-
පුංචි වීරයෝ – Punchi weerayo
Original price was: Rs. 600.00.Rs. 540.00Current price is: Rs. 540.00.උපුල් සහ විපුල් දෙන්නා අයියා මලෝ. ඒත් දෙන්නම එ උසයි. එක මහතයි. එකම මුහුණුවරයි. වෙන් කරල හඳුනා ගන්න අමාරුයි. මේ උපුල්ය. මේ විපුල් ය, කියලා හඳුනා ගන්නට අම්මට තාත්තට වුණත් ලෙහෙසි නැහැ. මේ දෙන්නා නිවුන්නු. ඒ කියන්නේ නිවුන් සහෝදරයෝ. අයිය මල්ලිට වඩා වැඩිමහල් වෙන්නේ විනාඩි දෙක තුනකින් විතරයි. අයියගේ නම උපුල්. මල්ලිගේ නම විපුල්. දෙන්නම ඉගෙන ගන්න දක්ෂයි. ගුරු ගෙදර දී වැඩිය හපන්කම් පාන්නේ විපුල්. සෙල්ලම් පිටියෙදිත් හපනා. හේනේ කුඹුරේ වැඩවලදිත් අත් උදව්වට විපුල් කම්මැළි නෑ. අහල පහල උදවියට පුංචි පහේ උදව්වකට වුණත් ඉදිරිපත් වෙන්නේ විපුල්. ඒ නිසා කවුරුත් විපුල්ට ආදරය කළා. ඒත් කවුද විපුල්? කවුද උපුල්? විපුල්ගේ වැඩවලින් හොඳ නම ගන්න ඉදිරිපත් වුණේ උපුල්. ඉගෙනීමේ වැඩ හොඳට කළාට උපුල් කම්මැළියි. වැඩට පලට ශූර නෑ. ඒ වුණාට දෙන්නගෙ දඟකාරකමේ නම් අඩුවක් නෑ. අයියයි මල්ලියි අතර රණ්ඩු කෙළවරක් නෑ වෙලාවකට දෙන්නා හරි යාළුයි.
-
පොලියානා – Pollyanna
Original price was: Rs. 1,250.00.Rs. 1,000.00Current price is: Rs. 1,000.00.හෙළී මෙනෙවිය ජුනි මාසයේ එක් උදෑසනත් පොලි හැරින්ටන් මෙනෙවිය ඉතා කලබලයකින් ඇගේ මුළුතැන්ගෙට ඇතුළු වුණාය. සාමාන්‍යයෙන් මෙසේ කලබලයෙන් කිසිවක් කිරීම ඇගේ සිරිත නොවීය. හැම දෙයක්ම ආචාරශීලීව කරන කෙනෙකු හැටියට ඇය, ඇය ගැනම ආඩම්බරයකින් පසු වුණාය. එහෙත් අද නම් ඇය කඩිමුඩියකින්, ඇත්තෙන්ම විශාල කලබලයකින් සිටින්නීය. නැන්සි මුළුතැන්ගෙයි පිඟන් සෝදමින් සිටි අතර. එහි කලබලයෙන් ඇතුළු වන හැරින්ටන් මෙනෙවිය දෙස පුදුමයෙන් හැරි බැලුවාය. ඇය පොලි මෙනෙවියගේ මුළුතැන්ගෙයි වැඩ කටයුතු කර දෙන්නේ මාස දෙකක වේලේ පටන්ය. එහෙත් එදා මෙදා තුර කිසි දාක ඇය. ඇගේ නෝනා මහත්මිය මේ තරම් කලබලයකින් සිටිනු දැක නැත. “නැන්සි.” “ඇයි මැඩම්?” යි නැන්සි උද්යෝගයෙන් උත්තර දුන් නමුන් අතේ තිබුණු ජෝගුව සේදීම නැවැත්තුවේ නැත.
