කිසි ම යාළුවකු හිටියෙ නෑ කියාලායි. ” ඔව්, මිනිස් යාළුවන් මට හිටියෙ නැහැ. ඒත් මට එහෙදී කිරි දීපු මී දෙනක්, නයකුගෙන් මගෙ දිවි ගළවා දීපු මුගටියෙක්. ඒ ඔක්කොටම වඩා මිත්‍ර සුදු ගෝන නාම්බෙක් එහෙ ඉන්නවා. රනීගේ දෙනෙත් මහත් විය. අපි සේරම යමු. මාත් ආසයි ඒ විල් එළිය දකින්න. ‘
-
සුදු වැද්දා – Sudu wedda
Original price was: Rs. 1,380.00.Rs. 1,242.00Current price is: Rs. 1,242.00.හැන්ස් ඔබ මොකද කරන්නේ?” ඩේමියන් පූජකතුමා ඉතා බැරෑරුම් හඬන් විමසීය. ‘මට කැලේම තමා ඒ ගැන තර්ක විතර්කවලට ඉඩක් නැති බව ඔහුගේ වචන වල නිශ්චිතතාවෙන් තහවුරු විය. එවැනි උත්සාහයක් නොදැරීමට වගබලා ගත යුතු කරපිට ඔවුහු හැන්ස් ගැන මනා අවබෝධයක් ඇතිව ද සිටියහ. “අර අසරණ තරුණිය නාලනීට ඉන්න මීට වඩා හොඳ තැනක් ගැන මට හිතා ගන්න බැහැ. මෙහේ නවතින්න ඇය කැමැති කර ගන්න මම උත්සාහ කරන්නම්. මා ළඟ ඉන්න කට්ටියේම කෙනෙක් හැටියට මම් ඇය රැක බලා ගන්නම්.” මඳ වේලාවක් නිහඬව සිටි පියතුමා හැන්ස් ඇමතුවේය. “මගෙ පුතා හැන්ස්, කැලය ඔබේ ශරීරයත් ආත්මයත් අවනත කරගෙන, එය හැමි දාම ඔබගේ නිවහන වෙයි. ඒත්, කැළේ අද්දර ඉන්න අප බලන්න ඉඳහිටවත් නෑවිත් ඉන්න හේම ඒක හේතුවක් නෙමේ. අපි හැම විටම ඔබ ආදරයෙන් පිළිගන්නවා.” බොහෝම ස්තූතියි පියතුමනි. මම ඔබතුමා අමතක කරන්නේ නැහැ.” ඔවුන් නැගිට වැලි පිස දමා අඳුරු වන ගුල්මය මැදින් පූජකතුමාගේ පැල්පත කරා ගිය අතර හැන්ස් ඔවුන්ගෙන් වෙන්ව රන වෙත ගියේය. පොරොන්දු වූ පරිදි, පසු දා අලුයම් ඔවුහු සියලු දෙනාම හැන්ස් – රනී යුවළ අවසන් වරට දැක ගැනීමට ගියහ. ඔවුන් දෙදෙනා බල්ලාද කැටුව යනු ඔවුහු බලා සිටියහ. කැලයට ඇතුළු වත්ම හැන්ස් ආපසු හැර අත වනා ඔවුනට ආයුබෝවන් කීවේය.
