යොවුන් නවකතා

Show
  • -20%
    (0)

    අපොයියාව

    අපේ ප්රහේලිකාවට වචන පැමිණෙන්නේ ද හරියට මේ පාරවල් සතර ඔස්සේ අප අපේ ගෙදරට පිවිසෙනවා වාගේ ය. අක්කා වැනි සිනිඳු වචන කලින් පැමිණෙයි. අපි වැනි දගකාර වචන රංචු ගැසී පැමිණෙයි. අම්මා, කිරි අම්මා වැනි ගැහැනු වචන මග පාරවල්වලින් ඉක්මනින් අඩි තබා පැමිණෙන අතර තාත්තා වැනි ලොකු වචන රෑ බෝ වී පැමිණෙයි. කෙසේ නමුත් රාත්රිය වන විට සැවොම ගෙදරට එකතු වෙති.

    Original price was: Rs. 600.00.Current price is: Rs. 480.00.
  • -20%
    (0)

    අබිරහස් කඳුවැටිය – Abhirahas Kanduwatiya

    ඒ දප්තිමත් උදෑසනකි. කුඩා ගුවන් තොටුපොළක නවතා තිබූ සුදු පැහැති ගුවන් යානයේ එංජිම මිනිස්සු දෙදෙනෙක් කඩිනමින් පිරික්සමින් සිටියහ. පසෙකට වී එදෙස වුවමනාවෙන් බලා සිටින ළමයින් සිව් දෙනෙකි.
    අප්‍රිකාව බලා ගුවන් ගත වීමට නියමිත තම දෙමාපියන්ට සුබ පැතීම සඳහා මෙම ළමයි ගුවන් තොට වෙත පැමිණ සිටියහ. තාවකාලිකව හෝ තම දෙමාපියන් ගෙන් වෙන් වීමට සිදු වන නිසාදෝ දුක්මුසු මලානික බවක් ඔවුන් වෙතින් දිස් විය. “ ආශ්චර්යවත් ගුවන් ගමන් වික්‍රම ගණනාවක් ම කළ අමිමෙකුයි තාත්තෙකුයි ඉන්න එක නම් සතුටක්. ඒත් ඒ අය ඈත රටකට යන එක නම් සතුටක් නෙවෙයි.” ළමයින් සිව් දෙනාගෙන් එක් අයකු වු මයික් පැවසුවේ ය.
    ” ඒ වුණාට එයාලා ඉක්මනටම ආපසු ඒවි. ඕනෑ නම් තව සතියකින් විතර ආපසු අපට ඒ අය දැක ගන්නට ලැබේවි.” මයික්ගේ නිවුන් සොයුරිය තෝරා පැවසුවාය.
    ” කොහොම වුණත් මට නම් හිතෙනවා ඊට වඩා දිගු කාලයක් ගත වෙයි කියලා.” එවර මයික් පැවසුවේ දොම්නස් සහගත ස්වරයකිනි.

    Original price was: Rs. 500.00.Current price is: Rs. 400.00.
  • -20%
    (0)

    හඳට ගල් ගැසූ කොල්ලෙක්

    “මම උඹත් එක්ක විවාහ වෙනවා කෙල්ලේ. දවසක අපි අපිව පිළිගන්න දෙවි කෙනෙක් ළඟට ගිහින් සුදු පාට මගුල් ගවුමක් ඇඳලා විවාහ වෙමු. ඊට පස්සේ මේ වගේ ලස්සන පළාතක පුංචි ගෙයක් හදාගෙන ජීවත් වෙමු”

    මම සිප ගනිද්දී එයා එක දිගටම කියවන්න ගත්තා. හරියට ඒ සේරම එයා ගොඩක් කාලෙක ඉඳන් හිතාගෙන හිටියා වගේ.

    “ඊට පස්සේ”

    මම ඇහැව්වා.

    “ඊට පස්සේ, අපි දරුවෙක්ව හදාගන්න ගමු”

    “මම කළුයි, ඔයා සුදුයි, ඉතින් මොනවගේ දරුවෙක්වද අපි හදාගන්න ගන්නේ?”

    “ඔයාගේ පාට… මම කැමතියි උඹේ පාටට, මගේ සමන්තාගේ පාටට”

    Original price was: Rs. 980.00.Current price is: Rs. 784.00.
  • -10%
    (0)

