• -20%
    (0)

    ගජගා – GAJAGA

    Original price was: Rs. 1,400.00.Current price is: Rs. 1,120.00.

    “උඹට හැමදාම ඔහොම ඉන්න පුළුවන්ද”
    “ඇයි බැරි?.. මම දැන් ඒකට හැඩ ගැහිලා ඉන්නෙ.”
    “උඹගෙ ජීවිතේට පිරිමියෙක් ඕනැ නැද්ද?”
    “ගෑ 4නි# යෙකුට ජීවිතේ ගැට ගහගන්න ඕනැ
    පිරිමියෙක් නෙවෙයි බං…හොඳ හයිය හිතක්…
    ඔය හුඟක් ගෑ@ නු ගොඩ ගිහින් තියෙන්නෙ උන්ගෙ
    මිනිස්සු හින්දා නෙවෙයි… උන්ගෙ හිත් හයිය හින්දා…
    මටත් දැන් තියෙන්නෙ හුඟක් හයිය හිතක්…
    මට පුළුවන් තනියම මේ දරුවත් එක්ක
    ජීවිතේ ගොඩ දාගන්න.”
    “ඒ වුණාට පිරිමියෙක් එක්ක කාලයක් ජීවත්වෙලා
    පුරුදු වෙච්චි ගෑ& නි@යෙකුට තනියම ජීවත් වෙන එක
    ටිකක් අමාරුයි.”
    “මම ආය කසාදයක් බඳින්නෙ නෑ.”
    “කවුද බං කසාද මඟුලක් ගැන කිව්වෙ.”
    “එහෙනං.?”
    “උඹ ඒක හිතා ගනින්.”

  • -20%
    (0)

    අපේයක්කා – APEYAKKA

    Original price was: Rs. 900.00.Current price is: Rs. 720.00.

    අපේ ගෙදර කවුරුත් අක්කාට බනින්නේ නැත. ඒ බැන වැඩක් නැති නිසා ය.අක්කා අප පවුලට ලැබුනේ වරක් තාත්තා හූනියන් දෙවියන්ට පොරොන්දු වු බාරයක් ඔප්පු නොකිරීම නිසා බව, අම්මා හැම තිස්සේම පැවසුවා ය. අක්කාට මෙලෝ ගෙදර වැඩක් බැරි ය. වරක්, ඇය හැදු කේක් එකක් කා අපේ බල්ලාට ඌගේ දත් සැලකිය යුතු ප්රමාණයක් අහිමි විය. අදටත් අම්මා ඌට මස් දෙන්නේ අඹරා ය. එදා සිට ඌ කන්නේ අම්මා අතින් දෙන කෑම පමණ ය. අක්කා කෑම රැගෙන එන විට ඌ ගමේ එහා කෙළවරට දුවයන්නේ ය.

  • -10%
    (0)

    සංචරණී – Sancharanee

    Original price was: Rs. 700.00.Current price is: Rs. 630.00.

    දන්නවද, මේ ලෝකෙ තියෙන ලස්සනම අකුරු තුන ආදරේලු….

    ඒත්… ඔයා දන්නවද

    ඒ අකුරු තුනට වඩා ලස්සන දේවල් තව කොච්චර ලෝකෙ තියෙනවද කියලා?

    ඒවා දකින්න හැමෝටම බැහැ.

    හැබැයි දන්නවද,

    ඒ ලස්සන ගැවුණ ගෑවුණ හැම තැනකම ආදරෙත් මුහු වෙලා තියෙනවා.

    අන්න ඒකයි ආදරේ හරි ලස්සනයි කියන්නෙ.

    ලස්සන තැන්වල ආදරේ රැඳෙනවා…

    ආදරේ ඇතුළෙ ලස්සන දකිනවා…

    අන්න ඒකයි අකුරු තුනකට පණ දෙන රහස !

  • -10%
    (0)

    සදහස[දමරඣ 2] – Sandahasa

    Original price was: Rs. 2,200.00.Current price is: Rs. 1,980.00.

