-
මඟ දිගට ජනකතා 1 – maga digata janakatha
Original price was: Rs. 980.00.Rs. 882.00Current price is: Rs. 882.00.මාරස්සන ඩී. පී. වික්‍රමසිංහ මහතා ගම් නියම්ගම්වල රජයේ පාසල් හි මුල් ගුරු පදවි දැරූ කෙනෙකි. තමා සේවයට පත් වී ගිය සෑම පාසලක් ම පිහිටි ගමේත්, අවට ගම්වලත් ඓතිහාසික තොරතුරු, ජන විශ්වාස, වෙද හෙදකම් ආදිය පළාත් වාසීන්ගෙන් විමසා සොයා බැලීමත්, එ මඟින් සපයා ගත් කරුණු පොතක සටහන් කර තැබීමත්, හේ විනෝදාංශයක් ලෙස පුහුණු කර ගති. කටකතා වලින් මතු වූ ඓතිහාසික කරුණු තහවුරු කරනුවස් පතපොත කියවා කරුණු සෙවීම ද ඒ සමඟම කෙරිණි. උඩරට, පහතරට, රජරට ආදී සෑම පළාතෙකම තමා සේවය කරන කාලයේ රැස්කර ගත් කරුණු වලින් බිඳක් තමා සේවයෙන් විශ්‍රාමලත් කාලයේ පොතකට නැගුණු සැටියි මේ. මෙම කෘතියෙහි දෙවන කොටසද මඟ දිගට ජනකතා 2 නමින් මුද්‍රණයෙන් නිකුත්ව තිබේ.
-
මඟ දිගට ජනකතා 2 – maga digata janakatha
Original price was: Rs. 600.00.Rs. 540.00Current price is: Rs. 540.00.මාරස්සන ඩී. පී. වික්‍රමසිංහ මහතා ගම් නියම්ගම්වල රජයේ පාසල් හි මුල් ගුරු පදව් දැරූ කෙනෙකි. තමා සේවයට පත් වී ගිය සෑම පාසලක් ම පිහිටි ගමේත්, අවට ගම්වලත් ඓතිහාසික තොරතුරු, ජන විශ්වාස, වෙද හෙදකම් ආදිය පළාත් වාසීන්ගෙ න් විමසා සොයා බැලීමත්, එමඟින් සපයා ගත් කරුණු පොතක සටහන් කර තැබීමත්, හේ විනෝදාංශයක් ලෙස පුහුණු කර ගති. කටකතා වලින් මතු වූ ඓතිහාසික කරුණු තහවුරු කරනුවස් පතපොත කියවා කරුණු සෙවීම ද ඒ සමඟම කෙරිණි. උඩරට, පහතරට, රජරට ආදී සෑම පළාතෙකම සේවය කරන කාලයේ එසේ රැස්කර ගත් කරුණු වලින් බිඳක් තමා සේවයෙන් විශ්‍රාමලත් කාලයේ පොතකට නැඟුණු සැටියි මේ. මේ ජනකතා එකතුවේ පළමුවන කොටස මඟ දිගට ජනකතා නමින් මුද්‍රණයෙන් නිකුත්ව ඇති අතර, මඟ දිගට ජනකතා – 2 නමින් මෙසේ පළවන්නේ දෙවන කොටසයි.
