• -10%
    (0)

    මහ බැද්දේ සුදු වැද්දා – Maha badde sudu wedda

    Original price was: Rs. 500.00.Current price is: Rs. 450.00.

    මහ බැද්දේ සුදු වැද්ද’ නම් වු මෙම යොවුන් නවකතාවට පාදක වී ඇත්තේ මුහුදු බත් වුණු නැවකින් ශ්‍රී ලංකාවේ වෙරළකට පිනා අවුත් වන වැදුණු ඕලන්ද ජාතික නිර්භීත ගැටරයෙකු පිළිබඳ ත්‍රාසය, වීරත්වය හා කුතුහලය දනවන රසවත් කතා පුවතකි. වන සතුන් හීලෑකර ගැනීම සඳහා පුදුම දක්ෂ – තාවයක් තිබූ ‘ හෑන්ස් ‘ නම් වූ මෙම නිර්භීත යොවුන් ගැටවරයා රුදුරු වන සතුන්ගෙන් ගහණ මහ වන මැද ජීවිත් වීම සඳහා කරන අරගලය සැබැවින්ම ත්‍රාසය භීතිය හා වමත්කාරය පිරුණු එකකි. පසු කාලයේදී කන්ද උඩරට සිංහල රජුගේ හේවායින්ට හසු වෙන හෑන්ස් එහි සිරකරුවෙකු බවට පත්වෙයි. මේ අතර තුර රජුගේ බලවත් උදහසට ලක්වෙන මෙම ගැටවරයාට ඇතෙකු ලවා පාගා මරා පොඩි කර දමන්නට සැරසෙද්දී ඔහු ඒ මර උගුලෙන් ගැලවෙන්නේ හාස්කමකින් මෙනි. ඇතාගේ පිහිටෙන් යළිත් වන වදින හැන්ස් එහි වැදි පවුලකට එක්වී ජීවිතයේ නව මහකට ප්‍රවේශ වෙයි. සුදුහුරා නමින් වැද්දන්ගේ ගෞරවයට හා ආදරයට පාත්‍ර වන මෙම ගැටවරයා මේ වන විට සිංහල රජතුමාගේ හිරකරුවන් බවට පත් වී සිටි පෘතුගීසි හා ලන්දේසි කපිතාන්වරු දෙදෙනෙකු ද උපායශීලිව නිදහස් කර ගැනීමට සමත් වෙයි. වනගත ජීවිතය හා වැද්දන් අතර බැඳුණු සිදුවීම් වලින් ගහන මෙම රසබර වෘත්තාන්තය පාඨක – යාගේ සිත මන මෝහනයෙන් හා ත්‍රාසයෙන් තුල්මත් කරවන සුළුය. ලංකාවේ වනාන්තරවල ඇවිද වැද්දන් සමඟ ජීවත්වී ඒ අත් දැකීම් හා ඉතිහාසගත සැබෑ තොරතුරු සමඟ ප්‍රතිනිර්මාණය කළ මෙම කෘතිය ආර්. එල්. ස්පිට්ල් නම් වූ ඉංග්‍රීසි ජාතික වෛද්‍යවරයා අතින් රචිත නිර්මාණ වලින් වඩාත්ම මෙරට පාඨකයින් අතර ජනප්‍රිය වූ ප්‍රබන්ධය වෙයි.

  • -20%
    (0)

    ගිනි – GINI

    Original price was: Rs. 650.00.Current price is: Rs. 520.00.

    රෑට තාත්තාත් මාත් නිදා ගන්නේ ගුහාවේ දොරකඩය. ඒ, වන සතුන් ගුහාවට රිංගීම වැළැක්වීමටය. අම්මා නංගිලා සමග ඇතුළේ මුවහම මත නිදා ගත්තාය.
    ” මගෙත් ඇඟ ටිකක් සීත කරනවා වගේ හුළං වදින කොට අමාරුයි.” තාත්තා කීවේය.
    මම ඔහුගේ ඇඟට අත තබා බැලුවෙමි. ඔහුට ද උණ ගැනී තිබිණි. අව්වේ වෙහෙසීමෙන් පසුව ඔහු මාළු ඇල්ලීමට බොහෝ වේලා වතුරේ සිටියේය.
    ” තාත්තා ඇතුළට ගිහින් නිදාගන්න. මම මෙතන ඉන්නම් “

  • -10%
    (0)

    මඟ දිගට ජනකතා 2 – maga digata janakatha

    Original price was: Rs. 600.00.Current price is: Rs. 540.00.