-
ප්‍රමුදිත ජීවිතයක්
Original price was: Rs. 780.00.Rs. 702.00Current price is: Rs. 702.00.දළයි ලාමාත්, අගරදගුරුතුමනුත් අපේ යුගයෙහි අසහාය ආධ්‍යාත්මික නායකයන් මෙන් ම, ඔවුන්ගේ සම්ප්රදායයන් ඉක්මවා සමස්ත මානව වර්ගයා සඳහා වූ සදාචාරවත් සමාජයක් වෙනුවෙන් හඬ අවදි කරන්නවුන් දෙපළකි.පහසුවෙන් අප ව ගොදුරු කර ගැනෙන, නිෂ්ඵල දේ කතා කරමින් ජනප්‍රිය වීම පිළිකෙව් කරන මෙතුමන්ලා තුළ, මානව වර්ගයා කෙරෙහි පවත්නා දිරීමත් බව, ඉවසීම සහ අපේක්ෂා සහගත සන්සුන්කම ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් තුළ බලාපොරොත්තු දල්වයි. එතුමන්ලා අත්දකින ගැඹුරු සතුට පහසුවෙන් ඇති කරගත හැක්කක් නොවන්නේ, එය හිරිහැර, මර්දනය සහ අරගලය නමැති ගිනි මැද ගිනියම් ව සැකසුණක් බැවිනි. දළයි ලාමාත්, අගරදගුරු තුමනුත් සිහිපත් කරවන්නේ, සත්‍ය වශයෙන් ම සහජ අයිතියක් වන ප්‍රමෝදය සතුටු වීමට වඩා මූලික බව ය. -
බැස්කර්විල් දඩ බල්ලා – Baskervilles dhada balla
Original price was: Rs. 1,000.00.Rs. 900.00Current price is: Rs. 900.00.සර් ආතර් කොනන් ඩොයිල් බැස්කල් දඩ බල්ලා සර් ආතර් කොනන් ඩොයිල් ගේ රහස් පරික්ෂක නව කථා අතුරෙන් මෙය ඉතා ම ප්‍රකට හා අතිශයින් ම ත්‍රාස ජනක නව කථාවය. රාත්‍රී කාලයෙහි මුඩු බිමෙහි අවතාරයක් මෙන් සැරි සරන භීෂණාත්මක දඩ බල්ලකු පිළිබඳ ලොමු දැහැගැන්වෙන මෙම නව කථාවට පසු බිම වී ඇත්තේ. බැස්කවිල් පරම්පරාවේ භයංකර පුරාවෘත්තයකි. රහස් පරීක්ෂක ෂර්ලොක් හෝම්ස් මේ අබිරහස් මිනී මැරුම අනාවරණය කරන්නේ පාඨකයා භීතියෙන් හා ත්‍රාසයෙන් කම්පා කරවමිනි.
-
බිසෝ උරුමය – Biso Urumaya
Original price was: Rs. 1,250.00.Rs. 1,000.00Current price is: Rs. 1,000.00.වජ්‍රය නම්වූ සුන්දර ගිරි රාජධානියේ මහරජුට දාව දාසියක කුසින් උපන් මායා කුමරිය ඇගේ උපතින් දෙවන දින සිට රාජකීය වෙදනාගේ කෲර වෛද්‍ය පරීක්ෂණයක ජීවී මෙවලම වන්නේ පිය රජුගේම අවසරයෙනි. අනාගතයේ එන්නාවූ යුද්ධයකදී ජීව අවියක් වන්නට නියම කර රති කාම කලාවන්හි නිපුණ කරවමින් අභිරූපී ඈ උස්මහත් කරනුයේ සතුරු රජුගේ දිවි තොර කිරීම වෙනුවෙන්මය. වජ්රයේ මහ රජුගේ අතිජාත දියණී යැයි මුසා දොඩමින් ඈ සතුරු රජු වෙත බිසෝ කොට යැවීම පසුපස ඇත්තේ වසර ගණනාවක රාජ්‍ය තාන්ත්‍රික කුමන්ත්රණයකි. අධිරාජ බෑණනු වූ වර්ධාර මහරජු සුරූපී කුමරි වෙසින් තමුන් වෙත එළැඹෙන මරණය දෝත පා පිළිගනීද?
ජීව අවියක නොකියවා, අත් හැර දැමූ හදවත ඔහු කියවා ගනීද?
මරණයම මිස ජීවිතය බෙදා හදාගන්නට විෂ කන්‍යාවකට හැකි වේද?
