• -20%
    (0)

    11 / ELEVEN

    මෙය අද්භූත, ඔබ කිසිසේත්ම විශ්වාස නොකරන කරුණුවලින් පිරි ඇත්තා වූත්, විශ්මයජනක කතන්දරයකි. දිනෙක ඔබ මෙය කියවද්දි මා ජීවතුන් අතර නොසිටියහොත්, මතක තබා ගන්න මේ ලියන්නා වූ සියලුම දැ මා විසින් මුහුණ දුන්නා වූත්, දැසින්ම දුටුවා වූත් සත්‍ය කරුණු ය.

    මේ කරුණු සහ සිදුවීම්වල ඇති අතිශය ගුප්ත බව නිසා ඔබේ මනස විටින් විට මෙම ප්‍රශ්නය අසනු ඇත.

    මේ සියල්ලම ඇත්තක්ද? එවිට මා යළිත් පවසමි.

    “මේ සියල්ලම මා මුහුණ දුන්නා වුත් දැසින්ම දුටුවා වුත් සත්‍ය කරුණු ය.”

    දෛවයේ කුමන හෝ අභාග්‍යකට මේවා ඒ ආකාරයෙන්ම සිදුවී ඇත.

    Original price was: Rs. 1,300.00.Current price is: Rs. 1,040.00.
  • -10%
    (0)

    12.12.12

    ලොව සුන්දරතම නගරය දරුණු හිම පතනයකින් වැසී ගත් දෙසැම්බරයක, නාඳුනන්නෙක් ඔවුන්ගේ ජීවිත බිලි ගත්තේය. ඔවුන්ගේ සිහින විනාශ කර දැමුවේ ය. බැලූ බැල්මට එය පරිපූර්ණ මිනීමැරුමකි. කිසිඳු සැක සටහනක් නොමැත.
    මිනී මරුවා පලපුරුදු අයෙකි. පැරිස් පොලිසියේ අපරාධ මර්දන ඒකකයේ පොලිස් පරීක්ෂකවරු මේ අපරාධය දෙස සියක් ආකාරයෙන් බැලූහ. හිම දියව ගොස් නගරයට හිරු පායා එන්නට පෙර අපරාධය විසඳා ගත යුතුය. එහෙත් ඔවුන් ඉදිරියේ වූයේ බිඳ දැමිය නොහැකි ශක්තිමත් පවුරකි. පිට වන්නට දොරටු නොමැති ප්‍රහේලිකාවක ඔවුහු පැටලී සිටියහ.

    Original price was: Rs. 1,600.00.Current price is: Rs. 1,440.00.
  • -20%
    (0)

    5D මිරකල් – 5D miracle

    2015 මැයි 23 වෙනි රාත්‍රිය සුන්දරත්වයේ කඩතිර වලට මුවා වී අසුන්දර ම දේ සිදුවිය හැකි එය වසරේ සුන්දර ම මාසය විය. දීප්තිමත් හිරු රශ්මිය පවා ඉඳ හිට වැටෙන වැහි පොදකින් සෞම්‍යවත් වූ දහවලකින් පසුව උදා වූ රාත්‍රියක් විය. දිනය පුරා පිපී, සුවඳ විහිද වූ වෙසක් මල් ක්‍රමයෙන් නිදි ගන්නා රාත්‍රියක් විය. වෙසක් පොහෝ දිනය පසු වී දින කිහිපයක් ඉකුත්ව තිබුණ ද තවමත් සඳ රැස් බිඳක් පතිත වෙමින් හාත්පස සෙවණැලි මැවී ය, වෙසක් සිරි නරඹන්නට මහ මගට බට ජනයාගේ රිය සක් හඬින් මෙන්ම, කෑකොස්සන් නගන හඬින් ද වරින් වර රාත්‍රියේ නිහඬතාවයට බාධා පැමිණුනෙන් එය නිස්කලංක රාත්‍රියක් ද නොවීය. කලබල මංමාවත් සන්සිඳුණේ රෑ මැදියම ද ආසන්න වෙමින් පැවතියේ දීය. මිනිසුන් විසින් ඇති කරන ලද නානාවිධ ශබ්ද ක්‍රමයෙන් යටපත් ව යද්දී පරිසරය විසින් ඇති කරන ශබ්ද වඩාත් උස් ව ඇසෙන්නට විය. වැටුණු මඳ වැස්සෙන් උදම් වූ නිශාචරයන්ගේ හඬට විටින් විට රෑහි හඬක් ද මුසු විය.

