Biography - චරිතාපදාන

  • -10%
    (0)

    “විස්මිත දොස්තර”

    බලාපොරොත්තුවක් නොමැති සිතකට බලාපොරොත්තුවක් රැගෙන එමින් ස්නායු ශල්‍යකර්මයන් තුළ අපුරු හැකියාවන් පාන්නකු ලෙස වෛද්‍ය බෙන් කාර්සන් ලොව පුරා ප්‍රකටව සිටී. නගරයක දිළින්දකු ලෙස හැදී වැඩුණු ළමා කාලයේ සිට වයස අවුරුදු තිස් තුනේ දී ජෝන්ස් හොප්කින්ස් වෛදනයතනයට අයත් ළමා ස්නායු රෝග අංශයේ අධ්‍යක්ෂවරයා දක්වා පැමිණි අපූරු චාරිකාව, ‘ විස්මිත දොස්තර තුළින් ඔබ හමුවේ තබයි. අනේක වූ ජීවිත ගණනාවක් මරණයෙන් ගලවා ගත් ශලල්‍යාගාරයට ඔබ කැඳවාගෙන යන ඔහු, නොහැකි යැයි සිතෙන යමක් ජයගන්නට වෙර දරන ඕනෑම අයෙකුට පූර්වාදර්ශී චරිතයකි.

    Rs. 1,125.00
  • -20%
    (1)

    අපූරු මිනිසෙක් – STEVE JOBS

    ඒ මා මරණයට ඉතාමත් සමීප වූ අවස්ථාවයි. තවත් දශක කීපයක් ගත වන තෙක් එසේ වනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. මෙම අත්දැකීම ලත් මට මරණය ප්‍රයෝජනවත් එහෙත් හුදු බුද්ධිමය සංකල්පයක්ව තිබිය දී වඩාත් නිරවුල්ව මේ දේ කිව හැක. කිසිවෙකුට මරණය අවශ්‍ය නැත. දිව්‍ය ලෝකයට යෑමට අවශ්‍ය මිනිසුන්ට පවා එහි යෑමට මරණය අවශ්‍ය නැත. එහෙත් අප සියලු දෙනාගේම ගමනාන්තය මරණයයි. කිසිවෙකුට ඉන් ගැලවිය නොහැක. එසේ වී ඇත්තේ මරණය ජීවිතයේ හොඳම නිර්මාණය වීම නිසාය. එය ජීවිතයේ වෙනස්කම් කිරීමේ නියෝජිතයා වීම නිසාය. ඉන් අලුත් දේට ඉඩ සැලසීමට පැරණි දේ ඉවත් කරයි. දැන් අලුත් දේ ඔබයි. එහෙත් වැඩි ඈතක නොවන කිසියම් දිනක ඔබත් ක්‍රමයෙන් විය පත්ව ඉවත් කරනු ඇත. එය නාට්‍යෝචිතව දැක්වීම ගැන සමාවන්න. එහෙත් එය සත්‍යයි.

    Rs. 784.00
  • -10%
    (0)

    අවි බිමක ගිනියම

    තැන තැන බිම වැට ඇති ගස්ලබු ගෙඩි දකිත්ම කෝපුල් හීන්අප්පුගේ උත්සාහය පිළිබඳ සෙසු අයට පැහැදිලි විය. කුසගිනි නිවාගන්නට ඔහු දැරූ ප්රයත්නය ගස්ලබ ගසේ ඉහළ සිට පහළට රක්ත වර්ණයෙන් සටහන් වූයේය. භට නිවාසයට ඔසවාගෙන ගිය ඔහුගේ සිරුර ඒ වන විටද ගැහෙමින් තිබිණ. සහයට පැමිණි හෙලිකොප්ටරය ත්රස්තවාදී ප්රහාර හමුවේ ගොඩබැස්සවීමට නොහැකි වූයෙන් ගුවනේ නොපෙනී යන අයුරු කොකාවිල්ගි සෙබල බලා සිටියහ. ඒ වනවිටද ලුතිනන් අලදෙනිය හින්අප්පුගේ සුරත තදින් අල්ලාගෙන සිටියේය. මද්දහනේ අවි රශ්මිය භට නිවාසයේ වහලය විනිවිවද දැනෙන්නට විය. අවසානයේ සියල්ල ගිනියම් වූ මොහොතක කෝප්රල් හීනප්පු සිතල සිරුර පමණක් සහෝදර සගයන්ට ඉතිරි කළේය.

    Rs. 1,260.00
  • -10%
    (0)

    කටු පඳුර සිපගතිමි

    ලංකාවේ රාජ්ය බලයට එරෙහි ව සන්නද්ධ කැ$රලි දෙකක් මෙහෙය වූ ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ හා හිටපු නායක රෝහණ විජේවීර උලපනේ වතුයායක දී අත්අඩංගුවට පත්ව ඝා$තනය වීමෙන් පසු ඔහුගේ බිරිඳ, ශ්රීමති චිත්රාංගනී ප්රනාන්දු සිය දරුවන් පස් දෙනා ද කැටුව හමුදාවට භාර වූවාය.