-
සුදු වැද්දා 3 – අපරාජිතයා – Sudu wedda 3
Original price was: Rs. 600.00.Rs. 540.00Current price is: Rs. 540.00.වියරු මුහුද මැද මාරක සටනක … රුවල් නැවේ තුඹ ගසට පිට දී වාඩිවී සිටි හෑන්ස්ගේ ගෝ කාකූල මුහුණ දෙස එඩ්මන්ට වරින් වර හොරැහින් බැලුවේය. තම මිත්‍රයා ශෝක වන්නේ කුමක් අරභයාද යන්න වටහා ගන්නට තරම් හැකියාවක් එඩ්මන්ට් සතුවිය. බොහෝ කාලයක් ලක් දෙරණේ මහ වන මැද සතා සිව්පාවුන් හා වැදි ජනතාව සමග ජීවත් වූ හෑන්ස්ට ඒ සියල්ලන්ගෙන් වෙන්වී ආපසු සිය රටට යාමට සිදුවීම වාවාගත නොහැක්කක් බව එඩ්මන්ට් හොඳ හැටි දැන සිටියේය. ඒ නිසා ඔහු හැන්ස්ට බාධා නොකර යාත්‍රාවේ ඉදිරි පසට ගමන් කළේය. මුහුදේ ජලකඳ කපාගෙන යාත්‍රාව ඉදිරියට ඇදී ගියේ මන්දගාමීවය. එහෙත් ටිකින් ටික සුළං පහරේ වේගය වැඩි වෙත්ම යාත්‍රාවේ වේගයද වැඩිවන්නට විය. නැව් බඳේ හැපී විසිරුණු සුදු පැහැති රළ රැළි අව්රශ්මියට දිළිසුණේ මුතු කැට පරිද්දෙනි. කරදිය සිය හමා ආ ලුණු මිශ්‍ර සුළං රැළිවලට හෑගේ කෙහෙරැළි ඒ මේ අත නැටුවේය. මේ වන විට ලංකාවේ නැගෙනහිර මුහුදු තීරය සහමුලින්ම ඔවුන්ගේ දර්ශන පථයෙන් ඈත් වී තිබිණ. හෑන්ස් දිගු සුසුමක් හෙලා ළය සැහැල්ලු කර ගත්තේ යළි කවදා මේ සුන්දර දිවයින දකින්නට ලැබේදැයි සිතමිනි. මහ බැද්දේ ගල් රුකුලක රති සමග ගත කළ ඒ ජීවිතය කෙතරම් සොඳුරු දැයි ඔහුට සිතෙන්නට විය.
-
සුසුමක් අද්දර – Susumak Addara
Original price was: Rs. 1,100.00.Rs. 880.00Current price is: Rs. 880.00.“මොකදතමුසෙ හොරගල් අහුලනවද?”ඇගෙන් උත්තරයක් තිබුණෙ නෑ. ඇය කලේසුසුම් පිට කරපු එක.“ඇයි පාරට ආවෙ? මං ඉන්නවද බලන්නද…..?”ඒ ප්රශ්නයටවත් ඇගේ ළඟ උත්තරයක්නැති හැඩයි. ඔහු ඇයව තමන්ගෙපැත්තට කේන්තියෙන් හරවගත්තා.“කතා කරනවා….”“ගේ…ට් එක ලොක් කර…..න්න”“ඇත්තට….? තමුසෙ වෙනදත් ගේට් එකලොක් කරන්නේ මෙහෙමද? ගේට්ටුවඇරලා, පාර දෙපැත්ත බලලා,කොණ්ඩෙ මේරෝස පඳුරෙ පටලවගෙන….. එහෙමද?“අනේ…… යන්න දෙන්නකෝ…..”“බෑ…. යන්න දෙන් නෑ.. ආවා නම් එළිවෙනකම් මාත්එක්ක මෙහෙම ඉන්නවා අද.” -
සූරිය කුසුම – Sooriya kusuma