    මාරස්සන ඩී. පී. වික්‍රමසිංහ මහතා ගම් නියම්ගම්වල රජයේ පාසල් හි මුල් ගුරු පදව් දැරූ කෙනෙකි. තමා සේවයට පත් වී ගිය සෑම පාසලක් ම පිහිටි ගමේත්, අවට ගම්වලත් ඓතිහාසික තොරතුරු, ජන විශ්වාස, වෙද හෙදකම් ආදිය පළාත් වාසීන්ගෙ න් විමසා සොයා බැලීමත්, එමඟින් සපයා ගත් කරුණු පොතක සටහන් කර තැබීමත්, හේ විනෝදාංශයක් ලෙස පුහුණු කර ගති. කටකතා වලින් මතු වූ ඓතිහාසික කරුණු තහවුරු කරනුවස් පතපොත කියවා කරුණු සෙවීම ද ඒ සමඟම කෙරිණි. උඩරට, පහතරට, රජරට ආදී සෑම පළාතෙකම සේවය කරන කාලයේ එසේ රැස්කර ගත් කරුණු වලින් බිඳක් තමා සේවයෙන් විශ්‍රාමලත් කාලයේ පොතකට නැඟුණු සැටියි මේ. මේ ජනකතා එකතුවේ පළමුවන කොටස මඟ දිගට ජනකතා නමින් මුද්‍රණයෙන් නිකුත්ව ඇති අතර, මඟ දිගට ජනකතා – 2 නමින් මෙසේ පළවන්නේ දෙවන කොටසයි.

  • -20%
    (0)

    සඳුගෙ දියණිය- Sanduge Diyaniya

    Original price was: Rs. 1,200.00.Current price is: Rs. 960.00.
    සඳ මත සිදු වූ බිහිසුණු අභ්යවකාශ යුද්ධයෙන්නූ ලෙන් දිවි ගලවා ගත් ‘වසන්ත ලංකාතිලක…’
    ජීවිතයටත් වඩා සැමියාට ආදරය කළ, ජීවිත කාලයක් ඔහු වෙනුවෙන් බලා සිටි ආදරණීය ‘නේරංජනා…’
    කහ පැහැති සිරුරෙන් හා රන්වන් හිසකෙසින් යුතු, සුධා ධවල අසු අරා ගමන් කළ,
    සුරූපී වන රැජින ‘ෂර්මේන්…’
    ප්රතාපවත් සෙන්පතිනියක්, දක්ෂ ගුරුවරියක් හා කාරුණික උපස්ථායිකාවක් වූ සුන්දර, කළු කෙල්ල ‘ජින්…’ ජීවකයෙකු බඳු වූ ප්රතාපවත් මහලු මිනිසා ‘හෙලිගන්…’
    මේ සියලු දෙනාටම ඉහළින් ක්රියාකාරී වූ බලසම්පන්න ‘අයොනියන් දෙවියන්…’
    ඩොල්පිනයන්, ඩයිනෝසරයන්, ටෙරොඩැක්ටිලයන් හා බිම්රකුසන් සමඟ, ගැබ්බර සඳු සදාකාලිකවම සිය කුසයෙහි සඟවා ගෙන සිටින්නා වූද, කිසි කලෙකත් මෙලොවට බිහි නොකරන්නා වූද, සොඳුරු, දයාන්විත, විස්මිත ඒ ‘සඳුගෙ දියණිය…!’
  • -20%
    (0)

    ලක්ෂි – Lakshi

    Original price was: Rs. 1,200.00.Current price is: Rs. 960.00.

