-
ජීවිතය වෙනස් කරන කතා 3 – jiwithaya wenas karana katha 3
Original price was: Rs. 800.00.Rs. 640.00Current price is: Rs. 640.00.ඔහු ජීවිතය ගත කළේ හරිම සරලව, දෙවන ලෝක යුද්ධ සහ ජන මාධ්‍යවේදියෙකු ලෙස සේවය කළත්, තමන්ගේ වෘත්තීය තුළ සැලකිය යුතු යමක් කරන්න ඔහුට බැරි වුණා සියන හැඟීම නම් ඔහුගේ මනසේ විටින් විට සක්මන් කළා. තමාට ජන මාධ්‍යවේදියෙකු ලෙස ජනප්‍රිය වෙන්න බැරි වුණා, මිනිසුන්ගේ ජීවිත වෙනස් කරන සමත් ලියන්න හැරී වුණා කියන දුක ඔහුගේ හිතේ නැංගුරම් දාලා තිබුණා. “පරණ පත්තරකාරයෙක්දැ ඒත් මම නම් මය මනුස්සයාගේ නම කවදාවත් පත්තරේක දැකලා නැහැ. ඒත් ඉතිං හොඳ මිනිහා. කාටවත් කරදරයක් නැහැ. ඔහු ගැන දන්න කියන වටේ අය ඔහු ගැන කෙටියෙන්ම කියන්නේ ඔන්න ඔහොම දේවල් මෙන්න දවසක් මේ අප්‍රසිද්ධ පරණ පත්තරකාරයාට එංගලන්තයේ තිබෙන ප්‍රසිද්ධ රූපවාහිනි නාළිකාවකින් දුරකථන ඇමතුමක් ලැබෙනවා. සැබැවින්ම එය පුදුමයි. ජනප්‍රිය රූපවාහිනි වැඩසටහනකට ඔහුට ආරාධනාවක්. රූපවාහිනි නාළිකාවකින් වැඩසටහනකට ඔහුට ආරාධනා කළ ප්‍රථම අවස්ථාව. දැන් ඔහුගේ වයස අවුරුදු අසූවයි. ඉතිං ඔහු එම වැඩසටහනට ගියා. ඇත්තටම ඒක ඔහු හිතුවාට වඩා විශාල සහ ජනප්‍රිය වැඩසටහනක්. ඒත් මට ඇයි කතා කළේ? ඔහු නිහඬව ප්‍රශ්න කළා. විශිෂ්ට ලේඛකයන්, ජනප්‍රිය නළුනිළියන්, ප්‍රවීණ විද්වතුන් මීට කලින් සහභාගි වෙලා තිබුණ ඒ දැවැන්ත වැඩසටහනට මෙයාට කතා කළේ ඇයි කියන දේ එයාගේ බිරිඳටත් ප්‍රශ්නයක්.
-
ජීවිතය වෙනස් කරන කතා 4 – Jiwithaya wenas karana katha 4
Original price was: Rs. 800.00.Rs. 640.00Current price is: Rs. 640.00.මේ ලෝකය පිරිලා තියෙන්නේ අපුරු කතාන්දර වලින් විටෙක ලෝකය වෙනස් කරන්නත්, තවත් විටෙක ලෝකය විනාශ කරන්නත්. ඒ වගේම විනාශ වුණ ලෝකය නැවත හදන්නත් මානව ඉතිහාසය තුළ කතාන්දර ලොකු මෙහෙයක් සිදු කළා. එය ඉදිරියටත් එලෙසම සිදු කරයි. සමහර තතාන්දර පසුකාලීනව මහා සංස්කෘති බවටත් පත් වුණා. තවත් සමහර නතාන්දර ආගම් බවටත් පත් වුණා. සංස්කෘති සහ ආගම් බවට පත් වුණ කතාන්දර ඒ විදියටම රැක ගන්න මිනිසුන් දිවි හිමියෙන් යුද්ධ කරපු අවස්ථාද ලෝක ඉතිහාසයේ එමටයි. මේ සියලු දේවල් දිහා සන්සුන් මනසින් බලද්දී අපව ජීවත් කරවන්න සියවස් ගණනාවක් තිස්සේ කතාන්දර කොයි තරම් බලපෑමක් කරලා තියෙනවාද යන්න ඔබට වැටහේවි. කතාන්දරයක් කියා ගන්න භාෂාවක් දන්නේ නැති කාලේ පවා මිනිස්සු ගස් ගල්වල කුරුටු බලි අඳිමින් මොකක්දෝ කතාන්දරයක් කියන්න උත්සාහ කළා. සැබැවින්ම මිනිසා කියන්නේ කතාන්දර කියන්න සහ කතාන්දර අහන්න කැමැති සත්ත්වයෙකු (Storytelling Animal). තවත් අයුරකින් කියනවා නම්. අපි නමයි ලෝකයේ කතාන්දර හදන සහ කතාන්දර අහන එකම ජීවියාත්. මම දන්නේ නැහැ අනෙක් සත්ත්වයන් ඔවුන්ගේම භාෂාවකින් කතාන්දර කියනවාද කියලා. කොහොම වුණත් කතාන්දර නම් කවදාවත් පරණ වෙන්නේ නැහැ. ඉතින් අන්න එහෙම පරණ නොවන කතාන්දර වලින් ජීවිතය වෙනස් කරන්න ඉදිරි පිටු වෙන් වෙනවා. ඔබ අහන, දකින සහ අත්විඳින සෑම කතාන්දරයකම කියන සහ පෙනෙන මතුපිට කතාන්දරයට වඩා නොකියන විශාල කතාන්දරයක් තියෙනවා. සැබැවින්ම කියන කතාන්දරයට වඩා නොකියන විශාල කතාන්දර සහිත කතා විශිෂ්ටයි.
