• -15%
    (0)

    මාගම් සෝලිය – Magam soliya

    සැන්දෑ හිරු එළියෙන් පෑළ දිග අහස රක්ත වර්ණ වෙමින් තිබුණු ඒ සන්ධ්‍යා යාමයේ ඇබිත්ත කොලුවා ඇහිපිය නොහෙළා බලා සිටියේ ලොකු හාමුදුරුවන් දිහාය. හවසට හොඳ ආසන දෙකක් හරිගැස්සුවොත් හොඳයි…. මගේ ඇඳ ළඟ. උන්වහන්සේ මේ විධානය ඇබිත්ත කොලුවාට කර තිබුණේ එදා ඉරිදා උදයේ දෙමට කුරකින් දත් පිරිසිදු කරන ගමන්ය. ඌව වෙල්ලස්සේ කැළෑබදට වෙන්න ඇති මේ ගම් මණ්ඩියට තියෙන එකම පන්සල මේකය. ලොකු හාමුදුරුවන්ම ඇබිත්ත කොලුවාට කියා ඇති විදිහට මේ ආරාමය ශත වර්ෂ ගණනාවක් පැරණිය. දුටුගැමුණු රජ්ජුරුවන්ගේ කාලයේ තිස්ස කුමරා මේ අඩවියට සැපත් වූ අවධියේ මේ ආරාමය පිළිසකර කරනට ඇති බවය, මුඛ පරම්පරාගතව පැමිණි විශ්වාසය වුණේ. ඒත් උන්වහන්සේ මීට දශක හතර පහකට ඉස්සර මෙහාට වඩින විට මෙතැන තිබුණේ පන්සලක් නොවේ. ගරා වැටුණු වරිච්චි බිත්ති කීපයක් සහ ගල් කණු කීපයක් පමණි.

    Original price was: Rs. 1,650.00.Current price is: Rs. 1,402.00.
  • -20%
    (0)

    මෙලඩි – Melody

    සිහළ සුළඟක් හමා ගියේය. ඔව්. ඒ දෙසැම්බර් මාසයේ තවත් එක් සීතල දවසකි. නමුත් වෙනදාට නැති උණුසුමකින් එය පිරි තිබුණේ නිමාවීමට යන වසරට ආශිර්වාද කිරීමට විය යුතුය. මේ මොහොතේ නගරයේ උණුසුම වැඩිම ස්ථානය වූයේ ශ්‍රවණාගාරයයි. එයට හේතුව වූයේ වසරේ දැවැන්තම ප්‍රසංගය ඇරඹීමට ඇත්තේ තවත් හෝරා කිහිපයක් පමණක් වීමයි. බොහෝ දෙනෙක් වසරක් පුරා බලා සිටියේ මේ වෙනුවෙය. නිවැරදිවම කිවහොත් වසර ගණනාවක්ම කුඩා දැරියන් දෙදෙනෙක්ද ඒ වෙනුවෙන් සැදී පැහැදි බලා සිටියේ ශ්‍රවණාගාරයේ සුවිසල් දොර කොයි මොහොතේ විවර කරයිද කියා ඇඟිලි ගනිමිනි. නමුත් තම ප්‍රවේශ පත්‍ර වල විශාල අකුරින් මුද්‍රණය කර තිබූ සරල අකුරු කිහිපය ඔවුන්ට සැබෑම අභිරහසක් විය. ” ඇයි මේකට මෙලඩ් කියලා නම දාල තියෙන්නේ?” එක් වරම සොෆී තම මිතුරියගෙන් ඇසුවාය. නමුත් ඇයට සාර්ථක පිළිතුරක් ලැබුණේ නැත. ඇගේ යෙහෙළිය දෙවුර සැලුවේ ඇයට ද ඒ පිළිබඳව හරි අවබෝධයක් නොමැති බව පැවසීමටයි. ඔවුන් මේ පැමිණ සිටියේ වසරේ දැවැන්තම වාද්‍ය ප්‍රසංගය නැරඹීම සඳහා බව පැවසීමට අටුවා ටීකා අවශ්‍ය නැත. හුදෙක්ම මෙය වසරේ දැවැන්තම ප්‍රසංගය පමණක් නොව ජනප්‍රියම ප්‍රසංග යද විය. සුප්‍රකට සංගීතඥයෙකුගේ සංගීත ජීවිතයේ දශකයේ කඩ ඉම සනිටුහන් කිරීම උදෙසා පවත්වනු ලබන මෙය ඉතා දුර්ලභ ප්‍රසංගයක් වූ නිසාමදෝ ටිකට් පත් විකිණී අවසන් වූයේ මීට මාස ගණනකටම පෙරාතුවයි. ඒ තරමටම සුවිශේෂී වූ මෙම ප්‍රසංගයට මෙලඹී වැනි සරල නාමයක් ලබා දීම තරමක් පැටලිලි සහගතය. අවුරුදු දාහතරක සොෆිට හා ඊවිට නම් එය කොහෙත්ම තේරුම් ගත නොහැකි විය.

