-
වසරේ CEO – Wasare CEO
Original price was: Rs. 1,500.00.Rs. 1,200.00Current price is: Rs. 1,200.00.සියල්ල සිද්ධ වෙන්න නම් ඔබ කොතැනකින් හෝ පටන්ගන්න ඕනේසමහර දවස් පහසු නැහැ. උදෑසන නාද වෙන එලාර්ම් එකේ ඉඳහා, හවසට පාරෙ හිරවෙලා ගෙදර යන තැන වෙනතල් මේ සටතේ බර දැනෙනවා සමහර දවස් සුවදායක නැහැ. මහන්සිවෙලා පළවෙනි රුපියල උපයන තැන ඉතුm හොඳින් උපයලා හැමදෙම ගොඩනගනවා කියන තැන වෙනකල් මේ සංග්රාමයේ කැපකීර්ම් තියෙනවා එත් අතහරින්න බැහැ සටන් විරාම නැඅපිට ලැබුනු දෙවල්වලට වඩා නොදැබුණු දෙවල් වැඩියි. අපි විඳුසු දේවල්වලට වඩා නොවිඳපු දෙවල් වැඩියි. ගමනේ අතරමැද කවුරුහරි කෙනෙක් වෙලා නැවතුණොත් විඳපු නැති ගොඩක් දෙවල් වඳින්න බැරි වෙනවා ලැබුණෙ නැති ගොඩක් දෙවල් හීනයක්ම වෙනවා. ඒ නිසා හඬ හඬා හෝ මේ සටන උඩම පුටුවකට යන්න. වැටී වැටී හෝ මේ සංග්රාමය මේ විධායක ඉමගේ කෙලවරටම බඩගාන්නලොකු වැටුපක් ගන්නම නෙමෙයි හොඳ තනතුරක් ගන්නම නෙමෙයි. හොඳ පුටුවක ඉඳ ගන්නමත් නෙමෙයි. ඔබ දවසක මේ වෘත්තීය යුද්ධය දිනලා තමන්ට වගෙම තව බොහෝ ජීවිත ගොඩදාපු වසරේ විධායකයෙක් විය යුත්තේ “මම එකට සුදුසුයි’ කියලා ඔබේ ඇතුළෙන් ඇහෙන හඬට සාධාරණයක් කරන්න මේ ජීවන අරගලය ඇතුළේ නිකන්ම නිකන් ආයතනික සේවකයෙක් නොවී ඔබ CEO කෙනෙක්ම විය යුතුව ඇත්තේ ඔබ ගත්තු සිය තිනෙන තීරණවලට, ඇද වැටුණු දවස්වලට ඉහළම මිලක් සහිත වටිනාකමක් දෙන්න -
නොහදුනන ලින්කන් Nohadunana Lincoln – Lincoln the unknown
Original price was: Rs. 1,650.00.Rs. 1,320.00Current price is: Rs. 1,320.00.එදවස හැඩ්ස්බර්ග් හඳුන්වනු ලැබූවේ, හැරඩ්ෆෝට් යන නමිනි. ඈන් මැක්ගිනිටි එහි වාසය කළ කාන්තාවකි. පැරැණි ඉතිහාසඥයන්ගේ වාර්තා වලට අනුව පළමු වරට රෙදි විවීමේ යන්ත්‍රයක්, තාරාවුන් සහ ඌරන්, කෙන්ටකී ප්‍රාන්තයට ගෙන ආවේ ඈන් සහ ඇගේ සැමියා බව ය. අඳුරු රමණීය වනගත පෙදෙසක් වූ එහි බටර් සැදීමට දත් එක ම කාන්තාව ඈන් බව ඉතිහාසඥයෝ වැඩි දුරටත් පවසති. එහෙත් ඇත්ත වශයෙන් ම ඇය ආර්ථිකව ශක්තිමත් වූයේ, රෙදිවලින් ප්‍රාතිහාර්යයන් පෑම නිසා ය. ගුප්ත ඉන්දියානු රටවල්වල වැවෙන කපු එහි නොවැවෙන අතර, ගෙන්වීම ද නොකරයි. ලී ඉරන්නෝ, බැටළුවන් මරා දමති. මරා දමන ලද බැටළුවන්ගේ ලෝම වලට අමතර ව කිසිවක් ඇඳුම් මැසීම සඳහා සොයා ගැනීම අසීරු වේ. නිර්මාණාත්මක සුහුරු බවක් ඇති ඈන් මැගිනිටි, නූල් කටින්නට සොයාගත් අතර, එමඟින් මැගිනිටි රෙදි නිමැවුවා ය. මේ රෙදි නිපදවීම සඳහා යොදාගත් අමුද්‍රව්‍යයන් වන මිහරකුන්ගේ කෙඳි සහ ගසකින් ගනු ලැබූ තුනි කෙඳි බහුල සහ ලාබ විය. එය අපූරු සොයාගැනීමකි. සැතපුම් සිය ගණන් දුර බැහැර ගෙවා, ඇගේ දැව පැලට පැමිණි ගැහැනු මේ නව කලාව උගත්තෝ ය. රෙදි වියන අතරතුර, ආගිය තොරතුරු කථා කළෝ ය. ඔවුහු. නිතරම ගස් කෙඳි හෝ මීමුන්ගේ ලෝම ගැන කථා නොකළහ. නිරන්තරව ඔවුන්ගේ සංවාදන්, ඕපාදුපයන් බවට හැරුණි. ප්‍රජාවේ තොරතුරු සන්නිවේදනය වන ඕපාදූප පතුරුවන මධ්‍යස්ථානයක් බවට, ඈන් මැක්ගිනිටිගේ දැව ගෘහය පත් විය.
