-
(0)By : Melissa Wiley
විලෙන් එහා ඈත ඉවුර – Wilen eha atha iwura
ශ්‍රීත ඍතුවේ මුල දී මිනිසුන්ගෙන් පිරි ඝෝෂාකාරීව තිබූ පර්වත නිවස මේ වන විට සහමුලින්ම හිව, නිහඬතාවකට පත් ව තිබේ. මාර්තාගේ මවත්, සොහොයුරියත් මුළු දවස පුරා නිහඬ ව නූල් කටිමින්, ගොතමින්, මසමින් සිටින්නෝ ය. මවගේ ස්වභාවය සපුරා වෙනස් වී ඇත. පියාගෙන් ලිපියක් ලැබෙන තෙක් ඈ දින ගත කරන්නේ නොඉවසුම්ව ආතතියෙනි. තාත්තා ග්ලෙන් කරියාඩ් නිම්නය හැර ගොස් තුන් මාසයකට ආසන්න ය. පසුගිය දෙසැම්බර් මාසය පුරා ඔවුන්ගේ පර්වත නිවසේ ආගන්තුක සත්කාර ලද හැරි මාමාත්, ග්‍රිසිල්ලා නැන්දා සහ ඔවුන්ගේ දරුවනුත් සමඟයි තාත්තා නික්මුණේ. ඔවුන් සිටින විට නිවස බැටළු ගොවිපළ තරම් කලබලකාරී විය. නිවසේ කාමර හෝ වෙන කිසි ස්ථානයක පාළුවට ගිය මුල්ලක් දැක ගැනීමට නොහැකි තරම් ය. එක්කෝ යමෙක් නිදයි, නැත්නම් ගොතයි, පොත් කියවයි. ඒත් නැත්නම් ආහාර ගනිමින් හිඳියි. කෝකි නෝනා මාර්තාට පැමිණිලි හඬින් පැවසුවේ දැන් නිවස තුළ වාසය කිරීම කුණාටුවක් සමඟ පොර බැඳීමකට සමාන බව කියමිනි. නමුත් මාර්තා නම් ඒ කලබල, ඝෝෂාකාරී සැම මිනිත්තුවකටම ආදරය කළාය. ඉන්පසු තාත්තා, හැරී මාමා, නැන්දා සහ ඥාති සොයුරු සොයුරියෝ ගමන් මලු සූදානම් කරගෙන සමු ගත්හ. ඔවුන්ගෙන් හිස් වූ නිවස මහා කුණාටුව නිම වී අවසන් රැල්ලට සියල්ල ගසාගෙන ගිය කලක තරම් මූසල පෙනුමින් යුතුය.
Rs. 900.00Original price was: Rs. 900.00.Rs. 720.00Current price is: Rs. 720.00.
