-
(0)
Chemistry of Love
Rs. 1,499.00Original price was: Rs. 1,499.00.Rs. 1,350.00Current price is: Rs. 1,350.00.“මම හිතන විදිහට මේ ලෝකෙ ගැලපෙන මිනිස්සු කියලා වර්ගයක් නැහැ. මිනිස්සු දෙන්නෙක් කියන්නේ දෙන්නෙක්. ඒ දෙන්නා හිතන විදිහ එකිනෙකට සම්පූර්ණයෙන්ම වෙනස්. අපිට Relationship එකක් ඕන වෙන්නේ සතුටින් ඉන්න වෙලාවට සතුටු වෙන්න, S e x ඕනෙ වුනාම S e x කරන්න විතරක් ද? නැහැ…එහෙම නැහැ… මනුස්සයෙක්ට Relationship එකක් එහෙම නැත්නම් තමන්ව තේරුම් ගන්න පුලුවන් ගැඹුරු බැඳීමක් ඕන වෙන්නේ තමන් වැටෙන වෙලාවට නැගිට්ටවන්න, තරහා ගියපු වෙලාවට සනසවන්න, දුකක් දැනුනාම කියලා හිත නිදහස් කර ගන්න, Attention ඕනෙ වුනාම Attention ගන්න, හුරතල් වෙන්න ඕනෙ වුනාම හුරතල් වෙන්න, ප්රශ්නයක් වුනාම උත්තරයක් හොයා ගන්න, අඬන්න හිතුනොත් තුරුලු වෙලා අඬන්න. කෙටියෙන් කිව්වොත් මේ අමාරු ජීවිතේ ගැට ගහ ගන්න හයියක් වෙන්න. අපිට Relationship එකක් ඕන වෙන්නේ දුක, සතුට වගේම ජීවිතෙත් බෙදා ගන්න. අපිට එහෙම දෙයක් කරන්න පුලුවන් අපිට ආදරේ කරන ආදරේ කරන කෙනෙක් එක්ක Relationship එකක් පටන් ගත්තොත් විතරයි. ඒ වගේම Comfortable මනුස්සයෙක් එක්ක ජීවිතේ බෙදා ගන්න ලැබෙනවා කියන්නේ හරිම සනීප හැඟීමක්.”
-
(0)
අමාවක හස – Amawaka hasa
Rs. 2,100.00Original price was: Rs. 2,100.00.Rs. 1,680.00Current price is: Rs. 1,680.00.ඉතින් දකින්න ඕන කරපු දේ… මං ඇස් ඇරපු වෙලේඉඳන් හොයපු එකම රූපේ.. පරණ වලව්වේඉස්තෝප්පුව ඉස්සරහා මල් ලෑල්ල මැද්දෙන් වැටෙනහඳ එලිය නාගෙන අත් දෙක පිටි පස්සට බැදන් ඈතබලන් ඉන්න කවුරුත් කියන පොඩි නිළමේ….මං ජීවිතේටවත් ඒ මනුස්සයට එහෙම කතා කරලා නෑඇත්තටම මේවා මෙහෙම කොහොම වුනාද දන්නේ නෑඒත් දැන් වෙලා. කලින් හිතින් මං කාට කොහොම අයිතිවෙලා හිටියත් දැන් මුළු හිතෙන්ම එක තැනකටආසාවෙන් හිර වෙලා.“මෙච්චර කාලයක් මං තනි වුන මතක අස්සේ වින්දඔය උණුහුම දැන් ඇත්තටම විඳිනකොට… මං අඬන්නදහිනාවෙන් පවිත්ර?”“ඒ දෙකම එපා”“එහෙනම්?”“මේ විදිහටම ඉන්න පොඩ් නිළමේ” -
(0)
අවසන් සෙබළා- AWASAN SEBALA
Rs. 1,300.00Original price was: Rs. 1,300.00.Rs. 1,170.00Current price is: Rs. 1,170.00.පුෂ්ප කුමාර නම් සැරයන්වරයා අණදෙන නිලධාරී හමුවේ කිසියම් ඉල්ලීමක් සිදු කළේය. ඔහු පසු දින ඇරඹීමට නියමිතක්‍රියා න්විතයේ මුලින්ම පස් බැම්ම තරණය කරන ඛණ්ඩයේ තීරණාත්මකම කාර්යභාරය සිදුකරන පුද්ගලයා විය.
