• -20%
    (0)

    ඇල්බට්වරුද මනුෂ්‍ය‍යෝය – Albertwaru da manushyoya

    ගින්දර සොයාගෙන ගංගා අසබඩ පදිංචි වී ශිෂ්ටාචාර ගොඩනැංවූ ඒ ආදි මාත්‍යාවරුන්ට හා පීතෘවරුන්ට ඩබල් ගැට ඇලපිල්ලක තරම්වත් උපහාරයක් පුදනු වස් තම නාන කාමරයේ සින්ක් එක මත නොනිවෙන ඉටිපන්දමක් දල්වා තැබීමට ඇයට අවශ්‍ය විය. එහෙත් ඒ සඳහා ඉටිපන්දම් රඳ වනයක් භාවිත කිරීම හෝ වැඩේ දී අවසන් වූ ජෑම් බෝතලයක් වැනි යමක් භාවිත කිරීම ඇයට පෙනුණේ රන් පතක් පුදන්නට පොරොන්දු වී කාරිය කෙරුණු පසුව ගෝල්ඩ් ලීෆ් සිගරැට්ටුවක් පුදන්නාක් බඳු සුනඛ කෘත්‍යයක් ලෙසිනි. එමෙන්ම ඒ සින්ක් එක. තමන්ට බැස නෑමට ප්‍රිය උපදවන සින්ක් එකක් විය යුතුය යන්න ඇගේ අවශ්‍යතාවේ අනුල්ලංඝනීය මූලික කොන්දේසියක් විය. ඒ නිසා ක්‍රියාදාම චිත්‍රපටයක වීරයා, දුෂ්ටයන් විසින් පැහැරගනු ලැබූ තම පෙම්වතිය සොයා යන්නා සේ ඉටිපන්දම් රැඳවීම සඳහා වෙනම කොටසක් පෝසිලේනයෙන්ම සැකසූ සින්ක් එකක් සොයා යාම තම ජීවිතයේ පරමාර්ථය කර ගැනීමට කෙට්ටු චුට්ටා අධිෂ්ඨාන කරගත්තාය. මේ සඳහා ඇය ගත් පළමු උත්සාහයේදී නාවල සුප්‍රකට ටයිල් කඩයක සේවිකාවක ඇයගෙන් ඇසුවේ, බාත්ටබ් එකක් සවි කර කැන්ඩ්ල හෝල්ඩරයක් තබා ඉටු කර ගත හැකි ආශාවක් වෙනුවෙන් හොටක් වැනි යමක් සහිත සින්ක් එකක් සොයන්නේ මොන මඟුලකටද යන්නයි.

    Original price was: Rs. 1,950.00.Current price is: Rs. 1,560.00.
  • -20%
    (0)

    ඇසග හීනය – ESAGA HEENAYA

    පොලීසිය තුළට යන විට තම ජිප් රථය තුළ සිටිය සංජනා අතුරුදහන්වීම රන්තුෂ්ව පුදුමයට පත් කරවන්න හේතුකාරක විය. රන්තුෂ් වහා සංජනා ජිප් රථය තුළ වාඩිවී සිටි පැත්තේ පැති දොර විවෘත කළේය. සංජනාගේ ඇඳුමේ තැවරී තිබූ මඩ මෙන්ම සංජනාගේ ඇගෙන් බේරුණු වතුරෙන් එම අසුන තෙත බරිත වි තිබුණි. එයට අමතරව අසුන මත ලේ බිංදු කිහිපයක්ද විය.