බිසෝ උරුමය- වජ්රයේ ගිරි ශිඛර අතරේත්, වර්ධාරයේ දිව්‍යමය ගංධාරයේත් ජීවත්වූ නන්විධ ස්ත්‍රීන්, පුරුෂයින් හා අර්ධ ස්ත්‍රී- පුරුෂයින්ගේ ජීවන චරිත අතරේ දිගහැරෙන අපූර්ව කතාපුවතකි. -
බෙරගල කන්දේ නිධානය 2 – Beragala Kande Nidhanaya 2
Original price was: Rs. 550.00.Rs. 440.00Current price is: Rs. 440.00.“උතුමාණෙනි, උරුමය කියල දෙක තුනක් නෑ. උරුමය කියල කියන්නේ එක දෙයක්.’ වැදි ගැහැනිය කළු පැහැ ගැසුණු දත් පෙන්නා සිනා සෙමින් කීවා. “ගොයියගෙන් උගෙ පුතාට ලැබෙන උරුමය ගොයිකම, වැද්දගෙන් උගෙ පුතාට ලැබෙන්නෙ දඩයම. ඒ විදියට රජාගෙන් පුතාට ලැබෙන්නෙ මොකක්ද? ‘ එසේ කියා නැවත මුව අයා සිනාසුණ ගැහැනිය අවසානයේ මෙසේ කීවාය. ” රජකම….. රජකම “
-
බොලිවියානු දිනපොත Bolivianu dinapotha
Original price was: Rs. 1,000.00.Rs. 800.00Current price is: Rs. 800.00.අර්නස්ටෝ වේ ගුවේරාගේ බොලිවියානු දිනපොත 1968 සිට 2009 දක්වා වූ වසර 41 ක් තුළ ලොව විවිධ භාෂාවන්ගෙන් සංස්කරණයන් 330 ක් ඉක්මවා ප්‍රකාශයට පත් වූ චිරප්රසිද්ධ කෘතියකි. 1967 ඔක්තෝබරයේ බොලිවියානු හමුදාවේ ග්‍රහණයට පත්ව, අමෙරිකානු මධ්‍යම ඔත්තු සේවයේ අනුදැනුම මත ඝාතනයට ලක් වූ මෙම අභීත විප්ලවවාදියාගේ උර මල්ලේ තිබී හමු වූ මෙය චේගේ අවසන් දින පොත ලෙස ඉතිහාසයට එක්වේ. මුල් සංස්කරණ වලට ඇතුළත් නොවූ පිටු කිහිපයක්ද ඇතුළත් කොට ඔහුගේ බිරිඳ වූ අලෙයිදා මාර්ච් විසින් සකස් කරන ලද චීගේ බොලිවියානු දිනපොත ඇමෙරිකානු ආක්රමණික යුද්ධයෙන් හෙම්බත් වූ වියට්නාමයට අතහිත දීම සඳහා සමස්ත දකුණු අමෙරිකානු මහද්වීපය පුරා විප්ලවයක් දියත් කිරීමට වේ ගත් පරමාදර්ශී උත්සාහයේ අත්‍යන්ත උරුමය ලෙස කීර්තියට පොත්‍ර වී ඇත.
-
භාරත යෝගීන් සහ ඉසිවරයන් සමඟ 2 – Bharatha Yogin Saha Isiwarayan Samaga 2
Original price was: Rs. 400.00.Rs. 360.00Current price is: Rs. 360.00.ඇතමකු යෝගීන් ලෙස ද, තවත් සමහරු සන්නාසීන් ලෙස
ද හඳුන්වනු ලබන ගුප්ත සමාජ තලයකට අයත් මෙම මිනිසුන් පිළිබඳ වූ විටින් විට අපට ආසන්නට ලැබෙන එකී වෘත්තාන්ත පිටු පස ඇති සත්‍යය කුමක්ද? අභ්‍යාසයේ යෙදෙන්නන්ට මානසික ශක්තීන්ගේ අති විශේෂ සංවර්ධනයක් සහතික කෙරෙන පෞරාණික ප්‍රඥාවක් භාරතයේ පවනින්නේ යයි දන්වමින් අප වෙත ලැබෙන සක්‍රීය ඉඟි පිටු පස ඇති සත්‍යය කුමක්ද? මා එය සොයා දීර්ඝ ගමනක යෙදුණු අතර… -
මකර සංග්‍රාමය – Makara sangramaya – Aluth tharuna weerayo
Original price was: Rs. 950.00.Rs. 855.00Current price is: Rs. 855.00.එන්ජිමෙන් නැගෙන ගෝෂාව යටපත් වන ආකාරයට මම බෙරිහන් දුන්නෙමි. සෑම අවස්ථාවකදී ම මේ ආකාරයේ බෙරිහන් හඬක් මගේ සැබෑ ම සුන්දර දිනයකි. නිල් පැහැති අහස යට ඇති නිල් පැහැති සාගරය මත අධි වේගයෙන් යාත්‍රා කිරීම සැබෑ ම ජෙට් ස්කී යානාවල නැගී ජලය මත ලිස්සා යන මුවින් නැගෙන්නේ නිරායාසයෙනි. අද වසන්ත සෘතුවේ සුන්දර අත් දැකීමකි. මා ඉදිරියෙන් වේගයෙන් ධාවනය වන්නේ අධිවේගී බෝට්ටුවකි. එයින් නික්මෙන සුදු පැහැති පෙණ දහරාව අතරින් මා පදවාගෙන යන ජෙට්ස්කි යාත්‍රාව ඉදිරියට යන්නේ අධිවේගයෙනි. මම හිස හරවා ෆ්රෑන්ක් දෙස බැලීමි. ඔහු ද ජෙට්ස්කි යාත්‍රාවක නැඟී බෝට්ටුව පසුපසින් ලුහු බඳිමින් සිටියි.
