• -20%
    (0)

    11 / ELEVEN

    Rs. 1,040.00

    මෙය අද්භූත, ඔබ කිසිසේත්ම විශ්වාස නොකරන කරුණුවලින් පිරි ඇත්තා වූත්, විශ්මයජනක කතන්දරයකි. දිනෙක ඔබ මෙය කියවද්දි මා ජීවතුන් අතර නොසිටියහොත්, මතක තබා ගන්න මේ ලියන්නා වූ සියලුම දැ මා විසින් මුහුණ දුන්නා වූත්, දැසින්ම දුටුවා වූත් සත්‍ය කරුණු ය.

    මේ කරුණු සහ සිදුවීම්වල ඇති අතිශය ගුප්ත බව නිසා ඔබේ මනස විටින් විට මෙම ප්‍රශ්නය අසනු ඇත.

    මේ සියල්ලම ඇත්තක්ද? එවිට මා යළිත් පවසමි.

    “මේ සියල්ලම මා මුහුණ දුන්නා වුත් දැසින්ම දුටුවා වුත් සත්‍ය කරුණු ය.”

    දෛවයේ කුමන හෝ අභාග්‍යකට මේවා ඒ ආකාරයෙන්ම සිදුවී ඇත.

  • -20%
    (0)

    LOVE SEX & JEALOUSY – ආදරය ලිංගිකත්වය සහ ඊර්ෂ්‍යාව

    Rs. 960.00

    රුපියල් 1460 ට කුලියට ගත්ත හොටෙල් රූම් එකක මම, (මම කාර්ති නායගම්, වයස විසිනවයයි, රැකියාව කතුවරයෙක්, උස අඩි 5 අඟල් 9යි, බර කිලෝ 76. කොන්ඩෙ කොටට කපල පැත්තට පීරල, වම් පැත්තෙන් කොණ්ඩෙ යන්න පටන් අරන් නළල පළල් වෙලා, රැවුල වවල) බානුගෙ (බානු මට ගර්ල් ෆ්‍රෙන්ඩ්, බානුගේ වයස විසිහයයි, බර 57. උස අඩි 5 අඟල් 3 යි, කොණ්ඩ බෙල්ල ළඟට වෙනකන් දිගයි. රැකියාව – ශිෂ්‍ය, ශ්‍රී පාලි විශ්ව විද්‍යාලය, අනාගත බලාපොරොත්තුව කතුවරියක වීම) කැම්පස් එකේ ෆයිනල් ප්‍රොජෙක්ට් එකට ෂෝට් ෆිල්ම් එකක් ෂූට් කරනව.

  • -20%
    (0)

    අදිසි නදිය

    Rs. 880.00

    කලකට ඉහත පොළොව යට ඉදිකළ ‘රහසිගක නගරයෙහි විසි දහසක් පමණ ජනකායත් අප්රකටව විසූහ. එය ඔවුන්ධම, ආවේණික උප සංස්කෘතියක් ගොඩනැංවිය. එහි පුරෝගාමීන් වූයේ, නගර පාලනයට විරුද්ධව කැරැරැල්ලක් ගසා ඉන් පයයි පත් පිරිසකි. ඒ බොහෝ දුරාතීකයෙහිය. ඔවුන්ගෙන් පවතින්නන් කලින් කලට, නගරය මතුපිටත්, යටත් එවක් වූහ. හිරු එළියෙන් ඔවුහු විදුලිය නිපදවා ගහ අභ්යන්තර ගංගාධාරයෙහි ධmo 50 එළවළු වගා කළහ. මිරිදිය මත්ස්ය වර්ග ද ගණනාවක්ම ගංගාවෙහි විසූහ. එහෙත්, සියල්ල කොපිට පෙරළෙන්නට සටන් ගත්තේ, බිමල් වසංගතය ආරම්භ වීමත් සමගිනි. පසු කාලයක එය දියකිඳුයි වසංගතය බවට වර්ධනය.වී.සොළොව මතුපිටට ද පැතිරුණේය. පොළොව යට ජනගහනයෙන් තුනෙන් එකම ඉන් විය ගියහ. වර්තමානය වන විට ඉසිරිව සිටින්නේ සිය ගණනකි. ඔවුන්ගෙන් ද වැඩි දෙනා වසරේ වැඩි කලක් ගත කරන්නේ පොළොව මතුපිටමය. තවදුරටත් පොළොව යට ජීවිතයම තෝරා ගත්තෙකු වී නම් ඒ ආරක්ෂක හේතූන් නිසා හෝ නගරවාසී දිවියෙන් රිදී පරණ සංස්කෘතිය තුළම පැවැරීමට ඇති ඇල්ම නිසා හෝ විය හැකිය. නුත්යාගයකුට එය ගුප්ත ජීවන ක්රමයක් ලෙස ද පෙනී යාට ඉඩ ඇත.

