• -10%
    (0)

    ලස්සන වසිලිස්සා – LASSANA WASILISSA

    එකෝමත් එක රටක, බොහොම ඉස්සර කාලේ, එක පුංචි ගෙදරක මහල්ලෙකුයි මැහැලියකුයි හිටියා. මේ දෙදෙනාට හිටියෙ එකම එක දුවක් විතරයි. එයාගෙ නම වසිලිස්සා. ඒ ගොල්ලො බොහොම හොඳට ජීවත් වුණා. හිටි හැටියේම ඒ ගොල්ලන්ට විපතක් සිදු වුණා. වසිලිස්සාගේ මහලු මව අසනීප වුණා. ඇගේ මරණය ළං වුණා. අම්මා වසිලීස්සාට කතා කරලා, ඈට බෝනික්කකු දීලා මෙහෙම කීවා.
    ” අනේ හොඳ දුවේ, මේ බෝනික්කාව කාටවත්ම පෙන්වන්නේ නැතිව පරිස්සම් කර ගනින්. නුඹට විපතක් සිදු වුණොත්, බෝනික්කාට කෑම ටිකක් දීලා උපදෙස් ලබා ගනින්. එයා නුඹට පිහිට වේවි. “
    අම්මා වසිලීස්සාව සිප ගත්තා. ඊට පස්සේ ඈ මළා.
    වසිලිස්සාගේ මහලු පියා ටික කලක් දුක් වුණා. පසුව ඔහු වෙනත් ගෑනියක විවාහ කර ගත්තා. තාත්තා හිතුවේ ඈ හොඳ කෙනෙකු හැටියටයි. එහෙත් ඈ නපුරුයි. වසිලිස්සාව කුඩම්මාට භාර දුන්නා.
    කුඩම්මාට දූවරු දෙදෙනෙක් හිටියා. මේ දෙදෙනා නපුරුයි. මෝඩයි, දඟකාරයි. කුඩම්මා ඇගේ දූවරුන්ට ආදරය කළා. උන්ව හුරතල් කළා. ඈ වසිලිස්සාට නිතරම බණින්නට වුණා. වසිලීස්සාගේ ජීවිතය දුකින් පිරුණා. කුඩම්මයි ඇගේ දූවරු දෙදෙනයි හැම තිස්සේම වසිලීස්සාට නපුරු හිතින් බණිනවා. වැඩ ගොඩක් භාර දෙනවා. එහෙම කළේ මොකටද කියලා දන්නවද? …
    Original price was: Rs. 1,400.00.Current price is: Rs. 1,260.00.
  • -10%
    (0)

    මඩොල් දූව – Madol duwa

    අම්මා මැරෙන විට මගේ වයස අවුරුදු හතකට වැඩි නොවී යයි මගේ තාත්තාත්, සමහර විට කුඩම්මාත් කියනු මා අසා තිබේ. අම්මා මැරුණු දවසේ, තාත්තාත් නැන්දාත් තවත් නෑයනුත් හැඩු සැටි මට මතක් කළ හැකි ය. එදා මා හැඩුවේ තාත්තාත් අනික් නෑයනුත් හඬන්ට වූ බැවිනි. නැන්දා මා වඩාගෙන මිදුලට බැස මා පරක්කරන විට ගෑනුන් කිහිප ඥනෙකු ‘අනේ! අම්මා නැති දරුවා’ යි කියමින් මගේ ඔළුව අත ගා මගේ මුහුණ බලා ගිය සැටි මට අමතක නොවේ. කලකට පසු තාත්තා, කුඩම්මාත් සමඟ තවත් නෑයන් පිරිවර කොටගෙන අස්ව කරත්ත වලින් ගෙදරට පැමිණියේය. තාත්තා අස්ව කරත්තයෙන් බැස, බිම බලාගෙන ගමන් කළ කුඩම්මාගේ ඇගේ හැපෙන තරම් ළංව උන්දෑත් සමඟ ඉස්තෝප්පුවට නැඟුණු සැටි මට හොඳින් මතක් කළ හැකි ය. තාත්තා නැවත කසාද බැන්දේ අම්මා මැරී අවුරුද්දකට පමණ පසු බව මා දැනගත්තේ ගමේ සමහර ගෑනුන්ගේ කතා බහ ඇසීමෙනි.

    Original price was: Rs. 525.00.Current price is: Rs. 472.50.