-
නැන්සි ඩ්‍රෝ – අදුරු ගුහාවේ අබිරහස- Nancy drew anduru guhawe abhirahasa
Original price was: Rs. 750.00.Rs. 675.00Current price is: Rs. 675.00.ගෙවත්තේ සිටි නැන්සි දුරකථනය නාද වෙන හඬ ඇසුණු විගස හිස ඔසවා නිවස දෙස බැලුවා. ඉනික්බිති ඇය අත් වැසුම් යුවල ගලවමින් නිවස වෙත දුවගෙන ගියේ පුදුමාකාර වේගයකින්. පෝටිපෝවේ පඬිපෙළ නැග සාලය කරා පිවිසුණු ඇය හති හලමින් දුරකථනය අතට ගෙන ‘හලෝ’ කිව්වා. දුරකථනයේ අනිත් පසින් ඇසුණේ හුරු පුරුදු කට හඬක්. “හායි නැන්සි.. මම හෙලන්.” ඇමතුම ඇගේ හොඳම මිතුරියක වන හෙලන් කෝර්නින්ග් ගෙනි. නැන්සිට වඩා වසර තුනකින් වැඩිමහලු යුවතියක වුවද ඔවුන් ඉතා සමීප මිතුරියන්ය. ” නැන්සි… මේ දවස්වල ඔයා මොකක්හරි අබිරහසක් විසඳමින් ද ඉන්නේ ?.” හෙලන් නැවතත් ඇසුවා. එවර නැන්සි ඇයට පිළිතුරු දුන්නේ නොඉවසිල්ලෙන්. “නෑ හෙලන්. මොකක්ද කාරණය ?. අබිරහසක් ද ?.” ‘ ඔව්… හොල්මන් මන්දිරයක් ගැන විස්තරයක්.’
-
නැන්සි ඩ්‍රෝ – රන් නිධානයේ අභිරහස Nancy drew ran nidanaye abhirahasa
Original price was: Rs. 700.00.Rs. 630.00Current price is: Rs. 630.00.සමහර විට පීනන්න බැරි තරම් වතුර සීතල ඇති බෙස් එසේ කිව්වේ සීතලෙන් උරහිස් හකුළුවා ගනිමිනි. ඇය අසලම සිටි ජෝර්ජ්ට නම් සීතල ගැන ගානක්වත් නෑ වගෙයි. අපෝ මට නම් ටිකක්වත් සීතල නෑ. අද තමයි පීනන්න හොඳම දවස එහෙම කියාගෙනම ජෝර්ජ් පිහිණුම් තටාකයේ පනින ලෑල්ල මතට ගියා. දැන් ජෝර්ජ් පිහිණුම් තටාකයට පනින්නයි සුදා නම් වෙන්නේ. එයා අත් දෙක හිසට උඩින් ඔසවා ගෙන වතුරට පනින්න සුදා නම් වෙනවාත් සමඟම අමුතු හඬක් අසල සිටි නැන්සි ට ඇසුනා. ඇය ඉක්මනින් අහස දිහා බැලුවේ ඒ හඬ කුමක් දැයි විපරම් කරන්නටයි. මුලින්ම නැන්සි ට කිසිම දෙයක් පෙනුනේ නෑ. හැබැයි ඊළඟට එයා දැක්කේ අහසේ සිට පොළව කරා වේගයෙන් වැටෙමින් තිබෙන කළු පැහැති දිගු රැහැණකි. එය අසල තිබූ සැටලයිට් රූපවාහිනි කුළුණෙන් ගැලවී වැටෙන විදුලි රැහැණක් බව හඳුනා ගන්නට නැන්සි ට අපහසු වුනේ නෑ. ඇගේ ගත බියෙන් හිරි වැටෙද්දී විදුලි රැහැණ පිහිණුම් තටාකයේ ජලය මතට වැටුනා. ඊළඟ නිමේශයේදී පිහිණුම් තටාකයේ ජලය දීප්තිමත් නිල් පැහැයකින් ආලෝක වෙන බවයි නැන්සි දැක්කේ. ඇය පිහිණුම් තටාකයට පනින්න සූදානම් වෙන ජෝර්ජ් අසලට දුවගෙන ගියේ මෙසේ බෙරිහන් දෙමින්. දෙයියනේ ජෝර්ජ්….. වතුරට පනින්න එපා… ඔයාට කරන්ට් වදියි.
-
නැන්සි ඩ්‍රෝ – සැගවුනු තරප්පුවේ අභිරහස Nancy drew sagawunu tharappuwe abhirahasa
Original price was: Rs. 750.00.Rs. 675.00Current price is: Rs. 675.00.ගෙවත්තේ සිටි නැන්සි දුරකථනය නාද වෙන හඬ ඇසුණු විගස හිස ඔසවා නිවස දෙස බැලුවා. ඉනික්බිති ඇය අත් වැසුම් යුවල ගලවමින් නිවස වෙත දුවගෙන ගියේ පුදුමාකාර වේගයකින්, පෝටිපෝවේ පඩිපෙළ නැග සාලය කරා පිවිසුණු ඇය හති හලමින් දුරකථනය අතට ගෙන හලෝ කිව්වා. දුරකථනයේ අනිත් පසින් ඇසුණේ හුරු පුරුදු කටහඬක්. “හායි නැන්සි.. මම හෙලන්. ” ඇමතුම ඇගේ හොඳම මිතුරියක වන හෙලන් කෝර්නින්ග් ගෙනි. නැන්සි ට වඩා වසර තුනකින් වැඩිමහලු යුවතියක වුවද ඔවුන් ඉතා සමීප මිතුරියන්ය. ” නැන්සි… මේ දවස්වල ඔයා මොකක්හරි අබිරහසක් විසඳමින් ද ඉන්නේ ?.'” හෙලන් නැවතත් ඇසුවා.එවර නැන්සි ඇයට පිළිතුරු දුන්නේ නොඉවසිල්ලෙන්. ” නෑ හෙලන්. මොකක්ද කාරණය ?. අබිරහසක් ද ?.” ” ඔව්… හොල්මන් මන්දිරයක් ගැන විස්තරයක්.”