    බොහෝ මුරුණ්ඩ ‘ වාංශික මිනිසුන් නම් රජුගේ නුගුණ කියමින්, ඔහුට සාප කරමින් සිටි සමයකි මේ. තම වංශය නසා රජ බවට පත් වූ ක්ෂත්‍රිය ග්‍රාමණේය වාංශිකයෝ දැන් මේ දඹදිව වයඹදිග සත්‍ය පුත්‍ර මණ්ඩලය නම් වූ මේ දේශය සෑම තැනකම පැතිර සිටිති. උතුරු දිගින් පැමිණෙන්නා වූ පාර්සිවරුන්ගේ සේනාංකයන්ට මුහුණ දීමට තරම් පුණ්ඩු සේනා ශක්තිමත් නොවුවත්, සිංහල රජුගේ පාර්සි මිත්‍ර සබඳතා නිසා එහි යම් සහනදායක බවක් වෙතැයි මුරුණ්ඩ සහ ග්‍රාමණේය දෙවාංශිකයෝම සිතා සිටියහ. එමෙන්ම යවන දේශයේ මහා අලිසන්දර රාජයාට පවා සිංහල රජු හිතවත්කම් පෑවේය. එබැවිනි ඔහු තම පියාණන්ගෙන් උරුම වූ සින්ධු දේශය හැර දමා මුරුණ්ඩ වාංශික සක්කයින්ගේ මේ දේශය තම අණසකට යටත් කරගත්තේ. අසරුවා කෙමෙන් කෙමෙන් මේ ගමන් ගන්නේ වර්තමානයේ සිංහල රජුගේ මාළිගය වූත්, මීට කලකට ඉහත දී පණ්ඩු නම් සක්ක ගෝත්‍රයේ මුරුණ්ඩ වාංශික රජුට අයත්ව තිබූත් සුවිසල් ප්‍රාසාදය දෙසට දිවෙනා අගනුවර ප්‍රධාන වීදිය වෙතටය. අනෙකුත් පරිවාර වීදි තරමට ජනාකීර්ණ නොවූ මේ වීදියේ වැඩි වශයෙන් ගැවසුණේ රාජකීයයන් සහ සෙබළ ජනයාය. කඩපිල් සහ යාචකාදීන්ගෙන් තොර වූ මෙම මහා විදිය කළු ගලින් බැඳ නිමවා තිබුණේ නිතරම ඒ මේ අතට යනෙනා අශ්ව රථ, අසරුවන් ආදීන්ගේ පහසුව තකාය. මඟ දෙපස වැඩිමනත් පැවතියේද රාජකීයයන්ගේ කිසියම් රාජකාරි කටයුතු සඳහා යොදාගනු ලැබුණා වූ කාර්යාල වර්ගයේ ගොඩනැගිලීම පමණි. දළ පිළි පොරවාගත් අසරුවා රැගත් කාළ වර්ණ අසු මහා වීදියට අවතීර්ණ වූ පසුව ඌට ඒකාකාරි ගමනක යෙදීමට අවසර ලැබිණි. අසරුවා එතෙක් වේලා සිදු කළ ප්‍රවේශම් සහිත අසු හැසිරවීම අවසන් කර ඌට නිදහසේ ඉදිරියට ගමන් කිරීමට ඉඩ ලබා දී තිබිණි. ඒ වෙනුවට ඔහු සිදු කළේ පරීක්ෂාකාරී අන්දමින් වටපිටාවේ වූ ගොඩනැගිලි ආදිය දෙස බැලීමයි.

  • -20%
    (0)

    හූ ඒට් මයි ඇපල් – Who ate my apple

    Original price was: Rs. 1,200.00.Current price is: Rs. 960.00.