Original price was: Rs. 1,200.00.Rs. 960.00Current price is: Rs. 960.00.ගිම්හාන රාත්‍රියේ මහ මඟ දෙපස විසල් තුරු මුදුන් අතරින් ගලා ආ මලානික සඳ පළිය තාර පාර මත අක්‍රමවත් රටාවන් විසුරුවා දමා තිබිණි. හාත්පස පැතිර ගිය අඳුර සමඟ සිහින් මීදුම් දුමාරයක් ද මිශ්‍ර වී ඇත. දිවාකල සැව හිරු රැසින් උණුසුමට තිබූ පරිසරය බටහිර දෙසින් හමන සිහිළැල් වා රැලි දැවටීමෙන් සෙමෙන් නිවෙමින් පවතී. පාර දෙපස දුරින් තැනින් තැන පිහිටා තිබූ වීදි පහන් වලින් ද ආලෝකය විහිදුණෙ යාන්තමිනි. ඉඳ හිට අතරින් පතර නැඟෙන බල්ලන්ගේ බිරුම් හඬත්. නිශාචර පක්ෂීන්ගේ සහ රැහැයියන්ගේ හඬත් පාළු මුසල නැගීමත් ඇති කළා මිස, ඇගේ සිතට බියක් නම් ගෙන දුන්නේම නැත. ඇය අඳුර මැදින් ඉදිරියටම යමින් සිටින්නීය. ඒ වන විටත් ඇය කිලෝමීටරයක පමණ මඟ ගෙවා දමා තිබුණාය. අතර මඟදි කිසිවෙකු හෝ ඇයට මුණ ගැසුණේ ද නැත. මධ්‍යම රාත්‍රියට ආසන්න හෙයින් අසල්වැසියන් නින්දේ පසුවනවා විය යුතුය. ඉඳ හිට වාහනයක් දෙකක් හමුවුණ ද ඒ හැම මොහොතකම ඇයට මුවාවෙන්නට සුදුසු තැනක් ලැබිණි. සිය ගැහැනුකම යටපත් කරමින් සිතට නැඟුණ මහා ආත්ම ශක්තිය පිළිබඳව ඇයට ද ඇත්තේ පුදුමයකි. ඇ තුළ සිටි අඳුරට සහ තනිකමට බිය යුවතිය එකවරම එඩිතර එකියක වී සිටින්නීය. සියලු බාදක බැමි පවුරු සිඳ බිඳ දමමින් ඉදිරියටම යාහැකි අමුතු ජවයකින් මුළු සිරුරම උණුසුම් වී තිබේ.
-
සෝවියට් රුසියන් කතා කලබ 2 – Sowiet russian keti katha
Original price was: Rs. 475.00.Rs. 427.50Current price is: Rs. 427.50.මොස්කව් අසල පෙදෙසට වසන්නට පැමිණි විට, හිම කාලයේදී ක්‍රීඩා කිරීම සඳහා පාවිච්චි කළ ‘ලිශි’ නැමැති දිගැති ලි පතුරු ගබඩා කිරීම පිණිස මම අප නිවසෙහි අට්ටාලයට නැංගෙමි. අට්ටාලයේ පරාලයක එල්ලා තිබුණු රිඛින පලු පොකුරක් මගේ නෙත ගැටිණි ලීම තැන්පත් කිරීමට මා අට්ටාලයට නොගියේ නම්, මේ රිඛින පලු ගැන මට මතක් නොවනු ඇත පසුගිය සරත් සමයේදී මේ රිඛින මා විසින්ම එකතු කරනු ලැබ ලනු පොටක අමුණා එල්ලා තිබිණි ඉස්සර කාලේ මා උපන් පෙදෙසේ මිනිසුන් අතර රිඛින. බරුනිකා, යුක්වා වැනි අනෙකුත් පලු වර්ග සහ බිම්මල් මෙන්ම හිම කාලයේදී ආහාර ලෙස ගැනීමට එකතු කරන සිරිතක් ඛිණ ගෙතුළ නොසැලකිලි අන්දමින් පත්තු කරන ලිපකින් ඇති වන මාරය නිසා හටගන්නා විපත් වලින් බේරීමටත්, හිසේ ඇම්මෙන් බරීමටත් රිඛින පාවිච්චි කරන ලදී.
