අරනකට පෙම් බැද

  • -20%
    (0)

    අරනකට පෙම් බැද Aranakata pem banda

    මෙයින් වසර පහළොවකට පමණ පෙර මම උපාධි පරීක්ෂණයෙන් සමත් වී රැකියාවක් සොයමින් කල්කටාවේ නැවතී සිටියෙමි. රැකියාවක් බලාපොරොත්තුවෙන් කොපමණ ඇවිද්දත් එයින් ලැබුණු ප්‍රතිඵලයක් නැත. එදින සරස්වතී දේවිය පුදන දිනය විය. මා නැවතී සිටි නවාතැනට සෑහෙන කලකින් මුදල් ගෙවීමට ද නොහැකි විය. මා එතැනින් එළියට ඇද දමන තත්වයක නොසිටියත් මුදල් ගැන නැවත මතක් කළ නවාතැන් පාලකයා ඒ වන විට නොසන්සුන් වී සිටි බව නම් කිව හැකිය. අපේ නවාතැනේදී සරස්වතී රූපයක් සාදා පූජාවක් පවත්වන ලදී. එදින උදෑසන මට සිතුණේ පුරුදු පරිදි රැකියා සොයමින් නොගොස් තැනින් තැන ආ දේව රූප හා උත්සව නරඹමින් කාලය ගත කිරීමටය. මේ වෙලාවේ නවාතැනේ අතවැසියා වන ජගනාථ පැමිණ මගේ අතට ලියුමක් දුන්නේය. එය මුදල් ගැන මතක් කර නවාතැන් පාලකයා එවූ ලිපියක් බව දුටුවෙමි. එදින විශේෂ දිනයක් වන බැවින් ජයටම කෑම පිළියෙළ වන බවත්, මාස දෙකක හිඟ මුදල් ගෙවීමට ඇති බැවින් අඩු ගණනේ රුපියල් දහයක්වත් ගෙවිය යුතු බවත්, එහි සඳහන් විය. එසේ කිරීමට අපොහොසත් වුවහොත් ඊළඟ දවසේ සිට මට වෙනත් තැනක් සොයා ගැනීමට සිදුවන බවත් තව දුරටත් එහි සඳහන් විය. ඔහුගේ ප්‍රකාශයේ කිසිදු වරදක් නැතත් ඒ වන විට මා සන්තකව තිබුනේ රුපියල් දෙකකුත් මාරුකාසි කිපයකුත් පමණි. මම ලිපියට පිළිතුරක් නොයවා නවාතැනින් පිටවූයෙමි. සරසවි පිදුම සඳහා තැන් තැන්වල සංගීත භාණ්ඩ වැයෙන හඬත්, ගීත ගැයෙන හඬත්, මට ඇසිණ.

    Original price was: Rs. 1,200.00.Current price is: Rs. 960.00.