    Original price was: Rs. 1,500.00.Current price is: Rs. 1,200.00.
  • -15%
    (0)

    I.D

    මුළු ගමම එය දැන ගත්තේ ඇසළ පසළොස්වක පෝය දා උදෑසන අටයි දහයටය. අස්සජි නායක ස්වාමීන් වහන්සේ ශබ්ද විකාශන යන්ත්‍රයෙන් උපාසික උපාසිකාවන් පංච ශීලයේ පිහිටුවා එදින ධර්ම දේශනාවට නියමිත බණ පදය කියන්නට සූදානම් වුවා පමණි. පන්සලේ ඇබිත්ත කොලුවාගේ උස් හඬ ධර්ම ශාලාවේ ඈත කෙළවරින් උන්වහන්සේට ඇසුණේය. ‘විමලරත්න මහත්තය මරල දාල. මුල්ම බණ පදය කියන විට අස්සජි ස්වාමීන් වහන්සේට එය පැහැදිලිව ඇසුණේ නැත. ඒ නිසා උන්වහන්සේ අප්පමාදෝ අමත පදං’ යනුවෙන් වදාරා ඊළඟට පමාදෝ මච්චුනෝ පදං’ යැයි දේශනා කළේ සැකයෙන් යුතුවය. එහෙත් පන්සලේ ඇබිත්ත කොලුවා අර වචන කීපය ධර්ම ශාලාවේ ඈත සිටි කෙනෙකුට උස් හඬින් පවසන විට උන්වහන්සේ අප්පමත්තා නමීයන්ති’ වෙනුවට මොකද්ද සරත් කිව්වේ’ යැයි ප්‍රශ්න කළහ. එවිට තුන්වෙනි වරටත් ඇබිත්ත කොලුවා අර වචන කීපය කෑ ගසා පවසන හඬ ධර්ම ශාලාවේ කෙළවරින් ඇසිණි. ඒ සමඟ විමලරත්න මහත්තය මරල දාල ?’ යැයි මයික්‍රෆෝනය දෙදරවමින් උන්වහන්සේගේ හඬ රැව් පිළිරැව් නැඟුණේ යේ පමත්තා යථා මතා’ නම් හතරවන බණ පදයට පෙරය.

    Original price was: Rs. 1,650.00.Current price is: Rs. 1,402.50.
  • -10%
    (0)

    අකුරු – Akuru

    එයාගේ නම ගිලියන්. ගිලියන් අවුරුදු හතක පොඩි දැරියක්.

    මේ දැරිවිට එක තැනක එක විදිහකට ඉන්න බෑ විනාඩි පහක්. අපේ භාෂාවෙන් කිව්වොත් පුදුම ගායක් තියෙන්නේ. ගිලියන් ඉස්කෝලෙ යන්නෙ නිවෙස කිට්ටුව තියන පිළිගත් පාසැලකට. තමන්ගේ පංතියේදිත් හැම විනාඩි හතර පහකටම සැරයක් ගිලියන් තමන්ගේ පුටුවෙන් නැගිටිනවා…. ඉස්සරහට යනවා…. ආපහු එනවා…… ඇඹරෙනවා…. අතපය දික්කරනවා. පංතියේ ගුරුවරිය කොයි තරම් කිව්වත් අහන්නෙ නෑ. මේක පංතියේ හැමෝටම කරදරයක් වෙනවා. ගුරුවරු හැමදාම අවවාද කරනවා…. පහදල දෙනවා… දඬුවම් දෙනවා…. පංතියෙන් එළියට දානවා… දණ ගහල තියෙනවා. කිසි දෙයක් හරි යන්නෙ නැහැ. සමහර ගුරුවරු කරුණාවන්ත වෙනවා වැඩි වැඩියෙන්. තෑගි… චොකලට් වගේ දේවල් දෙනවා… ඒත් කිසි දෙයක් නිවැරදි වෙන බවක් පේන්නෙ නෑ. සමහර අවස්ථාවල පන්තියේ ගුරුවරු මේ දැරිවිව්ව විදුහල්පති ළඟට එක්කන් යනවා……..ගෙදර අම්ම තාත්ත එක්ක කතා බහ කරනවා. මේ හැසිරීම ගැන දැනුම තියන උපදේශකයන් ගෙන්නල උපදෙස් ගන්නවා….. ඒත් විසඳුමක් නෑ. හැම අවස්ථාවකම ගුරුවරු දෙන උපදෙස් ගිලියන් ඔළුව වනල පිළිගත්තත්, ඒ එකක්වත් තේරුම් ගත් බවක් පේන්න නැහැ. ඒ මදිවට මේ පුංචි එකී ගෙදර ගිහාම ගෙදරින් දඬුවම් විඳිනවා….චාරයක් නෑ… එක තැනක ඉන්න බෑ… ගෙදර හැමෝටම මදි පුංචි කමක් කියලා.