-
මද්දලේනාගෙන් හාදුවක් – Maddelenagen haduwak
Original price was: Rs. 1,400.00.Rs. 1,120.00Current price is: Rs. 1,120.00.ඔන්න ඔහොමයි වුණේ.. 1945 සැප්තැම්බරයේ දිනක. දොස්තර ෆැබියානෝ දොරෙන් ඇතුළු වෙන්න පෙරාතුවෙන් විදුලි සීනු බොත්තම තුන් පාරක් තද කළා. ඉදිරිපස කාමරේ තුබුණ කවිච්චියක වාඩි වෙලා නියපොතු විකන ගමන්, හිස් බැල්මෙන් ඔහේ බලාගත්තු අත බලාගෙන හිටපු කොන්සෙටා ලියෝනිට මේ වෙද්දි බාගෙටත් වඩා ටිකක් වැඩියෙන් පිස්සු. පහු ගිය කාලෙ පුරාවට මූණපාන්න සිද්ධ වෙච්චි දේ එක්ක ඈට ඉහේ කෙස් ගැන ආසාව අත අරින්න වුණා. ඒවා ඔහේ වැටී වැටී නැත්තට ම නැති වෙලා ගියා. මේ කමිසෙ, මගෙ පුතා දැකල අරන් ඇවිත් තිබුණා. දොස්තර මහත්තයා කතාව පටන් ගත්තා. මිනිහ සෙල්ලම් කර කර ඉඳල තියෙන්නෙ ගඟට ඉහළ බෑවුමේ. හරි නම් යන්ඩ සුදුසු නෑ තමයි. ඒත් ඉතිං කොලු වයස නෙ. එතකොට තමයි ඉවුරෙ ගල් දෙකක් අස්සේ මේ කමිසෙ තියෙනව පෙනිලා තියෙන්නෙ.” කමිසේ ඉදිරි පැත්තෙ හරියටම විශාල දතක හැඩේට වියළුණු ලේ පැල්ලමක් තිබුණා. කොලුවා ගෙදර උස්සන් ආපු කමිසෙ දොස්තර මහත්තය කොන් සෙටාට පෙන්නන්න අරන් ඇවිත්. ඈ ඉස්සරහ හිටගත්තු දොස්තර ෆැබියානෝ. කොන් සෙටාට පේන්ඩ කමිසෙ දිග ඇරලා දෙපාරක් විතර ඒ මේ අත හරවලා අල්ලගෙන ඉන්න ගමන් ඉරිච්ච කමිස අතයි. ලේ පැල්ලමයි නූල් දිය වෙච්ච කමිස කරයි පෙන්නුවා. “නෝනා, මට කියන්න. මේක ඔහේගෙ පුතාගෙ නේද?’ ඒ ගමන කොන්සෙටා අත් දෙකෙන්ම කමිසෙ අරන් නාසයට ළං කරල ඉව කළා. කමිසෙ කිහිලි දෙකත් ඉඹලා බැලුවා. “නෑ. කමිසෙ ආපහු දොස්තරට දෙන ගමන් ඈ කිව්වා.
-
මම ගමේ ගම මගේ – Mama game gama mage
Original price was: Rs. 600.00.Rs. 540.00Current price is: Rs. 540.00.කොස් බෙනයේ සිටින දොළ පිදේනි දී යකා පන්නමු පොඩි නැන්දා තාත්තාගේ ඥාති සහෝදරියකි. පිලකින් සහ විශාල ඉස්තෝප්පුවකින් ඉදිරි පස ද, සාලය සහ කාමරය පසු පස කුස්සිය ද ඇති එම නිවෙස ගමෙහි පොදු නිවෙස්හි සැලැස්ම ගත්ත ද එම නිවෙසට තව එබඳුම නිවෙසක් ඈඳා ඇත. එම නිවෙස් දෙකෙහි අක්කා සහ නංගී ජිවත් වූ අතර ඒ දෙදෙනා ම විවාහ වී සිටියහ. පොඩි නැන්දාගේ සාලයෙහි බක්කි කරත්තය නිතරම විරාජමානව සිටිය ද එය වස්සකු බැඳ පාරේ ගිය දිනයක් මට මතක නැත. එම නිවෙස පසු පස විශාල කොස් ගසක් විය. පරම්පරා ගණනක් පරණ එම කොස් ගසෙහි වූ විශාල බෙනය කිසිසේත්ම අමතක කළ නොහැක. කොලු කෙල්ලන් කොපමණ සෙල්ලම් කළත් එම කොස් ගස අසලට නම් අහම්බෙන්වත් යාමට දැක්වූයේ බියකි. එම ගස අසලට කාන්තාවක් කොසයක් කැඩීමට ගියත් තනියෙන් ගියේ නැත. තවකකු සමග යාමට පුරුදු වී සිටි අතර කෙනෙකු නැතිනම් ඒ මොහොතෙහි පාරෙ යන කෙනෙකු හෝ සමග යාමට පුරුදු වී සිටියාය. එම ගස සහ බෙනය එතරම් ගුප්ත වුවකි. මාටින් මහප්පා දින දෙක තුනකට පෙර නැන්දලාගේ නිවෙසට පැමිණි විට අප නිවෙසට ද පැමිණියේ ය. එය ඔහුගේ සිරිතකි. නංගීට සනීප නැහැ. තොවිලයක් කරන්නයි හදන්නේ.
