වාපි – Wapi

Rs. 800.00 Original price was: Rs. 800.00.Rs. 640.00Current price is: Rs. 640.00.

මිනින්දෝරුවා හෙවත් රිචඩ් කුඩාරමේ එල්ලා තිබෙන ලන්තැරුමෙන් එහා සිට කඩා වදින්නට දඟලන අන්ධකාරයට දැස් දල්වා සිටී. කුඩාරමට වම් පසින් අඟුරු බැස ඇති ගිනිමැලයට දර කොටත් ළං කරමින් ගිනි බෝ කරන්නට කිරාල රෑ පුරා කරන සටන ඔහුට මැනවින් හුරුය. අඟුරු ගොඩ ඉහළින් එල්ලා ඇති දුම්බැඳි කළු ගැසුණු කේතලයේ හූ හඬට කන්දීගෙන කිරාල සිටින්නේ අඳුර දෙස බලාගත් වන මය. මිනුම් සටහන් තැබීමටත්, තම අගනා වාරිමාර්ග වාර්තා ලේඛනගත කිරීමටත් පාවිච්චි කරන අකුළා තැනින් තැන ගෙන යා හැකි කුඩා මේසය මත දෙපා විහිදුවමින් අකුළන පුටුවේ හාන්සි වී පයිප්පය උරන රිචඩ්ට දහවල් දවස පුරා ලයින් කැපීමටත්, තියඩෝලයිට්ටුව ඇතුළු මිනුම් උපකරණ ඔසවා ගෙන සැතපුම් ගණනාවක් දුර පා ගාටමින් හෙම්බත් වූ කම්කරුවන් නින්දෙන් කෙඳිරිගාන හඬ ඇසෙයි. මින්නේරි වැව් හිසින් මෝදු වී එන ළා හඳ යාන්තම් ලපයක් ලෙස අහසේ වැහි බිත්තර අතරින් වරින් වර මතු වෙයි. බිම එළාගත් ගෝනි පඩංගුව මත වකුටු වී කෙඳිරිගාන මිනින්දෝරු පාටියේ කෙසඟ මිනිසුන් දකින රිචඩ්ට අවරදිගුවන් විස්ම පත් කළ මහ සයුරුවන් මහ වාපින් ඉදිකළ විස්මිත වාරි රහස් සඟවා ගෙන මේ පොළොව තුළ සැඟවුණු යෝධ මිනිස් කැලකගේ වත්මන් ජාන සම්පත මේ දැයි මහත් කුතුහලයක් ඇති වෙයි.

Reviews

There are no reviews yet.

Be the first to review “වාපි – Wapi”

Your email address will not be published. Required fields are marked *