-
බිෂෝප් -Bishop
Original price was: Rs. 800.00.Rs. 720.00Current price is: Rs. 720.00.දෙවනුව මම මගේ අම්මා, අප්පච්චි, අයියා සහ අක්කාට විශේෂයෙන් ස්තුති කළ යතුයි. ගෙදර අයගේ ශක්තිය සහ රැකවරණය මේ පොතට වගේම මගේ ජීවිතයටත් විශාල පිටුවහලක් වුණා. එසේම ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලයේ සියලුම වසරවල මගේ ආදරණීය සහෝදර සහෝදරියන්ට හදවතින්ම ස්තූති වන්ත වෙනවා. ඔවුන්ගේ අගය කිරීම්, ඔවුන් ලබා දුන් ධෛර්ය මා හට දැවැන්ත ශක්තියක් වුණා. එසේම මිලින්ද සාලිය, මහේෂ් නිලංග, හංසි කොමදී, හර්ෂණ නදීප යන මගේ ආදරණීය හිතවතුන් විශේෂයෙන් සිහිපත් කළ යුතුය. ඔවුන් සියලු දෙනාම මේ කතාව අවසාන අදියරට රැගෙන ඒමට විශාල උපකාරයක් සිදු කළ ආකාරය මා හට සැමදා සිහිපත් වනු ඇත. තවද මේ වෙනුවෙන් අලුත් අදහස් සහ තොරතුරු ලබා දුන් ප්‍රගීත් සුපුන් නාලින්ද, ලසන්ත ගිහාන් සහ හෂාන් චින්තක යන මගේ ප්‍රාණ සම මිතුරන් තිදෙනාටද මාගේ ගෞරවය සහ ස්තූතිය ලබාදීමට කැමතියි.
-
බිසෝ උරුමය – Biso Urumaya
Original price was: Rs. 1,250.00.Rs. 1,000.00Current price is: Rs. 1,000.00.වජ‍්‍රය නම්වූ සුන්දර ගිරි රාජධානියේ මහරජුට දාව දාසියක කුසින් උපන් මායා කුමරිය ඇගේ උපතින් දෙවන දින සිට රාජකීය වෙදනාගේ කෲර වෛද්‍ය පරීක්ෂණයක ජීවී මෙවලම වන්නේ පිය රජුගේම අවසරයෙනි. අනාගතයේ එන්නාවූ යුද්ධයකදී ජීව අවියක් වන්නට නියම කර රති කාම කලාවන්හි නිපුණ කරවමින් අභිරූපී ඈ උස්මහත් කරනුයේ සතුරු රජුගේ දිවි තොර කිරීම වෙනුවෙන්මය. වජ‍්‍රයේ මහ රජුගේ අතිජාත දියණී යැයි මුසා දොඩමින් ඈ සතුරු රජු වෙත බිසෝ කොට යැවීම පසුපස ඇත්තේ වසර ගණනාවක රාජ්‍ය තාන්ත‍්‍රික කුමන්ත‍්‍රණයකි. අධිරාජ බෑණනු වූ වර්ධාර මහරජු සුරූපී කුමරි වෙසින් තමුන් වෙත එළැඹෙන මරණය දෝත පා පිළිගනීද?
ජීව අවියක නොකියවා, අත් හැර දැමූ හදවත ඔහු කියවා ගනීද?
මරණයම මිස ජීවිතය බෙදා හදාගන්නට විෂ කන්‍යාවකට හැකි වේද?
