යෞවනයෙක් මිය යමින් සිටියේය. එය කිසිවකුත් නොදත් අතර ඒ ගැන සැලකිලිමත් වූයේ එක් අයෙකු පමණකි. අත්හැර දමන ලද ගොඩනැගිල්ලක වූ අපිරිසිදු කාමරයක එක් කොණක මත් ද්‍රව්‍ය වලින් විනාශ කරන ලද ඔහුගේ ඇට සැකිල්ලක් බඳු වූ සිරුර වැතිර තිබුණේය. මේ මුඩුක්කුව වොෂින්ටනයේ කොටසක් වුවද කිසිදු සංචාරකයකු නොයන සියල්ලන් විසින් නොසලකා හැර තිබූ ඇන කොස්ටියා නම් ප්‍රාන්තයේ ව්‍යාපෘතිය නමින් හැඳින් වූ අසාර්ථක වූ නිවාස යෝජනා ක්රමයක පිහිටියේය. තම මරණය එක්තරා සංග්‍රාමයක ආරම්භයක් බව යෞවනයා නොදත්තේය. නැතහොත් ඒ ගැන ඔහුට සිතීමට අවශ්‍ය නොවූ සේය. මත් ද්‍රව්‍ය ලාබාල මනසකට කරන්නේ එයයි. ඒවා මනස විනාශ කරයි. ජනාධිපතිවරයාගේ ආගන්තුක සත්කාර වල තරා තිරම අනුව ගිම්හාන කාලයේ අවසාන භාගයේ පැවැත් වූ මෙය ධවල මන්දිරයේ කුඩා රාත්‍රී භෝජන සංග්‍රහයක් විය. ජෝඩු දහයකට අයත් වූ විසි දෙනෙකු රාත්‍රී භෝජනයට සහභාගි වූ අතර එයින් දහ අට දෙනෙක් තමන් මෙහි කැඳවීම පිළිබඳව උද්දාමයට පත්ව සිටියෝය. මෙයින් නව දෙනෙකුම කිසියම් හමුදාවක නිල ඇඳුම් දරමින් විදේශ යුද්ධ වලදී ස්වේච්ජාවෙන් එම කටයුතුවල යෙදුනු අය වුහ.
නාග මෙහෙයුම

Reviews
There are no reviews yet.