-
මගේ ආදර අවනඩුව – Mage aadara awanaduwa
Original price was: Rs. 1,200.00.Rs. 1,080.00Current price is: Rs. 1,080.00.මල්සර දුන්නෙහි හී දෙකකින් සාදන ලද ඔරලෝසු කටුවලින් සමන්විත ප්‍රාකාර හෝරා යන්ත්‍රය සිත් නෙත් සිත් නෙත් සිත් නෙත් හඩ දෙමින් කාලය අතීතයෙන් අනාගතයට අදියි. දෙදුනු රේඛාවන්ගෙන් නිර්මිත සාක්ෂි කුඩු මත මිතුරු සියොත්හු රොද බැඳ සිටිති. එනමුදු අවාසනාව පියපත් අතර රඳවාගෙන සපැමිණි ඔවුන් මෙතැන ගොළුය. පැමිණිලි කුඩුව රෝස මලෙන් ගැවසී ගොස් ය. එහි ඇත්තේ අරුමැසි රූප ඡායාවකි. මා වික්ෂිප්තව සිටගෙන සිටින මේ විත්ති කූඩුව නිමවා ඇත්තේ දහස්වරක් ශෝකය වැයූ වීණාවක තත්වලිනි. මා මුව ද ගොළුව ඇත පෙනෙන්නතෙක් මානයෙහි දිය පොදක් නැත එවැන්නක් කිසිවකුගෙන් නො ඉල්වමි, මක්නිසාදයත් අමපැන් ඉල්ලා හළාහල විෂ ලත් අතීත ජීවිතයක් මට තිබේ. මේ පූර්විකාව තවත් දීර්ඝ කො කරමි කිසිදා නොදුටු නාදුන ඔබ දැන් විනිසුරු අසුනට යා යුතුය. එක් ඉල්ලීමක් පමණක් කරමි. මා නිදොස් කොට නිදහස් නොකරන්න එසේ කළ ද සදාකාලික හෘද සිපිරිගෙයක මා සිර වෙමි මෙතැන් සිට මේ ප්‍රේමණිය උසාවිය ඔබට බාරය.
මේ මගේ ආදර අවනඩුව !
-
මඟ දිගට ජනකතා 1 – maga digata janakatha
Original price was: Rs. 980.00.Rs. 882.00Current price is: Rs. 882.00.මාරස්සන ඩී. පී. වික්‍රමසිංහ මහතා ගම් නියම්ගම්වල රජයේ පාසල් හි මුල් ගුරු පදවි දැරූ කෙනෙකි. තමා සේවයට පත් වී ගිය සෑම පාසලක් ම පිහිටි ගමේත්, අවට ගම්වලත් ඓතිහාසික තොරතුරු, ජන විශ්වාස, වෙද හෙදකම් ආදිය පළාත් වාසීන්ගෙන් විමසා සොයා බැලීමත්, එ මඟින් සපයා ගත් කරුණු පොතක සටහන් කර තැබීමත්, හේ විනෝදාංශයක් ලෙස පුහුණු කර ගති. කටකතා වලින් මතු වූ ඓතිහාසික කරුණු තහවුරු කරනුවස් පතපොත කියවා කරුණු සෙවීම ද ඒ සමඟම කෙරිණි. උඩරට, පහතරට, රජරට ආදී සෑම පළාතෙකම තමා සේවය කරන කාලයේ රැස්කර ගත් කරුණු වලින් බිඳක් තමා සේවයෙන් විශ්‍රාමලත් කාලයේ පොතකට නැගුණු සැටියි මේ. මෙම කෘතියෙහි දෙවන කොටසද මඟ දිගට ජනකතා 2 නමින් මුද්‍රණයෙන් නිකුත්ව තිබේ.
