-
ගඟ අද්දර කැලේ – Ganga addara kale
Original price was: Rs. 300.00.Rs. 270.00Current price is: Rs. 270.00.සේතන් අයියේ මේ සැරේ පහුරු යන කොට මාවත් කොහොම හරි එක්කන් යන්න ඕනෑ. ගං ඉවුරේ හිඳගත් මම කීවෙමි. එව්ව අපි දන්නේ නැ. අවසර ගන්න ඕනෑ කොරනේලිස් උන්නැහැගෙනුයි සේතන් අයියා ඇල්ඛසියා කඳක ගැටයක් අත් පොරවෙන් සසිමින් කීවේය. සේතන් අයියා කිව්වොත් බාප්පා ඉඩ දෙයි. අපොයි අපොයි මට බෑ. කොරනේලිස් උන්නැහැගෙන් කොහොම වෙතත් හාමිනේගෙන් නම් විසුමක් වෙන්නේ නෑ. ඛාප්පාගේ සහ පුංචි අම්මාගේ රූපකාය එකවර ම මගේ සිතට නැංගේ ය. මා කුඩා කල ම තාත්තාත් අම්මාත් මිය ගිය පසු මා හැදී වැඩුණේ බාප්පා සහ පුංචි අම්මා ළඟ ය. සේතත් අයියාත් ඔහුගේ සහායකයා වන ජයසේකරත් බඳින්නේ බාප්පාට අයිති පහුරු ය. බාප්පා පහුරු බලන්නට එන්නේ ඉඳ හිට දවසක ය. ඔහු කරන්නේ තැන තැන ඇවිද ඉඩම්වල ඇති ගස් මිළ දී ගැනීමයි. ඒ ගස් ගඟට ඇද දුන් පසු පහුරු බැඳ ගෙන කොළඹ ගෙන යන්නේ සේතන් අයියා සහ ජයසේකරය. පහුර කොළඹ තොටළඟට යන වෙලාවට බාප්පා බස් රියකින් නැගී තොටළඟට යයි. කොරනේලිස් උන්නැහැගෙන් කොහොම වෙතත් හාමිනේගෙන් නම් විමසුමක් නැතැ යි සේතන් අයියා කීවේ අපේ පුංචි අම්මාගේ සැරකම සලකාය. ඈ ඕනෑ දේව මෙන් ම එපා
-
ගල්ගේ කන්ද – Galge kanda
Original price was: Rs. 400.00.Rs. 360.00Current price is: Rs. 360.00.සුනිල් පාසල කරා එන විට තරමක් ප්‍රමාද විය. ප්‍රියන්තගේ හා සමන්ගේ මේසවල පොත් තිබෙනු දක්නට ලැබුණි. පංතියේ බොහෝ දෙනෙක් ද ඒ වන විට පැමිණ සිටි බව මේස මත තැබූ පොත් වලින් පැහැදිලි විය. එහෙත් කිසිම පිරිමි ළමයකු පංතියේ නොවීය. සුනිල්ගේ සිතට මහත් නොසන්සුන් ගතියක් ඇති විය. ” කෝ ප්‍රියන්ත එහෙම ” ඔහු චමරිගෙන් ඇසුවේ තරමක් කුතුහලයෙනි. අජිත්ලා එක්ක හයියෙන් හයියෙන් කථාවෙලා පංතියෙන් කොහෙටද ගියා.” චමරි කීවේ ද තරමක් වේගයෙනි. සුනිල්ට තමන් සිටින්නේ කොතැනක දැයි අමතක විය. විනාඩි කීපයකින් තාප්පයෙන් පැන්න සුනිල් ගොඩනැගිලි අවට හා පිට්ටනියේ තම මිතුරන් සොයන්නට පටන් ගත්තේ.. ටික වේලාවකින් පංතියේ සියළු දෙනාම එක තැනක සිටින බව දක්නට ලැබුණේ ක්‍රීඩාංගන මායිමට පැමිණීමෙන් පසුවයි. සුනිල් එතනට යන විට පහළොවක් තරම් සිසුන් පිරිසක් වට එකිනෙකා වචන වලින් හරඹ කරමින් සිටිනු දක්නට ලැබුණි.”