    Original price was: Rs. 1,200.00.Current price is: Rs. 960.00.
  • -10%
    (0)

    අගත අනගත – Agatha anagatha

    රැයෙහි මජ්ජිම යාමය ගෙවෙමින් තිබුණේය. උදාව එන්නට නියමිතව තිබුණේ පුරා පෝයට පසු දිනය බැවින් පිරිවැස්ම ඉවත ලූ කිරි හට්ටියක් උඩින් බලන විට පෙනෙන අන්දමට හඳ වෘත්තය රෑ අහසේ බටහිරට බර වෙන්නට පායා තිබුණි. පර්වත බෙණයේ මුවින් නික්මෙන ධම්මචක්කයේ රිද්මගත ස්වර අඩි දහසක් උසින් අවකාශයට පැන ඈත උග්ගල් කල්තොට කුඹුරු තලා ගැමි දනව් පසුකොට වියැකී යයි. පර්වතයේ තැන තැන කාලය විසින් දෙදරවා කැණ පාදා දුන් සුළු ඉඩෙක මුල් ඔබාගෙන එසැවී සිටි දෘඪ අරටු ඇති ගසෙක තුරු පත් සොලවමින් මඳ සුළඟක් හමා යයි. හඳ වතුරේ පාව එන නිලි වැහි කුඩ තුනී තෙත පටලයක්ව පව්වේ තෘණ වැවුණු තැනක ඒවා අතුරින් මතුව ආ බෝවිටියා මල්වල පෙති මතද සෙසු සෑම තැනකම ද තැවරී ඇතත් ඉන් කිසිවක් තෙතබරිත නොවන බව විමලබුද්ධි ලොකු හාමුදුරුවන්ට විශ්වාසය. පර්වත බෙනයේ ඉඩැති තැනක් පාදා තළා මට්ටම් කොට පැදුරු පලස් එළා පිටතින් ඇදි රැහැනින් විදුලිය සම්පාදනය කොට තනා දුන් මණ්ඩපයේ වැඩ සිටින පරිත්ත භාණක මහා සංඝයා වහන්සේ අලුයම උදාවන තුරු බලගතු පිරිත් ධර්මය සජ්ඣායනා කිරීමට පේ වී සිටිති. කෙමෙන් පටු වන ඈතට යද්දී නැවත තැනින් තැන දිගු පුළුල් අවකාශැති තැන්වල ලැග සිටින පර්වත කුහරයේ දිගුකාලීන හිමිකරුවන් වන කිහිප වර්ගයක වවුලන් පිරිත් සජ්ඣායනය අසා කලබල නොවීම පුදුමයක් නොවේ. උන් පරම්පරා ගණනාවක් අවුරුදු සිය ගණනක් මේ පින් බිමේ පිරිත් පමණක් නොව කුරාන ගීද ශ්‍රවණය කරන්නට ඇතැයි බහුශ්‍රැත මහා තෙරණුන්

    Original price was: Rs. 1,200.00.Current price is: Rs. 1,080.00.
  • -20%
    (0)

    බිස්නස් උණ – Business una

    අනාගතයේ අභියෝගය ඕනෑම මොහොතක රැකියාවක් සඳහා මවිසින් සම්මුඛ පරීක්ෂණයකට ලක් කරන පුද්ගලයෙකුගෙන් මම අසන පොදු ප්‍රශ්නයක් තිබේ. ඇත්තටම මම මේ ප්‍රශ්නය ඇසීමට කැමතිම ප්‍රශ්නයක්. ” ඉලන්දාරියා, ඉතා සුළු පිරිසක් ඔබ සමග එකඟවන වැදගත් සත්‍යය කුමක්ද?” බැලු බැල්මට ප්‍රශ්නය සරලය. නමුත් පිළිතුරු එතරම් සරල නැහැ. එය මනෝ විද්‍යාත්මකවද දුෂ්කරයි. මෙම ප්‍රශ්නයට පිළිතුරු ලෙස බොහෝ අය පවසන පිළිතුරු මට ඇසේ. ” අපගේ අධ්‍යාපන ක්‍රමය බිඳ වැටිලා. වහා එය ප්‍රතිසංස්කරණය කළ යුතුයි.” ” ඇමරිකාව කියන්නේ පට්ට රටක්.” ” දෙවියන් වහන්සේ කියා කෙනෙක් නොමැත.’ මේ හැම පිළිතුරක් දෝෂ සහිතයි. ඒ කිසිදු පිළිතුරක් සාර්ථක පිළිතුරු නොවේ. පළමු හා දෙවන ප්‍රකාශ සත්‍ය විය හැකි නමුදු බොහෝ දෙනා දැනටමත් ඒවාට එකඟ වී හමාරය. තුන්වන ප්‍රකාශය. එය හුරු පුරුදු විවාදයක එක් අන්තයක්. හොඳ පිළිතුරක් පහත ස්වරූපය ගනී.

