-
මෙලඩි – Melody
Original price was: Rs. 1,200.00.Rs. 960.00Current price is: Rs. 960.00.සිහළ සුළඟක් හමා ගියේය. ඔව්. ඒ දෙසැම්බර් මාසයේ තවත් එක් සීතල දවසකි. නමුත් වෙනදාට නැති උණුසුමකින් එය පිරි තිබුණේ නිමාවීමට යන වසරට ආශිර්වාද කිරීමට විය යුතුය. මේ මොහොතේ නගරයේ උණුසුම වැඩිම ස්ථානය වූයේ ශ්‍රවණාගාරයයි. එයට හේතුව වූයේ වසරේ දැවැන්තම ප්‍රසංගය ඇරඹීමට ඇත්තේ තවත් හෝරා කිහිපයක් පමණක් වීමයි. බොහෝ දෙනෙක් වසරක් පුරා බලා සිටියේ මේ වෙනුවෙය. නිවැරදිවම කිවහොත් වසර ගණනාවක්ම කුඩා දැරියන් දෙදෙනෙක්ද ඒ වෙනුවෙන් සැදී පැහැදි බලා සිටියේ ශ්‍රවණාගාරයේ සුවිසල් දොර කොයි මොහොතේ විවර කරයිද කියා ඇඟිලි ගනිමිනි. නමුත් තම ප්‍රවේශ පත්‍ර වල විශාල අකුරින් මුද්‍රණය කර තිබූ සරල අකුරු කිහිපය ඔවුන්ට සැබෑම අභිරහසක් විය. ” ඇයි මේකට මෙලඩ් කියලා නම දාල තියෙන්නේ?” එක් වරම සොෆී තම මිතුරියගෙන් ඇසුවාය. නමුත් ඇයට සාර්ථක පිළිතුරක් ලැබුණේ නැත. ඇගේ යෙහෙළිය දෙවුර සැලුවේ ඇයට ද ඒ පිළිබඳව හරි අවබෝධයක් නොමැති බව පැවසීමටයි. ඔවුන් මේ පැමිණ සිටියේ වසරේ දැවැන්තම වාද්‍ය ප්‍රසංගය නැරඹීම සඳහා බව පැවසීමට අටුවා ටීකා අවශ්‍ය නැත. හුදෙක්ම මෙය වසරේ දැවැන්තම ප්‍රසංගය පමණක් නොව ජනප්‍රියම ප්‍රසංග යද විය. සුප්‍රකට සංගීතඥයෙකුගේ සංගීත ජීවිතයේ දශකයේ කඩ ඉම සනිටුහන් කිරීම උදෙසා පවත්වනු ලබන මෙය ඉතා දුර්ලභ ප්‍රසංගයක් වූ නිසාමදෝ ටිකට් පත් විකිණී අවසන් වූයේ මීට මාස ගණනකටම පෙරාතුවයි. ඒ තරමටම සුවිශේෂී වූ මෙම ප්‍රසංගයට මෙලඹී වැනි සරල නාමයක් ලබා දීම තරමක් පැටලිලි සහගතය. අවුරුදු දාහතරක සොෆිට හා ඊවිට නම් එය කොහෙත්ම තේරුම් ගත නොහැකි විය.
-
මේ මිහිරැති සොඳුරු සමය – Me mihirathi sonduru samaya
Original price was: Rs. 1,300.00.Rs. 1,040.00Current price is: Rs. 1,040.00.කුඩා නගරයේ ජීවත් වන පහළොස් හැවිරිදි ලෝරා ඉන්ගල්ස් ඇගේ ජීවිතයේ පළමු වැනි වතාවට නිවසින් පිට වී තනිවම ජීවත් වන්නට යයි. ඈ දැන් උගන්වන්නේ නිවසට සැතපුම් දොළහක් ඈතින් පිහිටි කුඩා පාසලකය. අප්පච්චිත්, අම්මාත්, කෙතේ නැතිව ඈට දැඩි පාළුවක් දැනෙන නමුත්, තමාගේ වැටුප අන්ධ විද්‍යාලයේ ඉගෙන ගන්නා මේරිගේ අධ්‍යාපන කටයුතු වලට මුදල් ගෙවීමට උදව්වක් වන බව දන්නා නිසාවෙන් ඇය සිත දිරීමත් කරගෙන රැකියාව කරයි. ඈත්, අල්මන්සෝ වයිල්ඩර්ස් අතර පවතින මිතුරුදම ක්‍රමයෙන් වැඩි වර්ධනය වී ඔවුන් දෙදෙනා පෙම්වතුන් බවට පත් වෙති. මේ, පරම්පරා ගණනාවක් පුරා ලොව දසත මිලියන ගණන් ලොකු කුඩා පාඨකයින්ගේ ඉමහත් ආදරයට පාත්‍ර වූ ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් විසින් ලියන ලද සම්භාව්‍ය ලිට්ල් හවුස් කතා මාලාවේ අටවැන්නයි.