-
මයිසීලියම – Mycelium
Original price was: Rs. 1,100.00.Rs. 990.00Current price is: Rs. 990.00.ජෙසිකාගේ දකුණු කනේ වැදී රොකට්ටුව බිම වැටුණි. ඇය පැලඳ සිටි සුදු පැහැති රවුම් කරා බුව තවමත් සෙලවෙමින් තිබුණි. නමුත් ඒ පිළිබඳ නොතැකු ඇය බිම වැටී තිබුණු කඩදාසි රොකට්ටුව දෙස බලා සිටියාය. එය අතට ගත් ඇය පන්තිය පුරා දෙනෙත් යවමින් එහි අයිතිකරු සොයන්නට වූවාය. ගත වූයේ තත්පර කිහිපයකි. කඩදාසි රොකට්ටුව විසි කළ දරුවා දෙසට අත් දිගු කරමින් අනෙක් දරුවෝ සිනාසෙන්නට වූහ. ඇය ඔහු දෙසට නෙත් යොමු කළා පමණි, දරුවා ඇගේ මුහුණේ වූ කෝපය දැක බිම බලා ගත්තේය. තත්පර කිහිපයකින් ඔහු හෙමින් සීරුවේ නැවතත් ඇය දෙස බැලුවේය. එවරද බියට පත් වූ ඔහු නැවතත් බිම බලා ගත්තේය. ජෙසිකා මුහුණේ ව්‍යාජ කෝපයක් මවා ගත්තේ ඔහු කළ වැරැද්ද පිළිබඳ පෙන්වා දීමේ අරමුණින් යුතුවය. නමුත් ඔහුගේ බියමුසු මුහුණ දුටු ඇගේ මුවට සිහින් සිනහවක් නැගුණේ ඉබේටමය. බිම තිබුණු රොකට්ටුව අහුලා ගත් ජෙසිකාට එය දිග හැර බැලීමේ ළදරු ආසාවක් ඇති විය. ඇගේ මුවට නැඟි සිනහව දෙගුණ තෙගුණ වුයේ දිග හරින ලද කඩදාසියෙහි සඳහන් වූ දෙය දැකීමෙනි.
-
මරණයෙන් පිබිදුණු මිනිස්සු – Maranayen pibidunu minissu
Original price was: Rs. 500.00.Rs. 400.00Current price is: Rs. 400.00.මරා දැමුණු මිනිසා අතින් මිනීමරුවා ඝාතනය වේ. ලන්වන් නගරය අසල වූ එක් පෞද්ගලික පාසලක් පිහිටා තිබුණේ බෙහෙවින් පැරණි, විශාල නිවසක් තුළය. එල්ම ගසින් හා දේවදාර ගසින් සෙවණ වූ පාසල් භූමිය රමණිය තේමිස් නදිය අසබඩ සුන්දර පරිසරයක පිහිටා තිබිණ. 1870 වසරේ පළමු පාසල් වාරය ආරම්භ විය. පාසල් සිසුන් 130 දෙනාත්, ගුරුවරුන් කිහිපදෙනාත් ඇතුළු සියල්ලෝම පාසල පටන් ගත් දින පැමිණ සිටියහ. මේ වාරයේ දී පැරණි ගුරුවරුන්ට අමතරව සැම්ප්සන් නම් වූ අලුත් ගුරුවරයෙක් ද පැමිණ සිටියේය. මුහුණ පුරා වැවුණු ඝන රැවුලකින් ද, උස් සිරුරකින් ද යුතු වූ අලුත් ගුරුවරයා කල් යත්ම ශිෂ්‍යයන් අතර ජනප්‍රිය වන්නට සමත් විය. රට රටවල ඇවිද නොයෙකුත් තොරතුරු දැන සිටි ඔහු ඒ පිළිබඳව සිසුන්ට රසවත් කතා පැවසීමට සමත් වී සිටියේය. සැම්ප්සන්ගේ ගෙලෙහි නිරතුරුවම ඔහු පැලඳ සිටි මාලයක් විය. ඔහුගේ නමේ මුල් අකුරු තුන වන ජී. ඩබ්ලිව්. එස්. කොටා තිබූ රන් කාසියක් එහි අමුණා තිබිණ. සැමම්ප්සන් මහතා පාසලට පැමිණ නොබෝ දිනකින් අද්භූත සිදුවීම් මාලාවක් පාසල පුරා හමා යන්නට පටන් ගත්තේය. දිනක් ගුරුවරයා ශිෂ්‍යයන්ට ලතින් භාෂාව උගන්වමින් සිටියේය. ලතින් භාෂාවෙන් වාක්‍යය බැගින් ලිවීමට ශිෂ්‍යයන්ට නියම වී තිබිණ. මේ අතරේ පන්තියේ කොනක වාඩි වී සිටි මැක්ලොයිඩ්’ නමැති ශිෂ්‍යයා කිසිවක් නොලියා මේසයට බර වී නිදිමත ස්වභාවයෙන් පසු වනු තවත් ශිෂ්‍යයකුගේ නෙත ගැටිණ. ” මැක් ලොයිඩ්, ලියන්නේ නැද්ද?