    Original price was: Rs. 1,600.00.Current price is: Rs. 1,440.00.
  • -10%
    (0)

    අගත අනගත – Agatha anagatha

    රැයෙහි මජ්ජිම යාමය ගෙවෙමින් තිබුණේය. උදාව එන්නට නියමිතව තිබුණේ පුරා පෝයට පසු දිනය බැවින් පිරිවැස්ම ඉවත ලූ කිරි හට්ටියක් උඩින් බලන විට පෙනෙන අන්දමට හඳ වෘත්තය රෑ අහසේ බටහිරට බර වෙන්නට පායා තිබුණි. පර්වත බෙණයේ මුවින් නික්මෙන ධම්මචක්කයේ රිද්මගත ස්වර අඩි දහසක් උසින් අවකාශයට පැන ඈත උග්ගල් කල්තොට කුඹුරු තලා ගැමි දනව් පසුකොට වියැකී යයි. පර්වතයේ තැන තැන කාලය විසින් දෙදරවා කැණ පාදා දුන් සුළු ඉඩෙක මුල් ඔබාගෙන එසැවී සිටි දෘඪ අරටු ඇති ගසෙක තුරු පත් සොලවමින් මඳ සුළඟක් හමා යයි. හඳ වතුරේ පාව එන නිලි වැහි කුඩ තුනී තෙත පටලයක්ව පව්වේ තෘණ වැවුණු තැනක ඒවා අතුරින් මතුව ආ බෝවිටියා මල්වල පෙති මතද සෙසු සෑම තැනකම ද තැවරී ඇතත් ඉන් කිසිවක් තෙතබරිත නොවන බව විමලබුද්ධි ලොකු හාමුදුරුවන්ට විශ්වාසය. පර්වත බෙනයේ ඉඩැති තැනක් පාදා තළා මට්ටම් කොට පැදුරු පලස් එළා පිටතින් ඇදි රැහැනින් විදුලිය සම්පාදනය කොට තනා දුන් මණ්ඩපයේ වැඩ සිටින පරිත්ත භාණක මහා සංඝයා වහන්සේ අලුයම උදාවන තුරු බලගතු පිරිත් ධර්මය සජ්ඣායනා කිරීමට පේ වී සිටිති. කෙමෙන් පටු වන ඈතට යද්දී නැවත තැනින් තැන දිගු පුළුල් අවකාශැති තැන්වල ලැග සිටින පර්වත කුහරයේ දිගුකාලීන හිමිකරුවන් වන කිහිප වර්ගයක වවුලන් පිරිත් සජ්ඣායනය අසා කලබල නොවීම පුදුමයක් නොවේ. උන් පරම්පරා ගණනාවක් අවුරුදු සිය ගණනක් මේ පින් බිමේ පිරිත් පමණක් නොව කුරාන ගීද ශ්‍රවණය කරන්නට ඇතැයි බහුශ්‍රැත මහා තෙරණුන්

    Original price was: Rs. 1,200.00.Current price is: Rs. 1,080.00.
  • -20%
    (0)