    හමුදා අත්අඩංගුවේ දී ඇය දුන් කට උත්තරයයි මේ.

    ශ්රීමති චිත්රාංගනීගේ පවුල් පසුබිම, රෝහණ විජේවීර හමුවීම. ඔහුගේ දේශපාලන කටයුතු, ජනතා විමුක්ති පෙරමුණේ අනෙක් දේශපාලන නායකයන්ගේ හා පාක්ෂිකයන්ගේ ක්රියාකාරකම්, ජවිපෙ දෙවැනි කැ$රැල්ල සමයේ රටේ තත්ත්වය ගැන මෙන් ම රෝහණ විජේවීරගේ ජීවිතයේ අවසන් දවස් කිහිපය ගැන ද මේ කට උත්තරයේ දී විස්තර කෙරෙයි.

    ලංකාවේ දේශපාලනය ගැන විෂයයක් වශයෙන් හදාරන්නවුන්ට, දේශපාලන ඉතිහාසය ගැන උනන් දුවන්නන්ට මෙන්ම සාමාන්ය පාඨකයන්ට ද මේ කට උත්තරයෙන් හෙළිවන තොරතුරු වැදගත් වනු ඇත්තේය

    Rs. 405.00
  • -20%
    (0)

    තම්බි මුදියන්සේ – Thambi Mudiyanse

    තම්බි මුදියන්සේ නම් කුප්රකට නාමයෙන් හැඳින්වුණු පුද්ගලයෙක් අවුරුදු 200කට ඈත අතීතයේ ශ්රී ලංකාවේ ජිවත් වූයේය.
    ඉංග්රීසීන් මෙරට ආක්රමණය කළ අවධියේ, ඔවුන්ගේ ඔත්තු සේවයට එක් වී සිටි ඒ ඔහු, නීච ඔත්තුකරුවකු ලෙස කටයුතු කරමිනි. මීමුනුබුරා, රටේ නායකයා ලෙස කටයුතු කරමිනි.
    ප්රමුඛම ස්වදේශික ඔත්තුකරුවා වූයේ තම්බි මුදියන්සේ යන කුප්රකට නාමයෙන් පසු කාලයක දී හැඳින්වුණු දොන් එඩ්රියන් විජේසිංහ ජයවර්ධනය.
    ඔහු ද, පසු කාලයක දී ඔහුගේ මී මුනුබුරාද ශ්රී ලංකාවේ දේශපාලන, ආර්ථික, සමාජ හා සංස්කෘතික ඉතිහාසය වෙනස් කරන්නට දායක වෙමින් ක්රියා කළෝය.
    ශ්රී ලංකාවේ ප්රථම විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන යනු ඔහුගේ මී මුනුබුරාය. මේ ඔවුන්ගේ කතාවයි.
    ඉතිහාසය ප්රතිනිර්මාණය වෙයි.
    ඉතිහාසය නිවැරදි ව කියවා
    අනාගතය පුරෝකථනය කරන්නට නම් වර්තමානය සමග ගළපා ගත යුතු ය.
    Rs. 800.00
  • -10%
    (0)

    දුවකගේ කඳුළු – Duwakage Kandulu

    දුවකගේ කඳුළු ගැන…..
    ප්රේමකීර්ති ද අල්විස් නම් කලාකරුවා ගැන හෝ දයා ද අල්විස් නම් වු ප්රවීණ ගුවන් විදුලි වැඩසටහන් නිෂ්පාදිකාව, නවකතාකාරිය, ගීත රචිකාවිය ගැන හෝ නොදන්නෝත් සාහිත්ය කලා ක්ෂේත්රයෙහි වෙත්ද? සුරංගී මේ සුප්රකට කලාකරුවන් දෙපොළගේ එකම දියණිය වුව එක වහලක් යටදී සිය මාපිය සෙනෙහස ලබන්ට තරම් වාසනාවන්තියක නොවූවාය. මන්දයත් සුරංගීගේ බාල කාලයෙහිම ප්රේම කීර්තිත් දයාත් නෛතිකව වෙන් වූ බැවිනි. මේ වෙන්වීම හෝ මෙබඳු වෙන්වීම් සංවේදී දැරියකගේ ජිවිතයට කවර නම් අයුරකින් බලපාතියි සිතිය හැකිද?