  • -20%
    (0)

    අපොයියාව

    Rs. 480.00

    අපේ ප්රහේලිකාවට වචන පැමිණෙන්නේ ද හරියට මේ පාරවල් සතර ඔස්සේ අප අපේ ගෙදරට පිවිසෙනවා වාගේ ය. අක්කා වැනි සිනිඳු වචන කලින් පැමිණෙයි. අපි වැනි දගකාර වචන රංචු ගැසී පැමිණෙයි. අම්මා, කිරි අම්මා වැනි ගැහැනු වචන මග පාරවල්වලින් ඉක්මනින් අඩි තබා පැමිණෙන අතර තාත්තා වැනි ලොකු වචන රෑ බෝ වී පැමිණෙයි. කෙසේ නමුත් රාත්රිය වන විට සැවොම ගෙදරට එකතු වෙති.

  • -20%
    (0)

    අවර්ණ වර්ණ – Awarna Warna

    Rs. 768.00
    ” සෙදෝරන් මොකක්වත් මට හංගන ප්රශ්නයක්ද?”
    නහර මතු වී රැළි ගැසුණු සේදෝරන්ගේ දෑත්, සීරුවට තණ පියස්ස මතින් වැඩුණු වල් පැළ අතරින් ගමන් කළේය.
    “ලස්සනට තියන මේ තණ බිස්ස විනාස කරන මේ වල් ගස් මුලින්ම උගුල්ල නොදැම්මොත් වැස්සට අයෙ දලු දානවා….”
    සෙදෝරන් වල් පැළෑටියක් වේගයෙන් උගුල්ලා ඉවතට ගත්තෙන් ඔහුගේ මුහුණට පස් කැටිති පවා විසි විය.
    ජාලිය සෙදෝරන්ගේ ආවේගශීලී හැසිරීම දෙස වික්ෂිප්තව බලා සිටියේ ඔහු කෙරෙන් වෙනසක් පෙන්නුම් කළ නිසාවෙනි.
    ” අම්ම ආවේ නෑ නේද දරුවො සෑහෙන දවසකින්…?”
    ” ඒක තමයි සෙදෝරන්… මම නිදහස් වෙන්ඩ ළඟ හන්ද මල්ලි යන්ඩ එපා කියන්න ඇති. එක අතකට මම නිදහස් වෙනකල් අම්ම මෙහෙ නොඑන එක හොඳයි… අවුරුදු විස්සක් පුරාවට අම්මගෙ මූණෙ තිබුණෙ වේළුණ කඳුළු පාරවල්. ඒව කවදාවත් මැකුණෙ නෑ. බොර පාට යට ගැහුණු ඇස් දිහා මම බලාගෙන හිටියෙ පව්කාරයෙක් වගේ…”
    ඔවුන් අතර පැතිර ගියේ දැඩි නිහැඬියාවකි. ඉන් පසුව ගත වූ කාලය තුළ ජාලියගේ සිත තුළ සැරිසැරුවේ මවගේ රැලි ගැසුණු කම්මුල්ය. අඳුරු වී ගිලී ගිය බොර පැහැ දෑස්ය. අවපැහැ වූ වතය. ඇය ඇගේ කෙසඟ සිරුරට යන්තමට හුස්ම පිඹිමින්, පුරා
  • -20%
    (0)

    අහම්බයකින් මිස අපි… හමු නොවෙමු කිසිදා යලී

    Rs. 960.00

    මම ඇතුළුව අපි ගොඩ දෙනෙක්ගෙ ජිවිත වෙනස් වෙන්නෙ එක පාරටම නෙවෙයි. හැම පුංචි වෙනස්කමක්ම වෙන්නෙ බොහොම හිමීට. එතකොට අපිට ඒක දැනෙන්නෙ නෑ. අපේ ජීවිතේ නොහිතුවම විදිහට වෙනස් වෙලා!’ කියලා තේරෙද්දි වෙන්න ඕනෙ විලම් බැසිය වෙලා ඉවරයි.

