-
ලස්සන වසිලිස්සා – LASSANA WASILISSA
Original price was: Rs. 1,400.00.Rs. 1,260.00Current price is: Rs. 1,260.00.එකෝමත් එක රටක, බොහොම ඉස්සර කාලේ, එක පුංචි ගෙදරක මහල්ලෙකුයි මැහැලියකුයි හිටියා. මේ දෙදෙනාට හිටියෙ එකම එක දුවක් විතරයි. එයාගෙ නම වසිලිස්සා. ඒ ගොල්ලො බොහොම හොඳට ජීවත් වුණා. හිටි හැටියේම ඒ ගොල්ලන්ට විපතක් සිදු වුණා. වසිලිස්සාගේ මහලු මව අසනීප වුණා. ඇගේ මරණය ළං වුණා. අම්මා වසිලීස්සාට කතා කරලා, ඈට බෝනික්කකු දීලා මෙහෙම කීවා.” අනේ හොඳ දුවේ, මේ බෝනික්කාව කාටවත්ම පෙන්වන්නේ නැතිව පරිස්සම් කර ගනින්. නුඹට විපතක් සිදු වුණොත්, බෝනික්කාට කෑම ටිකක් දීලා උපදෙස් ලබා ගනින්. එයා නුඹට පිහිට වේවි. “අම්මා වසිලීස්සාව සිප ගත්තා. ඊට පස්සේ ඈ මළා.වසිලිස්සාගේ මහලු පියා ටික කලක් දුක් වුණා. පසුව ඔහු වෙනත් ගෑනියක විවාහ කර ගත්තා. තාත්තා හිතුවේ ඈ හොඳ කෙනෙකු හැටියටයි. එහෙත් ඈ නපුරුයි. වසිලිස්සාව කුඩම්මාට භාර දුන්නා.කුඩම්මාට දූවරු දෙදෙනෙක් හිටියා. මේ දෙදෙනා නපුරුයි. මෝඩයි, දඟකාරයි. කුඩම්මා ඇගේ දූවරුන්ට ආදරය කළා. උන්ව හුරතල් කළා. ඈ වසිලිස්සාට නිතරම බණින්නට වුණා. වසිලීස්සාගේ ජීවිතය දුකින් පිරුණා. කුඩම්මයි ඇගේ දූවරු දෙදෙනයි හැම තිස්සේම වසිලීස්සාට නපුරු හිතින් බණිනවා. වැඩ ගොඩක් භාර දෙනවා. එහෙම කළේ මොකටද කියලා දන්නවද? … -
ලොවේ වැජඹෙන කලාව – Lowe Wajabena Kalawa
Original price was: Rs. 1,400.00.Rs. 1,120.00Current price is: Rs. 1,120.00.සාර්ථකත්වයට පත් නො වූවන් තුළ, පොදුවේ දක්නට ලැබෙන එක් ගති ලක්ෂණයක් වේ. එනම්, ඔවුහු අසාර්ථකත්වයට පත් වීමේ සියලු හේතු දනිති. එමෙන් ම ඔවුහු තම ජයග්‍රහණයන් වැළැක්වීමට බල පෑ නො හැකියාවන් හෝ නැතිවාදයන් හොඳින් දනිති.
මෙම නො හැකියාවන් ගෙන් සමහරක් පැහැදිලි ය. එයින් කිහිපයක් සත්‍යය මඟින් සාධාරණය කළ හැකි ය. නමුත් මුදල් රැස් කිරීම සම්බන්ධයෙන් මෙම නො හැකියාවන් පැවසීම පලක් නොවේ. ලෝකයට දැන ගැනිමට අවශ්‍ය වන්නේ, එක් දෙයක් පමණි. ඒ ‘ඔබ සාර්ථකත්වයට පත් වූවා ද?’ යන්න ය. -
වන අරණක කුඩා නිවස – Wana aranaka kuda niwasa
Original price was: Rs. 800.00.Rs. 640.00Current price is: Rs. 640.00.විස්කොන්සින් මහ වනය මායිමේ පිහිටි කුඩා ලෑලි නිවසකිනි. සිවු හැවිරිදි ලෝරා ඇගේ අප්පච්චි, අම්මා, සහෝදරියන් දෙදෙනා වන මේරි සහ කේරි, ඔවුන්ගේ විශ්වාසවන්ත බල්ලා ජැක් සමඟ ඒ කුඩා නිවසේ ජීවත් වෙයි. දරුණු සීත කාලයට සුදානම් වීම සඳහා ආහාර වගා කරන්නට හෝ ගබඩා කර තබන්නට සිදුවීම නිසා ඒ ඈත අතීතයක ජීවිතය ඇතැම් වේලාවට ඉතා දුෂ්කර වූ නමුත් නිවසේ සෑදූ සෙල්ලම් බඩු සහ තෑගි සමඟින් පවුලේ සියලු දෙනා සමඟ නත්තල සමරන්නට ලැබීම, වසන්ත සෘතුවේ පැළ වැවීම, අස්වනු කැපීම, පළමු වැනි වතාවට නගරයට යාම පුංචි ලෝරාට මහත් සතුටක් ගෙන දෙයි. සෑම රාත්‍රියකම අප්පච්චිගේ රවුකිංඤ්ඤයේ මිහිරි හඬට සවන් දෙමින් ලෝරාත්, ඇගේ සහෝදරියන් දෙදෙනාත් සුවබර නින්දකට වැටෙති. පරම්පරා ගණනාවක් පුරා ලොව දසත මිලියන ගණන් ලොකු කුඩා පාඨකයින්ගේ ඉමහත් ආදරයට පාත්‍ර වූ ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් විසින් ලියන ලද කොටස් නවයකින් යුතු සම්භාව්‍යය ලිට්ල් හවුස් කතා මාලාවේ පළමුවැන්න මෙසේ ආරම්භ වෙයි.