-
නැන්සි ඩ්‍රෝ -අතුරුදහන් වූ සළුවේ අභිරහස Nancy Drew – athurudahan wuu saluwe abhirahasa
Original price was: Rs. 700.00.Rs. 630.00Current price is: Rs. 630.00.ඔය විදිහට මම දිහා බලන්න එපා නැන්සි. මම මනමාලි ගේ වේල් එක ගත්තේ නෑ. මම හරිම හොඳ අමුත්තෙක් වගේ මෙතැන වාඩි වෙලා හිටියා විතරයි…. අනික දැනටමත් මඟුල් ගේ තියෙන්න ඕනෑ වෙලාවට වඩා පැය එක හමාරක් පරක්කුයි. කෙලින්ම බොස්ටන් වල ආපු හින්දා මනමාලි මොන වගේද කියලවත් මම දැක්කේ නෑ. මොනව වුනත් මම එක දෙයක් ගැන නම් බලාගෙන ඉන්නවා. මම දන්නවා…..මනමාලි ගේ මල් පොකුර අල්ල ගන්න නේද ?. නැන්සි බෙස්ගෙන් ඇසුවා ය. ඈ දුන්නේ මෙවැනි පිළිතුරකි. ඔව්… ඒක දිහා තමයි. මම බලාගෙන ඉන්නේ.. විනාඩි දහයක් තුළ දහ වැනි වරටත් නැන්සි ඔර්ලෝසුව දෙස බැලුවා ය. ඈ නැවතත් බෙස්ගෙන් මෙසේ ඇසුවාය. දැනටමත් මඟුල් ගේ හොඳටම පරක්කුයි. වේල් එක හොයාගන්න අපිත් උදව් කළොත් හොඳ නැද්ද ?. බෙස් හයියෙන් සිනාසුනා ය. ඉන්පසුව ඈ තැන් සිට කීවේ මෙවැන්නකි. කළබල වෙන්න එපා නැන්සි. අපි වේල් එක ගැන කළබල වෙන්නේ මොකටද ? අනික ඕනෑම මඟුල් ගෙයක් ටිකක් හරි පරක්කු වෙනවා කියලා මම අත් දැකීමෙන් ම දන්නවා. දේවස්ථානයේ ඕගනය වාදනය කරන්නා දැනටමත් එකම ගීතිකාව තුන් වරක් පමණ ගායනා කොට අවසන් ය. මඟුල් ගෙයට පැමිණි අමුත්තෝ නොඉවසිලිමත් ව කථා කරන්නටත්, ආසන මත එහාට මෙහාට පැද්දෙන්නටත් පටන්ගෙන හමාරය. මේ ප්‍රමාදය ඔවුන්ට දරා ගැනීමට අපහසු සෙයකි. කළ හැකි දෙයක්
-
නැන්සි ඩ්‍රෝ කලු බළලාගේ ශාපය – Nancy drew kalu balalage shapaya
Original price was: Rs. 700.00.Rs. 630.00Current price is: Rs. 630.00.ගැහැණු ළමයින් ගේ නේවාසික පාසලක් වු විවර්ලි ඇකඩමි විද්‍යාලයේ ප්‍රධාන ශාලාව අසලට නැන්සි ළං වූවාය. ප්‍රධාන ශාලාවේ දැවැන්ත දොරෙන් ඇතුළු වූවාට පසුව එක පෙළට විහිදී යන පංති කාමර පෙළක් ඇයට පෙනේ. මේ සෑම පංති කාමරයකින් ම ගැහැණු ළමයින් ගේ බියපත් කට හඬවල් ද ඇයට ඇසේ. ටික වෙලාවකට පසුව නැන්සි අංක හතර ලෙසට නම් කොට තිබූ පංති කාමරය අසල සුළු වෙලාවක් නතර වූවා ය. මේ ගැහැණු ළමයින් බියට පත්ව සිටින්නේ ඇයි ?. ඔවුන් ගේ බිය පලවා හැරීම සඳහා තමාට කළ හැක්කේ කුමක්ද ?. මෙවැනි සිතිවිලි අතර ටික වෙලාවක් ඈ කල්පනා කරන්නට වූවා ය. ගත වූයේ නිමේශයකි. නැන්සි ගේ සිතිවිලි ලෝකය සුනු විසුණු කරමින් පිටුපසින් තිබූ පංති කාමරය තුළින් බිහිසුණු විලාපයක් නැගුනේ ය. ඉනික්බිතිව පංති කාමරයේ සිටි සෑම ගැහැණු ළමයෙක් ම විලාප නගන්නට වූහ. තවත් මොහොතකින් දොර විවෘත විය. ඊළඟ නිමේශයේදී කළු පැහැති දැවැන්ත පුසෙක් නැන්සි ගේ දෙපා අතරින් රිංගා පංති කාමරයෙන් පිටතට පැන්නේ ය. උගේ දත් දෙපෙල සුදු පැහැයෙන් දිලිසෙයි. නැන්සි ගේ සිත තිගැස්සුනේ ය. කළු පැහැති දැවැන්ත පුසා මේ සුදානම් වන්නේ නැන් සිට පහර දෙන්නට ද ?… ඉනික්බිති සිදුවන්නේ කුමක්ද
-
නැන්සි ඩ්‍රෝ ටෙඩි බෙයාර් අබිරහස – Nancy drew teddy bear abirahasa