  • -15%
    (0)

    ආදරණීය වික්ටොරියා – Adaraneeya Victoria

    Rs. 1,360.00
    ” ඔනේ මේව කීය ගාණෙද විකුණන්න පොරොන්දු වෙලා තියෙන්නෙ.
    රාජකාරිය හමාර කළ දවසේ හැන්දෑවේ අන්දිරිස් සාමෙල් ගෙන් ඇසුවේය.
    සිලිමයි පැන්ස හයකට
    සාමෙල් පිළිතුරු දුන්නේය.
    අනික් උන් මේව කීයටද විකුණන්නේ?”
    අපොයි උන් විකුණන්නේ සිලිමයි පැන්ස හතරට එහෙනං මෙදා පාර සිළිමයි පැන්ස දෙක ගානේ මේව විකුණන්ඩ.’
    මක් කිව්වා?’ සාමෙල් ඇස් ලොකු කර අන්දිරිස් දිහා බැලුවේය. මට පාඩු වෙනවනෙ එහෙම කළාම. අනික ඌගේ දහදුරා පීප්ප වලට වැඩිය මගේ පීප්ප හරි සවි සත්තියයි.

    ඔහුගේ ලෝකයේ පරමාදර්ශය වුයේ ඇයය.එසේම නම කියු සැණින් දත් අරක්කු රේන්දරාළ කෙනෙක් වන්නට ඔහු තුළ බලාපොරොත්තු දැල්වුයේද ඇයය.එපමණකුදු නොව තුංග පොල් ගසක් තරමට තරව මුල් දරා වැඩෙන්නට ඔහුගේ ‌හෙවනැල්ල වුයේ ඇයය.

  • -20%
    (0)

    ආසික්ලන්තය

    Rs. 1,120.00

    මා ඔබට කතාවක් පවසමි.

    ඔබ මෙය විශ්වාස නොකරනු ඇත.

    එය විශ්වාස කරන්නැ’යි

    මම බල කරන්නේ ද නැත.

    එහෙත් මෙය කියවන විට

    “ඔබේ මනස හැකිතාක් විවෘත ව

    තබා ගන්නැ’යි”

    පමණක් ඉල්ලා සිටිමින්,

    මම කතාව ආරම්භ කරමි

  • -20%
    (0)

    ඇබ්නුක්ටා – Abnukta

    Rs. 760.00

    ‘එහි සිටියේ, රළු සළුවකින් සිරුර වසාගත් කාන්තාවකි.සුළඟ ප්රචණ්ඩ වූ බැවින් අර්ධ නග්න නාරි දේහයේ සළු පිළි සුළගෙහි නටන්නට වූයේ ගොදුරකට පනින්නට සැරසෙන සර්පයින් රොත්තක් සේය.ඔහු ඇය දෙස බැලුවේය.ඇගේ නෙතු ඔහුගේ නෙතු හා ගැටුණ පළවෙනි මොහොතේම විදුලි සැරයක් වැදුනාක් මෙන් හැඟිමකින් ඔහුගේ හිත සලිත වී ගියේය.”

  • -10%
    (0)