-
වන අලින්ට කළ වෙදකම් – Wana Alinta Kala Wedakam
Original price was: Rs. 780.00.Rs. 702.00Current price is: Rs. 702.00.වනජීවී පශු වෛද්ය ප්රමුදිත, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙහි පශු වෛද්ය නිලධාරියෙකු ලෙස සේවයෙහි යෙදී සිටියදී විශේෂයෙන්ම වන අලින්ට කළ වෙදකම් අළලා ලියැවුණු මේ කෘතිය ‘වන සතුන්ට වෙදකම් කළ දහ තුන් වසරක්’ නම් ඔහුගේ ප්රථම කෘතියෙන් සාකච්ඡා නොවූ දෑ සවිස්තරව පහදා දෙයි. ඊට අමතරව ඔහුගේ වෘත්තීය ජීවිතයේ සුවිශේෂී අත්දැකීම් පිළිබඳ තොරතුරු ද මෙහි ඇතුළත් ‘රාජකාරි මතකය’ නම් පරිච්ඡේදයේ අඩංගු වෙයි. ප්රථම කෘතිය ලෙසින්ම මෙම පොතද, නිසැකවම සියලුම වනජීවී ක්ෂේත්ර නිලධාරීන්ට ද, සියලු වනජීවී ලෝලීන්ට හා පාසල් දරුවන්ටද මහත් ප්රයෝජනවත් කෘතියක් වනු නිසැක ය.
-
වන රජදහන – Wana rajadahana
Original price was: Rs. 300.00.Rs. 270.00Current price is: Rs. 270.00.සමන්, වන ආවරණයෙන් සෙවන වු දිය දහරක් අසල නතර විය. ඔහු අනුකරණය කළ ප්‍රියන්ත හා සුනිල් ද ඒ අසලින් බිම ඇන තබා ගත්හ. සමන් අතින් සංඥා කොට මිතුරන්ට සද්ද නොකරන ලෙස දැන්වීය. මිතුරෝ ගස් වලට මුවා වූහ. මොකක්ද වෙන්නේ, ප්‍රියන්ත කුතුහලයෙන් කෑ ගැසීය. ” කෑ ගහන්න එපා. සද්දේ ඇහුනොත් අපි තුන්දෙනාම ඉවරයි. “ඒ ඇයි.” ” බලන්න අර වීර ගහේ කඳ දිහා . ” මගේ අම්මෝ ! කොටියෙක් නේද?” කොටියෙක් නෙවෙයි කළු දිවියෙක්.” වෙන්න බෑ. පුල්ලි තියෙන්නේ කොටින්ට විතරයි. ප්‍රියන්ත දිගට හරහට වාද කරන්නට වූයේ තමන් සිටි තැන පවා අමතක කරමිනි. කියන තැනකට වඳින්නම්. ටික වෙලාවකට සද්ද නොකර ඉන්න. එවිට ප්‍රියන්තට සමන් කීවේ තරමක අමනාප ස්වරයෙනි.
-
වනේ ඇඳුනු පිය සටහන් – Wane andunu piya satahan
Original price was: Rs. 500.00.Rs. 450.00Current price is: Rs. 450.00.රුකුල් අස්සෙ මොකට රූටනවා ද? සඳුදා මා අම්පාරේ බණ්ඩාරදුව විදුහලෙහි සේවයට යා යුතු විය. බණ්ඩාරදූව වන සතුන් ගේ පාරාදීසයක් බඳු මහ වන මැද පිහිටි අතිශයින් ම දුෂ්කර වූ ගම්මානයක් බැවින් කල් තබා එහි යා යුතු බව මම දැන සිටියෙමි. ඉරිදා උදේ හිතවතුන් දෙදෙනෙකු ද කැටුව ගල්ල්ඔය ව්‍යාපාරයේ අංක 28 ජනපදය (දැන් වැරැු කැටහොඬ) ඔස්සේ ගමන් ඇරඹිමි. උදේ පාන්දර මාර්ගයේ අලි, කොටි, වලස්. කුළු මී වැනි මෘගයින් ගැවසෙන නිසා මද්දහනය වන තෙක් ගමන පමා කළ යුතු බව කීප දෙනෙක් ම කීහ. බණ්ඩාර දූවට යාමට ඇත්තේ මහ කැළය මැදින් වැටී ඇති කරත්ත පාරකි. මේ මාර්ගයේ කිසිම වාහනයක් නො යන්නේ යැයි මම සිතුවෙමි. ඉඳහිට බණ්ඩාරදුව දෙසට යන ආණ්ඩුවේ ජිප් රථයක් හැරෙන්නට එහි ගමන් ගන්නා වාහයක් නැති බව මට පසුව දැන ගන්නට ලැබිණි. අපි රෝදපාර දිගේ වනය තුළට රිංගුවෙමු. තොරතාංචියක් නැතිව නැඟෙන කුරුලු ගීතයෙන් නිහැඬියාව මැකී යයි. මිනිස් කට හඬක් අසන්නට නැති බැවින් කුරුලු ගීතය වුව ද සිත සලිත කරවීමේ බලයක් ලබා ඇත. ගස් දෙකක් එකට ඇතිල්ලී නැඟෙන ………………. නාදය ගස් අතරින් රිංගා ඈතටම දිව යයි. අත්තෙන් අත්තට පනින රිළා වඳුරු සේනාව අප දෙස බලා සිටින්නේ අප බියගන්වන විලාසයකිනි. කන් බිහිරි කරවන රැහැයි නාදය වන ගැබේ පාළුවට තර්ජනයක් වුව ද සිත තුළ රජයන පාළුව බිය මුසු හැඟුම් ජනනය කරවයි.