-
මඟ දිගට ජනකතා 2 – maga digata janakatha
Original price was: Rs. 600.00.Rs. 540.00Current price is: Rs. 540.00.මාරස්සන ඩී. පී. වික්‍රමසිංහ මහතා ගම් නියම්ගම්වල රජයේ පාසල් හි මුල් ගුරු පදව් දැරූ කෙනෙකි. තමා සේවයට පත් වී ගිය සෑම පාසලක් ම පිහිටි ගමේත්, අවට ගම්වලත් ඓතිහාසික තොරතුරු, ජන විශ්වාස, වෙද හෙදකම් ආදිය පළාත් වාසීන්ගෙ න් විමසා සොයා බැලීමත්, එමඟින් සපයා ගත් කරුණු පොතක සටහන් කර තැබීමත්, හේ විනෝදාංශයක් ලෙස පුහුණු කර ගති. කටකතා වලින් මතු වූ ඓතිහාසික කරුණු තහවුරු කරනුවස් පතපොත කියවා කරුණු සෙවීම ද ඒ සමඟම කෙරිණි. උඩරට, පහතරට, රජරට ආදී සෑම පළාතෙකම සේවය කරන කාලයේ එසේ රැස්කර ගත් කරුණු වලින් බිඳක් තමා සේවයෙන් විශ්‍රාමලත් කාලයේ පොතකට නැඟුණු සැටියි මේ. මේ ජනකතා එකතුවේ පළමුවන කොටස මඟ දිගට ජනකතා නමින් මුද්‍රණයෙන් නිකුත්ව ඇති අතර, මඟ දිගට ජනකතා – 2 නමින් මෙසේ පළවන්නේ දෙවන කොටසයි.
-
මද්දලේනාගෙන් හාදුවක් – Maddelenagen haduwak
Original price was: Rs. 1,400.00.Rs. 1,120.00Current price is: Rs. 1,120.00.ඔන්න ඔහොමයි වුණේ.. 1945 සැප්තැම්බරයේ දිනක. දොස්තර ෆැබියානෝ දොරෙන් ඇතුළු වෙන්න පෙරාතුවෙන් විදුලි සීනු බොත්තම තුන් පාරක් තද කළා. ඉදිරිපස කාමරේ තුබුණ කවිච්චියක වාඩි වෙලා නියපොතු විකන ගමන්, හිස් බැල්මෙන් ඔහේ බලාගත්තු අත බලාගෙන හිටපු කොන්සෙටා ලියෝනිට මේ වෙද්දි බාගෙටත් වඩා ටිකක් වැඩියෙන් පිස්සු. පහු ගිය කාලෙ පුරාවට මූණපාන්න සිද්ධ වෙච්චි දේ එක්ක ඈට ඉහේ කෙස් ගැන ආසාව අත අරින්න වුණා. ඒවා ඔහේ වැටී වැටී නැත්තට ම නැති වෙලා ගියා. මේ කමිසෙ, මගෙ පුතා දැකල අරන් ඇවිත් තිබුණා. දොස්තර මහත්තයා කතාව පටන් ගත්තා. මිනිහ සෙල්ලම් කර කර ඉඳල තියෙන්නෙ ගඟට ඉහළ බෑවුමේ. හරි නම් යන්ඩ සුදුසු නෑ තමයි. ඒත් ඉතිං කොලු වයස නෙ. එතකොට තමයි ඉවුරෙ ගල් දෙකක් අස්සේ මේ කමිසෙ තියෙනව පෙනිලා තියෙන්නෙ.” කමිසේ ඉදිරි පැත්තෙ හරියටම විශාල දතක හැඩේට වියළුණු ලේ පැල්ලමක් තිබුණා. කොලුවා ගෙදර උස්සන් ආපු කමිසෙ දොස්තර මහත්තය කොන් සෙටාට පෙන්නන්න අරන් ඇවිත්. ඈ ඉස්සරහ හිටගත්තු දොස්තර ෆැබියානෝ. කොන් සෙටාට පේන්ඩ කමිසෙ දිග ඇරලා දෙපාරක් විතර ඒ මේ අත හරවලා අල්ලගෙන ඉන්න ගමන් ඉරිච්ච කමිස අතයි. ලේ පැල්ලමයි නූල් දිය වෙච්ච කමිස කරයි පෙන්නුවා. “නෝනා, මට කියන්න. මේක ඔහේගෙ පුතාගෙ නේද?’ ඒ ගමන කොන්සෙටා අත් දෙකෙන්ම කමිසෙ අරන් නාසයට ළං කරල ඉව කළා. කමිසෙ කිහිලි දෙකත් ඉඹලා බැලුවා. “නෑ. කමිසෙ ආපහු දොස්තරට දෙන ගමන් ඈ කිව්වා.
