• -20%
    (0)

    ගිකෝර්

    Original price was: Rs. 450.00.Current price is: Rs. 360.00.
  • -20%
    silvabookshop.lk_ guru_geethaya
    (0)

    ගුරු ගීතය – Guru-Geethaya කෙහෙලි ප්‍රකාශන

    එසේ වුණද ඇඳ අවසාන නොකළ ඒ පින්තූර ගැන ඔබ සමඟ කතා කිරිමට මා කැමතිය.ඔබේ උපදෙස් මට බෙහෙවින්ම වටී.මා අඳින චිත්රය පළමුවැනි ගුරුවරයාට,අපේ අයිලයේ පළමුවැනි කොමියුනිස්ට් වාදියාට දුයිෂෙන්ට කැප කරන බව ඔබ දැනටමත් දන්නවා ඇතැයි මම සිතමි. සටන් වලින් පිරී, ඒ අසීරු ජීවිතයත්, විවධ ඉරණම්වලට කැපවු මිනිස් හැගීම් සහ බලාපොරොත්තුත් තෙලි තුඩින් හා සායම්විලන් පිළිබිඹු කල හැකිදැයි මම නොදනිමි.සියල්ල කැටිකොට දැක්වීමට තරම් ශක්තියක් මට තිබේද මා ආසා කරන්නේ මගේ අදහස් ඔබට කියාපෑමට පමණක් නොවේ.ඔබ මා සමඟ එක්වි නිර්මාණාත්මක කලාවේ කොටස්කරුවෙකු විය යුතුය.

    Original price was: Rs. 350.00.Current price is: Rs. 280.00.
  • -10%
    (0)

    ලස්සන වසිලිස්සා – LASSANA WASILISSA

    එකෝමත් එක රටක, බොහොම ඉස්සර කාලේ, එක පුංචි ගෙදරක මහල්ලෙකුයි මැහැලියකුයි හිටියා. මේ දෙදෙනාට හිටියෙ එකම එක දුවක් විතරයි. එයාගෙ නම වසිලිස්සා. ඒ ගොල්ලො බොහොම හොඳට ජීවත් වුණා. හිටි හැටියේම ඒ ගොල්ලන්ට විපතක් සිදු වුණා. වසිලිස්සාගේ මහලු මව අසනීප වුණා. ඇගේ මරණය ළං වුණා. අම්මා වසිලීස්සාට කතා කරලා, ඈට බෝනික්කකු දීලා මෙහෙම කීවා.
    ” අනේ හොඳ දුවේ, මේ බෝනික්කාව කාටවත්ම පෙන්වන්නේ නැතිව පරිස්සම් කර ගනින්. නුඹට විපතක් සිදු වුණොත්, බෝනික්කාට කෑම ටිකක් දීලා උපදෙස් ලබා ගනින්. එයා නුඹට පිහිට වේවි. “
    අම්මා වසිලීස්සාව සිප ගත්තා. ඊට පස්සේ ඈ මළා.
    වසිලිස්සාගේ මහලු පියා ටික කලක් දුක් වුණා. පසුව ඔහු වෙනත් ගෑනියක විවාහ කර ගත්තා. තාත්තා හිතුවේ ඈ හොඳ කෙනෙකු හැටියටයි. එහෙත් ඈ නපුරුයි. වසිලිස්සාව කුඩම්මාට භාර දුන්නා.
    කුඩම්මාට දූවරු දෙදෙනෙක් හිටියා. මේ දෙදෙනා නපුරුයි. මෝඩයි, දඟකාරයි. කුඩම්මා ඇගේ දූවරුන්ට ආදරය කළා. උන්ව හුරතල් කළා. ඈ වසිලිස්සාට නිතරම බණින්නට වුණා. වසිලීස්සාගේ ජීවිතය දුකින් පිරුණා. කුඩම්මයි ඇගේ දූවරු දෙදෙනයි හැම තිස්සේම වසිලීස්සාට නපුරු හිතින් බණිනවා. වැඩ ගොඩක් භාර දෙනවා. එහෙම කළේ මොකටද කියලා දන්නවද? …
    Original price was: Rs. 1,400.00.Current price is: Rs. 1,260.00.
  • -10%
    (0)

    සත් සුමිතුරන් සහ රුක් නිවසේ අබිරහස – Sath sumithuran saha ruk niwase abirahasa

    සත් සුමිතුරන් ගේ කථා මාලාවේ පස් වැනි පොත කියවන්නයි ඔයාලා මේ සුදානම් වෙන්නේ. පිටර්. ජැක්. කොලින්, ජෝර්ජ්. පැම්. ජැනට්. බාර්බරා යන සූර වීර ළමයින් හත් දෙනා සහ ස්කැම්පර් නමින් හැඳින් වෙන සුරතල් බල්ලෙක් ගේ දක්ෂකම් ගැන කියවෙන මේ කථා මාලාව දැනටමත් ඔයාලා ගොඩාක් ආසාවෙන් කියවනවා කියලා මම දන්නවා. එකිනෙකට වෙනස් තේමාවන් යටතේ ලියවුන පොත් පහලොවක් පමණ මේ කථා මාලාවට අයිති වෙනවා. ඉතිරි පොත් ටිකත් හනි හනික ඔයාලට කියවන්න ලැබෙයි. එතෙක් නොඉවසිලිමත්ව බලා සිටින්න.