    අඟුරු මල් – Aguru mal

    කෙළවරක් නොපෙනෙන මාර්ගය පුරාම බිම කහපාට රෙද්දත් ඇතිරුවා සේ ඇහැල මල් වැටි පිරි තිබුණි. සැරින් සැරේ හමන සුළඟත් සමඟ එකතු වුණු පාර දෙපස ඇති ඇහැල ගස් වලින් දිගටම මල් වැසි වස්සන්න පටන් ගත්තේය. කිසිඳු ආඩම්බරයක් නොමැතිව එක දිගට මල් වැසි වස්සන ඇහැල ගස් එක්ක සිනාවෙන හුළඟ, මල් පෙති එක්ක මුසු වෙච්ච ආලවන්ත සුවඳක් හැම තැනටම පතුරවමින් උන්නේය. අහසින් වැටුණු තරු කැට මෙන් රත්තරං පාවට ඇහැල ගස් අතරින් වැටෙන හිරු එළියට මාර්ගය පුරා ඇති දිය බිංදු දිළිසෙමින් තිබුණි. රතු රෝස පොකුරක් අතින් ගත්තු කඩවසම් තරුණයෙක් නවීන පන්නයේ මෝටර් රථයකට පිට දී කහ පාට මල් පිරුණු පාර දෙස නොඉවසිල්ලෙන් බලා සිටියේය. ඇහැල මල් පිරුණු පාරට අනෙක් පසින් රෝස පාට ගවුමකින් සැරසුණු ලස්සන තරුණියක් මතුවුණි. ඉක්මන් ගමනින් පාර දිගේ ආපු තරුණිය ඇහැල මල් පිරිණු පාරෙන් අනෙක් පස සිට බලා සිටින කුමාරයෙක් වැනි තරුණයාව දුටුවාය. මුහුණට වැටුණු කෙස් රොද නැවත කන පිටුපසින් රඳවා ගන්නා අතරතුර තරුණියගේ මූණට ලස්සන හිනාවක් නැගුණි. ළා රෝස පාට තොල් සායම් ආලේප කර තිබූ දෙතොල් වලින් සහ රෝස පැහැ කම්මුල් දෙක ඇගේ මුණට ගෙනාවේ. කුලුදුලේ පිපුණු පිරුණු රෝස මලක ලස්සනක්ය. තමන්ගේ අතේ තියන රෝස මල් පොකුරටම වඩා අලංකාරව පාරේ අනෙක් පස සිට තමන් ළඟට එන තරුණියව අර තරුණයාට පෙනුණි. ඉක්මන් ගමනින් අඩි තියමින් රෝස පාට තරුණිය, තරුණයා වෙත දුවගෙන එන්නට පටන් ගත්තාය. ගතවුණේ තත්පරේකින් සීයකටත් වඩා අඩු කාලයක්යය. වේගයෙන් පැමිණි වෑන් රථයක දඩාස් හඬ නංවමින් ගැටුණු සොඳුරු තරුණිය අඩි කිහිපයක් උඩට විසිවී ගියේය. ඒ විසිවුණු වේගයෙන්ම නැවත බිමට ඇඳ වැටුණු කරුණියගේ ශරීරය මීටර් කිහිපයක්ම ඇහැල මල් පිරුණු බිම අවුස්සමින් ඇඳී යන්නට

    Original price was: Rs. 1,300.00.Current price is: Rs. 1,040.00.
  • -20%
    (0)

    අදිසි නදිය

    කලකට ඉහත පොළොව යට ඉදිකළ ‘රහසිගක නගරයෙහි විසි දහසක් පමණ ජනකායත් අප්රකටව විසූහ. එය ඔවුන්ධම, ආවේණික උප සංස්කෘතියක් ගොඩනැංවිය. එහි පුරෝගාමීන් වූයේ, නගර පාලනයට විරුද්ධව කැරැරැල්ලක් ගසා ඉන් පයයි පත් පිරිසකි. ඒ බොහෝ දුරාතීකයෙහිය. ඔවුන්ගෙන් පවතින්නන් කලින් කලට, නගරය මතුපිටත්, යටත් එවක් වූහ. හිරු එළියෙන් ඔවුහු විදුලිය නිපදවා ගහ අභ්යන්තර ගංගාධාරයෙහි ධmo 50 එළවළු වගා කළහ. මිරිදිය මත්ස්ය වර්ග ද ගණනාවක්ම ගංගාවෙහි විසූහ. එහෙත්, සියල්ල කොපිට පෙරළෙන්නට සටන් ගත්තේ, බිමල් වසංගතය ආරම්භ වීමත් සමගිනි. පසු කාලයක එය දියකිඳුයි වසංගතය බවට වර්ධනය.වී.සොළොව මතුපිටට ද පැතිරුණේය. පොළොව යට ජනගහනයෙන් තුනෙන් එකම ඉන් විය ගියහ. වර්තමානය වන විට ඉසිරිව සිටින්නේ සිය ගණනකි. ඔවුන්ගෙන් ද වැඩි දෙනා වසරේ වැඩි කලක් ගත කරන්නේ පොළොව මතුපිටමය. තවදුරටත් පොළොව යට ජීවිතයම තෝරා ගත්තෙකු වී නම් ඒ ආරක්ෂක හේතූන් නිසා හෝ නගරවාසී දිවියෙන් රිදී පරණ සංස්කෘතිය තුළම පැවැරීමට ඇති ඇල්ම නිසා හෝ විය හැකිය. නුත්යාගයකුට එය ගුප්ත ජීවන ක්රමයක් ලෙස ද පෙනී යාට ඉඩ ඇත.

