පියෙද්රා ගඟබඩ හිඳ මම වැලපුණෙමි. මේ ගංදියට පතිත වන – තුරුපත්, කුරා කුහුඹුන්,කුරුලු පිහාටු – ඈ සියල්ලක්ම ගංපත්ල සුසැදි පාෂාණ බවටම පත්වන්නේ යැයි පුරා වෘත්තයක් වෙයි. මගේ හදවත මුලිනුදුරා මේ දිය වැලට වීසි කර දමන්නට මට හැකි වී නම්, එවිට මගේ වේදනාවන් සහ අධිකතර ලාලසාවන් නිමා වී අවසානයේදී සියල්ල අමතක කර දමන්නට මට හැකි වේවි.
පියෙද්රා ගඟබඩ හිඳ මම වැලපුණෙමි. සිසිර සුළඟින් සීත මා කොපුල්තල මත වූ කඳුළු බිඳු මා අතැර යන දියවරට පතිත වේ. කොහේදී හෝ මේ ගඟ තවෙකක් හා එක් වී, ඉනිදු නොනැවතී මගේ හදවතින් සහ පේන මානයෙන් එපිට ඉසව්වකදී මුහුද හා මුසු වේ. යම් දිනෙක මා, මගේ පෙම්වතා වෙනුවෙන් හැඬු බව කිසි දිනෙක ඔහුට නොදැනෙන තරම් දුරකට මගේ කඳුළු බිඳු බොහෝ ඈතක ඇදී යාදෙන්. පියෙද්රා ගඟත්, ආශ්රමයත්, පිරනීස්හි දෙව් මැඳුරත්, මීදුම සහ අප එක්ව ඇවිද ගිය මංමාවත් සියල්ලත් මට අමතක කළ හැකි තරම් දුරකට මගේ කඳුළු බිඳු බොහෝ ඈතක ඇදී යාදෙන්.
Reviews
There are no reviews yet.