-
අමාවක හස – Amawaka hasa
Original price was: Rs. 2,100.00.Rs. 1,680.00Current price is: Rs. 1,680.00.ඉතින් දකින්න ඕන කරපු දේ… මං ඇස් ඇරපු වෙලේඉඳන් හොයපු එකම රූපේ.. පරණ වලව්වේඉස්තෝප්පුව ඉස්සරහා මල් ලෑල්ල මැද්දෙන් වැටෙනහඳ එලිය නාගෙන අත් දෙක පිටි පස්සට බැදන් ඈතබලන් ඉන්න කවුරුත් කියන පොඩි නිළමේ….මං ජීවිතේටවත් ඒ මනුස්සයට එහෙම කතා කරලා නෑඇත්තටම මේවා මෙහෙම කොහොම වුනාද දන්නේ නෑඒත් දැන් වෙලා. කලින් හිතින් මං කාට කොහොම අයිතිවෙලා හිටියත් දැන් මුළු හිතෙන්ම එක තැනකටආසාවෙන් හිර වෙලා.“මෙච්චර කාලයක් මං තනි වුන මතක අස්සේ වින්දඔය උණුහුම දැන් ඇත්තටම විඳිනකොට… මං අඬන්නදහිනාවෙන් පවිත්ර?”“ඒ දෙකම එපා”“එහෙනම්?”“මේ විදිහටම ඉන්න පොඩ් නිළමේ” -
සදහස[දමරඣ 2] – Sandahasa
Original price was: Rs. 2,200.00.Rs. 1,980.00Current price is: Rs. 1,980.00.බොහෝ මුරුණ්ඩ ‘ වාංශික මිනිසුන් නම් රජුගේ නුගුණ කියමින්, ඔහුට සාප කරමින් සිටි සමයකි මේ. තම වංශය නසා රජ බවට පත් වූ ක්ෂත්‍රිය ග්‍රාමණේය වාංශිකයෝ දැන් මේ දඹදිව වයඹදිග සත්‍ය පුත්‍ර මණ්ඩලය නම් වූ මේ දේශය සෑම තැනකම පැතිර සිටිති. උතුරු දිගින් පැමිණෙන්නා වූ පාර්සිවරුන්ගේ සේනාංකයන්ට මුහුණ දීමට තරම් පුණ්ඩු සේනා ශක්තිමත් නොවුවත්, සිංහල රජුගේ පාර්සි මිත්‍ර සබඳතා නිසා එහි යම් සහනදායක බවක් වෙතැයි මුරුණ්ඩ සහ ග්‍රාමණේය දෙවාංශිකයෝම සිතා සිටියහ. එමෙන්ම යවන දේශයේ මහා අලිසන්දර රාජයාට පවා සිංහල රජු හිතවත්කම් පෑවේය. එබැවිනි ඔහු තම පියාණන්ගෙන් උරුම වූ සින්ධු දේශය හැර දමා මුරුණ්ඩ වාංශික සක්කයින්ගේ මේ දේශය තම අණසකට යටත් කරගත්තේ. අසරුවා කෙමෙන් කෙමෙන් මේ ගමන් ගන්නේ වර්තමානයේ සිංහල රජුගේ මාළිගය වූත්, මීට කලකට ඉහත දී පණ්ඩු නම් සක්ක ගෝත්‍රයේ මුරුණ්ඩ වාංශික රජුට අයත්ව තිබූත් සුවිසල් ප්‍රාසාදය දෙසට දිවෙනා අගනුවර ප්‍රධාන වීදිය වෙතටය. අනෙකුත් පරිවාර වීදි තරමට ජනාකීර්ණ නොවූ මේ වීදියේ වැඩි වශයෙන් ගැවසුණේ රාජකීයයන් සහ සෙබළ ජනයාය. කඩපිල් සහ යාචකාදීන්ගෙන් තොර වූ මෙම මහා විදිය කළු ගලින් බැඳ නිමවා තිබුණේ නිතරම ඒ මේ අතට යනෙනා අශ්ව රථ, අසරුවන් ආදීන්ගේ පහසුව තකාය. මඟ දෙපස වැඩිමනත් පැවතියේද රාජකීයයන්ගේ කිසියම් රාජකාරි කටයුතු සඳහා යොදාගනු ලැබුණා වූ කාර්යාල වර්ගයේ ගොඩනැගිලීම පමණි. දළ පිළි පොරවාගත් අසරුවා රැගත් කාළ වර්ණ අසු මහා වීදියට අවතීර්ණ වූ පසුව ඌට ඒකාකාරි ගමනක යෙදීමට අවසර ලැබිණි. අසරුවා එතෙක් වේලා සිදු කළ ප්‍රවේශම් සහිත අසු හැසිරවීම අවසන් කර ඌට නිදහසේ ඉදිරියට ගමන් කිරීමට ඉඩ ලබා දී තිබිණි. ඒ වෙනුවට ඔහු සිදු කළේ පරීක්ෂාකාරී අන්දමින් වටපිටාවේ වූ ගොඩනැගිලි ආදිය දෙස බැලීමයි.