    Original price was: Rs. 500.00.Current price is: Rs. 450.00.
  • -20%
    (0)

    විල මැද සටන – vila Mada Satana

    ඔහු සෙසු නාවිකයන් සමඟ කතාබහ කළේ අඩුවෙනි. අනෙක් නාවිකයෝ ද ඔහුට එතරම් කැමැත්තක් නොදැක්වූහ. ඔවුන් ඔහු ව හැඳින් වූයේ, ‘මගියා’ යන ආරූඩ නාමයෙනි.
    ” මිනිහා මෙහේට ඇවිල්ල තියෙන්නෙ ජේත්තුවට ඇඳ පැළඳගෙන ඉන්න විතරක් වගේ. යු ද්ධ කරන්න නෙවෙයි වගේ.” – මි ලි ටරි උඩු කබාය පිළිවෙලට පළඳින අතරතුර. ත්රේනර් තරමක කෝපයෙන් කීවේය. “උඩ තට්ටුවට නගින්න වෙලාව හරි. ගිහින් බලමුකො මිනිහට මොකද වෙලා තියෙන්නෙ කියල.’
    ” මිනිහ හොඳටම වෙව්ලනවා.” මුහුණ රතු කරගත් මර්තායිනන් කීවේය.
    ත්රේනර් මහත් සේ කෝපයට පත්වී බැණ වදින්නට විය. ඔහුගේ මුහුණ එක්වර ම කළු ගලක් මෙන් රළු විය. දෙනෙත් රතු විය. සාක්කුවට අත දමා හම් අත්වැසුම් එළියට ගත් ඔහු ඒවා පැළඳ
    ගත්තේය. මැග්නෝලියා ගස් ගැන වූ සිහිනය ත්රේනර් ටික කලකට සාක්කුව ඇතුළේ සිරකොට දැමූ බවක් මර්තායිනන්ට හැඟුණේය.

    “දැන්මම නැංගුරම් උස්සමු.” ත්‍රේනර් රළු හඬකින් කීවේය…

    Original price was: Rs. 450.00.Current price is: Rs. 360.00.
  • -10%
    Rusiyanu_Gammadde_Charikawak_silvabookshop_lkRusiyanu_Gammadde_Charikawak_silvabookshop_lk
    (0)

    රුසියානු ගම්මැද්දේ චාරිකාවක් – Rusiyanu Gammadde Charikawak

    මේ කතාන්දරය පටන් ගැනෙන උදෑසන උණුසුම්, එහෙත් වලාකුළු වලින් බර වූ ඇඳිරි එකක් වීය. රාත්‍රියේ ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් මුළු වනයත් තණ පිට්ටනිත් තෙත බරිත බවක් ඉසිලීය. අතු රිකිලි හැමෙකක ම රැඳී තිබුණු කුඩා ජල බිඳු රිදී පැහැයෙන් දිළිසුණේය. සිය ගණනක් වූ පැළෑටි හා පඳුරු වලින් නිකුත් වුණු සුගන්ධය කාගේ වුවද විඩාව දුරු කොට ප්‍රාණවත් බවක් ඇති කරන්නට සමත් විය.
    අමුතුම මාදිලියේ අභිරහස් බවක් ඉසිලූ කුඩා විලක් වෙත, මම තණ පිට්ටනි මැදින් ගමන් කළෙමි. එම විලේ හෝ ඒ අවට හෝ කිසිදු අභිරහසක් ගුප්ත බවක් නොමැති වග, මනා සිහි බුද්ධියක් ඇති ඕනෑම කෙනෙකුට බැලූ බැල්මට පැහැදිලි වනු නොඅනුමාන ය. එසේ වුවද, වචන වලින් පැහැදිලි කළ නොහැකි අන්දමේ ගුප්ත හැඟීම් සමුදායක් එම විල අසලට ගිය කා තුළත් ඉතිරි විය. ඊට තුඩුදුන් සැබෑ හේතුව සොයා ගැනීමට මා කොතෙක් වෙර දැරුව ද, මාගේ උත්සාහය කිසිදාක සාර්ථක වූයේ නැත.

    Original price was: Rs. 850.00.Current price is: Rs. 765.00.