    අල්පොන්සු දවස් කීපයක පටන් ඔහුගේ ඇස අග්ගිස්සෙහි මතුව තිබූ ගෙඩියක් හේතුවෙන් හටගත් වේදනාව දැනෙමින් ඔහුගේ හිස කෙළින් අතට හරවා ගනිමින් වේදනාව මග හරවා ගැනීමට උත්සාහ කරමින්, වේදනාව දැනෙන කොටස අතින් අතගාමින් ගෙඩිය ලොකු වී ඇත්දැයි බලමින් සෙමින් සෙමින් නින්දෙන් අවදි විය. අවදි වී විනාඩි කීපයක් එලෙසම එකම ඉරියව්වෙන් ඉඳ පසුව ඇඳෙන් බැස බිත්ති ඔරලෝසුව දෙස බැලූ අල්පොන්සු, ඔහු වැඩට යාම සඳහා සාමාන්‍යයෙන් අවදි වන වෙලාව පසු වී විනාඩි විස්සක් පමණ ගත වී ඇති බව දැක කලබල වී තම දුරකථනයේ සීනුව නොඇසුණේ ඇයිදැයි පරික්ශා කිරීමට ඇඳ අසල වූ කුඩා පෝටිකෝව මත වූ දුරකථනය අතට ගත් විට එය ක්‍රියා විරහිත වී ඇති බව දැක වහාම චාජරය ගෙන මේසය අසල වූ ස්විචයට සම්බන්ධ කොට රාක්කයේ වූ තුවාය ගෙන කල බලයෙන් වැසිකිළිය දෙසට ගමන් කිරීම සඳහා සිය කාමරයේ දොර විවර කළේය. අල්පොන්සු වැසිකිළිය දෙසට ඇවිද යමින් වෙනදා කුස්සිය දෙසින් සාලයට වැටෙනා ආලෝකය නොවීම පිළිබඳව ආතතියෙන් සිය මවද අද තවම අවදී වී නැති බවත්,

  • -20%
    (0)

    ඒතං මංගල මුත්තමං – Ethan mangala muththaman

    Original price was: Rs. 650.00.Current price is: Rs. 520.00.

    කවරක් වුවද මානවයාට සමහර ගති උරුමයෙන්ම ලැබුණ ඒවා කවර රටක ජීවත් වුව ද ජාති ආගම්, කුල හෝ සංස්කෘතීන් බව මගේ හැඟීමයි. කතන්දර ඇසීම සහ කතන්දර කීම ද එවැනි වූ ලොව පුරා මානවයා, මානව පැටවකුව සිටියදී සිටම ප්‍රිය කරන දෙයකි. ලොව කොයි දේ කෙසේ වෙතත් ජාතියක් ලෙස ශ්‍රී ලාංකිකයෝ සංස්කෘතියක් ලෙස ම පුංචි දා පටන් කතන්දර ඇසීමට සහ කතන්දර කීමට ප්‍රිය වෙති. මුතුබෙල්ලාගේ දුක්බර ජිවිත කතන්දරය, අප අතරින් සියයට අනුනවයක්ම අසන්නට ඇත්තේ තම තමන්ගේ ජීවිතවල පළමු දශකය තුළයි. මුතුබෙල්ලාගේ කටුව තුළට යන වැලි කැටයක් දිනෙක මිල අධිකම මුතු ඇටයක් බවට පත් වන තෙක් එම සත්ත්වයාගේ වේදනාවන් ගැන ශෝක වන අප මුතුබෙල්ලා විසින් වේදනා විද නිපදවන මුතු ඇට අප සන්තක කර ගැනීමට වෙර දරයි. එම මුතු බෙල්ලාගේ සෝබර ජීවිත කතන්දරයත් තවත් සිය ගණනක් කතන්දරත් රස විඳ ඇති අප, එම දුක්බර කතන්දර තුළ ඇති මහා බරසාර ජීවිත පාඩම් උගෙනීමට දැඩිව අපොහොසත් වී ඇත්තෙමු. මුතු බෙල්ලා යනු සොබා දහමේ අද්විතීය නිර්මාණයකි. සත්ත්වයාගේ වේදනාකාරි ජීවිතය තුළ නිපදවෙන මුතු ඇටය ද සොබා දහමේ ම අධි මිල නිෂ්පාදනයකි. මිනිසා ද සොබාදහමේ ම එතෙක් මෙතෙක් බිහි වූ අද්විතීය ම නිර්මාණය සේ සැලකෙයි. මුතු බෙල්ලාගේ ජීවිතය දෙස නිරීක්ෂණියව බලන් සිටීමෙන් රසවත් කතන්දරයක් නිර්මාණය කළේ. එය රස කරමින් කීවේ සහ කුතුහලයෙන් යුතුව අසා සිටියේ ද මිනිසා මය.