    මේ පිපෙන අලුත් සේපාලිකා මල් වගේම
    පරවුණ සේපාලිකාවන් සාක්ෂි දරයි
    මගේ මේ ආදරය…
    සමහර සේපාලිකා මල් කියනවා මට ඇහෙනවා
    ලක්ෂි මඳ හිනාවක් මවමින් මෙන්න මෙහෙම,
    “ඔයාගේ ආදරේ එයාට මේ අපි වගේ කියලා”
    මහා රෑ පිපිලා
    මහා පාන්දරම කඩා හැලෙනවා වගේලු
    මං මතක් කරා ලක්ෂි
    කඩා හැලෙන සේපාලිකා මල්
    කඩා හැලුණු පළියට පර වුණේ නෑ කියා…
    හරියට මගේ ආදරේ වගේ
    ඔයා ළඟ ප්‍රතික්ෂේප වීම් කොතරම් වුණත්
    ඒ ආදරේ කඩා හැලුනත් පර වී නෑ…

    මං ඔයාට අසීමාන්තිකව ආදරෙයි ආදරියේ…

    – වරුන් –

  • -20%
    (0)

    ග්ලැසේරා – Glasera

    Original price was: Rs. 1,300.00.Current price is: Rs. 1,040.00.

    ” මම කවදාවත් ඉර දැකලා නෑ….. ඒ ගොරෝසු හඬ ඇසුණේ තමන්ගේ මනසින්ද, එසේත් නැතිනම් දකුණු කනට අඟල් ගණනක් ඈතින්ද කියා නෝවාට තේරුණේ නැත. දකිමින් සිටි කලබලකාරී වේගවත් සිහින රැසකට එකවරම ඒ හඬ බාධාවක් විය. වේගයෙන් ගැහෙන ඔහුගේ හදවත ඒ හඬින් තවත් වේගවත් වුණේය. නමුත් එමඟින් ඔහුගේ මනස අවදි විය. ඈතින් ස්………ස්’ හඬ දෙමින් හමා යන දැඩි සුළගේ වියරු හඬ ඔහුගේ දෙසවනට ඇසෙන්නට විය. නමුත් ඒ හැරෙන්නට වෙනත් කිසිම හඬක් ඔහුගේ දෙසවන කම්පනය නොකළේය. ඔහු බලාපොරොත්තු වූයේ ඒ නැඟුණු හඬ නැවතත් අසන්නටය. නැත. වෙනත් කිසිම ශබ්දයක් නැත. තම පපුවේ ඇති සෙම ගතිය තමාට දැනෙන තරමට තදින් ඔහු හුස්මක් ගත්තේය. පපුවෙන් රුං හඬක් ඇසෙන්නට විය. ඔහු වරක් කැස්සේය. තවත් වරක් කැස්සේය. උගුර හා පපුවේ තිබුණු පැටලුණු ගතිය එයින් යම්තාක් දුරකට නැති විය. අවහිර බව නැති වූ නාසයට දුර්ගන්ධයක් දැනෙන්නට විය. එය කුමන වර්ගයේ දුර්ගන්ධයක් ද කියා ඔහුට අමුතුවෙන් සිතන්නට අවශ්‍ය නැත. ඔහු විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාරයට ආ පළවෙනිම දවසේ දැනුණේ ද මෙවැනිම ගන්ධයකි.

  • -20%
    (0)

    ගුප්ත දඩබිම – GUPTHA DADABIMA

    Original price was: Rs. 1,850.00.Current price is: Rs. 1,480.00.

    මෙනරදෙණිය ගමට උඩින් වැහි බන්ධනයක් දාලා තියෙනවා. ඔය වැහි බන්ධනයට ඉහළින් ආකහේ ඕන තරම් වැහි වලාකුළු තියෙනවා. කොච්චර ගැබ්බර වලාකුළු තිබ්බත් වැහි බන්ධනය හින්දා ආකයෙන් පොළොවට එක වැහි කඳුළක් වැටෙන්නේ නෑ. වැස්ස නැතුව ගියහම මිනිස්සුන්ට විතරක් නෙවෙයි, සතා සීපාවටත් ගම දාල යන්ඩ වෙනවා. සුන්නියට ඕන වුණේ ගම පාළු කරගන්ඩ. අග්නි යාගෙ කරන්ඩ පුළුවන් ඊට පස්සෙ. අග්නි යාගෙ හරියට කෙරුවොත් දැනට සුන්නියගෙ ශරීරය බාගයක් බුක්ති විඳින ඒ අමනුෂ්ය ආත්මය සම්පූර්ණයෙන් ඒ ශරීරය බුක්ති විඳින්න පටන් ගන්නවා… ඒ වැඩේ නතර කරන්න ඕන.. මේ විශ්වයේ යහපතට වගේම අයහපතටත් උදව් කරන ශක්තීන් ඉන්නවා.. මේ මහපොළව උඩ යහපත ආරක්ෂා කරන ශක්තීන් ඔය ගැටුමෙදි සුන්නියයි එයාගෙ අඳුරේ බලයයි පරාද කරන්න උදව් කරාවි.