    ” අකලංක මේ බලපන් මචං, මං බොරුවක් නෙවී කියන්නෙ. තාමත් මේ සිට් එක තෙතයි. ලේත් හැලිලා, මඩත් තැවරිලා…”

    ” උඹ බොරු කියන්නෙ නැති බව මම දන්නවනෙ මචං, මෙතන අපි නොදන්න ලොකු සිරියස් කේස් එකක් තියෙනවා…… බණ්ඩාර ටක් ගාලා සර්ච් ටිම් එකක් දාලා මේ අවට ඉක්මණටම සර්ච් කරන්න…”

    Original price was: Rs. 1,000.00.Current price is: Rs. 800.00.
  • -10%
    (0)

    ඇහැළ මලට දම් පාටක්

    “පාරමී දන්නවද, මේ ඇහැළ ගහටත් නමක් තියෙනවා.”
    පුස්තකාල උද්යානයේ එපමණ මල් නොපිපෙන ඉසව්වක
    දලුලන කුඩා ඇහැළ පැළය අසලදී කසුන් කීවේය.
    පාරමීගේ සිහින් දෑස ඒ කුමක්දැයි ඇසුවාය.
    “The tree of Paramee…!”
    “මම පාරමී?”
    “ඔව්. හැමෝටම හෙවණ ලැබෙන තැනක තමන්ටම කියලා
    ගහක් තියෙන එක ෂෝක් කියලා පාරමීමනෙ කීවෙ.”
    “ඒත් මේක හිටෙව්වෙ මම නෙමෙයිනෙ.”
    මේ ගහ හිටෙව්වෙ මම. එයාට නමක් දුන්නෙත් මම.”
    “කසුන්… ඔයාට මතකද මම ඉස්කෝලෙ හිටවපු
    ඇහැළ ගහ? අපි ඒකට ඔයාගෙ නම තියමු.”
    “ඕන නෑ. පාරමී දන්නවනෙ, මම ආස එහෙම නෙමෙයි.
    අපැහැදිලි අමුතු මතකයක් වෙන්න.”
    “ඇයි ඒ?”
    “දන්නැද්ද ඉතින්, පොඩි පොඩි අරුමෝසම් හීන…!”

    Original price was: Rs. 1,200.00.Current price is: Rs. 1,080.00.
  • -20%
    (0)

    ඈ – The SPA Women

    වසර දොළහකට අධික කාලයක් ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්නෙකු ලෙස ප්‍රධාන විද්‍යුත් මාධ්‍ය තුලත්, වසර අටක පමණ කාලයක් ජනමාධ්‍ය පාඨමාලා දේශකයකු ලෙස උපකාරක පෘති වලත්, වසර පහකට ආසන්න කාලයක් පුද්ගල සංවර්ධන දේශකයකු ලෙස පාසැල්, වැඩබිම්, ඇඟළුම් කම්හල්, නොවන සහ ක්‍රීඩා සමාජ වලත් ගැවසී ඇත්තෙමි. ඒ ඒ තැන් වලදී, ඒ ඒ කාල වලදී. මා වෙත මුණ ගැසුණු ගැහැණු පිරිමි සහ ළමුන්ගේ බොහෝ ජීවිත කතා, මා වෙත පවසා ඇතුවාසේම ඇතැම් කතා මගේ බලවත් ඉල්ලීම මත, ඔවුන් මා හා පවසා ඇත. පළමු වසර පහ පමණක් මා මගේම පවුල තුළ ආදරය විඳිමින් ජීවත් වුවද, ඉතිරි මුළු කාලයම මෙම සමාජය සමඟ ගැටෙමින් ගත කළ බැවින්, පෙර කී අස්වාභාවික මරණය ලොවෙහි සියලු දේ කෙරෙහි බලපවත්වමින් තිබෙන බව දිනෙන් දින තහවුරු වන විට, ඒ පිළිබඳව කම්පා නොවී සිටිය නොහැක. වගකිව යුතු මිනිසෙකු ලෙස, ඒවා දෙස, ඔහේ බලන් සිටීමේ හැකියාවක්ද නොමැත. දිවා රෑ වෙහෙසෙමින් පුද්ගල සංවර්ධන ක්ෂේත්‍රය තුළම නිරත වුවද, පසුදා ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමේදී සිදුවන්නේ හදවත පාරවන දේ කියවීමටයි. මෙම කෙටි නවකතාව තුළද කියැවෙන්නේ. අස්වාභාවික මරණයක් කරා යමින් සිටි ගැහැණියකගේ කතාවකි. මෙය නවකතාවක් වුවද, මෙහි කියැවෙන්නේ, ඔබ, මා. අප අවට සිදු වෙමින් පවතින අස්වාභාවික මරණයේ කතාවේ එක් පැති කඩකි. එබැවින් මෙම කෙටි නවකතාව කියවා. පොතේ ගුණ දොස් ගැන කියනවාටත් වඩා, ඔබ අවට සිදුවෙමින් පවතින දේ කෙරෙහි ක්‍රියාත්මක විය යුත්තේ කෙසේද යන්න ගැන සිතනවා නම්, එය මගේ මෙම ලියැවිල්ලේ අරමුණයි. මා වෘත්තීය මට්ටමේ