Original price was: Rs. 750.00.Rs. 675.00Current price is: Rs. 675.00.හිම තලාවේ විලාපය ආයේමත් හිම වැටෙන්න ලැස්ති වෙනවා කියල නැ කියන්න හදන්න එපා නැන්සි… හොඳ ද? බෙයට් වොන්ඩර්පුල් සාප්පුවේ දොරින් පිටතට එබී බලන ගමන් බෙස්. තැන්සිට එසේ කීවා ය. එසේ වුවත් සිහින් හිම කැටිම ම් වනවිටත් පොළවට පතිත වෙමින් තිබිණි. ඔයා මොනව කිව්වත් තව ටිකකින් හොඳටම හිම වැටෙන්න පටන් ගනියි බෙස්… එසේ කියන ගමන්ම නැන්සි ත් සෙල්ලම් බඩු සාප්පුවට ඇතුළු වූවාය. පාසල් නිවාඩු කාලයේ බෙස් මේ සෙල්ලම් බඩු සාප්පුවේ අර්ධ කාලින සේවිකාවක් ලෙස සේවය කරන නිසා නැන්සි ද නිතර දෙවේලේ සාප්පුවට ගොඩ වන්නීය. අදත් එවැනි
-
නැන්සි ඩ්‍රෝ පෞරාණික ඔරලෝසුවේ අබිරහස – Nancy drew pauranika oralosuwe abiraha
Original price was: Rs. 700.00.Rs. 630.00Current price is: Rs. 630.00.දහ අට හැවිරිදි සුන්දර යුවතියකි. නීතිඥයෙකු වූ සිය පියාගේ නීතිමය ලියවිලි වගයක් ගෙනැවිත් භාර දුන් ඇය ගම්බද පාරක් ඔස්සේ සිය තද නිල් පැහැති කාරය පදවමින් සිටියාය. එය අළුත්ම කන්වර්ටබල් වර්ගයේ මෝටර් රථයකි. ” හොඳ වෙලාවට තාත්තා මගේ උපන්දිනයට මේ කාර් එක අරන් දුන්නේ. ඒ හින්දා මට දැන් එයාට උදව් කරන්න ලේසියෙන්ම පුළුවන්.” හුදකලාව කාරය පදවමින් සිටින නැන්සිගේ සිතට එවැනි සිතිවිල්ලක් නැගේ. ඇගේ පියා කාර්සන් ඩ්‍රෝය. ඔහු රිවර්හයිඩ් පළාතේ නම ගිය නීතිඥයෙකි. තමා වෙත පැමිණෙන ඉතා සංකීර්ණ නීතිමය කටයුතු පිළිබඳව ඔහු රන්වන් පැහැති හිස කෙස් සහ නිල් පැහැති දෑසක් හිමි තම එකම දියණිය වන නැන්සි සමඟ ද නිරන්තරයෙන්ම සාකච්ඡා කරයි. තාත්තාට ඉතින් මගේ උදව් නැතිවම බැහැනේ.” මද සිනාවක්ද සමඟ නැවතත්
-
නැන්සි ඩ්‍රෝ ෆින්ලේ මැදුරේ අබිරහසම – Nancy drew fenley madure abirahasa
Original price was: Rs. 750.00.Rs. 675.00Current price is: Rs. 675.00.නිවසේ වූ නිහඬතාවය බිඳ හරිමින් කිසියම් බිහිසුණු විල්‍ය හඬක් පහත මාලය දෙසින් පැතිරෙන්නට විය. බිය, කම්පනය ඇග කිලිපොලා යන තරම් බිහිසුණු බවක් සහිත ඒ විලාපය ඇසුනු විගසම නැන්සි ගේ සිත පුරා කිසියම් සීතලක් ගලා ගියේ නිමේෂයකිනි. මේ වන විටත් ඇය තමන්ගේ කාමරයේ ඇඳය දිගාවී සඟරාවක් කියවමිනුයි හිටියේ.විලාපය ඇසෙනවාත් සමය ඇය කියවමින් සිටි සඟරාව පැත්තකට දමා හැකි තරම් වේගයෙන් පහත මාලයට දුවගෙන ගියේ ඒ විලාප හඬ කුමක්දැයි විපරම් කිරීමටයි විලාප හඬ නොනවත්වාම ඇසේ. කිසියම් කෙනෙකුට හදිසි විපතක් සිදු වී ඇති බවකුයි ඒ විලාප හඬෙන් ඇඟවෙන්නේ. ඒ ගැන කල්පනා කරමින්ම නැන්සි පහත මාලයට බසින පඩිපෙළ දිගේ වේගයෙන් පහතට දුවන්නට වූවාය. එහෙත් ඇය පහත මාලයට පැමිණෙද්දීම බිහිසුණු විලාප හඬත් එක් වරම නතර විය. නැන්සි මදක් වටපිට විපරම් කෙරුවේ විලාප හඬ කුමක්දැයි
-
නිල් නිවුන්නු – Nil Niwunnu
Original price was: Rs. 1,400.00.Rs. 1,120.00Current price is: Rs. 1,120.00.තමන් මොන එකකට එක් නිවුන් දැරීයක් තියාගත්තාද?