    Original price was: Rs. 900.00.Current price is: Rs. 720.00.
  • -20%
    (0)

    ෆස්ට් ක්ලාස් – First class

    මගේ අම්මා මට නේත්‍රා’ කියල නම් තිබ්බෙ මං ඉපදෙන්න තියා තමන්ට දරුවෙක් ගැන හිතන්නවත් පුළුවන් වයසකදී නෙවෙයි කියල. එයා කාලෙකට ඉහත දී දවසක් මා එක්ක කිව්ව මට මේ දැන් වගේ මතකයි. අම්මා පරම්පරාවෙන් ධනවත් පවුලක දෙටු දියණිය වෙලා යෞවනයේ දීම පරම්පරාවට පිටුපෑවත්, එයාට ඕන වෙලා තිබුණෙ මොනවද කියල එයා දන්නෙ නෑ කියලයි මගේ හිත දැන් කියන්නෙ. වෙච්චි දේවල් වලට වඩා කරගත්තු දේවල් ගැහැනියකට ඕන තරම් තියෙන්න පුළුවන්. එහෙම කියලා අම්මා කවදාකවත් පිළිවෙතින් පිට පැන්න ගැහැනියක් නෙවෙයි. පාරමිතාවක් පුරන දෙවඟනක් වගේ මගේ අම්මා මාව දෝතට ගන්න ඇති. ඇයගේ අතැගිලිවල පහස අදටත් එහෙමමයි. අද ඇයගේ දෙනෙතින් වැගිරෙන කාන්තිය, මා මෙලොව දුටු පළමු දා ඈ නෙත් තුළින් වැගිරුණ කාන්තියම වෙන්න ඇති. අද, දැන් ඇය තුළ කැලතෙන හැඟුම් සමුදායේ ඛර එදාත් එහෙම ම වෙන්න ඇති. ඒ මනඃකල්පිත කල්පනාවන්, මා සිත තුළ ඇති කරන විශ්වාසයේ පදනමයි. ලෝකය ආදරයෙන් සහ සාදරයෙන් මාව පිළිනොගත්තත්, මං මේ ලෝකයට ආවේ අනෙක් හැමෝම වගේ අඬාගෙන තමයි. ඒ හැඬීම අම්මාට ජීවත් වීමේ පුදුම ආසාවක් ඇති කරවන්න ඇති. ඒත් එදා මෙදා තුර අම්මගේ හැඬීම් ඉස්සරහ මං දියවෙලා යන්නේ ක්ෂණයෙන් කිව්වොත් එය නිවැරදිය.

    Original price was: Rs. 1,000.00.Current price is: Rs. 800.00.
  • -20%
    (0)

    හසරැල් ගංගා – Hasarel ganga

    ඒත් මගේ කටින් වචන ටික පිට වුණාට පස්සෙ ගංගා මගෙන් අඩු තරමේ ඇයි…?’ කියලාවත් ඇහුවේ නෑ. එතකොට ඊළඟට මම කියන්නෙ මොනවද, කරන්න ඕනෙ මොකක්ද කියලා මට හිතාගන්න බැරුව ගියා. මගේ වචන වලට පස්සේ මුළු ලෝකෙම නිහඬ වුණා වගේ මට දැනුණා. එළියේ හුළං හමන හඬ පවා ගොඩ කාලෙකට පස්සෙ මට ඇහුණා. සමහර විට ආපු කම්පනේට එයා මැරුණද දන්නේ නෑ.. කියලා නිහඬතාවය දරා ගන්න බැරි තැන මම හිතුවා. එතකොට නම් මට බය හිතුණා. ඒත් ඉතින් එහෙම මැරුණා නම් වැටෙන සද්දයක් හරි ඇහෙන්න එපෑ! හිට ගෙනම මැරුණ මිනිස්සු ගැන මම අහලා නෑ. තවත් ටික වෙලාවක් බිමම බලාගෙන හිටි මම එයා දිහා බලන්න හිත හදාගත්තේ එයාගෙන් කිසිම විදිහක ප්‍රතිචාරයක් නැති තැන. එහෙම බලද්දි ඇරලා තියෙන ජනේලයෙන් එපිට දුර ඈත බලන් ඉන්න ගංගාව මට පෙනුණා. ඒ දර්ශනේ චිත්‍රයක් වගේ කියලා මට හිතුණා. ඉස්සරම දවසක. පළවෙනි වතාවට කාසා ඇකඩමියෙදී ගංගා මගේ චිත්‍රයකට වාඩි වෙච්ච මුල්ම වතාවෙත් මට එයාව පෙනුණේ මේ විදිහටමයි. එදත් එයා ජනේලෙකින් එළිය බලාගෙන හිටියා. එදත් එයා ඇඳන් හිටියේ කහ පාට සැටින් නයිටියක්. එදත් එයාගෙ උරහිසේ තියෙන තුවාල කැළැල මගේ ඇස් පහුරු ගෑවා. එදායි මෙදායි අතර අපේ ජීවිත කොච්චර වෙනස් වෙලාද?” කියලා ගංගා දිහා බලාගෙනම මම කල්පනා කරා. කල්පනා කරද්දි මට හිතුණා අතීතයට දුවලා ගිහින් ජීවිතේ පරණ සිද්ධි මකලා දාලා එන්න. ඒත් එහෙම අතීතෙට දුවලා යනවා නම් කොච්චර නම් අතීතෙකට දුවලා යන්නද? (2020 මැයි 15 – සිකුරාදා) රෑ හරිම කළුවරයි. අමාවක වෙන්න ඇති, හඳ පළුවක්වත් අහසේ තිබුණේ නෑ. ඒක නිසාම වෙන කවදටත් වඩා තාරකා හොඳට පෙනුණා.