-
වන්නි වනේ දඩ හදවත – Wanni wane dhada hadawatha
Original price was: Rs. 400.00.Rs. 320.00Current price is: Rs. 320.00.තෙරක් නොපෙනෙන මහා සාගරයේ නිල්වන් ජල තලාව සේ පෙනෙන මහා වන වියනේ ඈත කෙළවරින් හිරු සැඟව ආකාශයේ තැවරී තිබූළා රන් පැහැය ද මැකී යන තෙක් දැහැනකට සමවැදුණාක් මෙන් හිටිපියේම සිටි තවුස් තෙම එදෙස බලා උන්නේය. ඔහුගේ හිතට කිසිදු දෝමනස්සයක් හෝ සාංකාකුල බවක් නොදැනිණ. අඳුර, රාත්‍රිය, හෙට නැවත ආලෝකය. තවත් උදෑසනක්. එදවස ද ගෙවී නැවතත් අන්ධකාරය. ස්වභාව ධර්මයේ නියමය එයයි. තවුසාණෝ ඉතා සෙමින් සේම පරිස්සමින් තමා බොහෝ වේලාවක් තිස්සේ රැඳී සිටි එම ගල් තැල්ල මතින් ඉවත් වෙන්නට වූහ. එය මේ මහා කළුගල් කන්දේ එක් පසෙකින් පිටතට නෙරා ගිය විශාල ගල් තැල්ලකි. දැවැන්ත ගසක කඳක කුරුල්ලන්ට වසා සිටිය හැකි ඉතා ගත ශක්තිමත් හත්තක් හැදුණා සේය. දහවල් කාලයේ දී භාවනා කිරීමට එය යෝග්‍ය තැනක් වුවත්, රාත්‍රී කාලයේ දී එහි රැඳී සිටිය නොහැකිය. මිනිසෙකු වුව පරඬලා පතක් මෙන් ගසාගෙන යා හැකි තරමට දැඩි වේගවත් සුළං ප්‍රවාහයක් එම ගල් තැල්ල හරහා හඬ දීගෙන හමායන බැවිනි. මිනිස් අතක රැඳි ගල් කටුවකින් හා මිටියකින් අනන්ත වූ වෙහෙසක් දරා එම මහා ගල් කන්දේ බඳ වටා ගල් තැල්ලට ළඟාවිය හැකි සේ මේ පටු අඩිපාර කැපුවා වැනිය.
-
වසරේ CEO – Wasare CEO
Original price was: Rs. 1,500.00.Rs. 1,200.00Current price is: Rs. 1,200.00.සියල්ල සිද්ධ වෙන්න නම් ඔබ කොතැනකින් හෝ පටන්ගන්න ඕනේසමහර දවස් පහසු නැහැ. උදෑසන නාද වෙන එලාර්ම් එකේ ඉඳහා, හවසට පාරෙ හිරවෙලා ගෙදර යන තැන වෙනතල් මේ සටතේ බර දැනෙනවා සමහර දවස් සුවදායක නැහැ. මහන්සිවෙලා පළවෙනි රුපියල උපයන තැන ඉතුm හොඳින් උපයලා හැමදෙම ගොඩනගනවා කියන තැන වෙනකල් මේ සංග්රාමයේ කැපකීර්ම් තියෙනවා එත් අතහරින්න බැහැ සටන් විරාම නැඅපිට ලැබුනු දෙවල්වලට වඩා නොදැබුණු දෙවල් වැඩියි. අපි විඳුසු දේවල්වලට වඩා නොවිඳපු දෙවල් වැඩියි. ගමනේ අතරමැද කවුරුහරි කෙනෙක් වෙලා නැවතුණොත් විඳපු නැති ගොඩක් දෙවල් වඳින්න බැරි වෙනවා ලැබුණෙ නැති ගොඩක් දෙවල් හීනයක්ම වෙනවා. ඒ නිසා හඬ හඬා හෝ මේ සටන උඩම පුටුවකට යන්න. වැටී වැටී හෝ මේ සංග්රාමය මේ විධායක ඉමගේ කෙලවරටම බඩගාන්නලොකු වැටුපක් ගන්නම නෙමෙයි හොඳ තනතුරක් ගන්නම නෙමෙයි. හොඳ පුටුවක ඉඳ ගන්නමත් නෙමෙයි. ඔබ දවසක මේ වෘත්තීය යුද්ධය දිනලා තමන්ට වගෙම තව බොහෝ ජීවිත ගොඩදාපු වසරේ විධායකයෙක් විය යුත්තේ “මම එකට සුදුසුයි’ කියලා ඔබේ ඇතුළෙන් ඇහෙන හඬට සාධාරණයක් කරන්න මේ ජීවන අරගලය ඇතුළේ නිකන්ම නිකන් ආයතනික සේවකයෙක් නොවී ඔබ CEO කෙනෙක්ම විය යුතුව ඇත්තේ ඔබ ගත්තු සිය තිනෙන තීරණවලට, ඇද වැටුණු දවස්වලට ඉහළම මිලක් සහිත වටිනාකමක් දෙන්න -
වාපි – Wapi
Original price was: Rs. 800.00.Rs. 640.00Current price is: Rs. 640.00.මිනින්දෝරුවා හෙවත් රිචඩ් කුඩාරමේ එල්ලා තිබෙන ලන්තැරුමෙන් එහා සිට කඩා වදින්නට දඟලන අන්ධකාරයට දැස් දල්වා සිටී. කුඩාරමට වම් පසින් අඟුරු බැස ඇති ගිනිමැලයට දර කොටත් ළං කරමින් ගිනි බෝ කරන්නට කිරාල රෑ පුරා කරන සටන ඔහුට මැනවින් හුරුය. අඟුරු ගොඩ ඉහළින් එල්ලා ඇති දුම්බැඳි කළු ගැසුණු කේතලයේ හූ හඬට කන්දීගෙන කිරාල සිටින්නේ අඳුර දෙස බලාගත් වන මය. මිනුම් සටහන් තැබීමටත්, තම අගනා වාරිමාර්ග වාර්තා ලේඛනගත කිරීමටත් පාවිච්චි කරන අකුළා තැනින් තැන ගෙන යා හැකි කුඩා මේසය මත දෙපා විහිදුවමින් අකුළන පුටුවේ හාන්සි වී පයිප්පය උරන රිචඩ්ට දහවල් දවස පුරා ලයින් කැපීමටත්, තියඩෝලයිට්ටුව ඇතුළු මිනුම් උපකරණ ඔසවා ගෙන සැතපුම් ගණනාවක් දුර පා ගාටමින් හෙම්බත් වූ කම්කරුවන් නින්දෙන් කෙඳිරිගාන හඬ ඇසෙයි. මින්නේරි වැව් හිසින් මෝදු වී එන ළා හඳ යාන්තම් ලපයක් ලෙස අහසේ වැහි බිත්තර අතරින් වරින් වර මතු වෙයි. බිම එළාගත් ගෝනි පඩංගුව මත වකුටු වී කෙඳිරිගාන මිනින්දෝරු පාටියේ කෙසඟ මිනිසුන් දකින රිචඩ්ට අවරදිගුවන් විස්ම පත් කළ මහ සයුරුවන් මහ වාපින් ඉදිකළ විස්මිත වාරි රහස් සඟවා ගෙන මේ පොළොව තුළ සැඟවුණු යෝධ මිනිස් කැලකගේ වත්මන් ජාන සම්පත මේ දැයි මහත් කුතුහලයක් ඇති වෙයි.