    Original price was: Rs. 550.00.Current price is: Rs. 440.00.
  • -10%
    (0)

    ඈන් ෆ්‍රෑන්ක් දැරියකගේ දිනපොත – Anne Frank Dariyakage Dinapotha

    විසිවැනි සියවසේ, අතිශයින්ම ශෝක ජනක වූත්, විචිත්ර වූත් දින සටහන් එකතුවක් ලෙස ලෝක ප්රකට ඈන් ෆ්රෑන්ක් ගේ දිනපොත’ මුලින්ම ප්රකාශයට පත් කරන ලද්දේ 1947 දීය. එදා සිට අද දක්වා කාලය තුළ නිකුත් කරනු ලැබූ කෝටි දෙකකට අධික වූ පිටපත් සංඛ්යාවක් ලොව පුරා පාඨකයින් විසින් කියවනු ලැබ ඇත. දහතුන් හැවිරිදි ඈන් ෆ්රෑන්ක් දැරීය සැඟවී සිටිය දී ලියන ලද අතිශයින් සංවේදී වූ මේ දින පොත් සටහන් යුදෙව්වන් හැට ලක්ෂයකට ව ධ හිං සා සහ අවසානයේ ම රු කැ ඳවූ දෙ වෙනි ලෝ ක මහා සං ග් රාමයේ බි හිසු ණු අංශය ලොවට මැනවින් කියාපාන සත්ය කතාවකි.

    Original price was: Rs. 1,390.00.Current price is: Rs. 1,251.00.
  • -20%
    (0)

    ඉකිගායි – IKIGAI (සතුටින් දිගුකල් ජිවත්වීමේ ජපන් රහස්

    ජපන් භාෂාවෙන් ඉකිගායි’ වශයෙන් හඳුන්වනු ලබන ජිවිතයේ සතුට හා ජීවිතයේ අර්ථය ඔනො මැනවින් වටහා ගෙන ඇත. “ඉකි ” යන්නෙන් ජීවිතය ද “ගයි” යන්නෙන් හේතුකාරණය ද අදහස් කෙරේ. ජීවිතය පවත්වා ගෙන යාමට අවශ්‍ය හේතුකාරණය ඉකිගායි ” යන්නේ අර්ථය වෙයි. ජීවිතය පවත්නේ කුමකටද? ඒ කාරණා සියල්ලක්ම ඊට ඇතුළත් වෙයි. එය ජපන් සංස්කෘතියේ හරය වෙයි. එය ඔවුන්ගේ ජීවන පිළිවෙත

    Original price was: Rs. 700.00.Current price is: Rs. 560.00.
  • -10%
    (0)

    ඉතින් කවියනි හොඳට නින්ද යනවද රෑට..?

