-
වන්නි වනේ දඩ හදවත – Wanni wane dhada hadawatha
Original price was: Rs. 400.00.Rs. 320.00Current price is: Rs. 320.00.තෙරක් නොපෙනෙන මහා සාගරයේ නිල්වන් ජල තලාව සේ පෙනෙන මහා වන වියනේ ඈත කෙළවරින් හිරු සැඟව ආකාශයේ තැවරී තිබූළා රන් පැහැය ද මැකී යන තෙක් දැහැනකට සමවැදුණාක් මෙන් හිටිපියේම සිටි තවුස් තෙම එදෙස බලා උන්නේය. ඔහුගේ හිතට කිසිදු දෝමනස්සයක් හෝ සාංකාකුල බවක් නොදැනිණ. අඳුර, රාත්‍රිය, හෙට නැවත ආලෝකය. තවත් උදෑසනක්. එදවස ද ගෙවී නැවතත් අන්ධකාරය. ස්වභාව ධර්මයේ නියමය එයයි. තවුසාණෝ ඉතා සෙමින් සේම පරිස්සමින් තමා බොහෝ වේලාවක් තිස්සේ රැඳී සිටි එම ගල් තැල්ල මතින් ඉවත් වෙන්නට වූහ. එය මේ මහා කළුගල් කන්දේ එක් පසෙකින් පිටතට නෙරා ගිය විශාල ගල් තැල්ලකි. දැවැන්ත ගසක කඳක කුරුල්ලන්ට වසා සිටිය හැකි ඉතා ගත ශක්තිමත් හත්තක් හැදුණා සේය. දහවල් කාලයේ දී භාවනා කිරීමට එය යෝග්‍ය තැනක් වුවත්, රාත්‍රී කාලයේ දී එහි රැඳී සිටිය නොහැකිය. මිනිසෙකු වුව පරඬලා පතක් මෙන් ගසාගෙන යා හැකි තරමට දැඩි වේගවත් සුළං ප්‍රවාහයක් එම ගල් තැල්ල හරහා හඬ දීගෙන හමායන බැවිනි. මිනිස් අතක රැඳි ගල් කටුවකින් හා මිටියකින් අනන්ත වූ වෙහෙසක් දරා එම මහා ගල් කන්දේ බඳ වටා ගල් තැල්ලට ළඟාවිය හැකි සේ මේ පටු අඩිපාර කැපුවා වැනිය.
-
ගෙදර යන අතරමග – Gedara yana atharagama
Original price was: Rs. 380.00.Rs. 304.00Current price is: Rs. 304.00.අවුරුදු හතක් පුරා වර්ෂාව ලැබී තිබුණේ ඉතා අල්ප වශයෙනි. තැනිතලා දුවිලි ගොඩවල් බවට පත් වී තිබිණි. දවසින් දවස. ග්‍රීෂ්ම ඍතුවෙන් ග්‍රීෂ්ම ඍතුව අතිඌෂ්ණ සුළඟ දූවිලි පිඹිමින් හමා ගිය අතර, සූර්යයා කහ පැහැති අහස් තලයක පිත්තල පැහැයෙන් දිස් ස්විය. අස්වැන්නක් අස්වැන්නක් ගාණේ නිසරු වී ගියේය. බදු ගෙවීම සඳහා, ආහාර සහ ඊළඟ අවුරුද්දේ වචන බීජ මිල දී ගැනීම සඳහා මුඩු බිම යළි යළිත් උකස් තැබීමට සිදු විය. අස්වැන්න නොලැබුණු විට, තවත් ණය ගැනීමට නොහැකි වූ විට, පොලී සහ බදු ගෙවීමට මුදල් නැති වූ විට බලාපොරොත්තුවේ කටුක වේදනාව නිමා විය. බැංකු හිමියාට ඉඩම සින්න විය. ඊළඟට බැංකුව වස්තු භංග විය. හත්වැනි අවුරුද්දේ දී මහා ගුප්ත ව්‍යසනයක් මුළු ලොව පැතිර ගියේය. සියලු බැංකු වස්තු භංග විය. මුළු රට පුරා කම්හල් වැසී ගිය අතර, ව්‍යාපාර ඇනහිටිණි. මෙය මූල්‍ය භීතියක් විය. එය ආර්ථික අවපාතයක් නොවීය. ඒ 1893 අවුරුද්ද වූ අතර ඒ කාලයේ කිසිවකු ආර්ථික අවපාතය ගැන අසා තිබුණේ නැත. සෑම දෙනාම දැන සිටියේ මූල්‍ය භීතීන් ගැනය. 1797 දී, 1820 දී. 1835 දී, 1857 දී සහ 1873 දී මූල්‍ය භීතීන් ඇති වී තිබිණි. මුල්‍ය භීතියක් යනු සීයාට නම් අලුත් දෙයක් නොවීය. ඔහු මීට පෙර ඒවා දැක තිබුණේය; මෙයත් සාමාන්‍ය මූල්‍ය භීතියකට වඩා වැඩි දෙයක් නොවේ යැයිද, යුද්ධ කාලය තරම් නරක දෙයක් තවත් නැතැයිද ඔහු කීවේය. දැන් අප සියලු දෙනාට නිරුපද්‍රිතව නිදන්නට හැකි අතර, කෝක්සිගේ සේනාව හැරෙන්නට වෙනත් කිසිවකු වියරු වැටී ප්‍රචණ්ඩ ක්‍රියා කරමින් සිටියේ නැත.