“මට සර් එක්ක සිගරට් එකක් බොන්න ආසයි.”
සැරයන්වරයාගේ එම අනපේක්ෂිත ඉල්ලීම හමුවේ එහි සිටි සියලු දෙනා තුළ ඇති කළේ තිගැස්මකි. විශේෂයෙන්ම අණදෙන නිලධාරී ඉදිරිපිට දුම්වැටියක් පානය කිරීමට එහි සිටින නිලධාරීන් පවා ඉදිරිපත් නොවන තත්වයක් තුළ සැරයන්වරයාගේ එවැනි හැසිරීමක් ඔහුට තරම් නොවන බව සැමගේ අදහස විය. එසේම, එය අණදෙන නිලධාර්ගේ නිසැක උදහසට ද ලක්විය හැකි බැව් ඔවුහු සිතූහ. නමුත්, සිදුවූයේ අනෙකකි. සැරයන්වරයාගේ එම ඉල්ලීමට අණ දෙන නිලධාරී දැක්වූයේ නිහතමානී අනුකූලතාවයකි. හෙතෙම තමා සන්තකයේ වූ සිගරැට් පැකට්ටුව වහාම ඔහු වෙතදිගු කළේය. ඒ සමඟම එහි සිටි සෙසු පිරිසට ද සිගරැට්ටුව බැගින් ලබාදුන් ඔහු තමන් සතුව තිබූ ගිනිපෙට්ටියකින්ම සැරයන්වරයාගේ සිගරැට්ටුව දල්වා ලන්නට ද කටයුතු කළේය.
මෙවන් මොහොතක ඔහුගේ වම හැසිරීම පිළිබඳ අණදෙන නිලධාරී තුළ ඇති කළේ ව්‍යාකූලත්වයකි. ඉදිරි ක්‍රියාන්විතයේ පවතින නිසැක අවදානමේ තරම ඔහු හොඳින් දැන සිටියේය. සැරයන්වරයා තම ජීවිතය පිළිබඳ කිසියම් අවිනිශ්චිත පණිවුඩයක් ඒ හරහා ලබා දෙන්නේ දැයි ඔහුට සිතිණ. එබැවින් තවදුරටත් ඔහුව එම කටයුත්තට යොදවන්නට තරම් හිතක් අණදෙන නිළධාරී හට නොවීය. නමුත් ඒවන විට ක්‍රියාන්විතය සඳහා අවසන් නියෝග නිකුත්කර තිබූ පසුබිමක වම සැරයන්වරයා වෙනුවට වෙනත් අයකු ආදේශ කිරීමටද ඔහුට හැකියාවක් නොවීය.
එදින උදෑසන සිදුවූ ඉහත සිදුවීම පිළිබඳ මතක අණදෙන නිලධාරීන්ගේ සිත බලවත් සේ පෙළන්නට විය. ඒ වන විට ක් රියා න්විතය අවස න්ව ගතවී තිබුණේ හෝරාවකටත් අඩු කාලයකි. ස ට නෙහි ජයග්‍රහණය හ මුදා භ ට පිරිස වෙත හිමිව තිබුණ ද සමස්ථයක් ලෙස ඒ වෙනුවෙන් ගෙවූ වන්දිය සුළු පටු නොවීය. වෙ ඩි බෙ හෙත් සුවඳ මුසු වූ ගිනි ගැහුණු භූමියේ තැන තැන වැටී ඇති උණුසුම් රු ධි ර බිඳු ස ට නෙහි බිහිසුණු බව මැනවින් පෙන්නුම් කළේය. අණ දෙන නිලධාරී තම දෙපා අබිමුව වැහි කබායකින් එතු යමක් සෙමෙන් විවර කරන්නට වූයේය. සැරයන් පුෂ්ප කුමාරගේ අ ස ම්පූ ර්ණ සි රු රු කො ටස් එහි විය. පෙරදා තමා සමග ඔහු ඉරූ සිගරුට්ටුවේ සුවඳ ඒ මොහොතේ ද ඔහුගේ නැහැපුඩු අතරට දැනී නොදැනී යන්නට විය. -
(0)By : James Niranjan-
දකින්න වෙනස්ව ජීවිතය – Atomic Habits
Rs. 1,000.00Original price was: Rs. 1,000.00.Rs. 900.00Current price is: Rs. 900.00.ජීවිතයට ඵලදායී විශාල පුරුදු ගොඩනගා ගත හැක්කේ අප තුළ ඇති සියුම් පුරුදු දිනෙන් දින ස්ථිරසාර ලෙස වැඩි දියුණු කර ගැනීම තුළිනි. පුරුදු ගොඩනැගීම පිළිබඳ ලොව ප්‍රකට විශේෂඥයකු සේම ගත්කතුවරයකු ද වන ජේම්ස් ක්ලියර් විසින් මෙම කෘතිය සම්පාදනය කරන ලදී.