-
ටාර්සන් සහ ඔපාරයේ මැනික් – tarzen saha oparayee manik
Original price was: Rs. 900.00.Rs. 810.00Current price is: Rs. 810.00.ටාර්සන් වන මධ්‍යයෙහි අමතක වී ගිය හටබුන් නගරයක් වන ඔපාරයට මහා ධන නිධානයක් සොයා ගෙන යයි. එහි දී ඔපාරියානු වැසියන්ට අසු වන ටාර්සන්, සුර්ය දේවතාවාට බිලි දෙනු පිණිස, දැත් දෙපා බඳිනු ලැබ, බිලි තර්ම අල්තාරය මත නොවනු ලබයි. ඔපාරයේ ප්‍රධාන පූජකවරිය වන ලා. ටාර්සන්ට ආලය කරන්නී, ඔහු මරමි ද තො මරම් ද යන දෙගිඩියාවෙන් පසු වෙයි. මේ අතරතුර දී වාර්සන් ගේ බිරිඳ වන ජේන් ක්ලේටන් වහල් වෙළෙන්දන් වන තුර අරාබි ආක්‍රමණිකයන් පිරිසක් විසින් පැහැර ගනු ලබයි. ඔපාරයේ දී හිසට වැදුණ බලවත් පහරකින් අතීතය පිළිබඳ සියල්ල අමතක වී සිටින ටාර්සන්ට සිය බිරිඳ පිළිබඳ ව කිසි ම දෙයක් මතකයට නොඑයි. විවිධ ත්‍රාස ජනක සිද්ධි වලට හා අතුරු අත්තරා වලට මුහුණ පාන ටාර්සන්. අවසානයේ දී කෙසේ හෝ පියවි සිහිය ලබයි. එවිට වන මෘගයන් පිරිවරා ගෙන සටනට යන ටාර්සන්, ඔවුන්ගෙන් බියකරු අන්දමින් පළි ගනිමින්, ඔවුන් සමූල ඝාතනය කොට, සිය බිරිඳ වන ජේන් ක්ලේටන් බේරා ගනියි.
-
තැනිතලාවේ පිහිටි කුඩා නගරය – Theni thalawe pihiti kuda nagaraya
Original price was: Rs. 1,450.00.Rs. 1,160.00Current price is: Rs. 1,160.00.LITTLE TOWN ON THE PRAIRIE , තැනිතලාවේ පිහිටි කුඩා නගරය , මුහුණ දුන් කුඩා ජනපදය දැන් ක්‍රමයෙන් දියුණු වන නගරයක් බවට පත් වෙමින් තිබේ. ජීවිතය උදෙසීමත් සිදුවීම් වලින් පිරෙන්නට පටන් ගන්නා අතර, වයසින් වැඩෙන ලෝරා ඇගේ පළමුවැනි සැදැ සාදයට සහභාහි වෙයි. මේරට අන්තිමේ දී අන්ධ විද්‍යාලයට යන්නට අවස්ථාව උදාවෙයි. ලෝරා සමග දේවස්ථානයේ සිට නිවසට ඇවිද යාම සඳහා අල්මන්සෝ වයිල්ඩර් ඇගෙන් අවසර ඉල්ලා සිටියි. දැන් දහසය හැවිරිදි යුවතියක වන ලෝරාට ගුරු පත්වීමක් ලැබෙයි. මේ, පරම්පරා ගණනාවක් පුරා ලොව දසත මිලියන ගණන් ලොකු කුඩා පාඨකයින්ගේ ඉමහත් ආදරයට පොතු වූ ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් විසින් ලියන ලද කොටස් නවයකින් යුතු සම්භාව්‍ය ලිට්ල් හවුස් කතා මාලාවේ හත් වැන්නයි.