-
වැලි කතරේ සංග්‍රාමය – Weli kathare sangramaya
Original price was: Rs. 560.00.Rs. 444.00Current price is: Rs. 444.00.අහස පුරා විසිරුණු තාරකාවල දීප්තිය ක්‍රමයෙන් මැකී ගොස්, නැගෙනහිරින් විහිදෙන්ට වූ නව දිනයක අරුණැල්ලෙන් පුළුල් වැලි කතර නැහැවෙන්ට විය. නොබෝ වේලාවකින් පෙරදිග ආකාශය ලා රත් පැහැයටත් ඉනික්බිති රන් පැහැයටත් හැරුණේ ය. ඈතට විහිදුණු වැලි කඳුත්, මෑතින් පිහිටි කුඩා ක්ෂේම භූමියත් හැරුණු කොට අන් කිසිත් පෙනෙන්ට නොවී ය. පරිසරය වසාගත් ගුප්ත නිහැඩියාව බිඳළමින් අහස් යාත්‍රාවක හඬ ඈතින් ඇසෙන්නට වී නොබෝ වේලාවකින් ඉංග්‍රීසි V අකුරේ හැඩයට ගමන් ගන්නා ස්පිට්හයිර් ගුවන් යානා සයක් ඊසාන දිග ක්ෂිතිජයෙන් මතු වූයේය. පෙරටුව පැමිණි යානයේ නියමු කුටියෙහි හිඳ සිටි * ප්‍රබල තුවක්කු යුගලයකින් සමන්විත බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාවට අයත් සටන් යානයකි. දෙවැනි ලෝක මහා සංග්‍රාමයේදී භාවිතා කරන ලදී.
-
විලම්බීත – vilambeetha
Original price was: Rs. 800.00.Rs. 720.00Current price is: Rs. 720.00.” තිලක උඹ කැමති ද ඉංගිරිසි විද්‍යාලයකට යන්ව? අප්පච්චි මේ ප්‍රශ්නය මතු කළේ රෑ කෑමෙන් පසු පවුලේ සියල්ලන් ම ඉස්තෝප්පුවේ පැදුරු එළාගෙන වාඩි වී බුලත් සපමින් සිටින විටය. එදා කන්ද කපා හඳ පායා තිබුණි. කජු වැටට එහා වෙල්යායට හඳ එළිය වැටිලා හරියට දවල් වගෙයි. මඳ සුළගින් පිච්ච සුවඳ ගේ පුරා ” අනේ ඔව් කියන්ට මල්ලි ” අනුලක්කා නිශ්ශබ්දය බින්දාය. ” මට මොකට ද ඉංගිරිසි විද්‍යාල ? ” ” මදැ පෙරුම් පුරලා ඇහුවා !” අම්මා කට කොනකින් සිනාසුණාය. ” අනේ මල්ලී කොච්චර හොඳ ද ලොකු විද්‍යාලයක ඉගෙන ගන්න එක! ඒ කීවෙත් අනුලක්කාය. ” එතකොට අයියා කලිසං සපත්තු ඇඳලා ඉඳි මහත්තයා වගේ ” සෝමා නංගි කීවාය. ” ආය කලිසං සපත්තු!” ” එව්වා නැතුව පුළුවනැ ඉංගිරිසි විද්‍යාලයකට යන්ට! ‘ අප්පච්චි කීවේය. ” අප්පච්චි ඉතිං එව්වා මට ඇන්න දෙනවද?” “එහෙනම් මොකද? ”
-
විලියම් – William
Original price was: Rs. 650.00.Rs. 585.00Current price is: Rs. 585.00.එදා උදෑසන විලියම් ගේ නැන්දා හිටියේ ගොඩාක් සතුටෙන් ලිපියත් තැපැල් කිරීම සහ කඩේට ගොස් පාර්සල් කිහිපයක් රැගෙන ඒම වෙනුවෙන් සිලිමක සන්තෝෂමෙකුත් නැන්දගෙන් විලියම් ට ලැබුනා විලියම්. ආ මෙන්න ඔයාට සිලිමත් මේකෙන් රස කැවිලි මොනව හරි ගන්න නැතිනම් ගිහිං චිත්‍ර පටියක් බලන්න සිලිමේ කාසිය විලියම් අතට දෙන ගමන් නැන්දා හිනා වෙමින්ම කීවා ඊට පස්සේ තමයි මේ හැම දෙයක්ම සිද්ධ විලියම් සෙමෙන් සෙමෙන් පාර දිගේ ඇවිදගෙන යන්න පටන් ගත්තා පිලිමේ කාසිය එයාගේ අතේ හිරවෙලා තිබුණා ඒ වගේම විවිධාකාර සිතිවිලි රැසකුත් ඔහුගේ හිත පුරා හොල්මන් කරනවා ඇත්ත වශයෙන්ම කුඩා ළමයෙකුට සිලිමක් කියන්නේ ගොවාත් ලොකු මුදලක් එය පැන්ස හයක් පමණ වටිනවා. ඒ වගේ මුදලකින් ගොඩාක් දේවල් කරන්න පුළුවන් මුලින්ම රස කැවිලි ටිකත් මිලදි ගන්න ඕනෑ කියලා විලියම් කල්පනා කළා නගරයේ තියෙන රස කැවිලි හල් ගැන ඔහුට තියෙන්නේ පුදුමාකාර දැනුමක් නිවසේ සිට සැතැපුම් දෙකක් දුර යනකම් තියෙන සැම රස කැවිලි අළෙවි සැලකින්ම විලියම් නිතර නිතර මිලදී ගන්නවා.