-
යකඩ සිල්පර – Yakada silpara
Original price was: Rs. 900.00.Rs. 720.00Current price is: Rs. 720.00.පඬු පැහැ එළිය විහිදවමින් දිලිසෙයි. මහ මුකළානේ පලු,වීර,කෝන්, මොර, මී කොහොඹ කුඹුක් ගස් යෝධයින්ගේ අතු පතරට යටාවතින් වූ අඳුර පලවා හැරීමට හීන් අඩ සඳ පළුවට නොහැකිය. ගස් ගොම්මනේ වූ අඳුර අතර කුඩා දිය ඇල්ලක් වගේ සැරිසරනා කණාමැදිරියන් රෑන දෙස රුත් ඇලීසියා විලියම්සන් බලා සිටියාය. ඇය සිටියේ නවතා ඇති දුම්රිය මැදිරියකය. රැයින් අඩකටත් වඩා නිදිවරා සිටිය ද ඇගේ දැස් වලට අල්ප මාත්‍රයක හෝ නිදිබරක් නොදැනිණ. ඊට හේතුව තම ස්වාමි පුරුෂයා වූ ඩන්ස්ටන් මුලර්ගේ දිනපොතේ ලියා තිබූ කැලෑ මිනිසා පිළිබඳ වූ කුතුහලයයි. දසතින් දෝංකාර දෙන රෑහි හඬ ඉඳ හිට නැඟෙන කිරළුන්ගේ කැරැව්වෙන් මඳකට යටපත් වෙයි. තරමක් ඈතින් බකමුණු යුවළකගේ හීන් බුම්මන් හඬ ඇසෙයි. රූත් තමාගේ හිස වටා කැරකෙමින් සිටි මදුරුවන් කීපදෙනෙකු අතවනා පන්නා දැමුවාය. එහෙත්, මදුරුවන් මඳ වේලාවකින් යළිත් පැමිණ අමිහිරි හඬ නඟමින් ඇගේ හිස වටා කරකැවෙන්නට වූයෙන් ඇය දුම්රිය කවුළුවේ වීදුරු ජනේලය පහත් කර දැමුවාය. ඒ විසිවන සියවසේ මුලයි. ඒ අවධියේ ගමන් බිමන් යාම කළේ තිරික්ක වලින් වන අතර බඩු ගෙන ගියේ අඹරා කරත්ත වලිනි.
-
යකාගෙ ඉස්කෝලෙ – Yakage iskole
Original price was: Rs. 800.00.Rs. 720.00Current price is: Rs. 720.00.සමාජය විෂමය. කුරීරුය. එහි ගොදුරු බවට පත්වන්නේ වැඩිහිටියන් පමණක්ම නොවේ. වැඩිහිටියන් විසින් නිර්මාණය කරන ලද විෂම සමාජ පරිසරය තුළ දරුවන්ගේ විසිතුරු ලොවද පීඩාවට පත් වේ. සඳළි, ක්‍රිෂ්ණ, නියාස් යනු එකී වව්‍යසනය හමුවේ පීඩාවට පත් ළමුන් තිදෙනෙකි. සියල් බාධක කම්කටොලු මැද අධ්‍යාපනය ලබන අතරම. සමාජයට පිළිලයක් වූ දරුණු අපරාධකරුවන් නීතියේ රැහැනට හසු කර දීමටද ඔවුහු අරගල කරති. ඒ සෑම උත්සාහයක්ම බිහිසුණුය. ත්‍රාසජනකය. පාඨකයා තිගැස්මට ලක් කරන සුලුය. මේ ඔවුන්ගේ විරත්වයෙන්ද, උදෙත්ගයෙන්ද සුසැදි අපූර්ව කතාවයි.