-
ස්වප්නේෂ්වර – Swapneshwara
Original price was: Rs. 1,300.00.Rs. 1,040.00Current price is: Rs. 1,040.00.සුන්දරමානගේ අඩි දික් විය. දිගු අඩි හෙමින් හෙමින් පින්න වැටුණු පඳුරු මත තැබූ පය එස වූ විට ඊට සමාන ව තැළී ගිය තණකොළ මත පාද සලකුණු, එක පේළියට දිස් වෙමින් තිබුණි. එය හෙමින් සේ ගිය ඉක්මන් ගමනක් විය. පාද මාරු වුණේ වේගයෙනි. උරහිසකින් රුරා හැලුණු රෙදි පොට ඔහු ගසා දමා යළිත් උර මත රඳවා ගත්තේය. තමන් එළි බැස්සේ කළු කහ එළිය වැටෙන ජාමයේ ය. තවමත් තමන් පසු කරන්නේ පෙරදා රැයේ සිහිනයෙන් කී මග විස්තරය යි. ඔහුට දියකව හමු විය. ඉන් එතෙර වෙද්දී තෙමුණු සරමේ වාටිය වියළී ගොසිනි. තවත් දුරක් යද්දී පොල් ඉරටු පෙනෙන යාමයේ ළා හිරු රැස් රුස්ස ගස් අතරින් ඔහු කරා ගලා ආවේ ය. රූස්ස නැගි ගස් අතරින් ඔහු අහස බැලි ය. හිරු ආලෝකයෙන් අලංකාර වෙමින් සිටී. දුර ඈතින් වැටෙන හිරු එළිය ගසක අතු අතර රැඳුණු පිනි බිඳුවලට දිලිසෙන හැටි කියා දෙමින් තිබුණේය. නැඩ දඬු ලේනෙක් අත්තකින් අත්තකට පැන්නේ පහළින් දිගු අඩි තබමින් යන සුන්දර මානයන්ට බියෙනි. අතු එකින් එක සෙලවී ගියේ ය. අතුවල රැඳුණු පිනි බිඳු මුතු වැස්සක් සේ පහළින් යන සුන්දරමානගේ හිස මතට වැටෙමින් තිබුණි. ඔහු හිස ගසා දැමුවේ ය. දිගු කෙස් වල්ල වටයක් කැරකැවිණි. කැරකුණු කෙස් මත රැඳුණු පිනි ඔහුට පෙරින් විසි වී ගියේ ය. ඔහු එය දුටුවේ පිනි මත පතිත හිරු එළියෙන් දිලිසී යද්දීය.
-
ස්වර්ණරාගය – Swarnaragaya
Original price was: Rs. 1,100.00.Rs. 880.00Current price is: Rs. 880.00.ඉහිරුණු සිතුවිලි කැබලි කාමරය පුරා එහේ මෙහේ සැරිසරයි. ඉන් බරැති සිතුවිලි කැබලි පපුවට ළංව තද කරමින් වේදනා ගෙන දෙයි. තාරකා මට හමුවුණු මුල්ම දින එවන් බරැති සිතුවිලි කැබැල්ලක් තිබී මට හමු විය. මා එම සිතුවිලි කැබැල්ල ගෙන එහි තියුණු තුඩ මාගේ පපුවට තබා තදකර ගතිමි. වසර ගණනාවක අතීතයක් දිගේ මම නුගේගොඩ පුස්තකාලය වෙත ඇවිද යන්නට වීමි. ඇය අහිංසක සුන්දර සිනාවකින් මුව සරසාගෙන බලා සිටිය දී මට හමු විය. බරැති සිතුවිලි කැබැල්ල හදවත සිදුරු කොට එහි පදාසයක් කඩා දැමීය. මාතලේ දිස්ත්‍රික්කයේ කඳු වලින් වටවුණු සුන්දර ගම්මානයක ගුරු දෙමව්පිය යුවළකගේ එකම දරුවා මෙන්ම, එකම බලාපොරොත්තුවද වූ ඈ වැනි අහිංසකාවියක් මා වැන්නෙකු ඇගේ පෙම්වතා, අනාගත සහකරුවා ලෙස තෝරා ගත්තේ මන්දැයි මට තවමත් සිතාගත නොහැකිය. එය ඇයගේ වැරැදි තේරීමක් බව මට මේ මොහොතේ හැඟෙන්නා සේම ඇයට ද හැඟෙනු ඇත. නමුත් ඇය කිසිදු මොහොතක බැල්මකින් හෝ මා හට එය දැනෙන්නට ඉඩ දී නැත. එය එසේ වූව ද ඇගේ අහිංසක මුහුණ දකින සෑම මොහොතක දීම මාගේ හෘද සාක්ෂිය තියුණු කටුවකින් හදවතට අනිමින් එය මට මතක් කර දෙයි.