    Original price was: Rs. 1,100.00.Current price is: Rs. 880.00.
  • (0)

    අදෘෂ්‍යමාන

    “අදවත් ඔයාට බෑනෙ ඕකෙන් ටිකක් අයින් වෙලා ඉන්න…

    මට නම් දැන් එපා වෙලා තියෙන්නෙ ……

    සිතට නැග ආ නොරිස්සුම වචන බවට පෙරලා, ජෙරාඩ්ට ඒ වචන වලින්ම දමා ගැසූ ඉනෝකා කාමරයෙන් පිට වෙන්නට දොර හැරියාය. ජෙරාඩ් කළේ ඇය දෙස බලා යන්තමින් සිනා සී නැවතත් ලැප්ටොප් පරිගණකය දෙසට නෙත් යොමා ගැනීමය. ජෙරාඩ්ගේ හැටි එහෙමය. ඉනෝකා විහිළුවකට කියන දෙයකත්, තරහවෙන් බණින බැණුමකත් ඔහුට ලොකු වෙනසක් නැත. ඒ කෝකටත් ඔහු දක්වන ප්‍රතිචාරය එකකි. ඒ. ඉනෝකා කියන සියල්ල සිනාවකින් බාරගෙන, නිහඬව සිටීම පමණකි. ඔහුගේ ඒ සන්සුන් ප්‍රතිචාරය, ඉනෝකාගේ කෝපය තවත් වැඩි කරවන්නකි. පෙරටත් වඩා කේන්තියෙන්, ඉනෝකා කාමරයෙන් පිටවූයේ මහ හඬක් නැගෙන සේ දොරත් වසාගෙනමය. එළිමහන සීතලය. ඉවසන්නට බැරි තරම් සීතලය. ඉනෝකාට මේ සීතල නුහුරුය.

    Rs. 550.00
  • -20%
    (0)

    අනුහස් අදහස් – Anuhas adahas

    ඔයා ඔයාගේ දේ කරන්න. ඉස්කෝලේ හත වසරේදී තමයි මුලින්ම ආදරයක් ඇති වුණේ. ගෑණු ළමයෙක් ගැන. මෙලෝ දෙයක් නොතේරෙන පුංචි දරුවෝ එතකොට අපි. පුංචිම කාලේ ඉඳලා කාත් කවුරුවත් නැති, තනිවුණ ජීවිතයක් ගෙවන්න සිද්ධවුණු නිසාම පුන් පෝය දවසේ රෑට පායන පිරුණු හඳක් වගේ හැමදාකම උදේම එයාව දකින කොට හිතුණෙම එයා තමයි මගේ ලෝකේම කියලා. සුදුම සුදුයි. තොල් රෝස පාටයි. දිගම දිග කළු කොන්ඩෙට ආදරය කරපු තරම…… අපි නවය වසරට එනකොට එයාගේ ලස්සන වැඩි වෙන තරමටම එයාට තිබුණ ඉල්ලුමත් ඒ තරමටම වැඩිවුණා. දවසින් දවස අළුත් ආදර වන්තයින් එකතු වුණා. එයා නිසා මුලින්ම මට නැතිවුණේ බාලදක්ෂ කණ්ඩායමේ නායකත්වය. ඊට පස්සේ විනය පරීක්ෂණ වලට මුහුණ දෙන්න මං යන කොට එයා, එක එක දවසට එක එක කොලොත් එක්ක මාව නොදැක්ක ගානට, මාවත් පහුකරගෙන ගියා. එයා ආයිමත් මගේ ළඟට ආවේ එයාට මගෙන් මොනා හරි ඕන වුණු වෙලාවට විතරයි. එයා ටවුන් එකේ, මං ගමේ……. ඉස්කෝලේ ඇරුණම එයාගේ පස්සෙන් මගේ රංචුවත් එක්ක ටවුන් එකට යන එන එක පුරුද්දක් වුණා. එයා, එයාගේ දවසින් දවස අලුත් ත්වෙන පෙම්වතුන් එක්ක ඒ හැම දවසකම මට ඉදිරියෙන් ගියා. කිලෝමිටර් කීයක් නම් ඇවිදින්න ඇතිද, මේ කකුල් දෙකෙන් එයා වෙනුවෙන්.

    Original price was: Rs. 500.00.Current price is: Rs. 400.00.
  • -20%
    (0)