    ප්‍රේමයක් කියන්නේ;

    කටු ඇනෙන තැන්වලම
    නතර වෙන්නැ’යි කියා
    හදවතට බල කරන හැඟීමය

    පටු අඳුරු තනි මගක
    හුදෙකලාවක පවා
    උරහිසක මුදු පහස දැනීමය

    ළඟ නැතද අත නෑර
    හද සෙමෙන් පිරිමදින
    සියුම් උණුසුම් සුසුම් විඳීමය

    නිති දවන තනිකමක

    ගිනියමට ළං ළං ව
    දැවී හළු වී; ඉන්ම නිවීමය

    Original price was: Rs. 450.00.Current price is: Rs. 405.00.
  • -10%
    (0)

    ඉතින් මට සමාවෙන්න – Ithin Mata Samawenna

    බැරිම හින්දා කවමදාවත්
    ආයෙ ඔබ වෙත හැරෙන්න
    කිසිත් කියන්න බෑ ඉතිං මට,
    “සමා වෙනු මැන! ” ඇරෙන්න
    ජීවිතේ තව බොහෝ දුර ඇති
    අතරමග බෑ මැරෙන්න
    ඔබත් ඔහොමම මගදි හමුවන වංගුවක් ළග හැරෙන්න

    Original price was: Rs. 1,000.00.Current price is: Rs. 900.00.
  • -10%
    (0)

    උමතු හස්තය – Umatu Hastaya

    ගුවන් අනතුරකින් තුවාල ලබන ජෙරී බර්ටන් සිය නැගණිය සමග ලිස්ටොක් ගම්මානයට පැමිණෙන්නේ ලන්ඩන් නුවර කලබලකාරී බවින් මිදී සාමකාමී පරිසරයක මාස කිහිපයක් විවේකීව ගත කිරීමේ අරමුණෙනි. එහෙත් ඔවුන්ට මුහුණ දීමට සිදුවන්නේ අනපේක්ෂිත සිදුවීම් මාලාවකට ය. අතිශයින් අප්‍රසන්න නිර්නාමික ලිපි මාලාවක් නිසා ලිස්ටොක් වැසියන්ගේ ජීවිත උඩු යටිකුරු වේ. එහෙත් එය ආරම්භය පමණි. අදිසි හස්තය ජීවිත බිලි ගැනීම අරඹයි.

    Original price was: Rs. 900.00.Current price is: Rs. 810.00.
  • -15%
    (0)

    උල්කාශ්මයේ අබිරහස – ULKASHMAYE ABIRAHASA

    ආක්ටික් අයිස් පරයක ගැඹුරේ වලලා තිබූ විස්මයජනක ලෙස දුර්ලභ වස්තුවක් නාසා චන්ද්‍රිකාවක් මගින් සොයාගත් අතර අදාළ අභ්‍යවකාශ ඒජන්සිය වැඩිදුර තහවුරු කරගැනීමකින් තොරව එය ඉතා වැදගත් ජයග්‍රහණයක් බව ප්‍රකාශ කරයි. හේතුව එය නාසා ප්‍රතිපත්තිවලට සහ ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ගැඹුරු ඇඟවුම් සහිත එකක් වෙන නිසාය.
    එම සොයාගැනීමේ නිරවද්‍යතාවය සත්‍යාපනය කිරීම සඳහා ධවල මන්දිරය, බුද්ධි විශ්ලේෂක රේචල් සෙක්ස්ටන්ගෙන් සහය ඉල්ලා සිටී. විශාරද මයිකල් ටොලන්ඩ් ඇතුළු විශේෂඥයින් කණ්ඩායමක් සමග ආක්ටික් අයිස් පරය වෙත යන රේචල් සිතාගත නොහැකි සාධක හෙළිකර ගනී. එම විද්‍යාත්මක ප්‍රෝඩා පිළිබඳ සාක්ෂි ලෝකයා මතභේදයට තුඩුදෙන දැවැන්ත රැවටීමකි.
    නමුත් ඇය ඒ බව ජනාධිපතිවරයා වෙත දැනුම්දීමට පෙර රේචල්, මයිකල් සහ පිරිස ඝාතකයන් කණ්ඩායමක් විසින් සැඟවී සිට කරනු ලබන පහරදීමකට ගොදුරු වෙති. තම ජීවිත බේරා ගැනීම සඳහා පාළු හා බෙහෙවින් අනතුරුදායක භූමි ප්‍රදේශ ඔස්සේ පලායන ඔවුන්ගේ එකම අපේක්ෂාව වෙන්නේ මෙම දක්ෂ කුමන්ත්‍රණය, සියල්ලටම වඩා කම්පන සහගත රැවටිල්ල පසුපස සිටින්නේ කවුරුන්ද යන්න සොයා ගැනීමය.