  • -10%
    (0)

    ගණිත විනෝදය- Ganitha Vinodaya

    Original price was: Rs. 650.00.Current price is: Rs. 585.00.

    ” අද උදේ මම ලේනෙක් එක්ක හැංගිමුත්තන් සෙල්ලම් කළා ” විවේකාගාරයේ උදේ තේ පානය සඳහා වාඩි වු විවේකාලාභීන්ගෙන් එකෙක් පැවසීය. ” මේ ළඟ කැලේ තියෙන රවුම් එළිමහත් පිට්ටනිය දන්නවද? ඒ පිට්ටනිය මැද එකම ගහයි තියෙන්නේ. ලේනා හැංගුනේ ඒ ගහ පිටිපස්සේ. කැලේ සිට පිට්ටනියට එනකොටම මම දැක්කා ලේනා ගහේ කඳ පිටිපස්සේ සිට උගේ දිලිසෙන ඇස් දෙකෙන් මා දිහා බලාගෙන ඉන්නවා. මම දැක්කේ උගේ මුහුණ විතරයි. ලේනා හොඳ හැටි බලාග. න්න මම ඌට කිට්ටු නොවී පිට්ටනිය අයින දිගේ ගහ වටේට ගියා. හතර වතාවක්ම මම ගහ වටේ ගියා. මම දැක්කේ ලේනාගේ මුහුණ විතරයි. කොහොමටත් මට ලේනා වටේ යන්ට බැරි වුණා.” ” එහෙත් ඔබ කීවා නේද ගහ වටේ හතර වතාවක් ගියා කියලා ” තේ මේසයට වාඩි වී සිටි එකෙක් විරුද්ධත්වය ප්‍රකාශ කළේය. ” ගහ වටේ මිස ලේනා වටේ නොවෙයි.” “ලේනා හිටියේ ඒ ගහේ? ” ” ඉතින් ?” ” ඒ කියන්නේ ඔබ ලේනා වටේත් කැරැකුණා.” ” හොඳයි කැරැකුණා ! ලේනාගේ පිට එකවතාවක්වත් දැක්කේ නැහැ.'” ” පිට මොනවටද? ලේනා හිටියේ මැද. ඔබ වටේට කැරැකුණා. ඒ කියන්නේ ඔබ ලේනා වටෙත් කැරැකුණා.” ” කොහොමටත් එහෙම නොවෙයි. මම ඔබ වටේ යනවා කියලා හිතන්න. ඔබත් හැම වේලාවේම මට මූණ පා ඉන්නවා. ඔබේ පිට මට පෙනෙන්නේ නැහැ. ඔබ හිතන්නේ මම ඔබ වටේ කැරැකුණා කියලද? ” ” ඇත්ත වශයෙන්ම එහෙම තමා. වෙන කොහොමද? ” ” එක වතාවක්වත් ඔබේ පිට පැත්තට යන්නේ නැති නම්, ඔබේ පිට දකින්නේ නැති නම්, මම ඔබ වටේ කරකැවෙනවාද? ” ” පිටේ තේරුමක් නැහැ ! ඔබ මා වටේ රවුමක් කරකැවිලා හිටපු තැන – ටම ආවා. ඒ නිසයි ඔබ මා වටේ කරකැවුණා කියන්නේ. මගේ පිට දැකීම නොවෙයි.” ” ඒ කොහොමද ? වස්තුවක් වටේ කරකැවෙනවා කීමේ තේරුම කුමක්ද? මා හිතන හැටියට එයට එකම තේරුමයි දෙන්න පුළුවන්: එනම් වස්තුව සෑම දිසාවකින්ම බලාගත හැකි වන සේ අනුක්‍රමයෙන් එය වටා යෑමයි. සත්‍යය එය නෙවද මහාචාර්ය තුමා ” වාද කරන්නා තේ මේසයට වාඩි වී සිටි මහල්ලෙකුගෙන් විතාළේය. ” වාදය කෙරෙන්නේ ප්‍රධාන වශයෙන් වචන පිළිබඳවයි ” විද්‍යාඥයා පිළිතුරු දුන්නේය. ” මේ වගේ අවස්ථා වලදී මුල සිටම පටන්ගත යුතුයි: අපි වචන වල අර්ථය ගැන එකඟත්වයකට පැමිණිය යුතුයි. ” වස්තුවක් 15