-
ගෑනු දෙන්නෙක්- Genu dennek
Original price was: Rs. 1,100.00.Rs. 880.00Current price is: Rs. 880.00.මගෙ නම යසෝමා. මං මේ ඉන්නෙ වඳුරාගල රජයෙ ඉස්පිරිතාලෙ. මගෙ එහා ඉන්නවා. මගෙ කුලුඳුල් දරුවා. මීට මාස ගාණකට කලින් බඩ වී පැත්තේ මීට පැය කීපෙකට කලින් හම්බුණ මගෙ කෙල්ල නිදාගෙන දරුවෙක් ඇවිත් කියලා දැනගත්ත වෙලාවේ මට ඕන උනේ ඉපදෙන දරුවා කොල්ලෙක් වෙන්ට. මොකද, මේ ලෝකෙ පිරිමින්ට ජීවත් වෙන්ට පහසුයි කියලා මට හිතිලා තිබ්බා. සමහර විට මං සරි ඇති, සමහර විට වැරදි ඇති. මොක උනත් මට ඕන වෙලා තිබිලට කොල්ලෙක්. ඒත් හැමදාම වගේ මං ඉල්ලපු කිසි දෙයක් හරියට ඉෂ්ට වෙන්නෙ නෑ කියලා තව වතාවක් ඔප්පු කරලා පෙන්නන්ට විදේ මගෙ එහා පැත්තෙන් කහම කහ පාට කෙලි පැටික්කියෙක් පාඩුවේ නිදන් හිටියා. මම ඔළුව උස්සලා ඉස්පිරිතාලෙ කොට බිත්තියෙන් පේන කොරිඩෝව දිහා බැලුවෙ උප්පැන්න කොළේ පුරවන් එන්නත් කියලා එළියට ගිය හේරත් එනවද කියලා. හේරත් කියන්නෙ මගෙ කසාද මනුස්සයා. කසාද කීවට ඒවා කට වචනෙට වෙච්චා මිසක්, කොළවල ලියලා සාක්ෂිකාරයො ඉස්සරහ උන දේවල් නෙවෙයි. එකට ජීවත් වෙන්න කැමති නම් වෙන මිනිස්සුන්ගෙ සාක්ෂි මොකටද කියලයි මං නං හිතුවෙ. කොරිඩෝව දිහා බලන් ඉන්න කොට හේරත් කෙසේ වෙතත් පුංචි අම්මා එනවා නං පෙනුණා. කිරි මැණිකා කියන්නෙ මගෙ පුංචි අම්මා. පුංචි අම්මා කියන්නෙ අම්මගෙ නංගි. මගෙ අම්මගෙ නංගි නෙවෙයි. කිරි මැණිකාගෙ අක්කා වෙච්චි ලොකු මැණිකා ගාවට මාස් අරන් තිබ්බෙ මං මාස හතක වගේ කිරිදරුවෙක් වෙලා උන්නු කාලේ කියලා මට කීවෙත් කිරි මැණිකා පුංචි අම්මම තමා.
-
ගිනිකෙලි සැනකෙලි – Ginikeli senakili – The hardy boys
Original price was: Rs. 680.00.Rs. 544.00Current price is: Rs. 544.00.Hardy Boys ළමා සහ ගැටවර පාඨකයින් ඉලක්ක කරගත් කථා පෙළකි. ෆ්‍රෑන්ක් සහ ජෝ හාර්ඩි නම් කල්පිත තරුණ රහස් පරීක්ෂකවරුන් යුවලක් විසින් විවිධාකාර අබිරහස් විසඳීම මෙම කථා පෙළෙන් ඉදිරිපත් කෙරේ. භාර්ඩ් බෝයිස් කථා පෙළ සහ එහි චරිත ඇමෙරිකානු ලේඛකයෙකු වන එඩ්වර්ඩ් ස්ට්‍රෙමේයර්ගේ නිර්මාණයන් වන ෆ්‍රෑන්ක්ලින් ඩබ්ලිව් ඩික්සන් යන ආරූඪ නාමයෙන් විවිධ අදෘශ්‍යමාන ලේඛකයින් සමූහයක් විසින් හාර්ඩි බෝයිස් පොත් පෙළ නිර්මාණය කොට තිබේ. 1927 වසරේදී ප්‍රකාශයට පත්වීම ආරම්භ කළ මුල්ම Hardy Boys Mystery පොත් පෙළ 2005 වසරේදී අවසන් විය. එම වසරේදීම හාර්ඩි බෝයිස්හි අළුත්ම කථා මාළාව වන Hardy Boys Undercover Brothers ප්‍රකාශයට පත් විය. උත්තම පුරුෂ ආඛ්‍යානය ඔස්සේ ලියැවෙන මෙම කථා පෙළ 2012 වසරේදී ප්‍රකාශයට පත්වී අවසන් විය. ඔබ මේ කියවන්නට සුදානම් වන්නේ හාර්ඩි බෝයිස් කථා මාලාවේ අළුත්ම කථා පෙළ වන Hardy Boys Undercover Brothers හි හයවැනි පොත වන Burned හි සිංහල පරිවර්තනයයි.