    Original price was: Rs. 2,400.00.Current price is: Rs. 2,040.00.
  • -10%
    (0)

    එත් මං ආදරෙයි – Eth Man Adarei

    බොහෝ දුර ඈතක සිට බලාගෙන ඉමි ඔබ දෙස පපුව බර වැඩි වෙන කොට ආදරේ දෙමි කවි ලෙස

    බොහෝ දුර ඈතක සිට අසා ඉමි ඔබෙ කට හඬ දෙනෝදාහක් සෙනඟ මැද්දෙත් ඇයි මේ තරම් තනිකම

    බොහෝ දුර ඈතක සිට සිතාගමි ඔබ ළඟ බව නොලැබෙනා බව දන්න හින්දම විමසමි ලැබිය යුතුමද?

    Original price was: Rs. 1,000.00.Current price is: Rs. 900.00.
  • -10%
    silvabookshop_lk-_Eda_hela_Diwasilvabookshop_lk-_Eda_hela_Diwa
    (0)

    එදා හෙළ දිව – Eda hela Diwa

    අය බදු – අය කැමි

    ලක්දිව් වැස්සෝ, විරාගත සම්ප්රදාය අනුව වර්ෂයකට තුන් වරක් රජ්ජුරුවන් හට අය බදු දෙති. අලුත් අවුරුදු බද්දය, අභිනව භෝග වර්ගාදිය සඳහා දිය යුතු අලුත් සාල් බද්දය, නොවැම්බර් මාසයේ දේව පූජාදිය සඳහා දිය යුතු ඉල්මහ බද්ද යැයි අවුරුදු පතා ජනතාව විසින් රජ හට දිය යුතු බදු තුනක් ඇත. මෙම ප්රධාන බදු තුන හැරුණු විට යම් අවස්ථාවක දී රජ වාසලට යම් කිසි කුදු මහත් දෙයක් අවශ්ය වුවහොත්: රජුගේ අණ පරිදි ඒ සියල්ල මහජනයා විසින් රජවාසලට සැපයිය යුතු වන්නේය. එසේ ගෙන යා යුතු සුළු අය බදු මුදල් හදලින් සහ වී සහල් ආදී ධාන්යයෙන් සැදුම් ගන්නේ වෙයි.

    Original price was: Rs. 1,000.00.Current price is: Rs. 900.00.
  • -10%
    (0)