-
විලියම් කන් දෙක නැති අමුත්තා – William kan deka nathi amuththa
Original price was: Rs. 650.00.Rs. 585.00Current price is: Rs. 585.00.විලියම් උදෙන්ම නැගිටලා ඇනුමක් ඇරියා. ඊට පස් – සේ ඇස් දෙක පොඩි කරන ගමන් වටපිට බැලුවා. අද නත්තල් දවස කියලා එයාට මතක් වුණේ ඒ වෙලාවෙදියි. අවුරුද්දේ මාස දොළහක් ගෙවිලා ගිහිං ප්‍රීතිමත් ම දවසක් උදාවෙලා, නත්තල් දවස එනකම් විලියම් බලාගෙන හිටියේ හරිම නොඉවසිල්ලෙන්. නත්තල් තෑගි ලැබෙන, නත්තල් කළුකුමා කෑම මේසෙට එන, රතිඤ්ඤා පත්තු කරන්නට ලැබෙන මේ වගේ ප්‍රීතිමත් දවසක් වත්තම් හැමදෙනාම ආසාවෙන් බලාගෙන ඉන්නවා. විලියමුත් එහෙමයි. හැබැයි විලියම් ට සතුටු හිතෙන්නේ ඒ නිසාම තෙමෙයි. නත්තල් නිවාඩුවට එයාගේ පවුලේ නෑදෑයෝ ගොඩාක් විලියම් ගේ ගෙදර එනවා. ඒ අයට ජීවිතේටම මතක හිටින විදිහේ විහිළුවක් කරන්න අවස්ථාවක් ලැබෙන නිසා තමයි විලියම් නම් නත්තල් දවසට වැඩියෙන්ම කැමැති. ඇඳෙන් නැගිට ගත්තු විලියම් නිදන කාමරය පුරාම වීම සිලිමත් විදිහට බැලුවා. නිදා ගන්න ඇඳට එහා පැත්තේ බිත්තියේ ලොකු පෝස්ටරයක් එල්ලල්ලා තියෙනවා. මීට ඉස්සර නම් කවදාවත් මේ වගේ පෝස්ටරයක් තමන්ගේ කාමරයේ තිබුණ බවක් විලියම් ට මතක නෑ. ඒ හින්දා විලියම් පුදුමයෙන් වගේ පෝස්ටරය දිහා බලාගෙන හිටියා අවිවේකි දවස තමයි සතුටුම දවස ‘ කියන වචන පෙළ පෝස්ටරයේ ලොකුවට ලියලා
-
විලියම් සහ කිරි සුදු පූසා – William saha kiri sudu poosa
Original price was: Rs. 670.00.Rs. 603.00Current price is: Rs. 603.00.තමන්ට මොන තරම් දක්ෂකම් තියෙනව ද කියලා විලියම් දවසක් කල්පනා කෙරුවා. මේ දේවල් ගැන කල්පනා කරමින් සිටිද්දී තමයි එයාට නාට්‍යයක් කරන්න ඕනෑ කියන අදහස හිතට ආවේ. කවුරුවත් කරපු නැති විදිහේ නාට්‍ය පිටපතක් ලියලා නාට්‍යය රඟ දක්වන්නත් විලියම් වැඩි වෙලාවක් යන්න ඉස්සර වෙලා තීරණය කෙරුවා. ඇත්තම කියනවා නම් මේ අදහස විලියම් ගේ හිතට ඇවිල්ලා ගොඩාක් දවසක් වෙනවා. ගමේ ආධුනික නාට්‍ය වේදින්ගේ සංගමයේ සහභාගිත්වය ඇතිව මේ දවස් ස්වල අපූරු නාට්‍යයක් රඟ දැක් වෙනවා කියලා විලියම් දන්නවා. මේ නාට්‍යය මොන තරම් අපූරු ද කියනවා නම් ගමේ හැම දෙනාම ඒ ගැන නිතරම කථා කෙරුවා. විලියම්ට ඕනෑ වෙලා තියෙන්නේ මේ හැම එකකටම වඩා අපූරු නාට්‍යයක් නිපදවන්නයි. ගමේ තියෙන නාට්‍යයේ අන්තිම දවසේ එය බලන්න යන්නත් විලියම් අමතක කෙරුවේ නෑ. තමන් ගේ නාට්‍යයට ඇවැසි වස්තු බීජයක් ගැන හොයා බලන්නත් එක්කයි විලියම් ඒ ගමන ගියේ. එයා නාට්‍යය පෙන්වන වේදිකාව පිටු පස පැත්තේ විපරම් කරමින් බලාගෙන හිටියා. හැබැයි වැඩි වෙලාවක් යන්න
-
විලියම් සහ නිවුන් සහෝදරයෝ – William saha niwun sahodarayo