-
මම ගමේ ගම මගේ – Mama game gama mage
Original price was: Rs. 600.00.Rs. 540.00Current price is: Rs. 540.00.කොස් බෙනයේ සිටින දොළ පිදේනි දී යකා පන්නමු පොඩි නැන්දා තාත්තාගේ ඥාති සහෝදරියකි. පිලකින් සහ විශාල ඉස්තෝප්පුවකින් ඉදිරි පස ද, සාලය සහ කාමරය පසු පස කුස්සිය ද ඇති එම නිවෙස ගමෙහි පොදු නිවෙස්හි සැලැස්ම ගත්ත ද එම නිවෙසට තව එබඳුම නිවෙසක් ඈඳා ඇත. එම නිවෙස් දෙකෙහි අක්කා සහ නංගී ජිවත් වූ අතර ඒ දෙදෙනා ම විවාහ වී සිටියහ. පොඩි නැන්දාගේ සාලයෙහි බක්කි කරත්තය නිතරම විරාජමානව සිටිය ද එය වස්සකු බැඳ පාරේ ගිය දිනයක් මට මතක නැත. එම නිවෙස පසු පස විශාල කොස් ගසක් විය. පරම්පරා ගණනක් පරණ එම කොස් ගසෙහි වූ විශාල බෙනය කිසිසේත්ම අමතක කළ නොහැක. කොලු කෙල්ලන් කොපමණ සෙල්ලම් කළත් එම කොස් ගස අසලට නම් අහම්බෙන්වත් යාමට දැක්වූයේ බියකි. එම ගස අසලට කාන්තාවක් කොසයක් කැඩීමට ගියත් තනියෙන් ගියේ නැත. තවකකු සමග යාමට පුරුදු වී සිටි අතර කෙනෙකු නැතිනම් ඒ මොහොතෙහි පාරෙ යන කෙනෙකු හෝ සමග යාමට පුරුදු වී සිටියාය. එම ගස සහ බෙනය එතරම් ගුප්ත වුවකි. මාටින් මහප්පා දින දෙක තුනකට පෙර නැන්දලාගේ නිවෙසට පැමිණි විට අප නිවෙසට ද පැමිණියේ ය. එය ඔහුගේ සිරිතකි. නංගීට සනීප නැහැ. තොවිලයක් කරන්නයි හදන්නේ.
-
මයිසීලියම – Mycelium
Original price was: Rs. 1,100.00.Rs. 990.00Current price is: Rs. 990.00.ජෙසිකාගේ දකුණු කනේ වැදී රොකට්ටුව බිම වැටුණි. ඇය පැලඳ සිටි සුදු පැහැති රවුම් කරා බුව තවමත් සෙලවෙමින් තිබුණි. නමුත් ඒ පිළිබඳ නොතැකු ඇය බිම වැටී තිබුණු කඩදාසි රොකට්ටුව දෙස බලා සිටියාය. එය අතට ගත් ඇය පන්තිය පුරා දෙනෙත් යවමින් එහි අයිතිකරු සොයන්නට වූවාය. ගත වූයේ තත්පර කිහිපයකි. කඩදාසි රොකට්ටුව විසි කළ දරුවා දෙසට අත් දිගු කරමින් අනෙක් දරුවෝ සිනාසෙන්නට වූහ. ඇය ඔහු දෙසට නෙත් යොමු කළා පමණි, දරුවා ඇගේ මුහුණේ වූ කෝපය දැක බිම බලා ගත්තේය. තත්පර කිහිපයකින් ඔහු හෙමින් සීරුවේ නැවතත් ඇය දෙස බැලුවේය. එවරද බියට පත් වූ ඔහු නැවතත් බිම බලා ගත්තේය. ජෙසිකා මුහුණේ ව්‍යාජ කෝපයක් මවා ගත්තේ ඔහු කළ වැරැද්ද පිළිබඳ පෙන්වා දීමේ අරමුණින් යුතුවය. නමුත් ඔහුගේ බියමුසු මුහුණ දුටු ඇගේ මුවට සිහින් සිනහවක් නැගුණේ ඉබේටමය. බිම තිබුණු රොකට්ටුව අහුලා ගත් ජෙසිකාට එය දිග හැර බැලීමේ ළදරු ආසාවක් ඇති විය. ඇගේ මුවට නැඟි සිනහව දෙගුණ තෙගුණ වුයේ දිග හරින ලද කඩදාසියෙහි සඳහන් වූ දෙය දැකීමෙනි.