දැන් එය විශාල ප්‍රශ්නයක් වී ඇත. එක් දැරියකගෙන් නම් නිදහස්ය. අනෙක් දැරීයගෙනුත් නිදහස්වීමට කාලය එළඹ ඇත.
ඇන්ජි වෑන් රථයේ පිටුපස කොටසේ බිම දැරියව හාන්සි කෙරුවාය. අනතුරුව වෑන් රථයට නැග එය පණ ගන්වාගෙන ජැටියට යන පටු මාවත දිගේ ඉදිරියට පැදවූවාය. චම පටු මාවත කෙළවර වන්නේ ජැටියෙනි. මේ කාලයට එය වසා ඇත. එය ආශීර්වාදයකි. එතැන මුහුද දැඩි සේ ගැඹුරුය. වෑන් රථය, මාවතේ කෙළවරට ආසන්න වෙත්ම තමන් රියදුරු අසුනෙන් පැන ගත යුතුය. එවිට වෑන් රථය, දැ රී යත් සම ගම මු හු දු ප ත්ල සිප ගන්නවා ඇත.වෑන් රථය වේගයෙන් මුහුද දෙසට ඇදී යයි.
ඉතිරිව ඇත්තේ තත්පර ගණනකි. ඇන්ජි වාහනයේ දොර විවර කරන්නට සැරසුණාය. -
නිහඬ නොවූ සාක්ශි 1 – Nihanda nowu sakshi
Original price was: Rs. 550.00.Rs. 495.00Current price is: Rs. 495.00.පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පළමු වසර ශිෂ්‍යයෙකුව සිටි අවධියේ මා නේවාසිකව සිටියේ මාකස් ප්‍රනාන්දු නේවාසිකාගාරයේය. දිනක් රාත්‍රියේ මා එහි අංක නමය දරන කාමරයේ පාඩම් කරමින් සිටිනා විට එහි ඉහළ මාලයේ කථිකාචාර්යවරුන්ගේ සාදයක් පැවතියේය. මෙය මා හට මහත් කරදරයක් වූයෙන් එයට විරෝධය පළකළ මා සමඟ කළහයට පැටලුණේ එක්තර කථිකාචාර්යවරයෙකි. මා දන්නා තරමින් ඔහු ඉගැන්වීමෙහි අතිදක්ෂ දීප්තිමත් කථිකාචාර්යවරයෙක් විය. එමෙන්ම පියවි ජීවිතයේ ඉතා සුහද පුද්ගලයෙක් විය. එහෙත් මධුවිතින් මත්ව සිටි ඔහු මා සමඟ දරුණු අරගලයකට සූදානම් වූ අතර, උපශාලාධිපතිතුමා සහ අනෙකුත් සිසුහු මැදිහත් වී එම අරගලය වහවහා සංසිඳ වූහ. තවත් වසරක පමණ කාළයක් අප මෙම ශාලාවේ විරසකයින් ලෙස කල් ගෙවන ලදී. කාලයාගේ ඇවෑමෙන් අපි දෙදෙනා හොඳ මිතුරන් බවට පත් වුණෙමු. ඒ අන් කිසිවක් නොව පියවි ජීවිතයේ ඔහුගේ ප්‍රියමනාප සහ සුහදශීලී බව නිසාමය. පසු කාලයක ඔහු මා අතිශයින් ප්‍රිය කළ පුද්ගලයන් අතළොස්සකගෙන් කෙනෙකු වූයේය. ඒ නිසාම පශ්චාත් උපාධිය සඳහා විදේශගත වන අවස්ථාවේදී ඔහුගේ සියලු නීතිමය ලියකියවිලි නීතිඥයෙකු ලෙස සහතික කළේ මා විසිනි. පසු කාලයක වෛද්‍ය විද්‍යාලයයේ අධ්‍යයන කටයුතු අවසන් කළ මා ද පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ කථිකාචාර්යවරයකු ලෙස සේවයට බැඳුණෙමි. ඉන් අනතුරුව අපේ මිතුදම තව තවත් වර්ධනය වූයේය. විශ්ව විද්‍යාලයයේ පර්යේෂණ සැසිවාරයන්හි දි අපි නිතර හමු වුණෙමු.
-
නිහඬ නොවූ සාක්ෂි 2 – nihanda nowu sakshi
Original price was: Rs. 500.00.Rs. 450.00Current price is: Rs. 450.00.මෙහි අඩංගු අපරාධ දහ හතරෙහි කථා නායකයින් මිය ගිය ද ඔවුන් නිසා අධිකරණ වෛද්‍ය විද්‍යාව තවදුරටත් පෝෂණය විය. ඒ ඔවුන්ගේ මරණ පිළිබඳව අධිකරණ වෛද්‍ය විශේෂඥවරුන් සිදු කළ සංකීර්ණ පරීක්ෂණ හේතුවෙනි. එබැවින් මම ඒ සියලු දෙනා යළි යළිත් සිහිපත් කරමි. ඔවුනට කරන ගෞරවයක් ලෙසින් සියලුම නම් ගම් මනඃකල්පිතව තබමි.
