-
ගම්මුලාදෑනි වතගොත – Gammuladeni wathagotha
Original price was: Rs. 1,600.00.Rs. 1,440.00Current price is: Rs. 1,440.00.ගම්මුලාදෑනියා ‘ යන්න පසුගිය සියවස් ගණනාවකට පෙර සිට ම බිහි වූ තනතුරකි. ඊට පෙර මෙම තනතුර විවිධ නම් වලින් හඳුන්වා ඇති බව ද පැවසිය හැක. ගමකට හෝ ගම් කිහිපයකට ප්‍රධානියකු ලෙස රාජකාරි කරන්නා එකල මෙම තනතුරෙන් හැඳින් වූ අතර එකී තනතුර ඒ ඒ යුගවල දී විවිධාකාරයෙන් හඳුන්වා තිබේ. බොහෝ අවස්ථාවලදී රජු නියෝජනය කිරීම සඳහා ප්‍රදේශ භාරව සිටි දිසාවේ, රටේ මහත්තයා සහ කෝරළේ මහත්තයා වැනි තනතුරු වලට අමතරව ගම් මට්ටමේ සිටි නිලධාරියා මොහුය. ගමට රාජකාරි කරන මුලාදෑනියා යන අර්ථයෙන් ගම්මුලාදෑනියා ලෙස ඔහු හැඳින් වුවද ‘මුලාදෑනියා’ යන වචනය රජු වෙනුවෙන් රාජකාරි කළ නිලධාරීන්ට පොදුවේ භාවිත කළ බව ඉතිහාස කරුණු අනුව පෙනී යයි. යම් රාජකාරියක් කරමින් පිරිසක් පාලනය කරන්නා ද මුලාදෑනියා’ ලෙස හඳුන්වා ඇත. කෙසේ වුවද මෙම තනතුර ලාංකීය සමාජය තුළ මුල්වරට ඉස්මතු වන්නට ඇත්තේ පණ්ඩුකාභය රජ සමයේ යැයි අපට සිතිය හැකිය. එතුමා විසින් ස්වකීය රාජ්‍ය පාලන කාලය තුළ රට පුරා ම ග්‍රාම සීමා මායිම් පිහිටුවා පරිපාලනය ශක්තිමත් කළ බව ඉතිහාසය, කියයි. ඒ අනුව එතුමා විසින් රුහුණු රටෙන් 780000 ක්ද, මායා රටෙන් 250000ද පිහිටි රටෙන් 450000 ද ගම් සඳහා ග්‍රාම සීමා මායිම් සලකුණු කරන ලදැයි මහාචාර්ය මාලනී ඇඳගම විසින් රචිත ශ්‍රී ලංකාවේ ගම්සභා ක්‍රමයේ ඉතිහාසය නම් කෘතියේ 1 පරිච්ඡේදයට අදාළ සටහන්වල 11 වැනි වගන්තියේ දැක්වේ (16 පිටුව). මෙහිදී පරිපාලනයේ පහසුව සඳහා ග්‍රාමය භාරව ප්‍රධානියෙක් සිටින්නට ඇතැයි අනිවාර්යයෙන්ම විශ්වාස කළ හැකිය.
-
ඒ පොත නොහොත් සර්පයා මැරීම – E potha nohoth sarpaya marima
Original price was: Rs. 1,500.00.Rs. 1,350.00Current price is: Rs. 1,350.00.පශ්චාත්තාපයේ මහා අන්ධකාරයේ අධිකතර වේදනාවේ නිමග්නව, වසර ගණනාවක් දිනව. බියගුලුව, මගෙන්ම සැඟවෙන්නට පොර බදමින් උන් මා. යන්තමින් ආලෝකයක් දකින්නට පටන්ගත්තා පමණි. ඒ මනස්තාපයේ, භයංකාර අඳුර පහ වෙමින් පවතී. දැන් මට ඒ ආලෝකය ඈතින් පෙනේ. එකවරම මැනවින් ද පෙනේ. සැබැවින්ම මම දැන් ඒ ආලෝකයෙහිම වෙමි. එනම්. ‘මම ‘ නොමැති බව තුළ මම වෙමි. මම වෙමිද නොවෙමිද නොවෙමි. ‘මා’ නොමැති බව පසක් වන මොහොතේම, මා ඇති බව හගින මා, උපදී. ඒ භව මතකයේ මහා පුරුද්ද හෙයින්මැ බව මේ ලියන මොහොතේම අවබෝධ කරගනිමි. එහෙයින්, එසැණින්, මේ පෑන් තුඩ කොළයේ පෘෂ්ඨය ස්පර්ශ කරන මොහොතේම නැවත නැවත ‘මම’ ආලෝකයෙහිම වන්නේය. එහෙත්, මෙතුවක් මා විඳි මහා වේදනාව, පීඩාව, ඉසිලිය නොහැකි කාංසිය, නොනිවෙන සේ දැවුණු මහා ගින්න, මේ තරම් ඉක්මනින්, සැණෙකින්, නිමේෂයකින් පහවිය හැකි යැයි විශ්වාස නොකරන සසර පුරුදු සංශයවාදී මා’ නැවත හටගෙන මා ඇති බවේ මුළා අඳුරෙහි නැවත මා ඇද දමන්නට උත්සාහ කරයි.