    හරි අපූරු ඉස්කෝලේ – Hari Apooru Iskole

    ගැහුණු ළමුන් දෙදෙනාගේ හිසකෙස් දුඹුරු ය.දිලිසෙන සුළු දෙනෙත් නිල් පැහැති ය.දෙතොල් අයර්ලන්ත පෙනුමක් ඇති දැරියන් ගේ කටහඬ නැවත නැවත අසන්නට තරම් මිහිරි ය.
    ”අම්මලා අපි ව වෙන ඉස්කෝලෙකට දාන්න තීරණය කරලා.මේච්චර කාලයක් අපි ඉගෙන ගත්තේ රෙඩ්රූෆ් ඉස්කෝලේ.ඒ වුණාට අපිට වෙන ඉස්කෝලෙකට යන්න වෙලා.මේච්චර කාලයක් ඉගෙන ගත්තු ඉස්කෝලේ අමතක කරලා .යාලුවෝ ටික පැත්තකට දමලා වෙන ඉස්කොලෙකට යන්න වෙලා.මට නම් හිතාගන්නවත් බෑ.”
    ”අපි ඒ ඉස්කොලේ හිටියේ කොච්චර සන්තෝසෙන් ද? ගිය අවුරුද්දේ මමටි පැටුයි දෙන්න ම ශිෂ්‍ය නායිකාවෝ වුණා.ඒ විතරක් ද මම ටෙනිස් ටීම් එකේ කැප්ටන්.පැට් හොකී ටීම් එකේ කැප්ටන්.අපි වෙන ඉස්කෝලෙකට ගියොත් මේ හැම දේ ම නැති වෙනවා.ඒ කියන්නේ අපට මුල ඉඳල ම පටන් ගන්න වෙනවා.”

    Original price was: Rs. 550.00.Current price is: Rs. 495.00.
  • -10%
    (0)

    අපූරු ඉස්කෝලේ අවසන් වාරේ – Apooru Iskole Awasanware

    මෙය ඔබ මෙතෙක් රසවිඳි “අපූරු ඉස්කෝලේ” කතා මාලාවේ අවසන් කතාව යි. st. clare’s නමැති පාසලේ හට ගැනෙන අපූරු සිද්ධීන් පාදක කොට ගනිමින් , ජනප්‍රිය ඉංග්‍රීසි ලේඛිකා Enid Blyton විසින් රචනා කොට, සුදත් රොහාන් විසින් ඔහුට ම ආවේනික අපූරු ශෛලියකින් පරිවර්තනය කරන ලද මේ කතා පෙළ පාඨකයින්ගේ ඉමහත් ආනන්දයට හේතු විය. එහෙයින් මෙවන් වූ තවත් අපූර්ව කතා පෙළක් ඉදිරියේ දී ඔබට තිළිණ කිරීම අපේ අපේක්ෂාවයි.

    Original price was: Rs. 550.00.Current price is: Rs. 495.00.
  • -20%
    (0)

    රාස්සගල කන්ද – Rassagala Kanda

    නිහැඬියාවක් පැතිරුණ අතරේ ටින්කර් හඬ නැගීය. “මම දන්ත තැනක් තියෙනවා. අපේ ප්රදීපාගාරයේ කවුරුත් නැහැ. අපි එතැනට යමු.”
    ‘ ප්රදීපාගාරයක් ” ජෝර්ජ් ඇදහිය නොහැකි ලෙස බැලීය. ” ඉතින් කොහේ ද ඒක තියෙන්නේ? ”
    ” මේක විහිළු කරන වේලාවක් නොවෙයි ” ඩික් තදින් කීය.
    “විහිළුවක් නොවෙයි ” රවාගත් ටින්කර් කිය. “අපේ තාත්තගෙන් අහන්න. එතෙන්ට කවුරුත් එන්නේ නැති හින්දා තාත්තා එක ගත්තා.”
    ” ඒත්, ඔයාට ප්රදීපාගාරයක් නැහැනේ? ඩික් කීය.
    ” මේක පරණ එක. ඊට ටිකක් දුරින් අලුතින් එකක් හදලා තියෙනවා. පරණ එක තාත්තා ගත්තා. එයා වැඩ කරගන්න යන්නේ ඒකට මමත් යනවා. හුඟක් ඉඩ නැති වුණාට අපිට සෙල්ලමි කරන්න ඉඩ තියෙනවා. මගේ උපන් දිනේ දවසේ තාත්තා ඒක මට දුන්නා.”
    ” ඒක අපූරු කතාවක්. ජෝර්ජ්ට තාත්තා දූපතක් දුන්නා. ටින්කර්ට එයාගේ තාත්තා ප්රදීපාගාරයක් දීලා. අපේ තාත්තා මට ගිනි කන්දක් දුන්නා නම් හොඳයි.”
    ජෝර්ජ්ගේ දෑස සතුටින් දිලිසුණි. ” එතැන හොඳයි ද? “
    ” ඔව්. මුහුදු රැල්ලේ සද්දේ විතරයි ” ටින්කර් පැහැදිලි කළේය. ” මුහුදු ළිහිණි එනවා. තාත්තාට උන්ගේ සද්දේ කරදරයක් වුණත් හැමදාම උන්ට කෑම දෙනවා.’
    Original price was: Rs. 300.00.Current price is: Rs. 240.00.
  • -10%
    (0)

    සත් සුමිතුරෝ – Sat Sumithuro

    ඒ ශීත සෘතුවේ දවසක හිම වලින් වැසුණු උද්‍යානය කෙළවරේ තියෙන පාළු බංගලාව පැත්තෙන් මහා අත්භූත හඬක් ඇසෙන්න පටන් ගත්තා. කවුරුත් බංගලාව පැත්තට යන්න කැමති වුණේ නෑ. බංගලාව මුර කරන්නේ හරිම නපුරු මුර කාරයෙක්. මේ අත්භූත හඬ ගැන විමසිලිමත් වුණු සත් සුමිතුරන් පිරිස එක්තරා රාත්‍රියක දී බංගලාව ආක්‍රමණය කළා. එහි දී ඔවුන්ට බිං ගෙයක සඟවා සිටින හරි ම අපූරු හිරකාරයෙක් හමු වුණා. මේ හිරකාරයා කවුද ..?