    ඇහැළ මලට දම් පාටක්

    Rs. 1,080.00

    “පාරමී දන්නවද, මේ ඇහැළ ගහටත් නමක් තියෙනවා.”
    පුස්තකාල උද්යානයේ එපමණ මල් නොපිපෙන ඉසව්වක
    දලුලන කුඩා ඇහැළ පැළය අසලදී කසුන් කීවේය.
    පාරමීගේ සිහින් දෑස ඒ කුමක්දැයි ඇසුවාය.
    “The tree of Paramee…!”
    “මම පාරමී?”
    “ඔව්. හැමෝටම හෙවණ ලැබෙන තැනක තමන්ටම කියලා
    ගහක් තියෙන එක ෂෝක් කියලා පාරමීමනෙ කීවෙ.”
    “ඒත් මේක හිටෙව්වෙ මම නෙමෙයිනෙ.”
    මේ ගහ හිටෙව්වෙ මම. එයාට නමක් දුන්නෙත් මම.”
    “කසුන්… ඔයාට මතකද මම ඉස්කෝලෙ හිටවපු
    ඇහැළ ගහ? අපි ඒකට ඔයාගෙ නම තියමු.”
    “ඕන නෑ. පාරමී දන්නවනෙ, මම ආස එහෙම නෙමෙයි.
    අපැහැදිලි අමුතු මතකයක් වෙන්න.”
    “ඇයි ඒ?”
    “දන්නැද්ද ඉතින්, පොඩි පොඩි අරුමෝසම් හීන…!”

  • -10%
    (0)

    උත්පත්ති – UTHPATHTHI

    Rs. 1,350.00

    ඒ රැය ගෙවී පසුදා අවදී වූ ඔහු, ජනේල තිරපට අතරින් පැති මිදුලත්, ඉන් එහා තෙමුණු ගහ කොළත් දෙස බලා සිටිනා බිසෝ දෙස නෙත් යොමු කොට සිටියේ, පළමු වරට දුටු ප්රතිමාවක් දෙස බලා ඉන්නා දරුවෙකුගේ විස්මයෙනි. ජනේල කූර අල්ලා ගන්නට එසවුණු ඇගේ අත් දණ්ඩ යටින් දුහුල් රෑ ඇඳුම විනිවිද ඈ කය ස්වප්නමය අයස්කාන්තියකින් ඔහු දෑස් වසග කළ ද, ඒ හා සමග ඇතුළාන්තය කලඹා එන දරුණු සුළි කුණාටුවක හෝ හඬින් ඔහු භයංකර ලෙස තැති ගත්තේ ය. සැමියා තමා දෙස බලා ඉන්නා බවක් ඕ නොදත්තා ය. ඔහුගේ හද ගැස්මේ වේගය ද, හතිය ද ඇයට නොදැනිණි. ඔහුගේ මුවින් කිසියම් වේදනාත්මක කෙඳිරියක් පිටවෙනු සමග තිගැස්සී හැරී බැලූ ඇගේ මුව ඈයිනි.

  • -10%
    (0)

    ඔයයි මමයි තව දෙන්නයි – Oyai mamai thawa dennai

    Rs. 1,170.00

    මේ වගේ වෙලාවක කෙල්ලෙක්ට ට්‍රයි කරනව නම් මධ්‍යස්ථ බවකින් කෙල්ලගේ හිතේ ලියාපදිංචි වෙන්න ඕනේ. මොකද නැත්නම් කෙල්ල දැන ගන්නවා කොල්ලා එන්නේ පොල් පැළේ කන්න කියලා වැඩිපුර වැරදි කරලා තියෙන්නේ කෙල්ල වුණත් ඒ වැරැද්ද අතිශය සාධාරණ මානුෂික කරුණක් බවට තර්ක ගොඩනගන්න ඕනේ. මේ අතරේ සෙක්ස් වගේ දේවල් ගැන ගොඩක් ගැඹුරින් ඒත් සරල ව ‘මට ඕවා ගාණක් නෑ කියන්න වගේ අදහසුත් එකතු කරගැනීමේ අනිවාර්යයි. තමන්ට ඕනම දෙයක් තේරුම් ගන්න පුළුවන් කැපෑසිටි එකක් තියෙනවා කියලා කෙල්ලගේ හිතට එන්නත් කිරීමත් වැදගත් කවිකාර දඟකාර හිතුවක්කාරකම් ගෑවුණ වචන සාමාන්‍ය වචන දහයකට දෙකක්වත් යොදා ගැනීම අනාගතයට ප්‍රයෝජනවත්

  • -10%
    (0)