  • -10%
    (0)

    අබ්දුල් වෙන්න කලින් – Abdul Wenna Kalin

    Original price was: Rs. 1,000.00.Current price is: Rs. 900.00.

    අපිට පස්සෙන් පියාඹන උං
    ආයෙ හිරවිය යුතුද කොටුවල
    තටු කපපු දුක අපි වගේ උං
    ආයෙමත් ලිය යුතුද පිටුවල
    ගොරව ගොරවා බලං ඉන්නවා
    තමයි වටේම අඳුරු කරුවල
    එහෙව් විටකදි ගින්දරක් මිස
    එලිය මදි දුර ඈත තරුවල

  • -20%
    (0)

    අමාවක හස – Amawaka hasa

    Original price was: Rs. 2,100.00.Current price is: Rs. 1,680.00.
    ඉතින් දකින්න ඕන කරපු දේ… මං ඇස් ඇරපු වෙලේ
    ඉඳන් හොයපු එකම රූපේ.. පරණ වලව්වේ
    ඉස්තෝප්පුව ඉස්සරහා මල් ලෑල්ල මැද්දෙන් වැටෙන
    හඳ එලිය නාගෙන අත් දෙක පිටි පස්සට බැදන් ඈත
    බලන් ඉන්න කවුරුත් කියන පොඩි නිළමේ….
    මං ජීවිතේටවත් ඒ මනුස්සයට එහෙම කතා කරලා නෑ
    ඇත්තටම මේවා මෙහෙම කොහොම වුනාද දන්නේ නෑ
    ඒත් දැන් වෙලා. කලින් හිතින් මං කාට කොහොම අයිති
    වෙලා හිටියත් දැන් මුළු හිතෙන්ම එක තැනකට
    ආසාවෙන් හිර වෙලා.
    “මෙච්චර කාලයක් මං තනි වුන මතක අස්සේ වින්ද
    ඔය උණුහුම දැන් ඇත්තටම විඳිනකොට… මං අඬන්නද
    හිනාවෙන් පවිත්ර?”
    “ඒ දෙකම එපා”
    “එහෙනම්?”
    “මේ විදිහටම ඉන්න පොඩ් නිළමේ”
  • -20%
    (0)

    ක්ලියෝපැට්රා එයා තමයි රැජින – Cleopatra Eya Thamai

    Original price was: Rs. 1,600.00.Current price is: Rs. 1,280.00.

    ක්ලියෝපැට්රා භාෂා අංශයට ඇතුළු උනා.
    එයාට දැනුනා පැපයිරස් කොළවල සුවඳ, සීතල පොළොව. භාෂා තුනකින් කැටයම්කර තිබුණු විසල් ආරුක්කුව පාමුල එයා නැවතුනා.
    අහා මේන්න ඉන්නවා අපේ පාරාවෝගේ දූ කුමරිය.”
    ක්ලියෝපැට්රා පොඩි කාලෙ ඉදන්ම අකැමැති උනා එයාට පාරාවෝගේ දුව, එහෙමත් නැතිනම් දොළොස්වැනි ටොලමිගෙ දුව කියල කියනවට එයා කැමති උනේ එයාට ක්ලියෝපැට්රා කියල කියනවට.