    එළියකන්ද වධ කඳවුර – Aliyakandha Wada Kadhaura

    1990 දී රට හැර දා ගියාට පසු මා නැවත මව් බිමට පැමිණියේ 2001 දී පුරා වසර 10 කට පසුවය. යම් අවිනිශ්චිත හැඟුම් සමුදායක් හදවතේ පොර කද්දී වුව මව්ව්බිමට ගිය වහාම මා යායුතු ගමන් දෙකක් ගැන මට සෑම තත්පරයක දීම සිහි විය. පළමුවැන්න අම්මා නිදන සොහොනට ගොස් මල් මිටක් පුදා දණ ගසා වැඳීමය. දෙවැන්න මා දරුණු ව ධ යට ලක්වූ එළියකන්ද ව ධ කඳවුර ‘ පිහිටි ප්රදේශය දැකබලා ගැනීමය.
    මව් බිමට ගිය දිනට පසුවදාම අම්මාගේ සොහොනට ගිය මම අවසන් වරට ඇයගේ දෙපා වැඳීමටවත් වරම් නොලද අවාසනාවන්ත පුතුට සමාව දෙන්නැයි ඉල්ලා සිටියෙමි. මගේ හොඳ අම්මා, පෙරදී කළාක් මෙන්ම ඇයගේ මුරණ්ඩු, හිතුවක්කාර පුතුට සමාව දෙන්නට ඇත.
    ඉන්පසුව මගේ ඉලක්කය වූයේ එළියකන්ද ව ධ කඳවුර සොයා යාමය. එහෙත් එළියකන්ද ව ධ කඳවුරෙහි මා රඳවා සිටි මුළු කාලයේදීම මගේ දෙනෙත වසා රෙදිකඩක් බැඳ තිබුණෙන් එය පිහිටි ස්ථානය ගැන මම කිසිත් දැන නොසිටියෙමි. දෛවයෝගයකින් මෙන් මට සුදු මල්ලී’ (ආරූඪ නමකි) හමු වූයේ මේ අතරය.
    Original price was: Rs. 850.00.Current price is: Rs. 765.00.
  • -15%
    (0)

    ඒ දවස් හරි වෙනස් – E Dwas Hari Wenas

    ඉස්සෙල්ලා ම ඔහුට ඇයගෙ හීනි ඇගිලි තුඩු වල ස්පර්ශය දැනෙන්න ගත්තා. ඒත් එක්ක ම ඇඟිලි වලින් පටං ගත්තඋණුසුමක් මුලු ඇඟ පුරාම පැතිරෙන විදිහ ඔහුට දැණුනා. ඇගේ අත සිනිඳු වුණා වගේ ම උණුසුම් වුණා. ඒක ඔහුට ඇති කරේ ගුලිවෙලා නිදා ගැනීමේ වුවමනාවක්.
    මූට මේ මොකක් ද වුණේ වගේ ලුක් එකක් එක්ක ඇය ඔහු දිහාවට හැරුණා. මුකුත් නොකියම ඔහුත් ඇය දිහා බලාගෙන ඉඳලා තිබුණා. තත්පර දහයක් විතර ඔවුන් එකිනෙකා දිහා බලාගෙන ඉද්දි, ඔහුට ඇත්තට ම හැම දේම හොඳින් සිද්ධ වෙයි කියලා දැනෙන්න පටං ගත්තා. ඒ වගේ ම හැමදේම හොඳින් සිද්ධ වේවි කියලා ඔහු විශ්වාස කරන්න පටං අරගෙන තිබුණා.
    ඒත් එක්කම කඳවුරේ කෙළවරකින් කවුදෝ කෑගහනවා ඇහුණා.
    ” සිරිමල් අයියා වැටිලා…”
    Original price was: Rs. 2,000.00.Current price is: Rs. 1,700.00.
  • -10%
    (0)