    “දුවකගේ කඳුළු’ නමින් මෙසේ එළිදකින්නේ ඒ සිතුවිලි සමුදායයි. සුරංගී මෙහිදී සමාජයට නොබියව හදවතට අවංකව අනුවේදනීය ස්වරයකින් සිය අත්දැකීම් ලොවට හඬගා කියන්නීය. එමගින් දෙදරා යන කුලගෙවල වසන යුවතිපතීන්ට ස්වකීය විවාහ සංස්ථාව ගැන යළි යළිත් සිතන්නට ඇරයුම් කර සිටින්නීය.
    මහාචාර්ය සුනිල් ආරියරත්න

    Rs. 900.00
  • -10%
    silvabookshop_lk_nawathum_nathi_jeewithesilvabookshop_lk_nawathum_nathi_jeewithe
    (0)

    නැවතුම් නැති ජීවිතේ – Nawathum Nnathi Jeewithe

    අතපය නැතිව ඉපැදුණු නික් සිය ජීවිතය ජය ගත් අන්දම පෙන්වා දෙමින් ලියූ පළමු පොත ‘සීමා නැති ජීවිතේ‘ ලොව පුරා අළෙවි වාර්තා තැබීය. මේ ඔහුගේ දෙවැනි පොත යි. සුබවාදී ආකල්ප හා ජීවිතය ජය ගැනීමේ මග පිළිබඳව දේශන පවත්වමින්, ලොව පුරා ආදරය හා භක්තිය බෙදා හදා දෙන නික් අපේ ජීවිත ජය ගැනීම සඳහා සිය අත්දැකීම් ගණනාවක් මේ පොත ඔස්සේ අපට පෙන්වා දෙයි. නොහැකියාවන් හැකියාවන් බවට ද, අසම්පූර්ණත්වය පරිපූර්ණත්වය බවට ද, පරාජයන් ජයග්‍රහණ බවට ද හරවා ගැනීමේ සූත්‍රයයි ‘නැවතුම් නැති ජීවිතේ‘.

    Rs. 1,125.00
  • -10%
    (0)

    මරණය මැදින් මුලතිව් සිට

    මේ අතර, මුලතිව් ඉහළ අහසේ හමුදා සාමාජිකයින් සොයා හෙලිකොප්ටර් යානා කැරකැවෙන්නට විය. වතුර ටැංකියේ සිටි සෑම අයෙකුම ඒ දෙස බලා සිටින්නට වූයේ බලාපොරොත්තු සහගතවය කෑගසන්නට හෝ අත වනන්නට ඒ තුළ කිසිදු ඉඩක් නොවූ තැන කපිතාන් පලිහවඩන තමා සතුව තිබූ කොම්පාසුව ගෙන එහි ඇති කන්නාඩිය හිරු එළියට නිරාවරණය වන ලෙස අල්ලා එමගින් හෙලිකොප්ටර් යානයට යම් පණිවිඩයක් ලබා දීමට උත්සුක විය. සෙසු සියලු දෙනාද නොඉවසිල්ලෙන් ඒ දෙස බලා හිඳින්නට වූ නමුත් හෙලිකොප්ටර් යානා එම සීමාවෙන් ඉවතට ඇදුනා මිස අන් කිසිදු ප්රතිචාරයක් නොදක්වීය. ජීවත්වීමේ බලාපොරොත්තු යළිත් වරක් අතරමග කඩා වැටුණු සයක් ඔවුනට දැණින. අවාසනාව තවදුරටත් ඔවුන් අතැර නොගොස් තිබුණු සේයකි.
    මරුවා හඹා එද්දි ජිවිතය අත් නොහළ විරුවන් දස් දෙනෙකුගේ සත්ය කතාව
    Rs. 1,350.00
  • -20%
    වැලපෙන්නි අවකන්නි
    (0)

    වැලපෙන්නි අවකන්නි – Walapenni Awakanni

    කලක් සොඳුරු රටක්ව තිබූ ඇෆ්ගනිස්ථානය….. රූමත් ළඳුන් නිදහසේ සැරිසැරූ ඇෆ්ගනිස්ථානය……… තාලිබාන් පාලනය යටතේ එක් සුවිසල් සිරගෙයක් බවට පත් වී තිබේ. කාන්තාවන් වහලියන්ටත් අන්ත තත්ත්වයකට ඇද දමා තිබේ. ඔවුන්ගේ මේ “ඔල්මොරොන්දම්” නීති සමුදාය ඔබට කිනම් හැඟුමක් ගෙන ඒද?
    ගැහැනුන්ට කිසිඳු රැකියාවක යෙදීම තහනම්!
    පොදු ප්රවාහන සේවා ගැහැනුන්ට වෙනම පවත්වා ගෙන යා යුතුය.
    ස්ත්රීන්ට පිටත ඇවිදීම තහනම්!
    එසේ යනවා නම් පියා, සහෝදරයා හෝ සැමියා සමඟ පමණී.
    ගැහැනු බුර්කාව පමණක් ඇඳිය යුතුය.
    බුර්කාවට යටින් අඳින ඇඳුම් තද පැහැ හෝ වෛවර්ණ නොවිය යුතුය
    රූපලාවණ්ය ආලේපන, නිය හා තොල් ආලේපන තහනම්!
    මිනිසුන්ගේ හා සතුන්ගේ සේයා රූ තහනම්!
    පිරිමි වෛද්යවරයකුට ස්ත්රියකගේ සිරුරට අත තැබීම තහනම්!
    ස්ත්රියකට, පිරිමි සන්නාලියකුගෙන් ඇඳුම් මැසීම තහනම්!
    සංගීතයට සවන් දීම තහනම්!
    චිත්රපට, වීඩියෝ නැරඹීම තහනම්
    කිසිදු වෙළෙන්දෙකුට ගැහැනු යට ඇඳුම් විකිණිය නොහැකිය.
    සරුංගල් යැවීම තහනම්!
    මේ ඒවායින් කිහිපයක් පමණි!
    ඉදින්, ඔවුන් වැලපෙන්නේ නැතිව
    වෙන කුමක් කරන්නද?