Original price was: Rs. 700.00.Rs. 630.00Current price is: Rs. 630.00.අවුල් කරනවද කියලයි විලියම් මේ දවස්වල කල්පනා කරන්නේ. විශේෂයෙන්ම මිනිසුන්ට සෑදෙන පැපොල වගේ රෝග නිසා සිද්ධ වෙන කරදර ගැන එයා දිගින් දිගටම කල්පනා කරනවා. විලියම් ට නම් පැපොල රෝගය පෙනෙන්නේ ජෙලි, ක්‍රීම් සහ කුකුල් මස් වගේ කිසිම ගැලපීමක් නැති දෙයක් විදිහටයි. පැපොල රෝගය මුලින්ම හැදුණේ විලියම් ට. ඒ රෝගය සනිප වෙන්න මාසයක් විතර ගතවුණත් විලියම් ඒකට සෑහෙන කැමැත්තකින් තමයි හිටියේ. ඒ කාලය පුරාම ඉගෙන ගන්න දේවල් ගැන කාගෙන්වත් කරදරයක් ඇතිවුණේ නෑ. මාසයක් විතර ගතවෙලා විලියම් ට පැපොල රෝගය හොඳටම සුව වුණා. හැබැයි එයාට තවමත් මහන්සි පාටයි. ඒ නිසා පාසැලේ පොත් පත් පාඩම් වලින් ටිකක් විතර ඈත් වෙලා දවස් කිහිපයක් නිදහසේ ගත කිරීමේ අවස්ථාවක් විලියම් ට ලබා දෙන්නත් අම්මා කැමැත්ත පළ කෙරුවා. මේ වගේ අහම්බෙන් ලැබෙන විවේක කාලයකින් උපරිම ප්‍රයෝජනය ගන්න හැටි විලියම් හොඳට දන්නවා. කවුරු හරි කෙනෙක් ඒ වගේ දෙයක් වලක්වන්න හැදුවත් ඒක සාර්ථක වෙන්නේ නෑ.
-
විලියම් සහ මැයි රජ්ජුරුවෝ – William saha mai rajjuruwo
Original price was: Rs. 680.00.Rs. 612.00Current price is: Rs. 612.00.මැයි රජ්ජුරුවෝ මේ දවස් වල විලියම් ගේ හිතට දැනෙන්නේ පුදුමාකාර විදිනේ කම්මැලිකමක්. එයා ඉස්කෝලේ යන්නෙත් හරිම උදාසීන විදිහට. පාඩම් කරන්න, පාඩම් වලින් අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න වුණත් විලියම් ටිකක් වත් කැමැති නෑ. ඇත්තටම මේ වගේ උදාසීන කමක් විලියම් ට දනෙන්න පටන්ගත්තේ එයාව අළුත් පාසලකට යවන්න අම්මයි තාත්තයි තීරණය කරපු දවසේ ඉඳලයි. විලියම් මෙච්චර දවසක් ගියේ පිරිමි ළමයින් විතරක් ඉගෙන ගන්න ඉස්කෝලෙකට. හැබැයි ගැහැණු ළමයිනුයි. පිරිමි ළමයිනුයි එකට ඉගෙන ගන්න මිශ්‍ර ඉස්කෝලෙකට ගියොත් විලියම් ගේ මුරණ්ඩුකම් අඩු වෙයි කියලා හිතපු අම්මයි, තාත්තයි දෙන්නා එයාව මිශ්‍ර ඉස්කෝලෙකට ඇතුළු කෙරුවා. තමන්ට හුරු පුරුදු ඉස්කෝලේ නැතිව වෙන ඉස්කෝලෙකට ආපු නිසා විලියම් ගේ හිතට මහා පාළුවක් වගේම පුදුමාකාර විදිහේ උදාසීන කමකුත් දැනෙනවා. අදත් ඒ වගේ දවසක්. විලියම් පුටුවක් උඩ වාඩි වෙලා දවල් හීනයක් දැක දැක ඉන්න කොට පංති භාර ගුරුතුමිය වන ඩිහර්ස්ට් මෙන විය ඇවිත් පංතියේ ළමයින් ට කථා කෙරුවා. ඩිහර්ස්ට් මෙනවිය කථා කරන්නේ බොහෝම සාමාන්‍ය විදිහට ඒ නිසා විලියම් ඇයට පුංචි කැමැත්තක් දක්වනවා.
-
විලියම් සහ රසකැවිලි සාප්පුව – William saha rasakewili sappuwa
Original price was: Rs. 650.00.Rs. 585.00Current price is: Rs. 585.00.රාක්ක වල තියෙන බෝතල් විවිධ වර්ගයේ රස කැවිලි වලින් පිරිලා ඇති හැටි විලියම්ට පෙනෙනවා. වැඩි වෙලාවක් යන්නට පෙර බටර් බෝල වර්ගයේ රස කැවිල්ලක් විලියම්ගේ මුවට ඇතුල් වුණා. ඊට පස්සෙ ඔහු අතට ගත්තෙ අන්නාසිවලින් සාදා ඇති ෆයිනැපල් ක්‍රිස් රස කැවිල්ලක්. ඉක්මණින්ම ඒ කැවිලි තොගයත් ඉවර වුණා.