-
නිහඬ නොවූ සාක්ෂි 3 – nihada nowu sakshi
Original price was: Rs. 450.00.Rs. 405.00Current price is: Rs. 405.00.එක්තරා වනාන්තරයක තිබී හමුවූ කාන්තා මෘත ශරීරයකි. එය සොයාගන්නා විට සෑහෙන පමණ නරක් වී තිබූ අතර මැස්සත් සහ වෙනත් කෘමීන් රාශියක් ශරීරයේ සමහර තැන් වසා බිත්තර දමා තිබිණි. ඒ අතර ඔවුන්ගේ ජීවන චක්‍රයේ පිළවා අවස්ථාවද බෙහෙවින් දක්නට ලැබිණි. පශ්චාත් මරණ පරීක්ෂණයක්ද පවත්වනු ලැබූ මුත් කෘමීන් සහ සතුන් ශරීරයේ සමහර කොටස් කා දමා තිබූ නිසාත් සැහෙන පමණ නරක් වී තිබූ නිසාත් මරණයට හේතුවක් සොයාගත නොහැකි විය. එහෙත් මෘත ශරීරය සොයාගත් ස්ථානය අසල තිබී හිස් වස කුප්පියක්ද සොයා ගත් බැවින් මෙම තැනැත්තිය වස පානය කරන්නට ඇතැයි ද එය සියදිවි නසා ගැනීමක් යැයිද අවසානයේ තීරණය කරන ලදී.
-
නිහඬ නොවූ සාක්ෂි 4 – nihada nowu sakshi
Original price was: Rs. 350.00.Rs. 315.00Current price is: Rs. 315.00.පොලිස් අත්අඩංගුවේ සිටියදී හදිසියේ මියගිය රූමත් තරුණිය පේරාදෙණිය, මහනුවර පාරේ පිහිටි සුපිරි වෙළෙඳ සළකට, ආරෝහ පරිණාහ දේහයකින් යුතු රූමත් තරුණියක් ගොඩ වැදුණාය. එම අවස්ථාව තරමක් කාර්ය බහුල වූ හෙයින් ඇය කිසිවකුගේ විශේෂ අවධානයක් දිනා නොගත්තාය. වෙළෙදසළේ ඔබ මොබ ඇවිද තමන්ට අවශ්‍ය ද්‍රව්‍ය කිහිපයක් තෝරාගෙන ඒ සඳහා මුදල් ගෙවනු පිණිස ඇප මුදල් අයකැමිවරයා වෙතට පැමිණියාය. අනතුරුව රුපියල් දාහේ නෝට්ටුවකින් ඇයගේ බිල ගෙවා දැමීමට සැරසුණා පමණි. සුපිරි වෙළෙඳ සෙළේ කළමනාකාරවරයා සිය කාර්යාල කාමරයේ සිට වහ වහා මුදල් කවුන්ටරය වෙත පැමිණියේය. පෙර කී තරුණිය ගෙවා දැමීමට සුදානම් වන බිල්පත, මුදල් අයකැමිවරයාගෙන් ලබාගෙන ඒ සමඟ තරුණිය සන්තකයේ වූ භාණ්ඩ සමඟ සසඳ බැලීය. ඉන් සෑහීමකට පත් නොවූ ඔහු තරුණියගේ අත් බෑගය පරීක්ෂා කර බැලීම සඳහා ඉල්ලා සිටියේය. එහෙත් ඇය ඒ සඳහා තරයේ විරුද්ධ වූවාය. එහෙත් සිදුව තිබුණේ වෙනත් යමකි. කළමනාකාරවරයා තම කාර්යාලයේ තිබූ රූපවාහිනි තිරයෙන් ඊට සම්බන්ධ කැමරා පද්ධතිය හරහා වෙළෙඳසළේ සිදුවන දෑ නරඹමින් සිට ඇත. ඒ අතරවාරයේ මෙම තරුණිය අනර්ඝ වටිනාකමකින් යුත් සමහර දෑ ඇයගේ අත් බෑගයට දමා ගන්නවා ඔහු නිරීක්ෂණය කර තිබිණි.