    Rs. 800.00
  • -20%
    silvabookshop.lk _Wijeveerage_Ghathakaya_Premadasadasilvabookshop.lk _Wijeveerage_Ghathakaya_Premadasada
    (0)

    විජේවීරගේ ඝාතකයා ප්‍රේමදාසද ? – Wijeveerage Ghathakaya Premadasada ?

    එක් යුගයක කතාවක් අවසන් කරමින් බොරැල්ල කනත්තට ඉහළින් අහසේ උදෑසන හිරු දිදුලන්නට විය. හිරු නැග එන්න හෝරා කීපයකට මත්තෙන් මේ භූමියේ සිදුවූ ඒ මහා අපරාධය ගැන හාංකව්සියක් නොදත් රට වැසියෝ සුපුරුදු දෛනික ජීවිතයට පණ පොවමින් සිටියෝය. බොරැල්ල කනත්තේ ආදාහනාගාරයෙන් අහසට නැගුණු දුබටයෙන් වෙනදා මේ වේලාවට නොනැගෙන පුලුටු ගඳැති සිහින් දුම් රැල්ලක් ඉහළට නැගුණද කිසිවකු එහි අමුත්තක් දුටුවේ නැත.
    1989 වසරේ නොවැම්බර් 13 දා අලුයම ගොල්ෆ් පිටියේදී වධබන්ධනවලට ලක්කොට බොරැල්ල කනත්තේ උඳුනක දමා පණ පිටින් පුළුස්සා ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ ජේවීර මරාදමනු ලැබීය. මෙම ග්රන්ථයෙන් කියැවෙන්නේ ශ්රී ලංකා හමුදා පොලිසියේ ලාන්ස් කෝප්රල් ඉන්ද්රානන්ද සිල්වා සියැසින් දුටු ඒ ඝාතනයේ අවසන් හෝරා කීපය හා අනතුරුව ඔහු අත්අඩංගුවට පත්ව අධික වධබන්ධනවලට ලක්වෙමින්. වධකාගාරවල ගෙවූ කාලය හා යුද්ධාධිකරණයෙන් වැරදිකරවකු. වී සිරගතව දඬුවම් විඳ ඉන් නිදහස් වන තුරු තනිව කරන අරගලය හා සම්බන්ධ කතාවයි.
    Rs. 600.00
  • -15%
    (0)

    සදාම් සමඟ මා පාරිසුලා

    ජිනාගේ නිවසට මා කැඳවුයේ හරුට්ගේ පෙළඹවීමක් අනුව බව මා තේරුම් ගත්තේ පසුවය. හරුට්ගේ ගනුදෙනුකරුවන් වූයේ බැග්ඩෑඩ්හි ඉහළ පංතියට අයත් ප්රභූවරුන් ය. සදාම් හුසේන් සුඛෝපභෝගී ජීවිතය ප්රිය කළ, තරුණ කෙල්ලන් කෙරේ නොසන්සිඳෙන ආශාවකින් පෙළෙන අයෙකු බව හරුට් දැන සිටියේ ය. සමහර විට මා වැනි හුරුබුහුටි කෙල්ලන් ඔහුට සොයා දීම හරුට්ට පැවරී තිබුණා විය හැක. ඉරාකය ඉතා ඉක්මනින් යකඩ ග්රහණයකට මැදි කර ගන්නා බලගතු මිනිසා ඇසුරු කිරීමෙන් ලෝකයේ සියලු ප්රතිලාභ අයත් කරගත හැකි බව ඔහු දැන සිටියේ ය. එම රාත්රියේ හරුම්ගෙන් සදාම් හුසේන්ට ලැබුණු තෑග්ග මාය..

    Rs. 468.00