    කන්ද උඩ ගින්දර

    Rs. 1,575.00

    ළැම ගින්න දරාගන්න බැරුවාමයි මයෙ දෙයියෝ තුන් තිස් පැයේ ලැව් ගින්නේ පිච්චෙනවා ගං ඉවුරේ පියවර ලකුණු මැකී යන්නෙ නෑ ගල් බෙයඳේ සිරියහනේ පුසුඹ දැනෙනවා රළු පරළු යෝධ ගල් බෙයඳේ රජ බිසෝ සිරි යහන සසැඳේ ගඟ වැටුණු මලිනි ගෙල බැන්දේ පති පතිනි කුල දහම් වින්දේ හුන්නස්ගිරිය කන්දේ මහතලා මයෙ හුස්ම වින්දේ සෙංකඩගලට දුර වැඩිදෝ මයෙ පියවර දිග මදිදෝ හිමි සඳුනි මයෙ රජුනි පති කුලේ ගින්දරයි තනි යහනේ නින්ද නෑ මයෙ දෙයියෝ…….

  • -20%
    (0)

    කළු – Kalu

    Rs. 1,000.00

    ‘පුංචි නෝනා’ යනුවෙන් නිරන්තරයෙන් රැව් පිළිරැව් දෙන හඬට අවනත වූ කලෙක මෙන් මම තවත් වරක් හිස ඔසවා ඔහු දෙස බැලීමට තීරණය කළෙමි. යන්තමින් හිස ඔසවනවාත් සමඟ ම මා දකිනා දර්ශනය පිළිබඳව මට විශ්වාසයක් නොවූ තැන මම තවත් හොඳින් ම දැක ගැනීම සඳහා දෑස් ඒ වෙත නාභිගත කළෙමි. ඒත් සමඟ ම දුටු දසුන මාගේ මුළු සිරුර ම සලිත කරවමින්, රෝමෝද්ගමනය කිරීමට සමත්ව තිබුණි. මාගේ මුව දහඩියෙන් තෙමී යද්දී, කෙළ සිඳී යමින් මුළු සිරුර ම ගිනියම් සළුවක එතුණාක් වැනි හැඟීමක් දැනෙන්නට විය.

  • -20%
    කාල නදී ගලා බසිකාල නදී ගලා බසි
    (0)

    කාල නදී ගලා බසි

    Rs. 1,040.00
    හැන්දෑකරේයේ හල්වතුර කඩමන්ඩියේ එක් රොක්වූ ගැමියන්ගේ කතාබහට මාතෘකාව වුණේ සවුන්දිරිස් මහත්තයා අලියාට ගිනි බිඳීමය. කඩමණ්ඩියක්ය කීවාට හල්වතුර හන්දියටම තිබුණේ සිල්ලර කඩයකුත්, තේ කඩයකුත් විතරය. දුම්බර මිනිරන් පතල් සමඟ ගමට පැමිණි කඩමණ්ඩිය, බොහෝ ගම්වල සිදුවුණ ආකාරයටම ගමට ආරංචි සැපයූ තොරතුරු මධ්යස්ථානයද විය.
    කුඩා සාදිරිස් හාල් සේරුවක් ඇතුළු අඩුම කුඩුම කිහිපයක් ගන්නට රෙදි උරයක් ද කිහිලි ගන්නා ගෙන පිම්මේ දුව ආවේ කඩේ කතාබහට යම් දුරකට යමින් තිබුණු වෙලාවේය. එ නිසාම ඔහුට මුලින් මුලින් මේ කතාබන වල අගමුලක් තේරුම් ගියේ නැත.
    “සුද්දො ඇවිත්… කල්ප කාලාන්තරයක් තිස්සෙ තිබුණ වනන්තරේ එළිපෙහෙළි කොළාම ඒ අහිංසක සතා සීපාව කොහේ කියල යන්නද? පව් අහිංසක සතා. විස්සෝපයෙන් ඇලළුන කාන්තාවක් දුම්කොළ මිටියෙන් හොඳ දුම් කොළයක් තෝරමින් එසේ කීවාය.
    සවුන්දිරිස් මහත්තයා වෙඩි තියල තියෙන්නෙ සත මැරෙන්න නෙවි බය කරන්න විතරයි. හිස පිටුපසට වන්නට කුඩා කොණ්ඩ ගැටයක් ගසා සිටි පිටකන්දේ සේතුවා මාමා, සුද්දා වෙනුවෙන් වගඋත්තර බැන්දේය.