-
අගත අනගත – Agatha anagatha
Original price was: Rs. 1,200.00.Rs. 1,080.00Current price is: Rs. 1,080.00.රැයෙහි මජ්ජිම යාමය ගෙවෙමින් තිබුණේය. උදාව එන්නට නියමිතව තිබුණේ පුරා පෝයට පසු දිනය බැවින් පිරිවැස්ම ඉවත ලූ කිරි හට්ටියක් උඩින් බලන විට පෙනෙන අන්දමට හඳ වෘත්තය රෑ අහසේ බටහිරට බර වෙන්නට පායා තිබුණි. පර්වත බෙණයේ මුවින් නික්මෙන ධම්මචක්කයේ රිද්මගත ස්වර අඩි දහසක් උසින් අවකාශයට පැන ඈත උග්ගල් කල්තොට කුඹුරු තලා ගැමි දනව් පසුකොට වියැකී යයි. පර්වතයේ තැන තැන කාලය විසින් දෙදරවා කැණ පාදා දුන් සුළු ඉඩෙක මුල් ඔබාගෙන එසැවී සිටි දෘඪ අරටු ඇති ගසෙක තුරු පත් සොලවමින් මඳ සුළඟක් හමා යයි. හඳ වතුරේ පාව එන නිලි වැහි කුඩ තුනී තෙත පටලයක්ව පව්වේ තෘණ වැවුණු තැනක ඒවා අතුරින් මතුව ආ බෝවිටියා මල්වල පෙති මතද සෙසු සෑම තැනකම ද තැවරී ඇතත් ඉන් කිසිවක් තෙතබරිත නොවන බව විමලබුද්ධි ලොකු හාමුදුරුවන්ට විශ්වාසය. පර්වත බෙනයේ ඉඩැති තැනක් පාදා තළා මට්ටම් කොට පැදුරු පලස් එළා පිටතින් ඇදි රැහැනින් විදුලිය සම්පාදනය කොට තනා දුන් මණ්ඩපයේ වැඩ සිටින පරිත්ත භාණක මහා සංඝයා වහන්සේ අලුයම උදාවන තුරු බලගතු පිරිත් ධර්මය සජ්ඣායනා කිරීමට පේ වී සිටිති. කෙමෙන් පටු වන ඈතට යද්දී නැවත තැනින් තැන දිගු පුළුල් අවකාශැති තැන්වල ලැග සිටින පර්වත කුහරයේ දිගුකාලීන හිමිකරුවන් වන කිහිප වර්ගයක වවුලන් පිරිත් සජ්ඣායනය අසා කලබල නොවීම පුදුමයක් නොවේ. උන් පරම්පරා ගණනාවක් අවුරුදු සිය ගණනක් මේ පින් බිමේ පිරිත් පමණක් නොව කුරාන ගීද ශ්‍රවණය කරන්නට ඇතැයි බහුශ්‍රැත මහා තෙරණුන්
-
අඳුරුම අඳුරු රැය – Anduruma anduru reya
Original price was: Rs. 1,000.00.Rs. 800.00Current price is: Rs. 800.00.ඔහුට රිදුණේ නැත. රිදුණේ සිතටය. එහෙත් යකඩ පොලු පහරවල් වැදුණු තැන් වලින් ගලන ලේ දහර තවමත් ගලා යයි. මුහුණ සිරිලාය. ඇස් ඉඳිමී තිබේ. අත පය ගල් ගැසී ඇතිවාක් මෙනි. ඒවා සොලවන්නට නොහැකි ලෙස හිරි වැටී ඇති බවක් හැඟේ. සමහර විට කැඩී බිඳී ගොස් තිබෙන්නටද පුළුවන. ඔහු අපහසුවෙන් අවට දෙස ඇස් ඇර බැලුවේය. හැම තැනකම ඇත්තේ අඳුර පමණි. එතැනම ඇති අඳුරු බිත්තියේ කුඩා කවුළුවක් තිබේ. එයින් ඈත කොහේ හෝ තැනකින් එන ඉතා මලානික මඳ එළියක් කුටියට වැටේ. එම එළිය එන්නේ කොහි සිටදැයි නිනව්වක් ඔහුට නොවිණි. සමහර විට ඇතක දැල්වෙන කුඩා විදුලි බුබුලකින් එය එනවා ඇත. නැති නම් බිත්තියට පිටත තවත් මෙවැනිම