    අඳුරුම අඳුරු රැය – Anduruma anduru reya

    ඔහුට රිදුණේ නැත. රිදුණේ සිතටය. එහෙත් යකඩ පොලු පහරවල් වැදුණු තැන් වලින් ගලන ලේ දහර තවමත් ගලා යයි. මුහුණ සිරිලාය. ඇස් ඉඳිමී තිබේ. අත පය ගල් ගැසී ඇතිවාක් මෙනි. ඒවා සොලවන්නට නොහැකි ලෙස හිරි වැටී ඇති බවක් හැඟේ. සමහර විට කැඩී බිඳී ගොස් තිබෙන්නටද පුළුවන. ඔහු අපහසුවෙන් අවට දෙස ඇස් ඇර බැලුවේය. හැම තැනකම ඇත්තේ අඳුර පමණි. එතැනම ඇති අඳුරු බිත්තියේ කුඩා කවුළුවක් තිබේ. එයින් ඈත කොහේ හෝ තැනකින් එන ඉතා මලානික මඳ එළියක් කුටියට වැටේ. එම එළිය එන්නේ කොහි සිටදැයි නිනව්වක් ඔහුට නොවිණි. සමහර විට ඇතක දැල්වෙන කුඩා විදුලි බුබුලකින් එය එනවා ඇත. නැති නම් බිත්තියට පිටත තවත් මෙවැනිම කුටියකින් එය එන්නට පුළුවන. නැති නම් හඳ එළිය ද විය හැකිය. ඔහුට දැඩි පිපාසයක් දැනිණි. බඩගින්නක් නැත. මේ කුටියට තමා රැගෙන පැමිණි කීපදෙනා පිටව ගොස් දැන් බොහෝ වේලාවක් ඉක්ම ගොස් ඇත. ඔවුන් කිසිවෙකු ළඟපාතක ඉන්නා බවක් පෙනෙන්නට නැත. ඔවුන්ගේ පියවර හඬ සෙමෙන් ඈතට ඇදී මැකී ගිය හැටි ඔහුට මතක තිබේ. ඉඳින් අවට ළඟපාතක කිසිවෙකු අතැයි ඔහුට සිතුණේ නැත. එසේ සිටියත් කිසිවෙකු ඔහුට සවන් දෙයිද? කාමරය ඉතා කුඩා පුස් ගඳ ගහන එකකි. පොළොව සීතලය. වවුල් වසුරු පිරී ඇතැයි ඔහුට දැනිණ. පරණ ගෝනි පඩංගුවක් එක

    Original price was: Rs. 1,000.00.Current price is: Rs. 800.00.
  • -20%
    (0)

    අපරාජිත ජිවිතයක් – Aparajitha jiwithayak

    සර්වජයා දුම්රියකට නැගුණේ දෙවැනි වතාවටය. මුල් වරට දුම්රියක ගොස් දැන් බොහෝ කල් ගත වී ඇත. ඇයගේ සැමියා වූ හරිහර බරණැස සිට ගමට පැමිණ පවුල් ජීවිතය ඇරඹු මුල් දිනවල ඔවුහු යුගල කිශෝර් දේවලයට දුම්රියෙන් ගියහ. ඇය හැම දුම්රිය පොළකදීම නගින බසින මිනිසුන් දෙස සතුටින් බලා සිටියාය. එක් එක් ආකාරයේ ඇඳුම් පැළඳුම්ලාගත්, විවිධාකාර මුහුණුවරවල් ඇති කාන්තාවන් ඇයගේ විශේෂ අවධානයට යොමු විය. ජගන්නාථපුර නැවතුම් පොළේදී අග්ගලා විකුණනු දුටු ඇය අපුට කතා කළාය. * අපු අග්ගලා කන්න ආසයි නේද? අරන් දෙන්නද?” දුම්රිය පොළේ ටෙලිග්‍රාෆ් කම්බියක් මත කුරුල්ලෙක් පැද්දෙමින් සිටියේය. අපු එබි එබී ඌ දෙස බැලීය.

    Original price was: Rs. 1,100.00.Current price is: Rs. 880.00.
  • -20%
    (0)