  • -20%
    (0)

    ලක්ෂි – Lakshi

    Original price was: Rs. 1,200.00.Current price is: Rs. 960.00.

    මේ පිපෙන අලුත් සේපාලිකා මල් වගේම
    පරවුණ සේපාලිකාවන් සාක්ෂි දරයි
    මගේ මේ ආදරය…
    සමහර සේපාලිකා මල් කියනවා මට ඇහෙනවා
    ලක්ෂි මඳ හිනාවක් මවමින් මෙන්න මෙහෙම,
    “ඔයාගේ ආදරේ එයාට මේ අපි වගේ කියලා”
    මහා රෑ පිපිලා
    මහා පාන්දරම කඩා හැලෙනවා වගේලු
    මං මතක් කරා ලක්ෂි
    කඩා හැලෙන සේපාලිකා මල්
    කඩා හැලුණු පළියට පර වුණේ නෑ කියා…
    හරියට මගේ ආදරේ වගේ
    ඔයා ළඟ ප්‍රතික්ෂේප වීම් කොතරම් වුණත්
    ඒ ආදරේ කඩා හැලුනත් පර වී නෑ…

    මං ඔයාට අසීමාන්තිකව ආදරෙයි ආදරියේ…

    – වරුන් –

  • -10%
    (0)

    රන් දෝණි – Ran Doni

    Original price was: Rs. 900.00.Current price is: Rs. 810.00.

    2019 දී බලහත්කාරයෙන් කාන්තාවන් වඳභාවයට පත් කළ බවට බොරු චෝදනා එල්ල වූ වෛද්‍ය ෂියාබ්දීන් මොහොමඩ් ෂාෆිගේ දියණියගේ කතාව පවසන “රන් දෝනි” පොත අඟහරුවාදා (30) කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී එළිදැක්විණි.

    ප්‍රවීණ මාධ්‍යවේදී සුරංග සේනානායක විසින් රචිත මෙම පොත, එම දුෂ්කර කාලය තුළ සහ ඉන් පසුව වෛද්‍ය ෂාෆිගේ පවුල මුහුණ දුන් අභියෝග විස්තර කරයි.

  • -20%
    (0)

    රමණාවෙශය – Ramanaveshaya

    Original price was: Rs. 1,100.00.Current price is: Rs. 880.00.
    සැන් ප්රැන්සිස්කෝ නගරය ඉමහත් ආන්දෝලනයට පත්කළ, සුප්රකට රොක් ගායක ජොනී බස්ගේ අභිරහස් කු # රීරු ඝා ත නය පිළිබඳ විමර්ශන කටයුතු වල නියැලෙන රහස් පරීක්ෂක නික් කරන්, වංචා සහගත, රැවටිලිකාරී ව්යාකූල ලෝකයකට අවතීර්ණව සිටියේය.
    ජොනී බස්ගේ ඝා ත නය සුරූපී කෝටිපතිනියක් වන ජනප්රිය ලේඛිකා කැත්රින් ට්රෙමෙල් නම් වූ සරාගී කාමිනියගේ රමණා වේශයේ ප්රතිඵලයක්ද? එසේත් නැතිනම් අනුරාගී නාරිදේහිනී මනෝචිකිත්සක බෙත් ගානර්ගේ අදෘශ්යමාන රංගනයක පිළිබිඹුවක්ද?
    අනුරාගී රති සුව වින්දනයේ අන්තයට කිමිදෙමින් සැක, සංකාව, භීතිය, කුතුහලය සපිරි සංත්රාසයේ උපරිම ප්රවේශයන්ට පිවිසෙන මේ චරිත අත්විඳින ඛේදාන්තයේ බිහිසුණු ඉරණම කවරාකාරද?
  • -20%
    (0)