කුටියකින් එය එන්නට පුළුවන. නැති නම් හඳ එළිය ද විය හැකිය. ඔහුට දැඩි පිපාසයක් දැනිණි. බඩගින්නක් නැත. මේ කුටියට තමා රැගෙන පැමිණි කීපදෙනා පිටව ගොස් දැන් බොහෝ වේලාවක් ඉක්ම ගොස් ඇත. ඔවුන් කිසිවෙකු ළඟපාතක ඉන්නා බවක් පෙනෙන්නට නැත. ඔවුන්ගේ පියවර හඬ සෙමෙන් ඈතට ඇදී මැකී ගිය හැටි ඔහුට මතක තිබේ. ඉඳින් අවට ළඟපාතක කිසිවෙකු අතැයි ඔහුට සිතුණේ නැත. එසේ සිටියත් කිසිවෙකු ඔහුට සවන් දෙයිද? කාමරය ඉතා කුඩා පුස් ගඳ ගහන එකකි. පොළොව සීතලය. වවුල් වසුරු පිරී ඇතැයි ඔහුට දැනිණ. පරණ ගෝනි පඩංගුවක් එක
-
රහස් දූතයා – Rahas duthaya
Original price was: Rs. 560.00.Rs. 504.00Current price is: Rs. 504.00.බිහිසුණු යෝජනාවක් හිඳ සිටි තැනින් නැගිටගත් ඇල්ගර්නන් ලේසි අලස ලෙස දැත කලිසම් සාක්කු තුළ රුවාගෙන ගිනි උදුනට පිටු පා සිට ගත්තේ ය. ඉක්බිති විඩාපත් මුහුණින් යුතු ව තරමක් ඈතින් හිඳ සිටි ජින්ජර් වෙත දැඩි බැල්මක් හෙළමින් ” මේ මිනිහ කොහේ ගිහින්ද? ” යි නුරුස්නා ස්වරයෙන් විචාළේ ය. ” ඔය ප්‍රශ්න ආයෙත් ඇහුවොත් අතට හසුවුණු දේකින් තමුසෙගෙ මූණට දමලා ගහනවා” යි ජින් ජර් කෝපයෙන් ගුගුළේ ය. ”මම කොහොමද ඒක දන්නෙ?” ” දවල් කෑමට එන්ට මිනිහ පොරොන්දු වුණා නොවැ. ” අර අළුත් චිත්‍රපටිය බලන්ට යන්ට එනවා ය කියලා මටත් සහතික වුණා. දැන් තුනත් පහුවෙලා. බැරි පොරොන්දු දෙන හාදයෙක් නොවෙයි ඔය බිගල්ස්. මොකකට හරි මැදි වෙන්ට ඇති.
-
වැලි කතරේ සංග්‍රාමය – Weli kathare sangramaya
Original price was: Rs. 560.00.Rs. 444.00Current price is: Rs. 444.00.අහස පුරා විසිරුණු තාරකාවල දීප්තිය ක්‍රමයෙන් මැකී ගොස්, නැගෙනහිරින් විහිදෙන්ට වූ නව දිනයක අරුණැල්ලෙන් පුළුල් වැලි කතර නැහැවෙන්ට විය. නොබෝ වේලාවකින් පෙරදිග ආකාශය ලා රත් පැහැයටත් ඉනික්බිති රන් පැහැයටත් හැරුණේ ය. ඈතට විහිදුණු වැලි කඳුත්, මෑතින් පිහිටි කුඩා ක්ෂේම භූමියත් හැරුණු කොට අන් කිසිත් පෙනෙන්ට නොවී ය. පරිසරය වසාගත් ගුප්ත නිහැඩියාව බිඳළමින් අහස් යාත්‍රාවක හඬ ඈතින් ඇසෙන්නට වී නොබෝ වේලාවකින් ඉංග්‍රීසි V අකුරේ හැඩයට ගමන් ගන්නා ස්පිට්හයිර් ගුවන් යානා සයක් ඊසාන දිග ක්ෂිතිජයෙන් මතු වූයේය. පෙරටුව පැමිණි යානයේ නියමු කුටියෙහි හිඳ සිටි * ප්‍රබල තුවක්කු යුගලයකින් සමන්විත බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාවට අයත් සටන් යානයකි. දෙවැනි ලෝක මහා සංග්‍රාමයේදී භාවිතා කරන ලදී.