    අපූගේ ලෝකය Apuge lokaya

    විසිවැනි සියවසේ වංග සමාජයේ වූ විපර්යාසයන් නවකථා කරුවකුගේ කෙළි තුඩිගේ සිත්තම් කළ අපූ පිළිබඳ ත්‍රිත්ව වෘත්තාන්තයේ තෙවැනි කොටසේ සිංහල අනුවාදය ද දැන් මුද්‍රණද්වාරයෙන් නිකුත් වී ඇත. මෙම අසූ ත්‍රිත්වය සිංහල පරිවර්තිත නව කථා සාහිත්‍යයට එකතු වීම පාඨකයින්ගේ මෙන්ම කථා රචකයන්ගේ ද මහත් භාග්‍යයක් වන්නේමය. විශේෂයෙන් මෙම කථා තුනේ දෙවැනි තුන් වැනි කථා ඉංග්‍රීසි බසට පවා මෙතෙක් පරිවර්තනය වී නැති ඒවාය. ලේඩිකොට ඒවා සිංහලයට නඟන්නේ ඒවායේ මුල් වංග බසින්මය. ඇය එසේ නොකරන්නට වංග නව කථා සාහිත්‍යයේ මෙම විශිෂ්ට නිර්මාණයෙහි රසය අංග සම්පූර්ණව විඳීමට සිංහල පාඨකයාට නොලැබනු ඇත. අනික් කෘති දෙකේ මෙන්ම මෙම කොටසේ ද පරිවර්තන කාර්යය ඉතා මැනවින් ඉටු වී ඇති බව කිව යුතුය. බස හැසිරවීමේදී කතුවරිය බොහෝ පරික්ෂාකාරී වී ඇති බව බොහෝ තැන්වලදී පෙනේ. කථාව කියවා ගෙන යන විට බොහෝ අවස්ථාවන්හි දී මෙය පර්වර්තනයක් නොව සිංහල බසින් කළ මුල් කෘතියක් දෝ යන සැකය පාඨකයාට ඇති වන්නේ මුල් කෘතියේ කතුවරයාගේ නිරවුල් චින්තන ධාරාව ඒ පරිදිම සිංහලට නඟන්නට කතුවරිය සමත්ව ඇති නිසාය. එසේම වංග සමාජයත් සිංහල සමාජයත් අතර ඇති සමීප බව ද එම හෘදයාංගම බවට හේතු වන්නට ඇත. සුක්ෂම – සංවේදී කලාකරුවෙකුගේ මනස කාල – දේශ ඉක්මවා අනන්තය දක්වා විහිදී යමින් පාඨකයාට ලබාදෙන සනාතන අත්දැකීම් සම්භාරයට මුල් වංග කථා ත්‍රිත්වයේ දී වංග පාඨකයන්ට සහභාගි වන්නට ලැබුණාක් මෙන්ම මෙම සිංහල කෘතිවලදී සිංහල පාඨකයන්ට ද වීම අත්දැකිම් වලට සහභාගි විය හැකි අන්දමට ඒවායේ පරිවර්තන කාර්යය මනාව සිදු වී ඇති බව නැවතත් කිව යුතුය. සිංහල පාඨකයාගේ වින්දන ක්ෂේත්‍රය පුළුල් කිරීම සඳහා චින්තා ලක්ෂ්මී සිංහ ආරච්චි මෙතෙක් විඳි වෙහෙස ගැන සිංහල පාඨකයන් වෙනුවෙන් අපගේ කෘතඥතාව පළ කරන අතර, මෙවන් අගනා කෘති ඇය අතින් තවත් බිහිවෙනු ඇතැයි උදක්ම බලාපොරොත්තු වෙමු.

    Original price was: Rs. 1,200.00.Current price is: Rs. 960.00.
  • -20%
    (0)

    අපේ ආදර කතාව – Ape adara kathawa

    මාතෘකාව

    අත්‍යවශ්‍යම කියවීම.

    අනුමාතෘකාව

    අකැමැති මිනිස්සු අත් හරින කැමැති, මිනිස්සු වැළඳ ගන්නා ” සිතීමේ ක්‍රමය” ගැන.

    ඔයාලට හොඳ වැටහීමක් ඇති ආදර ගනුදෙනු කිරීම් ගැන. ආදර ගනුදෙනු වල දී විශ්වාසවන්තකම ඉතා වැදගත් සාධකයක්. ඒ කියන්නේ සාමාන්‍ය ගනුදෙනුවල දී මිනිස් ගැටලු වලට කිසිම තැනක් නැහැ. හැබැයි ආදර ගනුදෙනුවල දී විශ්වාසවන්තකමට මාර තැනක් තියෙනවා. ධනේශ්වර නිෂ්පාදන මාදිලිය තුළ වුණත් මනස ක්‍රියා කිරීමේ එක්තරා සීමාවක් තමයි විශ්වාසවන්තකම. සාමාන්‍ය ගනුදෙනුවක දී භෞතික සාධක නිර්මාණය කරන්නේ එක්කෝ විකාර වලින්. නැත්නම් ගූඪත්වය විසින්. හැබැයි සතියට අඩුම වශයෙන් පැයක්වත් ආදර මිනිස් ඇසුරක් තියෙනව නම් කිව්ව සාධකය වෙනස් වෙනවා.

    අන්න ඒ හින්ද මං මෙහෙම කියන්න කැමැතියි.