-
නෙල්ලි කැලේ වීරයෝ – Nelli kale weerayo
Original price was: Rs. 400.00.Rs. 360.00Current price is: Rs. 360.00.1990 දී ප්‍රථම වරට පළ කරන ලදුව, අතිශය ජනප්‍රියත්වයට පත්වූ නෙල්ලි කැලේ වීරයෝ යොවුන් නවකතාවේ නව සංස්කරණය සූර්ය ප්‍රකාශකයක් ලෙස මෙසේ ඔබ අතට පත් වේ. තමා බාලදක්ෂයෙකු සේ ලැබූ අත්දැකීම් පාදක කොට ගෙන නිමල් බණ්ඩාරයන් මේ කෘතියේ මුල් පිටපත ලියා ඇත්තේ ඔහු 1983 වසරේ නව වන ශ්‍රේණියේ ලබන අවදියේදී ය. දරුවන්ට අර්ථාන්විත භාෂා හැසිරවීමට මහා පෙන්වනු වස්, ප්‍රස්තා පිරුළු හා විශේෂණ පද පිළිබඳ විවරණයක් මෙන්ම මුල් මුද්‍රණගේ ඇතුළත් නොවූ චිත්‍ර සටහන් සමුහයක් දැනව සංස්කරණයට ඇතුළත් කොට තිබේ. නෙල්ලි කැලේවීරයෝ’ කෘතිය 1996 දී ඉංග්‍රීසි භාෂාවට හා 1998 දී දෙමළ භාෂාවට ද පරිවර්තනය කර ඇත. මෙම නවකතාව හා බැඳුණු අනෙකුත් කෘතීන් වන ‘ගල්ගේ කන්ද වන රජ දහන හා ‘සමුදුරු මෙඛ්ලා’ යන කෘතීන්ගෙන් ‘ වන රජ දහන කෘතිය 2005 වසරේ දී ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කර තිබේ. සමුදුරු මේඛලා කෘතිය ද දැහට ඉංග්‍රීසි භාෂාවට පර්වර්තනය කොට ඇති අතර ඉදිරියේ දී මුදුණයෙන් නිකුත් කිරීමට නියමිතය නෙල්ලි කැලේ වීරයෝ’ කෘතිය රචනා කළ නිමල් බණ්ඩාරයන් 2000 වසරේදී ශ්‍රී ලංකා විදේශ සේවයේ නිලධාරියකු ලෙස සේවයට එක් විය. ඔහු රාජ්‍ය තාන්ත්‍රික නිලධාර්ථයකු ලෙස මහජන චීන සමුහාණ්ඩුව, නෙදර්ලන්තය හා සකිස්ථානය යන රටවල සේවය කළ අතර, දැනට විදේශ කටයුතු අමාත්‍යංශයේ මැද පෙරදිග අංශයේ අධ්‍යක්ෂවරයා ලෙස සේවය කරයි.
-
නේත්‍රා- Nethra
Original price was: Rs. 1,800.00.Rs. 1,440.00Current price is: Rs. 1,440.00.මං කියන හැම දෙයක්ම විශ්වාස කරන්න – නේත්‍රා. මං මහ පොළොව වගේ ඔයාගේ දුක දරා ගන්නම්. ඔයා දන්නවද? ඔය ඇස් දෙකෙන් ඉහිරෙන්නෙ මල් සුවඳ. ඔහොම බලද්දි මට දැනෙන්නේ තාරකා රංචුවක් නිලි වැස්සට පෙඟිලා මගේ ආත්මය ඇතුළෙ සැරිසරනවා වාගේ. ඔයා අහිංසකයි. සඳ වගේ අහිංසකයි. ඉස්කෝලේ යන කාලේ මට ඔයාව ලැබුණ නම්….. ඒත් මං පිං කරලා නෑ. එහෙම වුණා නම් මං කොළඹ අතෑරලා නුවරට එනවා. ඔයාලගේ ගෙවල් ළඟ තියෙන ඔලිඳ ඇළට පැනලා ඔය සඳ මුණට පැන් ඉහිනවා. දෙණියේ අන්දර දෙවටෙදි නැවතිලා සුදු ගවුමෙ තුත්තිරි ගලවනවා. ඔය පොඩි ටිකිරි පාවල බොරළු ඇනෙන්න නොදී මගේ ඇඟට වාරු කරගන්නවා. ආදරේ හැටි එහෙම තමයි… ඇයි මං විශ්වාස කරන්නෙ නැත්තේ? මගේ පපුව විවර කරන්න පුළුවන් නම්, මං එයාට පෙන්නනවා. ඔයා හින්ද මගේ පපුව ආදරෙන් පිරිලා තියෙන හැටි. එහෙනම් මං දන්නවා, ඔයා මාව සිප ගන්නවා දහස් වතාවක්… ඇයි මට පිස්සෙක් වගේ කියවන්න දිලා බිම බලාගෙන ඉන්නේ…. කියන්න.. එක වතාවක් කියන්න. මං ඔයාට ආදරෙයි විශ්ව කියලා… ඔහු එක දිගටම කියාගෙන යයි. බැහැ මම තරයේ කීවෙමි. මම බෙහෙවින් බිය වීමි. තිගැස්සුණෙමි. ජීවිතයට බලාපොරොත්තු දෙන්නේ කොහොමද? මම හඬා
-
නොහදුනන ලින්කන් Nohadunana Lincoln – Lincoln the unknown