    Original price was: Rs. 1,500.00.Current price is: Rs. 1,200.00.
  • -20%
    (0)

    අඟුරු මල් – Aguru mal

    කෙළවරක් නොපෙනෙන මාර්ගය පුරාම බිම කහපාට රෙද්දත් ඇතිරුවා සේ ඇහැල මල් වැටි පිරි තිබුණි. සැරින් සැරේ හමන සුළඟත් සමඟ එකතු වුණු පාර දෙපස ඇති ඇහැල ගස් වලින් දිගටම මල් වැසි වස්සන්න පටන් ගත්තේය. කිසිඳු ආඩම්බරයක් නොමැතිව එක දිගට මල් වැසි වස්සන ඇහැල ගස් එක්ක සිනාවෙන හුළඟ, මල් පෙති එක්ක මුසු වෙච්ච ආලවන්ත සුවඳක් හැම තැනටම පතුරවමින් උන්නේය. අහසින් වැටුණු තරු කැට මෙන් රත්තරං පාවට ඇහැල ගස් අතරින් වැටෙන හිරු එළියට මාර්ගය පුරා ඇති දිය බිංදු දිළිසෙමින් තිබුණි. රතු රෝස පොකුරක් අතින් ගත්තු කඩවසම් තරුණයෙක් නවීන පන්නයේ මෝටර් රථයකට පිට දී කහ පාට මල් පිරුණු පාර දෙස නොඉවසිල්ලෙන් බලා සිටියේය. ඇහැල මල් පිරුණු පාරට අනෙක් පසින් රෝස පාට ගවුමකින් සැරසුණු ලස්සන තරුණියක් මතුවුණි. ඉක්මන් ගමනින් පාර දිගේ ආපු තරුණිය ඇහැල මල් පිරිණු පාරෙන් අනෙක් පස සිට බලා සිටින කුමාරයෙක් වැනි තරුණයාව දුටුවාය. මුහුණට වැටුණු කෙස් රොද නැවත කන පිටුපසින් රඳවා ගන්නා අතරතුර තරුණියගේ මූණට ලස්සන හිනාවක් නැගුණි. ළා රෝස පාට තොල් සායම් ආලේප කර තිබූ දෙතොල් වලින් සහ රෝස පැහැ කම්මුල් දෙක ඇගේ මුණට ගෙනාවේ. කුලුදුලේ පිපුණු පිරුණු රෝස මලක ලස්සනක්ය. තමන්ගේ අතේ තියන රෝස මල් පොකුරටම වඩා අලංකාරව පාරේ අනෙක් පස සිට තමන් ළඟට එන තරුණියව අර තරුණයාට පෙනුණි. ඉක්මන් ගමනින් අඩි තියමින් රෝස පාට තරුණිය, තරුණයා වෙත දුවගෙන එන්නට පටන් ගත්තාය. ගතවුණේ තත්පරේකින් සීයකටත් වඩා අඩු කාලයක්යය. වේගයෙන් පැමිණි වෑන් රථයක දඩාස් හඬ නංවමින් ගැටුණු සොඳුරු තරුණිය අඩි කිහිපයක් උඩට විසිවී ගියේය. ඒ විසිවුණු වේගයෙන්ම නැවත බිමට ඇඳ වැටුණු කරුණියගේ ශරීරය මීටර් කිහිපයක්ම ඇහැල මල් පිරුණු බිම අවුස්සමින් ඇඳී යන්නට

    Original price was: Rs. 1,300.00.Current price is: Rs. 1,040.00.
  • -20%
    (0)

    ධවල පිල්ලි – Dawala pilli

    නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින බුරවී සුළි කුණාටුව බටහිරට නැඹුරුව වයඹ දෙසට ගමන් කර. ත්‍රිකුණාමලය හා පේදුරු තුඩුව අතරින් මුලතිව් වලට ආසන්නව ශ්‍රී ලංකාවේ ඊසාන දිග වෙරළෙන් බදාදා රාත්‍රියේ දිවයිනට ඇතුළු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. සුළි කුණාටුව සමඟ සුළඟේ වේගය පැයට කිලෝමිටර අසූවත් අනුවත් පමණ වන අතර, විටින් විට එය පැයට කිලෝමිටර් 100 දක්වා වැඩි විය හැකි බවත් මෙය ක්‍රම ක්‍රමයෙන් බටහිර දෙසට ගමන් කොට මන්නාරම් බොක්ක වෙත, බ්‍රහස්පතින්දා එනම් හෙට දින උදෑසන වන විට පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වන බවද ඔවුන් වැඩි දුරටත් පැවසූහ. සුළි කුණාටුව නැගෙනහිර වෙරළට ආසන්න වන අවස්ථාවේදී මුහුදු රළ, උදම් රළ මට්ටමට වඩා මීටර් එකක් පමණ ඉහළ යා හැකි බවද විශ්වාස කෙරේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ මේ හේතුවෙන් දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර් 80 – 100 ත් දක්වා ඉහළ යා හැකි බවයි.