    ඒ පොත නොහොත් සර්පයා මැරීම – E potha nohoth sarpaya marima

    පශ්චාත්තාපයේ මහා අන්ධකාරයේ අධිකතර වේදනාවේ නිමග්නව, වසර ගණනාවක් දිනව. බියගුලුව, මගෙන්ම සැඟවෙන්නට පොර බදමින් උන් මා. යන්තමින් ආලෝකයක් දකින්නට පටන්ගත්තා පමණි. ඒ මනස්තාපයේ, භයංකාර අඳුර පහ වෙමින් පවතී. දැන් මට ඒ ආලෝකය ඈතින් පෙනේ. එකවරම මැනවින් ද පෙනේ. සැබැවින්ම මම දැන් ඒ ආලෝකයෙහිම වෙමි. එනම්. ‘මම ‘ නොමැති බව තුළ මම වෙමි. මම වෙමිද නොවෙමිද නොවෙමි. ‘මා’ නොමැති බව පසක් වන මොහොතේම, මා ඇති බව හගින මා, උපදී. ඒ භව මතකයේ මහා පුරුද්ද හෙයින්මැ බව මේ ලියන මොහොතේම අවබෝධ කරගනිමි. එහෙයින්, එසැණින්, මේ පෑන් තුඩ කොළයේ පෘෂ්ඨය ස්පර්ශ කරන මොහොතේම නැවත නැවත ‘මම’ ආලෝකයෙහිම වන්නේය. එහෙත්, මෙතුවක් මා විඳි මහා වේදනාව, පීඩාව, ඉසිලිය නොහැකි කාංසිය, නොනිවෙන සේ දැවුණු මහා ගින්න, මේ තරම් ඉක්මනින්, සැණෙකින්, නිමේෂයකින් පහවිය හැකි යැයි විශ්වාස නොකරන සසර පුරුදු සංශයවාදී මා’ නැවත හටගෙන මා ඇති බවේ මුළා අඳුරෙහි නැවත මා ඇද දමන්නට උත්සාහ කරයි.

    Original price was: Rs. 1,500.00.Current price is: Rs. 1,350.00.
  • -20%
    (0)

    ඒතං මංගල මුත්තමං – Ethan mangala muththaman

    කවරක් වුවද මානවයාට සමහර ගති උරුමයෙන්ම ලැබුණ ඒවා කවර රටක ජීවත් වුව ද ජාති ආගම්, කුල හෝ සංස්කෘතීන් බව මගේ හැඟීමයි. කතන්දර ඇසීම සහ කතන්දර කීම ද එවැනි වූ ලොව පුරා මානවයා, මානව පැටවකුව සිටියදී සිටම ප්‍රිය කරන දෙයකි. ලොව කොයි දේ කෙසේ වෙතත් ජාතියක් ලෙස ශ්‍රී ලාංකිකයෝ සංස්කෘතියක් ලෙස ම පුංචි දා පටන් කතන්දර ඇසීමට සහ කතන්දර කීමට ප්‍රිය වෙති. මුතුබෙල්ලාගේ දුක්බර ජිවිත කතන්දරය, අප අතරින් සියයට අනුනවයක්ම අසන්නට ඇත්තේ තම තමන්ගේ ජීවිතවල පළමු දශකය තුළයි. මුතුබෙල්ලාගේ කටුව තුළට යන වැලි කැටයක් දිනෙක මිල අධිකම මුතු ඇටයක් බවට පත් වන තෙක් එම සත්ත්වයාගේ වේදනාවන් ගැන ශෝක වන අප මුතුබෙල්ලා විසින් වේදනා විද නිපදවන මුතු ඇට අප සන්තක කර ගැනීමට වෙර දරයි. එම මුතු බෙල්ලාගේ සෝබර ජීවිත කතන්දරයත් තවත් සිය ගණනක් කතන්දරත් රස විඳ ඇති අප, එම දුක්බර කතන්දර තුළ ඇති මහා බරසාර ජීවිත පාඩම් උගෙනීමට දැඩිව අපොහොසත් වී ඇත්තෙමු. මුතු බෙල්ලා යනු සොබා දහමේ අද්විතීය නිර්මාණයකි. සත්ත්වයාගේ වේදනාකාරි ජීවිතය තුළ නිපදවෙන මුතු ඇටය ද සොබා දහමේ ම අධි මිල නිෂ්පාදනයකි. මිනිසා ද සොබාදහමේ ම එතෙක් මෙතෙක් බිහි වූ අද්විතීය ම නිර්මාණය සේ සැලකෙයි. මුතු බෙල්ලාගේ ජීවිතය දෙස නිරීක්ෂණියව බලන් සිටීමෙන් රසවත් කතන්දරයක් නිර්මාණය කළේ. එය රස කරමින් කීවේ සහ කුතුහලයෙන් යුතුව අසා සිටියේ ද මිනිසා මය.

    Original price was: Rs. 650.00.Current price is: Rs. 520.00.