-
මරනයට පියවරක් – Maranayata piyawarak
Original price was: Rs. 950.00.Rs. 760.00Current price is: Rs. 760.00.හැමෝම බලාගෙන ඉන්නේ අපි හිම තලාව උඩ වැටිලා හිම කුට්ටි පිටින් ගිල දාලා ලිස්සලා එනකම්.” බෙයාර් කඳු යායේ හිම මත ලිස්සීම සැබැවින්ම අභියෝගාත්මක සහ දුෂ්කර කාර්යයකි. ඒ නිසා මෙම හිම තලාවේ හිම ක්‍රීඩා සඳහා එක්වන්නේ ද දැඩි සිතක් ඇති ක්‍රීඩකයින්ය. ඔවුන් සෑම විටම කැමැත්තක් දක්වන්නේ නියමිත ප්‍රදේශයෙන් පිට දළ හිම තට්ටුව මත ලිස්සන්නටයි. පැද්දෙමින්, පෙරළෙමින් සිදු කරන මේ හිම ක්‍රීඩාව අතිශයින්ම අවදානම් සහ බිහිසුණු ක්‍රියාවකි. මා සහ මගේ සහෝදරයා ද මේ හිම ක්‍රීඩා සංදර්ශනයට එක්වුයේ ඒ අතිශය අවදානම් හිම මත ලිස්සීමේ ඉසව්වට සහභාගි වන්නටයි. අපේ දක්ෂතාවය නරඹන්නන් සමච්චලයෙන් බලා සිටින එකක් නොව සියලු දෙනාම උද්දාමයෙන් බෙරිහන් දෙන විශිෂ්ට එකක් විය යුතුයැයි මට නිරන්තරයෙන්ම කල්පනා වෙයි.
-
මහ බැද්දේ සුදු වැද්දා – Maha badde sudu wedda
Original price was: Rs. 500.00.Rs. 450.00Current price is: Rs. 450.00.මහ බැද්දේ සුදු වැද්ද’ නම් වු මෙම යොවුන් නවකතාවට පාදක වී ඇත්තේ මුහුදු බත් වුණු නැවකින් ශ්‍රී ලංකාවේ වෙරළකට පිනා අවුත් වන වැදුණු ඕලන්ද ජාතික නිර්භීත ගැටරයෙකු පිළිබඳ ත්‍රාසය, වීරත්වය හා කුතුහලය දනවන රසවත් කතා පුවතකි. වන සතුන් හීලෑකර ගැනීම සඳහා පුදුම දක්ෂ – තාවයක් තිබූ ‘ හෑන්ස් ‘ නම් වූ මෙම නිර්භීත යොවුන් ගැටවරයා රුදුරු වන සතුන්ගෙන් ගහණ මහ වන මැද ජීවිත් වීම සඳහා කරන අරගලය සැබැවින්ම ත්‍රාසය භීතිය හා වමත්කාරය පිරුණු එකකි. පසු කාලයේදී කන්ද උඩරට සිංහල රජුගේ හේවායින්ට හසු වෙන හෑන්ස් එහි සිරකරුවෙකු බවට පත්වෙයි. මේ අතර තුර රජුගේ බලවත් උදහසට ලක්වෙන මෙම ගැටවරයාට ඇතෙකු ලවා පාගා මරා පොඩි කර දමන්නට සැරසෙද්දී ඔහු ඒ මර උගුලෙන් ගැලවෙන්නේ හාස්කමකින් මෙනි. ඇතාගේ පිහිටෙන් යළිත් වන වදින හැන්ස් එහි වැදි පවුලකට එක්වී ජීවිතයේ නව මහකට ප්‍රවේශ වෙයි. සුදුහුරා නමින් වැද්දන්ගේ ගෞරවයට හා ආදරයට පාත්‍ර වන මෙම ගැටවරයා මේ වන විට සිංහල රජතුමාගේ හිරකරුවන් බවට