දේශපාලන - Politics

  • -10%
    (0)

    1981 යාපනය ගිනිලෑම- 1981 Yapanaya Ginilema

    Rs. 720.00

    දේශපාලන පොලීසියේ වැඩ ඇල්ලීම යළිත් උත්සන්න වෙමින් පවතී. එය ජන ජීවිතයේ පැවත්මට තර්ජනයකි. අමන පාලක පැලන්තියකින් නිදහස් විමට රටවැසියනට ඇති අයිතිය පාගා දැම්මකි. නීතියේ ආරක්ෂකයා විය යුතු පොලීසිය දේශපාලකයාගේ ආරක්ෂකයා වීම ආරම්භවන්නේ කොතැනකින්ද? එහි ස්භාවය කෙසේවිද? මේ ගවේෂණාත්මක වාර්තාවෙන් සොයා බැලෙන්නේ එයයි. මෙය දශක තුනකට ආසන්න කාලයක වෙහෙසකි. 1981 යාපනය ගිනි ගැන සිංහලෙන් ලියැවෙන මුල්ම ගවේෂණාත්මක කෘතිය ද වන්නේය. පාලකයන් බංකොළොත් කළ අඳුරු රටක වෙසෙන ජනයාට ඉසුරුමත් හෙට දවසක් උදා කර ගැනීමට යන ගමනට මේ කෘතිය බලවත් ආලෝකයක් සපයනු ඇත.

    නන්දන වීරරත්න, පුරෝගාමි ගවේෂණාත්මක වාර්තාකරුවෙකි. යුද පුවත් වාර්තාකරුවෙකි. වාර්තා චිත්‍රපටකරුවෙකි. ඔහු සතිඅග අරුණ, මව්බිම, රාවය, නියමුවා, සීනුව හා කම්කරු මාවත ඇතුළු පුවත්පත් ගණනාවකට ගවේෂණාත්මක වාර්තා හා විශේෂාංග රචනා කළේය. ලෝක පුවත් සේවයක් වන බිබිසී හි සංදේශය ගුවන් විදුලියේ වැඩසටහන් සම්පාදකයෙකු ද විය.

  • -10%
    (0)

    පාස්කු ඉරිදා ප්‍රහාරය – Pasku Irudina Praharaya

    Rs. 1,350.00
    පාර රාජ්ය නොහොත් පත්ලෙහි රාජ්යය [Deep State) යනු රාජ්ය ප්රතිපත්ති රහසිගතව හැසිරවීමට හෝ පාලනය කිරීමට සම්බන්ධ යැයි විශ්වාස කෙරෙන, අන්තවාදී මතවාද මත යැපෙන සාමාන්යයෙන්ය රාජයේ හෝ හමුදාවේ හෝ බලගතු සාමාජිනයන් පිරිසේනගෙන් සැදුමිලන් ජාලයනි. එය තමන්ගේම න්යාය පත්රයන් ඇතිව සහ ස්වතීයා ඉලක්ක හඹා යාම සදහා රාජ්යයන දේශපාලන නායක්නන්වයෙන් කාපේක්ෂ ස්වාධීනත්වයන් ඇතිව හෝ හැනිව ක්රියාත්මක විය නැති රහයිගත යු දමය බල ජාලයන්ගෙන් සැදුම් ලන් ව්යුහයකි. මෙම කෘතිය සාක්ෂි සහ විශ්ලේෂණ ඉදිරිපන් කරමින් තර්න කරන්ගේ 2019 පාස්කු ඉරිදා ප්රහා මෙරට දේශපාලන අර්ථයෙන් යටි බිම්ගතව පවත්නා එවැනි පාර රාජයන ගනය පත්රයන් සහ අනුදැනුම මත සිදු වන්නට ඇති බවයි.
    සමාජ සාධාරණත්වය උදෙසා අඩ සියවසන් ඉක්ම වූ සමාජ දේශපාලන නියානාරීත්වයනට උරුම නින සුනන්ද දේශප්රිය ලේඛනයෙන මාධ්යවේදියෙ; කතුවරයෙන; හිමිකම් ක්රියාදරයෙනි.
  • -10%
    (0)

    බටලන්දට ගිනි තැබුවෙමු – Batalandata Gini Thabuwemu

    Rs. 900.00

    බටලන්දට ගිනි තැබුවෙමු ජනමාධ්‍යකරුවකුගේ දශක කීපයක ගවේෂණයකි. ජීවිතය පරදුවට තබා නිල අපරාධකරුවන් සොයා රටවල් ගණනාවකට යමින් කෙරුණු වීර චාරිකාවකි. බටලන්ද කොමිසම ආරම්භ වූයේ ඔහු රහස් පොලීසියට කළ පැමිණිල්ලක් අනුවය. බටලන්දට ගිනි තැබුවෙමු මේ අතීත වාර්තාකරණය වර්තමානයට යා කිරීමකි. ත්‍රාසජනක චිත්‍රපටයක හැඩය ගත්ත ද මේ ග්‍රන්ථය, ජිවත් වූ හා ජිවත් වෙමින් සිටින මිනිසුන්ගේ සැබෑ නම්ගම් වලින්ම රචනා වූවකි. මහජන ඡන්දයෙන් බලය ලැබූ දේශපාලකයන්, මහජන මුදලින් වැටුප් ලබන නිලධාරින් සහ ජන ජීවිතයේ වසා සිටින කිනිතුල්ලන් බදු අපරාධකරුවන් එකම වහලක් යටට රැස්වි අනෙකාගේ ඉරණම තීරණය කළ ආකාරය මේ ගවේෂණාත්මක වාර්තාව තහවුරු කරයි.

    නන්දන විරරත්න, ලේඛකයෙකි. වාර්තා චිත්‍රපටිකරුවෙකි. ඔහු කම්කරු මාවත’, ‘සීණුව, ගිනි සිළුව’, ‘රාවය’ මව්බිම, ‘රතු තරුව’ සහ ‘සතිඅග අරුණ’ පුවත්පත් වලට වාර්තා සැපයුවේය. විශේෂාංග රචනා කළේ ය. ලන්ඩනයේ බිබිසී ලෝක සේවයේ වැඩසටහන් සම්පාදකයෙකු ද (1995 –2001) විය. ඔහු පුරෝගාමි ගවේෂණාත්මක ජනමාධ්‍යකරුවෙකි. ඊළාම් යුද්ධය, ඊළාම් භූමියේ සිට වාර්තා කිරීමේ පුරෝගාමියෙකි. කමල් අද්දරාඅරච්චිගේ ස්ත්‍රී දුෂණ’ නඩුව, පිරිසිදු මහත්වරුන්ගේ බටලන්ද වධකාගාරය’ කුලය හා දේශපාලන ප්‍රචණ්ඩත්වය හා ඝාතන ගම්මාන (1998/89) ගැන ඔහු ගවේෂණාත්මක වාර්තා, ගුවන්විදුලි වැඩසටහන් සහ වාර්තා චිත්‍රපට නිර්මාණය කළේ ය. ඇමෙරිකා එක්සත් ජනපදයේ දී හා බ්‍රිතාන්‍යයේ දී යුද වාර්තාකරණයට හා ගවේෂණාත්මක ජනමාධ්‍යකරණයට පුහුණුව ලැබුවේය.