    කා – KA

    Original price was: Rs. 1,000.00.Current price is: Rs. 800.00.
    පෞරාණික ඊජිප්තු වාසීන්ගේ මිථ්යා ඇදහීම අතර මුල් තැනක් ගෙන තිබුණ දිව්යමය හාස්කම් සහ ඉන්ද්රජාලික බලය පිළිබඳ විශ්වාසය මෙම කෘතියේ තේමාව වෙයි.
    මෙහි දැක්වෙන චරිත අතර මුල් තැනක් ගන්නා පාරාවෝ කලක් පෞරාණික ඊජිප්තු දේශය පාලනය කළ අධිරාජයෙකි. දෙවියන්ගේ ආශීර්වාදයෙන් උපතලද පාරාවෝ අධිරාජයාගේ දූ කුමරිය නෙතර් තුවා (Neter Tua) නම් වූවාය. නෙතර් තුවා යන නාමය උදා තරුව (Morning Star) යන අරුත දෙයි.
    පුතුන් නොලද මහලු පාරාවෝගේ ඇවෑමෙන් ඊජිප්තු දේශය පාලනය කිරීමේ උරුමය ලද්දි නෙතර් තුවා දූ කුමරිය වූවාය. සුරූපී නෙතර් තුවා ඊට නොදෙවෙනි ව ප්රඥා සම්පන්න කුමරියක් ද වූවාය. පාරාවෝට සහ ඔහුගේ කිරුළ හිමි දූ කුමරියට ඔවුන්ගේ කිරුළ උදුරා ගැනීම සඳහා කුරිරු කුමන්ත්රණයක නිරත වෙමින් සිටි සතුරකුට මුහුණ දීමට සිදු වෙයි.
    පාරාවෝ පදවිය ලබා ගැනීම සඳහා එපරිද්දෙන් කටයුතු කරන ලද්දේ ඔවුන්ගේ ඥාතියකු ද වූ අබී (Abi) කුමරා විසිනි. ඔහු එවකට පාරාවෝ අධිරාජයා යටතේ ‘ මෙම පීස්’ පුරයේ පාලනය භාර ව කටයුතු කළේය. මෙම්පීස් පුරයෙන් සෑහිමට නොපත් අබී කුමරාගේ එක ම සිහිනය වූයේ පාරාවෝ ඇවෑමෙන් ඊජිප්තු සිහසුන මත හිඳ ගැනීමය. එම අභිප්රාය ඉටු කර ගැනීම සඳහා ඔහුට උපදෙස් සපයමින් ඔහුට පුරෝහිතකම් කරන ලද්දේ කකු (Kuku) නම් ඉන්ද්රජාලිකයා විසිනි.
    මේ අතර නෙතර් තුවා කුමරිය ඇය ළමා වියේ පටන් ඇසුරු කළ යොවුන් තරුණ සොල්දාදුවකු වන රමෙස් (Rames) සමඟ ප්රේමයෙන් බැඳුණාය. එහෙත් පාරාවෝගේ පැතුම වූයේ සිය දූ කුමරිය සොල්දාදුවකුට නොව රජ කුමරෙකුට විවාහ කර දීම ය.
    එම ගැටුම් පෙළ නිම වන්නේ කෙබඳු ඉරණමකින් ද යන්න මෙම ප්රබන්ධය තුළ දිග හැරෙන්නේ කියවන්න තුළ කුතූහලය වඩවමිනි. බොහෝ උදුරු වලට මුහුණ දෙමින් නෙතරේ තුවා කුමරිය අබී කුමරුට සහ කකු නම් ඉන්ද්රජාලිකයාට එරෙහි සටන ජය ගන්නා ආකාරය පෞරාණික ග්රීක හා මිසර දේව පුරාණයේ වෙනත් සමාන කතන්දර වෙතට ඔබ කැඳවාගෙන යයි.
  • -15%
    (0)

    උල්කාශ්මයේ අබිරහස – ULKASHMAYE ABIRAHASA

    Original price was: Rs. 2,400.00.Current price is: Rs. 2,040.00.