-
වන රජදහන – Wana rajadahana
Original price was: Rs. 300.00.Rs. 270.00Current price is: Rs. 270.00.සමන්, වන ආවරණයෙන් සෙවන වු දිය දහරක් අසල නතර විය. ඔහු අනුකරණය කළ ප්‍රියන්ත හා සුනිල් ද ඒ අසලින් බිම ඇන තබා ගත්හ. සමන් අතින් සංඥා කොට මිතුරන්ට සද්ද නොකරන ලෙස දැන්වීය. මිතුරෝ ගස් වලට මුවා වූහ. මොකක්ද වෙන්නේ, ප්‍රියන්ත කුතුහලයෙන් කෑ ගැසීය. ” කෑ ගහන්න එපා. සද්දේ ඇහුනොත් අපි තුන්දෙනාම ඉවරයි. “ඒ ඇයි.” ” බලන්න අර වීර ගහේ කඳ දිහා . ” මගේ අම්මෝ ! කොටියෙක් නේද?” කොටියෙක් නෙවෙයි කළු දිවියෙක්.” වෙන්න බෑ. පුල්ලි තියෙන්නේ කොටින්ට විතරයි. ප්‍රියන්ත දිගට හරහට වාද කරන්නට වූයේ තමන් සිටි තැන පවා අමතක කරමිනි. කියන තැනකට වඳින්නම්. ටික වෙලාවකට සද්ද නොකර ඉන්න. එවිට ප්‍රියන්තට සමන් කීවේ තරමක අමනාප ස්වරයෙනි.
-
ගඟ අද්දර කැලේ – Ganga addara kale
Original price was: Rs. 300.00.Rs. 270.00Current price is: Rs. 270.00.සේතන් අයියේ මේ සැරේ පහුරු යන කොට මාවත් කොහොම හරි එක්කන් යන්න ඕනෑ. ගං ඉවුරේ හිඳගත් මම කීවෙමි. එව්ව අපි දන්නේ නැ. අවසර ගන්න ඕනෑ කොරනේලිස් උන්නැහැගෙනුයි සේතන් අයියා ඇල්ඛසියා කඳක ගැටයක් අත් පොරවෙන් සසිමින් කීවේය. සේතන් අයියා කිව්වොත් බාප්පා ඉඩ දෙයි. අපොයි අපොයි මට බෑ. කොරනේලිස් උන්නැහැගෙන් කොහොම වෙතත් හාමිනේගෙන් නම් විසුමක් වෙන්නේ නෑ. ඛාප්පාගේ සහ පුංචි අම්මාගේ රූපකාය එකවර ම මගේ සිතට නැංගේ ය. මා කුඩා කල ම තාත්තාත් අම්මාත් මිය ගිය පසු මා හැදී වැඩුණේ බාප්පා සහ පුංචි අම්මා ළඟ ය. සේතත් අයියාත් ඔහුගේ සහායකයා වන ජයසේකරත් බඳින්නේ බාප්පාට අයිති පහුරු ය. බාප්පා පහුරු බලන්නට එන්නේ ඉඳ හිට දවසක ය. ඔහු කරන්නේ තැන තැන ඇවිද ඉඩම්වල ඇති ගස් මිළ දී ගැනීමයි. ඒ ගස් ගඟට ඇද දුන් පසු පහුරු බැඳ ගෙන කොළඹ ගෙන යන්නේ සේතන් අයියා සහ ජයසේකරය. පහුර කොළඹ තොටළඟට යන වෙලාවට බාප්පා බස් රියකින් නැගී තොටළඟට යයි. කොරනේලිස් උන්නැහැගෙන් කොහොම වෙතත් හාමිනේගෙන් නම් විමසුමක් නැතැ යි සේතන් අයියා කීවේ අපේ පුංචි අම්මාගේ සැරකම සලකාය. ඈ ඕනෑ දේව මෙන් ම එපා