පත් වී සිටි පෘතුගීසි හා ලන්දේසි කපිතාන්වරු දෙදෙනෙකු ද උපායශීලිව නිදහස් කර ගැනීමට සමත් වෙයි. වනගත ජීවිතය හා වැද්දන් අතර බැඳුණු සිදුවීම් වලින් ගහන මෙම රසබර වෘත්තාන්තය පාඨක – යාගේ සිත මන මෝහනයෙන් හා ත්‍රාසයෙන් තුල්මත් කරවන සුළුය. ලංකාවේ වනාන්තරවල ඇවිද වැද්දන් සමඟ ජීවත්වී ඒ අත් දැකීම් හා ඉතිහාසගත සැබෑ තොරතුරු සමඟ ප්‍රතිනිර්මාණය කළ මෙම කෘතිය ආර්. එල්. ස්පිට්ල් නම් වූ ඉංග්‍රීසි ජාතික වෛද්‍යවරයා අතින් රචිත නිර්මාණ වලින් වඩාත්ම මෙරට පාඨකයින් අතර ජනප්‍රිය වූ ප්‍රබන්ධය වෙයි.
-
මාගම් සෝලිය – Magam soliya
Original price was: Rs. 1,650.00.Rs. 1,402.00Current price is: Rs. 1,402.00.සැන්දෑ හිරු එළියෙන් පෑළ දිග අහස රක්ත වර්ණ වෙමින් තිබුණු ඒ සන්ධ්‍යා යාමයේ ඇබිත්ත කොලුවා ඇහිපිය නොහෙළා බලා සිටියේ ලොකු හාමුදුරුවන් දිහාය. හවසට හොඳ ආසන දෙකක් හරිගැස්සුවොත් හොඳයි…. මගේ ඇඳ ළඟ. උන්වහන්සේ මේ විධානය ඇබිත්ත කොලුවාට කර තිබුණේ එදා ඉරිදා උදයේ දෙමට කුරකින් දත් පිරිසිදු කරන ගමන්ය. ඌව වෙල්ලස්සේ කැළෑබදට වෙන්න ඇති මේ ගම් මණ්ඩියට තියෙන එකම පන්සල මේකය. ලොකු හාමුදුරුවන්ම ඇබිත්ත කොලුවාට කියා ඇති විදිහට මේ ආරාමය ශත වර්ෂ ගණනාවක් පැරණිය. දුටුගැමුණු රජ්ජුරුවන්ගේ කාලයේ තිස්ස කුමරා මේ අඩවියට සැපත් වූ අවධියේ මේ ආරාමය පිළිසකර කරනට ඇති බවය, මුඛ පරම්පරාගතව පැමිණි විශ්වාසය වුණේ. ඒත් උන්වහන්සේ මීට දශක හතර පහකට ඉස්සර මෙහාට වඩින විට මෙතැන තිබුණේ පන්සලක් නොවේ. ගරා වැටුණු වරිච්චි බිත්ති කීපයක් සහ ගල් කණු කීපයක් පමණි.
-
මාවතේ ගීතය Mawathe geethaya
Original price was: Rs. 1,300.00.Rs. 1,040.00Current price is: Rs. 1,040.00.මාවතේ ගීතය බටහිර බෙංගාලයේ පිටිසර ගමක ජීවත් වූ දිළිඳු බ්‍රාහ්මණයෙකු වූ හරි හරගේ චරිතය ඔහුගේ දරු දෙදෙනාගේ චරිත – බිරිඳගේ හා ඥාති සොයුරියගේ චරිත – මේ නවකතාවෙන් නිරූපණය කර ඇත්තේ අසාමාන්‍ය ප්‍රතිභා ශක්තියක් විදහා දක්වමිනි. සත්‍යජිත් රායිගේ සිනමා කෘතියක් ලෙස රසිකයින්ගේ අවධානය දිනාගත් “පොටොප් පංචාලි” මේ නවකථාව ඇසුරින් නිර්මිතය.