    ආක්ටික් අයිස් පරයක ගැඹුරේ වලලා තිබූ විස්මයජනක ලෙස දුර්ලභ වස්තුවක් නාසා චන්ද්‍රිකාවක් මගින් සොයාගත් අතර අදාළ අභ්‍යවකාශ ඒජන්සිය වැඩිදුර තහවුරු කරගැනීමකින් තොරව එය ඉතා වැදගත් ජයග්‍රහණයක් බව ප්‍රකාශ කරයි. හේතුව එය නාසා ප්‍රතිපත්තිවලට සහ ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ගැඹුරු ඇඟවුම් සහිත එකක් වෙන නිසාය.
    එම සොයාගැනීමේ නිරවද්‍යතාවය සත්‍යාපනය කිරීම සඳහා ධවල මන්දිරය, බුද්ධි විශ්ලේෂක රේචල් සෙක්ස්ටන්ගෙන් සහය ඉල්ලා සිටී. විශාරද මයිකල් ටොලන්ඩ් ඇතුළු විශේෂඥයින් කණ්ඩායමක් සමග ආක්ටික් අයිස් පරය වෙත යන රේචල් සිතාගත නොහැකි සාධක හෙළිකර ගනී. එම විද්‍යාත්මක ප්‍රෝඩා පිළිබඳ සාක්ෂි ලෝකයා මතභේදයට තුඩුදෙන දැවැන්ත රැවටීමකි.
    නමුත් ඇය ඒ බව ජනාධිපතිවරයා වෙත දැනුම්දීමට පෙර රේචල්, මයිකල් සහ පිරිස ඝාතකයන් කණ්ඩායමක් විසින් සැඟවී සිට කරනු ලබන පහරදීමකට ගොදුරු වෙති. තම ජීවිත බේරා ගැනීම සඳහා පාළු හා බෙහෙවින් අනතුරුදායක භූමි ප්‍රදේශ ඔස්සේ පලායන ඔවුන්ගේ එකම අපේක්ෂාව වෙන්නේ මෙම දක්ෂ කුමන්ත්‍රණය, සියල්ලටම වඩා කම්පන සහගත රැවටිල්ල පසුපස සිටින්නේ කවුරුන්ද යන්න සොයා ගැනීමය.

  • -20%
    (0)

    අහංකාර කුමරි – AHANKARA KUMARI

    Original price was: Rs. 1,100.00.Current price is: Rs. 880.00.

    රජු නපුරුය. ප්‍රචණ්ඩය. ඒ නිසාම ඩබ්රොස්කාවේ රධාක් රැජින, තම එකම දූ කුමරියව රැගෙන පැර්සියට පලා යන්නීය. පැරිසිය වටලෑමෙන් රැජිනටත්, ඉලෝනා කුමරියටත් අනන්ත දුක් විඳින්නට සිදුවෙයි. රැජින දුක්විඳිමින්ම මිය ගිය පසුව, පියරජතුමා කුමරියව ආපසු රටට කැඳවයි.

    රජතුමාගේ අසාධාරණ පාලනය නිසා රටවැසියන් දෙපිල බෙදී සටන් කරන්නට සැරසී සිටින විටෙක, රුසියානුවන් රට යටත් කරගන්නට පැමිණෙයි. කළ හැක්කේ එකම දෙයකි… රජුගේ දූ කුමරියව සතුරු පාර්ශවයේ කුමාරයාට විවාහ කර දීමය…

    කවදාවත් දැක නැති, නාඳුනන සාරෝස් කුමාරයාගේ අත ගන්නා මේ අහංකාර කුමරියට කුමක් සිදුවෙනු ඇතිද?