-
මරණයෙන් පිබිදුණු මිනිස්සු – Maranayen pibidunu minissu
Original price was: Rs. 500.00.Rs. 400.00Current price is: Rs. 400.00.මරා දැමුණු මිනිසා අතින් මිනීමරුවා ඝාතනය වේ. ලන්වන් නගරය අසල වූ එක් පෞද්ගලික පාසලක් පිහිටා තිබුණේ බෙහෙවින් පැරණි, විශාල නිවසක් තුළය. එල්ම ගසින් හා දේවදාර ගසින් සෙවණ වූ පාසල් භූමිය රමණිය තේමිස් නදිය අසබඩ සුන්දර පරිසරයක පිහිටා තිබිණ. 1870 වසරේ පළමු පාසල් වාරය ආරම්භ විය. පාසල් සිසුන් 130 දෙනාත්, ගුරුවරුන් කිහිපදෙනාත් ඇතුළු සියල්ලෝම පාසල පටන් ගත් දින පැමිණ සිටියහ. මේ වාරයේ දී පැරණි ගුරුවරුන්ට අමතරව සැම්ප්සන් නම් වූ අලුත් ගුරුවරයෙක් ද පැමිණ සිටියේය. මුහුණ පුරා වැවුණු ඝන රැවුලකින් ද, උස් සිරුරකින් ද යුතු වූ අලුත් ගුරුවරයා කල් යත්ම ශිෂ්‍යයන් අතර ජනප්‍රිය වන්නට සමත් විය. රට රටවල ඇවිද නොයෙකුත් තොරතුරු දැන සිටි ඔහු ඒ පිළිබඳව සිසුන්ට රසවත් කතා පැවසීමට සමත් වී සිටියේය. සැම්ප්සන්ගේ ගෙලෙහි නිරතුරුවම ඔහු පැලඳ සිටි මාලයක් විය. ඔහුගේ නමේ මුල් අකුරු තුන වන ජී. ඩබ්ලිව්. එස්. කොටා තිබූ රන් කාසියක් එහි අමුණා තිබිණ. සැමම්ප්සන් මහතා පාසලට පැමිණ නොබෝ දිනකින් අද්භූත සිදුවීම් මාලාවක් පාසල පුරා හමා යන්නට පටන් ගත්තේය. දිනක් ගුරුවරයා ශිෂ්‍යයන්ට ලතින් භාෂාව උගන්වමින් සිටියේය. ලතින් භාෂාවෙන් වාක්‍යය බැගින් ලිවීමට ශිෂ්‍යයන්ට නියම වී තිබිණ. මේ අතරේ පන්තියේ කොනක වාඩි වී සිටි මැක්ලොයිඩ්’ නමැති ශිෂ්‍යයා කිසිවක් නොලියා මේසයට බර වී නිදිමත ස්වභාවයෙන් පසු වනු තවත් ශිෂ්‍යයකුගේ නෙත ගැටිණ. ” මැක් ලොයිඩ්, ලියන්නේ නැද්ද?
-
මරනයට පියවරක් – Maranayata piyawarak
Original price was: Rs. 950.00.Rs. 760.00Current price is: Rs. 760.00.හැමෝම බලාගෙන ඉන්නේ අපි හිම තලාව උඩ වැටිලා හිම කුට්ටි පිටින් ගිල දාලා ලිස්සලා එනකම්.” බෙයාර් කඳු යායේ හිම මත ලිස්සීම සැබැවින්ම අභියෝගාත්මක සහ දුෂ්කර කාර්යයකි. ඒ නිසා මෙම හිම තලාවේ හිම ක්‍රීඩා සඳහා එක්වන්නේ ද දැඩි සිතක් ඇති ක්‍රීඩකයින්ය. ඔවුන් සෑම විටම කැමැත්තක් දක්වන්නේ නියමිත ප්‍රදේශයෙන් පිට දළ හිම තට්ටුව මත ලිස්සන්නටයි. පැද්දෙමින්, පෙරළෙමින් සිදු කරන මේ හිම ක්‍රීඩාව අතිශයින්ම අවදානම් සහ බිහිසුණු ක්‍රියාවකි. මා සහ මගේ සහෝදරයා ද මේ හිම ක්‍රීඩා සංදර්ශනයට එක්වුයේ ඒ අතිශය අවදානම් හිම මත ලිස්සීමේ ඉසව්වට සහභාගි වන්නටයි. අපේ දක්ෂතාවය නරඹන්නන් සමච්චලයෙන් බලා සිටින එකක් නොව සියලු දෙනාම උද්දාමයෙන් බෙරිහන් දෙන විශිෂ්ට එකක් විය යුතුයැයි මට නිරන්තරයෙන්ම කල්පනා වෙයි.