-
විස්කම් යතුරු සහ අකුණු කන්ද – Viskam yathuru saha akunu kanda
Original price was: Rs. 1,250.00.Rs. 1,125.00Current price is: Rs. 1,125.00.සමුද්‍ර දේශයෙන් සහ මිතුරු මිතුරියන්ගෙන් සමුගැනීමේදී සියුම් සංවේගයක් සිතට පාවී ආවද කලකට පසු දෙමව්පියන් සහ සොයුරිය හමුවීමේ සතුට තමාව වෙළාගෙන ඇතැයි සඳරුට සිතිණ. එදින උදෑසනම සිය නිවස කරා පැමිණි සඳරු මව්පියන්ගේ සහ සොයුරියගේ නිම නොවන ප්‍රශ්නාවලියට මුහුණ දීමට බලාපොරොත්තුවෙන් සිටියේය. එහෙයින් සමුද්‍ර දේශයේ ගත කළ අවසන් දින සැඳෑව ඔහු ගත කළේ අද දිනයේ ඔහු ඉදිරියේ දිග හැරෙන ඕස්ට්‍රේලියාව පිළිබඳව සැකසුණු ප්‍රශ්න පත්තරයට දක්ෂ ලෙස පිළිතුරු සැපයීමට හැකි වන සේ සාක්ෂි එක්රැස් කරමිනි. සිධාර්තා සහ තේජන විසින් ගෙනෙන ලද ඕස්ට්‍රේලියානු තෑගි බෝග රාශියක් ඔහුගේ ගමන් මල්ලෙහි වූයේය. එමෙන්ම පරිගණක භාවිතයෙහි විශිෂ්ටතමයා වූ තරු ප්‍රභාගේ උපකාරයෙන් තමාගේ සහ අනෙකුත් මිතුරු මිතුරියන්ගේ ඡායාරූප, ඕස්ට්‍රේලියාවේ ඡායාරූප හා එකතු කර නිර්මාණය කරන ලද අලුත්ම ඡායාරූප පිරි කවරයක්ද ඔහු සතු විය. ඕස්ට්‍රේලියාව පිළිබඳ සොයාගත් තොරතුරු මෙතෙහි කරමින් ඔහු තම නැගණිය වූ සදෙනි සමඟ පිළිසඳර ආරම්භ කළේ ඡායාරූප සහිත කවරය ඇය අත තබන ගමන්ය. ඇය ඒවා එකිනෙක නරඹන අතරතුර පළමු පැනය සඳරු වෙත ඉදිරිපත් කළාය.
-
වෘක අභය භූමියේ සැගවුනු රහස – නැන්සි ඩ්‍රෝ – Wurka abaya bhumiye sagawunu rahasa
Original price was: Rs. 700.00.Rs. 630.00Current price is: Rs. 630.00.හායි හැමදෙනාම මේක දිහා බලන්න ජෝර්ජ් ෆෙයින් කීවාය ඇගේ දුඹුරු පාට දෑස උද්දාමයෙන් දිලිසෙයි එසේ කියන ගමන් ම ඈ පසෙක තිබූ මොන්රෝස් කුරියර්’ පුවත් පතේ කාලගුණ විස්තරය කියවන්නට වූවා ය. දැන් ඔවුන් සිටින්නේ මොරිස් පළාතේ තිබෙන කුඩා ගුවන්තොටු පොලකයි. ගමන් මළු පැමිණෙන තෙක් ඔවුන්ට තවත් ටික වෙලාවක් බලා සිටින්නට සිදු වෙයි. මොන්රෝස් වලට අද රෑට හිම වැටෙනවා කියලා පත්තරේ තියෙනවා.
-
වෙරළබඩ නගරයේ කුඩා නිවහන – Weralabada nagaraye kuda niwahana
Original price was: Rs. 850.00.Rs. 680.00Current price is: Rs. 680.00.ශනිදා පවුල අ ම්මා මුළුතැන්ගෙයි ජනේලයෙන් එබී පිටත බලා ” බින්ස් ටික පිඟන්වලට බෙදන්ඩ වෙලාව හරි චාලට්” යි කීවාය. එහි තේරුම චාලට් දැන සිටියාය. එදා සෙනසුරාදා රාත්රියකි. තාත්තාත් පිරිමි ළමයිනුත් දැනටමත් කම්මලේ සිට ගෙදරට එමින් සිටිනවා ඇති. සාමාන්යයෙන් තාත්තා පිටත මඩුව ළඟ නැවතී මුහුණ සහ අත් සෝදා ගත් පසු ලුයිස් සහ ටොම්ගේ වාරය එළඹේ. ඔවුන් කම්මලේ වැඩ කිරීමෙන් තවරා ගත් දුඹුටු සියල්ල සෝදා හැර අවසන් වන මොහොත වන විට අම්මා හැම පිගානකටම දුම් දමන බේඩ් බින්ස් පුරවා අවසන් කරන්නීය. සෙනසුරාදාට සාදනු ලබන විශේෂ රෑ කෑම වේලෙහි අනිවාර්ය අංගයක් වුයේ බේන්ඩ් බින්ස්ය.
-
සංගිලිපාලම – Sangilipalama
Original price was: Rs. 850.00.Rs. 680.00Current price is: Rs. 680.00.අසනි වැස්සක් වැටිණ. දෙපත් කපාගෙන ඇද හැළුණු මහ වැස්ස, දෙරණ බිලිගන්නට එන්නා වූ රකුසෙකුගේ විලාසය ගනී. වැස්ස තුරල් වන පාටක් නැත. සඳුනි දෙපාරක් පාපිස්සේ හප්පා ආපසු හැරී බැලුවාය. වැස්ස තමා පසුපස හඹා ආයේ සතුරෙකු පරිද්දෙනි. හිටි ගමන් ඇද හැළුණු වැස්සට ඈ බිය වූවා ය. ඈ කවදත් වැස්සට බිය ය. විළිරුදාවෙන් පෙළෙන ගැබ්බර අහස අකුණු ගසන විට ඈ තිගැස්සුණාය. වැස්සේ තෙත බරිත වෙමින් ටික දුරක් පැමිණි ඈ හිස ගස්සා ආපසු බැලුවා ය. ඇගේ දෙනෙතේ තිබුණේ බියකි. සතුරු සේනාවක් වෙඩි තබමින් කෑ මොර දී තමා පසුපස හඹා ආ කලෙක ඔවුන්ගෙන් බේරුණාක් වැනි හැඟීමක් ගෙට ගොඩ වූ සැණින් ඇයට දැනිණ. ඉස්තෝප්පුවේ කොට තාප්පයේ වාඩි වී සිටි රංග අයියා දෙසට ඈ හෙළුවේ ජයග්‍රාහී බැල්මකි. එහෙත් ඔහුගේ අවධානය ඇය වෙතට යොමු වුයේ නැත. ඇගේ ගෑවෙන සීමාවට රංග අයියා දෙසට කිට්ටු වූ සඳුනි, ඔහුගේ අවධානය උදුරා ගන්නට තැත් කළාය. එහෙත් රංග, නිනව්වක් නැති මහ වැස්ස දෙස අපේක්ෂා භරිතව බලා සිටියේ ය. කොට තාප්පය මත සඳුනි සටහන් මිටිය තැබුයේ කනස්සල්ලෙනි.