-
හකල්බරිගේ හපන්කම් – Huckleberrige hapankam
Original price was: Rs. 600.00.Rs. 540.00Current price is: Rs. 540.00.ටොම් සෝයර් පොත කියවා නැත්නම් මය ගැන නොදන්නවා ඇත. එහෙත් ඊට කමක් නැත. එම පොත ලියන ලද්දේ මාක් වන් මහතා විසිනි. එහි සමහර කරුණු ටිකක් වැඩි පර දක්වා ඇතත්, ඔහු එහි ලියා ඇති දේ බොහෝ දුරට සත්‍යය එය එතරව දෙයක් නොවේ. කවුරුත් යම් යම් අවස්ථාවල සැහෙන්න බොරු සියකි. ටොම් හදා වඩා ගත් ආන්ට පොලි, ඇගේ දුව මෙරි සහ මට රැකවරණය දීමට ඉදිරිපත් වූ විසෝ වප්ලස් නම් බොරු කියන එකක් නැත. ඒ තුන් දෙනා ගැන ද එම පොතේ සදහන් වේ. එම පොතේ කතාව අවසන් වන්නේ මෙසේ ය. ටොම් සහ මම කොරුන් ගුහාවේ සඟවා තිබූ සල්ලි සොයා ගතිමු. අපි එයින් පොහොසත් වීමු. අප දෙදෙනාට ඩොලර් හය දාහ බැගින් ලැබිණ සියල්ලම රත්රන් කාසිය. එය මාර සල්ලි ගොඩකි. නැවර විනිසුරු එම සල්ලි බාර ගෙන සියයට හයේ පොලියට අප වෙනුවෙන් තැන්පත් කෙළේය. එයින් අපට දිනපතා වියදමට ඩොලරය බැගින් ලැබිණ. එය ඕනෑවටත් වැඩිය. විඩෝ ඩග්ලස් මා පුතකු මෙන් හදා වඩා ගැනීමට බාර ගත්තාය. ඇයට ඕනෑ වුයේ මා ශිෂ්ටාචාර භාවයට පත් කිරීමටය. එහෙත් මට එය වධයක් විය. එම තැන්පත් ශාන්ත දාන්ත විධිමත් ජිවිතය විනෝදයෙන් තොර වුයේය. මගේ සිතට එම ජීවිතය ඇල්ලුවේ නැත. බැරිම තැන මම ඇගේ නිවසින් පැන්නෙමි. මම යළිත් මට පුරුදු පරණ වැරහැලි ඇද අගු – පිල් මත ලගින්නට පටන් ගත්තෙමි. එය තෘප්තිමත් ජීවනයකි. එය නිදහස් ජිවිතයකි. එහෙත් මා සැඟවී උන් තැන සොයා ආ ටොම් සෝයර් තමා සොර කල්ලියක් සාදන බවත්, මා ආපසු විඩෝ ඩග්ලස් ළඟට ගොස් වැදගත් පුද්ගලයකු වුවොත් පමණක් එම සොර කල්ලියට බඳවා ගන්නා බවත් පැවසිය. ඉතින් මම ආපසු විඩෝ ඩග්ලස් ළඟට ආවෙමි.