ලොව පුරා මිලියන ගණනකගේ ජීවිත සාර්ථක කර ගැනීමට ඉවහල් වූ Atomic Habits කෘතියේ සිංහල පරිවර්තනය ඔබට ඒ සදහා ප්‍රායෝගික උපාය මාර්ග පෙන්වා දෙයි.
-
(0)
නිල් කට්රොල් – Nil Katarol
Rs. 1,650.00Original price was: Rs. 1,650.00.Rs. 1,485.00Current price is: Rs. 1,485.00.මින් වසර එක්දහස් පන්සියයකට පෙර රළු ගල් කුළෙක තම රාජධානිය ගොඩ නැගූ කාශ්‍යපගේ කතාව පමණක් නොවේ.
එසේම උත්පත්තියෙන් කුල හීන වූ පවට අනේක දුක් පීඩා විඳි උපුලීගේ කතාව පමණක් ද නොවේ. මෙය ඔබ මා දන්නා වූ හා
නොදන්නා වූ ගුප්ත සිත්තරෙකුගේ ද අද්භූත ආදර කතාවයි. -
(0)By : Robin Sharma
පොහොසතුන් නොකී කතා – POHOSATUN NOKI KATA
Rs. 1,600.00Original price was: Rs. 1,600.00.Rs. 1,280.00Current price is: Rs. 1,280.00.මේ විශ්වයේ බොහෝ දෙනා දුකින් හෝ කළකිරීමෙන් ජිවත් වෙයි. ඔබ අවශ්‍ය ප්‍රමාණයට වඩා කාර්ය බහුල වූ විට සෙසු සෑම දෙයක්ම අමතක වෙන්න පුළුවන්. එවිට ඔබේ ජිවිතය සමබර වෙන්නේ නැහැ. බහුතරයක් දෙනා තමන්ට ප්‍රමාණවත් තරම් මුදල් සහ දේපළ නැතැයි සිතමින් කම්පාවට පත් වන්නන්. මේ අගහිඟ මානසිකත්වය ” නුසුදුසු තරම් දුක් විඳීම ” ලෙස හඳුන්වන්න පුළුවන්. බොහෝ දෙනෙක් තමන් සාර්ථක නැතැයි කියා පසුතැවෙනවා. ඒ වගේම අන්‍යයන්ගේ ජීවිත හා සංසන්දනය කොට පසුතැවෙනවා. ඒත් එය සත්‍ය නොවේ. ඔබ සැබවින්ම අද්විතීයයි.
මෙම පොත ඔබව සැබෑ මනුෂ්‍යත්වය කරා රැගෙන යන බව මාගේ විශ්වාසයයි. එසේම මෙය ඔබට ප්‍රීතිය සහ මායාව අත්විඳීමට මග පෙන්වනු ඇත. මම මගේ මනස, හදවත සහ ශරීරය මෙම කෘතිය උදෙසා කැප කළෙමි. සැබවින්ම එය ඔබේ ජයග්‍රහණයේ සෙවනැල්ල වී නම් එය මාගේ අසීමිතසතුටයි.