-
ගිනිබත් හිම බිම – Ginibath hima bima- All the hardy boys
Original price was: Rs. 950.00.Rs. 760.00Current price is: Rs. 760.00.මරු වැලක එල්ලී… මේ අවදානම් අවස්ථාවෙන් නම් ගැලවෙන එක ලේසි වෙන්නේ නෑ.” අංශක අනුවක ආතතියකින් යුතු දළ බෑවුමක් ඇති අයිස් තට්ටුව මතින් අධි වේගයෙන් ලිස්සා යන අතරේ මගේ සිතට ආවේ එවැනි සිතිවිල්ලකි. අයිස් තටට්ටුව සහ මගේ දෙපා අතර සිර වී තිබෙන්නේ තුනී ෆයිබර් ග්ලාස් ලිස්සන පුවරුවකි. පුංචි අත්වැරදීමකින්, කුඩා ගලක හැපීමෙන්, දළ වංගුවකින් පෙරළීම වැනි දෙයකින් සිදුවන්නේ මගේ නම ඉතිහාසයට එක්වීම පමණකි. සැබැවින් ම මෙය අවදානම් අවස්ථාවකි. මේ අවස්ථාවේ මගේ සිරුරේ ඇඩ්‍රි නලින් හෝර්මෝනය හණි හඛක ක්‍රියාකාරී වීම අහම්බයක් නො වේ. මෙය විනෝද ජනක අවස්ථාවක් ද නොවේ. ෆ්‍රැන්ක් සහ මම මුහුණදී සිටින්නේ විශාල ගැටලුකාරි අවස්ථාවකටයි.
-
ගිම්හාන ගීතය – Gimhana Geethaya
Original price was: Rs. 750.00.Rs. 600.00Current price is: Rs. 600.00.එවකට පහළොස් වන වියේ පසු වු මයිකල් බර්ග්ට ඔහුට වඩා දෙගුණයක් වයසැති හනා ස්මිට්ස්ව මුණගැසුණේ අහඹු සිද්ධියක් මඟිනි. ඔවුන් දෙදෙනා අතර වූ සරාගී ප්රේම සම්බන්ධය ඒ ගිමිහානය හරහා යන්ත්රයක් නොමැති අහස් යානයක් මෙන් පාව ගියේය. දිනක් ඇය ඔහුටද නොදන්වා නගරය අතහැර ගියාය. ඉන් වසර කීපයකට පසු මයිකල් බර්ග් විශ්වවිද්යාලයේ නිති පීඨයේ නීතිය හදාරමින් සිටි අතර දෙවන ලෝක යුද්ධ සමයේ නාසි වධකාගාරයක යුදෙව් ජාතිකයන් ඝාතනයකර දැමීමට හවුල් වූ කාන්තාවන් කීපදෙනෙකුට විරුද්ධව ඇසුණු නඩුවක් බැලීමට යයි. එහිදී මයිකල්ට හනා ස්මිට්ස්ව නැවත මුණගැසෙයි. ඇය නඩුවේ විත්තිකාරිය බැව් දැනගැනීමට ලැබෙයි. සිය භද්ර යෞවනයේදී පළමුවෙන්ම ස්ත්රීපුරුෂ සම්භෝගයේ අ ආ යන්න ඔහුට කියාදුන් මේ යුවතිය දැකීමෙන් මයිකල් පුදුමයට පත් වෙයි. නඩුවෙන් වරදකාරිය බවට පත්වන ඇයට අධිකරණය වසර දහඅටක සිර දඩුවමක් නියම කරයි. ‘හැමදාම මගෙ හිතට වධ දීපු කාරණයක් තමයි.. ඔය කිසිම කෙනෙකුට මාව තේරුම් ගැනීමට බැරිවීම.. ඒ විතරක් නෙමෙයි මට ඒ දේවල් කරන්නට සිදු වුණේ මොකද කියලා කවුරුවත් දැනගෙන හිටියේ නෑ..එහෙම දැන හිටියා නම් මාව උසාවියකට කැඳවලා නඩු අහන්නේ නෑ.. ඒ ඇත්ත සිද්ධිය දැනගෙන හිටියෙ ඒ වධකාගාරයේදී මැරුණ අය විතරයි… මේ හිරගෙදර සිටි කාලය තුළ ඒ මැරිච්ච අය මාව සොයාගෙන ආවා.. මම කැමති වුණත් නැති වුණත් සෑම රාත්රියකම ඒ අය මාව සොයාගෙන ආවා.. නඩුවට ඉස්සෙල්ලා ඒ මැරිච්ච මිනිස්සු මා ළඟට ආව නම් අන්ව එළවලා දමන්නට මට හැකියාව තිබුණා. ඒත් දැන්