    Original price was: Rs. 1,000.00.Current price is: Rs. 800.00.
  • -10%
    (0)

    අපේ රාජ්‍යය [මායාරංජන්] Ape rajjaya

    සිතන්නට හැකි අප සැම දෙනාට ම රාජ්‍යයක් තිබේ. ඒ. අපේ රාජ්‍යයයි. එය අපේ සිහින නැතිනම් සිතුවිලි සමඟ බද්ධ වූවකි. “අපේ රාජ්‍යයේ පාලකයන්, පලිතයන් ද අපි මැ වෙමු. එනිසා කාටවත් අපේ රාජ්‍යයට හිමිකම් කීමට නොහැකි ය. යටත් කර ගැනීමට හෝ කොල්ලකෑමට නොහැකි ය. සැබැවින්ම අපේ රාජ්‍යය වූ කලී අපට ම අනන්‍ය වන ස්වාධීන සිහිනයකි.  මායාරංජන් ලේඛකයා මේ සිහිනය අප මෙන් දුටුවෙකි. එහෙත් ඔහුගේ රාජ්‍යයේ දිග පළල මතු නොව හිමිකම පාඨක ලෝකයට නිර්ලෝභීව දායාද කළේය. ඒ. අපේ රාජ්‍යය’ කෘතිය මඟිනි. වසර මිලියන ගණනක සිට අපි වන පෙත් අතර දිවි ගෙවමු. ගහකොළ සතා සිව්පාවා මෙන්ම දියකඳුරු යනු අපගේ ලේ නහර මෙන් බැඳුණු ජීවයකි. නූතනයේ නාගරික හෝ අර්ධ නාගරිකව දිවි ගෙවමු. එහෙත් වසර මිලියන ගණනක සිට අප රැස් කළ වනපෙත ආශ්‍රිත දිවිතතු මතක පොසිල ලෙස රැඳී තිබෙන වග ද අපි දනිමු. එහෙයින් මායාරංජන් පාඨක අපට අපේ රාජ්‍යයට අඬ ගසන විට කෙසේවත් මඟහැර යා නොහැකි ය. අප සියලු බැඳීම් අත්හැර මතක පොසිල ඔස්සේ අතීත වන පෙතට ඇදී යන්නේ නිරායාසයෙනි. දිගාමඩුල්ලේ ආශ්චර්යයෙන් කුල්මත් කළ සිතැතිව ඒ මතක මංපෙත් දිගේ වනපෙත පීරා එහි සැරි සැරීමට ද ගඩාගෙඩි කමින් සතුන් අතර නිදහස් – නිවහල් මිනිසකු ලෙස සැරි සැරීමට මහසේ ආශා කරමු. මායාරංජන් වනපෙත ඔසුවක් කොට අප සිතට පොවන්නේ අනේකවිධ අතවරයන් නිසා රෝගී වූ පාඨක සමාජයට ඇති ඇල්මෙනි. එහෙයින් පාඨකයින් වන අපට දිගාමඩුල්ලේ ආශ්චර්යයෙන් අපේ රාජ්‍යය’ නම් වනදිවි සැරියේ නිබඳව සැරිසැරීමේ භාග්‍ය අත්පත් කර ගත හැකිය. මේ ඒ වෑයමේ නවමු මුහුණුවරයි.

    Original price was: Rs. 300.00.Current price is: Rs. 270.00.
  • -10%
    (0)

    අප්පච්චි ඇවිත් – Appachchi awith

    මගේ සම්පූර්ණ නම මේස්ත්‍රීගේ හිල්වා ගුණවර්ධන. වයස අවුරුදු 48 යි. මම විවාහකයි. විවාහ වෙලා ඉන්නෙ කිත්සිරි ගුණවර්ධන සමඟ. එයා හෙලීස් එකේ වැඩ පරික්ෂකවරයෙක්. ඔව්. අපට දරුවො දෙන්නෙක් ඉන්නවා. ඒ අය දැන් ලොකුයි. මිය ගොස් සිටින සුමාලි මගේ මිතුරියක්. නැහැ. එහෙම කුඩා කාලෙ ඉඳලා තියෙන මිතුරුකමක් නොවෙයි. ඒ අය අපේ අසල්වැසියෝ. ඒ අය ඔය ගෙදරට ඇවිත් දැන් අවුරුදු 12ක් විතර ඇති. ඒ කාලෙ ඉඳලාම අපි මිතුරුයි. සුමාලි වැඩ කළේ බැංකුවෙ. නිස්සංක සේනාධිර කියන්නෙ එයාගෙ ස්වාමි පුරුෂයා තමයි. ඔහු පරිපාලන සේවයේ විධායක නිලධාරියෙක් කියලා දන්නවා. සුමුදු තමයි ඔවුන්ගේ එකම දුව. ඇයට මම හිතන්නේ අවුරුදු 10ක් විතර ඇති. ඇය ඉගෙන ගන්නේ විශාකාවේ. නැහැ. එහෙම ඒ දෙන්න අතර ආරවුල් තිබුණේ නැහැ. සුමාලි කියන්නේ හරි අහිංසක ළමයෙක්. මම හිතන්නෙ නැහැ

    Original price was: Rs. 650.00.Current price is: Rs. 585.00.