රොබින් ෂර්මා
-
(0)
මැයි මාර ප්‍රසංගය – Mai Maara Prasangaya
Rs. 700.00Original price was: Rs. 700.00.Rs. 560.00Current price is: Rs. 560.00.මං අපේ ගමේ ගෙදර ඉස්තෝප්පුවේ බැම්ම උඩ තියාගෙන, සමිධ අයියා සහ ඔබ හිතේ තියාගෙන ගොඩනගපු කතාව ලියාගෙන ගියා. සති ගාණක් තිස්සේ කතාව ලියල ලියලා දවසක් රෑ කෑම කන්න ගෙයින් එළියෙ තිබුණු කුස්සියට ගියා. කුස්සියේ ඉඳගෙන බත් කකා ඉද්දි මිදුල පැත්තෙන් විශාල එළියක් දැක්කා. මං හිතුවා හුළු අත්තක් පත්තු කරගෙන කවුරු හරි ගෙදරට එනවා කියලා. ඒත් හීනෙකින් වගේ යටි හිත දෙබෑ කරගෙන ආපු සැකයක් හින්දා දුවගෙන ආවා බැම්ම ළඟට. වැඩේ හරි හුළඟට ලාම්පුව පෙර ලියපු කොළ ටික උඩට. සේරම පිච්චිලා තිබුණා. මං ඉතින් පහුවදා වෙනකම්ම ඇඬුවා. එතකොට ඉතින් මගෙ වයස දහනවයයිනේ.
-
(0)
රහස් පරික්ශක හාමුදුරුවෝ – RAHAS PARIKSHAKA HAMUDURUWO
Rs. 980.00Original price was: Rs. 980.00.Rs. 784.00Current price is: Rs. 784.00.මට උන්වහන්සේව හමු වූවේ ඉතාමත් අහඹු ආකාරයෙනි. එසේ හමු නොවූවා නම් වසර තිහකට පසුවුව ද මේ කතා මාලාව ඔබ හමුවෙහි තැබීමට මා හට හැකියාවක් නොලැබෙනු ඇත. ඒ නිසාම උන්වහන්සේව මුණගැස් වූ මාගේ දෛවය. ඉරණම හෝ ඔබ පවසන්නා වූ ඒ ඕනෑම ජීවිතයේ අනපේක්ෂිත දායාදයකට’ මම බොහෝ සෙයින් කෘතඥ පූර්වක වෙමි.හරියට ම, මීට වසර තිස් හතරකට පෙරාතුව එනම් 1990 වර්ෂයේ දී මම අම්පාර නගරයේ පදියතලාව නමින් හැඳින් වූ කුඩා ගමක පිහිටි පොලිස් ස්ථානයකට පත්වීමක් ලැබුවෙමි. එය සිදු වූවේ මේ ආකාරයෙනි.මා පොලිස් වෘත්තියට ඇතුළත් වූයේ සැලකිය යුතු අධ්යාපන සුදුසුකමක් නොමැති තරුණ කොස්තාපල්වරයෙකු ලෙස යි. මගේ මුල් ම රැකියා ස්ථානය වූයේ මඩකලපුව දිස්ත්රික්කයේ පිහිටි එරාවුර් පොලිස් ස්ථානය යි. එය 80 දශකයේ අග කාල වකවානුව වූ බැවින් යාපනය නගරයේ එල්.ටී.ටී.ඊ. ක්රියාන්විත දරුණු වෙමින්, ත්රස්තවාදීන් යුධ සේනාංක සමග දරුණුවට සටන් ඇවිළෙමින් තිබුණු කාලවකවානුවක් විය.මට නිසි අධ්යාපන සුදුසුකමක් නොතිබුණත් මම නිර්භීත කෙනෙක් වූ වෙමි. පොලිස් වෘත්තියට ඇතුල් වෙද්දිත් මාගේ සම වයසේ අයවළුන්නට වඩා හැඩි දැඩි සිරුරකින් ද, ශක්තිමත් බාහු සහ උස ශරීරයකින් ද යුක්ත වූ මා එකල මඩකලපුව එරාවුර් පොලිස් ස්ථානයේ සේවය කළ ශක්තිමත් ම සහ නිර්භීත ම පොලිස් නිලධාරියා ලෙස හැඳින්වීමේ වරදක් නැත. -
(0)
ලෝවීනා – loveena
Rs. 1,650.00Original price was: Rs. 1,650.00.Rs. 1,485.00Current price is: Rs. 1,485.00.“මට උඹ ගැන කැක්කුමක් නැත්නම් තවත් වදවෙන් නැතුව උඹ කැමැති මිනිහෙක් එක්ක පලයං ….