  • -10%
    (0)

    දිස්පරයු – Disparue

    Original price was: Rs. 1,750.00.Current price is: Rs. 1,575.00.

    ප්‍රංශයේ සිට කතා මවන ශ්‍රී ලාංකික ඉන්ද්‍රජාලිකයා – මංජුල සේනාරත්නයන්ගේ නවතම කෘතිය #දිස්පර්යු  12. 12. 12 ට වසර පහකට පසුව නතාලි මුණියේ සහ ඇගේ කණ්ඩායම යළිත් පරීක්ෂණයක……

    2019 වසරේ ජුනි මස 12 වැනිදා උදෑසන පැරිස් නගරයේ 13 ප්‍රදේශයේ පොලිසියට ලැබුණු ඇමතුමකි. වැඩි දුරක නොපිහිටි, ජේම්ස් ජොයිස් උද්‍යානයේදී තම තුන් හැවිරිදි දියණිය අතුරුදන් වුණු බව ඇමතුම දුන් මිනිසා කියා සිටියේය.
    තත්පර පනස් හතරක කාලයකට මිනිසාගේ දෙනෙත් පියවී තිබුණු මොහොතේ, දරුවා අතුරුදහ්ව ඇති බව පොලිසිය සොයාගත්හ. කෝසල සමරසිංහගේ එකම දියණිය නොදී, ඒ අයුරින් අතුරුදන් විය.
    තත්පර පනස් හතරක කාලයක් තුළ ඇය අතුරුදන් වූයේ කෙසේද? දින දෙකක් පුරාවට දිගහැරෙන,
    තාදී සොයා යාමේ මෙහෙයුමයි මේ… පැරිස් පොලිසියේ අපරාධ මර්දන ඒකකයේ ප්‍රධානි. නතාලි මුණියේ සහ ඇගේ කණ්ඩායම තාදි සමරසිංහ අබ‍්‍රහස කෙසේ විසඳහු ඇත්ද?

  • -10%
    (0)

    අබිරහස් සබ්මැරීනය – ABIRAHAS SBMERINAYA

    Original price was: Rs. 1,800.00.Current price is: Rs. 1,620.00.

    සියල්ල ඇරඹුණේ, කැරීබියානු මුහුදු පත්ලේ ගිලීගිය, දෙවැනි ලෝක යුද සමයට අයත් ජර්මානු සබ්මැරීනයක තිබූ දිනපොතක් හෙන්රි බේකර් නමැති කිමිදුම්කරු විසින් සොයා ගැනීමත් සමඟය.

    ලෝකයම සසල කරවිය හැකි අතිශය රහසිගත ලියවිලි රැසක් සබ්මැර්නය තුළ වන බව වටහාගන්නා බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශයේ චාර්ල්ස් ෆර්ගසන්, සබ්මැරීනය සොයා ගැනීමේ මෙහෙවර එක් විශේෂිත අයෙකු හට පවරනු ලබයි.

    ඒ හිටපු IRA සෙබළෙකු වන ෂෝන් ඩිලන්ටය.

    ඔහු හුදෙකලාවම ක්‍රියාන්විතය දියත් කළ යුතුය.

    සබ්මැරීනය සොයාගැනීම පමණක් නොව, එය පසුපසින් පැමිණෙන පොතාල කල්ලි හා ගැටෙමින්, ඔවුන්ට පළමුවෙන් ලිපිගොනු සොයාගැනීමේ අභියෝගයටද මුහුණදිය යුතුය.

    එබැවින්ම.

    ඔහු ගෙන යන සටන ත්‍රාසජනකය;

    ලොමුදැහැගන්වනසුලුය!