    Original price was: Rs. 1,100.00.Current price is: Rs. 880.00.
  • -20%
    (0)

    චන්ද්‍ර රක්ත – Chandra raktha

    මුළු ආකාශ තලයම ගිගිරුම් දෙමින් චණ්ඩ මාරුතයක පෙරමඟ කියන්නා සේ අකුණු සරින් අලෝකමත් වෙමින් තිබිණි. දසත වූ මහා වෘක්ෂලතාවෝ වේගයෙන් හමා යන මාරුතයෙහි එතී. ඒ මේ අත සෙලවෙමින්, තම අනුශාඛා ආයාසයෙන් දරා සිටියහ. කලබලයට පත් ඇතැම් සුනඛයෝ අන්ධකාරයෙහි ගිලී අකුණු සරින් නිරන්තරයෙන් ආලෝකමත් වන ආකාශ තලය දෙස හිස් හොවා උඩු බිරූහ. ඒ මුළු මහත් ලෝකයක්ම නිද්‍රාගතව හුන් පාළු මධ්‍යම රාත්‍රියකි. වීදියේ විදුලි පහන්වල දැල්වෙමින් තිබූ ආලෝකය නිවී ගොස්, මුළු ප්‍රදේශයම අන්ධකාරයෙහි ගිලී පැවතුණි. සියුම් වීදුරු කැට පොළෝ ගැබ සිසාරා පතිත වන්නා සේ, ඉමක් කොනක් නොමැතිව චිරි චිරි හඬ නගමින් බිම පතිත වන්නා වු අරුමෝසම් වර්ෂාව මධ්‍යයේ ඝන අන්ධකාරය තුළින් අහස් තලයේ සිට පොළොවට බැස ගත් මනුෂ්‍ය රුවැති – අමනුෂ්‍යයෙකි. ඔහුගේ ඇස් ගිනි පුළිඟු සේ රක්ත වර්ණයෙන් දිදුලන්නට විය. මුඛය අගින් රුධිරය ගලා යමින් තිබිණි. එකෙණෙහිම ඔහු පසුපසින් පොළොව මතට පතිත වූ මනුෂ්‍යයෙකුගේ නිසල දේහයකි. තම සහචරයින් දෙදෙනෙකුද කැටුව රාත්‍රී සංචාරයේ යෙදුණු අමනුෂ්‍යයා සිටියේ කොළ

    Original price was: Rs. 1,300.00.Current price is: Rs. 1,040.00.
  • -10%
    (0)

    රාවණ් ලියෝ – Ravan Leo

    “රාවණ්” ප්‍රධානියාගේ තියුණු දෑස් එක එල්ලේම නවකයා වෙත එල්ල විය. ඒ හඬ ගොරෝසුය. බැල්ම නවකයාගේ සර්වාංගයම විනිවිද යන්නක් විය. ඔහු තත්පර කිහිපයක් තම ආධුනිකයාව අධ්‍යයනය කරමින් සිටියේය. ” තමුන්ගේ නම් රාවණ්. එහෙමද ? තමා ඉදිරියේ සිටින නවකයාගේ පෞද්ගලික ලිපි ගොනුවේ කවරය දෙස බලමින් ප්‍රධානියා නැවතත් විමසුවේය. රාවණ් ලියෝ.” නවකයා පිළිතුරු දුන්නේය. “උපන් ගම.. ? ” “ලග්ගල, සර්.” ලග්ගල. ප්‍රධානියා ප්‍රතිරාවය කළේය. එම හඬෙහි සියුම් උපහාසයක් ගැබ් වී තිබිණි. “ලංකාගල, ලක්ගල, යක්ගල, එහෙමත් නැත්නම් ලක්පුර, ලංකාපුර, යක්පුර…” ඔහුගේ වචන හිස් අවකාශයේ දෝංකාර දුන්නේය.

    Original price was: Rs. 1,100.00.Current price is: Rs. 990.00.
  • -20%
    (0)

    වාපි – Wapi

    මිනින්දෝරුවා හෙවත් රිචඩ් කුඩාරමේ එල්ලා තිබෙන ලන්තැරුමෙන් එහා සිට කඩා වදින්නට දඟලන අන්ධකාරයට දැස් දල්වා සිටී. කුඩාරමට වම් පසින් අඟුරු බැස ඇති ගිනිමැලයට දර කොටත් ළං කරමින් ගිනි බෝ කරන්නට කිරාල රෑ පුරා කරන සටන ඔහුට මැනවින් හුරුය. අඟුරු ගොඩ ඉහළින් එල්ලා ඇති දුම්බැඳි කළු ගැසුණු කේතලයේ හූ හඬට කන්දීගෙන කිරාල සිටින්නේ අඳුර දෙස බලාගත් වන මය. මිනුම් සටහන් තැබීමටත්, තම අගනා වාරිමාර්ග වාර්තා ලේඛනගත කිරීමටත් පාවිච්චි කරන අකුළා තැනින් තැන ගෙන යා හැකි කුඩා මේසය මත දෙපා විහිදුවමින් අකුළන පුටුවේ හාන්සි වී පයිප්පය උරන රිචඩ්ට දහවල් දවස පුරා ලයින් කැපීමටත්, තියඩෝලයිට්ටුව ඇතුළු මිනුම් උපකරණ ඔසවා ගෙන සැතපුම් ගණනාවක් දුර පා ගාටමින් හෙම්බත් වූ කම්කරුවන් නින්දෙන් කෙඳිරිගාන හඬ ඇසෙයි. මින්නේරි වැව් හිසින් මෝදු වී එන ළා හඳ යාන්තම් ලපයක් ලෙස අහසේ වැහි බිත්තර අතරින් වරින් වර මතු වෙයි. බිම එළාගත් ගෝනි පඩංගුව මත වකුටු වී කෙඳිරිගාන මිනින්දෝරු පාටියේ කෙසඟ මිනිසුන් දකින රිචඩ්ට අවරදිගුවන් විස්ම පත් කළ මහ සයුරුවන් මහ වාපින් ඉදිකළ විස්මිත වාරි රහස් සඟවා ගෙන මේ පොළොව තුළ සැඟවුණු යෝධ මිනිස් කැලකගේ වත්මන් ජාන සම්පත මේ දැයි මහත් කුතුහලයක් ඇති වෙයි.