-
මැකී ගිය දඩමං Maki giya dadaman
Original price was: Rs. 1,380.00.Rs. 1,242.00Current price is: Rs. 1,242.00.1902 වර්ෂයෙහි මෙම ලංකාද්වීපයෙහි ගල් ගෙවල ජීවත් වුණු පාරම්පරික වැද්දෝ සිටියහ. ලංකාවේ ආදිම මනුෂ්‍යයන්ගෙන් ඉතිරිව සිටි පවුල් භයකට වැඩි නොවන මේ වැද්දෝ නීලා නම් වැදි රාළගේ ආරක්ෂාව හා ආඥාව ද යටතේ විසුවෝ ය. වන දඩයමින් ජිවත් වූ මේ වැද්දෝ ගොවිතැන් කිරීම තබා ඒ පිළිබඳ ආදී ම දළ ක්‍රමය වූ වන බද ගම්වල මිනිසුන් කරන හේන් වැපිරීම පවා යම්තමින් වත් නොදැන සිටියෝ ය. එසේ ම ගම්වැද්දන් යම්තමින් අටවා ගන්නා ගස්පොතුවලින් ආවරණය කෙරෙන ගෙපැලක් තනා ගැනීමට හෝ මොවුහු නොදැන සිටියෝය. මොවුහු දඩයම සඳහා තැනින් තැන ඇවිදිමින් ජීවත් වන්නෝ වූහ. ඔවුන්ගේ ආහාර වනයෙන් ම සොයා ගත්තක් විය. ඔවුන්ගේ ආයුධ වූයේ ඊතල හා දුන්නත්, හදිසි අනතුරකදී අතට ගැනීමට කරේ ගන්නාගෙන හෝ ඉණේ රුවාගෙන යන කුඩා පොරවත් ය. ඔවුන්ගේ ඇඳුම තට්ටම වසා ගැනීමටත් ප්‍රමාණවත් නොවන ඉණේ ඔතාගත් රෙදි කඩක් හා අඹුද්ධයක් ද පමණි. විටට විකීමට ගන්නා දෙමට, ගල් කැරු වැනි පොතු හා හුණු දුම්කොළ දමා ඇති වඳුරු සමින් කළ බුලත්මල්ල ඉණකඩ අතරේ රුවා දවටාගත් මෙවැනි මිනිස්සු තිදෙනෙක් ඔවුන්ගේ බල්ලන් ද කැටුව ඔවුන් කියන හැටියට රඳන්ට දඩයමේ නික්මුණෝ ය. ඔවුහු එදාම ආපසු එද්ද, දෙතුන් දිනක් වනයේ රඳත් ද යනු තීරණය වන්නේ ලැබෙන දඩයම් අනුවය.
-
මිදි ඔය අසබඩ – Midi oya asabada
Original price was: Rs. 1,120.00.Rs. 880.00Current price is: Rs. 880.00.යළිත් ආවරණය කළ ගැලේ නැඟී මෙවර ඔවුන් පිටත්ව යන්නේ මිනෙසොටාවටයි. එහිදී ඔවුහු සොඳුරු මිදි ඔය අසබඩ කණ්ඩියක් යට පිහිටි කුඩා නිවසක පදිංචි වෙති. වැඩි කල් යන්නට පෙර අප්පච්චි වීදුරු ජනේල සහ අසව් වලින් සවි කළ දොරක් ඇති අපුරු නිවසක් සාදයි. පාසල් යන්නට පටන් ගන්නා ලෝරා සහ ඇගේ සහෝදරය මේරි ගෙදර දොරේ වැඩපළට උදව් වෙති, ඔයේ මසුන් අල්ලති. පළගැටි උවදුරක සහ භයංකාර කුණාටුවක ස්වරූපයෙන් අවාසනාව ඔවුන් හඹා එන නමුත් ඔවුහු එකට එකතුව ඒ සියලු ප්‍රශ්න ඉදිරියේ නොසැලී නැගී සිටිති. මේ, පරම්පරා ගණනාවක් පුරා ලොව දසත මිලියන ගණන් ලොකු කුඩා පාඨකයින්ගේ ඉමහත් ආදරයට පාත්‍ර වූ ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් විසින් ලියන ලද කොටස් නවයකින් යුතු සම්භාව්‍ය ලිට්ල් හවුස් කතා මාලාවේ හතර වැන්නයි.

























