-
එදා හෙළ දිව – Eda hela Diwa
Original price was: Rs. 1,000.00.Rs. 900.00Current price is: Rs. 900.00.අය බදු – අය කැමි
ලක්දිව් වැස්සෝ, විරාගත සම්ප්රදාය අනුව වර්ෂයකට තුන් වරක් රජ්ජුරුවන් හට අය බදු දෙති. අලුත් අවුරුදු බද්දය, අභිනව භෝග වර්ගාදිය සඳහා දිය යුතු අලුත් සාල් බද්දය, නොවැම්බර් මාසයේ දේව පූජාදිය සඳහා දිය යුතු ඉල්මහ බද්ද යැයි අවුරුදු පතා ජනතාව විසින් රජ හට දිය යුතු බදු තුනක් ඇත. මෙම ප්රධාන බදු තුන හැරුණු විට යම් අවස්ථාවක දී රජ වාසලට යම් කිසි කුදු මහත් දෙයක් අවශ්ය වුවහොත්: රජුගේ අණ පරිදි ඒ සියල්ල මහජනයා විසින් රජවාසලට සැපයිය යුතු වන්නේය. එසේ ගෙන යා යුතු සුළු අය බදු මුදල් හදලින් සහ වී සහල් ආදී ධාන්යයෙන් සැදුම් ගන්නේ වෙයි.
-
අරාජිකයෙක් ඇවිත් – Arajikayek awith
Original price was: Rs. 1,500.00.Rs. 1,200.00Current price is: Rs. 1,200.00.2022 වර්ෂයේ මාර්තු මාසයේ රසල්ගේ උපන් දිනයට ඔහුගේ මිතුරිය වූ චමරිගෙන් යුවාල් නෝහා හරාරිගේ ‘සේපියන්ස්’ පොත තෑගී ලැබුණ අතර එය ඔහු නොසිතූ අපූරු තෑග්ගක් විය. රසල් තමාගේ ප්‍රියතම විෂය වූ පුරාවිද්‍යාව පොතකටත් වඩා ආශාවෙන් සහ කැමැත්තෙන් සේපියන්ස් වෙත බැඳුණ අතර සේපියස්ද ඔහුව ග්‍රහණයට හසු කරගෙන සිටියේය. මහා පිපිරුමේදී පදාර්ථ, ශක්තිය, කාලය සහ අවකාශය ඇති වීම පිළිබඳ කතාව භෞතික විද්‍යාව ලෙසත්, පරමාණු සහ අණුවල අන්තර් ක්‍රියාකාරිත්වය පිළිබඳ කතාව රසායන විද්‍යාව ලෙසත්, පසුකාලීනව ජීවය ඇති වීම පිළිබඳ කතාව ජීව විද්‍යාව ලෙසත්, එමෙන්ම හෝමෝ සේපියන්ස් ඇති වීමේ දා සිට ගලා ආ මානව සංස්කෘතිමය කතන්දරය ඉතිහාසය ලෙසත් යනුවෙන් පොත ආරම්භයේදීම විවරණයක යෙදෙන යුවාල් නෝහා හරාරි, ක්‍රමිකව පෘථිවියේ රිද්මය තුළ කියවන්නා සමාධිගත කරන අයුරු රසල්ගේ සිත් ගත්තේය.