    Original price was: Rs. 800.00.Current price is: Rs. 640.00.
  • -10%
    (0)

    අසමජ්ජාති ආදරය – Asamajjathi adaraya

    පිටින් පිටින් ගොම්මන් කළුවර බිම වෙළා ගන්නට මාන බලමින් සිටියි. ගැහැනියක යහන් ගැබක් තුළ පෙරළා ගන්නට යත්න දරනා හැඩි දැඩි පිරිමියෙක් සේ. අර විටෙක ළං වෙමින් ද තවත් විටෙක දුරස් වෙමින් ද මේ නොනිමි අරගලය කරමින් සිටියේ ය. හැඩි දැඩි මිනිසා ස්ත්‍රියක වෙළා ගනිමින් යහන තුළ වතුරුවා මුළුමනින් ම පරාජය කළාක් සේ, මහ මුහුද විසින් අහිංසක ඉර ගිල ගනු ලැබුවේ ය. ඉනික්බිති කල බැගෑනි තත්ත්වය ක්‍රමයෙන් වියැකී ගියේ ය. වෙලාව, නවය හමාර ද පසු වී තිබුණ ද නගරයේ වීථි මතට උස ගොඩනැගිලිවලින් හා වාහන වලින් වැටෙන ආලෝක ධාරා මඟින් සොබා කළුවර යටපත් කරනු ලැබ ඇත. සෙනසුරාදා දවසක් වූයෙන් ද, නවය ද පසු වී තිබුණු හෙයින් ද වෙනදා තරම්වත් කඩිමුඩියක් නොතිබුණ ද සෑහෙන තරම් මිනිසුන් ද ගැහැනුන් ද නැතුවාම නොවේ. ” බස් නැති වුණොත් අපි කොහොම ද යන්නේ?” යි අපේක්ෂා විමසන්නී ය. “කරන්න දෙයක් නෑ. එහෙම වුණොත් එක්කෝ වෙන මොකක් හරි වාහනයක් එනකල් වාත වෙන්න වෙනවා. නැත්තං ඉතිං කොහේ හරි ඉන්න වෙනවා. නලින්දගේ ප්‍රතිචාරය විටෙක අවිනිශ්චිතතාවක් ද තවත් විටක සැකයක් ද පමණක් නොව, වැඩි වශයෙන් ම පෙන්නුම් කළේ, බියකරු බවකි.

    Original price was: Rs. 1,400.00.Current price is: Rs. 1,260.00.
  • -20%
    (0)

    ගෙජ්ජි – Gejji

    අතීතයේ මතක අස්සෙ හිර වෙච්ච මිනිස්සු අපි, ලේසියෙන් ගැලවෙන්න බැරි විදිහට.. රෝද පුටුව මත සිට හාතිය බලා සිටියේ නොනවත්වා ඇද හැලෙන වර්ෂාව දෙසය. පරිසරය තුළ පැවතියේ දැඩි මූසල ස්වභාවයක් බව ඔහුට සිතුණි. තම සිතුවිලි මෙතරම් දුරට චංචල වූ දිනක් පිළිබඳ ඔහුගේ මතකය තුළ පවා නොතිබුණි. සත්‍යා විසින් කරන ලද විශේෂ විමසීම සිය මතකය මීට වසර පහක දුරාතීතයක සිට මෑත අතීතයක් දක්වා කැඳවාගෙන ගියද. ඒ කාලවකවානුව මේ තරම්ම මනසට පීඩාකාරී වනු ඇතැයි ඔහු කිසි ලෙසකවත් නොසිතුවේය. එහෙත් දැන් එය සිදු වී හමාරය. හානිය…. මොකද මේ? ඇයි මේ එළිය දිහා බලාගෙන කල්පනා කරන්නේ? කෝ, සත්‍යා ආවෙ නැද්ද? සුජාතාත් පේන්න නැනේ…. ජැස්මින් ද්වාරය විවර කරගෙනම ආලින්දයට පිවිසි බවවත් භාතියට නොදැනුණේ ඔහු ඒ තරමටම ව්‍යාකූල වූ සිතුවිලි වැලක කිමිද සිටි නිසාය. දස හැවිරිදි දියණිය ඇන්ඩ්‍රියා ද පැමිණි හානියගේ දෙකම්මුල් සිඹ ආදරණීය සිනහවක් පාමින් එතැනින් පිටව යන අයුරු දෙස ඔහු අනෙක් පස හැරී බලා සිටියේය. සත්‍යා මේ දැන් ගියේ මෙච්චර වෙලා මාත් එක්ක කතා කර කර ඉඳලා. සුජාතාත් ඒත් එක්කම ගියා එයාගේ පුතාට සනීප නැහැ කියලා. මාත් කිව්වා ඉක්මනින් ගිහින් බෙහෙත් ටිකක් අරගෙන දෙන්න කියලා, ඔයාලා දැන් එන නිසා…” සුජාතා යනු නිවසෙහි වැඩ කටයුතු කිරීමට සිටින සේවිකාවයි. ඇය උදෑසන පැමිණ ඇවැසි වැඩ කටයුතු කර නැවතත් සවසට පිටව යයි. ජැස්මින් භාතිය අසලම ලී පුටුවෙහි වාඩි වුණේ ඔහුගේ දකුණු පාදය මත සිය වමත තබා ඒ දෑස් දෙස බලමින් සොඳුරු සිනහවක්ද සමඟින්ය. වෙනදා නොවන කිසියම් ව්‍යාකූල හැගීමකින් භාතිය පෙළෙන බව ඇයට සිතිණි. “ඇයි භාතිය….. ඔයා අවුලක නේද? ඔයාගෙ මුණෙන් ඒක හොඳට තේරෙනවා…”