බිසෝ උරුමය- වජ‍්‍රයේ ගිරි ශිඛර අතරේත්, වර්ධාරයේ දිව්‍යමය ගංධාරයේත් ජීවත්වූ නන්විධ ස්ත‍්‍රීන්, පුරුෂයින් හා අර්ධ ස්ත‍්‍රී- පුරුෂයින්ගේ ජීවන චරිත අතරේ දිගහැරෙන අපූර්ව කතාපුවතකි. -
මකර සංග්‍රාමය – Makara sangramaya – Aluth tharuna weerayo
Original price was: Rs. 950.00.Rs. 855.00Current price is: Rs. 855.00.එන්ජිමෙන් නැගෙන ගෝෂාව යටපත් වන ආකාරයට මම බෙරිහන් දුන්නෙමි. සෑම අවස්ථාවකදී ම මේ ආකාරයේ බෙරිහන් හඬක් මගේ සැබෑ ම සුන්දර දිනයකි. නිල් පැහැති අහස යට ඇති නිල් පැහැති සාගරය මත අධි වේගයෙන් යාත්‍රා කිරීම සැබෑ ම ජෙට් ස්කී යානාවල නැගී ජලය මත ලිස්සා යන මුවින් නැගෙන්නේ නිරායාසයෙනි. අද වසන්ත සෘතුවේ සුන්දර අත් දැකීමකි. මා ඉදිරියෙන් වේගයෙන් ධාවනය වන්නේ අධිවේගී බෝට්ටුවකි. එයින් නික්මෙන සුදු පැහැති පෙණ දහරාව අතරින් මා පදවාගෙන යන ජෙට්ස්කි යාත්‍රාව ඉදිරියට යන්නේ අධිවේගයෙනි. මම හිස හරවා ෆ්‍රෑන්ක් දෙස බැලීමි. ඔහු ද ජෙට්ස්කි යාත්‍රාවක නැඟී බෝට්ටුව පසුපසින් ලුහු බඳිමින් සිටියි.
-
මගේ ආදර අවනඩුව – Mage aadara awanaduwa
Original price was: Rs. 1,200.00.Rs. 1,080.00Current price is: Rs. 1,080.00.මල්සර දුන්නෙහි හී දෙකකින් සාදන ලද ඔරලෝසු කටුවලින් සමන්විත ප්‍රාකාර හෝරා යන්ත්‍රය සිත් නෙත් සිත් නෙත් සිත් නෙත් හඩ දෙමින් කාලය අතීතයෙන් අනාගතයට අදියි. දෙදුනු රේඛාවන්ගෙන් නිර්මිත සාක්ෂි කුඩු මත මිතුරු සියොත්හු රොද බැඳ සිටිති. එනමුදු අවාසනාව පියපත් අතර රඳවාගෙන සපැමිණි ඔවුන් මෙතැන ගොළුය. පැමිණිලි කුඩුව රෝස මලෙන් ගැවසී ගොස් ය. එහි ඇත්තේ අරුමැසි රූප ඡායාවකි. මා වික්ෂිප්තව සිටගෙන සිටින මේ විත්ති කූඩුව නිමවා ඇත්තේ දහස්වරක් ශෝකය වැයූ වීණාවක තත්වලිනි. මා මුව ද ගොළුව ඇත පෙනෙන්නතෙක් මානයෙහි දිය පොදක් නැත එවැන්නක් කිසිවකුගෙන් නො ඉල්වමි, මක්නිසාදයත් අමපැන් ඉල්ලා හළාහල විෂ ලත් අතීත ජීවිතයක් මට තිබේ. මේ පූර්විකාව තවත් දීර්ඝ කො කරමි කිසිදා නොදුටු නාදුන ඔබ දැන් විනිසුරු අසුනට යා යුතුය. එක් ඉල්ලීමක් පමණක් කරමි. මා නිදොස් කොට නිදහස් නොකරන්න එසේ කළ ද සදාකාලික හෘද සිපිරිගෙයක මා සිර වෙමි මෙතැන් සිට මේ ප්‍රේමණිය උසාවිය ඔබට බාරය.
මේ මගේ ආදර අවනඩුව !