-
තැනිතලාවේ පිහිටි කුඩා නිවස – Thenithalawe pihiti kuda niwasa
Original price was: Rs. 1,200.00.Rs. 960.00Current price is: Rs. 960.00.මහ වනයෙන් පිටවී කැන්සස් බලා යන ලෝරා ඉන්ගල්ස්ට සහ ඇගේ පවුලට තවත් අලුත්, ත්‍රාසජනක අත්දැකීම් වලට මුහුණ දෙන්නට සිදුවෙයි. තැනිතලාවේ ඔවුන්ගේ කුඩා නිවස ඉදිකිරීම සඳහා හොඳම තැනක් සම්බ වන තුරු ඔවුහු දින ගණනාවක් පුරා ආවරණය කළ ගැලේ නැඟී ගමන් කරති. වැඩි කල් නොගොසින් ඔවුන්ගේ ජීවිත වගා කරමින්, සී සාමින්, වල් තාරාවුන් සහ කළු කුමන් දඩයම් කරමින්, එළදෙනුන්ට කෑම සඳහා තණ කොළ එක් රැස් කරමින් කාර්ය බහුල වෙයි. ඇතැම් වේලාවට ජීවිතය දුෂ්කර වුවද ලෝරාත්, අප්පච්චිත්, අම්මාත්, මේරි සහ කේත් ඔවුන්ගේ කුඩා නිවසේ ප්‍රීතිමත් කාලයක් ගත කරති. මේ, පරම්පරා ගණනාවක් පුරා ලොව දසත මිලියන ගණන් ලොකු කුඩා පාඨකයින්ගේ ඉමහත් ආදරයට පාත්‍ර වූ ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් විසින් ලියන ලද කොටස් නවයකින් යුතු සම්භාව්‍ය ලිට්ල් හවුස් කතා මාලාවේ දෙවැන්නයි.
-
තේ තවම උනුසුම් – Tea tawama unusum
Original price was: Rs. 1,600.00.Rs. 1,280.00Current price is: Rs. 1,280.00.භාර දේශයේ දකුණු කෙළවර පිහිටි තමිල්නාඩු ප්‍රාන්තයේ එක් කුඩා ගමක්, දීර්ඝ කාලීන නියඟයෙන් පීඩා විඳිමින්, වියළී ගිය ළපටි ගොයමින් ඊළඟ කන්නයේ වැපිරෙන බිත්තර වියට කාබනික පොහොරක් තැනීමේ නිරතව සිටියාය. ඉබාගාතේ යන දෙන්නු ඒ පිදුරු ලෑටිගාමින්, ගිනිගත් හිරු දෙසට හිස ඔසවා වැසි බිඳක් අයැද සිටියෝය. උසස් යයි සම්මත කුලයක උපදින්නට වාසනාව නොලද ඒ ජනතාව, තමන්ට යයි කියාගන්නා බිම් අඟලක අයිතියක් නොමැතිව, ඉඩම් හිමියාට බදු ගෙවමින්, දුකම අනුභව කරමින් අපාගත ජිවිත ගත කළෝය. කුඹුරු පුරන්ව ගොස්ය. ඒ දෙසින් ඇදී එන ගිනි සුළඟ සෙල්වරාජිනීගේ සියොළඟ රත් කරමින් කැරකෙන්නට විය. ඒ සුළඟට හසුව ඉහළ නගිමින් සුළි කැරකෙන ගිනිගත් දුවිල්ල ඇගේ කන්, නාසා පසාරු කරගෙන මොළය තෙක් දිවෙයි. හිස වැසෙන සේ සාරි පොට සකස් කරගත් ඇය නැගිට ගොමරිටි එකිනෙක ඉස්තෝප්පුවට විසිකරන්නට වුණාය. විසි වී යන ඒ හැම ගොම රිටකම මතු වී, දියාරු වී යන මුහුණක රත් පැහැගත් දෑස ඇය වෙත ගිනි පිඹින්නේ, ඉඩෝරය, ගිනි හුළඟ, ගංවතුර හා තමා සිවු නිවුන් සොහොයුරන්ය යන පණිවුඩය සෙල්විට සිහිකර දෙමින්ය. සෙල්විලා පාගාගෙන, උන් සූරා කමින්, සුන්නද්දූලි කිරීම තම එකම ප්‍රාර්ථනය කරගත් අසත් පුරුෂයෙකි ඔහු. ඔහු නමින් ඉලයරාජ්ය. උපතින් බ්‍රාහ්මණය. ඉඩම් හිමිකරුය.