    Original price was: Rs. 1,350.00.Current price is: Rs. 1,080.00.
  • -20%
    (0)

    කර්ම – Karma

    අඹ ගහ පැත්තෙන් ගිරව් රූනක් කියෝ ගන්නවා ඇහුණා. උදේට රැට උන්නෙ කන් කරච්චලේ මහ පුදුමයක් නෙමේ. ඒත් ඉතිං දැන් ඔය කියන උදේවත් රැවත් නෙමේනෙ. මං පැද පැද උන්න ට සර්රෙක පිළිකන්නෙ දාල මිදුලට දිව්වා. අවුරුදු ගාණකින් ගෙඩියක් හැදුන් නැති නාකි අඹ ගහේ තිබ්බ බෙනේක ගිරා පවුලක් උන්නා. පවුලක් කිව්වට පැටවු දෙන්නෙක් රතු හොටවල් එළියට දික්කර කරා ඉන්නවා මං කීප දවසක්ම දැක්කා. අප්පච්චි ලැස්තිය තිවුණෙ නාකි ගහ දරට කපන්න. “බෙනේ ගිරා පැටවු ඉන්නවනේ දැම්ම කපන්න එපා..” අම්මා තමා එහෙම කිව්වේ. මගෙ පොල්පිති ගොනා ඉතර අලි ඔළුවක් තියෙන සුදු කළු වයිරං වැටිච්ච නයෙක් අඹ ගහ දිගේ බඩගානවා. ගිරා රෑන කෑකෝ ගහගෙන වටේට ඉගිළි ඉගිළි ඌට කොටනවා. අපේ ගේ තිබ්බේ වෙල් යායට මුණ දාල. ඔය කබර නයා ඇහැ පේනමානෙ ලියදිවල අව්ව තපිනවා මං අනන්තවත් දැකල තියෙනවා. මෙච්චර කාලෙකට අපි කාටවත් පෙනේ උස්සන තරමෙවත් චණ්ඩිකමක් කරල නෑ. අප්පච්චි කියන්නෙ අඹ ගහ තරමටම ඌටත් දැන් වයසයි කියල. අප්පච්චිත් දැන් මෙතන ඉන්නයි තිබ්බෙ. එහෙනම් බලා ගන්න තිබ්බා නාකියගෙ කෙරුවාව. ඔන්න ඒ ගමන කොහෙද උන්න දෙමළිත්තන් රෑනකුත් ගිරවුන්ට උදව්වට ආවා. කබරයට ඒ පාර නම් ලේසි වෙන්නෑ ඖ. මං හිතුව හරි. එකපාර දෙමළිත්තෙකු ගෙනුයි, ගිරවෙකුගෙනුයි හොටවල් පාර කාපු නාග රාජයා දොහ් ගාල බිමට පත බෑවුණා. “හොඳ වැඩේ උඹට..” මට කියවුණා. අඹ ගහට මෙහායින් නවසි ගහේ බැඳල උන්න කඩියත් හොඳ වැඩේ උඹට කියනවා වගේ දිගටම බුරන්න පටන් ගත්තා. පෙනේ අකුළගත්තු චණ්ඩියා හෙමිහිට ඇළ කණ්ඩිය දිගේ පල්ලම් බැස්සා. ඔය ගියාට මේ පාඩම මතක තියෙන්නෙ ටික වෙලාවයි. මුකුත්ම උනේ නෑ වගේ ලැජ්ජා නැතුව උන්දැ හෙටත් එනවා කියල මංනම් දන්නවා.

    Original price was: Rs. 1,400.00.Current price is: Rs. 1,120.00.
  • -20%
    (0)