-
මද්දලේනාගෙන් හාදුවක් – Maddelenagen haduwak
Original price was: Rs. 1,400.00.Rs. 1,120.00Current price is: Rs. 1,120.00.ඔන්න ඔහොමයි වුණේ.. 1945 සැප්තැම්බරයේ දිනක. දොස්තර ෆැබියානෝ දොරෙන් ඇතුළු වෙන්න පෙරාතුවෙන් විදුලි සීනු බොත්තම තුන් පාරක් තද කළා. ඉදිරිපස කාමරේ තුබුණ කවිච්චියක වාඩි වෙලා නියපොතු විකන ගමන්, හිස් බැල්මෙන් ඔහේ බලාගත්තු අත බලාගෙන හිටපු කොන්සෙටා ලියෝනිට මේ වෙද්දි බාගෙටත් වඩා ටිකක් වැඩියෙන් පිස්සු. පහු ගිය කාලෙ පුරාවට මූණපාන්න සිද්ධ වෙච්චි දේ එක්ක ඈට ඉහේ කෙස් ගැන ආසාව අත අරින්න වුණා. ඒවා ඔහේ වැටී වැටී නැත්තට ම නැති වෙලා ගියා. මේ කමිසෙ, මගෙ පුතා දැකල අරන් ඇවිත් තිබුණා. දොස්තර මහත්තයා කතාව පටන් ගත්තා. මිනිහ සෙල්ලම් කර කර ඉඳල තියෙන්නෙ ගඟට ඉහළ බෑවුමේ. හරි නම් යන්ඩ සුදුසු නෑ තමයි. ඒත් ඉතිං කොලු වයස නෙ. එතකොට තමයි ඉවුරෙ ගල් දෙකක් අස්සේ මේ කමිසෙ තියෙනව පෙනිලා තියෙන්නෙ.” කමිසේ ඉදිරි පැත්තෙ හරියටම විශාල දතක හැඩේට වියළුණු ලේ පැල්ලමක් තිබුණා. කොලුවා ගෙදර උස්සන් ආපු කමිසෙ දොස්තර මහත්තය කොන් සෙටාට පෙන්නන්න අරන් ඇවිත්. ඈ ඉස්සරහ හිටගත්තු දොස්තර ෆැබියානෝ. කොන් සෙටාට පේන්ඩ කමිසෙ දිග ඇරලා දෙපාරක් විතර ඒ මේ අත හරවලා අල්ලගෙන ඉන්න ගමන් ඉරිච්ච කමිස අතයි. ලේ පැල්ලමයි නූල් දිය වෙච්ච කමිස කරයි පෙන්නුවා. “නෝනා, මට කියන්න. මේක ඔහේගෙ පුතාගෙ නේද?’ ඒ ගමන කොන්සෙටා අත් දෙකෙන්ම කමිසෙ අරන් නාසයට ළං කරල ඉව කළා. කමිසෙ කිහිලි දෙකත් ඉඹලා බැලුවා. “නෑ. කමිසෙ ආපහු දොස්තරට දෙන ගමන් ඈ කිව්වා.
-
මම ගමේ ගම මගේ – Mama game gama mage
Original price was: Rs. 600.00.Rs. 540.00Current price is: Rs. 540.00.කොස් බෙනයේ සිටින දොළ පිදේනි දී යකා පන්නමු පොඩි නැන්දා තාත්තාගේ ඥාති සහෝදරියකි. පිලකින් සහ විශාල ඉස්තෝප්පුවකින් ඉදිරි පස ද, සාලය සහ කාමරය පසු පස කුස්සිය ද ඇති එම නිවෙස ගමෙහි පොදු නිවෙස්හි සැලැස්ම ගත්ත ද එම නිවෙසට තව එබඳුම නිවෙසක් ඈඳා ඇත. එම නිවෙස් දෙකෙහි අක්කා සහ නංගී ජිවත් වූ අතර ඒ දෙදෙනා ම විවාහ වී සිටියහ. පොඩි නැන්දාගේ සාලයෙහි බක්කි කරත්තය නිතරම විරාජමානව සිටිය ද එය වස්සකු බැඳ පාරේ ගිය දිනයක් මට මතක නැත. එම නිවෙස පසු පස විශාල කොස් ගසක් විය. පරම්පරා ගණනක් පරණ එම කොස් ගසෙහි වූ විශාල බෙනය කිසිසේත්ම අමතක කළ නොහැක. කොලු කෙල්ලන් කොපමණ සෙල්ලම් කළත් එම කොස් ගස අසලට නම් අහම්බෙන්වත් යාමට දැක්වූයේ බියකි. එම ගස අසලට කාන්තාවක් කොසයක් කැඩීමට ගියත් තනියෙන් ගියේ නැත. තවකකු සමග යාමට පුරුදු වී සිටි අතර කෙනෙකු නැතිනම් ඒ මොහොතෙහි පාරෙ යන කෙනෙකු හෝ සමග යාමට පුරුදු වී සිටියාය. එම ගස සහ බෙනය එතරම් ගුප්ත වුවකි. මාටින් මහප්පා දින දෙක තුනකට පෙර නැන්දලාගේ නිවෙසට පැමිණි විට අප නිවෙසට ද පැමිණියේ ය. එය ඔහුගේ සිරිතකි. නංගීට සනීප නැහැ. තොවිලයක් කරන්නයි හදන්නේ.