Original price was: Rs. 1,650.00.Rs. 1,320.00Current price is: Rs. 1,320.00.එදවස හැඩ්ස්බර්ග් හඳුන්වනු ලැබූවේ, හැරඩ්ෆෝට් යන නමිනි. ඈන් මැක්ගිනිටි එහි වාසය කළ කාන්තාවකි. පැරැණි ඉතිහාසඥයන්ගේ වාර්තා වලට අනුව පළමු වරට රෙදි විවීමේ යන්ත්‍රයක්, තාරාවුන් සහ ඌරන්, කෙන්ටකී ප්‍රාන්තයට ගෙන ආවේ ඈන් සහ ඇගේ සැමියා බව ය. අඳුරු රමණීය වනගත පෙදෙසක් වූ එහි බටර් සැදීමට දත් එක ම කාන්තාව ඈන් බව ඉතිහාසඥයෝ වැඩි දුරටත් පවසති. එහෙත් ඇත්ත වශයෙන් ම ඇය ආර්ථිකව ශක්තිමත් වූයේ, රෙදිවලින් ප්‍රාතිහාර්යයන් පෑම නිසා ය. ගුප්ත ඉන්දියානු රටවල්වල වැවෙන කපු එහි නොවැවෙන අතර, ගෙන්වීම ද නොකරයි. ලී ඉරන්නෝ, බැටළුවන් මරා දමති. මරා දමන ලද බැටළුවන්ගේ ලෝම වලට අමතර ව කිසිවක් ඇඳුම් මැසීම සඳහා සොයා ගැනීම අසීරු වේ. නිර්මාණාත්මක සුහුරු බවක් ඇති ඈන් මැගිනිටි, නූල් කටින්නට සොයාගත් අතර, එමඟින් මැගිනිටි රෙදි නිමැවුවා ය. මේ රෙදි නිපදවීම සඳහා යොදාගත් අමුද්‍රව්‍යයන් වන මිහරකුන්ගේ කෙඳි සහ ගසකින් ගනු ලැබූ තුනි කෙඳි බහුල සහ ලාබ විය. එය අපූරු සොයාගැනීමකි. සැතපුම් සිය ගණන් දුර බැහැර ගෙවා, ඇගේ දැව පැලට පැමිණි ගැහැනු මේ නව කලාව උගත්තෝ ය. රෙදි වියන අතරතුර, ආගිය තොරතුරු කථා කළෝ ය. ඔවුහු. නිතරම ගස් කෙඳි හෝ මීමුන්ගේ ලෝම ගැන කථා නොකළහ. නිරන්තරව ඔවුන්ගේ සංවාදන්, ඕපාදුපයන් බවට හැරුණි. ප්‍රජාවේ තොරතුරු සන්නිවේදනය වන ඕපාදූප පතුරුවන මධ්‍යස්ථානයක් බවට, ඈන් මැක්ගිනිටිගේ දැව ගෘහය පත් විය.
-
පර්ලිනා – Perlina
Original price was: Rs. 750.00.Rs. 675.00Current price is: Rs. 675.00.කලක පටන් දැඩි හිරු රශ්මියත් සමඟ පොර බැදූ පොළව, නිවා සනහන්නට තරම් වරුසාවක් නොලැබූ කර්කශ පොළොවට උදලු පහරවල් කිහිපයක් එක පෙළට වැඳිනි. උදලු තලයේ වැදී පස් කැටිති දසත විසිරුනා මිසක පොළව පසාරු වන බවක් නොවීය. මද්දහන් හිරුගෙන් උණුසුම් වන වියළි සුළඟ. එළි පෙහෙලි කර සැකසූ හේන් අතරින් උජාරුවට සැරිසැරුවේය. අග්ගහ කැලයෙන් නැගුණු ගෝනෙකුගේ පොළුහංදීමකට හේනේ කොනක දළුපත් සොයමින් සිටි සාවෙකු බියපත් වී ගොල්ලකට වැදී සැඟව සිටියේය. ගම්මානයේ විසූ හේන් ගොවියන් මහමුකලන් බැසීම ඇරඹියේ එදිනය. ඒ වන විටත් යාය රාළට අක්වැස්සක හීන් ඉවක් පහළව තිබිණි. සුභ නැකතට වල් කොටන්නේ යායෙ රාළය. වල් කොටන්නේ රුක් අත්තන, පෙතං, පලු, බෝමි, කහට, ලෝලු, කොබ්බෑ, කුරටි, දෙමට යන ගස් වලින් තෝරා ගත් ගසකිනි. යායෙ රාළ විසින් පළමු වල් අත්ත කපන්නේ මරු සිටින දිසාවට පිටුපාය. මිනිසාගේත්, පරිසරයේත් සබැදියාවට ඇත්තේ දිගු අතීතයකි. එය සිහිගැන්වුමට යාය රාළ පළමු ව අත්ත කපා දමනුයේ දේව කන්නලව්වක් සමඟය පොසොන්, ඇසළ, නිකිණි මාස් වලදි නුවර කලාවියේ ඇත්තන් හේන් වල වල් කොටා, වල් වියළා, ගිනිලෑම අරඹයි.
-
පළමු සිවු වසර – Palamu siwu wasara
Original price was: Rs. 680.00.Rs. 544.00Current price is: Rs. 544.00.ඇගේ සැමියා අල්මන්සෝ සමඟ ඔවුන්ටම අයිති කුඩා නිවසක නව ජීවිතයක් ආරම්භ කරයි. දැන් වගකීම් සහිත බිරිඳෙක වන ලෝරා දකුණු ඩකෝටා තැනිතලාවේ ඔවුන්ගේ නිවස වටා පිහිටි භූමියේ ගොවිතැන් කරමින්, අල්මන්සෝ සමඟ වෙහෙස වී වැඩපළ කළ යුතුය. ඉක්මනින්ම ඔවුන්ගේ සිඟිති දියණිය රෝස් උපදින අතර බොහෝ මුල් කාලීන ඇමරිකානුවන්ට මුහුණ දෙන්නට සිදුවූ දුක් පීඩාවන්ට සහ ජයග්‍රහණයන්ට මුහුණ දෙමින් ජීවිතයේ නව අරමුණු කරා යන්නට මේ අලුත් පුංචි පවුලටද සිදුවෙයි. මේ පරම්පරා ගණනාවක් පුරා ලොව දසත මිලියන ගණන් ලොකු කුඩා පාඨකයින්ගේ ඉමහත් ආදරයට පාත්‍ර වූ ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් විසින් ලියන ලද සම්භාව්‍ය ලිට්ල් හවුස් කතා මාලාවේ අවසාන කෘතියයි.