    ස්වර්ණරාගය – Swarnaragaya

    ඉහිරුණු සිතුවිලි කැබලි කාමරය පුරා එහේ මෙහේ සැරිසරයි. ඉන් බරැති සිතුවිලි කැබලි පපුවට ළංව තද කරමින් වේදනා ගෙන දෙයි. තාරකා මට හමුවුණු මුල්ම දින එවන් බරැති සිතුවිලි කැබැල්ලක් තිබී මට හමු විය. මා එම සිතුවිලි කැබැල්ල ගෙන එහි තියුණු තුඩ මාගේ පපුවට තබා තදකර ගතිමි. වසර ගණනාවක අතීතයක් දිගේ මම නුගේගොඩ පුස්තකාලය වෙත ඇවිද යන්නට වීමි. ඇය අහිංසක සුන්දර සිනාවකින් මුව සරසාගෙන බලා සිටිය දී මට හමු විය. බරැති සිතුවිලි කැබැල්ල හදවත සිදුරු කොට එහි පදාසයක් කඩා දැමීය. මාතලේ දිස්ත්‍රික්කයේ කඳු වලින් වටවුණු සුන්දර ගම්මානයක ගුරු දෙමව්පිය යුවළකගේ එකම දරුවා මෙන්ම, එකම බලාපොරොත්තුවද වූ ඈ වැනි අහිංසකාවියක් මා වැන්නෙකු ඇගේ පෙම්වතා, අනාගත සහකරුවා ලෙස තෝරා ගත්තේ මන්දැයි මට තවමත් සිතාගත නොහැකිය. එය ඇයගේ වැරැදි තේරීමක් බව මට මේ මොහොතේ හැඟෙන්නා සේම ඇයට ද හැඟෙනු ඇත. නමුත් ඇය කිසිදු මොහොතක බැල්මකින් හෝ මා හට එය දැනෙන්නට ඉඩ දී නැත. එය එසේ වූව ද ඇගේ අහිංසක මුහුණ දකින සෑම මොහොතක දීම මාගේ හෘද සාක්ෂිය තියුණු කටුවකින් හදවතට අනිමින් එය මට මතක් කර දෙයි.

    Original price was: Rs. 1,100.00.Current price is: Rs. 880.00.
  • -10%
    (0)

    සිල්වර් ටිප්ස් – Silver tips

    රාත්‍රියේ පූර්වභාගයේ වැසි වැටුණේ සෙමිනි. එය මංගල යුවළකට පිංතුර සැමරුමකට කදිම මෘදු වැස්සකි. මනා ආලෝකය පාලනයකින්, විශිෂ්ට ගණයේ පිංතූර නිර්මාණය කර ගත හැකි කුඩා බිඳු සහිත වැස්සකි. මනමාලිය කළඹ අහසට විසි කරනා විට මල් සිඹින දිය බිඳු පවා පැහැදිලිව ඡායා රූගත කළ හැකි වැස්සකි. කොටින් ම මල් වැස්සකි. එහෙත් මධ්‍යම රාත්‍රිය වන විටදී වැසි බිඳු ක්‍රමයෙන් ප්‍රසාරණය වී මල් කළඹකට ඔරොත්තු නොදෙනා තත්වයට පත්වෙමින් තිබිණ. අවට පරිසරයේ නැගී සිටි රූස්ස ගහ කොළට පවා ඒ දෙන රිදුම ඉවසිය නොහැකිව බොහෝ වේලාවක් මුගුරකින් තැළුම් කන්නා සේ වේදනාවෙන්, එහෙත් නොබිණූ මුවින් නිදි වර්ජිතව සිටින්නට හිත හදාගෙන සිටියේය. වරින් වර පිපුරුණු අකුණු, උස්ම තුරු හිස් මත පතිත වී, ගස් බඳ බිහිසුණු විදුලි වෙලීමකට ලක්කොට මුදුන් මුල ඔස්සේ දිය බරිත පොළොව පුපුරවා, කිමිදී, අතුරුදහන් වෙමින් තිබුණේය. හිරි වැටී ගිය තම සිරුර නිරුපද්‍රිතද යන්න රූස්ස ගහ කොළට සොයා බලන්නට උපකාරී වූයේ ක්ෂණයකින් ඇති වී නැති වී යන විදුලි එළියයි. ඔව්… එය මුරු ගසන් වර්ෂාවයි. රාත්‍රියේ පශ්චිම භාගය වන විට පුපුරා හැලුණු අහස, ක්‍රමයෙන් ශාන්ත වෙමින් සිටියේය. අකුණු හඬ ඈතින් ඈතට යමින් නුස් පොකුණු කන්දෙන් එපිට සිට දුර්වල අලෝක ධාරා එල්ල කරමින් සිටියි. හෙණ හඬ ඇසෙන්නේ ඇතින් දුම්රියක් කන්දක් නගින හඬ සිහිගන්වමිනි. පරිසරය සන්සුන් වුවද, නොකඩවා දිය උරා බිව් හෙයින්ද, අවශේෂ කුඩා ඇළ මාර්ග වලින් සහ කාණු වලින් සපැමිණි ජල ධාරාවන් නිසාද කුඩා වැල් ඔයට තම ඉවුරු වල උසත් සිරුරේ පළලත් පාලනය කර ගැනීමට දැඩි සටනක නියුක්ත වන්නට සිදුව තිබිණි. බොහෝ වැසි කාලවලදී ඔය, එවැනි හැලහැප්පීම්වලට මුහුණ දෙයි. එහෙත් ගඟකට කිසි දිනෙක ඉවුරක් කඩා බිඳ දමනවා මිස උස්ව නගාලන්නට නොහැකිය. ගොඩ කර ගන්නවා මිසක පතුල හාරා ගැඹුර වැඩි කර ගැනීමට නොහැකිය. උස්ව නැගුණු ජල කඳ නිසා ගම්මානයේ සියලුම බොක්කු, කුඩා පාලම් සහ ඒ දඬු ගෑවී නොගෑවී යන්නට තරම්

    Original price was: Rs. 1,600.00.Current price is: Rs. 1,440.00.