දඩ කෙළිය පිළිබඳව ආශාව ඉංගිරිසිකට ආවේනික වු දෙයකි. සතුන් පැන්නීමේ දී වුව ද, වෙඩි තැබීයම දී වුවද. අන් ජාතීන් ට වඩා ඔවුන් බොහෝ ඉදිරියෙන් සිටිත්. සත්තකින් මි. මේ වින්දනය කොතෙක් දැයි විදේශිකයනට අවබෝධ කර ගැනීමට නො හැක. නරි දඩයම පිළිබඳ බොහෝ විට අස අවඥාවට ලක්කරමින් ප්‍රකාශයන් කරනු ලබත්. මොනවාද මේ මෙමණ මිනිස්සු, මෙපමණ අස්වයින්, මෙපමණ විශාල සංඛ්‍යාවක් බල්ලන්, මුන් ගේ මස් කනවා? උඌ හොඳට මහතට ඉන්නවා? ” මේ සතුන් එළැවීම පිළිබඳ විදේශිකයකු ගේ හැඟීම යි. ඔවුන් දඩයම් කරන්නේ ආහාර සඳහා ය. ඉතාම සාධාරණ, උත්කෘෂ්ඨවත් ක්‍රීඩාවක් වශයෙන් මෙය කරන්නේ ඉංගිරිසින් පමණි. දඩ කෙළියේ දී හෝ වේවා, වෙඩි තැබීමේ දී හෝ වේවා, මාළු බෑමේ දී හෝ වේවා, සටන් කිරීමේ දී හෝ වේවා අප අනුගමනය කරන නීති රිති මගින් අප ජාතියේ ස්වභාවය ඉතා දර්ශනීය ලෙස පිළිබිඹු වේ. මේ සෑම විනෝදාස්වාදයක දී ම සාධාරණත්වය ට මුල් තැන දෙනු ලබ යි. ලැග සිටින හාවෙකුට වෙඩි තබන්නේ කවුරුන්ද ? ට්‍රවුට් මසුන් සිටින ඇළකට දැල් දමන්නේ කවුරුන්ද? මේ සියල්ල ම ප්‍රංශ ජාතිකයා කෙරුව ද හේ නරක මිනිසකු නොවේ. එය ඔහු ගේ ක්‍රමය යි. ඔහුගේ ආකල්පය වනු ඇත්තේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම යි. ඔහු සිතන්නේ ලැග සිටින හාවාට වෙඩි තබා මරා ගන්නේ නැති ව,ඌට පැන යන්නට හරින්නේ මොන මෝඩයා දැයි කියා ය. දැලක් දා ට්‍රවුට් මසුන් විශාල සංඛ්‍යාවක් ක් වර ම අල්ලා ගත් විට වැඩි වෙහෙසක් නොවී හොඳ හැටි සප්පායම් විය හැක. එමෙන් ම මිනිසකු වැටී සිටින විට ඔහුට පහර දීම, ඔහු සිතනවා ඇත්තේ වැටුණු විට පහර දී සතුරා පරාජය කිරීම ඔහුට නැවත නැඟී සිටීමට ඉඩ දී තමනට අභියෝගයක් කර ගන්නවාට වඩා ඥානාන්විත බව යි.
ලංකාවේ ගිනිඅවි සහ දඩයම් Gini avi saha dadayam
ප්‍රදේශය නොදුටු අයකුට ඒ ප්‍රදේශය පිළිබඳ මනා වැටහීමක් ඇතිවන ආකාරයට යම් කිසි කැලැබද ප්‍රදේශයක් විස්තර කිරීම දුෂ්කර ය. එහෙත් විදේශයක දඩ කෙළියේ නො යෙදුන, ඒ ප්‍රදේශය නොදුටු අයකුගේ සිත් ඇද ගන්නා ආකාරයට ඒ පිළිබඳ විස්තර කිරීමට නම්, ඒ ප්‍රදේශය පිළිබඳ මනා පැහැදිලි විස්තරයක් කළ යුතු ම ය. මෙ වන් දඩ කෙළි සිදු කරන ලද භුමි භාගය පිළිබඳ මනා විස්තර කිරීමක් නො මැති කම නිසා ම මෙ වන් ක්‍රීඩාවන් හි පසුව යෙදෙන්නන් අපහසුතාවට පත් කෙරේ. පිටු විස්සක් එක දිගට ඔබට කියවාගෙන යන හැකි ය. ඉන් පසු ඒ විස්තර වල දැනෙන ඒකාකාරි ස්වභාවය නිසා ම, ඔබට හැඟී යනු යේ මේ විස්තර තුළ ඇත්තේ හුදෙක් සතුන් හරහට දිගට ඝාතනය කරගෙන යෑමක් බව පමණි. එයට නිසි වාතාවරණය නො සැල සේ නම් හුදෙක් සතකු ඝාතනය කිරීම දඩ කෙළියක්, එසේත් නැතිනම් ක්‍රීඩාවක් බවට පත් වන්නේ නැත. මේ හැඟීම සත්ත්ව ඝාතකයකු ගේ සිත තුළ ඇති වන්නේ නැත. හේ මුව නාම්බෙකු කණුවකට හිර කොට ගෙළ සිඳ දමයි. වනාන්තරයේ සතෙකු හඹාගොස් ඌ එළා ගැනීමේ දී කෙළියේ යන්නකු ලබන අන්දමේ ම වින්දනයක් හේ ඉන් ලබයි. දඩ කෙළියේ යෙදෙන සැබෑ ක්‍රීඩකයෙකුට, කැලෑබද ප්‍රදේශය වැඩි වත්ම මින් ලබන වින්දනය ද වැඩි වේ. ජනාකීර්ණ පරිසරයක. ඇති කර්මාන්ත ශාලා ආශ්‍රිතව.
In stock
| Publisher | සූරිය ප්‍රකාශකයෝ Sooriya Publishe |
|---|---|
| පරිවර්තනය : | Abaya hewawasam |
| පිටු ගණන | 310 |
In stock






Reviews
There are no reviews yet.