දේශපාලන - Politics

  • -10%
    (0)

    1981 යාපනය ගිනිලෑම- 1981 Yapanaya Ginilema

    Original price was: Rs. 800.00.Current price is: Rs. 720.00.

    දේශපාලන පොලීසියේ වැඩ ඇල්ලීම යළිත් උත්සන්න වෙමින් පවතී. එය ජන ජීවිතයේ පැවත්මට තර්ජනයකි. අමන පාලක පැලන්තියකින් නිදහස් විමට රටවැසියනට ඇති අයිතිය පාගා දැම්මකි. නීතියේ ආරක්ෂකයා විය යුතු පොලීසිය දේශපාලකයාගේ ආරක්ෂකයා වීම ආරම්භවන්නේ කොතැනකින්ද? එහි ස්භාවය කෙසේවිද? මේ ගවේෂණාත්මක වාර්තාවෙන් සොයා බැලෙන්නේ එයයි. මෙය දශක තුනකට ආසන්න කාලයක වෙහෙසකි. 1981 යාපනය ගිනි ගැන සිංහලෙන් ලියැවෙන මුල්ම ගවේෂණාත්මක කෘතිය ද වන්නේය. පාලකයන් බංකොළොත් කළ අඳුරු රටක වෙසෙන ජනයාට ඉසුරුමත් හෙට දවසක් උදා කර ගැනීමට යන ගමනට මේ කෘතිය බලවත් ආලෝකයක් සපයනු ඇත.

    නන්දන වීරරත්න, පුරෝගාමි ගවේෂණාත්මක වාර්තාකරුවෙකි. යුද පුවත් වාර්තාකරුවෙකි. වාර්තා චිත්‍රපටකරුවෙකි. ඔහු සතිඅග අරුණ, මව්බිම, රාවය, නියමුවා, සීනුව හා කම්කරු මාවත ඇතුළු පුවත්පත් ගණනාවකට ගවේෂණාත්මක වාර්තා හා විශේෂාංග රචනා කළේය. ලෝක පුවත් සේවයක් වන බිබිසී හි සංදේශය ගුවන් විදුලියේ වැඩසටහන් සම්පාදකයෙකු ද විය.

  • -10%
    (0)

    එළියකන්ද වධ කඳවුර – Aliyakandha Wada Kadhaura

    Original price was: Rs. 850.00.Current price is: Rs. 765.00.
    1990 දී රට හැර දා ගියාට පසු මා නැවත මව් බිමට පැමිණියේ 2001 දී පුරා වසර 10 කට පසුවය. යම් අවිනිශ්චිත හැඟුම් සමුදායක් හදවතේ පොර කද්දී වුව මව්ව්බිමට ගිය වහාම මා යායුතු ගමන් දෙකක් ගැන මට සෑම තත්පරයක දීම සිහි විය. පළමුවැන්න අම්මා නිදන සොහොනට ගොස් මල් මිටක් පුදා දණ ගසා වැඳීමය. දෙවැන්න මා දරුණු ව ධ යට ලක්වූ එළියකන්ද ව ධ කඳවුර ‘ පිහිටි ප්රදේශය දැකබලා ගැනීමය.
    මව් බිමට ගිය දිනට පසුවදාම අම්මාගේ සොහොනට ගිය මම අවසන් වරට ඇයගේ දෙපා වැඳීමටවත් වරම් නොලද අවාසනාවන්ත පුතුට සමාව දෙන්නැයි ඉල්ලා සිටියෙමි. මගේ හොඳ අම්මා, පෙරදී කළාක් මෙන්ම ඇයගේ මුරණ්ඩු, හිතුවක්කාර පුතුට සමාව දෙන්නට ඇත.
    ඉන්පසුව මගේ ඉලක්කය වූයේ එළියකන්ද ව ධ කඳවුර සොයා යාමය. එහෙත් එළියකන්ද ව ධ කඳවුරෙහි මා රඳවා සිටි මුළු කාලයේදීම මගේ දෙනෙත වසා රෙදිකඩක් බැඳ තිබුණෙන් එය පිහිටි ස්ථානය ගැන මම කිසිත් දැන නොසිටියෙමි. දෛවයෝගයකින් මෙන් මට සුදු මල්ලී’ (ආරූඪ නමකි) හමු වූයේ මේ අතරය.
  • -10%
    (0)

    ජාතිවාදය ඇවිස්සු ගර්භාෂ යුද්ධය- JATHIWADAYA EVISSU GARBHASHA YUDDHAYA

    Original price was: Rs. 700.00.Current price is: Rs. 630.00.

    ඕනෑම බොරුවක සැබෑව කිනම් දවසක හෝ හෙළිදරව් වීම නොවැළැක්විය හැක්කකි. බොරුවක් නිරන්තරයෙන් රැක ගැනීමට කරනු ලබන උත්සාහයද, රබර් බෝලයක් අතින් දිය යට සඟවා තැබීමට කරනු ලබන උත්සාහයකට දෙවෙනි නොවේ.

    කුරුණෑගල රෝහලේ ප්‍රව හා නාරිවේද අංශයේ ජ්‍යේෂ්ට වෛද්‍යවරයෙකු වන වෛද්‍ය සේගු ෂියාදීන් ෂාෆි විසින් ‘ මව්වරුන්ට සිදු කරනු ලබන සිසේරියන් සැත්කම්වලදී, සැත්කමට බඳුන් වෙන කාන්තාවන් හොර රහසේ වන්ධ්‍යාකරණයට ලක් කරන්නේය’ යන චෝදනාව ආරම්භ වූයේ කුරුණෑගල රෝහලෙනි.