-
මයිසීලියම – Mycelium
Original price was: Rs. 1,100.00.Rs. 990.00Current price is: Rs. 990.00.ජෙසිකාගේ දකුණු කනේ වැදී රොකට්ටුව බිම වැටුණි. ඇය පැලඳ සිටි සුදු පැහැති රවුම් කරා බුව තවමත් සෙලවෙමින් තිබුණි. නමුත් ඒ පිළිබඳ නොතැකු ඇය බිම වැටී තිබුණු කඩදාසි රොකට්ටුව දෙස බලා සිටියාය. එය අතට ගත් ඇය පන්තිය පුරා දෙනෙත් යවමින් එහි අයිතිකරු සොයන්නට වූවාය. ගත වූයේ තත්පර කිහිපයකි. කඩදාසි රොකට්ටුව විසි කළ දරුවා දෙසට අත් දිගු කරමින් අනෙක් දරුවෝ සිනාසෙන්නට වූහ. ඇය ඔහු දෙසට නෙත් යොමු කළා පමණි, දරුවා ඇගේ මුහුණේ වූ කෝපය දැක බිම බලා ගත්තේය. තත්පර කිහිපයකින් ඔහු හෙමින් සීරුවේ නැවතත් ඇය දෙස බැලුවේය. එවරද බියට පත් වූ ඔහු නැවතත් බිම බලා ගත්තේය. ජෙසිකා මුහුණේ ව්‍යාජ කෝපයක් මවා ගත්තේ ඔහු කළ වැරැද්ද පිළිබඳ පෙන්වා දීමේ අරමුණින් යුතුවය. නමුත් ඔහුගේ බියමුසු මුහුණ දුටු ඇගේ මුවට සිහින් සිනහවක් නැගුණේ ඉබේටමය. බිම තිබුණු රොකට්ටුව අහුලා ගත් ජෙසිකාට එය දිග හැර බැලීමේ ළදරු ආසාවක් ඇති විය. ඇගේ මුවට නැඟි සිනහව දෙගුණ තෙගුණ වුයේ දිග හරින ලද කඩදාසියෙහි සඳහන් වූ දෙය දැකීමෙනි.
-
මළවුන්ගේ අවුරුදු දා – Malawunge avurudu da
Original price was: Rs. 850.00.Rs. 765.00Current price is: Rs. 765.00.මගේ මේ කතාව අසා නිම කළ විට මා කෙබඳු කෙනෙකු ලෙස ඔබට හැඟී යා දැයි නොදනිමි. මගේ හදවත ඇති සැටියෙන් දුටුවේ මා කළ කී දේ සියල්ලක්ම දැන සිටි මා පියාණන් පමණි. දෙවෙන්දොරා සං වුව ද මැනවින් මා වටහා ගත්තේ ද කියා මට සැක සිතේ. ඔහු මගේ හදවත දුටුවේ නම් මා මෙසේ හුදකලාව දමා යන්නේ නැත. යළිත් මා වෙත නොඑන්ට යන්නේ නැත. මා දැන් බලා සිටින්නේ මළවුන්ගේ අවුරුදු දා පැමිණෙන තෙක් ය. එදා මා පියාණෝ පෙරළා මොලොවට එති. මේ වර ඔහු රඳවා ගත නොහැකි නම් මම ඔහු කැටුව යන්ට සැරසෙන්නෙමි. නකජිමා සොහොනට ඇතුල්වන්ට මා තුළ වූ ආසාව මම මේ වර සන්සිඳුවා ගන්නෙමි. එපමණකි. මට දැන් ශේෂ වී ඇත්තේ. මා දෙවෙන්දොරා සංට සෑම අනේක වාරයක් කියා යැවුවේ නොපමාව එන්ට කියාය. එහෙත් ඔහු නොආවේ ය. දැන් මා පතමින් සිටින්නේ මළවුන්ගේ අවුරුදු දා නොපමාව පැමිණේවා කියාය. මළවුන්ගේ අවුරුදු දා මගේ ආසා නුසුන් කොට එන බව මම දනිමි. මළවුන්ගේ අවුරුදු දා නොපමාව පැමිණෙතො ම පියාණන් මට නො පමාව හමු විය හැකිය. ඉක්මනින්ම නැවත එතොත් මළවුන්ගේ අවුරුදු දා මටත් නැවත එන්ට ඇහැකි මළගිය ඇත්තන් කැටුව ම මා ක්‍රියා කළ සැටි වැරදිදැයි එවිටම පියාණන්ගෙන් මට ඇසිය හැකි ය. ඔහු හොඳ කෙනෙකු බව මම දනිමි. දෙවෙන්දොරා සං ද මේ වග නිතර කියයි.