-
යුවතියකගේ ප්‍රේමයක – Yuwathiyakage premaya
Original price was: Rs. 600.00.Rs. 540.00Current price is: Rs. 540.00.වේලාව මධ්‍යම රාත්‍රී දොළහ පහුවෙන්න ඔන්න මෙත්ත කියලා. වෙනදා නම් දවස තිස්සෙම එක එක කන් කරවල්වලින් පිරිලා තියන නගරෙන් ඒ ඝෝෂාව ටිකක් තුනී වෙන වේලාව. ඒත් එදා ඒකට විවේක ගන්න ඉඩකඩක් තිබුණේ නැහැ. ඒ නිදහස් සමරු ප්‍රදර්ශන කුටි නරඹන්න දස දෙසින් ඇදී ආව යාන වාහන වලින් මිනිසුන්ගෙන් නගරේ පිරි තිබුණ හන්දා. නගරේ විතරක් නෙමේ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පලෙක් එදා තිබුණේ කාලෙකින් දකින්න නොලැඛෙන තරමේ ජනාකීර්ණ බවක්. මගී ජනයා එහාට යනවා මෙහාට යනවා ඉවරයක් නැහැ. යාන වාහන ඇති උදවිය ඒවයේ නැගලා අනිත් අයට පේන්ඩ බොහොම උජාරුවට ” රුස්” ගාලා ඉගිල්ලිලා ගියත් යාන්තම් එදාවේල පිරිමහගන්න සාමාන්‍ය ජනයාට ජනතා සන්තකේ පිහිට ඇර වෙන පිහිටක් තිබුණේ නැහැ. වැඩි දෙනෙක් දුර බැහැර ඉඳලා ඇවිත් තිබුණේ අතේ මිටේ යහමින් කාසි පනම් තිබුණ හන්දා නෙමේ. දරු මල්ලන්ගේ කන් කරවිට්ටලෙන් බේරෙන්න බැරිම හන්දයි. නගරේ තියෙන අනේකවත් අරුමෝසම් බඩු දැකලා ඒවා තමන් සන්තක කරාගන්න ළමා ළපටි වුන් කරපු කන් කෙදිරි ගැමි ඇහෙන නැහෙන ගානට වැඩිහිටියෝ හිටියේ එවුන්ට තිබුණ අනාදරය නිසා නම් නෙමේ.
-
රන්ගිරි අරණ – Rangiri Arana
Original price was: Rs. 750.00.Rs. 675.00Current price is: Rs. 675.00.කඩොලාන පඳුරු අතරේ සැඟව නද දෙන විහඟ රංවුන්ගේ හඬ හා මුසුව නැගෙන වෙරළේ හැපී බිෂන රළ පතර නඟන ප්‍රචණ්ඩ රටාව චාලිට ඇසේ. විටින් විට උස් පහත් වන දල රළ පෙළ නගන හඬ වෙනස් වෙමින් ඇදී එන ජලධාරාව කඩොලාන ගස්වල මුල් සිසාරා පොළොව සිප ගන්නේ තරමක ආදරයෙනි. එහෙත් මොහොතකින් ගොඩ බිම පසාරු කරගෙන කඩා වදින රළ පහර නිමේෂයකින් තරමක් සන්සුන්ව යළිත් සයුර දෙසට ඇදී යයි තද කොළ පැහ ගැන්වුණු කඩොලාන තුරු රටා අතරින් ගමන් කිරීමේ දී සිතට ලැබෙන්නේ අප්‍රමාණ වූ ප්‍රබෝධයකි: සතුටකි. කරදිය හා මඩදියර මුසු වි අවපැහැ ගැන්වුණු ජලය තුළින් නාසයට දැනෙන දුර්ගන්ධය මහත් අපුලකි.