    Original price was: Rs. 500.00.Current price is: Rs. 450.00.
  • -20%
    (0)

    මායා දූපත – Maya Dupatha

    ” මමත් ආවේ දිවුල් ඇඟිඳින්න. කෝ ඉතින් ආතා මට ඉස්සර වෙලා ඇවිත් දිවුල් ඇහිඳලනේ. ”
    ” මේ………….කොලුවෝ, පණ්ඩිත වැඩ නොකර ගෙදර පලයං. උඹට පුළුවන් ද මේ හිමේ කරක් ගහලා දිවුල් ඇහිඳින්ට? දැන් පොඩ්ඩකට කලිනුත් තනියා මේ ඉසව්වේ කරක් ගහල තියෙනවා.”
    ආතා කොහොම ද දන්නේ තනියා කරක් ගැහුව කියලා. ඔයාට තනියා සැලියුට් ගහල ද ගියේ? ”
    සුනිමල් අබරන්ගෙ කීම තුට්ටුවකටවත් මායිම් නොකර එසේ ඇසුවේ ඔලොක්කුවට මෙන් හිනා වෙන ගමන්ය.
    ” සැලියුට්?”
    අබරන් ආතාට කේන්ති ආවා.
    ” සැලියුට් නෙවෙයි ගොයියෝ. ආන් අර හරියෙ…….” යයි පැවසූ අබරන් දිවුල් මණ්ඩියේ කෙළවර දිහා අත දිගු කර පෙන්වමින්,
    ” මේ….. දැන් හලපු අලි බෙටි තියෙනවා. මම එතනට ගිය වෙලාවෙත් දුම් දමනව ” යැයි කීවේය.
    ” කමක් නැහැ ආතේ, මමත් ගිහින් දිවුල් ගෙඩියක් දෙකක් ඇහිඳ ගෙන එන්නම්.”
    සුනිමල් එසේ කීවේ අබරන් මග ඇරලා තමුන්ගේ ගමන යාමේ අදහසින්.
    ” කොලුවෝ, මම කියපු දේ අහලා මෙන්න මේ දිවුල් ගෙඩි ටිකත් අරන් ආපහු පලයං.”
    අබරන් තම උරපත්ත මත දමා ගෙන තිබුණු මල්ල බිම තියන ගමන් කීවේය.
    ඔහු මල්ලෙන් ගත් දිවුල් ගෙඩි තුන හතර සුනිමල් අතට දුන්නේය. අනතුරුව ඔහු මල්ල කරට ගෙන සුනිමල් පසු කර ඉදිරියට පියනගන්නට වූයේය.

    Original price was: Rs. 500.00.Current price is: Rs. 400.00.
  • -15%
    (0)

    නැතිවුණු කුමාරයා

    මාර්කෝ ලොරිස්ටන් වයස අවුරුදු දහයක පමණ කොලූග ැටයෙකි. මව නොමැති ඔහුට පියා හා ලාසරස් සමග විවිධ රටවල සංචාරය කරන්නට සිදුවේ. ඒ, එක්තරා රහසිගත කාර්යයකට බව ඔහු නොදනී. පාසල් නොගියත් ඔහු තම අනාගත ජීවිතය ගොඩනගා ගැනීමට අවැසි සියලූ ගුණාංග පියාගෙන් උකහා ගන්නා හැටි පුදුම සහගතය. ස්ටෙෆන් ලොරිස්ටන් තම දේශය වූ සමාවියාව පිළිබඳව දැඩි ඇල්මක් ඇති, එය වෙනුවෙන්ම කැපවූ කෙනෙකි.
    අහම්බෙන් හමුවෙන මීයා හෙවත් ජෙම් රැුට්ක්ලිප් සමග මිතුරු වෙන මාර්කෝ අමුතු සෙල්ලමක් පටන් ගනියි. ඒ සෙල්ලමේ අවසානය සමාවියාවේ ඔටුන්න හිමිකරුවා හෙවත් නැතිවුණු කුමාරයා සොයා ගැනීම දක්වා දිවෙන ආකාරය අපූරුය. රසවත්ය. ඔවුන් සොයාගන්නා ඒ සැඟවුණු කුමාරයා කවුරුන්ද?
    Original price was: Rs. 1,275.00.Current price is: Rs. 1,083.75.