-
දමරඣ – Damarajha
Original price was: Rs. 1,800.00.Rs. 1,620.00Current price is: Rs. 1,620.00.ගලා යන දිය රළක මෙන් උස් පනත් වීම සහිත වූ රටාවකට මුහුදු ලිහිණින් නෞකාවේ කුඹ ගස අන්තයේ ගෑවී නොගෑවී පියඹා ගොඩබිම දෙසින් හමා ආ සුළං ධාරා විඳ දරාගනිමින්, ඒවාට ප්‍රතිරෝධයට දක්වමිනි. ලිහිණින් රංචුවේ පුරෝගාමී ලිහිණියා රටාවේ ඊ හිසක් වන් තුඩ පියඹා ගියෙන් අන් පක්ෂීන්ට තිබුණේ ඌ ලුහුබැඳීම ම පමණකි. හිරු අතාංගගත වීමට හෝරා කීපයක් තිබුණෙන් ලිහිණින් ඇදෙන්නේ උන්ගේ කැදලි කරා විය නොහැක. සයුරු රළ අතරින් ඔබ මොබ හිස් ඔසවා තිබූ ගල් පර නොසැලකිය හැකි තරමේ වූ බැවින් මුහුදෙන් වෙන් වූ කදිම තටාකයක් වන කොටසකින් සුසැදි ගොඩබිම දෙසට ලිහිණින්ගේ පියා සැරිය යොමු වුයේ කුසට තවත් යමක් එකතු කර ගැනීමේ අභිලාෂය පෙරදැරිවය. ඒ ගෝකණ නතිත්ථය යි. ජම්බුද්වීපය ආශ්‍රිත සාගර කලාපයේ නාවුක වෙළහෙළඳාමේ ප්‍රබල කාරියක් ඉටු කරනා ගෝ කණ්නයේ චිරප්‍රසිද්ධ වරාය යි. මුදු ලිහිණින් රෑන පියඹා ගොස් දැවමය නෞකා තට්ටුවක් මත ගිමන් හරින්නට වූයේ තව මොහොතකින් වරායෙන් ඉවත දමන අබලි ද්‍රව්‍යයක හෝ ධීවරයන්ගේ අපද්‍රව්‍ය වල ඇති යමක් තම රාත්‍රී භෝජනයට ගෙන, වරාය ඉස්මත්තේ ඇති ගල් පරවල ඇති කැදලිවල සිටිනා තමන්ගේ පැටවුන්ට ද ඉන් කොටසක් රැගෙන යාමේ බලාපොරොත්තු ඇතිවය. සැලකිය යුතු තරමේ විශාල වරායේ නෞකා රාශියක් ගාල් කර තිබුණෙන් එහි පිරි ඇති කරදිය පරිමාව පිළිබඳ ඉහළ ප්‍රදීපාගාරයේ සිට බලනෙකුට සිතාගත නොහැකි ය. අ
-
සදහස[දමරඣ 2] – Sandahasa
Original price was: Rs. 2,200.00.Rs. 1,980.00Current price is: Rs. 1,980.00.බොහෝ මුරුණ්ඩ ‘ වාංශික මිනිසුන් නම් රජුගේ නුගුණ කියමින්, ඔහුට සාප කරමින් සිටි සමයකි මේ. තම වංශය නසා රජ බවට පත් වූ ක්ෂත්‍රිය ග්‍රාමණේය වාංශිකයෝ දැන් මේ දඹදිව වයඹදිග සත්‍ය පුත්‍ර මණ්ඩලය නම් වූ මේ දේශය සෑම තැනකම පැතිර සිටිති. උතුරු දිගින් පැමිණෙන්නා වූ පාර්සිවරුන්ගේ සේනාංකයන්ට මුහුණ දීමට තරම් පුණ්ඩු සේනා ශක්තිමත් නොවුවත්, සිංහල රජුගේ පාර්සි මිත්‍ර සබඳතා නිසා එහි යම් සහනදායක බවක් වෙතැයි මුරුණ්ඩ සහ ග්‍රාමණේය දෙවාංශිකයෝම සිතා සිටියහ. එමෙන්ම යවන දේශයේ මහා අලිසන්දර රාජයාට පවා සිංහල රජු හිතවත්කම් පෑවේය. එබැවිනි ඔහු තම පියාණන්ගෙන් උරුම වූ සින්ධු දේශය හැර දමා මුරුණ්ඩ වාංශික සක්කයින්ගේ මේ දේශය තම අණසකට යටත් කරගත්තේ. අසරුවා කෙමෙන් කෙමෙන් මේ ගමන් ගන්නේ වර්තමානයේ සිංහල රජුගේ මාළිගය වූත්, මීට කලකට ඉහත දී පණ්ඩු නම් සක්ක ගෝත්‍රයේ මුරුණ්ඩ වාංශික රජුට අයත්ව තිබූත් සුවිසල් ප්‍රාසාදය දෙසට දිවෙනා අගනුවර ප්‍රධාන වීදිය වෙතටය. අනෙකුත් පරිවාර වීදි තරමට ජනාකීර්ණ නොවූ මේ වීදියේ වැඩි වශයෙන් ගැවසුණේ රාජකීයයන් සහ සෙබළ ජනයාය. කඩපිල් සහ යාචකාදීන්ගෙන් තොර වූ මෙම මහා විදිය කළු ගලින් බැඳ නිමවා තිබුණේ නිතරම ඒ මේ අතට යනෙනා අශ්ව රථ, අසරුවන් ආදීන්ගේ පහසුව තකාය. මඟ දෙපස වැඩිමනත් පැවතියේද රාජකීයයන්ගේ කිසියම් රාජකාරි කටයුතු සඳහා යොදාගනු ලැබුණා වූ කාර්යාල වර්ගයේ ගොඩනැගිලීම පමණි. දළ පිළි පොරවාගත් අසරුවා රැගත් කාළ වර්ණ අසු මහා වීදියට අවතීර්ණ වූ පසුව ඌට ඒකාකාරි ගමනක යෙදීමට අවසර ලැබිණි. අසරුවා එතෙක් වේලා සිදු කළ ප්‍රවේශම් සහිත අසු හැසිරවීම අවසන් කර ඌට නිදහසේ ඉදිරියට ගමන් කිරීමට ඉඩ ලබා දී තිබිණි. ඒ වෙනුවට ඔහු සිදු කළේ පරීක්ෂාකාරී අන්දමින් වටපිටාවේ වූ ගොඩනැගිලි ආදිය දෙස බැලීමයි.