    පසුව මෙයට ශ්‍රී ලංකා පොලිසිය ද එක් වූයේය. දිනපතා ‘දිවයින’ පුවත්පත ඔස්සේ මේ ව්‍යාජ සිද්ධිය පළ කරන ලද්දේ මැනවින් පලිප්පු දමමිනි.

    මේ සමගම දේශපාලනඥයන් වන විමල් වීරවංශ මහතා හා අතුරලියේ රතන වැනි ආගම්වාදී භික්ෂූන්ද එකී ගින්නට පිදුරු දමමින්, එය ‘ගර්භාෂ යුද්ධයක්’ බව පැවසූහ. මෙම තොරතුරෙන් සිංහල ජාතිය කළඹවන්නට කැස කැවුවත්, කුමක් හෝ හේතුවක් නිසා එය ඔවුනට කර ගැනීමට නොහැකි විය.

    මෙම සිද්ධියේදී ඇතැම් පුවත්පත් සහ රූපවාහිනී මාධ්‍ය ඊට උඩගෙඩි දීම කනගාටුවට කරුණකි.
    (කර්තෘගේ සටහන)

  • -10%
    (0)

    බටලන්දට ගිනි තැබුවෙමු – Batalandata Gini Thabuwemu

    Original price was: Rs. 1,000.00.Current price is: Rs. 900.00.

    බටලන්දට ගිනි තැබුවෙමු ජනමාධ්‍යකරුවකුගේ දශක කීපයක ගවේෂණයකි. ජීවිතය පරදුවට තබා නිල අපරාධකරුවන් සොයා රටවල් ගණනාවකට යමින් කෙරුණු වීර චාරිකාවකි. බටලන්ද කොමිසම ආරම්භ වූයේ ඔහු රහස් පොලීසියට කළ පැමිණිල්ලක් අනුවය. බටලන්දට ගිනි තැබුවෙමු මේ අතීත වාර්තාකරණය වර්තමානයට යා කිරීමකි. ත්‍රාසජනක චිත්‍රපටයක හැඩය ගත්ත ද මේ ග්‍රන්ථය, ජිවත් වූ හා ජිවත් වෙමින් සිටින මිනිසුන්ගේ සැබෑ නම්ගම් වලින්ම රචනා වූවකි. මහජන ඡන්දයෙන් බලය ලැබූ දේශපාලකයන්, මහජන මුදලින් වැටුප් ලබන නිලධාරින් සහ ජන ජීවිතයේ වසා සිටින කිනිතුල්ලන් බදු අපරාධකරුවන් එකම වහලක් යටට රැස්වි අනෙකාගේ ඉරණම තීරණය කළ ආකාරය මේ ගවේෂණාත්මක වාර්තාව තහවුරු කරයි.

    නන්දන විරරත්න, ලේඛකයෙකි. වාර්තා චිත්‍රපටිකරුවෙකි. ඔහු කම්කරු මාවත’, ‘සීණුව, ගිනි සිළුව’, ‘රාවය’ මව්බිම, ‘රතු තරුව’ සහ ‘සතිඅග අරුණ’ පුවත්පත් වලට වාර්තා සැපයුවේය. විශේෂාංග රචනා කළේ ය. ලන්ඩනයේ බිබිසී ලෝක සේවයේ වැඩසටහන් සම්පාදකයෙකු ද (1995 –2001) විය. ඔහු පුරෝගාමි ගවේෂණාත්මක ජනමාධ්‍යකරුවෙකි. ඊළාම් යුද්ධය, ඊළාම් භූමියේ සිට වාර්තා කිරීමේ පුරෝගාමියෙකි. කමල් අද්දරාඅරච්චිගේ ස්ත්‍රී දුෂණ’ නඩුව, පිරිසිදු මහත්වරුන්ගේ බටලන්ද වධකාගාරය’ කුලය හා දේශපාලන ප්‍රචණ්ඩත්වය හා ඝාතන ගම්මාන (1998/89) ගැන ඔහු ගවේෂණාත්මක වාර්තා, ගුවන්විදුලි වැඩසටහන් සහ වාර්තා චිත්‍රපට නිර්මාණය කළේ ය. ඇමෙරිකා එක්සත් ජනපදයේ දී හා බ්‍රිතාන්‍යයේ දී යුද වාර්තාකරණයට හා ගවේෂණාත්මක ජනමාධ්‍යකරණයට පුහුණුව ලැබුවේය.

  • -10%
    (0)

    මොසාඩ් – Mossad

    Original price was: Rs. 1,495.00.Current price is: Rs. 1,345.50.

    “ඊශ්රායල බුද්ධිමය මෙහෙයුම් ඉතිහාසයේ, අති විශිෂ්ට වෘත්තාන්තරයන්ගේ, ලොමු දැහැගැන්වෙන ක්රියාකාරකම් සමහරක් එහි ඇතුළු තතු දන්නා දෙදෙනෙකු විසින් අනාවරණය කරන මෙම පොතෙහි අවධානය යොමුව ඇත්තේ කීර්තිමක් මාසාඩ් වංශකතාවේ එන අද්විතීය පැහැරගැනීම්, රහසිගත මෙහෙයුම්,කඩාකප්පල් කිරිම් හා ඝාතන පිටුපස වූ මෙහෙයුම් ක්රියාදාමයන් සහ පුද්ගලයන් කෙරෙහිය,