-
මහ බැද්දේ සුදු වැද්දා – Maha badde sudu wedda
Original price was: Rs. 500.00.Rs. 450.00Current price is: Rs. 450.00.මහ බැද්දේ සුදු වැද්ද’ නම් වු මෙම යොවුන් නවකතාවට පාදක වී ඇත්තේ මුහුදු බත් වුණු නැවකින් ශ්‍රී ලංකාවේ වෙරළකට පිනා අවුත් වන වැදුණු ඕලන්ද ජාතික නිර්භීත ගැටරයෙකු පිළිබඳ ත්‍රාසය, වීරත්වය හා කුතුහලය දනවන රසවත් කතා පුවතකි. වන සතුන් හීලෑකර ගැනීම සඳහා පුදුම දක්ෂ – තාවයක් තිබූ ‘ හෑන්ස් ‘ නම් වූ මෙම නිර්භීත යොවුන් ගැටවරයා රුදුරු වන සතුන්ගෙන් ගහණ මහ වන මැද ජීවිත් වීම සඳහා කරන අරගලය සැබැවින්ම ත්‍රාසය භීතිය හා වමත්කාරය පිරුණු එකකි. පසු කාලයේදී කන්ද උඩරට සිංහල රජුගේ හේවායින්ට හසු වෙන හෑන්ස් එහි සිරකරුවෙකු බවට පත්වෙයි. මේ අතර තුර රජුගේ බලවත් උදහසට ලක්වෙන මෙම ගැටවරයාට ඇතෙකු ලවා පාගා මරා පොඩි කර දමන්නට සැරසෙද්දී ඔහු ඒ මර උගුලෙන් ගැලවෙන්නේ හාස්කමකින් මෙනි. ඇතාගේ පිහිටෙන් යළිත් වන වදින හැන්ස් එහි වැදි පවුලකට එක්වී ජීවිතයේ නව මහකට ප්‍රවේශ වෙයි. සුදුහුරා නමින් වැද්දන්ගේ ගෞරවයට හා ආදරයට පාත්‍ර වන මෙම ගැටවරයා මේ වන විට සිංහල රජතුමාගේ හිරකරුවන් බවට පත් වී සිටි පෘතුගීසි හා ලන්දේසි කපිතාන්වරු දෙදෙනෙකු ද උපායශීලිව නිදහස් කර ගැනීමට සමත් වෙයි. වනගත ජීවිතය හා වැද්දන් අතර බැඳුණු සිදුවීම් වලින් ගහන මෙම රසබර වෘත්තාන්තය පාඨක – යාගේ සිත මන මෝහනයෙන් හා ත්‍රාසයෙන් තුල්මත් කරවන සුළුය. ලංකාවේ වනාන්තරවල ඇවිද වැද්දන් සමඟ ජීවත්වී ඒ අත් දැකීම් හා ඉතිහාසගත සැබෑ තොරතුරු සමඟ ප්‍රතිනිර්මාණය කළ මෙම කෘතිය ආර්. එල්. ස්පිට්ල් නම් වූ ඉංග්‍රීසි ජාතික වෛද්‍යවරයා අතින් රචිත නිර්මාණ වලින් වඩාත්ම මෙරට පාඨකයින් අතර ජනප්‍රිය වූ ප්‍රබන්ධය වෙයි.
-
මාගම් සෝලිය – Magam soliya
Original price was: Rs. 1,650.00.Rs. 1,402.00Current price is: Rs. 1,402.00.සැන්දෑ හිරු එළියෙන් පෑළ දිග අහස රක්ත වර්ණ වෙමින් තිබුණු ඒ සන්ධ්‍යා යාමයේ ඇබිත්ත කොලුවා ඇහිපිය නොහෙළා බලා සිටියේ ලොකු හාමුදුරුවන් දිහාය. හවසට හොඳ ආසන දෙකක් හරිගැස්සුවොත් හොඳයි…. මගේ ඇඳ ළඟ. උන්වහන්සේ මේ විධානය ඇබිත්ත කොලුවාට කර තිබුණේ එදා ඉරිදා උදයේ දෙමට කුරකින් දත් පිරිසිදු කරන ගමන්ය. ඌව වෙල්ලස්සේ කැළෑබදට වෙන්න ඇති මේ ගම් මණ්ඩියට තියෙන එකම පන්සල මේකය. ලොකු හාමුදුරුවන්ම ඇබිත්ත කොලුවාට කියා ඇති විදිහට මේ ආරාමය ශත වර්ෂ ගණනාවක් පැරණිය. දුටුගැමුණු රජ්ජුරුවන්ගේ කාලයේ තිස්ස කුමරා මේ අඩවියට සැපත් වූ අවධියේ මේ ආරාමය පිළිසකර කරනට ඇති බවය, මුඛ පරම්පරාගතව පැමිණි විශ්වාසය වුණේ. ඒත් උන්වහන්සේ මීට දශක හතර පහකට ඉස්සර මෙහාට වඩින විට මෙතැන තිබුණේ පන්සලක් නොවේ. ගරා වැටුණු වරිච්චි බිත්ති කීපයක් සහ ගල් කණු කීපයක් පමණි.















