-
පාලූ දුපත – Palu dupatha
Original price was: Rs. 600.00.Rs. 540.00Current price is: Rs. 540.00.පාළු දූපත සොහොයුරු සොහොයුරියන් හතර දෙනෙකු ගෙන් යුත් පවුලක බාලයා මමය. මගේ නම නන්දන ය. මා අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ නව වැනි වසරේ උගනිමින් සිටියදීය ඒ තීරණාත්මක දිනය උදා වූයේ. එදා සඳුදා දිනයකි. සිරිත් පරිදි පාසැල් ගිය මම වෙනදා මෙන් පාසැල ඇරී ගෙදර යාම සඳහා අනුරාධපුර බස් නැවතුම් පොලට යමින් සිටියෙමි. මා ගමන් කළේ අනික් ළමුන්ට පසුව, තනිවමය. මා යන පැත්තටම ගමන් කරමින් සිටි මෝටර් රථයක් හදිසියේම මා අසල නතර කොට, පුතා නගින්න අපි ගෙදරට ඇරලන්නං අපි යන්නෙත් ඒ පැත්තටම තමා යි කියමින් රථයේ පිටු පස අසුනෙහි සිටි කාරුණික පෙනීමකින් යුතු තලතුනා පුද්ගලයෙක් දොර අරිමින් මට ඇරයුම් කළේය. ඔහු තාත්තාගේ යහළුවකු වන්නට ඇතැයි සිතූ මම ඉතා කැමැත්තෙන් රථයට නැගුණෙමි. ඔහුගේ සිත් අදනා පෙනුම හා මොළොක් වචන නිසා එවෙලේ මට කිසිම සැකයක් ඇති නොවීය.
-
පෑදි දියට බොර දිය – Pedi diyata bora diya
Original price was: Rs. 300.00.Rs. 270.00Current price is: Rs. 270.00.ගෙට්ටුවෙන් ඇතුළු වෙත් ම, මගේ සිත්හි පහළ වූයේ සැනසිලි දායක හැඟීමකි. ඒ ආලින්දයෙහි වූ වේවැල් පුටුවක හිඳ ගෙන සිටි පසියා දැකීමෙනි. බිත්තිය අසල ලෑලි බංකුවේ හුන් මිනිසා මගේ පතුට කහවුරු කෙළේය. ධර්මදාස අයියා පුංචිරාල සමග පැමිණ ඇත්තේ මගේ ලිපියට සැලකීමක් වශයෙන් විය යුතුය. අවුරුදු නිවාඩුව අවසන් වී මා මිස්ට කරුණාපාලලාගේ ගෙදර එන විට මැණිකා අස්වී ගොස් සිටියාය. ඉන් පසු ගෙදර වැඩට උදව් වීම සඳහා ගැහැනු ළමයකු සොයා ගැනීමට ගත් උත්සාහයෙන් පලක් වී නැත. නිතර දෙවේලේ මිසිස් කරුණාපාලගේ කන්කෙදිරිය වූයේ සහායට කිසිවකු නොමැතිව ගෙදර වැඩ ටික කර ගත නොහැකි වීම ගැනය. අසියා ඒ ප්‍රශ්නය විසදා ගෙන පැමිණ සිටී. විශ්ව විද්‍යාලයේ දවල් එකට ආරම්භ වන දේශනයට යාමට පෙර මට කෑම සුදානම් කර දිය නොහැකි වූ ඇතැම් දිනෙක මිසිස් කරුණා පාලගේ කෙඳිරිල්ල වැඩි වෙයි. මගේ පංති වේලාවට කොතරම් ප්‍රමාද වූවත්, මා උදේ තේ හෝ දවල් කෑම හෝ නොගෙන යාම ගැන ද ඈ අකමැති වෙයි. සැබවින්ම ඇයට ළමයින් දෙදෙනාගේ කටයුතුත් ගෙදර වැඩත් සියල්ල තනිව කර ගැනීම අපහසුය. වැඩකාර ළමයකු සොයා ගැනීම සඳහා දිනමිණ පත්‍රයේ පළ වූ දන්වීමෙන් ද පලක් නොවීය. ගෙදර වැඩකාරියක නොසිටීම කරුණාපාල පවුලේ අයට මෙන්ම මට ද මහත් හිරිහැරයක් විය. මිස්ට කරුණාපාල හෝ මිසිස් කරුණාපාල හෝ මට නම් කිසි දිනෙක ළමයකු සොයා දෙන ලෙස කියා නැත. කවුරුන් හෝ සොයා ගැනීමට විපරම් කරන ලෙස දන්වා ගමේ අයියාට ලිපියක් යැවිය හැකි බව පළමුව සඳහන් කරන ලද්දේ මා විසිනි. “පිරිට පුළුවන් නං කොයි තරං එකක්ද? අනේ සිරි අද ම එහෙනං ලියුමක් දමන්න, ” මිස්ට කරුණාපාල කීය. මා ධර්මදාස






