-
රහස් දූතයා – Rahas duthaya
Original price was: Rs. 560.00.Rs. 504.00Current price is: Rs. 504.00.බිහිසුණු යෝජනාවක් හිඳ සිටි තැනින් නැගිටගත් ඇල්ගර්නන් ලේසි අලස ලෙස දැත කලිසම් සාක්කු තුළ රුවාගෙන ගිනි උදුනට පිටු පා සිට ගත්තේ ය. ඉක්බිති විඩාපත් මුහුණින් යුතු ව තරමක් ඈතින් හිඳ සිටි ජින්ජර් වෙත දැඩි බැල්මක් හෙළමින් ” මේ මිනිහ කොහේ ගිහින්ද? ” යි නුරුස්නා ස්වරයෙන් විචාළේ ය. ” ඔය ප්‍රශ්න ආයෙත් ඇහුවොත් අතට හසුවුණු දේකින් තමුසෙගෙ මූණට දමලා ගහනවා” යි ජින් ජර් කෝපයෙන් ගුගුළේ ය. ”මම කොහොමද ඒක දන්නෙ?” ” දවල් කෑමට එන්ට මිනිහ පොරොන්දු වුණා නොවැ. ” අර අළුත් චිත්‍රපටිය බලන්ට යන්ට එනවා ය කියලා මටත් සහතික වුණා. දැන් තුනත් පහුවෙලා. බැරි පොරොන්දු දෙන හාදයෙක් නොවෙයි ඔය බිගල්ස්. මොකකට හරි මැදි වෙන්ට ඇති.
-
රාවණ් ලියෝ – Ravan Leo
Original price was: Rs. 1,100.00.Rs. 990.00Current price is: Rs. 990.00.“රාවණ්” ප්‍රධානියාගේ තියුණු දෑස් එක එල්ලේම නවකයා වෙත එල්ල විය. ඒ හඬ ගොරෝසුය. බැල්ම නවකයාගේ සර්වාංගයම විනිවිද යන්නක් විය. ඔහු තත්පර කිහිපයක් තම ආධුනිකයාව අධ්‍යයනය කරමින් සිටියේය. ” තමුන්ගේ නම් රාවණ්. එහෙමද ? තමා ඉදිරියේ සිටින නවකයාගේ පෞද්ගලික ලිපි ගොනුවේ කවරය දෙස බලමින් ප්‍රධානියා නැවතත් විමසුවේය. රාවණ් ලියෝ.” නවකයා පිළිතුරු දුන්නේය. “උපන් ගම.. ? ” “ලග්ගල, සර්.” ලග්ගල. ප්‍රධානියා ප්‍රතිරාවය කළේය. එම හඬෙහි සියුම් උපහාසයක් ගැබ් වී තිබිණි. “ලංකාගල, ලක්ගල, යක්ගල, එහෙමත් නැත්නම් ලක්පුර, ලංකාපුර, යක්පුර…” ඔහුගේ වචන හිස් අවකාශයේ දෝංකාර දුන්නේය.
-
රිදී විල් තෙර – BY THE SHORES OF SILVER LAKE-Ridi wil thera
Original price was: Rs. 1,150.00.Rs. 920.00Current price is: Rs. 920.00.මිදි ඔය අසබඩ කුඩා නිවස අතහැර දමා මනුෂ්‍ය වාසයෙන් තොර ඩ කෝටා ප්‍රදේශයේ පදිංචි වන්නට යන ලෝරා ඉන්ගල්ස් සහ ඇගේ පවුලේ අයට තවත් අභියෝගාත්මක ජීවන රටාවකට හුරු වන්නට සිදුවෙයි. ඔවුන්ගේ නව නිවස ඉදිකිරීම් සඳහා කදිම ඉඩමක් තමාටම කියා අයිති කරගන්නට ලැබෙන තුරු අප්පච්චි දුම්රිය මාර්ගයේ වැඩ කරයි. අප්පච්චි, අම්මා, මේර් සහ කෙරේ සමඟ රිදී විල් තෙරේ ජීවත් වන්නට එන ලෝරා පළමු වතාවට දුම්රියක ගමන් කිරීමේ අත්දැකීමට මුහුණ දෙයි. මිනින්දෝරු නිවාසයේ ගත කළ පාළු සීත කාලයකින් පසුව, අප්පච්චි ශෝභන රිදී විල ඉවුරේ ඉක්මනින්ම ඉදෙවනු ඇති අලුත්ම අලුත් නගරයක පළමු වැනි ගොඩනැගිල්ල කදයි. ඉන්ගල්ස් පවුල ආවරණය කළ ගැලේ නැගී කළ සංචාරයන් අන්තිමේදී අවසන් වෙයි.
