-
මඟ දිගට ජනකතා 2 – maga digata janakatha
Original price was: Rs. 600.00.Rs. 540.00Current price is: Rs. 540.00.මාරස්සන ඩී. පී. වික්‍රමසිංහ මහතා ගම් නියම්ගම්වල රජයේ පාසල් හි මුල් ගුරු පදව් දැරූ කෙනෙකි. තමා සේවයට පත් වී ගිය සෑම පාසලක් ම පිහිටි ගමේත්, අවට ගම්වලත් ඓතිහාසික තොරතුරු, ජන විශ්වාස, වෙද හෙදකම් ආදිය පළාත් වාසීන්ගෙ න් විමසා සොයා බැලීමත්, එමඟින් සපයා ගත් කරුණු පොතක සටහන් කර තැබීමත්, හේ විනෝදාංශයක් ලෙස පුහුණු කර ගති. කටකතා වලින් මතු වූ ඓතිහාසික කරුණු තහවුරු කරනුවස් පතපොත කියවා කරුණු සෙවීම ද ඒ සමඟම කෙරිණි. උඩරට, පහතරට, රජරට ආදී සෑම පළාතෙකම සේවය කරන කාලයේ එසේ රැස්කර ගත් කරුණු වලින් බිඳක් තමා සේවයෙන් විශ්‍රාමලත් කාලයේ පොතකට නැඟුණු සැටියි මේ. මේ ජනකතා එකතුවේ පළමුවන කොටස මඟ දිගට ජනකතා නමින් මුද්‍රණයෙන් නිකුත්ව ඇති අතර, මඟ දිගට ජනකතා – 2 නමින් මෙසේ පළවන්නේ දෙවන කොටසයි.
-
මඟ දිගට ජනකතා 1 – maga digata janakatha
Original price was: Rs. 980.00.Rs. 882.00Current price is: Rs. 882.00.මාරස්සන ඩී. පී. වික්‍රමසිංහ මහතා ගම් නියම්ගම්වල රජයේ පාසල් හි මුල් ගුරු පදවි දැරූ කෙනෙකි. තමා සේවයට පත් වී ගිය සෑම පාසලක් ම පිහිටි ගමේත්, අවට ගම්වලත් ඓතිහාසික තොරතුරු, ජන විශ්වාස, වෙද හෙදකම් ආදිය පළාත් වාසීන්ගෙන් විමසා සොයා බැලීමත්, එ මඟින් සපයා ගත් කරුණු පොතක සටහන් කර තැබීමත්, හේ විනෝදාංශයක් ලෙස පුහුණු කර ගති. කටකතා වලින් මතු වූ ඓතිහාසික කරුණු තහවුරු කරනුවස් පතපොත කියවා කරුණු සෙවීම ද ඒ සමඟම කෙරිණි. උඩරට, පහතරට, රජරට ආදී සෑම පළාතෙකම තමා සේවය කරන කාලයේ රැස්කර ගත් කරුණු වලින් බිඳක් තමා සේවයෙන් විශ්‍රාමලත් කාලයේ පොතකට නැගුණු සැටියි මේ. මෙම කෘතියෙහි දෙවන කොටසද මඟ දිගට ජනකතා 2 නමින් මුද්‍රණයෙන් නිකුත්ව තිබේ.