-
සතුට බෙදුන පොලියානා – Sathuta bedana pollyanna
Original price was: Rs. 850.00.Rs. 680.00Current price is: Rs. 680.00.ඩෙලා වෙදර්බයි ඇගේ සොයුරියගේ නිවෙසට යන පාර දිගේ ඉක්මන් ගමනින් ගොස්, ගෙයි ඉදිරිපස බිත්තියේ වූ විදුලි සීනුවේ බොත්තම තද කළාය. හිසේ ලා ගෙන උන් තොප්පියේ සිට, පයේ ලා ගෙන උන් සෙරෙප්පුව දක්වා දෑස යවන කෙනකුට ඇගේ නිරෝගී, කඩිසර, සුපරීක්ෂාකාරී විලාසය දැක ගන්නට පුළුවන. දොර විවෘත කළ සේවිකාවට කතා කළ ඇගේ කට හඬේ පවා ගැබ් වී තිබුණේ ප්‍රාණවත්, ප්‍රීතිමත් ස්වරූපයකි. ගුඩ් මෝනිං මේරි. කෝ – අපේ අක්කා ඉන්නවද?* ඔව් – ඔව් මැඩම්. කාරූ නෝනා නං ඉන්නවා… යි මඳක් පැකිලෙමින් කී තරුණිය. ඒත් එයා කිව්වා – අද කිසි කෙනෙක්ව මුණ ගැහෙන්න බෑ කියලා… “හැබෑට? ඒත් එයාට මං ආවම එහෙම කියන්න බැනේ…’ යි වෙදර්බයි මෙනෙවිය මදහසක් පෑවාය. මං ආවා කිව්වම එයා මොකුත් කියන එකක් නෑ. බය වෙන්න එපා. ඔයාට බැන්නොත්. මං ඒක බලා ගන්නංකො…” යි ඇය හිස සැලුවේ, තරුණියගේ දෑසේ රැඳුණු බියපත් බැල්මට පිළිතුරක් වශයෙනි.
-
සතුටු උයනේ මාරකය – Sathutu uyane marakaya
Original price was: Rs. 920.00.Rs. 736.00Current price is: Rs. 736.00.එයා හැම වෙලාවෙම අපි ඉන්න පැත්තට එනවා. ඉතින් දැනුත් ඒකම සිද්ධ වෙයි.” රිෆ් මහා හයියෙන් බෙරිහන් දුන්නේය. උස් සංගීත රිද්මයක් වායුගෝලය කම්පනය කරමින් පැතිර ගියේ ඒ නිමේශයේදීය. වේදිකාව මත වෙස්ට් සයිඩ් ස්ටෝරි” නාට්‍යය රඟ දැක්වීමට ආසන්නය. මේ පැතිරෙන්නේ එහි ආරම්භක සංගීත රිද්මයයි. සංගීත භාණ්ඩ තොගයකින් නැගෙන හඬ පරිසරයේ ගිගුම් දෙන්නාක් මෙනි. වේදිකාව පිටු පස මගේ සහෝදරයා වන ෆ්‍රෑන්ක් පොළවේ වැතිර හිඳියි. ඔහුගේ උදරයට කිඳා බැස තිබෙන්නේ තියුණු පිහියකි.”ෆ්‍රෑන්ක්…” මම බෙරිහන් දුන්නෙමි. නමුත් කටහඬ හැකි තරම් පහත් ස්වරයක තබා ගැනීමට ද මම අමතක නොකළෙමි.
-
සතුරු කදවුර – Sathuru kandawura
Original price was: Rs. 560.00.Rs. 504.00Current price is: Rs. 504.00.න්තමින් පමණක් දර්ශනය වූ නැගෙනහිර ක්ෂිතිජය මුළුමනින් මැකී ගොස් කළු පැහැති වලා රැසක් ඉහළ අහසේ රැස්වන්ට වූයේ ය. වියනක් මෙන් සැදුණු මෙකී වලා ගැබේ අඳුරු වර්ණය හා සම්මිශ්‍ර ව පහත මුහුදේ දිය මඩ පැහැයට හැරිණ. අන්ධකාරය ක්‍රමයෙන් අවට පරිසරය වසා පැතිරෙන්ට වීය. ස්වකීය වැන්ඩල් වර්ගයේ මුහුදු ගුවන් යානයේ සිට, පිටත හටගත් මේ විපර්යාසයන් කැළඹුණු දෙනෙතින් නිරීක්ෂණය කළ බිගල්ස් ඇස් ආවරණය ඔසවමින් යාබද අසුනේ හිඳ සිටි තම සගයා දෙස බැලුවේය. අහසේ පෙනුම ඒ තරම් හොඳ නැහැ” ” ඔව් ” යි ඇල්ගි ලේසි හෙවත් බිගල්ස්ගේ සගයා හිස සැළීය.











































