• -10%
    (0)

    කටු පඳුර සිපගතිමි

    ලංකාවේ රාජ්ය බලයට එරෙහි ව සන්නද්ධ කැ$රලි දෙකක් මෙහෙය වූ ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ හා හිටපු නායක රෝහණ විජේවීර උලපනේ වතුයායක දී අත්අඩංගුවට පත්ව ඝා$තනය වීමෙන් පසු ඔහුගේ බිරිඳ, ශ්රීමති චිත්රාංගනී ප්රනාන්දු සිය දරුවන් පස් දෙනා ද කැටුව හමුදාවට භාර වූවාය.

    හමුදා අත්අඩංගුවේ දී ඇය දුන් කට උත්තරයයි මේ.

    ශ්රීමති චිත්රාංගනීගේ පවුල් පසුබිම, රෝහණ විජේවීර හමුවීම. ඔහුගේ දේශපාලන කටයුතු, ජනතා විමුක්ති පෙරමුණේ අනෙක් දේශපාලන නායකයන්ගේ හා පාක්ෂිකයන්ගේ ක්රියාකාරකම්, ජවිපෙ දෙවැනි කැ$රැල්ල සමයේ රටේ තත්ත්වය ගැන මෙන් ම රෝහණ විජේවීරගේ ජීවිතයේ අවසන් දවස් කිහිපය ගැන ද මේ කට උත්තරයේ දී විස්තර කෙරෙයි.

    ලංකාවේ දේශපාලනය ගැන විෂයයක් වශයෙන් හදාරන්නවුන්ට, දේශපාලන ඉතිහාසය ගැන උනන් දුවන්නන්ට මෙන්ම සාමාන්ය පාඨකයන්ට ද මේ කට උත්තරයෙන් හෙළිවන තොරතුරු වැදගත් වනු ඇත්තේය

    Rs. 405.00
  • -10%
    (0)

    දුවකගේ කඳුළු – Duwakage Kandulu

    දුවකගේ කඳුළු ගැන…..
    ප්රේමකීර්ති ද අල්විස් නම් කලාකරුවා ගැන හෝ දයා ද අල්විස් නම් වු ප්රවීණ ගුවන් විදුලි වැඩසටහන් නිෂ්පාදිකාව, නවකතාකාරිය, ගීත රචිකාවිය ගැන හෝ නොදන්නෝත් සාහිත්ය කලා ක්ෂේත්රයෙහි වෙත්ද? සුරංගී මේ සුප්රකට කලාකරුවන් දෙපොළගේ එකම දියණිය වුව එක වහලක් යටදී සිය මාපිය සෙනෙහස ලබන්ට තරම් වාසනාවන්තියක නොවූවාය. මන්දයත් සුරංගීගේ බාල කාලයෙහිම ප්රේම කීර්තිත් දයාත් නෛතිකව වෙන් වූ බැවිනි. මේ වෙන්වීම හෝ මෙබඳු වෙන්වීම් සංවේදී දැරියකගේ ජිවිතයට කවර නම් අයුරකින් බලපාතියි සිතිය හැකිද?

    “දුවකගේ කඳුළු’ නමින් මෙසේ එළිදකින්නේ ඒ සිතුවිලි සමුදායයි. සුරංගී මෙහිදී සමාජයට නොබියව හදවතට අවංකව අනුවේදනීය ස්වරයකින් සිය අත්දැකීම් ලොවට හඬගා කියන්නීය. එමගින් දෙදරා යන කුලගෙවල වසන යුවතිපතීන්ට ස්වකීය විවාහ සංස්ථාව ගැන යළි යළිත් සිතන්නට ඇරයුම් කර සිටින්නීය.
    මහාචාර්ය සුනිල් ආරියරත්න

    Rs. 900.00
  • -20%
    (0)

    පර්සෝනා – Parsona

    කාන්තා ව්යවසායකත්වය මුල් කරගත් අගනා නවකතාවකි
    —————————————————————————-
    සිහින දකින්න ධෛර්යයක් අවශ්‍ය නැහැ. නමුත් කිහින විශ්වාස කරන්න මහා ධෛර්යයක් අවශ්‍යයයි. ඒ වගේම

    හදවතින්ම විශ්වාස කරන සිහිනයක් නඹා යන්න බරපතළ අවදානමක් ගන්න ඔබ සුදානම්ද?

    Rs. 1,000.00
  • -20%
    (0)

    පෝරකය ඉව කළ මිනිස්සු – Porakata Iwa Kala Minissu

    අපරාධ වෛද්‍ය විද්‍යා විෂය ඉමහත් කුතුහලය දනවන එකකි. මෙම විෂයයේ එකල ප්‍රවීණයන් වූ මහාචාර්ය නන්දදාස කෝදාගොඩ, මහාචාර්ය සරවන පාවනන්දන් වැනි වියතුන්ගෙන් වෛද්‍ය විද්‍යාලයේ දී ගුරුහරුකම් ලබන්නට වරම් ලද මෙම ලේඛකයා වෛද්‍ය නීති පර්යේෂණාගාරයෙන් ලබා ගත් වෘත්තිමය අත්දැකීම් සමුදාය ඉමහත්ය. මෙම නුහුරු නුපුරුදු විෂය මහජනයා අතරට ගෙන ඒම සඳහා පුරෝගාමී වූවන් අතර ඔහුට අයත් වන්නේ ඉහළම තැනකි. මෙහි දී ඔහු වහරණ බස ඉතා සරලය. මටසිලුටුය. වියරණ නීති රැක ගන්නට දරන වෙහෙස අපමණය. එය අපට පසක් වන්නේ ඔහු පොතක් ලියන්නට අත තබන මොහොතේ සිට ඔහුගෙන් අපට ලැබෙන දුරකථන ඇමතුම්වලිනි. වියත් ඇසුරට ඔහු ප්‍රියය. එම සමාගම්වල දී හොඳ ඇහුම්කන් දෙන්නකු වෙමින් යමක් ඉගෙන ගන්නට දක්වන්නා වූ උනන්දුව ඔහු සතු කැපී පෙනෙන ලක්ෂණයකි.

    Rs. 680.00
  • -20%