තම නැන්දම්මාගේ මුණ දිහා එක දිගට ටික වේලාවක් බලා සිටි කිරි අන්තිමට ඇයට කීවේ තව කල්පයක් කල් ගෙවුණත් සසිරා හැර වෙන කිසිම මිනිහෙකු සමඟ තමා නිදාගන්නට යන්නේ නැති බවය.
කන්යාවියක් විදිහට මැරුණත් මං එයත් එක්කම ඉන්නවා…. මේ විදිහට ඇගේ කන්යා භාවයට කිසි හානියක් නොවී තවත් වසර කීපයක් ගත වුණේය. හිටි අඩියේ ඇය අසනීප වුණේ ඔය අතරය. සැබැවින්ම එය අරුම පුදුම අසනීපයක් විය. -
(0)By : Christian Jacq
ශාපලත් පැපිරසය Shapalath Pepiras
Rs. 1,750.00Original price was: Rs. 1,750.00.Rs. 1,400.00Current price is: Rs. 1,400.00.සමහර පුරාවිද්‍යාඥයින් විසින් ඇලඩින්ගේ ගුහාව ලෙස නම් කරන ලද කයිරෝ කෞතුකාගාරය තුළ ඇබොට් පැකෝමාස් අමුතු පණක් ලද්දකු සේ ඇවිදිනු පෙනුණි.
එහි රැස්කොට තිබූ ඇදහිය නොහැකි තරම් ප්‍රමාණයක් වූ අතිශයින්ම වටිනා විශිෂ්ට කලා කෘති අසල, ඔහුට අළුත් ශක්තියක් ඉපදී තිබුණේය. හරියටම ඔහුට එම රාජ්‍යයේ අමරණීයත්වයට පත්වන ආත්මයන් සමග ස්වභාවිකව කතා කළ හැකි කලෙක මෙනි.
ඇබොට්, ටූටන්කාමන් සොහොන් ගෙයින් ලබාගත් නොගිණිය හැකි තරම් වූ මිල කළ නොහැකි වස්තුව තැන්පත් කර තිබූ ස්ථානයට මාර්ක් රැගෙන ගියේය. මාර්ක් වෙවුලා ගියේය. තමා දුටු දෙයින් ගල් ගැසී, හුස්ම පවා නතර වුණ මාර්ක්; කුඩා රන්වන් දෙව් මැදුරු, රන් ආලේපිත ලීයෙන් කළ ඇඳන්, පිළිම. ලොකු පෙට්ටි, ඔටුනු සහ ආභරණ දෙස බලා සිටින්නට විය. ඇදහිය නොහැකි අන්දමේ ජීවී බවක් විද්‍යාමාන කෙරෙන රන්වන් වෙස් මුහුණ දෙස බලන ඔහුගේ ගත හිරිවැටී අප්‍රාණිකව ගියේය. දිව ගොළු වී උගුර සිර වූ ඔහු බිම ඇද නොවැටුණා පමණි.
-
අමාවක හස – Amawaka hasa
Original price was: Rs. 2,100.00.Rs. 1,680.00Current price is: Rs. 1,680.00.ඉතින් දකින්න ඕන කරපු දේ… මං ඇස් ඇරපු වෙලේඉඳන් හොයපු එකම රූපේ.. පරණ වලව්වේඉස්තෝප්පුව ඉස්සරහා මල් ලෑල්ල මැද්දෙන් වැටෙනහඳ එලිය නාගෙන අත් දෙක පිටි පස්සට බැදන් ඈතබලන් ඉන්න කවුරුත් කියන පොඩි නිළමේ….මං ජීවිතේටවත් ඒ මනුස්සයට එහෙම කතා කරලා නෑඇත්තටම මේවා මෙහෙම කොහොම වුනාද දන්නේ නෑඒත් දැන් වෙලා. කලින් හිතින් මං කාට කොහොම අයිතිවෙලා හිටියත් දැන් මුළු හිතෙන්ම එක තැනකටආසාවෙන් හිර වෙලා.“මෙච්චර කාලයක් මං තනි වුන මතක අස්සේ වින්දඔය උණුහුම දැන් ඇත්තටම විඳිනකොට… මං අඬන්නදහිනාවෙන් පවිත්ර?”“ඒ දෙකම එපා”“එහෙනම්?”“මේ විදිහටම ඉන්න පොඩ් නිළමේ”









